මැරෙන්න ලං වෙලත් හිතේ තියෙන කවි සිතුවිලි බිත්ති වල | Bogambara Prison | Prisoner's wall arts | kandy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • " අම්මා කීව දේ එදා ඇහුවනම් " " ජීවිතයේ දුෂ්කරම කාර් ්‍යය මිනිසා හදුනා ගැනීම "
    මෙවන් වදන් බිත්ති පුරා සමහර ‍‍ වචන දැකලා හිතත් රිදුනේ නැතිවම නෙවෙයි
    මහනුවර වැව හෙවත් කිරි මුහුද පිහිටා තිබුණේ වර්තමානයේ බෝගම්බර බන්ධනාගාරය පිහිටා ඇති ස්ථානයේ යි. පසුකලෙක එය ගොඩ කර දළදා මාළිගාව ඉදිරිපස ඉදිකිරීමටත් පැරණි කිරි මුහුද පිහිටි ස්ථානයේ බන්ධනාගාරය ඉදිකිරීමටත් කටයුතු කරනු ලැබිණි. උපරිම ආරක්ෂාව සහිත සිරගෙයක් වූ බෝගම්බර සිරගෙය ඉදිකරනු ලැබුවේ බ්‍රිතාන්‍ය- ශ්‍රී ලංකා ආණ්ඩුවේ උපදෙස් පරිදි බන්ධනාගාර සහ පොලිසිය පිළිබඳ ඉන්ස්පෙක්ටර් ජෙනරල්, මෙරට ප්‍රථම බන්ධනාගාර සහ පොලිස් කොමසාරිස් එන්. ආර්. සෝන්ඩර්ස් මහතා විසින් 1876 වසරේ දී ය. ප්‍රංශයේ වැදගත් ඓතිහාසික සටනකට මුල් වූ බැස්ටිල් හිරගෙදර ගෘහනිර්මාණ ශිල්පයට සමානව මෙම බෝගම්බර බන්ධනාගාරය නිර්මාණය කර ඇතැ යි පැවසේ. මෙම බෝගම්බර බන්ධනාගාරයේ ඇති විශේෂත්වයක් වන්නේ එය කිසිම තැනකින් වෙන් නොවුණු තනි පාදමක් මත ඉදිකෙරුණු ආසියාවේ දිගම ගොඩනැගිල්ල වීම‍ යි. බන්ධනාගාරය මහල් තුනකින් සහ සිරමැදිරි තුන්සිය විසි අටකින් සමන්විත වේ. මුල් කාලයේ බන්ධනාගාරය ඉදිකිරීමට වැය වූ මුදල රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් වූ අතර ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද්දේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසිනි. බන්ධනාගාරය තුළ දේශපාලනික සිරකරුවන් රඳවා තැබීමට වෙනම කොටසක්, ආගමික කටයුතු සඳහා වෙන් වූ ස්ථානයක්, වඩු කාර්මික ශිල්පය ඉගැන්වීම සදහා ගොඩනැගිල්ලක්, මුළුතැන්ගෙයක්, බාබර් සාප්පුවක් ආදී බොහෝ අංග පිහිටා තිබුණි. මේ වන විට පල්ලේකැලේ ප්‍රදේශයට ගෙන ගොස් ඇති බෝගම්බර බන්ධනාගාරය නවීකරණය කිරීමේ කටයුතු භාර ව ක්‍රියා කරන්නේ මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මඟිනි. තව ද, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ද මේ ව්‍යාපෘතිය සඳහා අධීක්ෂණ කටයුතු ඔස්සේ සහාය ලබා දෙයි.
    මෙම බන්ධනාගාරය දරුණු ගණයේ අපරාධකරුවන් සහ මරණ දණ්ඩනයට ලක් වූ රැඳවියන් රැඳවීමට ක්‍රියා කළ බන්ධනාගාරයකි.
    ශ්‍රී ලංකා දේශපාලනයේ වැදගත් චරිත සහ ලංකාවේ බොහෝ පිරිසකගේ කතාබහට ලක් වූ රැඳවියන් බෝගම්බර බන්ධනාගාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී වැදගත් වේ. ඒ අතර ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් වූ පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා සහ විලියම් ද සිල්වා යන පුද්ගලයන් ද මතභේදයට ලක් වූ මරණයකට ලක් වූ මරු සිරා නම් සිරකරු ද බෝගම්බර බන්ධනාගාරයේ සිටි මතකයේ රැදුණු සිරකරුවන් වේ. පසුකලෙක මරණීය දණ්ඩනයට ලක්වූවන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමට පාත්‍ර කළ අතර, එල්ලුම් ගස ක්‍රියාත්මක නොකෙරිණි. නමුත්, 1876 සිට 1975 දක්වා කාලය තුළ බෝගම්බර බන්ධනාගාරයේ වරදකරුවන් 524 දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර තිබේ. අවසාන වතාවට බෝගම්බර බන්ධනාගාරය තුළ එල්ලුම් ගස ක්‍රියාත්මක වී ඇත්තේ තිස්මඩ මිනීමැරුම සම්බන්ධයෙන් ඩබ්ලිව්.ඩී. රිචඩ් සහ ටී. එම්. ජයවර්ධන යන දෙපළ යි.
    මෑතක දී බන්ධනාගාර ජාලය ව්‍යාප්ත කිරීම සහ සංවර්ධනය කිරීමේ අරමුණින් 2013 වර්ෂයේ දී එනම්, ඉදිකිරීමෙන් වසර 138කට පසු බෝගම්බර සිරකරුවන් අභිනවයෙන් ඉදිකෙරුණු පල්ලේකැලේ පිහිටි එළිමහන් සහ අභ්‍යන්තර බන්ධනාගාර වෙත රැගෙන යාමෙන් පසු බෝගම්බර බන්ධනාගාරය සති දෙකක පමණ කාලයක් මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව තැබිණි. අනතුරුව 2014 ජනවාරි 01 වන දින සැලසුම් කරන ලද සංස්කෘතික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සදහා බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම වසා දැමුණු අතර එහි පැවති භාණ්ඩ සියල්ලක් ශ්‍රී ලංකා රජය වෙත භාර දෙනු ලැබිණි.
    පළමු අදියරේ වැඩ අවසන් කොට, 2019 අගෝස්තු 24 වන දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණු බෝගම්බර සංස්කෘතික උද්‍යානය එකල ජරාජීර්ණව පැවති සිරගෙය අද වන විට නවීකරණය කොට සංරක්ෂණය කර තිබේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා මේ වන විට වැය කර ඇති මුදල මිලියන 200කි. පරිදි මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ද ඇතිව මහනුවර නගරයේ සංස්කෘතික ආකර්ශනයට හානියක් නොවන අයුරින් දියත් කොට ඇති මෙම වැඩසටහන තුළින් දෙස් විදෙස් සංචාරක ව්‍යාපාරයට ද විශාල ශක්තියක් ලැබෙනු ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ගැමුණු ප්‍රේමවර්ධන මහතා විශ්වාසය පළ කරයි.
    මේ වන විට බන්ධනාගාරය පිහිටි භූමියේ ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානයක්, මහජන උද්‍යානයක් සහ උඩරටට අවේනික සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම සඳහා එළිමහන් වේදිකාවක් ඉදිකොට තිබේ. මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ල පිහිටි ඉඩම තුළ කඩ සාප්පු සහ මහජනතාවට විවේකය ගත කිරීමට සුදුසු පරිදි නිදහස් පරිසරයක් ඇති කිරීමට යි. තව ද, පසුපස සිරමැදිරි නවීකරණය කිරීමටත් මෙහි තරු පහේ හෝටල් දෙකක් ඉදිකිරීමටත් වැඩිදුරටත් අපේක්ෂිත යි.
    මහනුවර නගරයේ වැදගත්ම ඉඩකඩක සිරගෙයක් පිහිටා තිබීම කොතරම් යෝග්‍යය ද යන්න බොහෝ පිරිසකගේ කතාබහට ලක් වී තිබුණු අවස්ථාවක එම බන්ධනාගාර ගොඩනැගිල්ල එලෙසින්ම සංරක්ෂණය කර බන්ධනාගාර පල්ලේ කැලේ ප්‍රදේශයට විතැන් කර අභිනවයෙන් ඉදිකෙරුණු සංස්කෘතික උද්‍යානය ඓතිහාසික වටිනාකමකින් යුත් මහනුවර නගරයේ තවත් ආකර්ශනීය ස්ථානයක් බවට පත් වී හමාර ය.
    -----------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    facebook : / @lakshithavlogs
    tiktok : / lakshithavlogs
    ----------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    @lakshithavlogs
    ------------------------------------------------------------------
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs#Bogambara_Prison#kandy

ความคิดเห็น • 128

  • @lakshithavlogs
    @lakshithavlogs  6 หลายเดือนก่อน +20

    2024-03 මස සිට #BogambraPrison එක මහජනතාවට විවෘත කරල තියෙන්නේ.
    උදේ 8:00 - හවස 4:00 අතර බලන්න පුළුවන්.
    වැඩිහිටි (අවු 18 ට වැඩි) අය සඳහා රු 100/= ක ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරනවා.

    • @official5788
      @official5788 6 หลายเดือนก่อน +1

      කවදා වෙනකන් බලන්න යන්න දෙනවාද..?

    • @SSsa-d2y
      @SSsa-d2y 6 หลายเดือนก่อน +1

      Aiye iridata balanna denawada aralada thiyenne aiye

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      @@SSsa-d2y අපි වීඩියෝව කලේ ඉරිදා දවසක ඒ කියන්නේ පුළුවන් 😍😍

    • @kumariGD_12
      @kumariGD_12 6 หลายเดือนก่อน

      හෙට ගියොත්බලන්න පුලුවන් ද අනෙ රිප්ලයි එකක් දාන්න්කො අයියා

  • @Anjanaol
    @Anjanaol 6 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන් යන්න ඕනේ...වැරදි කරන්න තියා හිතන්නේවත් නැත්වෙනවා දැක්කම...ස්තුතියි පොන්නාට..❤️👍

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      ඇත්තටම ගිහින් බලන්න වටිනවා 😍😍🙏

    • @Dewshan2006
      @Dewshan2006 4 หลายเดือนก่อน

      පොන්නාට 😂

  • @nilunishasamaraguna8198
    @nilunishasamaraguna8198 6 หลายเดือนก่อน +4

    Ammooo baya hithenawa😮😮

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වෙලාවක ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @Maduhansi465
    @Maduhansi465 6 หลายเดือนก่อน +4

    Lahiru aiyage video balala thamai oyage video dakke 😊 supiri aiya ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි ඒ ආදරේට 😍😍😍🙏

  • @JayasooriyaHNR
    @JayasooriyaHNR 2 หลายเดือนก่อน +1

    විනෝද ගමනක් ගිය විදියට විස්තර නොකර සංවේදීව...දකින අහන කෙනෙකුට වැරදි කරන්නා තියා හිතන්නවත් බැරි විදියටයි කථනය විය යුත්තේ...වචන වලින් එය කල හැකියි..
    තැනට සුදුසු පිලිවෙල සිදු කරන්න හිතට ගන්න...
    මෙහෙවර එයයි

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @kumarakumara7793
    @kumarakumara7793 6 หลายเดือนก่อน +2

    මම ගියා බෝගම්බර හිරගේ බලන්න.අවුරුදු කීයක්නම් පැරනි ගොඩනැගිල්ලක්ද මේ. තට්ටු තුනටම.සිරකුටි කීයක්නම් .තියනවද.මේ සිරකුටිවල .කී දාහක්නම් .කොට්වී ඉන්න ඇතිද..වැරදි කල වැරදි නොකල අහිංසක යනුත්.සිරවෙන්ට ඇති..කීදෙන්ගෙ බෙල්ලට තොංඩුව වැටෙන්න ඇතිද. ඒකනම්. මේ ලොකේ කේදවාචකයක්ම තමයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වටිනා අදහස් අපිත් එක්ක බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 🙏🙏😍😍

  • @JamesRajasingha
    @JamesRajasingha 6 หลายเดือนก่อน +4

    ලහිරු ලක්ෂිත දෙදෙනා ගෙම වීඩියෝ මම බලනවා සතුටුයි!. ඔය දෙන්නා බ.වෙල වැලිමඩ ප්‍රදේශයටත් ඇවිත් යන්න.....

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් එන්නම් , හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 😍😍🙏🙏

  • @HiranHettiarachchi
    @HiranHettiarachchi 4 หลายเดือนก่อน +1

    වැරදි කරා ඒ වැරදි වලින් අදටත් අත්දැකිම් අනන්තයි... හැමදේයක්ම එපා උන දවසට හැමොගෙන්ම අයින් වේලා මේ වගේ තැනක ඉන්නයි ඔන

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @sanjulagerald3090
    @sanjulagerald3090 6 หลายเดือนก่อน +2

    all politicians should go there.......

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      ඔව් එයාලා සෙට් එකම යන්න ඕනී තැනක්, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏

  • @keerthisri1979
    @keerthisri1979 6 หลายเดือนก่อน +2

    හොඳ උත්සාහයක්. නමුත් නොකියාම බැරි දෙයක් ඇත. මෙවැනි ස්ථානයකට යාමට පෙර එම ස්ථානය ගැන පූර්ව අධ්‍යයනයක් කර ගියානම්, කැමරා කාච සටහනට වඩා වැඩි හරවත් යමක් වැඩසටහනට එක් කිරීමට හැකියාවක් තිබිණි.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න 😍😍🙏

  • @mihindupramod
    @mihindupramod 6 หลายเดือนก่อน +1

    Lassanai aiye video eka

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍🙏🙏

  • @SandaliChamathka-qj7rk
    @SandaliChamathka-qj7rk 6 หลายเดือนก่อน +4

    මාර දුකයි😢

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත ඒත් පැති දෙකක් තියෙනවා , වැරදි කරපු කෙනෙක්ට දඩුවම් දුන්නෙ නැත්තන් එයා ආයෙත් ඒ වැරද්ද කරන්න පුලුවන් , සමහර විට අනුන්ගේ වැරදි නිසා වැරද්දක් නොකර දඩුවම් විදපු අයත් ඉන්න ඇති , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏🙏

  • @achiniisankaaishu8704
    @achiniisankaaishu8704 5 หลายเดือนก่อน +1

    ඒ කෑම දෙන එක නෙවෙයි..ටොයිලට් කරන්න ඕනි ඒ භාජනවලටලු..ඊට පස්සේ එලියට දාන වෙලාවට ඒවා අරන් ගිහින් අස් කරගන්න ඕනිලු.

  • @WikiBro2
    @WikiBro2 6 หลายเดือนก่อน +3

    Good vedio.. ❤️ ❤️ ❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍🙏🙏

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 6 หลายเดือนก่อน +6

    එල්ලුම් ගහ ඇයි එ කාමරෙන් අයින් කරලා තියෙන්නෙ රනිල් හීනෙන් වත් බය වෙලා අයින් කරන්න කියලද

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      එහෙමද දන්නෙ නෑ ඒක නම් අපරාදේ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 6 หลายเดือนก่อน +2

    supiriii aiya 😍😍

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍

  • @SandaliChamathka-qj7rk
    @SandaliChamathka-qj7rk 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ❤
    තවත් මේ වගේ වීඩියෝ කරන්න, ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක 😍😍🙏

  • @kasun-sb1dm
    @kasun-sb1dm 6 หลายเดือนก่อน +1

    Supiriyak aiye❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි කසුන් මල්ලි 😍😍😍🙏

  • @LakshiLakshi-nm6dc
    @LakshiLakshi-nm6dc 6 หลายเดือนก่อน +2

    මේ වගේ videos වල background music එක ගැළපෙන විදිහට දාලා පැහැදිලිව ඒ දේවල් පෙන්නලා හදවතට දැනෙන්න හරියට පැහැදිලි කරන්න.. එතකොට තව views එයි.. ඒ වගේම බලන අයගෙ හදවතට දැනෙයි..
    උදාහරණයක් විදිහට,, මේක බන්ධනාගාරයක් හින්දා හැමතැනම දුක,පසුතැවිල්ල තියන්නෙ..ඒක පෙන්නලා සතුටු නොවී බලන අයට පණිවිඩයක් දෙන්න හිතට වදින්න..
    යුරෝපයේ අපි channel එකේ හිට්ලර්ගේ වදකාගාර ගැන video වගයක් කරලා තියෙනවා..බැලුවෙ නැත්තම් ඒ ටික බලන්න,අදහසක් ගන්න පුළුවන් වෙයි..😊
    පොඩි අදහසක් දුන්නෙ ඔයාලට 😊

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      මේ ලංකාවේ සහෝදරිය ඔයා දන්නවද අපි මේක වීඩියෝ කරනවට වෙනම ගෙවන්න ඕනිලු අවසර ගන්න ඕනිලූ කියලා කේස් දැම්මා නැත්තන් එතන කෙනෙක් එක්ක කතා කරලා සියල්ල පැහැදිලි කරන්න හිටියේ , අන්තිමට කලබලෙන් වීඩියෝව ගහන් ආවා , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍🙏

    • @dilshadilsha8119
      @dilshadilsha8119 6 หลายเดือนก่อน

      මම ඔක්කොම වීඩියො කරගෙන ආවා...හැබැයි වෙලාවට එහෙම කවුරුත්ම ආවෙ නෑ....වෙනම ගෙවන්න ඕනෙ කියලා දන්නෙ අද...🥲

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 6 หลายเดือนก่อน +2

    එලම 👌👍

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍😍🙏

  • @yashirajapaksha6753
    @yashirajapaksha6753 หลายเดือนก่อน +1

    දැන් බලන්න යන්න බැරිද 😢

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      දැන් නම් කොහොමද දන්නෙ නෑ , ❤️❤️

  • @Jay666n
    @Jay666n 6 หลายเดือนก่อน +4

    Hira gedara jivithe ekthara addakimth thami mth hitaya adurudak 😢

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හිතන කොටත් පිස්සු හැදෙනවා 😢 හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @LakshiLakshi-nm6dc
    @LakshiLakshi-nm6dc 6 หลายเดือนก่อน +2

    කවදා වෙනකල් බලන්න යන්න පුළුවන්ද කියන්නකෝ

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      අප්‍රේල් මැයි පුලුවන් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍

    • @LakshiLakshi-nm6dc
      @LakshiLakshi-nm6dc 6 หลายเดือนก่อน

      @@lakshithavlogs ඔයාලටත් ස්තුතියි..ලස්සන වීඩියෝ කරන්න තව හොඳට 🙂🥰

  • @fernandosarath4694
    @fernandosarath4694 6 หลายเดือนก่อน +1

    Waradinam karnnama hoda naha ❤❤❤❤❤ From Italiya

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත සහෝදරයා ,හදවතින්ම ස්තූතියි 🙏🙏😍😍

  • @sanjaymaduranga8417
    @sanjaymaduranga8417 6 หลายเดือนก่อน +3

    ලහිරු අයියගෙ වීඩියෝ නිසා අයියගෙ විඩියෝ බලන්නේ.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍🙏

  • @kalumkumaraharischandra813
    @kalumkumaraharischandra813 6 หลายเดือนก่อน

    Aio vistara kireema Nam anthimai kisema tarumak ne. Oya gollo bayawela wage inne .APA rade oyalage maganseya bro.tawa hodata treninge wenna ..oya godak made bro .api suba patanawa ilaga vedio eka Danna kalin hodata purudu puhunu Wei keyala ..suba anagatayak

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      ප්ලෑන් කරලා කරන්න ගියේ කෙනෙක්ට කතා කරලා අපිට පොඩි කේස් එකක් ඇද්දා දන්නවානේ ලංකාවේ හැටි පස්සෙ අපි හිතුවා මේ විදිහට දකින දේ පෙන්නන්න බ්‍රෝ , ඔයා අපහසුතාවට පත් උනාට සමාවෙන්න, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏🙏😍

    • @thanujathiwanka1951
      @thanujathiwanka1951 5 หลายเดือนก่อน

      😂Thota puluvmd pko ochchara deyk krnna. Uba ponna adahas nodi video balanavanam balala unlike karagena pla ynna. Moda katha kiynne nethuva gas kimbooo😂

  • @maheshchathuranga6354
    @maheshchathuranga6354 6 หลายเดือนก่อน +1

    Bro Saturday, sunday balance denawada ?

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      අපි ගියේ sunday සහෝ

  • @wltlakshan3656
    @wltlakshan3656 6 หลายเดือนก่อน +1

    Machan mama hire idapu kenek danne nethi deyak thiyenam ahanna.. dorawal kamara anan manan gena mama adahas kale..

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      යාලූ මට contact නො එක දෙනවද 0711855503

  • @ManjuSri-c7g
    @ManjuSri-c7g 5 หลายเดือนก่อน +1

    මට නම් දුක හිනෙව දැක්කම

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏

  • @nilunishasamaraguna8198
    @nilunishasamaraguna8198 6 หลายเดือนก่อน +3

    Holman athi neada anee magenam pana yai

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      රෑට නම් පාලූ ගතියක් ඇති , හොල්මන් ගුහාවක් වගේ තමා , තව මාස 2ක් විතර බලන්න දෙනවා කීවා බලන්න යන්න 😍😍🙏

  • @kumariGD_12
    @kumariGD_12 6 หลายเดือนก่อน +2

    හෙට මෙක බලන්න දෙනවද කවුරුත් දන්නවනම් කියන්න😊

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හෙට කොහොමද දන්නෙ නෑ ඒත් අපි වීඩියෝව කලේ ඉරිදා , හදවතින්ම ස්තූතියි 😍🙏🙏

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 4 หลายเดือนก่อน +1

    Den balanna yanna denavada

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      මේ මාසෙත් දෙන කතාවක් කීවා යාළු 😍😍

  • @pavidupavisavishu3480
    @pavidupavisavishu3480 6 หลายเดือนก่อน +1

    ඇයි දැන් වහලා තියෙන්නේ සිර ගෙදර

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      දැන් ගොඩාක් අබලන් වෙලා තියෙන්නේ කට්ටිය පල්ලෙකැලේට ඇරන් ගිහින් , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍🙏🙏

  • @isiwaraya
    @isiwaraya 6 หลายเดือนก่อน +2

    හිරගෙට ගියත් උඩටම නේද?

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      දන්නවානේ ඉතින් දිලීප් සහෝ, 😍 හදවතින්ම ස්තූතියි 🙏🙏😍

  • @M.H.M.H.M432
    @M.H.M.H.M432 6 หลายเดือนก่อน +4

    එතකොට සිරකරුවො කො දැන් එයාලාකොහෙද ඉන්නෙ.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +2

      නුවර පල්ලෙකැලේ දැන් සිර කදවුරේ ඉන්නෙ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍😍

    • @senarathbandara7888
      @senarathbandara7888 6 หลายเดือนก่อน +1

      Nuwara

  • @irahada5961
    @irahada5961 6 หลายเดือนก่อน +5

    බෝගම්බර හිර ගෙදර කඩල කොල්ල කෑවා වටිනා බඩු රාජපක්ෂ ලා .අපරාදේ .

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍😍

  • @kumariGD_12
    @kumariGD_12 6 หลายเดือนก่อน +1

    හෙට මහසිකුරාදා නිසා මෙක බලන්න දෙනදව්ද කියන්න්කො අනෙ 😢

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      ඉරිදා නම් open කරලා තිබුනා , 😍😍🙏🙏

  • @KumuduLiyanaga-i3c
    @KumuduLiyanaga-i3c 6 หลายเดือนก่อน +1

    Liyala thiyena waki tikata papuwa පිච්චිලා ගියා

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් අපිත් එක්ක බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏

  • @achiniisankaaishu8704
    @achiniisankaaishu8704 5 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක මීට වඩා සංවේදීව කරන්න ඕනි එකක්...

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @InduNirmala-y3l
    @InduNirmala-y3l 6 หลายเดือนก่อน +2

    Waradi karanna kalin Meka balanna

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      ඒක ඇත්ත ,හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏🙏

  • @KumuduLiyanaga-i3c
    @KumuduLiyanaga-i3c 6 หลายเดือนก่อน +1

    Minissu mehama dema vihiluwak kara gena thiyenne.oya thanata thaman ge kenek hitiyanam thamai oke amaruwa thiyenne.pau ane ahinsaka minissu

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වැරදි නොකරන තැනට හිත හදාගන්න ඕනී , ඔතන මිනී මරපු අය , කාන්තාවන් දූෂණය කරපු අයත් ඉන්න ඇති එහෙම අයට දඩුවම් දුන්නෙ නැති වුනා නම් අපරාධ තව වැඩි වෙන්න පුලුවන්, මගෙ කෙනෙක් වුනත් වැරදි නම් මම දුක් වෙන්නෙ නෑ ,හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට . 😍😍🙏

  • @DilukshaShenal
    @DilukshaShenal 6 หลายเดือนก่อน +1

    Bogambarin panapu minissut innawa

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏

  • @saman631
    @saman631 6 หลายเดือนก่อน +1

    Video eka melowa rahakata na therum ganna ba

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍🙏

  • @chandanaananda2303
    @chandanaananda2303 5 หลายเดือนก่อน +1

    බුදුරජාණන් වහන්සේ සිහි කරනවා කියන්නේ කුමකටද?
    බුද්ධ ආදර්ශ, අවවාද සහ අනුශාසනා වලට අනුව මම ජීවත් වෙනවාද? කියල තමා තුලින් බැලීමයි.
    බුද්ධ අවවාදය වන්නේ - ලෝකීය වස්තු අයිති කරගන්න යන්න එපා, ලෝකයෙන් මිදී උපේක්‍ෂා සහගතව ඉන්න.
    එය උන්වහන්සේගේ ජීවිත ආදර්ශයෙන්ම දී තිබෙනවා. බුදු සසුන කියන්නේ මේ කරුණු ත්‍රිත්වයටටය.
    ඒ සම්මා සම්බුදු සසුන සිහිකර ගන්නවා කියන්නෙම මම ඉන්නේ එහෙමද කියල මාව පරීක්‍ෂා කරලා බලන එකටයි.
    එවැනි ජීවිත අංග වලින් යුක්ත ශරීරයක තිබෙන්නේ බෞද්ධ පෙනුම හෙවත් දුක් නැති උපෙක්‍ෂාවේ පෙනුම
    එවැනි ජීවිතයකින් නිකුත්වන සංඥාව බෞද්ධ කොඩියයි එය ලෙළදෙන්නේ තම අභ්‍යන්තරයේ පමණමයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      ඔබේ වටිනා අදහසට හදවතින්ම ස්තූතියි 😍😍

  • @amilwijerathna4396
    @amilwijerathna4396 6 หลายเดือนก่อน +18

    Video ඒකේ පැහැදිලි කිරිම අං තිමයි video akak කරන විදිහ හරියට ඉගෙන ගන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +3

      හදවතින්ම ස්තූතියි අදහස් ඉදිරිපත් කලාට 😍😍🙏

    • @DeshanPoomax-yg9et
      @DeshanPoomax-yg9et 6 หลายเดือนก่อน +2

      Modeyek wenna ep oi ub uge vedeio bala bala anan manan kiynw ubt puluwand mehemawath deyak kranna nikn otuwek nowi hitapan

    • @SSsa-d2y
      @SSsa-d2y 6 หลายเดือนก่อน +1

      Ape unge sirithakne anunta Ada kiyana eka. Ekai api thamath ekama thana.vedio ekata like ekk dala udawwak denawa wenuwata ape aun krana dewal😢

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      @@SSsa-d2y හදවතින්ම ස්තූතියි 😍😍

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      @@DeshanPoomax-yg9et හදවතින්ම ස්තූතියි 😍😍

  • @RajithSuranga-js1sg
    @RajithSuranga-js1sg 6 หลายเดือนก่อน +1

    Oya liyala thiyana awa tikak pennannako

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      ලියපුවා ටිකක් අන්තිමට දාලා තියෙනවා 🙏🙏😍

  • @nilunishasamaraguna8198
    @nilunishasamaraguna8198 6 หลายเดือนก่อน +1

    Dukai appa

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      සමහර වැරද්දක් නොකරපු අයත් ඉන්න ඇති එහෙම බලනකොට දුක හිතෙනවා , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏

  • @Upul-bc7pr
    @Upul-bc7pr 6 หลายเดือนก่อน +3

    ඉදිරිපත් කිරීම ආකර්ශනීය නැත.කුතුහලය නැත.තැනට ගැලපෙන විදියට කරා නම් හොදයි.වටිනාකමක් එකතු කරන්න.අපරාදේ.වටිනා විදියට කරන්න තිබුන දෙයක්

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi 6 หลายเดือนก่อน +1

    Lahiruge video walin dekala awe blnna

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට සහෝ 😍😍🙏

    • @dakshanakumara948
      @dakshanakumara948 3 หลายเดือนก่อน +1

      ​@@lakshithavlogsතාම මේක බලන්න පුලුවන් ද

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      @@dakshanakumara948 දැන්නම් කොහොමද දන්නේ නෑ යාළු

  • @UmeshikaSewwandhi
    @UmeshikaSewwandhi 5 หลายเดือนก่อน +1

    මෙකෙ දැන් මිනිස්සු නැද්ද හිරකාරයො

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      නෑ එයාලා පල්ලෙකැලේ හිර ගෙදර 😍😍

    • @UmeshikaSewwandhi
      @UmeshikaSewwandhi 5 หลายเดือนก่อน

      @@lakshithavlogs ඒකතමයි දැන් මේ බෝගම්බර හිර ගෙදර හිර කාරයො දාන්න්‍ර් නැද්ද

  • @Deshan_Widarshana
    @Deshan_Widarshana 4 หลายเดือนก่อน

    ඇයි ඔය වගේ තැනක හිනා වෙවී වීඩියො කරන්නෙ Video එක Down 👎

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @ReshanSarishka
    @ReshanSarishka 5 หลายเดือนก่อน +1

    පරයෝ

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සහොදරයා 😁😁

  • @ReshanSarishka
    @ReshanSarishka 5 หลายเดือนก่อน +1

    ගෝතයා බල්ලා

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සහෝදරයා 😁😁😍