ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගාලු කොටුව උඩ හිටගෙන අභී ඔය සිංදුව කියනකොට හුස්ම ගන්නත් අමතක උනා ❤ මුහුද තවමත් අපි දිහා බලාගෙන ඇති නේද?
❤❤❤
❤❤
0
තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැණෙනවා... නමුණුකුල බර දරනවා ගයනකම් මග බලනවා දන්නවද ආදරේ නීතිය දැණුනු තරමට රිදෙනවා.... කාලේ නැවතුනු තැන තාම මම ගාලු කොටුවත් කියනවා තාම හෙවණක් නැති අහස යට අළුත් හදවත් හඬනවා තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහළට ඇදෙනවා කලු ගලක් බව හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා .. විග්රහ කරන්නකෝ ...
නැතුව ඇති මුහුදටත් වෙන වැඩ ඇතිනෙ
විශ්ම ලෝකය පද්මිණී කුලරත්න ඝාතන කතාව බලලා ආපහු මේ සිංදුව හොයාගෙන ආව අය කෝ.....🥺
@@nisansalakumara1461 මොකද හිනාවෙන්නෙ. මේ ඒ ඝාතන කතාව
E hindama thamai math baluwe...😢
Puduma dukak.denunee 😢😢 math awe eka balala.😢
@@UthpalaBalasooriya-oo8bk hmmm....🥺😭
මමත් ආවා
මේ කලා කෘති වල ලොකුම ගෞරවය හිමිවෙන්න ඕනෙ අභීට . අපි දෙන්න අතර සිදුවූ දුරකතන ඇමතුමකින් ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මෙච්චර ලස්සනට ඔබට ලබාදීමට අභී වෙච්ච මහන්සියට හා මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට බොහොමත්ම ස්තූතියි. ඒ වගේම මෙහි සංගීතය නිමවපු මගෙ සහ අභීගේ හදගැස්ම අඳුනන ලහිරුට, සංගීතය සැපයූ වාද්‍ය ශිල්පීන්ට සහ විඩියෝව මෙච්චර ලස්සනට හදපු චාරුක ඇතුළු මුළු කණ්ඩායමට සහ මෙහි රංගනයෙන් දායක වූ චමත්කාට මාගේ හදපිරි ස්තූතිය. ඩිජිටල් වැඩ වලින් දායක වූ ශානක සහ ප්රබෝධටත් බෙහෙවින් ස්තුතිය. ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්නට අභීට හද පතුලෙන් සුභ පතනවා❤
වචන වල අයිතිකරු / නිර්මාණකරුට හදවතින් ප්රණාම පුදමි...❤ අභීගේ හඬත් ගීතයට කරෙන්නේ හොඳ සාධාරණයක්. සුබ පැතුම් ❤
❤❤❤❤❤
මේඝ…ට පණ දුන්නට ස්තූතියි….මිහිදු! ඔබ වෙනස්! 🙏🏻🔥❤️
🖤🖤🖤🖤
@@lahirudecosta5433❤️
මම දැක්කා කෙනෙක් ඉල්මහේ කුරුල්ලෝ සින්දුවට දාලා තියෙන ව 2023 හොදම SL සින්දුව ඒක කියල .ඒකට 2.8K likes..ඒත් අභීගෙ සින්දු ඉස්සරහා ඒ හැම සින්දුවක්ම අතදරුවෙක් වගේ...😢❤
😢
ඒකනන් ඇත්ත ❤
Ow❤❤❤❤❤
අනිවාර්යෙන් ♥️🥰 මේවා එක්ක බලද්දී ඒවා නිකන් සීනි බොල වගේ ♥️
දන්නවද අභී අක්කේ..මමත් ජීවිතේ හරිම ආසාවෙන් පටන් ගත්තේ පවුලක් විදියට ජීවිතේ හරිම ආසාවෙන් ගෙව්වේ ගාල්ලේ..ඒත් ඒ ආදරේ ආසාව නැති වෙලා හදා ගත්තු පවුල කැඩිලා ගියෙත් ඒ සුන්දර ජීවිතේ මට දුන්න ගාල්ලේදීමයි.සිංදුවේ වීඩීයෝ එකේ කතාවම එකක් නෑර සිද්ද උනා.කාබරේක හිර කරා.සමහර විට තවත් කල් හිටියා නම් මරනය උනත් ලැබෙන්න තිබ්බා.මේඝලා , වගේ පිරිමි ඉන්නවා ඒ වගේ අනියම් ගැහැනුත් ඉන්නවා ඒ අය කවම දාවත් අනික් අසරන හිතට මොනාද වෙන්නේ කියලා චුට්ටක් වත් හිතන් නෑ.කාලය කොච්චර ගෙවුනත් එකම තැන වෙනස් විදියට එකම කතාව වෙනවා.මේ වීඩියෝ එක බැලුවේ මම අද.සමහර විට ඔයා මම වගේ තව අයගේ හිත් කියවන්න ඇති අභී අක්කේ..මිනිස්සුන්ට ආදරේ බෙදා ගන්න පුළුවන් ඒත් ප්‍රේමය බෑ.ප්‍රේමය අසම්මත නෑ අසම්මත සම්බන්දකම් විතරයි.ඉතින් එහෙම අසම්මතේ හැසිරෙන මිනිස්සු ඇත්තටම සතුටින්ද..ලෝකේට පෙන්නන තරන් සතුටින් ද???
තමන් පණ වගේ ආදරේ කරන පිරිමි පපුවක් වෙන කෙනෙක් එක්ක බෙදා ගැනීමම ගැහැනියකගේ මුලු ආත්මයම මිය යාමක්......💔😢
Hmm
හ්ම්ම්ම්😊
ඇත්තටම ඒක හරිම අමාරුයි 😓කසාදය කොලයකට සීමා වුනාම ඇත්තටම ගැහැනු පුදුම තරම් දුක් උහුලනවා..තමන්ගේ ජීවිතේටවත් ආසාවක් නැතිව යනවා..ඒත් කොයිතරම් අමාරු වුනත් ඉපදීමත් තනියෙන් මැරෙන්නෙත් තනියෙන් කියා හිත ශක්තිමත් කරගෙන තමන් එපා නම් කෙනෙක්ට යාමට ඉඩ හරින එකයි හොදම.සැහැල්ලු සරල දිවි පෙවෙත ඕනාවට වඩා බැදීම් කෙරෙහි නොබැඳි උපේක්ෂාවෙන් ජීවිත් වීම , තමන්ට හිරිහැරකාරී පරිසරවලින් ඉවත් වීම ,තමන්ට පලමුව ආදරේ කිරීම අපේ ආත්මයේ සතුට රැක දෙනවා.සතුට පරම ධනයයි.එය මිල කල නොහැකියි.👍
ඇත්තටම ඒක හරි...මුලු හදවතම රිදවගෙන කඳුලු මුහුදක පීනනවා හැමදාම....දරුවන් නිසා ජීවත් වනවා හැර...මේ ජීවිතය මැරුණෙ ..මම මගේ පණටත් වඩා ආදරය කරපු පිරිමියා එයාගෙ බිරිඳගේ ස්ථානය වෙන ගැහැණියක් එක්ක බෙදා ගත්තා කියලා දැන ගත්ත දවසෙ...කොච්චර ආදරේ කලත් තමන්ගෙ බිරිඳ නොවටින ඔහු මතු උපදින කිසිම ආත්මෙක මට මුණගැහෙන්න එපා.......🙏🙏🙏🙏😓😰🙏
ඒ වේදනාව විදින කෙල්ලෝ 🥺💔අපි හරි පවු
මම දැනගෙන හිටියා,ආදරේ නීතිය නම් නෙවෙයි,අභී අදත්,මතක අවුස්සලා රිද්දන බව,,,ඉතින් මේ රිදවීමත් හරි රහයි අභී...ඒ තමයි අභීගේ නීතිය....❤️
She is grate😊
ඒක ඇත්ත. ආදරේ කරන්න ගාලු කොටුවට නොගියට ආදරේ කරන්න. මේ සින්දුව අහනකොට ගොඩාක් දුර මතකයකට ගියා.😢😢😢 පරිනතයි කියලා හිතුවට ගෑනු අපි හරි බොලදයි..😢😢 රිදුන තරමට දැනේනවා...දැනුන තරමට රිදෙනවා...ඒ තමයි ආදරේ නිතිය....( අහන් ඉන්න බැහැ ඒ තරමටම ඇඩෙනවා😂😂)
රිදුන තරමට දැනෙනවා..දැනුන තරමට රිදෙනවා..❤
තාම මං මේ අහනවා ❤
විශ්ම ලෝකය බලලා ආපු අය කෝ ❤️👇
Mn 😣
😌❤️👍
❤
ඒ සිදුවීම නැවත මතු වුණේ අභිශේකා ගේ සින්දුව නිසා 😢❤❤❤
Math
බිඳුනු වීදුරු ඇස් නිසාආත්මය මගෙ මිය ගියානොකියවන බව දැන දැනම ලියුකවිය නෙතු අග බොදවුනා පිදූ නිකලැල් පෙම නිසා ඉතිරිවූ කැලලක් මකාජිවිතේ සමු අරන් යන්නම්අවසරයි සුභ, පතමි මා - අභී -................ 🥀නූඹ නිසා මා නිවෙනවා ඈ නිසා මා දැවෙනවාආදරය ඉතිරිච්ච ලැමකින්විලාපය අද ඇසෙනවා...වරද කාගෙද හොයනවාදහස්වර මා යදිනවානොයා සමුගෙන ඉන්න තිබුනාමා අදත් පසු තැවෙනවා....- මේඝ -............... 🥀අයිති නැති බව දන්නවාදැන දැනම මම බැදෙනවා ආදරේ ඉතිරිච්ච හදකට රාග ආශා හැගෙනවා නුරා දෑසේ එතෙනවා ඈත් වෙන්නට සිතෙනවා සිතෙන හැම තත්පරේ ගානෙමආයෙමත් මා බැදෙනවා වරද කාගෙද හොයනවාඅභී මට දුක හිතෙනවාමේඝ අභියස දෑත් දිගුකර ආත්මෙට පින් යදිනවා....🙏🏻💔- චමත්කා-ආදරේ නීතියේ අභියස මේක තුන් කොන් කතාවක්.....🥀💔ගයනි සුදසිංහ ✍️🏼✨️
❤🎉👌👍🙏
Harima lassanai digatama liyanna🤗
කමෙන්ට්ස් බැලුවාම පේන විදියට හැමෝම ආදරේ නිසා විදිනවා නෙවෙයි විදවනවා..😢
😢😢😢
Oyata vidinna hoda adarayak lebenna oni❤
😢😢
Aadre nisa hira gedra duk windapu ayt innawa ahetukaws😢😢😢😢
Hm😢
ගාල්ල කොටුව සමුද්‍රසිරි නිවසේ සිදු වු පද්මිණි කුලරත්න ඝාතනයේ දුක්බර සත්‍යය සිදුවිම පාදක කරගෙන නිම වු ලස්සන නිරිමාණයක් ❤
Mokkd e ekthwa
ඒ නම search කරලා බැලුවම තමයි දැනගත්තේ...Thank You
@@RuWee_හිමගිරි අරණ නාටයය බලන්න..ඒක පද්මිණී කුලරත්නගේ කථාවයි..හරිම දුක්බර කථාවක්..
Me gana wishma lokaya vedio ekak dala thibba. Eke comment ekak dakaly awe. Attama harima Sanwedi 😢 ...😔 kisima gahaniyakuta mewan wipathak sidu nowewa 🙏
Me katawa mata ape amma kiyala tiyanawa mage tathta ea kale idala tiyenne ealaga gedaraka rent ekata mage aachchi oya gena hodata denagana idala tiyanawa
මේක නම් මගේම ආදර කතාවේ කොපියක්මයි......මීට අවුරුදු 2-3කට කලින් ආදරේ කරා ගාල්ලෙ ගෑනු ලමයෙක්ට..මම කොළඹ....මාසෙකට එකපාරක් එයාව බලන්න ගිහින් දෙන්නත් එක්ක ගාලු කොටුවේ ඇවිදින්න ගිහින්,ගාලු කොටුව වටේම අත් අල්ලන් ගිහින් ,පිටිපස්සේ පාරේන් ගිහින් මුහුදු රැල්ල පාගන්න ගිහිල්ල ආපු ඒ අතීතේ අදටත් මතක් කරගෙන තනියෙම ගාල්ලෙ ගිහින් මම තනියෙන් ඒ පාරවල් දිගේ ඇවිදිනවා...තනියෙන් ඒ මුහුදෙ රැල්ල පාගපු තැනට ගිහින් බලන් ඉන්නවා...ඒ යන එනකොට මාව පහුකරන් යන කපල් දැක්කම අපි දෙන්නව එයාලගෙන් මැවිලා පේනවා...කොහේ හිටියත් අදටත් එයා ලස්සනට පරිස්සමට ඉන්නෝනී....එයා වෙන කෙනෙක් එක්ක හරි අපි ගියපු පාරේ යන ගමන් මට හමබ වෙන්න කියලා ප්‍රාර්තනා කරලා හැම මාසෙම ගාලු කොටුවේ තනියෙම මම ඇවිදන් යනවා
😢❤
❤️👍
අනේ,, 😢
ඔහු මේක දකිත්වා, ඔහුට මාව සිහිවේවා!!වැරැද්දක් කල බව වැටහේවා!!ඔහුට මෙය දැනේවා!!නිතර මාව සිහි වේවා!!නැවත මෙය නොකරත්වා!!සසරෙ ආයෙ ඇහැට කදුලක් දෙන මිනිස්සු හමු නොවේවා!!!😢🙏
මිහිදු ආරියරත්න ගේ වීඩියෝ එක බලන්න මේ සින්දුවෙම දෙවෙනි version එක..👍
මගේ ප්‍රාර්ථනයද එයයි😢
🙏🙏🙏🥺 ඔව් එහෙම වෙන්න ඕනි.
එත් එයාට ගනක් නැ ගැනු විතරයි විදවන්නේ කවදත් හිත හදගත්තා කිවාට හැමෝම මොහොතේ ම හිතෙන් දුක් වෙනවා කලුගලක් කියලා හිතුවට ගැහැනු හිත් හරිම බොලදයි ආදරේ අභියස 😢😢😢
එය එසේම වේවා..සහෝදරිය..🙏🙏🙏
"අභී" කියන්නේ ඇත්තටම "භාවනාවක්""හිත නිවන කවියක්'"ආදරෙයි ❤️
😅🤮🤢
ලියන බව මං දන්නවාවචන පපුවට අනිනවාදන්නවද නුඹ නොදත් පදවැල්සුළඟෙ මුසු වී හමනවා...තාම හවසට සුපෙම් විහඟුන්පවුරු මත්තෙන් ඇදෙනවාඑදා නුඹ මා සිහිව වෙන්නැතිගාලු අහසත් අඬනවා...ගීතයට තව වදන් කුමටදආදරේමැයි කියනවා🤍මේක මාරයි අභී!
සරළවම කියනවනම් කලාවේ පිනට පහල වුණු එකම කලාකාරිණිය🥺🥺 අභී......❤මේ තරම් නිහතමානී ,සංවේදී කටහඩකට පුලුවන්ද කෙනෙක්ගේ හදවතේ සියුම් තැන් පවා ස්පර්ශ කරන්න. ඇත්තටම ඇයට ඒ සදහා තියෙන්නේ පුදුමාකාර හැකියාවක්.🥺
අභී සිංදු ලියනවා..පුරුදු විදියටම ඇඬෙනවා..ඒ තමයි අභීගෙ නීතිය❤❤
දන්නවාද ආදරේ නීතිය එකම කතාවේ දෙන්නෙක් හිතන විදිහ බලන්න හොද නරක කියන්න අමතක කරන්න එපා ❤. A Film by Charuka Dushyantha
Harima nirmanathnakai ❤❤❤
Best creation ❤❤❤❤❤❤ Good luck
ඔයාගෙ වැඩක්නම් ඉතින් ආයේ වචන නෑ ,ඒවගේම අභිගෙ වොයිෂ් 👌👌❤️❤️🎶🎶❤️❤️
SuperB
ජීවිතේ මොනා බෙදා ගත්තත් පිරිමි පපුව තව හිතක් එක්ක බෙදා ගන්න ගෑනු අපිට බෑ😢 පරිනතයි කියලා හිතුවට ගෑනු අපි හරි බොලදයි මේඝ 🥺 ඒකයි මැනික කීවහම ඒ වචනෙනුත් ගෑනු අපි හරි ඉක්මනින් නිමෙන්නේ ❤ රිදුනු තරමට දැනෙනවා දැනුනු තරමට රිදෙනවා 🖤
සමහරුන්ට වැරදිලාවත් අපි රිද්දන්නේ නෑ කියලා හිතුවට - ඒ අය අපිට හොදටම රිද්දුවා...ඒ නිසා මේ කතාව ඇත්තක්...දැනෙන තරමට රිදෙනවාරිදෙන තරමට දැනෙනවා 💔තව පොඩි දෙයක් වැට්ටුව තරමට නැගිට්ටේ ආයේ කවදාවත් වට්ටන්න බැරි විදිහට 😇...සුචී 🌷
❤අභී අක්කේ,ජීවීතේ කොතැනක හරි හැම ගැහැණියෙක් ම ඔය දේ යාන්තමට හරි විදලා හිත් රිද්දගෙන ඇති.....ආදරණීය අභී සියක් ආයූ ලැබේවා...❤
තාම නුඹ ගැන කවි ලියනවා..නොකියවන බව දන්නවා..දැන දැනත් මං තව බැදෙනවා..ආදරේ මේකද හිතෙනවා..මග තොටත් මල් පිපෙනවා..නුබේ සුවදම දැනෙනවා..මල් දුමට ළය දිරනවා...හැමදාම මුහුදට කදුලක් වැටෙනවා..නුඹ අරන් ගිය හිත රිදෙනවා..ඇස් දෙකත් කදුලින් පිරෙනවා..රිදෙන තරමට දැනෙනවා..දැනුන විට මට රිදෙනවා..#සලලලලා #මනස්කාර #manaskara
'තාම ඉදහිට රිදී නූලක්පපුවෙ ඉහලට ඇදෙනවා...කලුගලක් බව හිතන් හිටියටකදුලු මුහුදට වැටෙනවා.........." I felt it 🙂🥀----
පද්මිණි කුලරත්න ගාතනය ඇහුනු ගමන් අනිත් අතට අබිශේකා ඔයාගේ ගීතය රසවිදින්න ආවා. මොනතරම් සල්ලී දෙපළ තානාන්තර ලස්සන තිබුනත් ගැහැනියක් මොනතරම් අසරණයිද අදටත් ඒ දරුවෝ ඇතිනේ මේවා අහන්න දකින්න. මොන ගැහැනියද කැමති පිරිමි පපුවක් බෙදාගන්න. ඇත්තටම ඔව් ඕනෑම දෙයක් බෙදාගන්න ගෑනියෙක්ට පුළුවන් උනත් පණවගේ ආදරේ කරන ආදරණිය ස්වාමියාට හෝ බිරිදට වෙන කෙනෙක් ලංවෙනවා කියන්නෙම ඒක ගිහි ගෙයක් නෙමෙයි ගිනි ගෙයක් මේක එක කතාවක් උනාට උසාවියකට ගිහින් බලන්න ඕනේ විවිදාකාර කතා 75 % තියෙන්නේ පව්ල් අව්ල් නඩු ඒ කොහොම උනත් තද නීතියක් තිබුනා නම් මෙතරම් නොමගට ගිය දරුවන් ඇති වෙන්නේ නෑ. විවාහය අසාර්ථක උන ගමන් දරුවෝ තැනින් තැන අම්මා රස්සාවල් වලට යනවා රට යනවා.
ඒක හරිම.දරුණු හැඟීමක්, නොදැනෙනවා කියල දැන දැනත් නොවෙනස්ව ආදරේ කරන එක නොබලනවා කියල දැන දැනත් දුක දරාගන්න ලියන එක ඒක හරි දරුනු හැඟීමක්ආපහු හැරිල බලන්නෙ නැහැ කියල දැන දැනත් අපි නැවතිලා බලං ඉන්න එක අපි අතින් අල්ලං එක්කන් ආපු මගේ වෙන කෙනෙක්ගේ අතේ එල්ලිලා යන විදිහ බලාගෙන ඉන්න වෙන එක ඒක හරි දරුණු හැඟීමක් එකම අරමුණ අතරමග කඩාගෙන වැටුනම අඬන්න ඕනෙම වෙලාවට වහින්නෙ නැති උනාම කඳුලු හංගන්න අලුත් ක්‍රමයක් හොයන්න උනාම ඒක හරිම දරුනුම හැඟීමක් නොදැනෙන බව දැන දැනත් නොපෙනෙන බව දැන දැනත් වෙනසක් නැතිව ආදර කරන එක
ඇත්ත ගෑනු හරි බොළඳයි....ඒ නිසාම දැනුනු තරමට රිදෙනවා..රිදෙන තරමට දැනෙනවා..😢😢 බුදුසරනයි සම්බන්ධ වුන හැමෝටම
පද්මිණි කුලරත්න ඝාතනය! කවදාවත් හිතුවේ නෑ ඒකට ගීතයක් නිර්මාණය වෙයි කියලා.ඔයාගේ කටහඬ හරිම ලස්සනයි අභී.එයාටත් කියන්න කතාවක් තියෙන්න ඇති.මහා වේදනාවක් හිතේ තියන් මේ ලෝකෙන් යන්න සිද්ධ වෙන්න ඇති.ඒක ඔයා ලස්සනට වචන වලට පෙරලලා.හිතට ගොඩාක් දැණුනා අභී 😢💔මොනවා බෙදාගත්තත් කිසිම ගැහැණියක් තමන්ගේ පිරිමියාව බෙදාගන්න කැමති නැහැ..මහා වේදනාවක් හිතේ හිරකරන් යන්න වුන ඇයට මම සංසාරේ කවදා හෝ අවංක පිරිමියෙක්ගේ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඇයට නොලැබුනේ ඒ දේ.. හිතට ගොඩාක් දෑණුනා
ඒ කතාව කියන්නකො
youtube.com/@yathura5461?si=TL7g-Vwd6fPikRGQ
@@sepalithakshila8352එයාගේ මහත්තයා එයාට වස දීලා මරලා 🥺
@@sepalithakshila8352 u tube thiyanava balanna❤
@@sepalithakshila8352youtube eke vistaraya tibba story eka...
ලංකාවෙි පලවෙනි වතාවට music වලින් අලුත් වැඩ කරන අභී ඇත්තටම හොඳ දැක්මක් තියන මැණිකක් වගේ අපේ රටට..😍 ඒ වගේම මිහිඳු එක්ක මෙි combination එක මාරම ලස්සනයි...එකම දේකින් අයින් වෙලා වෙනස් දේවල් try කරන ඔයලට තවත් ඒ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙිවා...❤️🌸
කාගෙ කතාව වටා ලියැවුනත් මේ ගීතය ගොඩක් අයගෙ හිත් වලට සමීපයි. "තාම ඔබ ගැන ලියනවා,නොකියවන බව දන්නවා... දන්නවද ආදරේ නීතියදැනුනු තරමට රිදෙනවා"මාත් ලියනවා... අවුරුද්දක් දෙකක් නෙමේ අද වෙද්දි අවුරුදු 15. ඒත් මම ලියයි මේ කවිය ජීවිත කාලෙම. ඒ මතකෙත් එක්ක. ඒක හරි පුදුමයි. අපි හැමෝම කොයි තරම් වයස ගියත් එක තැනක නැවතිලා එතනටම වෙලා සුසුම් හෙල හෙල ඉන්නවා. එහෙමම මැරිල යනව. ලෝකෙටම ඒ ගැන නොකියා. "තාම ඉදහිට රිදී, නූලක්පපුවෙ ඉහලට ඇදෙනවා..."
ඇත්තටම මේ නිර්මාණය හොද නිර්මාණයක්. හරි ලස්සනට කරලා තියන්නවා .අක්කි ඔයාට තව මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ලැබෙන ඔනා. හිතට දැනෙන විදිහට මේ සිංදුව කරලා තියන්නවා හරිම ආදරෙයි ❤
නුඹ තවත් වතාවක් හදවත ඇතුළට කතා කලා...දැනුන තරමට රිදෙන....රිදෙන තරමට දැනුනා....සුභ පැතුම් සහෝදරිය ඔබේ හඩ භාවනාවක්...
Adawanawa me kella hemadama lassana Puthe adarei
කොඉන්ද අභී මේ ලස්සන වචන එන්නෙ. වීඩියෝ එකම හුස්ම හිර කර ගෙන බැලුවා ඔයා හැමදාම අපිව ඔය ලස්සන ගැලපිම් ඇතුලෙ හිර කරනව
ඇත්තටම මට තාම වයස අවුරුදු 13 යි.ඒත් මං අභිෂේකා මැඩම්ගේ සින්දු ඔක්කොම අහනවා . තේරුමක් තේරුම් නැති උනාට හරියට ඒ කටහඬට වශී වෙලා වගේ . ඔබතුමියට මං සුභ පතනවා ඉදිරියටම යන්න . හිත නිවෙනවා ඔයාගේ කටහඬ ඇහුනම . ආදරෙයි ❤❤❤❤❤🔥
ඇත්ත ආදරේ නිසා ගොඩාක්ම රිදිච්ච තැන් වල ගොඩක් දැනුනා... ඒ අය ගොඩක් රිද්දුවත් රිදි රිදි ඒ අය ලග ඉන්න ඕනේ උනා ඒ ඇස් මන් හැර වෙන කෙනෙක් හොයනව කියල දැනගත්ත දවසේ මන් මැරුනා ආදරේ නීතිය ඇත්තක් ABI...❤ මගේ ඇස් තාමත් විදවනවා ..
බලන්න හොදට මේකෙ අවසන් දර්ශනය දිහා..දෙවෙනිකාන්තාව සමග මේඝ පැන් වඩද්දී අභීගේ මියගිය ආත්මය පැමිණ බලාගෙන සිටින ආකාරය..මේ අවසන් ප්රශ්නය අහන්නේ ඇයගේ ආත්මය..🥺🥺🥺
මේග කියන්නෙ කවුද?
❤ඒ වචන.......ඇබ්බැහි වන සුලුයි ❤ අපූරු නාද මාලාව...රූප රාමු පෙළ සහ හිතට දැනෙන්න කතා කරන ඒ හඩ.....👍❤️🔥
වචන වලට පුළුවන් ද මේ වගේ හිත් ඇතුලට රිංගලා මොහොතකට හිත් ගස්සන්න. අභී ඔයා හදවතට කතා කරන හදවතේ ගායිකාව වෙලා ඉවරයි. 🥺❤️🩹
ආදරේට නීතියක් හදපු , ඒ හිත් වලින්'ම ඒ නීතිය කඩපු ව්‍යාජ නොමිනිසුන්'ට හොඳම රිදවීමක් ! සුභ පැතුම් අභී ! ❤
අභීගේ වීඩියෝ එක අනුව පෙම්වතා ව්‍යාජ මිනිසෙක්.හැබැයි මිහිදුගෙ වීඩියෝ එක අනුව මේ පෙම්වතා දුශ්ටයෙක් නෙමෙයි .🥺🥺❤
අහන්න කලින්ම බයක් දැනුනා , හිත රිදෙයි කියලා, හිත රිද්දන අභී, ඔබ ප්‍රේමයේ සියුම් තැන්, හරි පරිස්සමට පිහි තුඩින් පාරනවා ඒත් ඒක මිහිරියි. ආදරේ යි අභී😘🥺😘😘😘😘😘😘
ආදරනීය අභි, තාම ඔබ ගැන ලියනවානොකියවන බව දන්නවා. ගැහැනියක් සමාජයට නොපෙන්වන ශෝකාන්තය හරි අපූරු ලෙස ගීතය ආරම්භයේදී ම ඔබ අපට දනවන අයුරු හරි අපූරුයි . මේ ලෝකේ ජීවත්වන බොහෝ ගැහැනු තමන්ගේ දුක් අඳෝනා පොත් ඇතුලේ නොලිව්වාට හිත් ඇතුලේ කොච්චර ලියනවා ඇත්ද? ගොඩාක් පිරිමින්ට කවදාවත් ඒ හිත් ඇතුලේ ලියවෙච්ච දේවල් කියවන්න තේරුම් ගන්න බෑ. පිරිමි ආදරයක් ඇතුලේ ගැහැනියක් නිවෙනවා. නමුත් ඒ පිරිමි ඇස් වෙන ගැහැනියක් සොයන බව දැනගත් දවසේම ඈ හදවතින් සිය දහස් වාරයක් මිය යනවා. නමුනුකුල බර දරනවාමෙවන් අවස්තාවක ට මුහුණ දුන් ගැහැනිය කෙතරම් බරක් හිත තුල තෙරපාගෙන ඉන්නවා ඇත්ද? විටෙක ඇගේ සමාජ පසුබිම පවුල් පසුබිම නිසා කිසිවෙකුට කීමට නොහැකිව ඈ තනිව ඒ දුක දරාගෙන ඉන්න අවස්තා ඕනා තරම් සමාජයේ අපට දකින්න ලැබෙනවා. ගැහැනියක් මුලු හදවතින් තමන්ගේ සැමියාට ආදරය කරයි. විටෙක ඔහු කෙතරම් වැරදි කරත් නැවත ඔහුට සමාව දීමට තරම් ඇගේ හිත පෙලෙන්නේ ඒ ආදරය නිසයි. තාම ඉඳහිට රිදී නූලක් පපුවේ ඉහලට ඇදෙනවාකලු ගලක් බව හිතන් හිටියාට කදුලු මුහුදට වැටෙන්වාකොයිතරම් අමතක කරන්න හැදුවත් කොතරම් කාලය ගෙවුනත් කවදාවත් අමතක කරන්න බැරි රිදුමක්. කලු ගලක් සේ කොතරම් හිත දැඩි කරගෙන හිටියත් ඒ දුක දරාගන්න බැරිව ලොවට රහසින් ඉකිගසන ගැහැනියට රිදුනු තරම් දනෙනවා , දැනුනු තරම් රිදෙන බවට මේ ගීතය පෙන්වා දෙනවා. හැම ගැහැනියෙක්ම කැමති තමන්ගේ පිරිමියා තමන්ගේ විතරයි කියලා ආඩම්බරයෙන් කියන්න. ඒ පපුවේ කෙටිලා තියෙන්නෙ රැව් දෙන්නේ තමන්ගේ නම විතරයි කියලා හිතන්න. කවදාවත් ඒ පපුව තව ගැහැනිය ක් එක්ක බෙදාගන්න බිරියක් කවදාවත් එකග වෙන්නේ නෑ. ගැහැනිය පරිනත වුණාට ආදරය ඉදිරියේ ඈ බොලදයි. " එකම එක වතාවක් අහන්නම්දැන් මට ආදරේ නෑ නේද මේඝ" ඇත්තටම මේ වදන් බොහෝ විට තම සැමියා අන් කාන්තාවක් සමග සම්බන්ධයක් පවත්වාගෙන යන බව දැනගත් පසු බොහෝ ගැහැනුන් අහන් ප්‍රශ්නයක් .ඇත්තටම ඈ බලාපොරොත්තු වන පිළිතුර වන්නේ කුමක්ද ? එක්වරක් හෝ ඔහු ඈට ආදරය කරන පවසාවි යැයි සිතීම නොවෙද ?නමුත් ඔහු සත්‍ය ලෙස ආදරය කරානම් කිසිදා ඔහු වෙන ගැහැනියක් කරා යන්නේ නැත. දන්නවා ද ආදරේ නීතිය රිදුනු තරමට දැනෙනවා .දැනුනු තරමට රිදෙනවා . හිතට තදින්ම දැනුනු ගීතයක්, සෑම වචනයක් තුල ගැඹුරු අර්ථය ක් ඇත එහි රූප රචනාවද අති විශිෂ්ඨයි . අභි ඔබේ ගායනය බොහෝ කාන්තාවන්ගේ හදවතට කතා කරන ඉතා සංවේදී විශිෂ්ඨ නිර්මාණයක් . Good luck & best wishes 🎉❤
Aththa
Aniwaryen
Great
අභී...❤ ඇහුවට ඇහුවට එපාවෙන්නෙ නැති , හිත නිවන කටහඬක්... ඇත්තමයි ඔයාගෙ සිංදුවක් එකපාරක් අහලා මදි.. ඒ තරම් හිතේ ගැඹුරුම තැන් හරි ලස්සනට ස්පර්ශ කරනවා.... ඉතින් මගේ ආසම අතලොස්සක් වුනු සිංදු අතරෙ මේ සිංදුවත් ඉහළින් ම තියේවි..,හැමදාමත්..,අභීගෙ අනිත් සිංදු වගේම...❤❤
රිදුණු තරමට දැනෙනවා .දැනෙන තරමට රිවෙනවා.. මාර වචන ටිකක්.. හැමෝගෙම උත්සාහය සාර්ථකයි .. හැමදාමත් වෙනස්ම රසවින්දනයක් දෙන අභී අක්කට ජයෙන් ජය 🎉❤
අනේ මන්දා මිස් එදා අහන්න බැරි උනා එත් අද නම් පුලුවන් හින්දා හවස 6.00 වෙනකම් ඇගිලි ගැන්නා . මාර ලස්සනයි මිස් මෙක භවනාවක් . අනේ තව සිංදුව ටිකක් දාන්න කො 🥺
ගාලු කොටුව උඩ අහපු පළවෙනි දවසෙම පිස්සු වැටුන සිංදුව ❤
"දැනුණු තරමට රිදෙනවා,රිදෙන තරමට දැනෙනවා"❤🔥ඒක තමා ආදරේ නීතීය...I felt it.
හුස්ම හිර වෙනවා අහනකොට..ඇත්තටම ගෑනු අපි හරි ලෝබයි ආදරේට .ඒත්...😢😢
ඇත්ත, පිරිමි පපුවක් බෙදාගන්න ගෑණු හිත් කැමති නෑ.. රිදෙන තරමට දැනෙනවා..දැනෙන තරමට රිදෙනවා.. 😢අභී නංගී.. සුබ පැතුම් සියලු දේ සාර්ථක වේවා🎉ඔයා අපිට ලැබුණු තෑග්ගක්... ❤බුදු සරණයි ❤❤
මේ කුලරත්න ඝාතන සිද්දිය නේද ?...හරිම ලස්සනට ප්‍රතිනිර්මාණය කරල තියනව. මැරුණ ඇයටත් කතාවක් ඇති. ගොඩක් ස්තූතියි අභී අඩ සියවසකට පස්සෙ ඇයගෙ හදවතේ හඬ අපිට අහන්න දුන්නට❤
ඒ ගැන ඔබ දන්නා තොරතුරු දැන ගන්නට කැමති යි,
මොනාද ඔයා මේ ගැන තව දන්නේ?
කියන්නකො සත්‍යය
Padmini Kularatne kiyala search karala balanna. TH-cam 1 thibba e gena video 1k
ආදරෙන් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ පතුලටම කතා කරන්න පුලුවන් විශිෂ්ඨ ගායිකාවක් ....🥺❤️
මේ කමෙන්ට්ස් බලනකොට තේරෙනවා නේද මෙවැනි ගීත වලට ආදරේ කරන රසික පිරිසක් තාමත් ඉතුරු වෙලා ඉන්නවා කියලා.මට ඒ ගැන සතුටුයි .❤ ආදරෙයි අභි
රිදෙනවා කියලා දැන දැනත් ඇයි මේ තරම් හොය හොයා බලන්නෙ පපුව රිදි රිදි ඇස් ගිනියම් වෙවි අඩන්න මෙ තරම් ආසද.......ඇයි රත්තරන් අක්කෙ රිදුනු හිත් තව තවත් රිද්දන්නෙ....... රිදෙන පපුවට රිදෙන පද පේලි කියලා දැන දැනත් තව තවත් ඔබේ පද පේලි අහනවා.........රිද්දුවට තරහා නැ අක්කෙ..... කවදා හරි දවසක මගෙ කතාවත් මෙ වගේ පද පෙලියක් කරන්න ශක්තියක් ලැබෙවා......❤️😭😭😭ඇත්තටම ආදරය කරන ගැහැනු අපිට කිසිම අත්මයක අපහු මෙවැනි වෙදනා දැනෙන්න එපා 😭
මම හිතන්නේ ගැහැණු හිතට විතරක් නෙවෙයි, දෙපිරිසගේම හිත් වලට මේ නීතිය පොදුයි. වචන, සංගීතය 💪ගැයුම හැමදාම භාවාත්මකයි මිහිරියි. සදා ජය!!!❤
එදා ගාලු කොටුවෙදි මේ song එක පලවෙනි වතාවට live අහන්න ලැබුන එක මාරම සතුටක්❤.. මතකද එදා මුහුදු හුලග එක්ක ඒ දැනුනු feeling එක.. රිදුණු තරමට දැනෙනවා දැනුනු තරමට රිදෙනවා Abhi & Mihindu ... woow😍 perfect combination. Heart touching song❤️
ඇත්තටම ලස්සන ගීතයක්. අභී ආදරණීය යෝජනාවක් කරන්නම්. ගැහැනු ළමයෙක් තමන්ට වඩා වයසින් අඩු පිරිමි ළමයෙක්ට කරන ආදරය ගැන ඔබේ ඇසින් නිර්මාණයක් කරන්න. මොකද මාත් කැම්පස් එකේ මට වඩා අවුරුද්දක් බාල පිරිමි ළමයෙක්ට තමයි ආදරය කරන්නේ. මං කැමති ඒ හැඟීම ඔබේ ලස්සන ගීතයකින් රස විදින්න. මා වගේ තවත් එහෙම ආදරය කරන ආදරයන්ට ලස්සන ගීතයක් දෙන්න. ආදරණීය ඉල්ලීමක් මෙය 😊
අවුරුදු ගාණක් මම ආදරෙ නිසා දුක් වින්දා..ඊට පස්සෙ තනියම ගමන කොච්චර අමාරු වුනත් මම ආව.. දැන් ආයෙත් අවුරුදු තුනකට පස්සෙ ආයෙත්...ආදරයක් දැනිලා අත ඇරෙයිද මඟ ඇරෙයිද කියල බයේ දුක් වෙවී ඉන්න වෙලා ඉස්සර වගේම.. ඇත්තටම දැනෙන තරමට රිදෙනවා 💔 රිදෙන තරමට දැනෙනවා 😢රිදුම් දුන්නු හිතකට ආයෙත් ආදරේ දැනෙන එක මැජික් එකක් තමයි... ඒත් ගැහැනු අපි හැමදාමත් දෙවරක් නොහිතා ආදරණීය වචනවලට රැවටෙනවා... 🥀🙂
ඇයි මං මේක අහන්න දවස් 4ක් පරක්කු උනේ💔 අභී❤️ මං ලග ඔයා ගාව වගේ ලස්සන වචන නම් නෑ🥺 හැබැයි ආදරේ නීතිය කියලා නම දකින කොටම දැන ගත්තා ඔයා අදත් හදන්නේ හරි ලස්සනට මතක අවුස්සල රිද්දන්න කියලා...ඔව් හිතුව වගේම එහෙම උනා❤️ නිකං ම නෙවෙයි හැමෝම කියන අභීගේ නීතියෙන්✨️ඔව් රිදෙන තරමට තමයි ආදරේ දැනෙන්නේ🥺නිකං ම නිකං ස්තූතියි කියන්න බෑ ඔයා මෙහෙම හරි රහට අපේම මතක අස්සේ අපිව අතරමං කරනවට❤️ඔයා ලස්සන මැජික්කාරියක් අභී❤️ ඉතිං ඔයාගෙ ලස්සන හැගීම් වචන කරනවට ඔයාට ආදරෙයි අපි මහ හුගක්🥺❤️මේ ඉතිං අභිශේකා විමලවීර❤️ ඔහොම තමයි එයා දන්නවා හරි රහට නොදන්න නොදැකපු මනුස්සයෙක්ගෙ හිතේ හැගීම් අවුස්සන්න❤️
ඒ වචන......හැමදාමත් වගේ ඔබේ ඇග කිලිපොලා යන හඩ❤මෙන්න මෙව්වටයි MASTERPIECE කියන්නේ. ආදරණීය අභී❤🙏
අභිෂේකා දිහා බලාගෙනම ඉදලම සිංදුවේ වචන අහන්නත් බැරි උනා...ඒක මාර ලස්සනයි...හැම කතාවකම හැම චරිතයක්ම එයාලා සාධාරණයි කියලා හිතනවා...❤❤❤
මේ සිංදුවට ත් මතක සිංදුවට දුන්නා වගේ වීඩීයෝ එකක් ඕන අභීඔයාගේ කටහඩින් ඔයාගේම වචන වලින් මේකේ තේරුම අහන්න බලාගෙන ඉන්නවා ❤පීස් ඉක්මනටම ඕන
සින්දුව අහන්න අහන්න රිදෙන බව දැන දැනම හැමදාම අහනවා..🥺💔💔ඒ වචන වලින් රිද්දගන්න එකත් ඇබ්බැහියක්..❤️
හිතක් හඩනව රෑ යමේ මතකයන් මවා ,. නුබත් තනිවම තම ඉන්නෙමි දන්නවා,.හිතේ ඇති දුක වචන කෙරුමට කාලෙ නොම මේ දැනෙනවා .,සුබ පැතුම් නුබ පටන් ගත් නව දිවිය සරු බව පෙනෙනවා
දැනුනු තරමට රිදෙනවා,රිදුනු තරමට දැනෙනවා.......ආසම කොටස......ලොකු තේරුමක් තියෙන වචන කීපයක්.....thank you අභී and මිහිදු......
Yes true
Owwwww
හුස්ම පොඩ්ඩකට හිර වුනා අභී..❤️❤️ඇත්තටම ලස්සන නිර්මාණයක්...තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.!!!
රිදුණු තරමට දැනෙනවාදැණුනු තරමට රිදෙනවාඇත්ත ගෑණු ලොබයි පිරිමි පපුවක් බෙදාගන්න...මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න අභිට පුළුවන් ❤️❤️❤️ හරිම ලස්සන සංවේදි නිර්මාණයක්❤️❤️🩹
දන්නව ද ආදරෙ නීතිය ,දැනුනු තරමට රිදෙනවා.❤️
කවදාවත් ආයෙම උඩට මතුකරගන් නෑ කියල හිතාගෙන හදවතේ ගැඹුරෙම නිදන් කරපු සමහර මතක ආයෙම උඩට මතු වෙනව මේ වචන වලින්..ඒ රිදීමෙත් අමුතු සුන්දරත්වයක් තියෙනවා ..ඒකයි මම කොච්චර රිදුනත් අභීහෙ සිංදු අහන්න ආසා ❤🙂🥺
ඇත්තටම අභිශේකා කියන්නෙ වෙනම භාවනාවක්...වචන වැදෙනවා...ඒ හඬ දැනෙනවා..කියාගන්න බැරි දුකක් සංගීතයකට පෙරලලා පරිනත වචන ටිකකින් ඇහෙනකොට දැනෙන්නෙ වෙනම සතුටක්...ආදරය කියන්නෙ වේදනාවක්...වෙලාවකට විඳිනවා...වෙලවකට විඳවනවා....අභිශේකා ආදරෙයි ගොඩාක්❤❤❤
Vishishtai 2:21
ආදරේ ගැන මං අහපු හරිම නිර්වචනේ... "දන්නවද ආදරේ නීතිය රිදුනු තරමට දැනෙනවා...දැනුනු තරමට රිදෙනවා...."දෙයියනේ අභී අක්කේ.... මේක පිස්සුවක්...🔥❤
තාම ඔබ ගැන ලියනවානොකියවන බව දන්නවාදන්නවද ආදරේ නීතියරිදුන තරමට රිදෙනවා❤I felt it🥺💖
අභී මිස් මම පුද්ගලිකව මිස්ගේ හැම නිර්මාණයකටම හරිම ප්‍රියයි.නිස්සාර, තවම පණ තියනවා වැනි ගීත වගේම මේ නීර්මානයත් මිනිස්සුන්ගේ කනට ඇහෙන විතරක් නෙවේ හදවතට කතා කරන ගීත..ඒ වචනයක් වචනයක් පසා හදවතට මොකක්දෝ කියන්න තට්ටු කරනවා වගේ අහන් ඉන්නකොට දැනෙන්නෙ මිස්. හැමදාම සමාජේ කතාබහාට ලක් නොවෙන පැති ගැන කරන නිර්මාණ නම් ගොඩක් වටිනවා අභී මිස් ..මිස්ට සහා මේ හැම නිර්මාණයකටම සම්බන්ද උන හැමෝටම සුභ පතනවා ...ඒ වගේම මිස්ගේ හඩින්ම..මේ ගීතය ගැන විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා මිස් .බුදු සරණයි
කටහඩ හරිම වෙනස්ඔබ අසනීපයෙන් දලස්සන ගීතයක්..සුභ පැතුම් ඔබටඔබට සුව පතනවා
ආදරය ගැන කිසිම අත්දැකීමක් නැති පපුවක පවා, ආදරේ ගැන මේ තරම් තදින් යමක් දැනවීමට තරම් අභීගේ වචන ජීවමාන වෙලා.... 🥺❤️ රිදුනු තරමට දැනෙනවා....දැනුනු තරමට රිදෙනවා...🥀🍂
" රිදුනු තරමට දැනෙනවා.. දැනුනු තරමට රිදෙනවා .. " ඇත්ත 😊🥀💔 අභීගේ කටහඩම භාවනාවක්.. 🥺 ඒ වචන වෙනස්ම රසවින්දනයක් 🥰❤️🌸 වෙනදා වගේම මේ සිංදුවත් එනකල් මම මග බලන් හිටියේ.. 🥺මම දැනන් හිටියා වෙනදා වගේම මතක අවුස්සලා රිද්දන බව.. 🥺" ඒ තමයි අභී " 🥰❤️
අභී..... ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම දක්ෂ පදරචිකාවක්. හදවතේ සියුම් තැන් ස්පර්ශ කළ හැකි මෘදු ස්වරයක්...❤ඔබට මෙවන් පද වලින් තවත් හදවත් බොහෝ ගනනක් ස්පර්ශ කරන්නට ශක්තිය තව තවත් ලැබේවා.!
මං දන්නෙ නෑ මේ වගේ අදහස් ඔයාට කොහොම එනවද කියලා , ඒත් කොයි තරම් සතුටින් ඉන්න කෙනෙක් උනත් මොහොතකට රිද්දන්න මේ වචන වලට, මේ හඬට පුලුවන්..ඒ තරම් දැනෙනවා...ඒ වගේ දැනෙන්න ගීතයක් කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ අභීම විතරයි.❤❤....හදවතේ සියුම්ම තැනට දැනෙන්නෙ ඔයාගෙ හඬ විතරයි..
මොන තැනකදි ශක්තිමත් උනත් ගෑනූ ආදරේදී බොලදයි. සන්තකේටම ලියා ගත්ත පපුව උඩ අවසන් හුස්ම හෙලන්න ගෑනූ අපි හරි ආසයි. ඉතින් කොහොමද බෙදා ගන්නෙ 😢 ඒ වචන හැමදාමත් වගේ හරි අපූරුවට දැනෙනවා . ❤❤❤❤💝
Mekama thamai mageth life story eka. Wenasakata une man thawamath jiwath wenawa 😔
වෙන්වෙලා අවුරුද්දක් උනා...ඒත් මං තවම ඔයා ගැන හිත හිත තනියම දුක් විදිනවා...ඒත් ඔයා අපි වෙන්වෙලා මාසයක් යන්නත් කලින් තව ආදරේකට අත්පොත් තිබ්බා...මම????😢
අහී...ඔයාගේ හැම නිර්මයක්ම..හරිම සංවේදී...ඒ තුලින් ඔයාගෙ තියන කලාමය නිර්මාණාත්මක බව භාවනාවක් වගේ විදින රසිකයින් වෙන්න අපිට පුලුවන්...ආදරේ පිරුනු ගායිකාව අභී...❤️ 🥰ඇත්තටම මම ඔයාගෙ සිංදු අහන වාර ගාන මම දන්නෙ නැහැ..ඒ ආදරනීය හඩට රූපයට ආදරේ හැමදාමත්...ඔබගේ දිගු ගමනට සුභ පතනවා...ලංකාවට ආවම එක live concert එකකට හරි මට එන්න ලැබේවා කියලා මම ප්‍රර්තනා කරනවා...😊
මේඝ හැමදේම බෙදාගන්න පුලුවන් උනාට පිරිමි පපුවක් බෙදාගන්න ගෑනු අපිට බෑඔබේ ඇස් වෙන ඇස් දෙකක් හොයන බව දැනගත් දවසෙමමගේ ආත්මය මිය ගියා..පරිණතයි කියලා හිතුවට ගෑනු අපි හරි බොලදයි මේඝ එකම එක වතාවක් අහන්නම්ම්දැන් මට ආදරේ නෑ නේද මේඝ ?රිදුනු තරමට දැනෙනවා දැනුනු තරමට රිදෙනවා .. ඒ ටීක 😥😥 පපුවටම කතා කලා..ඒ වේදනාව අතීතයේ දවසක වීදපු ඒ වේදනාබර හැගීමමආයෙ ආයෙත් වර්තමානයේ දැනෙනවා වගේ හිතට දැනෙන කාලෙක මේ මොහොතේම මේ වගේ අහද්දි ඒ හැගීම 😥😥ඇත්තටම .. බැදීම් මිනිස්සු රිද්දනවා හැගීම් මිනිස්සු මරනවාමන් දන්නේ එච්චරයි 😊😊
😢😢😢💔💔💔
🥺💔😞
අභීගේ සිංදුවක් අහන හැමදාමත් වගේ අදත් කමෙන්ට් එකකට වචන නැතුව පපුව හිරවුණා...පද්මිණී කුලරත්න මහත්මියගේ සංසාර ගමන සුවපත් වේවා ...ඇයට උතුම් නිර්වාණයම වේවා..😢😢😢😢
තාම නුඹ ගැන හොයනවානොහිමි බව මම දන්නවාතේරුණා ආදරේ නීතිය දැණුනු තරමට රිදෙනවාඅදත් මහ වැසි වැටෙනවාමතක පොත දිග හැරෙනවාතාම පපුවේ ගැඹුරු තැන නුඹහෙමින් කොඳුරනු ඇහෙනවාඅළුත් කවියක් ලියනවාහිනාවක් ගැන හොයනවාතාම සුව නොවු රිදුම් අතරේඅළුත් රිදුමක් තියෙනවා එදත් මෙහෙමයි හිතෙනවා අදත් එලෙසම රිදෙනවාතේරුණා ආදරේ නීතිය රිදෙන තරමට දැනෙනවා....
අභී....❤ ප්‍රේමය විද විදවන හදවත් එක්ක ආදරය නම් අවනඩුව හදවතේ ලියන ගීත කෝකිලාවිය...🥺❤ ප්‍රේමය බද්ද කර ලියවු සෑම ගිතයක් ම අහන් ඉද්දී හදවතේ ගැඹුරු ම ප්‍රේම පාරාදිසයක හඩමින් අපි ඇවිදන් යනවා අභී...❤️🥺
අපි උසස් පෙළට යන සිංහල පංතියේ සර්(සදුන් ආසිරි අරඹවෙල සර්) මේ සිංදුව අහන්න දීලා තේරුමත් කියල දුන්නා.සිංදුවට පාදක වුණු සත්‍ය සිද්ධියත් සර් අපිට කිව්වා..ඊටපස්සෙ තමා යූටියුබ් ඇවිත් සිංදුව සර්ච් කරලා බැලුවේ.හරිම ලස්සන සිංදුවක්.අපේ නගරෙ වුණු ගාල්ලෙ ඉදන්ම අභිශේකා විමලවීර මහත්මිය ඉතා අලංකාරවත් ලෙස සිංදුව ගායනා කරනවා..❤️
Voice 💯 Words 💯 Melody 💯Feeling 💯 ඔව් අභී ඔයා කියන්නෙම සැනසීමක් . එක්තරා ඇබ්බැහියක් කොටින්ම කියනවනම් අභී කියන්නෙම පිස්සුවක් ... ❤️❤️❤️❤️. 08.12 වෙනිදා ඉදලා බලන් හිටියෙම මේක ආයෙ අහන්නෙ කවද්ද කියලා... 🥰🥺❤️❤️
මම අද වෙනකන් අභි ගේ කිසිම දේකට comment දාලා නැහැ.ඒත් අභිගේ සිංදු වලට ඇබ්බැහි වෙලා..ආස කරන එකම ගායිකාව.ඒ වචන..කතාවෙන හිත් ගොඩාක් සුවපත් කරන්න පුළුවන්.රූපය.., චාම්කම..,සංවරකම හැමදෙයක්ම එකම තැන..ඇත්තටම අභී කියන්නේ භාවනාවක්.. 😌❤️🩹
"වෙල්වට් ප්‍රේමය " පොතක තියෙන වචන සින්දුවක් විදිහට අහන අහන වාරයක් පාසා මේ හිතම නොසන්සුන් වෙනවා.. අමුතු වේදනාවක් හිතේ ඉපදෙනවා.අහිමි උනු ආදරේ ඇස් ඉස්සරහා මැවෙන්නෙ නැති ගානට හිත හදාගත්තත් මතක හිතේ සියුම් රිදවීමක් ඉතුරු කරලා..😢
මං හීන දැකපු,සුන්දර ගැහැණියක් නුඹ..හරිම සුන්දරයි
අභීගෙ ගීත කියන්නෙම දැනෙන තරමට රිදෙනවා කියන එකට හොදම උදාහරණයක් ❤
හිස් පිටුවක් ...නොලියවෙන පන්හිඳක්...මතක වැස්සක් ...ඒ හොඳටම ඇති.`` දැනුණු තරමට රිදෙනවා´´ ❤️❤️❤️
දන්නවද ආදරේ නීතිය. ❤️. ඒ වචන වල සැගවුනු අර්තය ලස්සන පද පේලියකට අමුනලා රසිකයා වෙල පොවන අලංකාර ස්වර දැහැන් රසිකයාගේ සවන් මන් මත් කරයි. ආදරෙයි අභී.❤️
මේ කියන්නෙ ඇත්තමයි පපුව රිදෙන්න ගත්තා...අභීගෙ සින්දු වලට මං හරි බයයි..අභී අල්ලන්නෙම හිතේ හැන්ගිච්ච රිදුණ තැන්❤️ කොච්චර රිදුනත් නොබල ඉන්න බෑ..අභීගෙ කටහඩ භාවනාවක්...වචන පිස්සුවක්🔥
දැනුනු තරමට රිදෙනවාරිදෙන්න රිදෙන්න නොදැනී යනවා...❤ලස්සනම නිර්මාණයක්...ජය 🙏
මේවා නිකම් නිකම් සින්දු නෙවෙයි තනිකරම අපෙ ජීවිත කතාව 🙂💔 දැනනු තරමට රිදෙනවා රිදෙන තරමට දැනෙනවා ......රිදෙන බව දැන දැනත් තවමත් අපිව රිද්දන ඒ මනුස්සයට ආදරේ කරන එක තරම් වේදනාවක් තවත් නෑ ....ඒක වේදනාවක් වගේම ලොකු මෝඩකමක්
මග බලා උන් ගීතය... ❤හරිම ලස්සනයි ❤❤සුභ පැතුම් දායක වූ සියලු දෙනාට ❤❤❤❤අභී..... ❤❤❤❤❤❤❤ආදරෙයි ❤️ ❤️ ❤️
ඔබේ ඇස් වෙන ඇස් දෙකක් හොයන බව දැනගත් දවසෙම මගේ ආත්මය මිය ගියා...එකම එක වතාවක් අහන්නම් දැන් මට ආදරේ නෑ නේද ඒයි...🥺♥️දැනෙන තරමට රිදෙනවා...රිදෙන තරමට දැනෙනවා...🥺Its really touched 🥺🥺♥️♥️♥️
නොතේරුනත් හැම පදයක තේරුම තේරෙනවාමට හොඳ හැටි වේදනාව කලබලකාරී ජීවිතය තුළ මොහොතක් නිවුනා ඔබේ කටහඬ තුළ නොදැනුනත් හැම හැඟීමක්ම හිතටතේරෙනවා මේ පදය මගේ හදට විදවන ගෑනුන් සියල්ලටම ලැබේවා ජීවිතයේ සියලුම සතුටමට අවුරුදු දහතුනක් වුණත් මේ මගේ ආසම සින්දුව ගොඩක් පදවල තේරුම තේරුනේ නැතත් ඒ හිත නිවන ගතියට මම හරි ආදරෙයි පද වැල් ගලාගෙන යන රිද්මෙට ආදරෙයි . අභී මිස් ඔයාට ගොඩක් ආදරෙයි ❤❤
ඒ වචන ටික මාරම විදියට දැනෙනවා.🍂අභී,ඔයාගෙ voice එකට මිනිස්සුන්ගෙ හිත් නිවන්න වගේම යන්තමින් පිළිසකර කරලා තියෙන හිත් ඇදලා අරගෙන පාරලා විසිකරලා දාන්න පුලුවන්🥺 .ඔයා නම් මායාකාරියක් අභී...❤
රේමයට ප්‍රේම කලේ ඇත්නේම කී දෙනාද වචනින් ප්‍රේම කරපු වුන් අතරේම ඒ වචනෙට සිතින් ප්‍රේම කරන වුන් කියක් නම් ඇතිද ? ගතින් වෙන් වී සිතින් අත් නොහැර ප්‍රේම කරන වුන් කියක් ඇතිද ? සමහරුන්ට ප්‍රේමය ගණු දෙනුවක් වෙනකොට මුදලට භෞතික සම්පතකට සීමා වෙනකොට කොලයකට දාපු අත්සනට සිමා කරනකොට ඒ අතර කිසික් නොතකා ප්‍රේම කරන වුන් හැමදාම හදවතින් අසිමිතව ප්‍රේම කලා. අනික් වුන් සතුට භුක්ති විද්දිනකොට ප්‍රේමයට අසිමිතිකව ප්‍රේම කර වුන් හැමදාම අසිමිතව ලය පැලනතෙක් දුක් විදිමට නියම වුනා. නිතියේ දෙවගන මෙන් ආදරේ නීතිය ත් ඇත්තෙන්ම අන්ධ ද ? ඒ නිසාමද රිදුම මේ තරම්ම බර 🥺ගැඹුරු ඒ වචන අතර මං සිර වුනා අභි 🥺🥺❤️
😢😢😢💔
ඔබේ ඇස් වෙන ඇස් දෙකක් හොයන බව දැනගත් දවසෙම මගේ ආත්මය මිය ගියා 🥺💔🥀
මන් මේ comment එකක් දාන පලවෙනි පාර අභී 🥺 මට මේ දේ ඊයේ මේ විදියටම උනා 🥺,එයා විශ්වද්‍යාල සිසුවෙක් 😢❤ මගෙ ඉස්සරහම එයා විශ්විද්‍යාලයේ සම්බන්දයක් පවත්වන ගෑනු ලමයට කාතා කරා 🥺😫❤ ඒකම ඒක වතාවක් අහන්නම්...දැන් මට ආදරෙ නැ නේද මේඝ ...😢
ආදරය නිසා විදවන උන් කී දෙනෙක්නම් ඉන්නවද මේ ලෝකේ තමන් ආදරය කරන කෙනාව තමන් ඉස්සරහම අහිමි වෙලා යද්දී ඒ දුක දරාගෙන. දන්නවද ගොඩාක් උන් ආදරය කරන්නේ තනිකමට,විරහවට. ආදරයෙන් සැනසෙන උනුත් මේ වගේ ගීත එක්ක වෙනමම ලෝකෙකට අරගෙන යන්න අභීශේකා ඔයාගෙ මේ සින්දුවට පුළුවන් වෙලා තියෙනවා. ගොඩාක් උන් ආදරයයි රාගයයි පටලගත්ත උන් නිසා මෙලෙසින් අවන්කවම ආදරය කරන උන් ජිවිතයෙන් වන්දි ගෙවනවා.
ගාලු කොටුව උඩ හිටගෙන අභී ඔය සිංදුව කියනකොට හුස්ම ගන්නත් අමතක උනා ❤ මුහුද තවමත් අපි දිහා බලාගෙන ඇති නේද?
❤❤❤
❤❤
0
තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැණෙනවා... නමුණුකුල බර දරනවා ගයනකම් මග බලනවා දන්නවද ආදරේ නීතිය දැණුනු තරමට රිදෙනවා.... කාලේ නැවතුනු තැන තාම මම ගාලු කොටුවත් කියනවා තාම හෙවණක් නැති අහස යට අළුත් හදවත් හඬනවා තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහළට ඇදෙනවා කලු ගලක් බව හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා .. විග්රහ කරන්නකෝ ...
නැතුව ඇති මුහුදටත් වෙන වැඩ ඇතිනෙ
විශ්ම ලෝකය පද්මිණී කුලරත්න ඝාතන කතාව බලලා ආපහු මේ සිංදුව හොයාගෙන ආව අය කෝ.....🥺
@@nisansalakumara1461 මොකද හිනාවෙන්නෙ. මේ ඒ ඝාතන කතාව
E hindama thamai math baluwe...😢
Puduma dukak.denunee 😢😢 math awe eka balala.😢
@@UthpalaBalasooriya-oo8bk hmmm....🥺😭
මමත් ආවා
මේ කලා කෘති වල ලොකුම ගෞරවය හිමිවෙන්න ඕනෙ අභීට . අපි දෙන්න අතර සිදුවූ දුරකතන ඇමතුමකින් ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මෙච්චර ලස්සනට ඔබට ලබාදීමට අභී වෙච්ච මහන්සියට හා මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට බොහොමත්ම ස්තූතියි. ඒ වගේම මෙහි සංගීතය නිමවපු මගෙ සහ අභීගේ හදගැස්ම අඳුනන ලහිරුට, සංගීතය සැපයූ වාද්‍ය ශිල්පීන්ට සහ විඩියෝව මෙච්චර ලස්සනට හදපු චාරුක ඇතුළු මුළු කණ්ඩායමට සහ මෙහි රංගනයෙන් දායක වූ චමත්කාට මාගේ හදපිරි ස්තූතිය. ඩිජිටල් වැඩ වලින් දායක වූ ශානක සහ ප්රබෝධටත් බෙහෙවින් ස්තුතිය. ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්නට අභීට හද පතුලෙන් සුභ පතනවා❤
වචන වල අයිතිකරු / නිර්මාණකරුට හදවතින් ප්රණාම පුදමි...❤ අභීගේ හඬත් ගීතයට කරෙන්නේ හොඳ සාධාරණයක්. සුබ පැතුම් ❤
❤❤❤❤❤
මේඝ…ට පණ දුන්නට ස්තූතියි….මිහිදු! ඔබ වෙනස්! 🙏🏻🔥❤️
🖤🖤🖤🖤
@@lahirudecosta5433❤️
මම දැක්කා කෙනෙක් ඉල්මහේ කුරුල්ලෝ සින්දුවට දාලා තියෙන ව 2023 හොදම SL සින්දුව ඒක කියල .ඒකට 2.8K likes..ඒත් අභීගෙ සින්දු ඉස්සරහා ඒ හැම සින්දුවක්ම අතදරුවෙක් වගේ...😢❤
😢
ඒකනන් ඇත්ත ❤
Ow❤❤❤❤❤
අනිවාර්යෙන් ♥️🥰 මේවා එක්ක බලද්දී ඒවා නිකන් සීනි බොල වගේ ♥️
දන්නවද අභී අක්කේ..මමත් ජීවිතේ හරිම ආසාවෙන් පටන් ගත්තේ පවුලක් විදියට ජීවිතේ හරිම ආසාවෙන් ගෙව්වේ ගාල්ලේ..ඒත් ඒ ආදරේ ආසාව නැති වෙලා හදා ගත්තු පවුල කැඩිලා ගියෙත් ඒ සුන්දර ජීවිතේ මට දුන්න ගාල්ලේදීමයි.සිංදුවේ වීඩීයෝ එකේ කතාවම එකක් නෑර සිද්ද උනා.කාබරේක හිර කරා.සමහර විට තවත් කල් හිටියා නම් මරනය උනත් ලැබෙන්න තිබ්බා.මේඝලා , වගේ පිරිමි ඉන්නවා ඒ වගේ අනියම් ගැහැනුත් ඉන්නවා ඒ අය කවම දාවත් අනික් අසරන හිතට මොනාද වෙන්නේ කියලා චුට්ටක් වත් හිතන් නෑ.කාලය කොච්චර ගෙවුනත් එකම තැන වෙනස් විදියට එකම කතාව වෙනවා.මේ වීඩියෝ එක බැලුවේ මම අද.සමහර විට ඔයා මම වගේ තව අයගේ හිත් කියවන්න ඇති අභී අක්කේ..මිනිස්සුන්ට ආදරේ බෙදා ගන්න පුළුවන් ඒත් ප්‍රේමය බෑ.ප්‍රේමය අසම්මත නෑ අසම්මත සම්බන්දකම් විතරයි.ඉතින් එහෙම අසම්මතේ හැසිරෙන මිනිස්සු ඇත්තටම සතුටින්ද..ලෝකේට පෙන්නන තරන් සතුටින් ද???
තමන් පණ වගේ ආදරේ කරන පිරිමි පපුවක් වෙන කෙනෙක් එක්ක බෙදා ගැනීමම ගැහැනියකගේ මුලු ආත්මයම මිය යාමක්......💔😢
Hmm
හ්ම්ම්ම්😊
ඇත්තටම ඒක හරිම අමාරුයි 😓කසාදය කොලයකට සීමා වුනාම ඇත්තටම ගැහැනු පුදුම තරම් දුක් උහුලනවා..තමන්ගේ ජීවිතේටවත් ආසාවක් නැතිව යනවා..ඒත් කොයිතරම් අමාරු වුනත් ඉපදීමත් තනියෙන් මැරෙන්නෙත් තනියෙන් කියා හිත ශක්තිමත් කරගෙන තමන් එපා නම් කෙනෙක්ට යාමට ඉඩ හරින එකයි හොදම.සැහැල්ලු සරල දිවි පෙවෙත ඕනාවට වඩා බැදීම් කෙරෙහි නොබැඳි උපේක්ෂාවෙන් ජීවිත් වීම , තමන්ට හිරිහැරකාරී පරිසරවලින් ඉවත් වීම ,තමන්ට පලමුව ආදරේ කිරීම අපේ ආත්මයේ සතුට රැක දෙනවා.සතුට පරම ධනයයි.එය මිල කල නොහැකියි.👍
ඇත්තටම ඒක හරි...මුලු හදවතම රිදවගෙන කඳුලු මුහුදක පීනනවා හැමදාම....දරුවන් නිසා ජීවත් වනවා හැර...මේ ජීවිතය මැරුණෙ ..මම මගේ පණටත් වඩා ආදරය කරපු පිරිමියා එයාගෙ බිරිඳගේ ස්ථානය වෙන ගැහැණියක් එක්ක බෙදා ගත්තා කියලා දැන ගත්ත දවසෙ...
කොච්චර ආදරේ කලත් තමන්ගෙ බිරිඳ නොවටින ඔහු මතු උපදින කිසිම ආත්මෙක මට මුණගැහෙන්න එපා.......🙏🙏🙏🙏😓😰🙏
ඒ වේදනාව විදින කෙල්ලෝ 🥺💔අපි හරි පවු
මම දැනගෙන හිටියා,
ආදරේ නීතිය නම් නෙවෙයි,
අභී අදත්,
මතක අවුස්සලා රිද්දන බව,,,
ඉතින් මේ රිදවීමත් හරි රහයි අභී...
ඒ තමයි අභීගේ නීතිය....❤️
She is grate😊
ඒක ඇත්ත. ආදරේ කරන්න ගාලු කොටුවට නොගියට ආදරේ කරන්න. මේ සින්දුව අහනකොට ගොඩාක් දුර මතකයකට ගියා.😢😢😢 පරිනතයි කියලා හිතුවට ගෑනු අපි හරි බොලදයි..😢😢
රිදුන තරමට දැනේනවා...
දැනුන තරමට රිදෙනවා...
ඒ තමයි ආදරේ නිතිය....
( අහන් ඉන්න බැහැ ඒ තරමටම ඇඩෙනවා😂😂)
රිදුන තරමට දැනෙනවා..
දැනුන තරමට රිදෙනවා..❤
තාම මං මේ අහනවා ❤
❤❤
විශ්ම ලෝකය බලලා ආපු අය කෝ ❤️👇
Mn 😣
😌❤️👍
❤
ඒ සිදුවීම නැවත මතු වුණේ අභිශේකා ගේ සින්දුව නිසා 😢❤❤❤
Math
බිඳුනු වීදුරු ඇස් නිසා
ආත්මය මගෙ මිය ගියා
නොකියවන බව දැන දැනම ලියු
කවිය නෙතු අග බොදවුනා
පිදූ නිකලැල් පෙම නිසා
ඉතිරිවූ කැලලක් මකා
ජිවිතේ සමු අරන් යන්නම්
අවසරයි සුභ, පතමි මා
- අභී -
................ 🥀
නූඹ නිසා මා නිවෙනවා
ඈ නිසා මා දැවෙනවා
ආදරය ඉතිරිච්ච ලැමකින්
විලාපය අද ඇසෙනවා...
වරද කාගෙද හොයනවා
දහස්වර මා යදිනවා
නොයා සමුගෙන ඉන්න තිබුනා
මා අදත් පසු තැවෙනවා....
- මේඝ -
............... 🥀
අයිති නැති බව දන්නවා
දැන දැනම මම බැදෙනවා
ආදරේ ඉතිරිච්ච හදකට
රාග ආශා හැගෙනවා
නුරා දෑසේ එතෙනවා
ඈත් වෙන්නට සිතෙනවා
සිතෙන හැම තත්පරේ ගානෙම
ආයෙමත් මා බැදෙනවා
වරද කාගෙද හොයනවා
අභී මට දුක හිතෙනවා
මේඝ අභියස දෑත් දිගුකර
ආත්මෙට පින් යදිනවා....🙏🏻💔
- චමත්කා-
ආදරේ නීතියේ අභියස මේක තුන් කොන් කතාවක්.....🥀💔
ගයනි සුදසිංහ ✍️🏼✨️
❤
😢
❤🎉👌👍🙏
Harima lassanai digatama liyanna🤗
❤❤
කමෙන්ට්ස් බැලුවාම පේන විදියට හැමෝම ආදරේ නිසා විදිනවා නෙවෙයි විදවනවා..😢
😢😢😢
Oyata vidinna hoda adarayak lebenna oni❤
😢😢
Aadre nisa hira gedra duk windapu ayt innawa ahetukaws😢😢😢😢
Hm😢
ගාල්ල කොටුව සමුද්‍රසිරි නිවසේ සිදු වු පද්මිණි කුලරත්න ඝාතනයේ දුක්බර සත්‍යය සිදුවිම පාදක කරගෙන නිම වු ලස්සන නිරිමාණයක් ❤
Mokkd e ekthwa
ඒ නම search කරලා බැලුවම තමයි දැනගත්තේ...
Thank You
@@RuWee_හිමගිරි අරණ නාටයය බලන්න..ඒක පද්මිණී කුලරත්නගේ කථාවයි..හරිම දුක්බර කථාවක්..
Me gana wishma lokaya vedio ekak dala thibba. Eke comment ekak dakaly awe. Attama harima Sanwedi 😢 ...😔 kisima gahaniyakuta mewan wipathak sidu nowewa 🙏
Me katawa mata ape amma kiyala tiyanawa mage tathta ea kale idala tiyenne ealaga gedaraka rent ekata mage aachchi oya gena hodata denagana idala tiyanawa
මේක නම් මගේම ආදර කතාවේ කොපියක්මයි......මීට අවුරුදු 2-3කට කලින් ආදරේ කරා ගාල්ලෙ ගෑනු ලමයෙක්ට..මම කොළඹ....මාසෙකට එකපාරක් එයාව බලන්න ගිහින් දෙන්නත් එක්ක ගාලු කොටුවේ ඇවිදින්න ගිහින්,ගාලු කොටුව වටේම අත් අල්ලන් ගිහින් ,පිටිපස්සේ පාරේන් ගිහින් මුහුදු රැල්ල පාගන්න ගිහිල්ල ආපු ඒ අතීතේ අදටත් මතක් කරගෙන තනියෙම ගාල්ලෙ ගිහින් මම තනියෙන් ඒ පාරවල් දිගේ ඇවිදිනවා...තනියෙන් ඒ මුහුදෙ රැල්ල පාගපු තැනට ගිහින් බලන් ඉන්නවා...ඒ යන එනකොට මාව පහුකරන් යන කපල් දැක්කම අපි දෙන්නව එයාලගෙන් මැවිලා පේනවා...කොහේ හිටියත් අදටත් එයා ලස්සනට පරිස්සමට ඉන්නෝනී....එයා වෙන කෙනෙක් එක්ක හරි අපි ගියපු පාරේ යන ගමන් මට හමබ වෙන්න කියලා ප්‍රාර්තනා කරලා හැම මාසෙම ගාලු කොටුවේ තනියෙම මම ඇවිදන් යනවා
😢❤
😢❤
😢❤
❤️👍
අනේ,, 😢
ඔහු මේක දකිත්වා, ඔහුට මාව සිහිවේවා!!
වැරැද්දක් කල බව වැටහේවා!!
ඔහුට මෙය දැනේවා!!
නිතර මාව සිහි වේවා!!
නැවත මෙය නොකරත්වා!!
සසරෙ ආයෙ ඇහැට කදුලක් දෙන මිනිස්සු හමු නොවේවා!!!😢🙏
මිහිදු ආරියරත්න ගේ වීඩියෝ එක බලන්න මේ සින්දුවෙම දෙවෙනි version එක..👍
මගේ ප්‍රාර්ථනයද එයයි😢
🙏🙏🙏🥺 ඔව් එහෙම වෙන්න ඕනි.
එත් එයාට ගනක් නැ ගැනු විතරයි විදවන්නේ කවදත් හිත හදගත්තා කිවාට හැමෝම මොහොතේ ම හිතෙන් දුක් වෙනවා කලුගලක් කියලා හිතුවට ගැහැනු හිත් හරිම බොලදයි ආදරේ අභියස 😢😢😢
එය එසේම වේවා..සහෝදරිය..🙏🙏🙏
"අභී" කියන්නේ ඇත්තටම "භාවනාවක්"
"හිත නිවන කවියක්'"
ආදරෙයි ❤️
😅🤮🤢
ලියන බව මං දන්නවා
වචන පපුවට අනිනවා
දන්නවද නුඹ නොදත් පදවැල්
සුළඟෙ මුසු වී හමනවා...
තාම හවසට සුපෙම් විහඟුන්
පවුරු මත්තෙන් ඇදෙනවා
එදා නුඹ මා සිහිව වෙන්නැති
ගාලු අහසත් අඬනවා...
ගීතයට තව වදන් කුමටද
ආදරේමැයි කියනවා🤍
මේක මාරයි අභී!
සරළවම කියනවනම් කලාවේ පිනට පහල වුණු එකම කලාකාරිණිය🥺🥺 අභී......❤
මේ තරම් නිහතමානී ,සංවේදී කටහඩකට පුලුවන්ද කෙනෙක්ගේ හදවතේ සියුම් තැන් පවා ස්පර්ශ කරන්න. ඇත්තටම ඇයට ඒ සදහා තියෙන්නේ පුදුමාකාර හැකියාවක්.🥺
අභී සිංදු ලියනවා..
පුරුදු විදියටම ඇඬෙනවා..
ඒ තමයි අභීගෙ නීතිය❤❤
දන්නවාද ආදරේ නීතිය එකම කතාවේ දෙන්නෙක් හිතන විදිහ බලන්න හොද නරක කියන්න අමතක කරන්න එපා ❤.
A Film by Charuka Dushyantha
❤
Harima nirmanathnakai ❤❤❤
Best creation ❤❤❤❤❤❤ Good luck
ඔයාගෙ වැඩක්නම් ඉතින් ආයේ වචන නෑ ,ඒවගේම අභිගෙ වොයිෂ් 👌👌❤️❤️🎶🎶❤️❤️
SuperB
ජීවිතේ මොනා බෙදා ගත්තත් පිරිමි පපුව තව හිතක් එක්ක බෙදා ගන්න ගෑනු අපිට බෑ😢 පරිනතයි කියලා හිතුවට ගෑනු අපි හරි බොලදයි මේඝ 🥺 ඒකයි මැනික කීවහම ඒ වචනෙනුත් ගෑනු අපි හරි ඉක්මනින් නිමෙන්නේ ❤ රිදුනු තරමට දැනෙනවා දැනුනු තරමට රිදෙනවා 🖤
සමහරුන්ට වැරදිලාවත් අපි රිද්දන්නේ නෑ කියලා හිතුවට - ඒ අය අපිට හොදටම රිද්දුවා...
ඒ නිසා මේ කතාව ඇත්තක්...
දැනෙන තරමට රිදෙනවා
රිදෙන තරමට දැනෙනවා 💔
තව පොඩි දෙයක් වැට්ටුව තරමට නැගිට්ටේ ආයේ කවදාවත් වට්ටන්න බැරි විදිහට 😇...
සුචී 🌷
❤අභී අක්කේ,ජීවීතේ කොතැනක හරි හැම ගැහැණියෙක් ම ඔය දේ යාන්තමට හරි විදලා හිත් රිද්දගෙන ඇති.....ආදරණීය අභී සියක් ආයූ ලැබේවා...❤
තාම නුඹ ගැන කවි ලියනවා..
නොකියවන බව දන්නවා..
දැන දැනත් මං තව බැදෙනවා..
ආදරේ මේකද හිතෙනවා..
මග තොටත් මල් පිපෙනවා..
නුබේ සුවදම දැනෙනවා..
මල් දුමට ළය දිරනවා...
හැමදාම මුහුදට කදුලක් වැටෙනවා..
නුඹ අරන් ගිය හිත රිදෙනවා..
ඇස් දෙකත් කදුලින් පිරෙනවා..
රිදෙන තරමට දැනෙනවා..
දැනුන විට මට රිදෙනවා..
#සලලලලා #මනස්කාර #manaskara
'තාම ඉදහිට රිදී නූලක්
පපුවෙ ඉහලට ඇදෙනවා...
කලුගලක් බව හිතන් හිටියට
කදුලු මුහුදට වැටෙනවා.........."
I felt it 🙂🥀----
පද්මිණි කුලරත්න ගාතනය ඇහුනු ගමන් අනිත් අතට අබිශේකා ඔයාගේ ගීතය රසවිදින්න ආවා. මොනතරම් සල්ලී දෙපළ තානාන්තර ලස්සන තිබුනත් ගැහැනියක් මොනතරම් අසරණයිද අදටත් ඒ දරුවෝ ඇතිනේ මේවා අහන්න දකින්න. මොන ගැහැනියද කැමති පිරිමි පපුවක් බෙදාගන්න. ඇත්තටම ඔව් ඕනෑම දෙයක් බෙදාගන්න ගෑනියෙක්ට පුළුවන් උනත් පණවගේ ආදරේ කරන ආදරණිය ස්වාමියාට හෝ බිරිදට වෙන කෙනෙක් ලංවෙනවා කියන්නෙම ඒක ගිහි ගෙයක් නෙමෙයි ගිනි ගෙයක් මේක එක කතාවක් උනාට උසාවියකට ගිහින් බලන්න ඕනේ විවිදාකාර කතා 75 % තියෙන්නේ පව්ල් අව්ල් නඩු ඒ කොහොම උනත් තද නීතියක් තිබුනා නම් මෙතරම් නොමගට ගිය දරුවන් ඇති වෙන්නේ නෑ. විවාහය අසාර්ථක උන ගමන් දරුවෝ තැනින් තැන අම්මා රස්සාවල් වලට යනවා රට යනවා.
ඒක හරිම.දරුණු හැඟීමක්,
නොදැනෙනවා කියල දැන දැනත් නොවෙනස්ව ආදරේ කරන එක
නොබලනවා කියල දැන දැනත් දුක දරාගන්න ලියන එක
ඒක හරි දරුනු හැඟීමක්
ආපහු හැරිල බලන්නෙ නැහැ කියල දැන දැනත් අපි නැවතිලා බලං ඉන්න එක
අපි අතින් අල්ලං එක්කන් ආපු මගේ වෙන කෙනෙක්ගේ අතේ එල්ලිලා යන විදිහ බලාගෙන ඉන්න වෙන එක
ඒක හරි දරුණු හැඟීමක්
එකම අරමුණ අතරමග කඩාගෙන වැටුනම
අඬන්න ඕනෙම වෙලාවට වහින්නෙ නැති උනාම කඳුලු හංගන්න අලුත් ක්‍රමයක් හොයන්න උනාම
ඒක හරිම දරුනුම හැඟීමක්
නොදැනෙන බව දැන දැනත් නොපෙනෙන බව දැන දැනත් වෙනසක් නැතිව ආදර කරන එක
ඇත්ත ගෑනු හරි බොළඳයි....ඒ නිසාම දැනුනු තරමට රිදෙනවා..රිදෙන තරමට දැනෙනවා..😢😢 බුදුසරනයි සම්බන්ධ වුන හැමෝටම
පද්මිණි කුලරත්න ඝාතනය! කවදාවත් හිතුවේ නෑ ඒකට ගීතයක් නිර්මාණය වෙයි කියලා.ඔයාගේ කටහඬ හරිම ලස්සනයි අභී.එයාටත් කියන්න කතාවක් තියෙන්න ඇති.මහා වේදනාවක් හිතේ තියන් මේ ලෝකෙන් යන්න සිද්ධ වෙන්න ඇති.ඒක ඔයා ලස්සනට වචන වලට පෙරලලා.හිතට ගොඩාක් දැණුනා අභී 😢💔
මොනවා බෙදාගත්තත් කිසිම ගැහැණියක් තමන්ගේ පිරිමියාව බෙදාගන්න කැමති නැහැ..මහා වේදනාවක් හිතේ හිරකරන් යන්න වුන ඇයට මම සංසාරේ කවදා හෝ අවංක පිරිමියෙක්ගේ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඇයට නොලැබුනේ ඒ දේ.. හිතට ගොඩාක් දෑණුනා
ඒ කතාව කියන්නකො
youtube.com/@yathura5461?si=TL7g-Vwd6fPikRGQ
@@sepalithakshila8352එයාගේ මහත්තයා එයාට වස දීලා මරලා 🥺
@@sepalithakshila8352 u tube thiyanava balanna❤
@@sepalithakshila8352youtube eke vistaraya tibba story eka...
ලංකාවෙි පලවෙනි වතාවට music වලින් අලුත් වැඩ කරන අභී ඇත්තටම හොඳ දැක්මක් තියන මැණිකක් වගේ අපේ රටට..😍 ඒ වගේම මිහිඳු එක්ක මෙි combination එක මාරම ලස්සනයි...එකම දේකින් අයින් වෙලා වෙනස් දේවල් try කරන ඔයලට තවත් ඒ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙිවා...❤️🌸
කාගෙ කතාව වටා ලියැවුනත් මේ ගීතය ගොඩක් අයගෙ හිත් වලට සමීපයි.
"තාම ඔබ ගැන ලියනවා,
නොකියවන බව දන්නවා...
දන්නවද ආදරේ නීතිය
දැනුනු තරමට රිදෙනවා"
මාත් ලියනවා... අවුරුද්දක් දෙකක් නෙමේ අද වෙද්දි අවුරුදු 15. ඒත් මම ලියයි මේ කවිය ජීවිත කාලෙම. ඒ මතකෙත් එක්ක. ඒක හරි පුදුමයි. අපි හැමෝම කොයි තරම් වයස ගියත් එක තැනක නැවතිලා එතනටම වෙලා සුසුම් හෙල හෙල ඉන්නවා. එහෙමම මැරිල යනව. ලෝකෙටම ඒ ගැන නොකියා.
"තාම ඉදහිට රිදී, නූලක්
පපුවෙ ඉහලට ඇදෙනවා..."
ඇත්තටම මේ නිර්මාණය හොද නිර්මාණයක්. හරි ලස්සනට කරලා තියන්නවා .
අක්කි ඔයාට තව මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ලැබෙන ඔනා.
හිතට දැනෙන විදිහට මේ සිංදුව කරලා තියන්නවා හරිම ආදරෙයි ❤
නුඹ තවත් වතාවක් හදවත ඇතුළට කතා කලා...
දැනුන තරමට රිදෙන....
රිදෙන තරමට දැනුනා....
සුභ පැතුම් සහෝදරිය ඔබේ හඩ භාවනාවක්...
Adawanawa me kella hemadama lassana Puthe adarei
කොඉන්ද අභී මේ ලස්සන වචන එන්නෙ. වීඩියෝ එකම හුස්ම හිර කර ගෙන බැලුවා ඔයා හැමදාම අපිව ඔය ලස්සන ගැලපිම් ඇතුලෙ හිර කරනව
ඇත්තටම මට තාම වයස අවුරුදු 13 යි.ඒත් මං අභිෂේකා මැඩම්ගේ සින්දු ඔක්කොම අහනවා . තේරුමක් තේරුම් නැති උනාට හරියට ඒ කටහඬට වශී වෙලා වගේ . ඔබතුමියට මං සුභ පතනවා ඉදිරියටම යන්න . හිත නිවෙනවා ඔයාගේ කටහඬ ඇහුනම . ආදරෙයි ❤❤❤❤❤🔥
ඇත්ත ආදරේ නිසා ගොඩාක්ම රිදිච්ච තැන් වල ගොඩක් දැනුනා... ඒ අය ගොඩක් රිද්දුවත් රිදි රිදි ඒ අය ලග ඉන්න ඕනේ උනා ඒ ඇස් මන් හැර වෙන කෙනෙක් හොයනව කියල දැනගත්ත දවසේ මන් මැරුනා ආදරේ නීතිය ඇත්තක් ABI...❤ මගේ ඇස් තාමත් විදවනවා ..
බලන්න හොදට මේකෙ අවසන් දර්ශනය දිහා..
දෙවෙනිකාන්තාව සමග මේඝ පැන් වඩද්දී අභීගේ මියගිය ආත්මය පැමිණ බලාගෙන සිටින ආකාරය..මේ අවසන් ප්රශ්නය අහන්නේ ඇයගේ ආත්මය..🥺🥺🥺
මේග කියන්නෙ කවුද?
❤ඒ වචන.......ඇබ්බැහි වන සුලුයි ❤ අපූරු නාද මාලාව...රූප රාමු පෙළ සහ හිතට දැනෙන්න කතා කරන ඒ හඩ.....👍❤️🔥
වචන වලට පුළුවන් ද මේ වගේ හිත් ඇතුලට රිංගලා මොහොතකට හිත් ගස්සන්න. අභී ඔයා හදවතට කතා කරන හදවතේ ගායිකාව වෙලා ඉවරයි. 🥺❤️🩹
ආදරේට නීතියක් හදපු , ඒ හිත් වලින්'ම ඒ නීතිය කඩපු ව්‍යාජ නොමිනිසුන්'ට හොඳම රිදවීමක් ! සුභ පැතුම් අභී !
❤
අභීගේ වීඩියෝ එක අනුව පෙම්වතා ව්‍යාජ මිනිසෙක්.හැබැයි මිහිදුගෙ වීඩියෝ එක අනුව මේ පෙම්වතා දුශ්ටයෙක් නෙමෙයි .🥺🥺❤
අහන්න කලින්ම බයක් දැනුනා , හිත රිදෙයි කියලා, හිත රිද්දන අභී, ඔබ ප්‍රේමයේ සියුම් තැන්, හරි පරිස්සමට පිහි තුඩින් පාරනවා ඒත් ඒක මිහිරියි. ආදරේ යි අභී😘🥺😘😘😘😘😘😘
ආදරනීය අභි,
තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා.
ගැහැනියක් සමාජයට නොපෙන්වන ශෝකාන්තය හරි අපූරු ලෙස ගීතය ආරම්භයේදී ම ඔබ අපට දනවන අයුරු හරි අපූරුයි . මේ ලෝකේ ජීවත්වන බොහෝ ගැහැනු තමන්ගේ දුක් අඳෝනා පොත් ඇතුලේ නොලිව්වාට හිත් ඇතුලේ කොච්චර ලියනවා ඇත්ද? ගොඩාක් පිරිමින්ට කවදාවත් ඒ හිත් ඇතුලේ ලියවෙච්ච දේවල් කියවන්න තේරුම් ගන්න බෑ. පිරිමි ආදරයක් ඇතුලේ ගැහැනියක් නිවෙනවා. නමුත් ඒ පිරිමි ඇස් වෙන ගැහැනියක් සොයන බව දැනගත් දවසේම ඈ හදවතින් සිය දහස් වාරයක් මිය යනවා.
නමුනුකුල බර දරනවා
මෙවන් අවස්තාවක ට මුහුණ දුන් ගැහැනිය කෙතරම් බරක් හිත තුල තෙරපාගෙන ඉන්නවා ඇත්ද? විටෙක ඇගේ සමාජ පසුබිම පවුල් පසුබිම නිසා කිසිවෙකුට කීමට නොහැකිව ඈ තනිව ඒ දුක දරාගෙන ඉන්න අවස්තා ඕනා තරම් සමාජයේ අපට දකින්න ලැබෙනවා. ගැහැනියක් මුලු හදවතින් තමන්ගේ සැමියාට ආදරය කරයි. විටෙක ඔහු කෙතරම් වැරදි කරත් නැවත ඔහුට සමාව දීමට තරම් ඇගේ හිත පෙලෙන්නේ ඒ ආදරය නිසයි.
තාම ඉඳහිට රිදී
නූලක් පපුවේ ඉහලට ඇදෙනවා
කලු ගලක් බව හිතන් හිටියාට
කදුලු මුහුදට වැටෙන්වා
කොයිතරම් අමතක කරන්න හැදුවත් කොතරම් කාලය ගෙවුනත් කවදාවත් අමතක කරන්න බැරි රිදුමක්. කලු ගලක් සේ කොතරම් හිත දැඩි කරගෙන හිටියත් ඒ දුක දරාගන්න බැරිව ලොවට රහසින් ඉකිගසන ගැහැනියට රිදුනු තරම් දනෙනවා , දැනුනු තරම් රිදෙන බවට මේ ගීතය පෙන්වා දෙනවා. හැම ගැහැනියෙක්ම කැමති තමන්ගේ පිරිමියා තමන්ගේ විතරයි කියලා ආඩම්බරයෙන් කියන්න. ඒ පපුවේ කෙටිලා තියෙන්නෙ රැව් දෙන්නේ තමන්ගේ නම විතරයි කියලා හිතන්න. කවදාවත් ඒ පපුව තව ගැහැනිය ක් එක්ක බෙදාගන්න බිරියක් කවදාවත් එකග වෙන්නේ නෑ. ගැහැනිය පරිනත වුණාට ආදරය ඉදිරියේ ඈ බොලදයි.
" එකම එක වතාවක් අහන්නම්
දැන් මට ආදරේ නෑ නේද මේඝ" ඇත්තටම මේ වදන් බොහෝ විට තම සැමියා අන් කාන්තාවක් සමග සම්බන්ධයක් පවත්වාගෙන යන බව දැනගත් පසු බොහෝ ගැහැනුන් අහන් ප්‍රශ්නයක් .ඇත්තටම ඈ බලාපොරොත්තු වන පිළිතුර වන්නේ කුමක්ද ? එක්වරක් හෝ ඔහු ඈට ආදරය කරන පවසාවි යැයි සිතීම නොවෙද ?නමුත් ඔහු සත්‍ය ලෙස ආදරය කරානම් කිසිදා ඔහු වෙන ගැහැනියක් කරා යන්නේ නැත.
දන්නවා ද ආදරේ නීතිය
රිදුනු තරමට දැනෙනවා .
දැනුනු තරමට රිදෙනවා .
හිතට තදින්ම දැනුනු ගීතයක්, සෑම වචනයක් තුල ගැඹුරු අර්ථය ක් ඇත එහි රූප රචනාවද අති විශිෂ්ඨයි .
අභි ඔබේ ගායනය බොහෝ කාන්තාවන්ගේ හදවතට කතා කරන ඉතා සංවේදී විශිෂ්ඨ නිර්මාණයක් .
Good luck & best wishes 🎉❤
Aththa
Aniwaryen
Great
අභී...❤ ඇහුවට ඇහුවට එපාවෙන්නෙ නැති , හිත නිවන කටහඬක්... ඇත්තමයි ඔයාගෙ සිංදුවක් එකපාරක් අහලා මදි.. ඒ තරම් හිතේ ගැඹුරුම තැන් හරි ලස්සනට ස්පර්ශ කරනවා.... ඉතින් මගේ ආසම අතලොස්සක් වුනු සිංදු අතරෙ මේ සිංදුවත් ඉහළින් ම තියේවි..,හැමදාමත්..,අභීගෙ අනිත් සිංදු වගේම...❤❤
රිදුණු තරමට දැනෙනවා .දැනෙන තරමට රිවෙනවා.. මාර වචන ටිකක්.. හැමෝගෙම උත්සාහය සාර්ථකයි .. හැමදාමත් වෙනස්ම රසවින්දනයක් දෙන අභී අක්කට ජයෙන් ජය 🎉❤
අනේ මන්දා මිස් එදා අහන්න බැරි උනා එත් අද නම් පුලුවන් හින්දා හවස 6.00 වෙනකම් ඇගිලි ගැන්නා . මාර ලස්සනයි මිස් මෙක භවනාවක් . අනේ තව සිංදුව ටිකක් දාන්න කො 🥺
ගාලු කොටුව උඩ අහපු පළවෙනි දවසෙම පිස්සු වැටුන සිංදුව ❤
❤❤❤
❤❤
"දැනුණු තරමට රිදෙනවා,රිදෙන තරමට දැනෙනවා"❤🔥
ඒක තමා ආදරේ නීතීය...
I felt it.
හුස්ම හිර වෙනවා අහනකොට..ඇත්තටම ගෑනු අපි හරි ලෝබයි ආදරේට .ඒත්...😢😢
ඇත්ත, පිරිමි පපුවක් බෙදාගන්න ගෑණු හිත් කැමති නෑ..
රිදෙන තරමට දැනෙනවා..
දැනෙන තරමට රිදෙනවා.. 😢
අභී නංගී.. සුබ පැතුම් සියලු දේ සාර්ථක වේවා🎉
ඔයා අපිට ලැබුණු තෑග්ගක්... ❤
බුදු සරණයි ❤❤
මේ කුලරත්න ඝාතන සිද්දිය නේද ?...හරිම ලස්සනට ප්‍රතිනිර්මාණය කරල තියනව. මැරුණ ඇයටත් කතාවක් ඇති. ගොඩක් ස්තූතියි අභී අඩ සියවසකට පස්සෙ ඇයගෙ හදවතේ හඬ අපිට අහන්න දුන්නට❤
ඒ ගැන ඔබ දන්නා තොරතුරු දැන ගන්නට කැමති යි,
මොනාද ඔයා මේ ගැන තව දන්නේ?
කියන්නකො සත්‍යය
Padmini Kularatne kiyala search karala balanna. TH-cam 1 thibba e gena video 1k
ආදරෙන් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ පතුලටම කතා කරන්න පුලුවන් විශිෂ්ඨ ගායිකාවක් ....🥺❤️
මේ කමෙන්ට්ස් බලනකොට තේරෙනවා නේද මෙවැනි ගීත වලට ආදරේ කරන රසික පිරිසක් තාමත් ඉතුරු වෙලා ඉන්නවා කියලා.මට ඒ ගැන සතුටුයි .❤ ආදරෙයි අභි
රිදෙනවා කියලා දැන දැනත් ඇයි මේ තරම් හොය හොයා බලන්නෙ පපුව රිදි රිදි ඇස් ගිනියම් වෙවි අඩන්න මෙ තරම් ආසද.......
ඇයි රත්තරන් අක්කෙ රිදුනු හිත් තව තවත් රිද්දන්නෙ.......
රිදෙන පපුවට රිදෙන පද පේලි කියලා දැන දැනත් තව තවත් ඔබේ පද පේලි අහනවා.........
රිද්දුවට තරහා නැ අක්කෙ.....
කවදා හරි දවසක මගෙ කතාවත් මෙ වගේ පද පෙලියක් කරන්න ශක්තියක් ලැබෙවා......❤️😭😭😭
ඇත්තටම ආදරය කරන ගැහැනු අපිට කිසිම අත්මයක අපහු මෙවැනි වෙදනා දැනෙන්න එපා 😭
මම හිතන්නේ ගැහැණු හිතට විතරක් නෙවෙයි, දෙපිරිසගේම හිත් වලට මේ නීතිය පොදුයි. වචන, සංගීතය 💪ගැයුම හැමදාම භාවාත්මකයි මිහිරියි. සදා ජය!!!❤
එදා ගාලු කොටුවෙදි මේ song එක පලවෙනි වතාවට live අහන්න ලැබුන එක මාරම සතුටක්❤.. මතකද එදා මුහුදු හුලග එක්ක ඒ දැනුනු feeling එක..
රිදුණු තරමට දැනෙනවා
දැනුනු තරමට රිදෙනවා
Abhi & Mihindu ... woow😍 perfect combination. Heart touching song❤️
ඇත්තටම ලස්සන ගීතයක්. අභී ආදරණීය යෝජනාවක් කරන්නම්. ගැහැනු ළමයෙක් තමන්ට වඩා වයසින් අඩු පිරිමි ළමයෙක්ට කරන ආදරය ගැන ඔබේ ඇසින් නිර්මාණයක් කරන්න. මොකද මාත් කැම්පස් එකේ මට වඩා අවුරුද්දක් බාල පිරිමි ළමයෙක්ට තමයි ආදරය කරන්නේ. මං කැමති ඒ හැඟීම ඔබේ ලස්සන ගීතයකින් රස විදින්න. මා වගේ තවත් එහෙම ආදරය කරන ආදරයන්ට ලස්සන ගීතයක් දෙන්න. ආදරණීය ඉල්ලීමක් මෙය 😊
අවුරුදු ගාණක් මම ආදරෙ නිසා දුක් වින්දා..ඊට පස්සෙ තනියම ගමන කොච්චර අමාරු වුනත් මම ආව.. දැන් ආයෙත් අවුරුදු තුනකට පස්සෙ ආයෙත්...ආදරයක් දැනිලා අත ඇරෙයිද මඟ ඇරෙයිද කියල බයේ දුක් වෙවී ඉන්න වෙලා ඉස්සර වගේම..
ඇත්තටම දැනෙන තරමට රිදෙනවා 💔
රිදෙන තරමට දැනෙනවා 😢
රිදුම් දුන්නු හිතකට ආයෙත් ආදරේ දැනෙන එක මැජික් එකක් තමයි... ඒත් ගැහැනු අපි හැමදාමත් දෙවරක් නොහිතා ආදරණීය වචනවලට රැවටෙනවා... 🥀🙂
ඇයි මං මේක අහන්න දවස් 4ක් පරක්කු උනේ💔
අභී❤️ මං ලග ඔයා ගාව වගේ ලස්සන වචන නම් නෑ🥺 හැබැයි ආදරේ නීතිය කියලා නම දකින කොටම දැන ගත්තා ඔයා අදත් හදන්නේ හරි ලස්සනට මතක අවුස්සල රිද්දන්න කියලා...ඔව් හිතුව වගේම එහෙම උනා❤️ නිකං ම නෙවෙයි හැමෝම කියන අභීගේ නීතියෙන්✨️
ඔව් රිදෙන තරමට තමයි ආදරේ දැනෙන්නේ🥺
නිකං ම නිකං ස්තූතියි කියන්න බෑ ඔයා මෙහෙම හරි රහට අපේම මතක අස්සේ අපිව අතරමං කරනවට❤️
ඔයා ලස්සන මැජික්කාරියක් අභී❤️ ඉතිං ඔයාගෙ ලස්සන හැගීම් වචන කරනවට ඔයාට ආදරෙයි අපි මහ හුගක්🥺❤️
මේ ඉතිං අභිශේකා විමලවීර❤️ ඔහොම තමයි එයා දන්නවා හරි රහට නොදන්න නොදැකපු මනුස්සයෙක්ගෙ හිතේ හැගීම් අවුස්සන්න❤️
ඒ වචන......
හැමදාමත් වගේ ඔබේ ඇග කිලිපොලා යන හඩ❤
මෙන්න මෙව්වටයි MASTERPIECE කියන්නේ.
ආදරණීය අභී❤🙏
අභිෂේකා දිහා බලාගෙනම ඉදලම සිංදුවේ වචන අහන්නත් බැරි උනා...ඒක මාර ලස්සනයි...හැම කතාවකම හැම චරිතයක්ම එයාලා සාධාරණයි කියලා හිතනවා...❤❤❤
මේ සිංදුවට ත් මතක සිංදුවට දුන්නා වගේ වීඩීයෝ එකක් ඕන අභී
ඔයාගේ කටහඩින් ඔයාගේම වචන වලින් මේකේ තේරුම අහන්න බලාගෙන ඉන්නවා ❤
පීස් ඉක්මනටම ඕන
සින්දුව අහන්න අහන්න රිදෙන බව දැන දැනම හැමදාම අහනවා..🥺💔💔ඒ වචන වලින් රිද්දගන්න එකත් ඇබ්බැහියක්..❤️
හිතක් හඩනව රෑ යමේ මතකයන් මවා ,. නුබත් තනිවම තම ඉන්නෙමි දන්නවා,.
හිතේ ඇති දුක වචන කෙරුමට කාලෙ නොම මේ දැනෙනවා .,
සුබ පැතුම් නුබ පටන් ගත් නව දිවිය සරු බව පෙනෙනවා
දැනුනු තරමට රිදෙනවා,රිදුනු තරමට දැනෙනවා.......ආසම කොටස......ලොකු තේරුමක් තියෙන වචන කීපයක්.....thank you අභී and මිහිදු......
Yes true
Owwwww
හුස්ම පොඩ්ඩකට හිර වුනා අභී..❤️❤️ඇත්තටම ලස්සන නිර්මාණයක්...තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.!!!
රිදුණු තරමට දැනෙනවා
දැණුනු තරමට රිදෙනවා
ඇත්ත ගෑණු ලොබයි පිරිමි පපුවක් බෙදාගන්න...
මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න අභිට පුළුවන් ❤️❤️❤️ හරිම ලස්සන සංවේදි නිර්මාණයක්❤️❤️🩹
දන්නව ද ආදරෙ නීතිය ,දැනුනු තරමට රිදෙනවා.❤️
කවදාවත් ආයෙම උඩට මතුකරගන් නෑ කියල හිතාගෙන හදවතේ ගැඹුරෙම නිදන් කරපු සමහර මතක ආයෙම උඩට මතු වෙනව මේ වචන වලින්..ඒ රිදීමෙත් අමුතු සුන්දරත්වයක් තියෙනවා ..ඒකයි මම කොච්චර රිදුනත් අභීහෙ සිංදු අහන්න ආසා ❤🙂🥺
ඇත්තටම අභිශේකා කියන්නෙ වෙනම භාවනාවක්...වචන වැදෙනවා...ඒ හඬ දැනෙනවා..කියාගන්න බැරි දුකක් සංගීතයකට පෙරලලා පරිනත වචන ටිකකින් ඇහෙනකොට දැනෙන්නෙ වෙනම සතුටක්...ආදරය කියන්නෙ වේදනාවක්...වෙලාවකට විඳිනවා...වෙලවකට විඳවනවා....අභිශේකා ආදරෙයි ගොඩාක්❤❤❤
Vishishtai 2:21
ආදරේ ගැන මං අහපු හරිම නිර්වචනේ...
"දන්නවද ආදරේ නීතිය
රිදුනු තරමට දැනෙනවා...
දැනුනු තරමට රිදෙනවා...."
දෙයියනේ අභී අක්කේ....
මේක පිස්සුවක්...🔥❤
තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය
රිදුන තරමට රිදෙනවා❤
I felt it🥺💖
අභී මිස් මම පුද්ගලිකව මිස්ගේ හැම නිර්මාණයකටම හරිම ප්‍රියයි.නිස්සාර, තවම පණ තියනවා වැනි ගීත වගේම මේ නීර්මානයත් මිනිස්සුන්ගේ කනට ඇහෙන විතරක් නෙවේ හදවතට කතා කරන ගීත..ඒ වචනයක් වචනයක් පසා හදවතට මොකක්දෝ කියන්න තට්ටු කරනවා වගේ අහන් ඉන්නකොට දැනෙන්නෙ මිස්. හැමදාම සමාජේ කතාබහාට ලක් නොවෙන පැති ගැන කරන නිර්මාණ නම් ගොඩක් වටිනවා අභී මිස් ..මිස්ට සහා මේ හැම නිර්මාණයකටම සම්බන්ද උන හැමෝටම සුභ පතනවා ...ඒ වගේම මිස්ගේ හඩින්ම..මේ ගීතය ගැන විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා මිස් .බුදු සරණයි
කටහඩ හරිම වෙනස්
ඔබ අසනීපයෙන් ද
ලස්සන ගීතයක්..
සුභ පැතුම් ඔබට
ඔබට සුව පතනවා
ආදරය ගැන කිසිම අත්දැකීමක් නැති පපුවක පවා, ආදරේ ගැන මේ තරම් තදින් යමක් දැනවීමට තරම් අභීගේ වචන ජීවමාන වෙලා.... 🥺❤️ රිදුනු තරමට දැනෙනවා....දැනුනු තරමට රිදෙනවා...🥀🍂
❤
" රිදුනු තරමට දැනෙනවා.. දැනුනු තරමට රිදෙනවා .. "
ඇත්ත 😊🥀💔
අභීගේ කටහඩම භාවනාවක්.. 🥺
ඒ වචන වෙනස්ම රසවින්දනයක් 🥰❤️🌸
වෙනදා වගේම මේ සිංදුවත් එනකල් මම මග බලන් හිටියේ.. 🥺
මම දැනන් හිටියා වෙනදා වගේම මතක අවුස්සලා රිද්දන බව.. 🥺
" ඒ තමයි අභී " 🥰❤️
අභී..... ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම දක්ෂ පදරචිකාවක්. හදවතේ සියුම් තැන් ස්පර්ශ කළ හැකි මෘදු ස්වරයක්...❤ඔබට මෙවන් පද වලින් තවත් හදවත් බොහෝ ගනනක් ස්පර්ශ කරන්නට ශක්තිය තව තවත් ලැබේවා.!
මං දන්නෙ නෑ මේ වගේ අදහස් ඔයාට කොහොම එනවද කියලා , ඒත් කොයි තරම් සතුටින් ඉන්න කෙනෙක් උනත් මොහොතකට රිද්දන්න මේ වචන වලට, මේ හඬට පුලුවන්..ඒ තරම් දැනෙනවා...ඒ වගේ දැනෙන්න ගීතයක් කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ අභීම විතරයි.❤❤....හදවතේ සියුම්ම තැනට දැනෙන්නෙ ඔයාගෙ හඬ විතරයි..
මොන තැනකදි ශක්තිමත් උනත් ගෑනූ ආදරේදී බොලදයි. සන්තකේටම ලියා ගත්ත පපුව උඩ අවසන් හුස්ම හෙලන්න ගෑනූ අපි හරි ආසයි. ඉතින් කොහොමද බෙදා ගන්නෙ 😢 ඒ වචන හැමදාමත් වගේ හරි අපූරුවට දැනෙනවා . ❤❤❤❤💝
Mekama thamai mageth life story eka. Wenasakata une man thawamath jiwath wenawa 😔
වෙන්වෙලා අවුරුද්දක් උනා...ඒත් මං තවම ඔයා ගැන හිත හිත තනියම දුක් විදිනවා...ඒත් ඔයා අපි වෙන්වෙලා මාසයක් යන්නත් කලින් තව ආදරේකට අත්පොත් තිබ්බා...මම????😢
අහී...ඔයාගේ හැම නිර්මයක්ම..හරිම සංවේදී...ඒ තුලින් ඔයාගෙ තියන කලාමය නිර්මාණාත්මක බව භාවනාවක් වගේ විදින රසිකයින් වෙන්න අපිට පුලුවන්...ආදරේ පිරුනු ගායිකාව අභී...❤️ 🥰ඇත්තටම මම ඔයාගෙ සිංදු අහන වාර ගාන මම දන්නෙ නැහැ..ඒ ආදරනීය හඩට රූපයට ආදරේ හැමදාමත්...ඔබගේ දිගු ගමනට සුභ පතනවා...
ලංකාවට ආවම එක live concert එකකට හරි මට එන්න ලැබේවා කියලා මම ප්‍රර්තනා කරනවා...😊
මේඝ හැමදේම බෙදාගන්න පුලුවන් උනාට පිරිමි පපුවක් බෙදාගන්න ගෑනු අපිට බෑ
ඔබේ ඇස් වෙන ඇස් දෙකක් හොයන බව දැනගත් දවසෙම
මගේ ආත්මය මිය ගියා..
පරිණතයි කියලා හිතුවට
ගෑනු අපි හරි බොලදයි මේඝ
එකම එක වතාවක් අහන්නම්ම්
දැන් මට ආදරේ නෑ නේද මේඝ ?
රිදුනු තරමට දැනෙනවා
දැනුනු තරමට රිදෙනවා ..
ඒ ටීක 😥😥 පපුවටම කතා කලා..
ඒ වේදනාව
අතීතයේ දවසක වීදපු ඒ වේදනාබර හැගීමම
ආයෙ ආයෙත් වර්තමානයේ දැනෙනවා වගේ හිතට දැනෙන කාලෙක
මේ මොහොතේම මේ වගේ අහද්දි ඒ හැගීම 😥😥
ඇත්තටම ..
බැදීම් මිනිස්සු රිද්දනවා
හැගීම් මිනිස්සු මරනවා
මන් දන්නේ එච්චරයි 😊😊
😢😢😢💔💔💔
😢
🥺💔😞
අභීගේ සිංදුවක් අහන හැමදාමත් වගේ අදත් කමෙන්ට් එකකට වචන නැතුව පපුව හිරවුණා...පද්මිණී කුලරත්න මහත්මියගේ සංසාර ගමන සුවපත් වේවා ...ඇයට උතුම් නිර්වාණයම වේවා..😢😢😢😢
තාම නුඹ ගැන හොයනවා
නොහිමි බව මම දන්නවා
තේරුණා ආදරේ නීතිය
දැණුනු තරමට රිදෙනවා
අදත් මහ වැසි වැටෙනවා
මතක පොත දිග හැරෙනවා
තාම පපුවේ ගැඹුරු තැන නුඹ
හෙමින් කොඳුරනු ඇහෙනවා
අළුත් කවියක් ලියනවා
හිනාවක් ගැන හොයනවා
තාම සුව නොවු රිදුම් අතරේ
අළුත් රිදුමක් තියෙනවා
එදත් මෙහෙමයි හිතෙනවා
අදත් එලෙසම රිදෙනවා
තේරුණා ආදරේ නීතිය
රිදෙන තරමට දැනෙනවා....
අභී....❤ ප්‍රේමය විද විදවන හදවත් එක්ක ආදරය නම් අවනඩුව හදවතේ ලියන ගීත කෝකිලාවිය...🥺❤ ප්‍රේමය බද්ද කර ලියවු සෑම ගිතයක් ම අහන් ඉද්දී හදවතේ ගැඹුරු ම ප්‍රේම පාරාදිසයක හඩමින් අපි ඇවිදන් යනවා අභී...❤️🥺
අපි උසස් පෙළට යන සිංහල පංතියේ සර්(සදුන් ආසිරි අරඹවෙල සර්) මේ සිංදුව අහන්න දීලා තේරුමත් කියල දුන්නා.සිංදුවට පාදක වුණු සත්‍ය සිද්ධියත් සර් අපිට කිව්වා..ඊටපස්සෙ තමා යූටියුබ් ඇවිත් සිංදුව සර්ච් කරලා බැලුවේ.හරිම ලස්සන සිංදුවක්.අපේ නගරෙ වුණු ගාල්ලෙ ඉදන්ම අභිශේකා විමලවීර මහත්මිය ඉතා අලංකාරවත් ලෙස සිංදුව ගායනා කරනවා..❤️
Voice 💯
Words 💯
Melody 💯
Feeling 💯
ඔව් අභී ඔයා කියන්නෙම සැනසීමක් . එක්තරා ඇබ්බැහියක් කොටින්ම කියනවනම් අභී කියන්නෙම පිස්සුවක් ... ❤️❤️❤️❤️.
08.12 වෙනිදා ඉදලා බලන් හිටියෙම මේක ආයෙ අහන්නෙ කවද්ද කියලා... 🥰🥺❤️❤️
මම අද වෙනකන් අභි ගේ කිසිම දේකට comment දාලා නැහැ.ඒත් අභිගේ සිංදු වලට ඇබ්බැහි වෙලා..ආස කරන එකම ගායිකාව.ඒ වචන..කතාවෙන හිත් ගොඩාක් සුවපත් කරන්න පුළුවන්.රූපය.., චාම්කම..,සංවරකම හැමදෙයක්ම එකම තැන..ඇත්තටම අභී කියන්නේ භාවනාවක්.. 😌❤️🩹
"වෙල්වට් ප්‍රේමය " පොතක තියෙන වචන සින්දුවක් විදිහට අහන අහන වාරයක් පාසා මේ හිතම නොසන්සුන් වෙනවා.. අමුතු වේදනාවක් හිතේ ඉපදෙනවා.අහිමි උනු ආදරේ ඇස් ඉස්සරහා මැවෙන්නෙ නැති ගානට හිත හදාගත්තත් මතක හිතේ සියුම් රිදවීමක් ඉතුරු කරලා..😢
මං හීන දැකපු,
සුන්දර ගැහැණියක් නුඹ..
හරිම සුන්දරයි
අභීගෙ ගීත කියන්නෙම දැනෙන තරමට රිදෙනවා කියන එකට හොදම උදාහරණයක් ❤
හිස් පිටුවක් ...
නොලියවෙන පන්හිඳක්...
මතක වැස්සක් ...
ඒ හොඳටම ඇති.
`` දැනුණු තරමට රිදෙනවා´´ ❤️❤️❤️
දන්නවද ආදරේ නීතිය. ❤️. ඒ වචන වල සැගවුනු අර්තය ලස්සන පද පේලියකට අමුනලා රසිකයා වෙල පොවන අලංකාර ස්වර දැහැන් රසිකයාගේ සවන් මන් මත් කරයි. ආදරෙයි අභී.❤️
මේ කියන්නෙ ඇත්තමයි පපුව රිදෙන්න ගත්තා...අභීගෙ සින්දු වලට මං හරි බයයි..අභී අල්ලන්නෙම හිතේ හැන්ගිච්ච රිදුණ තැන්❤️ කොච්චර රිදුනත් නොබල ඉන්න බෑ..අභීගෙ කටහඩ භාවනාවක්...වචන පිස්සුවක්🔥
දැනුනු තරමට රිදෙනවා
රිදෙන්න රිදෙන්න නොදැනී යනවා...❤
ලස්සනම නිර්මාණයක්...ජය 🙏
මේවා නිකම් නිකම් සින්දු නෙවෙයි තනිකරම අපෙ ජීවිත කතාව 🙂💔 දැනනු තරමට රිදෙනවා රිදෙන තරමට දැනෙනවා ......රිදෙන බව දැන දැනත් තවමත් අපිව රිද්දන ඒ මනුස්සයට ආදරේ කරන එක තරම් වේදනාවක් තවත් නෑ ....ඒක වේදනාවක් වගේම ලොකු මෝඩකමක්
මග බලා උන් ගීතය... ❤හරිම ලස්සනයි ❤❤සුභ පැතුම් දායක වූ සියලු දෙනාට ❤❤❤❤අභී..... ❤❤❤❤❤❤❤ආදරෙයි ❤️ ❤️ ❤️
ඔබේ ඇස් වෙන ඇස් දෙකක් හොයන බව දැනගත් දවසෙම මගේ ආත්මය මිය ගියා...
එකම එක වතාවක් අහන්නම් දැන් මට ආදරේ නෑ නේද ඒයි...🥺♥️
දැනෙන තරමට රිදෙනවා...
රිදෙන තරමට දැනෙනවා...🥺
Its really touched 🥺🥺♥️♥️♥️
නොතේරුනත් හැම පදයක තේරුම
තේරෙනවාමට හොඳ හැටි වේදනාව
කලබලකාරී ජීවිතය තුළ
මොහොතක් නිවුනා ඔබේ කටහඬ තුළ
නොදැනුනත් හැම හැඟීමක්ම හිතට
තේරෙනවා මේ පදය මගේ හදට
විදවන ගෑනුන් සියල්ලටම
ලැබේවා ජීවිතයේ සියලුම සතුට
මට අවුරුදු දහතුනක් වුණත් මේ මගේ ආසම සින්දුව ගොඩක් පදවල තේරුම තේරුනේ නැතත් ඒ හිත නිවන ගතියට මම හරි ආදරෙයි පද වැල් ගලාගෙන යන රිද්මෙට ආදරෙයි . අභී මිස් ඔයාට ගොඩක් ආදරෙයි ❤❤
ඒ වචන ටික මාරම විදියට දැනෙනවා.🍂අභී,ඔයාගෙ voice එකට මිනිස්සුන්ගෙ හිත් නිවන්න වගේම යන්තමින් පිළිසකර කරලා තියෙන හිත් ඇදලා අරගෙන පාරලා විසිකරලා දාන්න පුලුවන්🥺 .ඔයා නම් මායාකාරියක් අභී...❤
රේමයට ප්‍රේම කලේ ඇත්නේම කී දෙනාද
වචනින් ප්‍රේම කරපු වුන් අතරේම ඒ වචනෙට
සිතින් ප්‍රේම කරන වුන් කියක් නම් ඇතිද ?
ගතින් වෙන් වී සිතින් අත් නොහැර ප්‍රේම කරන වුන් කියක් ඇතිද ?
සමහරුන්ට ප්‍රේමය ගණු දෙනුවක් වෙනකොට මුදලට භෞතික සම්පතකට සීමා වෙනකොට
කොලයකට දාපු අත්සනට සිමා කරනකොට
ඒ අතර කිසික් නොතකා ප්‍රේම කරන වුන් හැමදාම හදවතින් අසිමිතව ප්‍රේම කලා. අනික් වුන් සතුට භුක්ති විද්දිනකොට ප්‍රේමයට අසිමිතිකව ප්‍රේම කර වුන් හැමදාම අසිමිතව ලය පැලනතෙක් දුක් විදිමට නියම වුනා.
නිතියේ දෙවගන මෙන් ආදරේ නීතිය ත්
ඇත්තෙන්ම අන්ධ ද ? ඒ නිසාමද රිදුම මේ තරම්ම බර 🥺
ගැඹුරු ඒ වචන අතර මං සිර වුනා අභි 🥺🥺❤️
😢❤
😢😢😢💔
ඔබේ ඇස් වෙන ඇස් දෙකක් හොයන බව දැනගත් දවසෙම මගේ ආත්මය මිය ගියා 🥺💔🥀
මන් මේ comment එකක් දාන පලවෙනි පාර අභී 🥺 මට මේ දේ ඊයේ මේ විදියටම උනා 🥺,එයා විශ්වද්‍යාල සිසුවෙක් 😢❤ මගෙ ඉස්සරහම එයා විශ්විද්‍යාලයේ සම්බන්දයක් පවත්වන ගෑනු ලමයට කාතා කරා 🥺😫❤
ඒකම ඒක වතාවක් අහන්නම්...
දැන් මට ආදරෙ නැ නේද මේඝ ...😢