අවාරේ සිරිපා | Off season Sripada hiking | දෙහෙනකන්ද මූක්කුවත්ත හරහා කැලේ මැදින් කදු මුදුනට |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • අවාරයේ සිරිපා කරුණාව
    අවසාන දිනය...
    කලබලයකින් තොර වූ බත්තලු ඔයේ දිය දහරාව සොදුරු ගීතයක හඩ මවමින්, මේ සුමිහිරි උදෑසන සංගීතවත් කරයි. එයටම ගැලපෙන පරිදි කූඩාරමට වැටෙනා පිනි බිංදු තාලය අල්ලනු ලබයි. රාත්‍රිය පුරා පැවති කුඩා වර්ශාව මේ වන විට අවසන්ව තිබිණි. "කට්ටිය තේ ටික ගන්න ඇවිල්ලා.. ගෙනල්ල දෙන්න බෑ.." ලොකු පීරිස් කූඩාරම තුල සිටම කෑ ගැසුවේ පාන්දර හතරේ සිට අප කණ්ඩායම අවදි කිරීමට ගත් උත්සාහයේ ජයග්‍රහණය සනිටුහන් කරවමිණි.
    කූඩාරම් දොරින් පිටතට පැමිණීම, අධි ශීතකරණයකට අත පොවන්නාක් මෙනි. කෙසේ වෙතත් පාන්දරින් ගමන් ඇරඹීම සිදු කල යුතු නිසාවෙන් වරින් වර එකිනෙකා පැමිණ ලොකු පීරිස්ලාගේ කූඩාරමෙන් තමාට හිමි තේ කෝප්පය ලබා ගෙන පානය කලේ සීතල අකා මකා කර ගනු පිණිසයි.
    වේලාව පහ පමණ වන විට අප රැදී සිටි කූඩාරම් සියල්ල නැවතත් අකුලාගෙන, බත්තලු ඔයෙන් මූණ කට සෝදා ගෙන සූදානම් වූයේ මේ දුශ්කර ගමනේ සොදුරුතම ඉසව්වට ගමන් කිරීමටයි. බත්තුලු ඔය හරහා වනාන්තරයේ අනෙක් අන්තයට ගමන් කල අප නැවතත් ගොඩ බට වූයේ, ගස් වැල් වලින් පරිපූර්ණ වූ උදෑසන මීදුමෙන් වැසී ගත් වනාන්තරයටයි. බත්තුලු ඔයෙන් පසු හමුවන ඒකාකාරී කඳු මුදුන් කිහිපය තරණය කිරීම ඉතා දුශ්කර කාර්යයක් වූ බව කිව යුතුය.
    කුඩා දිය දහරා කිහිපයක් සහ කඳු මුදුන් කිහිපයක් තරණය කිරීමෙන් අනතුරුව හමු වූයේ තවත් දිය පහරකි. එතැන සිට දිස් වන සිරිපා ඉම! නෙත් සතන් වශී කරවන සුලු දසුනක් විය. මීදුම් වලල්ලකින් වැසී ගත් සමනොල කඳු මුදුන වෙහෙස නිවන ඔසුවක් බදු ය. පියවර ඉක්මන් කල අප කඩිමුඩියේ නැග ගියේ හරියාකාර මංපෙතක් නොමැති ලඳු කැලෑවෙන් වසා ගත් විශාල දුර්ඝයකි. සියලුම ශාක තෙත් වී තිබූ අතර අප හැද සිටි ඇදුම් පැලදුම් සහ බූට් සපත්තු සියල්ල තෙත් කර දැමීමට ගත වූයේ ඉතා කුඩා වේලාවකි.
    පැයක පමණ කඳු තරණයකින් අනතුරුව අප හට සමනොල කන්දේ එක් අන්තයක මධ්‍යයට පැමිණීමට හැකි විය.අඩි තුන හතරකට නොඅඩු ශාක හැරෙන්නට ඇත්තේ සුන්දර හරිත පැහැ කඳු පල්ලමකි. එහි තැනින් තැනට පා තබමින් ඉහලට නැගීම දුශ්කර වුවත්, ඈතින් පේන වලාකුළු සිඹිනා කඳු වලල්ල වෙහෙස නිවන සුව දසුනකි. කුණු දිය පව්වත්, බෑන සමනොලත් අතරින් අවශේෂ කඳු වලින් වට වූ ගවර විල තැන්නත්, ඉහල ගාට්මෝර් දිය ඇල්ලත් මේ වන විට අප දෙස බලා සිටින්නාක් වැනිය.
    මෙසේ යම් දුරක් ඉහලට ගමන් කිරීමෙන් අනතුරුව හමු වන්නේ රත්නපුර පලාබද්දල මාර්ගයේ පියගැටපෙළයි. ඇහැළ කණුවට මදක් පහලට වන්නට මහගිරිදඹය මැද කොටසට එකතු වූයේ දින තුනකට පසු හමු වූ පළමු සිමෙන්ති පඩියට පා තබමිනි. එතැන් සිට සුදු ඇදුමින් සැරසී ආගමික වතාවත් සිදු කොට සිරිපා ඉම දක්වා ගමන් කලේ,අවාරයේ ඇති සොදුරු හුදකලා සුන්දරත්වය අත්විදිමිනි.
    අප ගමන ආරම්භයේ සිට පැවති වර්ශාව අකා මකා වී ගොස් සුන්දර හිරු කිරණකින් සිරිපා ඉම වසා ගත්තේ අවට පරිසරය ඒකාලෝකමත් කරවමිණි. සීතල වූ පඩිපෙල් මත පා වහනින් තොර වූ පාද තබමින් මහගිරිදඹය පසුකොට, අප ගොඩ බට වූයේ සිරිපා ඉම මුදුනතටයි. සොදුරු පාරාදීසයක් බදු වූ අවාරයේ සිරිපා ඉම මනසට භාවනාවක් වැනිය. පැයකට අධික කාලයක් උඩ මළුවේ ගත කල අප සිරිපා පියුම වැද පුදා ගෙන නැවතත් පහලට කරුණා කිරීම ආරම්භ කලේ සිරිපා කරුණා කිරීමට අප තෝරාගත් දුරින් වැඩිම සහ දුශ්කරතම වූ මූක්කුවත්ත මාර්ගයට නැවතත් ගොඩබට වෙමිනි.
    සිරිපා මලුවේ සිට නැවතත් මූක්කුවත්ත ගම්මානය දක්වා පැමිණි ගමන අප කණ්ඩායමට කිසි දිනක අමතක නොවන ගමනක් වනු ඇත. පාන්දර පහට ආරම්භ කල පා ගමන රාත්‍රි අට පසු වන තුරුත් සිදු කිරීමට සිදුවීම, මේ ගමනේ මතකය තව තවත් අප හදවත් තුල සදාකාලිකවම සොදුරු මතකයක් ලෙස සටහන් වීමට හේතු සාධක විය.
    නැවත මෙවැනිම චාරිකාවකින් හමු වන තුරු සමු ගනිමු.
    රූප රචනාව අද දහවල් දොලහ හමාරට. මේ වැස්සෙ කෝපි කෝප්පෙකුත් හදාගෙන ලෑස්ති වෙමු රූප රචනාව නරඹන්න.
    ආයුබෝවන් මම දිනේෂ්.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    Tik tok - www.tiktok.com/@dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    මෙබදුම වූ සංචාර කිහිපයක්
    ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
    හදපාන් ඇල්ල සොයා - • Hadapan Ella Camping |...
    කතරගම පාද යාත්‍රාව - • Kataragama Pada Yatra ...
    කටුසු කොන්ද, සැගව ඇති නුවර - • Kandy As You've Never ...
    ලංකාවේ පාරාදීසයන් සොයා - • Nature Trails of Parad...
    නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
    බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
    Part one - • උරුමය සොයා අම්පාර "බලා...
    Part two - • උරුමය සොයා අම්පාර "බලා...
    අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
    DAP production

ความคิดเห็น • 2.2K

  • @chariththimantha
    @chariththimantha ปีที่แล้ว +506

    තාමත් සිරිපා කරුණා කරන්නට බැරි වුණා මොකද ආබාධිත සොල්දාදුවෙක් 😥 මැරෙන්න කලින් තනියම හරි කරුණා කරනවා❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +231

      අපි එක්කගෙන යන්නම් අනිවාර්යයෙන්ම. මට පුලුවන් නම් facebook එකෙන් හරි instagram එකෙන් හරි message එකක් දාන්න. ඔබ තුමාට නිරෝගී සුව

    • @chariththimantha
      @chariththimantha ปีที่แล้ว +57

      හොදයි මල්ලි තෙරුවන් සරණයි ❤️

    • @TheYouTubeStoryTeller2024
      @TheYouTubeStoryTeller2024 ปีที่แล้ว +40

      අම්බෝ ඒ රිප්ලයි එක.
      තෙරුවන් සරණයි..!!

    • @madukaprabash5862
      @madukaprabash5862 ปีที่แล้ว +33

      උදව්වක් කරන්නම් අපි යමු ඔයාලට බැරි දෙයක් නැ💖

    • @Ashsandeepa
      @Ashsandeepa ปีที่แล้ว +13

      ​@@DineshAPathumayye♥️🥺

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว +703

    මෙතරම් සුන්දර මනුස්සයෙක් මෙලොවට බිහිකරපු ඒ දෙමාපියන්ට අනේක වාරයක් පිං ❤️🙏

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 ปีที่แล้ว +311

    මෙ සුන්දර මනුස්සයා අදුර ගත්තෙත් සිරිපා කරුණාවකින්ම තමා, එදා ඉදන් අද වෙනකම් ඒ ඇබ්බැහිය ඒ විදිහමයි ❤️🌿

  • @vishminavanjana1986
    @vishminavanjana1986 ปีที่แล้ว +45

    හරිම මිහිරි නිවුන කටහඬ ක්......ජැක්සන් ඇන්තනී වගේමයි .....❤❤❤❤❤❤ god bless you

  • @nims_diary
    @nims_diary ปีที่แล้ว +313

    තව තවත් පරිසරයට ආදරය කරන්න හා විදින්න පුරුදු කරවපු හදවතේ සංචාරකයා......🥺🍃❤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +29

      ගොඩාක් ස්තූති ... 🌿❤️🇱🇰

    • @irashchinthaka5457
      @irashchinthaka5457 ปีที่แล้ว +28

      දිනේෂ් kiyane coomado රෙජිමේන්තුවෙ හිටපු සුපිරි චරිතයක් වනගත සටන් ප්‍රවීණයෙක් ලෝකේ වටේ වුණත් ඇවිදි

    • @adithya3285
      @adithya3285 ปีที่แล้ว +4

      @@irashchinthaka5457 ade matath හිතුණා. Army eke idapu keken kyala dan physioTherephist kenek neda

    • @harleyinteriordesigners
      @harleyinteriordesigners ปีที่แล้ว +1

      @@adithya3285 oww

    • @onilagunarathne1738
      @onilagunarathne1738 ปีที่แล้ว +2

      @@irashchinthaka5457 wow 🤭

  • @wijithawijitha270
    @wijithawijitha270 ปีที่แล้ว +8

    1st

  • @user-wh9nh1nu6p
    @user-wh9nh1nu6p ปีที่แล้ว +187

    පොලවෙ පයගහලා ඉන්න මව්බිමට ණය නැති මිනිසෙක් බුදුසරණයි ❤️❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +25

      බෙහෙවින්ම ස්තූති . ඒක හරි හදවතට වැදුන වචන ටිකක්

    • @gayansameera6846
      @gayansameera6846 ปีที่แล้ว +6

      අයියේ ඒක දැක්කම ඇස් වලට කදුලු ආවා මිනිස්සු ඇයි ඒවාත් විනාශ කරන්නේ මෙවට නම් විසඳුමක් ගන්න ඔනි අයියේ...

  • @sureshkabral1767
    @sureshkabral1767 6 หลายเดือนก่อน +4

    පිට රටකට තනි උන මට ම්ක දකිද්දි දැනෙන හැගම කියාගන්න බැ 😢😢😢😢තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️🇱🇰🇱🇰❤️❤️🇱🇰🙏🙏

  • @RusiruMalshan002
    @RusiruMalshan002 6 หลายเดือนก่อน +4

    Wow.... සුපිරිම adventure movie එකක් බැලුවා වගේ 😍 දැකපු හොඳම සිරිපා කරුණාව 😇❤👍

  • @chasithaprabashitha715
    @chasithaprabashitha715 ปีที่แล้ว +134

    තිරිසන් මිනිසුන් අතරේ පරිසරය ජිවය කරගත් මිනිසෙක්...❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +5

      ගොඩාක් ස්තූති

  • @SinhalaMedicalChannel
    @SinhalaMedicalChannel ปีที่แล้ว +15

    ලබන අවුරුද්දේ ගමනට කොහොමහරි එනවා ♥️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +10

      හිතාදර දොස්තර මහත්තයා.. ලබන අවුරුද්දක් වෙනකම් නම් විවේක ගන්න දෙන්නෙ නෑ. exam ටිකෙන් පස්සෙ ආයෙ වැඩ පටන් ගමු ලකේ නැගලා

  • @Englis7825
    @Englis7825 ปีที่แล้ว +131

    ලියපු ටික කියවපු අයට මේක බලනකොට චිත්‍ර පටියක් වගේ පේනකොට තියන හැඟීම.❤️❤️❤️❤️

    • @nipunikaushalya9279
      @nipunikaushalya9279 ปีที่แล้ว +7

      Aththatama video eka balanakan iwasillak nathuwa hitiye🍃🍃

    • @yakdessalk
      @yakdessalk ปีที่แล้ว +2

      ekenma

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +9

      ඇත්තටම මම හරි කැමතී මේ රූප රචනාව වචන වලට හරවන්න. කොහොම උනත් ගොඩාක් තුති..

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 ปีที่แล้ว +2

      ❤️💚❤️

    • @shamearanga3120
      @shamearanga3120 ปีที่แล้ว

      @@DineshAPathum aiye army wage adum adinna awasara ganna oneda ? E vidiyata a data aulak nadda ?

  • @uchithaaroshan8009
    @uchithaaroshan8009 ปีที่แล้ว +15

    දිනේශ් ගේ වචන තමයි වචන නියම වාර්තාකරනයක් හිතට දැනෙන වාර්තාකරනයක් අපි ඔය ගමන ගියේ 2014 දී

  • @avishkasadaruwan8881
    @avishkasadaruwan8881 7 หลายเดือนก่อน +6

    ඇබ්බැහි වෙන සුලුයි

  • @smoothy_reacts
    @smoothy_reacts ปีที่แล้ว +19

    දිනේශ් කියන්නෙ ඇබ්බැහි වීමක් ඒ වචන දෙන්නෙ හද වතට දැනෙන්න 🙌🏾❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      අම්මෝ ඒක... ගොඩාක් ස්තූති

  • @IndulaTennakoon1234
    @IndulaTennakoon1234 ปีที่แล้ว +195

    ජීවත් වෙන කාලේ කබ්බෙක් නොවී යථාර්ථයත් සමග ජීවත් වෙන අපේ කාලේ සුන්දර මිනිසෙක්..ජය වේවා දිනේෂ් අය්යා.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +9

      ගොඩාක් ස්තූති මල්ලි

  • @wenuradeshan7316
    @wenuradeshan7316 ปีที่แล้ว +13

    අපේ පැත්තේ ඔය මාර්ගය ගොඩක් ප්‍රසිද්ද මාර්ගයක්. අපි සැම වාරයක් පටන් ගැනීමට ප්‍රථම පනසලේ හාමුදුරුවොත් එකක් පාර සුද්ද කරනවා වන්දනා නඩ වලට යන්න. අපි යනකොටත් ගොඩක් වන විනාශ කරලා හැමදාම. තවත් ඔය කසිප්පු පෙරිලි ඒම ගොඩක් තියෙනවා කැලෑව අස්සට වෙන්න. ඕක අයිති වේවැල්වත්ත පොලිස් බල ප්‍රදේශයට අපි ගොඩක් වතාවක් කිව්වා ඔවා අල්ලන්න කියලා. එතකොට හරි කියනවා එත් ඊලග සැරේ ඊට වැඩි. තව දෙතුන් සැරයක් වනජීවී එකටත් කිව්වා ගස් කපනවා ෆොටෝස් එක්කම එත් තම කිසි ක්‍රියාමාර්ගයක්‌ අරන් නෑ. අපේ රට වෙනස් කරන්නනම් මුලින් අපි වෙනස් වෙන්න ඕනි.මේ දේවල් රැකගත්තොත් අපිටම තමා වටින්නේ. බොහොම ස්තුතියි දිනේෂ් අයියේ මේ දේවල් සමාජයට පෙන්නුවට. ඔයාලා වගේ ගස් වැල් වලට ආදරය කරගෙන පරිසරය වින්දන්ම් තවත් මේ වනාන්තර ලස්සන වේවි.
    මම වෙනුර දේශාන්.

  • @royalcreator2338
    @royalcreator2338 ปีที่แล้ว +12

    මේ අපේ රටේ සුන්දරත්වය මෙච්චර වෙහෙසක් දරලා අපිට පෙන්නනවට අයියට ගොඩක් පිං. ජීවිතේ දැක්ක නිහතමානී සුන්දර මනුස්සයෙක් ❤

  • @chandanipriyanka6341
    @chandanipriyanka6341 ปีที่แล้ว +14

    "කරපන් කරන මගුලක් ගස් නොකපා "
    ඒ වචන ටික නම් මාරම වටිනව ❤️

    • @vihaganethsara9073
      @vihaganethsara9073 11 หลายเดือนก่อน

      Apith oyala ekkama giya wagei bohoma pi n yodabala yoda shakthiya labewa malli saman devi rakawaranai

  • @rasindulakshan5739
    @rasindulakshan5739 ปีที่แล้ว +47

    පැය 1 විනාඩි 16 තප්පර 03 බලලා මෙච්චරට අපිට දැනුනනං ..🥺🍃❤
    දවස් 3 ක් , පැය 75 ක් විතර දැකපු විඳපු ඔයැයිලට කොහොමට ඇතෙයි .❤👣 🌺 🥰

    • @malithi103
      @malithi103 ปีที่แล้ว +6

      ඔයයි ගාල්ලේ ද 😂

    • @rasindulakshan5739
      @rasindulakshan5739 ปีที่แล้ว +3

      @@malithi103 hoda wade 🤣 galle thamae 🖤

    • @jeewanjeewan4328
      @jeewanjeewan4328 ปีที่แล้ว +3

      දකුණේ gammak

    • @shashikamadushan9365
      @shashikamadushan9365 ปีที่แล้ว +2

      ඔහේ මාතරෙයි

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      මේ ටික මම දැන් නෙ දැක්කෙ. ඇත්තටම ඒ දවස් ටික නම් නියමයි. ගොඩාක් ස්තූති ඔහෙයිලා හැමෝටම ❤️🌿

  • @nimha9606
    @nimha9606 ปีที่แล้ว +25

    අයියා කොන්ඩෙ කපලා😅
    ලොකු පිරිස් අද කතා කරනවා 😊
    ඉමංක ගෙත් කටහඩ ඇහෙනවා දැන 😂
    බඩා එදා හිටියා වගේ ම තමයි😊
    ගයියාත් නිහඩ චරිතයක් නෙවෙයි බලන් ගියාම 😂
    සහන් මල්ලි එදා වගේ ම අහිංසකයි 😁
    .
    .
    .
    .
    ආසම රෑප රාමු ආසම කෝණයකින් ❤❤❤❤

  • @sandarunimesha5146
    @sandarunimesha5146 ปีที่แล้ว +5

    සහන් මල්ලී මගේ යාලුවා ♥️ සහන් සමුදිත 😃

  • @dahaminduwara1
    @dahaminduwara1 6 หลายเดือนก่อน +5

    අයියේ අර අතුරු වැඩෙ කරන්න ඔයාට සමන් දෙවි පිහිටයි ❤🙏

  • @abutterfly9326
    @abutterfly9326 ปีที่แล้ว +20

    එයා හරිම නිදහසේ ජීවිතේ විදිනවා. මට හීන වුනු, මගේ හීන ඇතුලේ එයා ජීවත් වෙනවා.❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +10

      නිදහස මිනිස්සුන්ව ජීවත් කරවණවා. හීන මිනිස්සුන්ව දිරිමත් කරණවා. කොහොම උනත් වැටීම්..ගැටීම්..හිත් රිදීම්.. අහිමි වීම් එක්ක ගොඩනැගෙන මිනිස්සු අවසානයේ නිදහසේ ඇස් පියා ගන්නවා. සංසාර ගමන ඔහොමයි මටත් තව දුර බොහෝමයි. හම්බෙමු ආයෙත් වතාවක් මේ දිගු සංසාර ගමනේ අතරමග.

    • @abutterfly9326
      @abutterfly9326 ปีที่แล้ว +2

      @@DineshAPathum ඒ වචන හිර උනු, බිදුනු හිත් වලට සැනසීමක් දෙනවා. ඔව්, නිදහස මිනිස්සුන්ව ජීවත් කරනවා. දවසක ඒ ජීවිතේ මමත් හොයා ගන්නවා. කවදාම හරි දවස වතාවක් හමුවේවි අනිවාර්යයෙන් මේ සසර තුල. ඇත්තටම ගොඩක් ස්තූතියී ඒ වචන ටිකට.🙏

  • @sawasanasama2353
    @sawasanasama2353 ปีที่แล้ว +21

    කොල්ලෙක් වුනා නම් කියලා හිතෙනවා අප්පා හැමදාම😂🤭ඒ වුනාට මාත් යනවා කොහොම හරි🥰Dreams make me alive♥️🍃

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 ปีที่แล้ว +63

    රටම දන්න මෙවන් පුතෙක් ලද මවක් පියෙක් සැබවින්ම වාසනාවන්තයෝය..........♥️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +4

      ගොඩාක් පිං ඒ උතුම් පාර්ථනාවට

    • @sarabela8022
      @sarabela8022 6 หลายเดือนก่อน

      Purha oyage video godak balanawa harima aasawen balanne bavanavak wage harima parissamen hema detama theruwan saranin dhairiya shakthiya lebewa

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +64

    අම්මා තාත්තා ගැන කිව්ව වචන ටිකට ගොඩක් ආදරෙයි🙏❤️ඔයාටයි ඔයාගෙ රත්තරං දෙමව්පියො දෙන්නටයි දීර්ඝ ආයුෂ ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදූසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +5

      ඇත්තටම එයාල නිසයි අපි සොබාදහමට ලං වුනේ. ගොඩාක් ස්තූති

  • @sudarshanipalatuwagamage9117
    @sudarshanipalatuwagamage9117 4 หลายเดือนก่อน +1

    හරිම සොඳුරු යි ..සොඳුරු සංචාරක යාගේ මව්පිය වන්දනාව ..අපි තබන සෑම අඩියක් ම මව්පිය දෙපලට ණය ගැතියි.

  • @user-sz1lh6vq4j
    @user-sz1lh6vq4j 7 หลายเดือนก่อน +3

    ලස්සනම ලස්සන ෆිල්ම් එකක් බලන් හිටිය වගේ දැනුනෙ🥰❤

  • @thanugapabasara6120
    @thanugapabasara6120 ปีที่แล้ว +5

    අම්මෝ මේකනම් පිස්සුවක් ❤️ ආයුබෝවන් මම දිනේශ් කියන කොට මාරම සතුටක් දැනෙන්නෙ අය්යගෙ මේ චැනල් එකේ ඉන්න මුල් සබ්ස්ක්‍රයිබ් 1000 අතරෙ ඉන්න කෙනෙක් හැටියට මට ❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තූති

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 ปีที่แล้ว +26

    වීඩියෝ එක දාන්න කලින් අර රස කරල කියපු කතා ටික අපිට හදවතෙන් චිත්‍ර වෙලා මැවුනා ඒ සියලු මැවිලි මේ රූප රාමු වලින් හැබැහින්ම අත්වින්දා හා සමානයි ... පුදුම ලස්සනයි මගේ රට පුදුම විදියට ආදරේ දැනෙනවා ඒ හැඟීම කියන්න තේරෙන්නෙ නෑ අනේ මංදා මේකමද මන්දා දිව්‍යලෝකය කියන්නෙ .... කෙසේ හෝ මේ රූපරාමු අපිට පෙන්වන්න ඔබ ඇතුලු මිතුරන් දැරූ වෙහෙසට බොහොම ස්තූතියි . ඔබ වැනි සොදුරු සංචාරකයින් තවත් බිහි වේවා ... පරිස්සමෙන් බුදු සරණයි 😊❤👌

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +6

      බෙහෙවින්ම ස්තූති ❤️🌿🫡

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 ปีที่แล้ว +4

      @@DineshAPathum 10:42 ඔයා මේ රටට බොක්කෙන්ම ආදරේ කොල්ලෙක් . ඒ වචන හදවතටම දැනුනා... අපේ රටේ අගේ දන්නෙ නෑ සමහර කාලකණ්ණි මිනිස්සු කේන්ති එනව හොදටම ඒ වගේ මිනිස්සු නිසා

  • @kaveeshanethsara2212
    @kaveeshanethsara2212 ปีที่แล้ว +31

    මේ රටේ සුන්දරත්වය ලෝකයාට කියන්න හයිය ශක්තිය ලැබේවා...!❤

  • @AushaBhagya-om9pe
    @AushaBhagya-om9pe 7 หลายเดือนก่อน +1

    එක තප්පරයක්වත් මගනොහැරපු වීඩියෝ එකක් , respect brother ❤

  • @thilinamliyanage8024
    @thilinamliyanage8024 4 หลายเดือนก่อน +1

    විනාඩියක් ගාණෙ ආසාවෙන් බලපු වීඩියෝ එකක්. ❤ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. ඔක්කොටම වඩා පරිසරය ගැන තියෙන ආකල්පය ❤

  • @shashikamalshan6244
    @shashikamalshan6244 ปีที่แล้ว +6

    වීඩියො එකක් දාලද බැලුව විතරයි නොටිෆිකේශන් එක ආවා😍

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      වැස්ස දවසක් කියන්නෙ මේ වගේ කැලේක වීඩියෝ එක්ක බලන්න මරු දවසක්. මාත් බලනවා මුල ඉදන්

  • @vinodsandeep7178
    @vinodsandeep7178 ปีที่แล้ว +9

    තව තව ඇවිදීන්න වෙර වීරිය ලැබේවා ! දිනෙශ් අයියා ❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති මල්ලි

  • @melanianuradha2539
    @melanianuradha2539 ปีที่แล้ว +3

    පැරඩයිස් දිය ඇල්ල ලග කොච්චර නම් අපිත් ගිමන් හැරලා ඇත්ද.ආයෙමත් සිරිපා වාරෙ එනකම් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා මේ පාරෙන් නැවතත් කරුණා කරන්න.

    • @maleeshagimhana5366
      @maleeshagimhana5366 ปีที่แล้ว

      සිරිපා වාරේ යනකොට උදේ පිටත් වෙලා හවස උඩ මළුවට යන්න පුළුවන් වුනාද?

  • @ManelKumari-me6gp
    @ManelKumari-me6gp 6 หลายเดือนก่อน +2

    අම්මා තාත්තා ගැන කිව්ව වචන ටිකට ගොඩක් ආදරෙයි🙏❤ඔයාටයි ඔයාගෙ රත්තරං දෙමව්පියො දෙන්නටයි දීර්ඝ ආයුෂ ලැබේවා ❤

  • @Harindutechshow
    @Harindutechshow ปีที่แล้ว +56

    පරිසරය ගැන තව තවත් හිතන්න පුරුදු කරපු නිහතමානී සොදුරු චරිතයක් දිනේෂ් අයියා 💗🙏

  • @umeshlakshan3719
    @umeshlakshan3719 ปีที่แล้ว +8

    ජීවිතේ යන්න වැඩියෙන්ම කැමති තැන ආසම සන්චාරකයා එක්ක🥺❤️DAP🥰❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූති ... ❤️🌿🫡

  • @smokiboy248
    @smokiboy248 ปีที่แล้ว +41

    Travel කියන්නේ විනෝදය විතරක් නේමේ කියන එක ඔප්පු කරපු එකම මානුෂිය හදවතක් ඇති එකම සංචාරකයා♥️ ආදරේයි අයියේ‌ ඉදිරියටත් මේ වගේ video බලාපොරොත්තු වෙනවා ♥️

  • @nimeshdilshan7924
    @nimeshdilshan7924 ปีที่แล้ว +18

    වෙන කිසිම ට්‍රැවලර් කෙනෙකුට ඔය හැඟිම දෙන්න පුලුවන් කියලා හිතන්නැ....අපිත් සංචාරය කරනවා වගේ දැනෙන්නේ ඒ තරම් දැනෙනවා...හදවතේ සොඳුරැ සංචාරකයා DAP 💚
    පරිසර විනාශය ගැන හෙළි කරාට බොහෝම ස්තුතියි අවශ්‍ය නිළධාරින්ගේ දෑස් පැදේවා කියලා ප්‍රර්ථනා කරනවා...🖤

  • @sureshkabral1767
    @sureshkabral1767 6 หลายเดือนก่อน +2

    ඒ මහන්සිය මටත් හොදටම දැනුනා ජායවේවා තෙරැවන් සරණයි ජායවේවා ❤️❤️❤️❤️❤️🙏🙏🇱🇰🇱🇰🙏🇱🇰🙏

  • @PanakaduweSiriwimalaThero
    @PanakaduweSiriwimalaThero 8 หลายเดือนก่อน +2

    තරුණ හැමදෙනාගෙම සැදැහැති වීර්‍යය දුටුවෙමි,පාරිසරික සුන්දරත්වය ද දෑසින් දුටුවෙමි,දිනේෂ් අයියාගේ සිත නිවන හඩත් සමගින් විවිධ කරුණු ඇසුවෙමි, සැමගේ දිවිමග සරුවේවා..තෙරුවන් සරණ ම වේවා ❤️☸️

  • @priyarajasinghe3157
    @priyarajasinghe3157 ปีที่แล้ว +12

    අපේ රටේ ලස්සන ලොකෙට පෙන්නන උබට ගොඩක් පින් සහෝදරයා. උබගේ දෙමාපියන්ටත් ගොඩක් පින් ❤️

  • @parameedesilva7790
    @parameedesilva7790 ปีที่แล้ว +15

    මට කියන්න දෙයක් හිතාගන්න බැහැ.ඒ තරන් ලස්සනයි.උඩ මලුව දකිනකොට ඇගේ හිරිගඩු පිපුණා.... ගොඩක් පිං අයියෙ ඔයාලා කට්ටියටයි, ඔයාලගෙ දෙමාපියන්ටයි ❤

  • @YasiruLak
    @YasiruLak ปีที่แล้ว +21

    ලොකු පීරිස් කතා කරනවා දැක්කමයි ❤ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න ඕන ❤️ ජය වේවා 💪

  • @DilankaRathnayaka90
    @DilankaRathnayaka90 ปีที่แล้ว +44

    ඈත රටක ඉදගෙන මගේ රට ගැන ආඩම්බර වෙන්න පුලුවන් වීඩියෝ පෙලක් නිර්මාණය කරාට ඔයාලට ගොඩාක් පිං. සිරිපා වදින්නට පෙරුම් පුරන අපට මේක ගොඩාක් වටින අවතාවක්. ගොඩාක් ආසාවෙන් බැලුවා. ඔයාලා හැමෝටම සුභ පැතුම්..

  • @PanakaduweSiriwimalaThero
    @PanakaduweSiriwimalaThero 8 หลายเดือนก่อน +1

    තරුණ හැමදෙනාගෙම සැදැහැති වීර්‍යය දුටුවෙමි,පාරිසරික සුන්දරත්වය ද දෑසින් දුටුවෙමි,දිනේෂ් අයියාගේ සිත නිවන හඩත් සමගින් විවිධ කරුණු ඇසුවෙමි, සැමගේ දිවිමග සරුවේවා..තෙරුවන් සරණ ම වේවා

  • @infinitygirl1699
    @infinitygirl1699 ปีที่แล้ว +6

    ලොකු පීරිස් ලොකු පීරිස් ලොකු පීරිස් 😁🤭

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      හා ඉතිං .. ලොකු පීරිස් .. ලොකු පීරිස්.. ලොකු පීරිස්

    • @infinitygirl1699
      @infinitygirl1699 ปีที่แล้ว +2

      @@DineshAPathum 🤭

    • @gayancj
      @gayancj ปีที่แล้ว +1

      Loku peris ayya maru neda? ❤

  • @thamaramahakumarage8905
    @thamaramahakumarage8905 ปีที่แล้ว +18

    ඔබ වැනි පුතෙක් වැදූ හැදූ දෙමව්පියන් උතුම් නිවනින්ම සැනසේවා... 🌹🌹🌹

  • @tharukavi8495
    @tharukavi8495 ปีที่แล้ว +5

    විඩියෝ එක දානකල් වේලාව බල බල හිටපු මම 😍......සුපිරී...

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූති .

  • @user-vu7xy6fj6s
    @user-vu7xy6fj6s 4 หลายเดือนก่อน +1

    අවංක නිහතමානි මනුස්සයෙක් එච්චරයි🥺♥

  • @MMDRodrigoRodrigo-qs3mt
    @MMDRodrigoRodrigo-qs3mt 7 หลายเดือนก่อน +2

    පීන්වන්ත පුතාලට නිදුක් නීරොගි සුවයම ලැබේවා

  • @wasanawththegedara8592
    @wasanawththegedara8592 ปีที่แล้ว +40

    දෙවෙනි වතාවටත් අයියත් එක්කම අවාරෙ සිරිපා කරුණා කලා....සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන් මටත් මේ විදිහට අවාරෙ කරුණා කරන්න ලැබේවා...ගොඩක් ආසාවෙන් ඉන්න බලපොරොත්තුවක්💚😌

  • @shanikevin3432
    @shanikevin3432 ปีที่แล้ว +5

    ලොකු පිරිස් ඉන්නවා කියන්නෙ 💪💪💪💪❤️❤️❤️

  • @bhagyasampath6549
    @bhagyasampath6549 ปีที่แล้ว +12

    සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි දිනෙශ් ඇතුලු කන්ඩායමටම ❤️❤️ගොඩක් දුශ්කරයි මම වාරේ කරුනාකරල තියනව දෙපාරක් නෙහෙම දකිද්දි දැන් යන්න හිතෙනව දුවගෙන කොච්චර ගියත් එපාවෙන්නැති ගමනක් සුබ ගමන් සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි ❤️❤️

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq 3 หลายเดือนก่อน +2

    Oyage aware siripa karana vediyo tami mama බලන්න කැමැතිම .❤❤❤

  • @hashelichamadi5789
    @hashelichamadi5789 ปีที่แล้ว +14

    ඇත්තටම සොඳුරු දුෂ්කර ගාමනාන්තයක්,භාවනාවක් වගේ.
    සුමන සමන් දෙවි පිහිටයි කරුණා කරන සියලුම දෙනාටම🙏

  • @minushamihisara2401
    @minushamihisara2401 ปีที่แล้ว +5

    මම ආසම ලංකාවේ ඉන්න සුන්දර සංචාරකයා👣🍃 දවසක අනිවාර්යයෙන් යන්න ආසයි දිනේෂ් අයියා එක්ක ලස්සන ගමනාන්තයක් කරා ♥️👣🌳

  • @supunpriyashan5610
    @supunpriyashan5610 ปีที่แล้ว +5

    අයියටත් අයියා හදපු වඩපු දෙමාපියන්ටත් ගොඩාක් පින් අපිට මෙ දෙවල් පෙන්වනවට...

  • @sapnashiwanthi7406
    @sapnashiwanthi7406 ปีที่แล้ว +50

    හදවතේ සංචාරකයා❤️ අදුර ගත්තෙත් සිරිපා කරුණාවෙන්.. එදා ඉදන් අද වෙනකන් හදවත සොරාගත් එකම සොදුරු සංචාරකයා❤️
    ඔබ විශිෂ්ඨයි......🙏🙏🙏

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූති

  • @EshiRanasinghe
    @EshiRanasinghe 6 หลายเดือนก่อน +2

    නිහතමානී ආදරණීය චරිතයක්❤😊

  • @TravelwithFriends111
    @TravelwithFriends111 ปีที่แล้ว +1

    මගෙ සංචාරක ගමන් වල ආසාවේ ගුරුදෙවයන්😍 ජයවෙවා දිනෙශ් අයියෙ☘️😍

  • @pathumdranathunga785
    @pathumdranathunga785 ปีที่แล้ว +4

    දැරණියගල මාලිබොඩ පැත්තෙනුත් සිරිපා කරුණා කරන්න පුළුවන් සුන්දර මාර්ගයක් . මමත් සංචාරකයෙක් ඔබ නිහතමානී පරිසරයට ගොඩක් අදරය කරන සංචාරකයෙක් ආඩම්බරයි ඔබ ගැන 😍💙

  • @heshanialuthge5713
    @heshanialuthge5713 ปีที่แล้ว +34

    දිනේශ් අයියා, ලොකු පීරිස් ඇතුලු කන්ඩායමට බොහොම පින් සුන්දරත්වයත් ,යතාර්තයත් ලෝකෙටම පෙන්නුවට,
    සමන්දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏

  • @vimukthipriyadarshana19
    @vimukthipriyadarshana19 ปีที่แล้ว +5

    අයියා මේපරත් ආවනේ..කොල්‍ටී අයියේ.👍👍👍ඔයාගෙ videoo බලන්නෙ පට්ට අසාවෙන්..

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති මල්ලි

  • @kavindirajapakshe4386
    @kavindirajapakshe4386 7 หลายเดือนก่อน +1

    අපේ රට තරම් ලස්සන රටක් මේ ලෝකේ කොහෙවත් නෑ.ඇත්තටම අපිට පින තියෙන්න ඕනේ මේ වගේ රටක ඉපදෙන්න. පිට රටක ඉදන් ඔයාගේ මේ වීඩීයෝස් බලද්දී හරි ඉරිසියයි.ඒ වගේම සතුටුයි .ඔයාගේ හැම වීඩීයෝ එකක්ම වගේ බලලා තියනවා.දව තිස්සේම ප්ලේ වෙන්නේ DAP…ඒ තරම් සුන්දරයි nice work and great. Keep it up 🫶🏽

  • @slpcpodda5277
    @slpcpodda5277 ปีที่แล้ว +2

    supiriyak dinesh ayiyee පට්ට ❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌😁😁😁😁

  • @palindapiyumal517
    @palindapiyumal517 ปีที่แล้ว +17

    අහම්බෙන් සදගලතැන්න හරහා අවාරයේ සිරිපා පුදබිමට ගියපු වීඩියෝ එකෙන් පස්සෙ මග නොහැර මම ඔබගේ සොඳුරුමත් හා අලංකාරමත් ගමනාන්තවල රසිකයෙක් උනා....මෙවර අවාරයේ සිරිපා තරනයෙන් අපිට වෙනස්ම අත්දැකීමක් ගෙන දුන් හදවතේ සංචාරකයානෙනි,ඔබට මාගේ හදපිරි ස්තූතිය 🍃💚❤️❤️❤️❤️
    සොබාදහම් මාතාව රකින ඔබව,සොබාදහම් මාතාව විසින්ම රැක දේවා!!!!!!❤️

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 ปีที่แล้ว +8

    මමනමිි මුලින්ම ස්තුති කරන්නෙ මෙවැනි රටට ජාතියට ණය නැති ආදරණිය පුතෙක් බිහිකළ ඒඋදාර දෙමවිිපියන්ට මාදැඩිලෙස විශ්වාස කරන දහමෙහි හැසිරෙන්නා දහමවිසින්ආරක්ෂා වගේ ඔබත් ඔබෙිි සගයනුත් දෙවියන් ආරක්ෂා කරනවා හැමදාම ලියන්නාවාගේ ඔබ කරන සියලුම කටයුතු තෙරුවන් සරණින් සුබම සුබ වෙිිවායි මා පතමි

  • @anuruddhalakshan4033
    @anuruddhalakshan4033 3 หลายเดือนก่อน +2

    බලපු 3න් වෙනි පාර.🥺😍

  • @Mr.Bachcha1621
    @Mr.Bachcha1621 ปีที่แล้ว +13

    අයියේ ඔයාව බිහි කරපු අම්මටයි තාත්තටයි ගොඩාක් පින් ඔයාගේ පරිසරයට තීන ආදරය මාරම සුන්දරයි. කියන්න වචන එන්නෙ නෑ. මමත් සිරීපාදය වන්දනා කර ගත්තා 🙏🙏🙏 අයියටත් අයියගෙ යලුවොන්ටත් මෙ වගේ ගමන් තව තවත් යන්න පුලුවන් වේවා. බුදු සරනයි අයියලට. ආදරෙයි ❤

  • @travelwithkomlo1273
    @travelwithkomlo1273 ปีที่แล้ว +14

    ලංකාවේ සුන්දරත්වය සොයා යන නිහතමානී සුන්දර සන්චාරකයා ඔබයි..❤️

  • @Better-Better-Bolgoda
    @Better-Better-Bolgoda ปีที่แล้ว +38

    කවදා හො ජැකසන් ඇන්තනි මහතා පසුකර හැකි දැනුමක් ලැබෙවා කියලා හදවතින් පාර්ථනා කරනවා අයියෙ,ගග දිගෙ වගෙ ලොකු සංචාරයක් එ වගෙ episode එකක් අයියා කරයි කියලා අපි බලන් ඉන්නවා ,ජය වේවා!

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +7

      බෙහෙවින් ස්තූති. කසිප්පු තිත්පොලේ එකෙක් මේකට comments වගයක් දාලා තිබිලා අයින් කරා. සමාවෙන්න මම ඒක අද දැක්කේ

    • @anuradhalakmali8928
      @anuradhalakmali8928 ปีที่แล้ว +1

      😅

  • @pathumanushka9996
    @pathumanushka9996 ปีที่แล้ว +2

    best srilankan traveler. supper aiya 🤩😇

  • @sureshkabral1767
    @sureshkabral1767 6 หลายเดือนก่อน +1

    ඇත්තටම මගේ රට කොයිතරම් සුන්දරද එහෙමරටක් 74පාලකයෝ විනාශ කරල ආදරෙයි ජායවේවා අයියා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @rohanabandara9122
    @rohanabandara9122 ปีที่แล้ว +16

    ඇත්තටම අස් දෙකට කදුලක් ආව.. ලොකේ කොහේ ගියත් මම ආසම ගමන.... ග්‍රීපාද වන්දනාව..❤💐💐

  • @thiwankamanohara8854
    @thiwankamanohara8854 ปีที่แล้ว +23

    කවදාවත් ගිහින් එපා වෙන්නේ නැති ගමනක්❤️

    • @rohanabandara9122
      @rohanabandara9122 ปีที่แล้ว +1

      ඇත්තට ඔවු...👍👍❤❤

  • @indikasampath9431
    @indikasampath9431 ปีที่แล้ว +5

    මගේ ජීවිතේට මට යන්න බැරි වුණත් මගේ පෙර පිනකට අයියා වගේ කෙනෙක් මෙහෙම ඉන්නවා කියල දැනෙද්දී හිතාගන්න බැරි සතුටක් අයියේ.. බුදුසරණි ❤️

  • @user-dz9ng3bz1p
    @user-dz9ng3bz1p 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි
    සුමන සමන් දෙව් පිහිටයි ❤

  • @warunaakalanka2680
    @warunaakalanka2680 6 หลายเดือนก่อน +1

    අවාරේ වෙනමම ලස්සනක් මිදුම මැදින් ❤

  • @lokuofficial2107
    @lokuofficial2107 ปีที่แล้ว +16

    ජෛව විවිධත්වය, වටින සම්පත් පිරිණු අපි ඉන්නෙ පිංවන්ත රටක.. මේවා පෙන්නන්න ඔයාලටත් බුදු සරණයී අයියා..❤️

  • @Annz_World
    @Annz_World ปีที่แล้ว +7

    වෙහෙස වෙලා වෙහෙස වෙලා ඉන්න අපිට ස්වාභාවධර්මෙන් දෙනවා නැලවිලි ගීයක්...ඒ වචන❤❤

    • @danushkachathuranga9734
      @danushkachathuranga9734 ปีที่แล้ว +3

      මටත් දැනුනම සෝදුරු වචන ටික.. ❤️🙏☘️

  • @shiromirathnayaka6515
    @shiromirathnayaka6515 ปีที่แล้ว +4

    විඩියෝ එකක් දනකන් බලගෙන හිටියේ අයියා මත් ආසයි ඇවිදින්න යන්න එත් මට ඇවිදින්න බෑ මගේ වයසක අම්මා ට මගේ එ හිනෙ සැබෑ කරන්න බෑ ඉතිං ඔයාගෙ විඩියෝ මං වගේ කෙනෙක් ට ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පින් අයියා තව ඉස්සරහට තව ලස්සන විඩියෝ අරගෙන එන්න බුදු සරනයි

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      මට සතුටුයි ඇත්තටම මේ පුංචි රූප රාමු හරහා ඔබගේත් ආදරණීය අම්මාගේත් සිත් සතන් සනසන්නට ලැබුණු එක ගැන. ඒ වගේම අම්මාට නිරෝගී සුව පාර්ථනා කරණවා. ලැබුනොත් ඉඩක් අපේ අම්මාව මම කොහේ හරි එක්කගෙන යන වෙලාවක ඔබ තුමියගේ අම්මාවත් එවන්න. පරිස්සමෙන් රවුමක් එක්කන් ගිහින් එක්කගෙන එන්නම්. සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි

    • @ShaniDays
      @ShaniDays 6 หลายเดือนก่อน

  • @user-ri6dh5hx4c
    @user-ri6dh5hx4c 7 หลายเดือนก่อน +1

    මගෙත් පට්ටම ආසවක් තියෙන්නෙ ඔය ගමනට උබලා ලකි බන් 👍👍👍 💪💪💪 ❤❤❤

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 ปีที่แล้ว +5

    අහම්බෙන් හමුවුන සුන්දර මිනිසෙක්...සුන්දර ගමනක්.♥️

  • @explore3782
    @explore3782 ปีที่แล้ว +5

    මම අසම චරිතයක් අයියා.මම ආසයි අය්ය එක්ක ඇවිදින්න යන්න හයික් එකක් කරන්න මම travel කරන අයගෙන් follow කරන චරිතයක් තමා අයියා අය්යගෙ හැම video එකක්ම බලලා තියනවා මම බුදු සරනයි අය්යෙ ❤ අපි අපේ සොබාදහම් මෑනියො රැක ගන්න බලමු කොහොම හරි

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති මල්ලි. මීලග වතාවේ අවාරයේ කරුණාව වෙනස්ම විදිහකට කරන්න හිතාගෙන ඉන්නේ. ඒ පාර දී අපි අනිවාර්යයෙන්ම මුණගැසෙමු.

  • @upekshaabeyratne7005
    @upekshaabeyratne7005 ปีที่แล้ว +6

    සමන් දෙවියන්ගේ පිහිටයි 🙏 ආඩම්බරයි කරන සමාජ සත්කාරයන්ට දිනේශ් ඔබටත් ආදරණීය නඩේටත් ❤

  • @MilendraSilva
    @MilendraSilva 6 หลายเดือนก่อน +2

    Jayawewa sri pa karunawen

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +1

    අහම්බෙන් දැකලා බැලුවේ. කතානායකතුමාගේ සුන්දර කතා විලාශය ඉතාම ආකර්ශණීය එකක්. මුල විනාඩි කීපය බලනකොට ඉබේ වගේ සබ්ස්ක්‍රයිබ් එක ටච් උනා. ඒ තරම් සුන්දරයි. u r a great traveller.. ❤️💪

  • @dineshekanayaka9716
    @dineshekanayaka9716 ปีที่แล้ว +37

    අපේ රට මොනතරම් සුන්දරද😍🇱🇰.සූන්දරතම ගමනාන්තයක් වෙනදාමෙන් අටට ගේනාවාට ස්තුතියි අයියා🙏 ❤හදවතේ සංචාරකයා ❤❤🇱🇰❤❤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති

  • @-wedikawa
    @-wedikawa ปีที่แล้ว +22

    එක දවසක් අහම්බෙන් හමූඋනා ආවරේ සිරිපා කරුණාවකින්, ඒ විඩියෝ එකෙන් ඔයාව ගොඩක් මිනිස්සු අදුර ගත්තා.... දැන් ලොකු කාලයක්, දැන් ලංකාවේ ඉන්න හොදම සංචාරයා දැන් මිනිස්සු අදහනවා ඔයාව 🙏 එකම හීනයක් තියෙනවා දවසක ලංකාවට ඇවිල්ලා මඩු පල්ලි යමු ඔයත් එක්ක. ජයවේවා ✝️☸️🇷🇴🇱🇰

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම යමු මල්ලි. ඔයත් පරිස්සමෙන් වැඩ ටික කරගෙන එන්න.

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 ปีที่แล้ว +2

      @@DineshAPathum ❤️🙂✊✊

    • @-wedikawa
      @-wedikawa ปีที่แล้ว +2

      @@DineshAPathum ආදරෙයි 💚

  • @Kularathnesadeepa
    @Kularathnesadeepa ปีที่แล้ว +10

    මට මතක් වෙනවා අපේ අවාරේ ගමන.. අපිටත් ඔය ජාවාරම් කරන තැනක් හම්බුනා. ඇත්තටම මේවාට බලධාරීන් තීරණ ගන්න ඕන.. ඔවුනුත් දැනුවත්ව තමා මේ දේවල් වෙන්නෙ.. බෙහෙවින් ස්තූති වන්ත වෙනවා මේවා රූප රාමු වලින් දැක දනගත යුතු පිරිස් වෙත දැනුවත් කරාට..
    ඒ වගේම අයියා ගොඩක් පිං ඔබට අපේ අවාරේ මතකෙ අලුත් කරාට.. මට මැවිලා පෙනුනා ඒ අද්දැකීම.. 🙏🍃💚
    හදවතේ සංචාරකයා මේ මහ පොළොවෙ ආශිර්වාදයම ඇති ජීවත් වෙන්න.. 🍃ජයක්ම වේවා🙏

  • @dinukalakshan1327
    @dinukalakshan1327 ปีที่แล้ว +2

    ගොඩක් පින් අයියේ

  • @sadaruwansadu4891
    @sadaruwansadu4891 8 หลายเดือนก่อน +2

    සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏❤

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa ปีที่แล้ว +8

    ජීවිතේ යන්න ආසම තැන වගේම කොච්චර ගියත් එපා වෙන්නැති සුන්දරම ගමනාන්තය. අපිත් ඊලගට යන්න ඉන්න පාර අයියේ. ලොකු උදව්වක් වෙයි මේ වීඩියෝ එක. සදගලතැන්න මාර්ගයේ යන්නත් අයියගේ වීඩියෝ එක ගොඩක් උදව් උනා. අපේ රට තරම් සුන්දරත්වය පිරුණු තවත් රටක් නැති තරම්. දේශපාලකයෝ වගේම මේ වගේ ලස්සන තැන් විනාශ කරන මනුස්සයොත් මේ පොලවට ලොකු බරක් අයියේ. අයියගේ වීඩියෝ බලන අය නම් එහෙම වෙන්නෑ කවදාවත්. නිසාමයි අයියට හදවතේ සංචාරකයා කියන නම කියන්නෙත්.ඉස්සර ඉදන් ඇවිද්දත් වීඩියෝ කරන්න ආසාව ආවේ අයිය නිසා. සංචාරයක් නම් මුලින්ම මතක් වෙන්නෙ ඔයා. අපේ හදවතෙත් උඩින්ම ඉන්න කෙනෙක් වෙලා දැන් ඔයා. තව තවත් සුන්දර ගමනාන්තයන් සොයා යන්න ලැබේවා. දවසක සුන්දර ගමනාන්තයක අයියව මුණගැහෙන්න ඕනේ. ජය වේවා. බුදු සරණයි 🙏 👣🌿💙💚
    Dushyantha Sajeewa Jayasinghe🌿💙💚

  • @laksithashehan4850
    @laksithashehan4850 ปีที่แล้ว +7

    පරිසරය විදින්න පුරුදු කරපු හිත හොද චරිතයක්♥️🥺බුදු සරනයි අයියෙ ඔයාට

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      සතුටුයි මල්ලි ඇත්තටම ඒක එහෙම නම්. ගොඩාක් ස්තූති. තෙරුවන් සරණයි මල්ලි

  • @y.....7202
    @y.....7202 ปีที่แล้ว +6

    16:58 අයියේ ඒ මහ නාරං(ජම්බෝල්,බම්බලෝසි)
    ඔයාගේ වීඩියෝ මුලු පව්ලම එකතු වෙලා බලනෝ❤️.දැන් අපේ ගෙදර අයත් පරිසරයට මාර ආදරෙයි 💪❤️

  • @indikaharindu7794
    @indikaharindu7794 ปีที่แล้ว +2

    Aiyage voice eka wagema oyath harima lassanai

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති

    • @indikaharindu7794
      @indikaharindu7794 ปีที่แล้ว

      Aiya whatsapp innawnam message ekak danna puluwanida