දරුවන් දෙමාපියන්ට වඩා ගොඩක් Advanced - Psychologist Samitha Etuldoraarachchi | Psychology |Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • 🎥 සම්පූර්ණ වැඩසටහන - • ඔබේ දරුවාගේ හැසිරීම ඔබ...
    📌 දේශන මාලාවට ලියාපදිංචි වීම සඳහා - bit.ly/3NVyjYz
    💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - bit.ly/411yS7c
    📞 වැඩි විස්තර සඳහා - 075 6 700 700
    🎤 සියලුම වැඩසටහන් - • Samitha Etuldoraarachchi
    කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ.
    මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක.
    කෙසේ වෙතත්, වර්තමාන දෙමාපියන්ට වේගයෙන් දියුණු වන තාක්‍ෂණයන් සහ වෙනස්වන පරිසරය පිළිබඳව ඇති අවබෝධය 100%ක් නැත. මෙම තත්වය නිසා දරුවන් සමඟ කටයුතු කිරීම පලදායී ලෙස පවත්වා ගෙන යෑම සහ දරුවාගේ මනස පහසුවෙන් අවබෝධ කර ගත යුතුය.
    දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
    ---------------------------------
    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    Online Courses - elearning.lk/
    TH-cam Channel 01 - / elearninglk
    TH-cam Channel 02 - / @elearning-tutorials
    Facebook Page - / elearninglk
    Blog - elearning.lk/b...
    Instagram Page - / elearning.lk
    Twitter - / elearninglk
    LinkedIn - / elearninglk
    TikTok - / elearninglk
    Telegram - t.me/elearninglk
    ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
    #parentingtips #positiveparenting #parenting101 #toddlerparenting #parentinghacks #parentingadvice #parentinghumor #parentingstyles #parentingmemes #parentingcommunity #parentingstruggles #parentingjourney #parentingishard #parentingwin #parentingfail #parentinghumor #parentinggoals #parentingteenagers #attachmentparenting #mindfulparenting #gentleparenting #singleparenting #workingparenting #multiculturalparenting #parentingbooks #parentingpodcast #parentingeducation #parentingblogs #parentingvlog #parentingchannel #Counseling #Family #Life #Consultation #SamithaEtuldoraarachchi #Psychology #SriLanka #Children #Kids #Education #Husbands #Wives #Wife #Tips #Instructions #Therapy #Counselor #Guidance #Psychotherapist #OnlinePsychologist #Mind #AngerManagement #Psychodynamic #ChildBehavioral #Child #Happiness

ความคิดเห็น • 317

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +13

    🎥 සම්පූර්ණ වැඩසටහන - th-cam.com/video/Z6-jsAq8-wo/w-d-xo.html
    📌 දේශන මාලාවට ලියාපදිංචි වීම සඳහා - bit.ly/3NVyjYz
    💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - bit.ly/411yS7c
    📞 වැඩි විස්තර සඳහා - 075 6 700 700
    🎤 සියලුම සම්මන්ත්‍රණ - th-cam.com/play/PL5W0GtVwXDWkW7hr_hZLM6CJiC1R6HN1U.html

    • @menakakumari9684
      @menakakumari9684 ปีที่แล้ว +1

      Gewalwala wanatiunamath pissune😊

    • @kaushalyawijesinghe1085
      @kaushalyawijesinghe1085 ปีที่แล้ว +2

      මේ ඩොක්ටර් කතා කරන හැටි. 😏😏😏 Don't care seen eke inne 😏

    • @himalipiyadarshani3993
      @himalipiyadarshani3993 ปีที่แล้ว

      ඩොක්ටර් නම් කියන්න ඕනි ටික නියමෙට කියලා තියෙනවා .කමෙන්ට් දාලා තියෙන මහාචාර්ය සෙට් එක ඊට වඩා මේ ගැන හිතලා තියෙනවා 😀

  • @ishara8829
    @ishara8829 ปีที่แล้ว +12

    අනේ ගෑනියේ උඔට පිස්සු අනුන්ගේ වචන විස්වාස කරන් බොරැවට නටන්න එපා ඔය ළමයට ඉගෙන ගන්න දිපන් පාඩුවෙි උඔ ගිහින් බෙහෙත් ගනින් මනෝ වෙෙද්‍ය වරයෙක්ගෙන් ගුරැවරයෙක් දඩුවමි කලා කියලා වරදක් විදියට දකින්න එපා එ ළමයාට ගැහුවෙි හොරකන් කරපන් ,මන්කොල්ල කාපන් කියලා නෙවෙයිනේ දරැවගේ නිදහස දරැවට දෙන්න තමුනගේ මාන්නෙයි උද්දචිච කමයි ඔින වට වඩා වැඩියි අන්න එක තමයි ලොකුම හේතුව ඔතන ,,මිනිහටවත් මොලයක් නැද්ද තේරැමි කරලා දෙන්න ඔයා ඔතන දරැවත් බය කරන් මහත්තයත් බය කරන් ඉන්න බිරිදක් බව නමි පේනවා පිරිමියගේ තැනත් ඔයා අරන් ඉන්නේ ඔික නවත්ත ගන්න

  • @hirunadeeshamadurawala4834
    @hirunadeeshamadurawala4834 ปีที่แล้ว +17

    මේ අම්මලාට මොලේ අමාරුව .අපිත් ඉස්කෝලෙ ගියා ඉගෙන ගත්ත.අම්මල ඕම නැටුවෙ නැ

  • @sabeethadanuska5700
    @sabeethadanuska5700 ปีที่แล้ว +17

    අනේ ඔය අම්මා නම් ගුරුවරයෙක් ගහන්නේ දරුවට තරහට නොවෙයි දරුවෙකුට ගහල මොනවවා ලබාගන්නද එකනිසා කවදාවත් ගුරුවරයකුට තහනම් දාන්න එපා

  • @surangafernando7448
    @surangafernando7448 ปีที่แล้ว +5

    මෙතන සමහර දෙමව්පියෝ ගේ දැනුම ගත්තම හරිම ප්‍රාථමිකයි ඒ වගේම මේ ඩොක්ටර් දෙන උපදුපියෝ ගේ දැනුම ගත්තම හරිම ප්‍රාථමිකයි ඒ වගේම මේ ඩොක්ටර් දෙන උපදෙස් මම පිළිපදින්නේ නෑ පිළිගන්නේ නෑ ඒකත් වැරදියි ලංකාවේ දරුවන්ට පහර දෙන්න එපා අඩත්තේට්ටම් කරන්න එපා ඒ හිංසනය අද ඊයේ නෙමේ ආදිකාලීන තියෙන නීතියක් දන්නේ නෑ ගොඩක් ගුරුවරු දෙමව්පියෝ ළමා හිංසනයට ලක්වෙනවා ලමයින්ගේ පෞරුෂය බිඳ නිර්මාණශීලී හැකියාව නැතිව යනවා ඉතින් මේ සමහර දෙමව්පියෝ හදහන දරුවෙක්ලු ඊට වඩා හොඳ කිව්වා වගේ හරකෙක් වගේ බල්ලෙක් හදා ගත්තනං ගහ ගහ දන්න නමුත් ළමයා කියන්නේ කවුද කියන එක වත් තේරුම් ගන්න බැරි දෙමව්පියන් ලංකාවේ බහුතරයක් ඉන්නවා

  • @kumudupriyangika3534
    @kumudupriyangika3534 ปีที่แล้ว +30

    ඩොක්ටගෙ කතාව නියමයි.අම්මට හොඳටම පිස්සු.ගුරුවරුන්ට ඔපීනියන්ස් දෙන්න යනවනෙ මෙයාල

    • @ranjanmarasinha4590
      @ranjanmarasinha4590 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ඒ අම්මා දරුවගේ ආත්මශක්තිය නැති කරලා....

  • @rajeewahpkumara6087
    @rajeewahpkumara6087 ปีที่แล้ว +20

    ළමයා මොකුත් නොකියන්නේ අම්මා රෙද්ද කරේ තියන් පහුවදා උදේට teacher ලගට යන නිසා වෙන්න ඇති.

    • @sasankaedi223
      @sasankaedi223 ปีที่แล้ว +3

      සහතික ඇත්ත! මොලේ තියෙන ලමයෙක්..

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @anuradhavithanage1823
      @anuradhavithanage1823 ปีที่แล้ว

      අම්මෝ ඔව්.

    • @dilanthikoralagama5810
      @dilanthikoralagama5810 ปีที่แล้ว +1

      Yes, the child knows it

    • @geethakumari1782
      @geethakumari1782 ปีที่แล้ว +2

      ඒක නම් සහතික ඇත්ත.ගුරුවරයෙක් දරුවෙකුට ගහන්නෙ වැරැද්දක් උනාම.මං හිතන්නෙ නෑ පලිගන්න ගහන ගුරුවරු ඉන්නව කියලා.අනික නොගහ හදන ළමයි තමයි මේ සමාජෙට බරක් වෙලා පාරක් ගානෙ රස්තියාදු වෙවී ඉන්නෙ.අපේ ළමයිට ගැහුවද නැද්ද කියලා නෙවෙයි මං නම් හොයන්නෙ.මුන් සමාජෙට කරදරයක් නොවී ඉන්න එකයි මට වටින්නෙ.

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +35

    අම්මෙ ඔයාට වැඩ නැතිකම නිසා හැදුණු විකාරයක් තියෙන්නෙ .අම්මලාට කතා කර කර ඉස්කෝලෙ වෙන දේවල් ,ඕපදූප හොයන්නෙ ඒකයි.නූගත්කමත් එක හේතුවක්.තාම දන්නෙ එකයි එකයි දෙකයි කියන්න විතරනෙ.ඒ නිසා ඔයා දරුවා පස්සෙ යනවා.10,11 පන්තිවලට ගියාම XY ගණන් ආපු ගමන් අම්මලා පොතක්වත් පෙරලන්නෙ නෑ දන්නෙ නැති නිසා. වීඩියෝ බලලම හැදුනු පිස්සුවකුත් වගේ.

    • @rasikaperera7567
      @rasikaperera7567 ปีที่แล้ว +1

      අද බොහෝ අම්මලා කරන්නේ මේ අම්මා කරන දේ මයි.දරුවක් ගෙදර පැමිණි වේලාවේ සිටම අහන්නේ අද පාසලේදී ටීචර් ගැහුවද, බැන්නද ...ඔය ටිකමයි.ඒකෙන් වෙන්නේ දරුවා ගුරුවරයා කෙරෙහි තියෙන බැඳීම නැති වීම, ආදරය නැති වීම ,ගුරුවරයා එපා වීම විතරක් නෙමෙයි දරුවාට පාසල එපා වෙනවා පන්ති කාමරය එපා වෙනවා ,ඉගෙනීම එපා වෙනවා .ගුරුවරයෙක් වෛරී සිතිවිල්ලෙන් දරුවෙක් දිහා බලන්නේ නැහැ .වෛරී සිතුවිල්ලෙන් දරුවෙකුට තලන්නේ නැහැ.මෙවැනි දෙමාපියන් නිසා දරුවන් පුංචි වයසේදී ම මානසික ලෙඩ්ඩු වෙනවා.ගෙදර ඉන්න එක දරුවයි. පන්ති කාමරයේ දී ගුරුවරයා දරුවෝ හතළිහක් හතළිස්පහක් එක්ක ඉන්නේ.වැරැද්ද කදී පුංචි දඬුවමක් දී එය පෙන්වා දුන්නට වෛරී සිතුවිල්ලෙන් දරුවන්ට දඬුවම් කරන්නේ නැහැ.දෙමවුපියෝ කළ යුත්තේ ගෙදර වැඩ දී තිබේ නම් දරුවන් එය කර නොමැති නම් සුදුසු විවේකී වෙලාවක ලඟට අඬ ගහගෙන එන්න අපි ගෙදර වැඩ ටික ඉවර කරමු කියා ඒ වැඩ ටික කර පාසල් එවීමයි.දරුවාට දඬුවමක් දී ඇත්නම් දරුවා ඒ ඒ පිළිබඳව හැඬූ කඳුළින් කියවනවා නම් දෙමාපියන් දැන ගත යුතුයි ධනාත්මක සිතුවිලි වලින් තමන්ගෙ දරුවන්ට ඒ දෙස බලන්න පුරුදු කරන්න.අද බොහෝ පාසල් වල 1 -5 ශ්‍රේණි වල තිබෙන ගැටලුවක් මේක.

  • @kanthiirugalabandara862
    @kanthiirugalabandara862 ปีที่แล้ว +14

    පන්ඩිත අම්මා කෙනෙක්...මේ ලමයා ගෙදරින් ඈත් වෙයි ඉක්මනින්ම

  • @yashaswiyuthara601
    @yashaswiyuthara601 ปีที่แล้ว +16

    හොදටම පැහැදිලි වෙන්න ඇති ඒ අම්මට.අනේ අපි ගුටිකාපූ තරම් ඒ කාලේ.ඒ උනත් අදටත් මම නම් උගන්වපු ටීචර් කෙනෙක් මහ පාරක දැක්කත් දනගහලා❤❤❤වදිනවා.කවදාවත් අපේ අම්මලා ඇවිත් ටීචට උගන්නලා ගියේ නෑ ගහන්න එපා කියලා.

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 ปีที่แล้ว +4

      අනෙ ඔව්. අපෙ ගුරුවරු ගැන අපි කිසිම අහිතක් නැහැ .මහපාරෙ දනගහන්නව...අදටත් පතානවා මතු බුදුන් දකින්න ඔන කියලා

  • @magicstitchcanada
    @magicstitchcanada 6 หลายเดือนก่อน +3

    දෙකම වැරදියි.. ගුරුවරුන් ඒ වෘත්තීයට එන්නේ මනා පුහුනුවක් ඇතිව නම් "හිංසනය" දරුවන් පාලනය සඳහා යොදා, නොගනී.. දෙමව්පියන් ද ගුරුවරුන්ගේ අඩුපාඩු ගැන දරුවා ඉදිරියේ කතා නොකල යුතුයි.. ගුරුවරයා සමග කරන සාකච්ඡා දරුවාට දැන ගනීමට හැරීම මහා මෝඩ වැඩක්.

  • @kamalrathnayake4755
    @kamalrathnayake4755 ปีที่แล้ว +9

    ගුරුවරු දරුවන්ට තරහට ගහන්නේ නෑ..දරුවෝ හරියට හදන්නේ දෙමාපියන්ට වඩා ගුරුවරු..ගොඩක් අම්මලා මෝඩකම විදහාපානවා ගුරුවරුන්ට දොස් කියලා.අපි එක දරුවා හදන්නේ අමාරුවෙන්.පංතියක දරුවෝ කීයක් හදනවද එක ගුරුවරයෙක්.වදින්න ඕණි දෙවියන්ට නෙමේ ගුරුවරුන්ට..ඔය අම්මාට ඩොක්ට මානසික ගැටලුවක්..ඒකට බෙහෙත් ගන්න කියන්න..

  • @හංසිගේපන්හිද
    @හංසිගේපන්හිද ปีที่แล้ว +121

    ඇත්ත ඩොක්ටර් .අද කාලේ අම්මලට පිස්සු තියෙන්නේ.ලමයිනුත් අයිති කරගෙන ඉස්කෝලෙත් අයිති කරගෙන ඉන්නේ.ගුරුවරුන්ටත් උගන්වන අම්මලා දැන් ඉන්නේ.මගේ දුවත් එක වසරේ ඉන්නේ.දරුවගේ පාසලට යන හැම මොහොතකම පුදුම හිතෙනවා දෙමවුපියන්ගේ හැසිරීම දෑක්කාම.

    • @jeewanthikumari9070
      @jeewanthikumari9070 ปีที่แล้ว +5

      ඇත්ත එපාවෙනවා සමහර අම්මලා ඇරිච්ච ගමන් රිංගනවා පංතිය ට රිංගනවා නැත්නම් මැඩම් ට call karanawa

    • @chamindachandral4944
      @chamindachandral4944 ปีที่แล้ว

      Habai oya guruwaru hariyata haris karanawa eka lama manasata kochchara hanikarada keyala hitanne nagodak aya daneth na

    • @chamindachandral4944
      @chamindachandral4944 ปีที่แล้ว

      Apta nam awalak na eth ape ratata wela thiyanade penewane oya punishment demen loke anth ratawal wala lamai kochchara edireyenda

    • @shaar9394
      @shaar9394 ปีที่แล้ว +1

      Samahara ammala kamtina wena lamayek lamayata gahnwatawth😆 manasika leda.age gaunwth anee gajuwaa e lamaya gahuwa kianwa

    • @purnimadusha4882
      @purnimadusha4882 ปีที่แล้ว +2

      ඔව් මටත් අසාධාරණයක් උනා මුල් ස්කොලෙන්.මන් ඉවසුවා 3වසර මුල් මසෙ වෙනකම් .පස්සේ ඉස්කොලෙ මරු කලා.දැන් හොදයි.අපෙ පුතා.අපෙ පුතාට ඩිප්ප්‍රෙශන් ආවා .දැන් හොදයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +13

    මේ අම්මා ඩොක්ටර් කෙනෙක්ට වඩාදන්නවා වගේ මට පේන්නේ..😅😅😅

  • @sujathat.s6869
    @sujathat.s6869 ปีที่แล้ว +3

    ළමයට ගුරුවරු ගැහුවම ගුරුවරු දැනුවත් කරන්න කලින් දැරුව දැනුවත් කරන්න ඔනෙ දරුවන්ට ගුරුවරු නිකම් ගහන්නෙ නැහැ එක නිසා එ දරුවට ගහන වරද හොයලා බලන්න ඔනෙ නැතිනම් දරුවෝ හැමදාම වැරදි කරවි අම්මගෙ හයිය බලාගෙන මගෙ අදහස එකයි 🙏💞👌

  • @prarthanaabeysekara-cv1kf
    @prarthanaabeysekara-cv1kf ปีที่แล้ว +11

    අම්මලගෙ මෝඩ කම් දරුවො වෙනස් කරනව තමා ඉතින්

  • @jpSL
    @jpSL ปีที่แล้ว +11

    හොඳ උත්තරයක් දුන්නේ😂 දැන් දෙමව්පියන් ළමයින්ටත් වඩා අපරිනතයි,

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +9

    ලමයට ගහපු පලවෙනි දවසෙම ඉස්කෝලේta ගිහින් ගුරුවරයගෙන් ඒ ගැන අහන්න යන්න එපා.ලමයා ඇඩුවෙ ඉස්කෝලේ යන්න බෑ කියුවෙ ලමයට ගුරුවරයා මුල් කාලෙ හුරු නැති නිසා.ඒක ටික කාලයයි.එත්නින් පස්සෙ ඒක සුන්දර බැදීමක්.ලමයට නිදහසෙ හැදෙන්න ඉඩ දෙන්න අම්මා.

  • @sangeethsangeeth4748
    @sangeethsangeeth4748 ปีที่แล้ว +7

    අනේ අපි නම් ඕන තරම් ගුටි කාලා තියෙනවා කෝටු කැඩෙනකම්ම.අපේ ළමයින්ටත් ගහනවා.වැරැදි නැත්නම් ගුරුවරුන් ගහන්නෙ නැහැනෙ .මම නම් අහන්න යන්නේ නැහැ .

  • @dulanishalika8931
    @dulanishalika8931 ปีที่แล้ว +8

    අනිවාර්යෙන් doctor හරි, පිස්සු දරුවොන්ට තැලිලා පොඩි වෙලා හැදෙන්න දෙන්න ඕනේ

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag7325 ปีที่แล้ว +15

    දරුවව නෙවෙයි අම්මවයි මානසික ව්‍ය්ද්‍යවරයෙකුට පෙන්නන්න ඕනි.
    අනේ ගුරුවරයෙකුට ටොක්කක්වත් ඇනල වැරැද්දක් නොපෙන්නා ඔය තරම් ළමයි ගොඩක් පාලනය කරගන්නෙ කොහොමද.
    තමන් මාර බුද්ධිමත් කියල හිතා ඉන්න ,මෝඩ මවක්

  • @shammikadushmanti3916
    @shammikadushmanti3916 ปีที่แล้ว +27

    මගෙ දුවගෙ class එකේ අම්මලගෙ මූනවත් මට මතක නෑ.දුවගෙ hair band එක දවසක් වෙන දරුවෙක් කඩලා. ඒක අපිට කිව්වත් අපි එච්චර care කරේ නෑ.දරුවො කියන්නෙ දරුවො .එයාලට එයාලගෙ ලෝකෙ ජීවිත් වෙන්න දෙමු.doctor am so proud of ur words.❤️

  • @travelvibes9020
    @travelvibes9020 ปีที่แล้ว +2

    මුලින්ම කියන්න ඕන මෙයා doctor කෙනෙක් නෙවෙයි. අනිත් එක මෙහෙම councillor කෙනෙක් කතා කරන්නේ නෑ.. මේ ගෑණී don't care කතා කරන්නේ.. මොන රෙද්දකට මෙහෙම video කරනවද දන්නෑ.

  • @sampathmulkirigala9798
    @sampathmulkirigala9798 ปีที่แล้ว +7

    ඒ ලමයට උගන්නන්න උත්සහ කරන ටීචර් වෙනුවෙන් විනාඩියක් නිහඩතාවයක් පවත්වමු..😂😂
    ඉස්කෝලෙන් අම්ම තත්තගෙන් වරදට ගුටි කෑවම මොකද ඉස්සරට සමාජෙන් ගුටි කන්නෙ නැතුව...

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 ปีที่แล้ว +3

      ගුරුවරුන් දඩුවම් කරන විදිහ ගැන අලුතෙන් හිතන්න වෙනවා.

  • @ranjanmarasinha4590
    @ranjanmarasinha4590 ปีที่แล้ว +20

    අපිට ගෙදර ඉන්නේ එක දරුවෙක් හෝ දෙන්නෙක් ඒත් පන්ති කාමරයක දරුවෝ 35 ක් 40 ඉන්නවා.එතකොට හිතන්න එක ටීචකෙනෙක් කොහොමද ළමයින්ට උගන්වන්නේ....එතකොට පොඩි වරදටත් දඩුවම් දෙනවා....මටත් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.1ශ්‍රේණිය, 3 ශ්‍රේණිය...මගේ දරුවෝත් ගුටිකාලා එනවෙලාවල් තියෙනවා. අනික ටීච ගැන වැරදි දරුවෝ ඉදිරියේ කියන්න එපා...

  • @u.s.llanki5805
    @u.s.llanki5805 ปีที่แล้ว +6

    අම්මෝ අම්මට පිස්සු හැදිලා .දරුවන්ගේ ඔලුව කනවා.

  • @geethchamilka305
    @geethchamilka305 ปีที่แล้ว +1

    මේ doctorge number එකක් තියෙනවනම් දෙනවද
    නැත්නම් අපේ ප්‍රශ්න කොහොමද doctor ගෙන් අහන්නේ කියලා කියනවද.

  • @thanujameemanage6517
    @thanujameemanage6517 ปีที่แล้ว +7

    අනේ දරුවෝන්ට ආදරේන් උගන්වන ගුරුවරුන්ට දරුවෝ වද දෙන්නේ නැ.බැරි දෙයක් උනත් ඉගනගන්නව 1.2.3 වසර දරුවෝ කියන්නේ අවුරුදු 8 පහල දරුවෝ. හැබැයි වරදට දඩුවමක් දිය යුතුයි.

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว +6

    ඩොක්ටගෙ vdo එකක් මට ඊයේ අහම්බෙන් දැක්කේ. ඊට පස්සේ මම මේ channel එක බැලුවා. නොදැනුවත්ව හරි මම මගේ බබාලා එක්ක 80%ක් 90%ක් ම ගණුදෙනු කරලා තියෙන්නේ ඩොක්ට කියන විදියට.
    ඇත්තටම ඩොක්ට කිව්වා වගේ ඉස්කෝලේ අම්මලා එක්ක සංගම් හදා ගන්න එක නම් පිස්සුව. මම බබාල මොන්ටිසෝරි යන්න ගත්ත දා ඉඳලා මේ කතා කරන මොහොත වෙනවම් කවදාවත් ඔය අම්මලා එක්ක චැට් වලට ගිහින් නෑ. දරුවව school එකට ගිහින් දානවා. ඉවර උනාම ගිහින් එක්කන් එනවා. ඇත්තටම හැම ඉස්කෝලෙකම ඉන්නවා ඒ වගේ මහ පණ්ඩිත අම්මල සෙට්. ඉස්කෝලේ එයාලගෙ. ටීචට ඊට වඩා ගොට්ට. ගේට් එක ගාව වට වෙලා කච කචේ.හරිම අප්‍රසන්නයි ඒක. පොළක් වගේ.
    මගෙ හස්බන් උනත් බබාව මං එක්කන් ගිය මුල්ම දවසෙ මට කිව්වා එතන ඉන්න අම්මල එක්ක සෙට් වෙන්න යන්න එපා. බබා දාපු ගමන් එන්න වෙලාවට ගිහින් ගන්න කියලා. ඔය අනවශ්‍ය සංගම් දා ගත්තම වෙන වෙන පැති වලටත් යනවා ඊට පස්සේ, ඕවයෙ ඉන්නෙ එක එක ජතියේ අය කියලා..😂 ඒක ඇත්ත.
    අනිත් එක දරුවො ඉස්කෝලෙ ගියාම එයාල ඒ පරිසරේට හුරු වෙන්න ඕනා. ටීච ගැහුවා කියලා ඔහොම දුවන් යන්නේ පිස්සෝ. මගෙ පුතාටත් එකක් ගහල තිබ්බා දවසක් ටීච. එයා ඇවිත් කිව්වා. මං හරිම ආදරෙන් කිව්වා , ටීච ගහන්නේ බබාල වැරදි කරාම, මගෙ මැණික නෝටි වැඩක් කරන්නැති කියලා.
    එතකොට බබා කිව්වා ඔව්නේ, මං ටීච අකුරු කියද්දි නිදා ගත්තා කිව්වා. ගහලත් නෙවේ, ටීච ටිකක් දැනෙන්න පිටට ගහලා ඇහැරෝලා..😊 ඇහැරවලා ගහලත් නෙවේ.
    ඉතිං මං ඒ වරදත් තේරුම් කරලා කිව්වා බබාලට ටීච ගහන්නේ ආදරේට. ඔයාලා වැරදි කලාම නරක බබාල වෙනවා. ඔයාලව හොඳ බබාල කර ගන්නයි ටීච ගහන්නේ, නැත්තම් අනිත් අය කියනවනේ මේ ටීචගෙ බබාල හරි නරකයි කියලා, අන්න ඒකයි කියලා.
    අද වෙනකම් ඊට පස්සේ ටීච ගැහුවා කියලා මට කියලා නෑ.
    මාත් පන්තියේ ඕප දූප දරුවන්ගෙන් අහන්නෑ. කිව්වොත් ඒ කියන දේක හොඳ නරක කියා දීලා කතාව ඉවර කරනවා.
    දුව ඇවිත් කියනවා යාලුවා තරහා උනා, අර ළමය මට බැන්න කියලා. මං ඒ වෙලාවට කියන්නෙත් එහෙම බැන්න නම් ටීචට නේද කියන්න ඕනා, අම්මට බෑනේ ඉස්කෝලේ ප්‍රශ්න විසඳන්න කියලා. එහෙම කියලත් මං කියන්නේ බැන්නම ඒ බනින වචන එයාට. ඔයා ඒ වචන ගන්න එපා. ඔයා රණ්ඩු වෙන්න යන්නත් එපා කියලා. ඔයා ඒ කියන වචන ඇහුනෙ නෑ වගේ ඉන්න. එතකොට එයාම බනින එක නවත්තනවා, බැන්නත් ඔයා එයා එක්ක හිනා වෙලා අයින් වෙන්න. ඔයා නපුරු වෙන්න එපා කියලා.
    මං නම් කොයිම වෙලාවකවත් යාලුවො එක්ක වෙන ප්‍රශ්න ටීච ගැහුවා කිව්වට ඒවට මැදිහත් වෙන්න යන්නෑ. එයාට ඒ වෙලාවේ ඒක ගැන වරදක් තියේ නම් කියා දෙනවා මිස.
    අනික ළමයෙක්ට අමානුෂික විදියට ගහනවා නම් ගුරුවරු වැරදියි. අන්න ඒ වෙලාවට පුළුවන් අපට ගිහින් ගුරුවරයා ට කතා කරන්න. ඒ ඇරෙන්න මෙහෙම එකක් ගැහුවා කියලා ගිහින් ගුරුවරයාට කතා කරාම දරුවා උනත් පස්සේ ටීචව ගනන් ගන්නෑ. ඇයි ඉතිං දන්නවනේ ටීච් සද්දෙ දැම්මොත් අම්ම එනවා කියලා ටීචව මට්ටු කරන්න. මෙහෙම මෝඩ අම්මලා හරියට ඉන්නවා ගේට්ටු ගාව. කච කච ගගා.
    මගෙ දුවගේ ඉස්කෝලෙ ඒ අතනින් නම් 👍.. මැඩම් ළමයෙක්ව ගන්නවත් ගේට් එකෙන් ඇතුලට අම්මලට එන්න දෙන්නෑ. ටීචලට එක එක ඒවා උස්සන් එන්න දෙන්නෑ. ගුරුවරු හම්බෙන්න පුළුවන් පන්ති කවේදි විතරයි. ගේට් එක ගාව ඉන්න බෑ. ඇත්තටම ඒ නීති හරිම හොඳයි දුවගෙ ඉස්කෝලේ. හැම එකටම අම්මලා ඇඟිලි ගහන පන්තියක් නෙවේ මගෙ දුවගෙ පන්තිය නම්. නමුත් පුතාගේ ඉස්කෝලේ පන්තිය නම් ඒ වගේ. අම්මලා ටිකක් ඉන්නවා ටීචගේ ඔලුව උඩත් යන තරමේ. හැම එකටම ඇඟිලි ගහනවා.😂
    ඇත්තටම ඩොක්ට මේ අම්මට කිව්වා වගේ ඔය අම්මලා එක්ක කතා කරන එක නවත්තන්න කියල පනිවිඩය නම් හරිම වටිනවා අද කාලේ අම්මලට..

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 ปีที่แล้ว +5

    මගේ දරුවාට තාම 4 වයස . මම teacher කෙනෙක්. docterge prg වලින් මම මම ගැන ගොඩක් සතුටු වෙනවා. මගෙ දරුවාත් මගෙන් ඉගෙන ගන්න දරුවොනුත් මග පෙන්න පුලුවන් වෙනවට. thanks docter..

  • @NiluJayathilaka-f4y
    @NiluJayathilaka-f4y ปีที่แล้ว +5

    අහල පහල මිනිස්සු කොහොම ඉන්නවද දන්නෙනෑ😊😊😊

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 ปีที่แล้ว +15

    මේ අම්මට පිස්සූ ඔක්කෝටම වඩා 😀😀

  • @indikahapuhinna4084
    @indikahapuhinna4084 ปีที่แล้ว +23

    අපි ගුට් කාලා තියෙන්නෙ බෙල්ලෙන් උස්සලා බිත්තියට හෙත්තු කරලා එ ගුරුවරුන්ට අද දෙක්කත් කතා කරනවා හිතෙ කිසිම කාහටත් නැ ❤❤❤❤❤❤❤❤

    • @rajeewahpkumara6087
      @rajeewahpkumara6087 ปีที่แล้ว +4

      මහ පාරේදී දැක්කත් දණගහල වදින්න තරම් ගෞරවයක් හිතේ තියෙන්නේ ඒ ගුරුවරු නිසා අද අපි මේ විදිය ජිවත් වෙන්නේ කියලා දන්න නිසා. ❤️

  • @vasanthichandrika4300
    @vasanthichandrika4300 ปีที่แล้ว +10

    දරුවො දරුවොමයි.......ගුරුවරු ගුරුවරුමයි..........මේ දෙගොල්ලන්ගේ නිවැරදි සංකලනය අපේ වගේ රටවල බන්දනාගාර වසා දමයි..........මමත් ගුරුවරියක්..........ගුරුකම ගරුත්වයකින් දකින්න......ලමයා මව නිසා පංතියේ අසරන වෙලා......

    • @Daily_trendingWorld
      @Daily_trendingWorld ปีที่แล้ว

      මම නමි මගේ දරුවට ගුරුවරු දඩුවමි දෙනවට විරුද්ධ නෑ ගුරුවරු දඩුවමි දුන්නම මොකද අවශ්‍ය තැන ගුරුවරු මගෙ ඉස්සරහ දරුවට ගහනව අනන්තවත් ඒත් මම දන්නවා වැරැද්දක් බව අද මගේ දරුවො ශිෂ්‍යත්ව පාස් වෙලා වෙන පාසලකට යනවා ඒ ගහපු ගුරුවරු ට්‍රාන්සර් ගිහින් ඒ පාසල් වල ඒ ගුරුවරු අද දරුව දකිද්දි සතුටු වෙනව මම හිතනව ඒ දරුවට දීපු දඩුවමි මැද්දෙ අපියි මටිටු වෙන්න ඔින අපියි යමක් හිතට ගන්න ඔින .අපි කවදාවත් ඒ ගුරුවරු වැරදියට දකින් නෑ.

  • @ellarockfm2368
    @ellarockfm2368 ปีที่แล้ว +14

    අම්මාලා ළමයින් ගේ ඔළු කනවා
    අපිට අපෙ අම්මලා බලපෑම් කලේ නැති නිසා අද තනියම උනත් ගොඩ යනවා

  • @nireshfernando4133
    @nireshfernando4133 ปีที่แล้ว +1

    අසරන මිනිසුන් ඔබට Doctor කීවත් එය නිවැරදි නොකර , ඔබත් Psychiatrist කෙනෙකු ලෙස මිනිසුන් නොමග යැවීම පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.......

  • @anuradhavithanage1823
    @anuradhavithanage1823 ปีที่แล้ว +3

    අම්මෝ මේ අම්මගෙ පන්ඩිතකම.මාත් ටීචර් කෙනෙක් දුප්පත් අහින්සක දරුවො ඉන්න පාසලක වැඩ කරන්නෙ.3 ලමෙක්ට මං කොන්දට ගුටියක් දුන්නා.පෙරේදා .මට දුකයි.අම්මා රට.තාත්තා දාල ගිහින්.ආච්චි ගාව ඉන්නෙ.ආච්චි ඔහේ ඉස්කෝලෙ එවනවා.ලමයට ඉගෙනීමේ වටිනාකමක් තේරෙන්නෙ නෑ.මං ඉන්ග්ලිශ් කරන්නෙ.සේරම ඉන්නෙ දුප්පත් දරුවො.දෙමාපියන් කවදාවත් අහන් නෑ ඇවිත් වැඩ කරනවද කියලවත්.ඉතින් අපිට අත් හැරල ඉන්න පුලුවන් වැඩ කලත් නැතත්.මං පහුගිය ටිකේම මහන්සි උනේ සවුන්ඩ්ස් ටික කරන්න.ඒ ලමයින්ටත් අනාගතයක් ඕනි නිසා.ඉතින් ගෙදරින් පොතක් වත් බලන් නෑ.සමහරවිට පොත් අරන් දෙන්නෙ අපේ සොච්චම් පඩියෙන්.ඇඳුම් කෑම බීම පවා.එහෙම වෙද්දී වැඩ නොකර මෝඩ වෙන්න හදද්දි කේන්තියි.ඉතින් මං ගැහුවා.බෝඩ් එකේ ලියපු එක ලියාගෙන තව තනියෙන් හදන්න කියල මං කිව්වෙ.තනියම තියා බෝඩ් එකේ එකවත් ලියල නෑ.ඉතින් නොගහ පුලුවන්ද .ගැහුවම කලා යස අපූරුවට.
    ගහන්නෙ පව්ද්ගලික වයිර පිරිමහන්න නෙවෙයි ගුරුවරු.මං පහුවදා ගිහින් තුරුලු කරන් හිටියා ගොඩාක් වෙලා.
    මේ අම්මගෙ පන්ඩිතකම ඉස්කෝලෙට යනවලු.😂😂

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      එතන වරද අම්මා රට නිසා .

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว +6

    දැන් ඉන්න අම්මලාට පුදුම විකාර , ලමයගේ මොලේත් අතට අරන් හෝදල කනපිට හරවන්න පුලුවන්නම් ඒකත් කරයි , , ඔක්කොටම කලින් පුතේකුට බබා කියන එක නවත්තුවනම් හරි ,

  • @chathurikalakmali6672
    @chathurikalakmali6672 ปีที่แล้ว +4

    මගේ පුතත් මේ පාර 1 වසරට බාර දුන්නෙ .. මේ වගේ වැරදිම් මගෙ අතිනුත් උනා ඩොක්ටර්... අම්මෙක් විදියට තමන්ගෙ ලමයෙක්ව පාසල් යවන පලවෙනි අත්දැකීම නිසා ද කියලත් හිතුන.. මොනව උනත් දැන් අය එහෙම හිතෙන් නැති වෙයි . ඩොක්ටර් ට ගොඩාක් පිං.

  • @kdkasun5676
    @kdkasun5676 ปีที่แล้ว +9

    ළමයට ඇති ලෙඩක් නෑ.අම්මටයි මොලේ අමාරැව තියෙන්නේ.ලමයට පාඩුවෙ ඉන්න දෙන්න.හොයල බලනව කියන්නේ වද දෙනවට නෙමෙයි.අපිට ඉන්නෙ එක ළමයයි.ඒ නිසා ගෙදර අය එයා ගැනම ඇහැ ගහගෙන ඉදල එයාට දග වැඩ කරන්න ඉඩ දීලා බලන්න ඉන්න පුලුවන්.ඒත් ගුරුවරුන්ට එහෙම එක ළමයෙක් දිහාම බලන් ඉන්න බෑ.තැනට අදාල විදිහට හික්මවීම කරන්න ඕන.නැත්තන් අනිත් ළමයින්ගේ වගකීම ගන්නෙ කොහොමද?. ඔයා ගෙදරදිත් ළමයට අවවාද කරලා හදලා නැතුව ගුරුවරුන්ටත් ඒ දේ කරන්න දෙන් නැතුව ළමයගෙ අනාගතය අදුරැ කරනවා.දැන් ගුරුවරයත් ඔයාගෙ ළමයව අත් ඇරලා ඇති ඕන විදිහකට හැදෙයිනෙ කියල.ඒකනෙ දැන් ගහන් නෑ කියන්නෙ.හැදි නොගා හදන හොද්ද කිරි කැටි ගැහෙනවා කියනවනෙ.මගෙ මහත්තයාත් ඔයා වගෙ තමයි.පුතාට කවුරුත් මොකුත් කියනවටවත් කැමති නෑ.හැබැයි ඉතින් කවුරුත් මොකුත් කියන විදිහට අපි ලමයව හදලත් නෑ.අපෙත් ඉන්නව ඔයා වගේ කෙනෙක්.කිසි කෙනෙක් කියන දෙයක් පිලි ගන්නෑ.අපි ඉතින් එයාගෙ ජිවිතය එයාට ඕන විදිහටනේ කියල ඉන්නවා.ඔයාගෙ වටෙ අයත් එහෙම හිතනවා ඇති.ඒත් අර පොඩි ලමයා ගෙන ජිවිතය විනාශ කරන්න එපා

  • @kelumlasantha3477
    @kelumlasantha3477 ปีที่แล้ว +4

    ලමය ඕප දූප වාර්තා කරන්නෙ නැහැ කියන එකද පශ්නෙ. පුදුම අම්මලා..

  • @dayanigamage1273
    @dayanigamage1273 ปีที่แล้ว +4

    සමහර අම්මලා මාන්නෙන් ඉදිමිලා.ගුරුවරයෙක් තරවටු කලොත් රෙද්ද කරේ තියන් යනවා ගුරුවරුන්ව මට්ටු කරන්න ...එතකොට අර ගුටි කන ලමයා හිතන්නේ මන් කරපු දේ තමයි හරි කියලා ...ඌ ඊට පස්සෙ අර ගුරුවරුන් එක්ක වයිර බැද ගන්නවා විතරක් නෙවෙයි ...මොන වැරැද්ද කලත් මට දෙමව්පිය දෙන්න ඉන්නවා කියලා හිතලා ...වැරැදි කරන්න තියෙන බය නැති කර ගන්නවා ....ඊට පස්සෙ ඉතින් ඌ කරන්න තියෙන මහ වැරැද්ද ම කරන කොට ඒවට උපදෙසක් දෙන්න ගිය ගමන් එක්කො වහ ටිකක් බොයි..නැත්නම් බෙල්ලෙ වැල දාගනි...අර ගුරුවරයා මට්ටු කරන්න ගිය අම්මට තාත්තා ට වෙන්නෙත් නිකම්ම දරුවගෙන් මට්ටු වෙන්න ...ගුරුවරුත් දැනගන්න ඕනි දරුවෙකුට දඩුවමක් දෙනකොට වේවලකින් හරි කෝටු වකින් හරි කකුල් දෙකට අත් වලට දඩුවම් කලාට කමක් නෑ ...නමුත් සමහර ගුරුවරු ඉන්නවා මානසික ලෙඩ්ඩු වගේ ...ලමයෙකුට දඩුවම් කරනවා වගේ නෙවෙයි ..මහ මිනිස්සු න්ට ගහනවා වගේ ගහන්නේ ....අනේ මන්ද ...අපිත් ඉස්කෝලේ යනකාලේ ගුටි කෑවා..වේවැල් වලින් අල්ල රතු වෙන්න ගුටි කාල තියෙනවා ...අපි ඒවා ගෙදර ගිහින් කිව්වේ නෑ...ඒ වැරැද්ද හදාගෙන ඊලග දවසෙ ගියා ....

    • @anushkamadhushani6588
      @anushkamadhushani6588 ปีที่แล้ว +1

      Gedara gihin kiyanne kohomda katak erala ,api weredda karlane guti kanne,gedra gihin qwoth gedarinuth kanna wenawa,

  • @vidhunyume3042
    @vidhunyume3042 ปีที่แล้ว +1

    අනුන්ගේ රෙද්ද වල් හොයන ඕප දූප ගෑනු...ලැජ්ජ යි ඕයි

    • @Dilrukshiwijerathne-m7m
      @Dilrukshiwijerathne-m7m ปีที่แล้ว

      Api danagannoni ape daruwo gana. Ethakota man hithanne prashna godak adui. Ammata wada daruwo gana danna thawath kenek naha. Lamai nidahase sathutin innoni thamange demaupiyo laga. Nathuwa eyalawa robola karanna hoda naha. Ethakota lamaita demaupiyo gana thiyena wiswase adu wenawa. E wagema issara samaje nemei dan thiynne. Apita thibunu nidahas samje dan nha. Guruwaruth ehemai. E nisa man hithana widihata api wata thiyena parisaraya api therum gena api lamai gana awadanen sitiya yuthui. Pradanama de thamai api ape kaleth ekka nam me kale sansandanaya nokala yuthumai.

  • @kalpanisandunika4038
    @kalpanisandunika4038 ปีที่แล้ว +30

    ගුටියක් නොකා හැදෙන ළමයෙක් ඉන්නවානම් .ගුරුවරයෙක් ගෙන් ඒ ළමයා ළමයෙක් නෙමෙයි ..අපි ඕනා තරම් ගුටි කාලා තියෙනවා ..ඒත් අපි තාමත් ගුරුවරුන් ට ආදරෙයි ..❤ ..මගේ ළමයාත් ගුටි කන්වා ..ගුටි කන හේතුව සොයා බලා මම පුතා ට පැහැදිලි කරලා පුතාව ඉදිරියට යවනවා ..❤

  • @pushpakumarapushpakumara114
    @pushpakumarapushpakumara114 ปีที่แล้ว +2

    අපෙ දුවත් කවදාවත් ගෙදර ඇවිත් ඉස්කෝලෙ දේවල් කියන් නෑ, එයාට ගැහුවත් වෙන අය කියන්නෙ, හැබැයි මං එයාගෙන් අහන්නෙත් නෑ, මැඩම්ගෙන් අහන්නෙත් නෑ

  • @buddhika_pushpakumara
    @buddhika_pushpakumara ปีที่แล้ว +1

    කවුද ඩොක්ට් මේ කතාකරපු අම්මන්ඩි. ලමය ගෙදර තියල ඔය අම්මන්ඩි ඉස්කෝලෙ යැව්වනම් මරු.

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +2

    මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගේ සියලුම TH-cam වැඩසටහන් - th-cam.com/play/PL5W0GtVwXDWkW7hr_hZLM6CJiC1R6HN1U.html

  • @shashiniperera5166
    @shashiniperera5166 ปีที่แล้ว +9

    Teacher kenek samnyen daruwekta tharahen wairayen daduwamak denne na. Me mage daruwo mage daruwo tika mn kohomahri hadagnnawa kiyala ammalata danena demai guruwariyekta danenne. Lamaita gahala teacherta nathnm mona labenawatada. Onema daruwek mulinma wenas thanakata giyama yanna akamathi wenawa adanawa, aith noya inna vivida hethu kiyanwa eka godak samanyai. Eka aniwaren ammala therum ganna one. Thaman eka daruwek balanawa wageda thamangema nowana eth thamangema karagena daruwo 20k 30k as deka wage balagena adyapanayath laba dena eka.

  • @senanikariyawasam4312
    @senanikariyawasam4312 ปีที่แล้ว +2

    ගුරුවරු හදන්න යන අම්මලා ට හොද පාඩමක්... 😂

  • @Chimmy12352
    @Chimmy12352 ปีที่แล้ว +7

    අම්මටයි බේත් දෙන්න ඕන ඔක්කොටම කලින්. Doctor හරියටම හරි

  • @vinithawa
    @vinithawa ปีที่แล้ว +1

    මේ අම්මල හොයන්නේ ටිච ගැහුවද කියලා ඔය අම්මා ඇහුවද අද ඔයාට මොනවද කියලා දිපු ගුනධර්ම,අවවාද මොනවාද යන්න .දරැවාටත් හැම තිස්සේම යහපත් ධනාත්මක චින්තනය ලබා දෙන්න.

  • @mallikajayasuriya7374
    @mallikajayasuriya7374 ปีที่แล้ว +4

    මගෙ නංගි ගෙ බබා 3 වසර.. මගෙ නංගි තවා තුන්පාරට වඩා ගිහින් නැහැ ...එයාගෙ පංතිය වත් අපි දන්නෙ නැහැ ..එයා ටිචර්ස්ලා එක්ක හැම දෙම කරගන්නවා...හරිම ආදරෙ යි ගුරුවරුන්ට...

    • @d.t.wijerathna1483
      @d.t.wijerathna1483 ปีที่แล้ว

      Ahandako matath Meka wadagath ape giye nathnm baninwa ape sclmai ammala inne athakota baninwa apata kon karnwa

  • @virajsampath5553
    @virajsampath5553 ปีที่แล้ว +17

    ඩොක්ටර්ගේ කියන විදියම තමයි මමත් කරන්නේ බබා ගන්න ගියාම මම පැත්තකට වෙලා ඉඳලා බබා අරගෙන එනවා අම්මලා එක්ක නම් කතා කරන්නේ නෑ. සමහර අම්මලා එක්ක කතා කරන්න ගියාම අපිටත් පිස්සු හැදෙනවා බබා ගෙදර ඇවිල්ලා කිව්වොත් ඇරෙන්න බලෙන් කිසි දෙයක් අහන්නේ නෑ. එයාට හිතුණම ඔක්කොම කියනවා මම ඒවට ඇහුම්කන් දීලා අවශ්‍යම තැනක් තියෙනවා නම් එයාට පැහැදිලි කරනවා.

    • @sararanaweera9063
      @sararanaweera9063 ปีที่แล้ว +1

      මමත්. බබා මොන්ටිසෝරි යන්න ගත්ත දවසේ ඉඳලම මමත් ගිහින් දානවා ඉවර උනාම ගිහින් ගන්නවා. ඒ ඇරෙන්න කා එක්කවත් කතාවට යන්නෑ. මගෙ හස්බන් උනත් කියන්නේ කයියට යන්න එපා, ඊට පස්සේ වෙන වෙන පැති වලටත් යනවා ඔය සෙට් හදා ගත්තම කියලා..😂
      මිනිස්සු හිතනවා ඇති ලොකු කමක් කියලා. නෑ.. තමන්ගේ පාඩුවේ යන වැඩේ කරන් ආවම හරි. ඉස්කෝලේ ගේට් එක ගාව එකතු වෙලා කියවනවා කියවනවා, පොළ වගේ.. එකක් හරිම කැත පුරුද්දක් අම්මලගෙ.
      අනික එයාලා ඉස්කෝලේ අයිති කරන් ඉන්නේ. ටීචව අයිති කරන් ඉන්නෙ.. කොටින්ම එයාල තමා සේරම handle කරන්න එන්නේ. 😂 පිස්සු නැත්තම් හොඳයි...

  • @darshikalubowila1862
    @darshikalubowila1862 2 หลายเดือนก่อน

    ඔව් ඉතිං දෙමාපියො කරල යවනවනෙ ඉස්කෝලෙ වැඩ.දොස්තරලා ට ඒව තේරෙන්නෑ

  • @sasankaedi223
    @sasankaedi223 ปีที่แล้ว +1

    අම්මව හොඳට තේරුම් ගත්ත බබෙක්, edit කරල කියන්නෙ, නැත්නම් අම්ම තාත්තගෙ වැඩත් පාලු කරන් පහුවදාට ඉස්කෝලෙ එන නිසා..

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +4

    බොහොමත්ම පිං ඔබ දෙපලට වටිනා අදහස් ලබාදුන්නට. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @Jlifez
    @Jlifez ปีที่แล้ว

    මෙයා doctor කෙනෙක්ද ? එහෙමනම් පුංචි කාලේ ඇය ඉතා කර්කශ කාලයක් පහු කර ඈති බවනන් සහතිකයි.දරුවන් ගැන වෛරයකින් කතා කරන්නේ.

  • @madushkamihiran4217
    @madushkamihiran4217 ปีที่แล้ว +17

    අදර්ශමත් වැඩ සටහනක් ස්තුතියි මැඩම්

  • @manjulapremakumara9580
    @manjulapremakumara9580 ปีที่แล้ว +1

    ඔය අම්මට පිස්සු.ගුරුවරුවරු පාරක් ගැහුවට තරහට නෙවෙයි ගහන්නේ.

  • @kuwaitkwy201
    @kuwaitkwy201 ปีที่แล้ว +1

    මගේ දුව 1වසරේ.එයයි ටීචයි යාලුවො දෙන්නෙක් වගේ.ටීචත් හරිම හොදයි.මන් ලමයගෙන් කිසිම දෙයක් අහන් නෑ.එයා මට හැමදේම කියනවා.

  • @thkanchana7958
    @thkanchana7958 หลายเดือนก่อน

    මමත් ගුරුවරියක් දරුවෙකුට ගහපු දවසට ගෙදර ඇවිල්ලත් දුක්වෙනවා.ඇයි එහෙම කරේ කියලා.මගේ ගුරුවරුත් දුක් වෙන්න ඇති මට ගහපුවට.

  • @Puhambugoda
    @Puhambugoda 5 หลายเดือนก่อน

    දරුවන්ව නිවැරදි කරන්න දඩුවම් දෙන ගුරුවරයෙක් ට complain කරල හිත රිද්දන කෙනෙක්ට කවදාවත් හරියන්නෙ නෑ.

  • @madushapani6418
    @madushapani6418 ปีที่แล้ว +1

    හොද පිලිතුරක් ඩොක්ටර් ...ගෙදර වැඩක් නැති අම්මලා ඔහොම තමා

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว +1

    මේ අම්මට මානසික ලෙඩක්. මොන මෝඩ කතාද මේ.
    වෙලාවකට කියනව බබාගෙන් අද උනේ මොනාද උනේ කියලා. ආයේ කියනවා අහන්නෑලු. ආයේ කියනවා බබා කියනවලු හිතුනම එතකොට මං අහනවලු මොකද උනේ කියලා. එහෙම ඇහුවම එයා මුකුත් කියන්නෑලු.
    ඒ අම්මගෙ කතාව ඇහුවම මගෙ ඔලුව අව්ල් උනා..

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 ปีที่แล้ว +4

    මාරයි ලමයි කියන්නෙ අම්මලා එක්ක සුහදව හැදෙන කොටසක්…. හෙළයන් එහෙමයි 😂😂😂
    වැඩිහිටි නිවාසෙට යන්න වෙන්නෙ එයාලත් එක්ක හිටියෙ නැති වුණහම… ගුරු වෘත්තියක් කරගෙන මේ මිනිස්සු
    මානුසික ගුනධර්ම පිරිහීමම තමා😢😢😢
    කුඩු ගහන. ගංජා ගහන අය බිහිවුණේ අම්මගෙ හෙවනෙ හැදුනෙ නැති නිසා😅😅😅

  • @sandaruwan199
    @sandaruwan199 ปีที่แล้ว

    මහ ගොං අම්මා කෙනෙක්. ඔය වගේ අම්මලාගේ දරුවන් තමයි මේ රටේ කරන තරමක් කුප්ප වැඩ කරන්නේ.

  • @shashikanimodani3947
    @shashikanimodani3947 ปีที่แล้ว +5

    මං නම් අහන්නෙ ගෙදර වැඩ දුන්නාද කියලා විතරයි... එයාලා පොඩ් කාලෙ ඉදලම ස්වාධීන වෙන්න අරින්නත් එපැයි.

  • @jeewanisamurddhika2650
    @jeewanisamurddhika2650 ปีที่แล้ว +10

    මමනං කවදාවත් ඉස්කෝලෙකට ගිහින් complain කරලා නැහැ ඒ වගේම මගේ ළමයි කවදාවත් ගෙදර ඇවිත් අනවශ්‍ය දේවල් කියන් නැහැ ළමා 25ක් දිහා බලනවා ටීචර්ලාට දොස් කියන්න එපා ගහන්න අනිවාරෙන් හේතුවක් තියෙන්න ඕන

    • @SanukaResandul
      @SanukaResandul ปีที่แล้ว

      Onee ow.ammala nikn dagalanawa

  • @sulonusulo2042
    @sulonusulo2042 ปีที่แล้ว +3

    Man me kathawata ekaga ne.mokada samahara misla innawa yaksaniyo wage eyalage paulwala tiyena prasnawalata minihata gahanna beri nisa evit e taraha pirimahaganne skole lamaingen.punchi daruwo kiyanne malwage aya eyalata inna hodama arakshakayo demapiyan vitarai etakota api nitarama eyalata denum terum ena kalayak dakwa eththu ganwanna ona saha eyalawa araksha karaganna ona.teacher tiya mokatawat gahanna nemeni api lamai hadala tiyenne.anna ema demapiya rekawaranaya yatate hedena daruwa tama oya suicide karaganna ewa etanin giyama bayagulleku se gvat novi editarawa tawa duratat samaja asadaranaya iwasanneti ayek wenne.mokada weraddak dekala eya nosagawa tawakekuta kima evit editarakamak saha waradata daduwam diya haki pirisak bihikara dimak.api hitamu panthiye mis asadaranawa katakari gehuwa kiyala anet lamainut eka gedara evit nokiya innawq kiyanne waradak segawima ha tawat ewan asadaranawalata athawanimaki.matat innawq aurudu 8 duwak man hamadama ahanawa ada monada igennuwe monada une oya okkoma mage kellat kic pakilimak netiwa giravi wage okkoma kiyanawa.attatama man kamatiy ekata etakota tama daruwa apita lanwenne etakota tama eya araksha wenne.eyata denum terum enakan man eyawa rakinawa.ammeknam tamange daruwa tamanta hamadema kiyana mattamata samipa karagena hadaganna yaluwo wage.man 1 siddiyak kiyannam mage duwa montisori yana kaledi idan man ahanawa dawase visatara itin eya dawasak mata oma ahaddi kiuwa amme mata deyak kiyanna ona kiyala.man kiuwa ha manika kiyanna kiyala.eya kiuwa amma iye montisori teacher mage kammulata hayyen gahuwa kiyala..mage ege le rathuna.api me mal wage patau hadanne ekaekalagen guti gassawanna nemeni.man ehuwa ey maye amma gahuwe mokada une kiyala mokakhari liyapu deyak weradila kiuwa .hatmalane montisori lamaya kiyanne kochchara podi ekekda ema waraddala liuwa kiyala ema gahanawada.mata e welawema hituna hoda padhayak kiyala hokkata ekak aninna eth man iwasagena hitiya passe man loku mista kiuwa mis baba kiyanawa kammulata gahuwa kiyala loku mis ehuwa emanam kale ne .babageb ahanna mona misda gehuwe kiyala.gehuwe podi mis.man kiuwa mis poddak eyata kiyanna ki.balanna e wage deyak mage daruwa mata kiuwe man eyawa dinapatha wena dewal kiyawqnna hurukarapu nisai.natnam eya kiyannet ne tawat gahala tiyenna eti.
    Ape kale guruwaru amme mal tiyala wendat kamak ne.kawadawat apita gahalat ne ammala ahalat ne .den kale neme ne ada kale inne yakku wage ganu pirimi .sariyak endama guruwariya unata etule innet tawat eka samanya ganiyakma vitarai.
    Anna e nisa man atdekimen kiyanne ahanna obe daruwagen siyalu vistara agiya mulgiya mulbahapu okkoma dewal.etakota vitarai ape daruwo apita araksha karaganna puluwan wenne.denna epa weraddak etuwa ho netuwa pita ganungen guti kelawanna tamange daruwanta.amma tatta vidihata obe daruwata awawada dila hadaganna namut krura lesa nogaha.
    Obe daruwage rekawala obama pamanai..araksha karanna divi eti tura daruwanwa murgayingen.u hedena kaleta niyameta hedevi ethek rakinna obe daruwa.echcharai.

    • @d.t.wijerathna1483
      @d.t.wijerathna1483 ปีที่แล้ว

      Aththatm Hari nathnm eyala koi tharm dewal hangaid Anika Ada kale podi Mal wage lamai athawaryat lakwenwada hamoma hodath na narakath ne ape taththa godak Sarai MN eyagen godak dewal hanguwa ayata kiyanda bayai ayath Amma suhadwa kisima prasnyAk kathakarnd be mn Dan badala e biyagulukama pakilima awsya thanath nihadwa Inna wela Mata aka magen Tama gihin me

  • @dhanushachandrasena2938
    @dhanushachandrasena2938 ปีที่แล้ว +6

    මගෙ බබාත් 1 වසරෙ.එයා කවදාවත් පාසලේ දේවල් ගෙදර ඇවිත් කියන්නෙ නෑ.මම අහන්නෙත් නෑ.අනිත් අම්මලා කියනවා එයාලගේ බබාලා හැමදේම ගෙදර ඇවිත් කියනවා කියලා.මමත් හිතුවෙ මගේ බබාට මොකක් හරි පස්නයක් කියලා.දැන් ඒක විසදුනා .ගොඩක් ස්තුතිය Dr.

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 4 หลายเดือนก่อน +1

    Mun Teachers lada Mun Maskada Katayoda?

  • @UdenicoorayCooray-ts1nh
    @UdenicoorayCooray-ts1nh 5 หลายเดือนก่อน

    ඇත්ත dr අම්මලා akka කතා කළොත් විනාශය තමයි akama day apa ළමයින් gana අවධානය යොමු kerreema

  • @ireshadasanthi546
    @ireshadasanthi546 6 หลายเดือนก่อน

    මබතුමියව පවුද්ගලිකව සම්බන්ද කරගන්නේ කෙසේද ...

  • @ramanirriyadarshani277
    @ramanirriyadarshani277 ปีที่แล้ว +1

    මටත් බබාල දෙන්නෙක් ඉන්නවා.ලොකු බබා 7 වසරේ අනිත් බබා 2 වසරේ.මමනම් කියන්නේ ගුරුවරුන්ට වැරැද්දක් තියෙනවනම් ගහන්න කියලා .මම හරිද වැරදිද දන්නෙ නැහැ.අපි කියන දෙයක් අහන් නැත්නම් එයාල කාගෙන් හරි දඩුවමක් ලැබිලා හරි හදාගන්න ඕනි නිසා.

  • @ruwandinesh8354
    @ruwandinesh8354 ปีที่แล้ว +10

    ගුටි ගහන ගුරුවරයෙක් එක්ක ඉන්න කියන්නලු ළමයට. මේ doctor වැරදි සමාජ ගත කරනවා.

    • @niranjananiranjana6535
      @niranjananiranjana6535 ปีที่แล้ว

      Me doctor wedak na

    • @poonicosta2357
      @poonicosta2357 ปีที่แล้ว +3

      Doctor කියපු දේවත් තේරුම් ගන්න බැරි අම්මලා මෙහෙමත්.😁
      ඉස්කෝල 100 ක් විතර අවශ්‍ය වෙයි මෙහෙව් අම්මලට😢

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว +66

    මෙි අමිමට බෙහෙතක් දුන්නා නම් හරි😁😁

  • @vindyamadawala9216
    @vindyamadawala9216 11 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් හොද උපදෙසක් madam...

  • @jayangikadisanayaka2765
    @jayangikadisanayaka2765 ปีที่แล้ว

    මෙි අමිමා ට depression වගේ. පිස්සු ..

  • @niroshakumari3925
    @niroshakumari3925 ปีที่แล้ว +1

    මම අැගලුම සේවිකාවක් .මාගේ දරැවා 2024 පාසල් යන්නේ .මම උදෙන්ම වැඩට ගිහින් රැට එන්නේ.මාෙග් දුව ගැන මම සතුටු වෙනවා .එයා මම රැට ගෙදර එනකොට එයාගේ පොත් වල දෙවාල් තනියම කරගන්නවා. එයා තමායි එයාගේ පොත් බැග් එක ලැස්ති කර ගන්නේ.

    • @doowainama6823
      @doowainama6823 9 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔබේ අනවශ්‍ය ඇගිලි ගැසීම් අඩු නිසා ඒ..👏

  • @nishadhisakunthala6731
    @nishadhisakunthala6731 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි doctor 🙏

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +24

    මටත් හිතෙන්නේ මේ අම්මට වැඩිය දරුවා බුද්ධිමත්

    • @dilmini732
      @dilmini732 ปีที่แล้ว +2

      A ammage kathawa kohomada.wachanawalinma therenawa.English keli demmata wedak ne denuma tikai kiyala.daruwata tharawatu karana hema paarakama a amma guruthumiya hamuwela guruthumiyata awawada denawalu.

    • @yashaswiyuthara601
      @yashaswiyuthara601 ปีที่แล้ว

      එයාට වෙන අවුලක් 😂😂😂😂😂.ටීචට මොකටද දෙයියනේ උපදෙස්😂😂😂😂😂

  • @kalyaniudumulla7091
    @kalyaniudumulla7091 ปีที่แล้ว +41

    අම්මට ගෙදර එක ළමයෙක් හිටියට ගුරැවරැන්ට ළමයි 20,30 ක් ඉන්නවා. ගුරැවරැ නිකන් ගහන් නැහැ.

    • @Pixelpost
      @Pixelpost ปีที่แล้ว +6

      ළමයි 20 30 පාලනය කරගෙන වැඩ කරන්න බැරි නම්, ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර නවතින්න ඕන

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 ปีที่แล้ว +4

      ​@@Pixelpost ඉතිං ඔයා එහෙම ලමයි විස්සක් තිහක් නොගහ නොබැන පාලනය කරගන්න පුලුවන් ගුරැවරයෙක්ද?

    • @dilmini732
      @dilmini732 ปีที่แล้ว +2

      ​@@Pixelpostmooda katha kiyanna epa.1 wasarata thama oyage daruwek baara deela ne wage.nethnam mewage dewal kiyanne.

    • @wasanakumari9553
      @wasanakumari9553 ปีที่แล้ว

      ❤❤❤

  • @chathurikaranepura923
    @chathurikaranepura923 ปีที่แล้ว +1

    ඩොක්ටර්ගෙ වැඩසටහන ගොඩක් හොදයි ඇත්තටම

  • @chathurangasampath5107
    @chathurangasampath5107 ปีที่แล้ว +1

    Me genige gon kame tharama.tho witharada yako lamai iskole yawanne🤣🤣🤣🤣

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 ปีที่แล้ว

    ඇත්තම කතාව ගෑනු එක්ක කතාව වැඩි උණාම තමයි ඔය ප්‍රශ්න. අම්මෝ මං බලන්න ගත්තු ගමන් මේක තේරුම් ගත්තෙ බලන් යද්දි හැම තැනම මේ ප්‍රශ්නය. සමහර අම්මලාට පිස්සු. බොරු කිය කිය ඔලුව කන ගෑනු ඉන්නවා මම නම් ගුරුවරු එක්ක මතවාද වලට යන්නෙ නෑ. දරුවට උණත් ගුරුවරයා ගැන තරහක් ඇතිවෙන්න කතා කරන්නේ නෑ. කොටින්ම දරුවෝ අපි කියන කරන දේමයි කියනානෙ කරන්නේ. මම දරුවගේ ගුරුවරුන්ට පුදුම විදියට ගරු කරනවා. ඒක මවාගත්තු දෙයක් නෙවෙයි ඇත්තටමයි එහෙම කරන්නේ. ගුරුවරයාගේ කරේ යන්න හොඳ නෑ. ඒ අයගේ අසාමාන්‍ය හැසිරීමක් තියෙනවනම් ඒක හොයන්න පුලුවන්. ඒ නිසා පොඩ්ඩ වෙද්දි රෙදි උස්සගෙන ඉස්කෝලෙට දුවන එකනම් අනුමත කරන්න බෑ කොහොමවත්

  • @shamaliindika9140
    @shamaliindika9140 ปีที่แล้ว +1

    😂😂 මේ අම්මා ගැන නම් ඉතිං ....කියලා වැඩක් නෑ පොශ් ගොං අම්මා කෙනෙක්

  • @lakmindamadushan7236
    @lakmindamadushan7236 ปีที่แล้ว +1

    පිස්සු නේන්නම් අහ ගත්තා හොදට

  • @shaniamunugama573
    @shaniamunugama573 ปีที่แล้ว

    මේ ගෑනු මනුස්සයට පිස්සුද කොහෙද.හැබැයි හොදට කිවා. 😁 ඉසේල්ලාම ලමයිගෙ අම්මට කතා කරන එක නවත්තන්න කිවා ඇත්ත.... ඔප දූප කියවිලි සමහර ලමයිගෙ අම්මලගෙ

  • @pubudusubashani9800
    @pubudusubashani9800 ปีที่แล้ว +1

    Mage duwa nursary .eyata hitunama eya kiyanawa ammaa araya afuwa meya aduwa ada mata mage yaluwa gahuwa kiyala mn etakota kiyannema eka e welawata teacher ta epai kiyanna school eke ewa ge dewal mata neme kiyanna ona teacherta puthe kiuwama lamaya normal onawata wada invol wenna hadanna narakai guruwarayata ryage part eka karanna dunnama iwarai

  • @stephanieimallawa2826
    @stephanieimallawa2826 ปีที่แล้ว

    මගේ බබා UKG.උගන්නන වෙලාවේ සෙල්ලම් කරලා එහෙම ටීචගෙන් ගුටි කනවලු.බබාමයි කියන්නේ.ඒ ගුටි රිදෙන්නේ නෑලු.ටීච ගහන්නේ අපි නෝටි වැඩ කරන හින්දලු.නෝටි වැඩ කලාම ටීචට දුක හිතෙනවලු.ඒනිසා එහෙම කරන්න හොඳ නෑලු.good boysලා වගේ ඉන්න ඕනේලු.
    එයාම වුණ දේ කියලා,අපි කියන්න ඕනේ ටිකත් එයාම කියලා කථාව ඉවර කරනවා.😂
    ඊළඟ දවසෙත් ගිහින් ඉතිං ටීචගෙන් ගුටි හරි බැනුම් හරි අහන වැඩ කරලා ඇවිත් ටීචගේ හොඳ කියනවා😜
    ඒ අතරෙම හොඳට ඉගෙන ගන්න එකත් කරනවා කියලා ටීච කියනවා.ගෙදර ඇවිත් රෑ වෙනකන් සෙල්ලම් කරනවා❤️

  • @kpriyadarshaniekanayaka6479
    @kpriyadarshaniekanayaka6479 ปีที่แล้ว +1

    Me doctor kiyanne iskole yana daruwagen monawada une kiyala ahanna epalu.e kale ehama unata dan ehema ba.daruwo gana hotata hoyanna oni.ape daruawa watinne apitane.

  • @thusharimendis9853
    @thusharimendis9853 ปีที่แล้ว

    Doctar දැන් අම්මලා දරුවො වෙලා..දරුවො දෙමාපියන් වෙලා...දරුවො කියන කියන දෙ කරලා...එ දරුවො එ දේම ස්කොලෙනුත් බලාපොරොත්තු වෙනව...ගුරුවරු දැන් දරුවන්ට ගහන්නෙ නැ Doctar .මොකද් ගුරුවරුන්ට දෙමාපියන් විසින් දඑරුවන්ගෙ හැදියාව හදන එක නතර කරල ඉන්න්.

  • @nihallakshman-eq3xh
    @nihallakshman-eq3xh ปีที่แล้ว +5

    අම්මාට ඔක්කෝටම වඩා පිස්සු .අපිටත් ලමයි ඉන්නවා.එත් අපි ඔය වගෙ දගලන්නේ නෑ .

  • @Nilupa-s2h
    @Nilupa-s2h ปีที่แล้ว +2

    Ada ahamben me program eka dakke.matath aurudhu 8ka puthek innawa.eya harima dagai.kauruth kiyana deyak ahanne ne.ane mtath hariyata kenthi yanawa.kochchara hithuwath kenthi ganne ne kiyala.ane mn eyata hariyata gahanawa,baninawa..mta godak dukai eeta passe

  • @sachinikalansooriya328
    @sachinikalansooriya328 ปีที่แล้ว +3

    Such a ridiculous comment and advice from this doctor for the question raised by this mother.If that particular teacher is punishing her students like that it is a real matter which has to raise by the parents.Most of the concepts and opinions given by this doctor is impractical and not relevant at all 😡

    • @Jlifez
      @Jlifez 3 หลายเดือนก่อน

  • @Hearttouchingsongs777
    @Hearttouchingsongs777 ปีที่แล้ว

    ටීච ගැහුවෙ ඇයි කියල අහන්න ඕනි.මේවගේ අම්මන්ඩිල නිසා තමා ගුරුවරු රස්සාව ගැනත් කලකිරීමෙන් ඉන්නෙ.

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 ปีที่แล้ว

    ඇත්තම කතාව ගෑනු එක්ක කතාව වැඩි උණාම තමයි ඔය ප්‍රශ්න. අම්මෝ මං බලන්න ගත්තු ගමන් මේක තේරුම් ගත්තෙ බලන් යද්දි හැම තැනම මේ ප්‍රශ්නය. සමහර අම්මලාට පිස්සු. බොරු කිය කිය ඔලුව කන ගෑනු ඉන්නවා මම නම් ගුරුවරු එක්ක මතවාද වලට යන්නෙ නෑ. දරුවට උණත් ගුරුවරයා ගැන තරහක් ඇතිවෙන්න කතා කරන්නේ නෑ. කොටින්ම දරුවෝ අපි කියන කරන දේමයි කියනානෙ කරන්නේ. මම දරුවගේ ගුරුවරුන්ට පුදුම විදියට ගරු කරනවා. ඒක මවාගත්තු දෙයක් නෙවෙයි ඇත්තටමයි එහෙම කරන්නේ. ගුරුවරයාගේ කරේ යන්න හොඳ නෑ. ඒ අයගේ අසාමාන්‍ය හැසිරීමක් තියෙනවනම් ඒක හොයන්න පුලුවන්. ඒ නිසා පොඩ්ඩ වෙද්දි රෙදි උස්සගෙන ඉස්කෝලෙට දුවන එකනම් අනුමත කරන්න බෑ කොහොමවත්

  • @nimnasewwandi4234
    @nimnasewwandi4234 ปีที่แล้ว

    ඩොක්ටර් මගෙ පුතා ට වයස 9යි එයා පාසල් වැඩ කරන්න කම්මැලී ඒයා හරි හිමින් ලියන්නේ ගෙදර දෙන වැඩ කරන්න මතක නෑ මන් වැඩට යනවා ඉතින් මට ඇයි කියලා දැනගන්න ඕනෙ වැඩ පුළුවන් කම්මැලී කම තියෙන්නෙ

  • @thusithabasnayeka6832
    @thusithabasnayeka6832 ปีที่แล้ว +6

    නියමයි me අම්මා ළමයාට ගහන්න එපා කියලා උපදෙස් දීලා ....
    ගුරුවරුන් ගහන්නේ lamayawa හදාගන්න ...ඒවාට විරුද්ධ වෙනවා කියන්නේ අනාගතයේ kalakani වෙලා රටටම බරක් වෙන්නේ ඒවාගේ දරුවන් තමා

    • @imathusintha878
      @imathusintha878 ปีที่แล้ว +3

      ලෝකෙ දියුනු කිසිම රටක ලමයෙක්ට අතක්වත් තියන්න ගුරුවරුන්ට බෑ. ඒත් ඒ ගුරුවරු ගානට ලමයිව handle කරනව. ඒකට හේතුව ඒ ගුරුවරුන්ට තමන්ගෙ degree එකට අමතරව education psycology and bachelor of teaching කියන අද්‍යාපන මට්ටම් සම්පූර්න කිරීම අනිවාර්ය නිසා. ඒකෙන් තමා ගුරුවරයෙක් නිර්මානය වෙන්නෙ. ඒත් ලංකාවෙ අය මොකක් හරි degree එකක් කරල නැත්තම් විද්‍යාපීඨ ගිහින් ගුරුවරු වෙලා ලමයින්ව හසුරුවන්න තියෙන නොහැකියාවට වේවැල් අතට ගන්නව. ඒ වගේ ගුරුවරුන්ට කඩේ යන ඔයාල වගේ අය නිසා ස්වාධීන මතයක් දරන්න බැරි කොන්ද පන නැති පරම්පරාවක් බිහිවෙනව.

    • @malikachathurani8777
      @malikachathurani8777 ปีที่แล้ว

      ඔයා හරි.

  • @nilufaamirdeen6470
    @nilufaamirdeen6470 ปีที่แล้ว +1

    Dawasak mageduwage babawa ganna mamath nasariyata giyama ticha avith kiwwa mama ada babawa panic kala kiyala duwa hethuwa ahuwe nehe OK kiyala layawa aragen a with wahanayata negga matanam tharahath giya ath daruwa a danna patan gaththa athakota aiden oya adnne kiyal ahuwama mama supar hiro unama ahema neda kiyala athakota wela thiyena de apita theruna😀😀😀duwa babata kiwwa oya hari awunta thawa kenekuta redena dewal karanna hoda nehene min passe katath redena dewal karanna apa kiyala adath kisima peminillak neha