Thun Man Handiya (තුංමං හංදිය ) | Sinhala Film | Joe Abeywickrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ค. 2023
  • Thun Man Handiya movie is a 1970 dramatic film made by Sri Lankan artist Mahagama Sekera. It is autobiographical and recounts Sekera's childhood though the character of Sirisena.
    The film is set in a small village and follows progression in painter Abilin's (Joe Abeywickrema) life through the eyes of his nephew Sirisena (Kumara Balasooriya, Karunarathna Ranasinghe). Abilin is an alcoholic and drifts through his life in debt and without focus. After getting into arguments with other villagers and his own brother (Dharmadasa Kuruppu), Abilin decides to take a job with a rich landowner (A. P. Gunarathna).
    Sirisena then goes to art college inspired by his uncle. He develops his art skill there and dreams of showing his talent to Abilin. Abilin's situation, however, deteriorates due to alcoholism, juxtaposing serenely with Sirisena's foray into art in the city.
    #ThunManHandiya #SinhalaFilm
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
  • บันเทิง

ความคิดเห็น • 264

  • @kanchanaperera5800
    @kanchanaperera5800 ปีที่แล้ว +110

    මම හරිම ආශාවෙන් මේ comment එක ලියන්නෙ !!!!!
    මගෙ සිත 60 දශකයේ මුලටම ගමන් කළා .
    රදාවාන මා ගේ උපන් ගම .
    ගැමි කම උතුරා ගිය ගමක් එකල .!!!!
    කුඩා කල අකුරු කළ පාසැල , ඒ අසල තිබූ විශාල පැරණි අම්බලම , කොස් ගස් සෙවන , තු0 ම0 හන්දිය මැද තිබූ අතු පතර විහිදුණු විශාල අන්දර ගස , හන්දිය මායිමේම තිබූ පොල් මෝල !!!!සියල්ලම අතීතයෙන් එබී බලන සුන්දර මතකයන් !!!!
    ගස් කොලන් ගහන , පොල් අතු සෙවිලි කළ කුඩා කඩ මණ්ඩිය !!!
    ඉතා කලාතුරකින් පමණක් වාහනයක් ගමන් කළා මතකයි .
    ගොවිතැනම පෙරටු කර ගත් ගැමි සමාජය !!!!
    අද එම පරිසරය සෑහෙන අය්‍රකින් නවීකරණය වී ඇත .
    මහා කලාකරු මහගමසේකරයන් ගම අළලා නිපැයූ මේ සිනමා පටය රූ ගත් කිරීම් බැලීමට කුඩා දැරියකව සිටියදී වැඩිහිටියන් සමග ගියා මතකය .
    එදින තිබුණේ කඩය තුල දර්ශනයයි .
    ගැමුණු විජේසූරිය , ස්වර්ණා මල්ලවාරච්චි පෙනී සිටි එම දර්ශණය කිහිප වරක් රූ ගත කරන අයුරු අප එදා බලා සිටියේ කුතුහලයෙන් මඩනා ලද සිත් වලිනි !!!!
    අප ගම වෙනුවෙන් මහගමසේකරයන් දැක්වූ කෘත ගුණ භාවයට මාගේ ප්‍රණාමය සැමදා පුදමි !!!
    තු0ම0 හන්දියේ බිම් කඩ තුල දී පැවති ඔහු ගේ අවමන්ගල්‍යය ද අද මෙන් මා මනසේ තැන්පත් වී ඇත මළ හිරු බසිනා සැන් දෑ යාමේ ඔහු තු0ම0 හන්දියෙන් සදහටම සමු ගත් අයුරු !!!!
    ගොම්මන් අදුරේ බටහිර අහසේ රත් පැහැ වළාවන් එක්වී තිබුණි .
    එදා මෙන් අද ත් නෙතට කදුළක් එක්කල තු0 ම0 හන්දිය සිනමා පටය සදා මතකයේ රැදෙනු ඇත .
    ඒ වෙනුවෙන් තම හැකියාවන් කැප කළා වූ සැමටම මාගේ ගව්‍රරවනීය ප්‍රණාමය පුදමි !!!!!

    • @indi107
      @indi107 8 หลายเดือนก่อน

      😥😥😥

    • @gayankumara7848
      @gayankumara7848 8 หลายเดือนก่อน +1

      ඔබතුමාගේ පදිංචිය කොහෙද

    • @hansihansi2408
      @hansihansi2408 5 หลายเดือนก่อน +2

      Obe වචන harima ලස්සනයි

    • @nisansalakumara1461
      @nisansalakumara1461 3 หลายเดือนก่อน +2

      හරිම ලස්සනයි comment එක❤

    • @amilasadaruwan5516
      @amilasadaruwan5516 3 หลายเดือนก่อน +2

      හරිම ලස්සනයි comment එක ❤❤❤❤❤

  • @msridancetroupe9391
    @msridancetroupe9391 5 หลายเดือนก่อน +61

    මට අවුරුදු 21යි මම මෙක බලන්නෙ 2024.. දැන් කලේ. Films වලට වඩා මොකද්දො අමුතු හැගිමක් එනවා බලන්කොට. එ ප්‍රෙවින නලුවෝ අද හිටියන්ම්🥺 ජො අබේ වික්‍රමසිංහ මහාතා 🙏. මම තුන්මං හන්දිය පොත කියවලා තියනවා.. බොහොම ස්තුති එ හිතේ මාවගතු රුප දැක බලාගැනිමට සැලැස්වුවට❤

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam หลายเดือนก่อน +9

    මෙවැනි විශිෂ්ට නිර්මාණ යු ටියුබ් දමා අනාගත පරපුරට බලන්න සැලස්විම ලොකු දෙයක් බෙහෙවි ස්තුතියයි ❤🙏

  • @iamknoxpresley
    @iamknoxpresley 8 หลายเดือนก่อน +65

    ජෝ අබේවික්‍රම මහතා තරම් ගැමි කම පෙන්නපු තවත් නළුවෙක් ලංකාවට බිහි උනේ නැහැ❤ රටක් විදිහට ආඩම්බරයක් ඔබ වන් අයෙක් ලංකාවෙ ඉපදුණු එකට සර්❤

  • @Nishaya722
    @Nishaya722 11 หลายเดือนก่อน +72

    සරල ජීවිත....අපි මොනවා පස්සෙද මේ වේගෙන් දුවන්නේ.. මේ ඉන්න ශිල්පියෝ කී දෙනාද ජිවතුන් අතර අද ඉන්නෙ 😔

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi351 7 หลายเดือนก่อน +53

    මට මේ film බලද්දි හිතෙනවා ඇත්තටම ලංකාව වෙනස් උනේ අපරාදේ කියලා...ඉස්සර වගේම ඉන්න තිබුනානම් කියලා.😢

    • @asankaupul6569
      @asankaupul6569 2 หลายเดือนก่อน

      ඇත්තටම 😢 ඇත්ත

    • @mangalikapriyanthi9762
      @mangalikapriyanthi9762 11 วันที่ผ่านมา

      Ow habai viyali kalpea nathuwa baddegama kiyawanakota gam epawenawa

    • @AshaSadamalai-go2dj
      @AshaSadamalai-go2dj 5 วันที่ผ่านมา

      සිරාවටම❤

  • @Athapaththu88
    @Athapaththu88 11 หลายเดือนก่อน +28

    සේකර චරිත වලට පණ දීල තියෙන විදිය මාරයි.ඒ චරිත වලින් එලියට එන වචන තුන්කල් විනිවිදින සුළුයි.ඒ චරිත සමාජෙ එක එක පැලැන්ති ළඟදි ඔවුනුත් නොදැනම එක එකා ළඟදි අසරණ වෙන විදිය තුන් මං හන්දියේදි හරි ලස්සනට පෙන්නල දෙනව.තවත් දෙයක් සේකර මේකෙදි අපිට පෙන්නනව.ඒ තමයි අපේ රටේ තියෙන දේශපාලනික ආර්ථික සහ සමාජයීය බංකොලොත්භාවය.සේකර මේ චිත්‍රපටය කරන්නෙ 1970දි විතර.මේකට වස්තු විෂය සමහරවිට ඊටත් එහා සමාජ අත්දැකීමක් විය හැකියි සේකරගෙ.මේකෙ එක දෙබසක මෙහෙම කියනව..
    "තමුසෙ දැනටමත් රුපියල් විස්සක් ණයයි.අපිත් සල්ලි දීල එපෑ මේව ගේන්න.ඕං නිකං ගේනව නම් නිකං දෙන්න පුළුවනි...."
    "ඇත්ත තමයි මුදලාලි...කොළුවට හොඳටම අමාරුයි...බෙහෙත් ගේන්නවත් සල්ලි නෑ."
    "තමුසෙලට වගේම තමයි අපිටත්.."
    මම මේ කමෙන්ට් එක ලියන වෙලාවෙදි අපේ රටේ තුන් මං හන්දිය චිත්‍රපටය හැදිල අවුරුදු 53ක් ගිහිං...😊😊ඒ වගේම 2023 වෙද්දිත් අපි ලෝකෙට ණයයි ආර්ථිකව සමාජයීයව මෙන්ම දේශපාලනිකවත්වත් අපි බංකොලොත් මේ වෙද්දිත්.

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +122

    මුලු චිත්‍රපටයම එකම වීඩියෝවකට ඇතුල් කර ප්‍රේක්ෂකයා තෘප්තිමත් කිරීම ගැන ටොරානා අධිපතිතුමා ඇතුලු සියලුම දෙනාට ස්තුතියි.

  • @Delvin__baby
    @Delvin__baby 5 หลายเดือนก่อน +18

    මම තුංමං හන්දිය පොත කියෙව්වට පස්සේ ඒ කතාව ට ගොඩක් ආස හිතුණා. මං ආසම ලොකු මාමා ට එයාව මට දැනෙන්නේ මගේ පවුලේ කෙනෙක් මං දන්න කෙනෙක් වගේ ඇත්තටම මට මේ කතාව හිතේ මැවිලා තිබ්බා. මං හරි ම ආසාවෙන් හිටියේ මේකෙ film එකක් එනවනම්. පස්සෙ දැනගත්තේ film එකක් තිබිලා කියලා. ඇත්තටම මේක හදවතට දැනෙන කතාවක් ❤❤❤

    • @user-de3jy3ly2k
      @user-de3jy3ly2k 4 หลายเดือนก่อน

      මමත් ආසම ලොකු මාමා ට. ඇත්තටම කතාව හිතට දැනෙන වා

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 ปีที่แล้ว +46

    බොහෝ පින් මේ වගේ චිත්‍ර පට දානවට 🙏❤️

  • @buddhismagainstnature8930
    @buddhismagainstnature8930 8 หลายเดือนก่อน +24

    මේක නම් පුදුම ලස්සන චිත්‍රපටයක්. හරිම මානුෂික හැඟීම් ...... තාත්වික රංගනයන්.... හරිම ලස්සනයි . ඔබට ගොඩාක් ස්තුතියි

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 2 หลายเดือนก่อน +3

    ජෝ අබේවික්‍රමගේ තවත් සුපිරි රංගනයක්.

  • @gnhettinayaka8956
    @gnhettinayaka8956 8 หลายเดือนก่อน +17

    1982 03 25 වෙනිදා අපේ ගෙදරට මුල්ම දවසේ ගෙනාපු ටීවී එකේ බලපු මුල්ම චිත්‍රපටය ලස්සන ෆිල්ම් එකක්

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 9 หลายเดือนก่อน +19

    පාසල් කාලෙට ආපහු ගෙනියන පරන නොවෙන කලාකෙත්.... රැක ගත් සැමටත් ඉදිරිපත් කළ සැමටත් ස්තුතියි !

  • @bandara153
    @bandara153 7 หลายเดือนก่อน +17

    අපි ගුරු ගීතය ගැන කතාකරත් අපිට තුංමංහන්දිය අමතක උනා...
    අබිලිං සිඥ්ඥොගෙ කැපකිරීම, සමහර පරමාදර්ශී ජීවිත තුළද යම් යම් අඩුපාඩු ඇති බව ඒවගෙ හොද පෙරාගෙන අඩුලුහුඩු කම් අයින් කරගෙන ජීවිතය ජයගන්න හොද ආදර්ශමත් පෙලක්....
    වෙලාවකට හිතුනා තණමල්විල කොල්ලෙක් එකෙත් ඒකද උනේ කියලා.

  • @user-iv7ly7xs7z
    @user-iv7ly7xs7z 2 หลายเดือนก่อน +2

    මේ වගේ යුගයක ජීවත් වෙන්න අපිට පින නෑ කොච්චර දුශ්කර උනත් මාරම සුන්දර❤යි

  • @user-lq3tg4yk5g
    @user-lq3tg4yk5g ปีที่แล้ว +26

    කඳුලක් ආවා ජෝ අබේවික්‍රම ශූරීන් සහමහගමසේකරයන් වෙනුවෙන්

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 ปีที่แล้ว +31

    මේ මගේ ගම.මගේ පාසල. ඒ කාලෙ නම රදාවාන මහ විදුහල.සතුටුයි දැක්කම තුන්මන් හන්දිය.

    • @GimsharaVibuthi
      @GimsharaVibuthi 8 หลายเดือนก่อน +3

      මේ film එක කරලා තියෙන්නෙ රදාවාන ගමේමද? ඔය පාසැල තාම තියෙනව ද?

    • @kamalapiyasili3009
      @kamalapiyasili3009 8 หลายเดือนก่อน +2

      ඔව්

    • @gayankumara7848
      @gayankumara7848 8 หลายเดือนก่อน +1

      මොක්කද පාසලෙ නම

    • @kamalapiyasili3009
      @kamalapiyasili3009 8 หลายเดือนก่อน +3

      මහගමසේකර මහ විදුහල

  • @dsengineering145
    @dsengineering145 ปีที่แล้ว +24

    ඒ සියලු නිර්මාපකයින්ට බොහොම ස්තූතියී.❤.

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 ปีที่แล้ว +289

    පසු ගිය දිනක මම ගියා රදාවානේ මේ තුං මං හන්දියට . එතන දැන් හරි දියුණුයි. එතන මම දැක්කා මහගමසේකර මහතාගේ පිළිරුවක් තිබුනා. මේ තැන යක්කල හංදියෙන් කිරිදිවැල පාරේ (මාර්ග අංක 231 ) ගියාම තමා තුංම්මංහන්දිය හමුවෙන්නෙ.

  • @nicemoment7028
    @nicemoment7028 ปีที่แล้ว +49

    අහම්බෙන් හම්බුනා ලස්සන ඇමතුම හැගීමක් අපේ ලස්සන පැරණි සිංහල සිනමාව... මාරම වටිනවා 🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️

  • @mrbeanmrbean-xo7bm
    @mrbeanmrbean-xo7bm 10 หลายเดือนก่อน +20

    මෙම චිත්‍රපටය මේ විදිහට හරි මිනිසුන් අතරට යන එක ගැන මට ඇත්‍තටම ආඩම්බරයි... සීයගෙ තව චිත්‍රපටයක් තියනව "සත් සමුදුර" කියල... ඒකනම් youtube එකේ තිබුණ...❤

    • @user-po1xi6tr4q
      @user-po1xi6tr4q 6 หลายเดือนก่อน

      කවුද සීයා...🤔

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe 4 หลายเดือนก่อน +5

    මම තුන් මං හන්දිය පොත දහ පාරකට වැඩිය කියවා ඇත❤❤❤ සාමාන්‍ය පෙළ රසාස්වාද විභාගයට ආසාවෙන්ම ලීපු රසාස්වාදය එයයි❤❤

  • @RangaPriyantha-mz9ig
    @RangaPriyantha-mz9ig ปีที่แล้ว +52

    තුංමං හන්දියේ අබිලිං අප්පුහාමි ත් මං වගේ ඇස් කදුලින් පිරුනා මගේ හිත කියවපු චිත්‍රපටයක්...ජෝ අබේවික්‍රමයන් ගේ විශිෂ්ට රංගනයක් පුදුම ආදරයක් ඇතිවුනේ...අපේ රට දුයුනු නොවී මේ වගේ තිබ්බනම් මේ වගේ පරාර්තකාමී මිනිසුන් කොච්චර බිහිවෙයිද

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 8 หลายเดือนก่อน +2

      පොතත් අරන් කියවන්න

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 6 หลายเดือนก่อน +1

      Ai oya wage kiyanne

    • @arawindaranasinghe1121
      @arawindaranasinghe1121 6 หลายเดือนก่อน

      ඔය දියුණු නොවී තිබුණා නම් කීවේ වෙන රටක් ද නැත්නම් ඔයාට දෝදු

    • @RangaPriyantha-mz9ig
      @RangaPriyantha-mz9ig 6 หลายเดือนก่อน

      @@arawindaranasinghe1121 විමලරත්න කුමාරගම ගේ අයියනායක කවිපන්තියේ එන මොලයෙන් තමා ලෝකේ සුවය නැතිවුනේ.අන්න ඒගැන මම කිවුවෙ යාලුවා

  • @sithijahasarel4406
    @sithijahasarel4406 ปีที่แล้ว +15

    නොමියෙන ජෝ තාත්ත්වික රංගනයක්. ලස්සන ෆිල්ම් එකක්

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +20

    අග්‍රගණ්‍ය නලු නිළියන් රැසක් දැක්කෙමි.හරිම සතුටුයි

  • @peshaladumidu1718
    @peshaladumidu1718 9 หลายเดือนก่อน +34

    මෙවැනි ලස්සන රටකට රාජපක්ෂ හොර හැත්ත කරපු අපරාධයක් 😭😭😭😭😭😭

  • @ashandihara3814
    @ashandihara3814 ปีที่แล้ว +22

    රදාවානේ මහගම සේකර පාසලට ගිය රදාවානේම ඉන්න මන් ❤

    • @geewananda
      @geewananda ปีที่แล้ว +1

      How wonderful. My father taught there while Sekara was a student!

    • @kanchanaperera5800
      @kanchanaperera5800 ปีที่แล้ว +3

      I too studied there until 1967 .
      Radawana is my home town .
      Sekera , K .Jayathilaka , and D.D Dias ( author of silumina paper ) all studied at Radawana Maha Vidyalaya those days .
      Calm and quiet , uncorrupted era has gone now .!!!!!

    • @kanchanaperera5800
      @kanchanaperera5800 ปีที่แล้ว +1

      These three studied at the same period at this school as far as i know .

    • @JpanLIFE35447
      @JpanLIFE35447 ปีที่แล้ว

      Me also sekara

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 9 หลายเดือนก่อน +1

      ඒ ඉස්කෝලෙ ප්‍රින්සිපල් මගෙ සීය. දසනායක ඉස්කෝලෙ මහත්තය.

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว +21

    දැන් දරුවන් ට දඬුවම් කාලාම ගුරුවරුන් ට ගහන්න එනවා මේ දර්ශනය කොච්චර ලස්සන එදා සුන්දරත්වය අද ස්වභාවික පරිසරයේ th නෑ අතිතය කොච්චර සුන්දර ද

    • @sanjayafernando7941
      @sanjayafernando7941 7 หลายเดือนก่อน

      ගුරුවරු කරන වැරැදි වලට දඬුවම් කරන්න බැරිද එතකොට ?

    • @RaniduJayanga
      @RaniduJayanga หลายเดือนก่อน

      ඒ කාලේ දෙමාපියන්ට ඕනේ වුනේ තමන්ගේ දරුවෝ ලැජ්ජා බය ඇතුව හදාගන්න. දැන් එහෙම ළමයි ගොඩයෝ වගේ අම්මලාට හිතෙන්නේ

  • @ven.sellakataragamagnanala6960
    @ven.sellakataragamagnanala6960 8 หลายเดือนก่อน +12

    අද සංකල්ප දුප්පත්කම කොච්චර ද කියලා තේරුම් යන්නේ මෙවැනි යුගයක මෙවැනි නිර්මාණයක් බැලීමෙන්.

  • @jayanathlk
    @jayanathlk ปีที่แล้ว +11

    තවත් පරන මේ වගේ ෆිල්ම් දාන්න අපි ගොඩාක් ආසයි පරන ෆිල්ම් වලට ස්තූතිය ඔයාලට 🙏

  • @ranjanijathungamage4464
    @ranjanijathungamage4464 ปีที่แล้ว +20

    මේ මම බලපු අපේකම අපට දීපු හොඳම චිත්රපටිය .එක පාරක් නොව කීප වාරයක් බැලුවා .ඒත් එපා වෙන්නෑ.

  • @indikabandaradiwarathna2350
    @indikabandaradiwarathna2350 ปีที่แล้ว +17

    මේ ෆිල්ම් අපිට ගොඩක් වටිනවා..මේ වගේ ෆිල්ම් නිෂ්පාදනය කරපු වර්ෂය නිෂ්පාදකයන් ප්‍රධාන නළු නිළියෝ ගැනත් විස්තරයක් මුලින්ම දාන්න..සමහර දේවල් අත්තටම අපි දන්නෑ..ස්තූතියි ඔබට ඔබතුමාට

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 ปีที่แล้ว +12

    වටිනාම සිනමා නිර්මාණයක්❤️

  • @lakmalisilva6678
    @lakmalisilva6678 8 หลายเดือนก่อน +6

    මා සිත් ගත්තාවූ ඒ ලාලනි
    විජේරත්න වරකාගොඩව අදුර ගන්නත් බෑ
    ඒ කාලෙ films කොච්චර ලස්සනද

  • @GimsharaVibuthi
    @GimsharaVibuthi 8 หลายเดือนก่อน +12

    ලෝක සිනමාව ජයගන්න පුලුවන් තරන් නිර්මානයක් . ජො අබේවික්‍රමයන්ගෙ රගපෑම හිතා ගන්න බැරි තරම් විශිෂ්ටයි. පුතාට රගපාන කෙන ගැන විස්තරයක් නැද්ද....?

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว +19

    නියම චිත්‍රපටය ❤

  • @lakmalisilva6678
    @lakmalisilva6678 8 หลายเดือนก่อน +6

    මමත් මේ කාලෙට වඩා කැමති ඒ කාලෙට හරිම සුන්දර කාලයක්

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 3 หลายเดือนก่อน +2

    මට තාම හිතාගන්න බෑ මෙයාල රගපානවද නැත්තං කවුරුහරි ඇත්ත සිදුවීම් හොරෙන් වීඩියෝ කරලද කියලා. එච්චරට තාත්විකයි. දැන් ඉන්න සීනිබෝල එක්ක මෙයාල මොනතරම් විශිෂ්ඨද. අති විශිෂ්ඨයි

  • @iamknoxpresley
    @iamknoxpresley 8 หลายเดือนก่อน +5

    ඇත්තටම අබිලිං අප්පුහාමිල වගේ ගොඩක් අය ඒ කාලෙ හිටිය😢

  • @MahindaThilakarathna-hu1ff
    @MahindaThilakarathna-hu1ff 7 หลายเดือนก่อน +6

    සිරිසේනට ඉන්න කොල්ල හරිම ලස්සනයි ❤️‍🔥

  • @jagunasena6928
    @jagunasena6928 ปีที่แล้ว +32

    හොඳ චිත්‍රපටයක් පසුබිම් සංගීතය තොරතෝංචියක් නැතිව සවනට වද දෙයි.අපට රසවිඳින්නට එය මහා බාධාවක්

  • @nimalr5111
    @nimalr5111 9 หลายเดือนก่อน +6

    A great movie. I am from Millathe, Kirindiwela which is very closer to Radawana thum man handiya. Almost all actors except Wijeratna Warakagoda are deceased. Great artists and Mahagama Sekara gets the best credit.

  • @kavindananayakkara5125
    @kavindananayakkara5125 8 หลายเดือนก่อน +5

    අතිශය උසස් නිර්මාණයක්. සේකර වැනි විශිෂ්ඨ පෞරුෂ අද සමාජය හරි හැටි කියවා නොමැති කම නිසා අපට ගත හැකි මහගු වටිනා ආදර්ශ කාලයේ වැලි තලාවෙන් මැකී ගොසිනි. ඔබට නිවන් සුව නොපතමි. නැවත අප අතර ඉපදී සමාජයක් කලාවෙන් සුවපත් කරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිමි.

  • @user-fx1do4hm1e
    @user-fx1do4hm1e 2 หลายเดือนก่อน +1

    Maarama watinawa. Jeewithaya gena supiriyatama pahedili wena nawakathawak . ❤❤❤❤❤❤❤❤❤❤

  • @shadiraamani2466
    @shadiraamani2466 3 หลายเดือนก่อน +2

    සිංහල සිනමාවේ යුග පුරුෂයා ජෝ අබේවික්‍රම.❤

  • @asankanuwan4723
    @asankanuwan4723 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පරන චිත්‍රපටි.කොච්චර බැලුවත් එපා වෙන්නැ.

  • @samanthakandamby6799
    @samanthakandamby6799 ปีที่แล้ว +2

    Parani adatath ashawen balanna puluwan nirmana thanks torana

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි.

  • @susanthakumara6312
    @susanthakumara6312 17 วันที่ผ่านมา +1

    ගැමි ජිවිතය කොච්චර ලස්සනද,,,,,,,

  • @shanakasuriyaarachchige451
    @shanakasuriyaarachchige451 ปีที่แล้ว +3

    A Wonderful tribute to Mahagamage Sekara. This is the time we should read more about Sekara. Thank you Torana Team.

  • @altair_1983
    @altair_1983 2 หลายเดือนก่อน +2

    ෆිල්ම් එකේ මුල් ටිකේ ඉන්න ලමයා - 🧒
    උගෙ කටහඩ - 🧔‍

    • @user-es1vo1pr6p
      @user-es1vo1pr6p หลายเดือนก่อน +1

      Film එක රූ ගත කරන කාලයේ එයා ළමාවියේ ....
      හඩ කවන කාලෙ ( ඩබින් ) එයා තරුණ වියට එළඹෙමින් ඉන්නෙ ....
      මේ film එක නිම කරන්ඩ කලක් ගතවුනා ...
      රූ ගත්කිරීම් කළේ රදාවාන ( මගේ ගම ) අවට ප්‍රදේශවල ...
      මම රූ ගතකිරීමක් බලන්ඩ ත් ගියා ...
      ඒ කාලෙ මට වයස අවුරුදු 7 යි !!!!

    • @altair_1983
      @altair_1983 หลายเดือนก่อน

      @@user-es1vo1pr6p wow ❤️😀

  • @VishmithaDenuwan
    @VishmithaDenuwan 8 หลายเดือนก่อน +7

    කොච්චරක් දේවල් උගන්නන්න හැදුවත් ගෙදර වෙච්ච මළගෙදර
    අන්තිම අකුරු පහ හය ගහන්න ඉතුරු වුනේ මාමගෙ අකුරු ශිල්පය...❤
    අපිට හිතන්න තැනක්...

  • @pereraperera2100
    @pereraperera2100 ปีที่แล้ว +6

    ඉස්සර සෙලෝ පට පුදුම ලස්සනයි ❤😘🌹

  • @harithwalisinghe1028
    @harithwalisinghe1028 8 หลายเดือนก่อน +2

    හැම සතියෙම වගේ යන එන තැනක්. තුමංහන්දිය ❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +35

    පුදුම සතුටුයි...සේකර මහත්තය ට නිවන්සුව .....

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว +3

    එකමසාදුකාරයකින්හසුරුවන්නපුලුවන්රටක්අදකොතනද....බුදුන්ට.අපහාසකරන.එකදැන්උගතුන්බුද්ධිමතුන්යයිකියාගන්නාඅවජාතක.අමණයින්ගේස්ටයිල්එකක්වෙලාමිසවෙනදියුනුවක්නෑඋගතුන්ගෙන්සිවුරක්අල්ලගනතර්ක.කරනව

  • @sasikanisansala989
    @sasikanisansala989 6 หลายเดือนก่อน

    Mn radawane.mahagamasekare iga aganna labima satutak you ❤❤❤❤❤adarei mage widu bimata .mage rameshuth mta muna gahune pasalen

  • @user-es1vo1pr6p
    @user-es1vo1pr6p 2 หลายเดือนก่อน +1

    මහගමසේකරයාණෙනි ,
    තු0ම0හ0දියට අදට ත් ඔබ අමතක නැත .
    කාලය බොහෝ වෙනස්කම් සිදුකර ඇත ...
    එදා ගොම්මන් සන්ධ්‍යාවේ තු0ම0හ0දියෙන් ඔබ නික්ම ගියේය ...
    " ඔබ මළ ත් ඔබේ ගී නොමළ බැවින් අපි කෙසේ ගී ලියම් ද ?"
    එදා සනිටුහන්ව තිබූ වැකිය අදට ත් මා මනසෙහි රැදී ඇත ..
    සෝ සුසුම් හද පත්ලෙන් නැගී ආවේ ගිනි දලු ලෙසිනි...
    මැන්දිස් රෝහනධීර වියතාණන් අවමගුල් සභාව මෙහෙයවමින් සිටියේය ...
    මළහිරු බැසයමින් තිබෙද්දී චිතකය ගිණි ගැනුණි ...
    කදුලුවැල් රූරා වැටෙමින් තිබිණ....
    අමරදේවයන් ගේ "මළ ඉර බසිනා සැන්දෑයාමේ " ගීතය ඔබේ පදවැල් ය ...
    එය පසුබිමින් වාදනය වෙද්දී අදුර ත් සමග ඔබ යන්නම ගොසිනි ....
    එදා තාරුණ්‍යයේ අභිමුව සිටි මම සොවින් බරව , හුදකලාවම නිවස කරා පිය නැගුවෙමි ...
    ඈත අහස අග්ගිස්සෙන් රත් පැහැ හිරු නොපෙනී යනු මා බලා සිටියේ වාවා ගත නොහැකි ශෝකයකිනි ...
    අඩ සිය වසක් ගත්වූවද එදා අත් විදි ශෝකය අදටත් දැනෙන්නා සේ ය ...
    රදාවාන නිජ භූමියෙන් බිහි වූ තවත් එක් කලාත්මක , සන්වේදී හදවතක සිතිවිලි මෙලෙසින් සටහන් කරන්නෙමි !!!!!

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +15

    මෙච්චර කාලයක් තුං මං හන්දිය නොබැලූ මං
    🤪

  • @econsukitha127
    @econsukitha127 9 หลายเดือนก่อน +2

    අපේ පැරණි ගම්වල අපේ ජීවිත කතා

  • @nuwanchameera1272
    @nuwanchameera1272 6 หลายเดือนก่อน

    Godaak sthuthi mewanu watina film 🎥 🎞 pradarshanaya karanwata🙏🙏🙏

  • @tuan4u71
    @tuan4u71 6 หลายเดือนก่อน +1

    Old is gold flim thanks torana

  • @maheshchandrasekera5220
    @maheshchandrasekera5220 ปีที่แล้ว +10

    අපේ සිනමා ලකුනක්❤

  • @user-wm5rt2by8g
    @user-wm5rt2by8g 7 หลายเดือนก่อน

    Godak lassana fillm ekak..mage hitha wasata ganak athethayata gena giya..as kadulin theth una nodanèma

  • @NalikaKalpani
    @NalikaKalpani 12 วันที่ผ่านมา

    2024 බලන්නේ. ගොඩක් ලස්සනයි

  • @damithlakmal3208
    @damithlakmal3208 ปีที่แล้ว +3

    පින් සිද්ධ වෙනවා ❤ කෙල්ලෙක් ඒ හැමදෙනාටම

  • @dumindasamarawickrama3795
    @dumindasamarawickrama3795 10 หลายเดือนก่อน

    thanks for the uploading , old is gold

  • @chathurkaweerasinghe
    @chathurkaweerasinghe 4 หลายเดือนก่อน

    dn tiyana film wlt wda mewa kochchara lassanada❤❤❤❤❤ one of my favourite❤

  • @sandyatharangani1474
    @sandyatharangani1474 8 หลายเดือนก่อน +1

    Enna ape gamata Api Radawana Thumman handiye ❤ Sekara hitapu dakapu than balanna

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 9 หลายเดือนก่อน +3

    R A සිරිසේන කියන්නේ මහගම සේකරගේ ජීවිත කතාව බව හැගෙයි

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 ปีที่แล้ว

    in Appreciation

  • @adoldon
    @adoldon ปีที่แล้ว

    Thanks

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 8 หลายเดือนก่อน

    මේ වගේ චිත්‍රපට බලන්න මාරම ආසයි

  • @KeshmaSwetha-qo4he
    @KeshmaSwetha-qo4he ปีที่แล้ว +4

    mahagam sekara nomiyana namayaki ape hada thula ❤️‍❤️‍

  • @sudanthamadushan1810
    @sudanthamadushan1810 ปีที่แล้ว +1

    Me thiyena ඉස්කෝලේ ape game thiyenne.. mama igana gaththeth e iskole.

  • @user-qw2je5fn3u
    @user-qw2je5fn3u 16 วันที่ผ่านมา +1

    කවුද රසාස්වාදය විචාර ලියන්න මේක බලන්නේ

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +3

    ආ පරණ එකක්.
    බොහොම ස්තූතියි මහත්තයා.

  • @SithuminaGroups
    @SithuminaGroups ปีที่แล้ว

    ස්තුතියි මැතිතුමනි

  • @chandanisubhasingha8172
    @chandanisubhasingha8172 7 หลายเดือนก่อน

    hitha hoda ekaata hamadaamath ohoma thamai

  • @swetha744
    @swetha744 3 หลายเดือนก่อน +1

    🥺❤

  • @hughglass8281
    @hughglass8281 8 หลายเดือนก่อน

    SriLnkan best ever joe❤

  • @wasanthadasanayake2961
    @wasanthadasanayake2961 5 หลายเดือนก่อน

    Great Film. Great Director

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 6 หลายเดือนก่อน

    Joe Abeywickrama❤

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 ปีที่แล้ว

    Supiriyak tamai

  • @vidanapathirana3005
    @vidanapathirana3005 7 หลายเดือนก่อน

    Hareeema lassanai kathawa 💕💕💕💕💕

  • @Micmahesh-o4x
    @Micmahesh-o4x 9 หลายเดือนก่อน +1

    මෙව්වා සිනමා❤❤❤ ජෝ

  • @udeshdilshan3837
    @udeshdilshan3837 2 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ❤❤

  • @media_sameera_herath
    @media_sameera_herath 9 หลายเดือนก่อน

    Thank you

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 ปีที่แล้ว +2

    මගේ අම්මගෙ ගම මේ...

  • @dissawije8544
    @dissawije8544 11 หลายเดือนก่อน +2

    අපේ ගමෙත් මේ වගේමයි.හැබැයි ඔච්චර දියුනු නෑ.හේන් ගොවියො තමයි වැඩිපුර.දඩයම් කතාබස් හරිම රසවත්

  • @pasinduweerasuriya6136
    @pasinduweerasuriya6136 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️ රගපානවද කියල හිතන්නවත් බෑ

  • @ramiaramia2917
    @ramiaramia2917 9 หลายเดือนก่อน

    නියමයි ❤❤❤❤❤

  • @user-fy3wq6rb8z
    @user-fy3wq6rb8z 9 หลายเดือนก่อน

    "නිර්මාණ"❤❤❤❤

  • @agnesperera1065
    @agnesperera1065 ปีที่แล้ว

    The is a film nice

  • @user-iv7ly7xs7z
    @user-iv7ly7xs7z 2 หลายเดือนก่อน

    කතාව කියවල තිබුන නිසාම් බලන්නත් ආසම හිතුනා..❤

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว

    Very good ❤

  • @ranjithkumara8449
    @ranjithkumara8449 11 หลายเดือนก่อน +1

    තුන් මං හන්දිය ❤❤

  • @chandanisubhasingha8172
    @chandanisubhasingha8172 7 หลายเดือนก่อน

    kalu sudu unaata adatath wadaa lassanak dakinna puluwan. wishoshtai

  • @pathmasirielpitiya1211
    @pathmasirielpitiya1211 7 หลายเดือนก่อน

    Excellent