වයස දියුණුවට බාධාවක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • මෙම වීඩියෝවම ඉංග්‍රීසි මාධ්‍යයෙන් නැරඹීමට 👉🏽 • Are you too old to bec...
    🚀 ----------------------✴------------------------- 🚀
    ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    New Website - intellectii.gl...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    මගේ අනිත් TH-cam නාලිකාව - / @raamuwa
    🚀 -----------------------✴-------------------------- 🚀

ความคิดเห็น • 820

  • @RandikaWijesinghe
    @RandikaWijesinghe  3 หลายเดือนก่อน +66

    මෙම වීඩියෝවම ඉංග්‍රීසි මාධ්‍යයෙන් නැරඹීමට 👉🏽 th-cam.com/video/rUCw1mEYOsM/w-d-xo.html
    🚀 -----------------------✴-------------------------- 🚀
    ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@Raamuwa
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 3 หลายเดือนก่อน +1

      ඔබලාගේ සෑම ප්‍රශ්නයකටම අනිවාර්යයෙන්ම විෂඳුමක් දීමට අපේ ප්‍රසිද්ධ දේවාලයකට මායම් වෙන්න සිංහල බෞද්ධ අයෙක් අවශ්‍යයි.

    • @slhermit
      @slhermit 2 หลายเดือนก่อน

      Just like in all of your vids, you keep presentencing anecdotal evidences, then try to come up with a generalization, and you don't seem to understand (like many sri lankans), this is a wrong method to conduct any study.

    • @widmina..
      @widmina.. 2 หลายเดือนก่อน

      මගදී නැවැත්තුවා නවත්තපු තැනින් ආපහු පටන් ගන්නේ කොහොමද සර්

  • @HANNAHAURORA-qr8sm
    @HANNAHAURORA-qr8sm 3 หลายเดือนก่อน +340

    1. 2007 සාමාන්‍ය පෙළ කළා
    2. 2010 උසස් පෙළ කරන්න ඕන අවුරුද්දේ, උසස් පෙළ කරන්න පටන් ගත්තා.
    3. 2012 උසස් පෙළ කළා.
    4. 2013 ආයෙත් කළා. දෙපාරම සමත්
    5. 2014 3D Design cos එකක් කළා. ජීවිතේ දෙවෙනියට ආසම field එක. එත් අවාසනාවකට දිගටම කරන්න බැරි උනා.
    6. 2015 පෙදරේරු ක්ෂේස්ත්‍රයට ගියා. තනියම ගෙයක් හදන්න පුළුවන් මට්ටමට වැඩ ඉගෙන ගත්තා. මගේ ගෙදර 2/3 මන්ම තනියම හදා ගත්ත.
    7. 2019 අයින් උනා. ( පෞද්ගලික ප්‍රශ්න කිහිපයක් නිසා)
    8. මොනවද කරන්නේ කියල හිත ගන්න බැරුව හිටිය.
    9. අතීතයේ හැමදේම මුල ඉඳන්ම අපහු මත කළා.
    10. අවසානයේ නතර උනේ දෙවෙනියට ආසම field එක ළඟ.3D Design
    11.2021 හැමදේම මුල ඉඳල ( 3D Design ගැන ) ඉගෙන ගන්න පටන් ගත්තා.
    12. ඔහොම යන ගමනේ "රාමුව, teck track show, video katha, science with ruchira" හම්බුනා.
    13. ඉගෙන ගන්න තියෙන ආසාව හිත ගන්න බැරි විදිහට වැඩි උනා.
    14. 3D Design කියල දෙන්න TH-cam channel එකක් පටන් ගත්තා. 5000 වඩා ඉන්නවා.
    15. අදටත් ගොඩක් අය 3D Design කරලා වැඩක් නැ කියල කියනව.( මුනටම).තවම හරි income එකක් නැ.( ඉදල හිටලා මේසන් වැඩට යනවා. cover කර ගන්න )
    16. 3D Design කරන්න පටන් ගත්ත එකෙන් සහ "රාමුව, teck track show, video katha, science with ruchira" මුණ ගැහුන එකෙන් ජීවිතේ වෙනස්ම මානයකට අවා. ගොඩක් දේවල් ජීවිතේට ලැබුනා.
    17. දැන් වයස 32.
    18. හමු වෙන්නම් දවසක comment section එකෙන්. Thank you.

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  3 หลายเดือนก่อน +89

      Wow this is a wonderful journey! I wish you the best!

    • @John_the_ripper_
      @John_the_ripper_ 3 หลายเดือนก่อน +25

      Teachers be like : "උසස්පෙල සමත් උනාම ඔයාට ජොබ් එකක් හම්බෙනව" 😪👍

    • @dineshhalowita2998
      @dineshhalowita2998 3 หลายเดือนก่อน +15

      ඒක හරි ලස්සන පාරක් මචන්.ඉදිරිය පැහැදිලි.

    • @DeviCube
      @DeviCube 3 หลายเดือนก่อน +6

      Same for me

    • @chinthakawimalasinghe3886
      @chinthakawimalasinghe3886 3 หลายเดือนก่อน +9

      මාරයී හේතුව මාත් 32 මේ වගේමයී

  • @nihalpannila6847
    @nihalpannila6847 3 หลายเดือนก่อน +385

    මට දැන් 74යි . මේක අහල මමත් අළුත් වුනා. ස්තුතියි !

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 3 หลายเดือนก่อน +8

      මරණාසන්න වයස් දියුණුවට බාදාවක් නේද?

    • @lasansanjula1909
      @lasansanjula1909 3 หลายเดือนก่อน

      @@smithrajapaksa7820 oya kohomada hariyatama kiyanne ?

    • @sandunbandara777
      @sandunbandara777 3 หลายเดือนก่อน +17

      ඒ උනා.ආධ්‍යාත්මය දියුණු කරන එක තමා වඩා හොද

    • @kavindagunasekara1384
      @kavindagunasekara1384 3 หลายเดือนก่อน

      ​@@smithrajapaksa7820oya eka prashnayak kara ganda epa.. maranaya kiyana ekata wayas bedayak na...

    • @kavindagunasekara1384
      @kavindagunasekara1384 3 หลายเดือนก่อน +14

      ​@@sandunbandara777thaman kamathi deyak karaganda oni kenekuta puluwan

  • @wasanthaappuhamy1198
    @wasanthaappuhamy1198 3 หลายเดือนก่อน +133

    මන් අවු 26 ක තරුණයෙක් අධ්‍යාපන කටයුතු අඩාල වීම නිසා සිත් තැවුලෙන් හිටපු කෙනෙක් මේ නිසා යම් බලාපොරොත්තුවක් හට ගත්තා ❤

    • @kefdsd
      @kefdsd 3 หลายเดือนก่อน +4

      මාත් 26. මටත් ඒකම උනා

    • @TharinduLakshan-qw3tj
      @TharinduLakshan-qw3tj 3 หลายเดือนก่อน +4

      Math 26 mtath ehemama hithuna.

    • @samod970
      @samod970 3 หลายเดือนก่อน +7

      මාත් 26යි , මේ කමෙන්ට් දැක්කාම ගැම්මක් ආවා. ගේමක් ගහමු ලයිෆ් එකේ කොහොම හරි 👍💙

    • @dianaswarnapali4444
      @dianaswarnapali4444 2 หลายเดือนก่อน +1

      අයියෝ 26 ත් වයසක්ද.මොනවද මේ කතා.වැඩට බහින්න දන්න දේකින්.

  • @kasunmadhushan5140
    @kasunmadhushan5140 3 หลายเดือนก่อน +82

    කැම්පස් යන්න නූලෙන් මිස් වෙලා කරන කරන දේ කනපිට ගැහිලා දැන් මැදපෙරදිගට ඇවිල්ලා cleaner කෙනෙක් විදියට වැඩ කරනවා..වෙලාවකට හයියෙන් කෑ ගහලා අඩන්න හිතෙනවා..තාම අවුරුදු 26..programmer කෙනෙක් වෙන්න self study කලා.ඒකත් මගදි නැවැත්තුවා දැන් ඕක කරලා ජීවිතේ ගොඩයන්න කාලේ මදි කියලා..දැන් හිතෙනවා ඇයි මන් එච්චර මෝඩයෙක් උනේ කියලා..මේ දැන් ඉදන් මන් පටන් ගන්නවා මම මගේ හීනේ ඇස් දෙකෙන් දකින්න..Thank you sir..ඔයාගේ කෝස් එකට මන් එනවා ලගදීම..❤

    • @nishanfernando7098
      @nishanfernando7098 3 หลายเดือนก่อน +9

      Don’t give up. මට දැන් 33 මාත් දැන් මුල ඉදන් programmer කෙනෙක් වෙන්ව ඉගෙනගන්නවා .

    • @yumiyumi1
      @yumiyumi1 3 หลายเดือนก่อน

      ❤❤❤

    • @mekelahendric7662
      @mekelahendric7662 2 หลายเดือนก่อน

      26 වයසක් නෙවේ

    • @upulnalaka8585
      @upulnalaka8585 2 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍🙏🙏🙏🙏

    • @user-xz1mk6wm1z
      @user-xz1mk6wm1z 2 หลายเดือนก่อน +1

      Worldfemus pabilis silva igena gena නැහැ කියලා පැරදුණු කෙනෙක් නොවෙයි ....oba paradila නැහැ ....ඔයාට වඩා උගතුන් piata රටට cleaning ksranawa .....මමත් kala ......part time එකක් විදියට ....26 කියන්නේ වයසක් da ???? පටන් ගන්න නැවතුණ තැනින් ....ඔබට ජයවේවා

  • @51teb
    @51teb 2 หลายเดือนก่อน +10

    මම උපන්නේ 1973. විවිධ හේතූ නිසා උසස් පෙල මඟ හැරෙනව.
    මම උසස් පෙල විභාගයට පෙනී සිටින්නේ වයස 45 දී ය.
    දවස් 10-15ක කාලයක් පන්තියකට ද සහභාගී වී 2018 දී කලා විෂයන්ගෙන් A/L විභාගයට පෙනි සිටි මට C 3 ක් තියෙනව බුද්ධි පරික්ෂණයට 65ක් ඉංග්රීසී s.
    අද මම රජයේ විශ්ව විද්‍යාලයක බාහිර උපාධියක අවසන් අදියරේ පරික්ෂණයට මුහුණ දීමට සුදානම් වෙනව.
    අද වයස 51යි.
    රැකියාව ගොවිතැනය.

  • @kavishkaTbandara
    @kavishkaTbandara 3 หลายเดือนก่อน +89

    මට අවුරුදු 25යි මේ වීඩියො එක බලන වෙලාවෙත් මං ජීවිතෙ අසාර්තක කෙනෙක් විදියට මහ පරාජිත හැගීමක් තිබුනෙ. ඒ වෙලාවෙම රංදික අයියගෙ මේ වීඩියෝ එක දැක්කෙ. ඇත්තටම හිතෙ තිබ්බ negative අදහස් ගොඩක් අයින් උනා.. thank you soo much randika aiye. ❤️💪

    • @top10life10
      @top10life10 หลายเดือนก่อน

      Me too... ❤

  • @malindaPriyadarshana
    @malindaPriyadarshana 3 หลายเดือนก่อน +67

    මට දැන් අවුරුදු 34. මාගේ business එකක් කරන්න හිතාගෙන හිටියේ, වයස වැඩියි කියල හිතලා අත ඇරලා හිටියේ. මේක ඇහුනම අලුතෙන් පටන් ගන්න ඕන කියල හිතුනා. මම දැම්ම ඒකට අවශ්‍ය මූලික පියවර පටන් ගන්නවා.❤❤

    • @kamal92606
      @kamal92606 3 หลายเดือนก่อน

      ජීවිත අත්දැකීම් ඕනෙ businesses කරන්න ❤❤❤ all the best 👍👍

    • @kamal92606
      @kamal92606 3 หลายเดือนก่อน

      තාම මුල ඉන්නෙ

  • @Londonchingu
    @Londonchingu 3 หลายเดือนก่อน +59

    මම අමුතු කෙනෙක්.. ලොකු කතාවක් තිබ්බට කෙටියෙන් කියන්නම්... .. මම ආසයි උගන්නන්න...... ඒත් මට හරි බයයි මම උගන්වන දේ වරදීද කි'යල..වෙන දෙයක් වෙච්චාවෙ කියල මම උගන්නන්න පටන් ගත්තා ..මම ඉස්සර ඉංග්‍රීසි ඉගෙනගත්තෙ නැතත් පස්සේ කාලෙක ඉංග්‍රීසි ඉංග්‍රීසි ඉගෙනගත්ත . මොකද ඉංග්‍රීසි පුලූවන් කියන්නෙ මාරම විදියට දැනුම එකතු කරන්න පුලුවන්.... මට සතුටුයි මම ගැනම..😊 ඇත්තටම මට වඩා ඉංග්‍රීසි දන්න ලොකු ලොකු තෝරු මෝරු අස්සේ මං හාල් මැස්සක් විදිහට හරි අනිත් අයට උගන්නන්න ලැබුන එක...සමහර අය කියනවා උගන්නන්න හැමදේම ඔක්කොම දැනගෙන ඉන්න ඕන කියල.. ඇත්ත.. ඒත් මට හිතුන දේ තමා ඉගෙනීම කියන දේ සීමාවක් නෑ.. ඉතින් සීමාවක් නැති ඉගෙනීම ඉවර වෙන්න මැරිලා නිසා උගන්නලා ඉවර කරන්න බෑ...ඉතින් මම හිතුව මම ඉගෙනගත්ත දේ කියල දෙනව වගේම මම තව ඉගෙනගන්නව කියලා... මගෙ චැනල් එකක් තියනව යූ ටියුබ් මේ නමින්ම..London chingu.
    සතුටුයි මට මං ගැනම වෙන දෙයක් වෙච්චාවෙ කියල මම දන්න දේ අනිත් අයට කියල දෙන්න ලැබුන එක ගැන...සමහර අය බනීවි ඔයාගෙ ඉංග්‍රීසි වැඩක් නෑ කියල.. ඒත් එයාලා එහෙම කියන කියන වාරෙට මට ඕන මුවහත් වෙන්න පිහියක් වගේ තවත් දැනුමෙන්❤❤..තෑන්ක්ස් රන්දික අයියා. ඔයාගෙ වචනෙන් මට තව ගැම්මක් ආවා.I really appreciate your advice 🥺🥺💗💗💗

  • @Akila9819
    @Akila9819 3 หลายเดือนก่อน +50

    මං 2017 වසරෙ ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙල කරෙ.. පසුව ජොබ් එකක් කරා..අවුරුදු ගානක් ගිහින් මං ආස නිසා programming කරන්න ඉගෙන ගන්න පටන් ගත්තා..මට දැන් අවුරුදු 26ක් වෙනො.. අද ඉන්නෙ software engineer කෙනෙක් වෙන ගමනක.. thank you soo much මේ දිරිය දුන්නට❤❤

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 3 หลายเดือนก่อน +46

    මගේ වයස අවුරුදු 68. සංස්ථාවක පහලම (security ) රැකියාවකින් ජිවිතේ පටන්ගත්ත මම අවුරුදු 22 සේවයෙන් පස්සේ එම ආයතනයේ IT department එකේ කලමනකරුලෙස 2008 මාර්තු මාසයේදී ආයතනය පෞද්ගලික කරනයට පත්වීම නිසා ඉල්ලා අස්වුණා . යලිත් IT company එකකට 2010 Accountant කෙනෙක් ලෙස සම්බන්ද උනා. මට මගේම IT company එකක් අරඹන්න ආශාවක් තියෙන නිසා ලබන මාසේ මෙම ආයතනයෙන් අස්වෙනවා .මම දැන් Python ඇතුළු Software develop කරන language ඉගෙන්න ගන්නවා.මම වයස ගැන හිතන්නේ නැහැ. හැම දිස්සෙම මම හිතුවේ මට පුළුවන් මම කරනවා කියලා. රන්ධික ඔයාගේ රාමුව මම හැමදාම බලනවා.ඔබට ස්තුතියි මෙවැනි පාඩම් අපිට ලබා දුන්නට.

  • @naamalwimaladasa2818
    @naamalwimaladasa2818 3 หลายเดือนก่อน +50

    ගොඩක් ස්තුතියි... මට දැන් 55යි අංශභාගය හැදුනා මොළෙත් අවුල් වුනා ව්‍යාපාරය වැටුනා ගෙදර ජීවතයත් අවුල් වුනා ගොඩක් දේවල් විකුණා දමන්න වුනා හැම දෙයක්ම එපාවෙලා අරමුණක් නැතුව බිමටම වැටිල ඉන්නකොට මම මේ වීඩියෝ එක දැක්කෙ ....මං ආයෙත් නැගිටිනවා..

    • @romwij
      @romwij 3 หลายเดือนก่อน +3

      ජය වේවා!

    • @menakadias9103
      @menakadias9103 3 หลายเดือนก่อน

      Obata Jaya Ganna puluwan!

    • @indikakarunathilaka3924
      @indikakarunathilaka3924 3 หลายเดือนก่อน +1

      කරන්න පුලුවන්. අනිවාර්යයෙන් ඔබ තුමා ඒ දේ කරාවි...

    • @chamadisanayaka8116
      @chamadisanayaka8116 3 หลายเดือนก่อน +1

      ජය වේවා .🙏

    • @chandimasiriwardana24
      @chandimasiriwardana24 3 หลายเดือนก่อน

      ඔබට ජය 🎉

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd 3 หลายเดือนก่อน +43

    මට 31 යි 27න් තමයි සාර්ථක වෙන්න ඕනෙ කියල හිතුවෙ ගොඩක් දේවල් නැති කරගත්ත හැබැයි හැම දේකින්ම පාඩම් ඉගෙනගත්ත SL Air force හිටියෙ අව්රුදු 11 ක් ඉදල ඉල්ලා අස් උනා පොලේ ගිහින් එලවලු වික්ක රෙස්ටොරෙන්ට් එකක වැඩකරා වීල් හයර් දිව්වා අද පිටරටක ගල්කොරියක වැඩ ජීවිතේට හිතපු නැති ලොකු රිස්ක් ගොඩක් ගත්ත තාම උත්සහකරනව ඕනෙ තැනට කොහොම හරි යනවා රන්දික සර්❤ රාමුව ❤ අතික්‍රමණ ❤ මේව තමයි මගේ වාහනේ රෝද .....

    • @chandima9276
      @chandima9276 2 หลายเดือนก่อน +3

      කොහොම හරි යන්න හිතන්නේ නැතුව නිවැරදි plan එකක් අනුව වැඩ කරොත් ජිවිතේ දිනන්න පුළුවන් වේවි ඔයාට. හ‍රි දේ හොයා ගෙන හරියට කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    • @user-dz9fn2lg3z
      @user-dz9fn2lg3z 2 หลายเดือนก่อน +1

      උබටත් තියෙන්නේ මගේ කතාව මචං

    • @DilshanChathuranga-qu7zq
      @DilshanChathuranga-qu7zq 2 หลายเดือนก่อน +1

      Mamat inne navy ake dan saves aka 15 dan ma job aka innama ba man ayin wanawa bro ideya akak danna puluwan nam

    • @chandima9276
      @chandima9276 2 หลายเดือนก่อน

      @@DilshanChathuranga-qu7zq
      ඔය job එකේ ඉන්න ගමන් කරන්න ඔයාට කරන්න පුළුවන් side bizness එකක්‌ ගැන හිතන්න. ඒක දියුණු වෙලා හොද අදායමක්‌ ලැබෙන කොට විතරක්‌ තියන job එකෙන් අයින් වෙන්න ❤️

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 3 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි! රන්දික මහත්තයා ඔබතුමන් කියන දේ හරියට හරි.මේ වටිනා ඔවදන් ලොකු පිනක්.විශ්වවිද්‍යාලයේ උපාධිය නිමාවෙලා එළියට එනකොට English වලින් කිසිදු දෙයක් කියාගන්න බැරි මම ඇල්ෆබට් එකේ සිට ඉගෙනුම පටන් ගත්තා.ඒ වෙද්දී ගොඩාක් පැවිදි-ගිහි අය කීවේ ඕක කරන්න නම් පොඩි කාලෙම පටන්ගන්න ඕනේ කියලා.මට උසුළු විසුළු කළා.මම දන්න ටික බයක් නැතිව භාවිත කළා.මම බය වෙන්න ලැජ්ජා වෙන්න ඕනේ සිංහල වැරැදි විදියට භාවිත කළොත් කියලා මම සිතට පණිවිඩ දුන්නා.මම ඒ වෙද්දී අවුරුදු 28ක් වගේ.ඒ කිසිදු දෙයක් මම ඇහුවේ නෑ.ගනන් ගත්තේ නෑ.මට උසස්පෙළට A3ක් එක්ක සමත් උනානම් ඇයි මට මේක බැරි කියලා මම මගෙන්ම ඇහුවා.යටි සිත අවදි කලා.ඒ වෙනුවෙන්ම කැප උනා.දැන් මම හොඳින් English කතා කරනවා මගේම බන දේශනා කරන්න පුහුණු වෙනවා.ඒකත් ඉක්මනින්ම සපල වෙයි.මම දකින්නේ අපේ මිනිසුන්ට විවිධ Dreams තියෙනවා.ඒත් ඒ සිහිනය නැත්නම් කැමති අරමුණ කරා යන්න Targets නෑ...Targets තමා අපේ සිහිනය කරා අපි අරන් යන්නේ.මට ඕනේ උනේ සිංහල-English දෙකෙන්ම ගැඹුරු දහමක් දේශනා කරන භික්ෂූන් වහන්සේ නමක් වීම.මම පැවිදි උනෙත් පාසලේ 11 වසරේදී.බොහොමත් දුෂ්කර ගමක.තිස්සමහාරායේ ලුණුගම්වෙහෙර කියන පැත්තේ .එනිසා ඔබතුමන් කියූ සෑම වචනයක්ම 100%ක්ම සත්‍යක් මහත්තයා.මම ඔබතුමන්ගේ English චැනල් එකට හරිම ආසයි.මගේ කාරුණික ඉල්ලීමක් තියෙනවා.English language එක ඉගෙන ගන්න ආධුනිකයන්ට වැදගත් ක්‍රමෝපායන් විස්තර කරලා දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා.ඔබතුමන් English කතා කරනකොට ලෝභ හිතෙනවා...😊😊😊
    තෙරුවන් සරණයි ඔබතුමන්ටත් පවුලේ සියලු දෙනාටමත්.යහපතක්ම වේවා!!!

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i 3 หลายเดือนก่อน +25

    හොද බුද්දිමත් අදහසක්, මමත් මෝටිවේශන් උණා, මට 57 යි, බිස්නස් කරලා අසාර්ථක වෙලා, දැන් විදෙස් රටක ජොබ් එකක් කරනව, නමුත් තාම ලොකු ව්‍යාපාරික අරමුණක්‌ තියෙනව👍

    • @kavindagunasekara1384
      @kavindagunasekara1384 3 หลายเดือนก่อน +2

      Look for property investment in your country if you can. Its a very rewarding industry

  • @chamodkavishka001
    @chamodkavishka001 3 หลายเดือนก่อน +55

    මැරෙන්න කලින් කරන්න හිතං ඉන්න ඒත් කරන්න පුළුවන් වෙයිද කියල හරියටම හිතාගන්න බැරි මගේ හීනය තමයි
    කවදහරි තනියම ගුවන්යානයක් පදවන එක
    එක පාරක් පදින්න තිබ්බනම් ඇති

    • @kavindagunasekara1384
      @kavindagunasekara1384 3 หลายเดือนก่อน +7

      It's not very hard. Contact a flying school in Rathmalana if you're in Sri Lanka. Its not very expensive.. you can definitely do it.

    • @sanjayakosalakotugoda3670
      @sanjayakosalakotugoda3670 3 หลายเดือนก่อน +1

    • @janakaweerasekara1151
      @janakaweerasekara1151 3 หลายเดือนก่อน +4

      මට හිතෙනවා ගුවන් යානයක් අරන් දෙන්න වැඩ කරන්න😀සුපිරි හීනයක් පුතා............

    • @ravindutheekshana2594
      @ravindutheekshana2594 3 หลายเดือนก่อน +2

      මගේ ආසාව 1800 විතර ඉදන් ආපු සියලුම තුවක්කු අතපත ගාලා ඒවෑන් වෙඩි තියන්න සහ මගේ කාමරේ නවීන අවි ආයුධ බෝම්බ සහිත රහස් කාමරයක්/අවි ගබඩාවක් පවත්වාගෙන යාම.❤

  • @John_the_ripper_
    @John_the_ripper_ 3 หลายเดือนก่อน +37

    මේක අහද්දි Stress ගතිය අඩු උනා, thank you sir ❤

  • @tharindusupunchandra1272
    @tharindusupunchandra1272 3 หลายเดือนก่อน +23

    ලොකුම ලොකු පිනක් අයියා...❤❤ අවුරුදු ගානක ඉදන් ඔලුවෙ තිබ්බා ලොකුම ප්‍රශ්නෙකට දෙන්න පුලුවන් හොදම විදිහට උත්තර දුන්නට....❤❤❤

  • @himalikaushalya8239
    @himalikaushalya8239 3 หลายเดือนก่อน +9

    ජීවිත කාළය ගොඩක් අපතේ ගියා. අලුතින් පටන් ගන්න programme කරමින් ඉන්න මොහොතක... , මගෙ ලොකු බබත් මට විහිලු කරන මොහොතක..., ස්තූතියි ඔබතුමාට..❤❤❤❤❤

  • @prarthanahapuarachchi3796
    @prarthanahapuarachchi3796 3 หลายเดือนก่อน +18

    ජීවිතේ මෙතෙක් ලබන්න ඕන කියල හිතපු හැම අත්දැකීමක්ම ලබාගත්තා.ඒත් ගුරුවරයෙක් වෙන්න ලොකු හීනයක් තියනවා.අවස්ථාව ලැබිලත් පුද්ගලික ගැටලු නිසා අවස්ථාව අතහරින්න වුනා.නමුත් ලෝකේ කොහේ හරි තැනක දවසක ගුරුවරයෙක් වෙනවා මම.ඒක තමයි මගෙ ලොකුම හීනය.❣️

    • @samansingharupa3699
      @samansingharupa3699 3 หลายเดือนก่อน

      Oya lankawe nam ingrisi waage baasawak igenaganna, aurudu 2-3 vithara yai( part time). A mattamedi,podi ayata uganwanna patanganna. Rajaye "ingrisi pilibada
      jathika sahathikaya" saha "diplomawa" karanna. Onanam opan university yannath puluwan ne. Mata sundara heenayak thibuna, dura etha, seetha palaathaka guruwarayek wenna. Man kamkaru kulee wedath kala poth saha panthi gasthu wenuwen.aurudu 2-3 kadi mata a panthiyema podi ayata uganwanna lebuna. Eeetath passe mata welimada palathe rajaye pasal wala wedakarannath lebuna
      .namuth api muladi dakina " heena" hithena tharam sundara ne kiyala athdakinna lebuna.mata den 59.5 e. Anthimata unna ohiye gedarin 200km tharam dura, nuwara eliya tharamma seethalai. 0716133147.

  • @user-kj5rb9nf8q
    @user-kj5rb9nf8q 3 หลายเดือนก่อน +11

    Dear Randika sir , I am a woman and 49 years old . I have a son . He is 5 years old . I forgot my age and I work hard to achieve my goal . So this is for me . Thank you so so so much sir . This is merit for you .

  • @thepositivepeach6253
    @thepositivepeach6253 3 หลายเดือนก่อน +15

    මට අවුරුදු 23යි. ජීව විද්‍යා අංශයෙන් තුන් පාරම උත්සාහ කළේ වෛද්‍යවරයෙක් වෙන්න.නමුත් ඒක කරගන්න බැරි වුණා.දැන් විද්‍යා පිඨ්‍ය අධ්‍යාපන කටයුතු හදාරනවා.තාම වෛද්‍යවරයෙක් වෙන සිහිනය අතහැරලා නැහැ.විද්‍යා ගෞරව උපාධියක් කරගෙන පිටරට ගිහින් වෛද්‍ය වෘත්තිය හදාරන්න අදහසක් තියෙනවා. ගොඩක් අය කිව්වා ඒක කල් යන වැඩක් කියලා.ඒත් ඔබතුමාගේ කතාව ඇහුවම අරමුණ කවදාකවත් අතාරින්නේ නැහැ කියල හිතා ගත්තා. බොහොම ස්තුතියි ❤.
    * Do it for the plot * .. that was my inspiration
    ඔබතුමාගේ අධික්‍රමණ පාඨමාලා සමඟ සම්බන්ධ වෙලා වැඩ කරනවා.අද දෙවෙනි සතිය... ❤

    • @supunsilva8247
      @supunsilva8247 3 หลายเดือนก่อน +1

      Don't listen anymore focus your aim

    • @thepositivepeach6253
      @thepositivepeach6253 3 หลายเดือนก่อน

      @@supunsilva8247 thank you

    • @TevnakaSilva
      @TevnakaSilva 2 หลายเดือนก่อน

      Good Luck.❤

  • @nimesheranda7295
    @nimesheranda7295 2 หลายเดือนก่อน +15

    කමෙන්ට්ස් වල පේනවා ඇති වයස 30,40,50,60 සහ එතනිනුත් එහා වයස්වල අය දාලා තියෙන කමෙන්ට්ස්.ඔතන ගොඩක් අය තරුණ කාලෙ,හයිය තියෙන කාලෙ,ටෙස්ටොස්ටෙරෝන් ෆුල් කාලෙ,කැපවෙන්න පුලුවන් කාලෙ ඔක්කෝම අම්මා තාත්තව සතුටු කරන්න එයාලා කියන දේවල් කරපු අය,පවුලෙ නම්බුව රකින්න වැඩ කරපු අය,වටේ ඉන්න උන්ගෙ පදේට නටපු අය,ගමේ ඇන්ටිලා මොනා කියයිද දන් නෑ කියලා හිතපු අය,ගුරුවරු සතුටු කරන්න දඟලපු අය කියන categories වලින් එකකට හරි අයිතිවෙනවා අනිවාරෙන්..තරුණ අයට ගන්නවනම් හොඳම පාඩම ගන්න තියෙන්නෙ වීඩීයෝ එකටත් වඩා කමෙන්ට් සෙක්ශන් එකෙන්..තමන්ගෙ vision එක follow නොකර වටේ ඉන්න පිරිසක් සතුටු කරන්න දගලපු 1970-2000 දශක වල හිටිය තරුණ කොල්ලො කෙල්ලො තමයි ඔය කමෙන්ට්ස් වල දුක්වෙන්නෙ,කණගාටු වෙන්නේ..දැන් ඉන්න ව්‍යස 20 ගනන් වල සෙට් එකටත් අනුන්ව සතුටු කරන්න ගිහින් ඔය විදිහටම තව අවුරුදු 20කින් වගේ කණගාටු වෙන්න පුලුවන් තමන්ගෙ vision එක වෙනුවෙන් වැඩ නොකර..තරුණ කට්ටියට නම් කියන්න තියෙන්නෙ.just go for it කියලා තමයි..❤

    • @Mn1200profile
      @Mn1200profile 2 หลายเดือนก่อน

      හරියට හරි මටත් උනේ ඒක. දැන් දුක් වෙනවා.දක්ශතා අපතෙ ගියා.

    • @sandeepajayahodi6296
      @sandeepajayahodi6296 11 วันที่ผ่านมา

      එකඟයි

  • @LakshmiWikramasinghe-tk6bw
    @LakshmiWikramasinghe-tk6bw 3 หลายเดือนก่อน +15

    මටත් දැන් අවුරුදු හැටක්. මගෙත් තියනවා කුඩා කල සිටම සිහිනයක් ඉෂ්ට කරගන්න බැරිවුණ. ඒ තමයි චිත්‍ර ඇඳීම. මට ඒ පිළිබදව සහජ දක්ෂතාවයක් තියෙනවා. නමුත් මම විශ්‍රාමික වෙනකන්ම ගණිත ගුරුවරියක ලෙස වැඩ කලා. මෙම වැඩ සටහන දැක්කම මගේ ඒ ආශාව කොහොම හරි ඉෂ්ඨ කරන්න හිතුණා. ඔබට බොහොම ස්තූතිවන්ත වෙනවා පුතා.

  • @madukarachchi8771
    @madukarachchi8771 3 หลายเดือนก่อน +13

    හිත රිදිලා වැටිලා ඉන්න වෙලාවක දැක්කේ 💪💪💪💪
    හැමදාමත් හිතන දෙයක් ඉගෙන ගන්න වයසක් නෑ කියන එක. තමන්ගේ අරමුණු වලට යන්න වයස බල පාන්නේ නෑ❤❤❤❤

  • @nimalsaliya1865
    @nimalsaliya1865 3 หลายเดือนก่อน +14

    මට දැන් වයස අව්රැදු 65ට ලබල තියෙන්නෙ මෙම vedio එක බැලූවිට මා සිතතුල බොහෝ ජවය ක් ඇතිවුනා ,බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 3 หลายเดือนก่อน +19

    මට වයස 39 ක්...අලුත් ලෝකෙකට යන්න දොරටුවක් පෙන්නුවාට ගොඩක් ස්තූතියි ඔබට.....🧚🧚

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 3 หลายเดือนก่อน +16

    ජීවිතේ කියන්නෙ අරුම පුදුම දෙයක්...ඒකෙ හොදම ලස්සනම දේවල් නෙලාගන්න නම් මේ වගේ පාඩම් අහලා හිත මේරූ සිතක් කරගන්න ඕන..අනික් කාරනාව තමයි අවදානම් ගනිමින් උත්සාහ කිරීම

  • @dilanthamadushan613
    @dilanthamadushan613 3 หลายเดือนก่อน +50

    මට වයස 28i. මං ඉන්නේ පොලොන්නරුවේ.2016 A/L කරා bio වලින්.කරා කිව්වට පොතක් ඇල්ලුවේවත් නෑ.ඒක මගේ හිත දන්නවා.ආය කරනවා කිය කිය ගෙදරින් සල්ලි අරන් පිස්සු නැටුවා.ආය ලිව්වෙත් නෑ.දැනට රස්සා 15ක් කරා.දැන් රස්සාවක් නැතුව ගෙදර ඉන්නවා.16 වෙනි රස්සාවත් හොයන ගමන්.අතේ රුපියල් 15ක් වත් නෑ අද වෙනකොට.ඒ තරම් කරේ පිස්සු නටපු එක.ගෙදරින් බැනුම් අහනවා.දැන් තමයි තේරෙන්නේ.ගෑනු ළමයත් දාලා ගියා.දැන්නම් ඒක ගානක් නෑ.ඒත් මොකක්හරි කරන්න ඕනේ කියලා දෙයක් දැනෙනවා සර්.කවදාවත් මෙච්චර සීරියස් වෙලා නෑ මම

    • @kaveeshapalihawadana310
      @kaveeshapalihawadana310 3 หลายเดือนก่อน +5

      My kind of story. May all your dreams come true !! ❤

    • @andaz7
      @andaz7 3 หลายเดือนก่อน +1

      Korean karapn❤

    • @indikakarunathilaka3924
      @indikakarunathilaka3924 3 หลายเดือนก่อน +7

      මමත් ඔය විදිහටම ජීවිතේ අනාගත්තා. ඒත් ආයෙත් කොහොම හරි ගේම ගහලා මම විතරක් නෙමේ පවුලම ගොඩ ගත්තා. අද මම මගෙ family එකත් එක්ක එංගලන්තෙ හොඳ ජීවිතයක් ගෙවනවා. අවංකව කැපවෙලා කරන්ඩ පුලුවන් නම් උදව්වක් කරන්න කැමතී...

    • @KaushanSewwanda-xh2vt
      @KaushanSewwanda-xh2vt 3 หลายเดือนก่อน

      ​@@indikakarunathilaka3924 mta help ekak denna puluwanda

    • @dilukrandeniya4813
      @dilukrandeniya4813 3 หลายเดือนก่อน

      ​@@indikakarunathilaka3924mkkd help ek mr indika.mmth struggle krnw me welwe

  • @Shakaboom33
    @Shakaboom33 3 หลายเดือนก่อน +22

    මට දැන් 37යි. අවුරුදු 17ක් රැකියාව කරලා විශ්‍රාම යන්න තව 5යි තියෙන්නේ. නමුත් දැන් අවුරුද්දක වෙලේ සිට මට හිතට වද දෙනවා මං කරන්නේ මේ ආසා රස්සාවක් නෙවෙයි කියලා. ඒහෙම හිතලා මොනවද අලුතෙන් මට කරන්න පුලුවන් කියලා බැලුවා. මං දැක්කේ ව්‍යාපාර විතරයි. දැනට මං ව්‍යාපාරයකට මූලික අඩිතාලම දාලා තියෙන්නේ. තව ගොඩක් දුර තියෙනවා යන්න මට. ඒ ආරම්බයේ සිට මේ වනතාක් කල් මගේ වටේ සිටි අය වචනෙකින්වත් මට උදව්වක් කරේ නැ. ලොකු Negative background එකක් මට තියෙන්නේ. ඒ නිසා මගේ ගමන හෙමින්. නමුත් නැවතීමක් නැ. මගේ අරමුණ තව අවුරුදු 5කින් රස්සාව කරන මගේ සමකාලිනයන්ට වඩා ඉහල තැනක ඉන්න.....

    • @sheiyadesilva
      @sheiyadesilva 3 หลายเดือนก่อน

      මගේ ජීවිතේ වගේමයි මේ කතාවත් අනිවාර්යයෙන් අපිට කරන්න පුලුවන්

    • @tschanal6162
      @tschanal6162 3 หลายเดือนก่อน

      Niyamai..matat ona mage deyak patan ganda thamai

    • @imeshaminohari9658
      @imeshaminohari9658 3 หลายเดือนก่อน

      ජය❤

    • @samansingharupa3699
      @samansingharupa3699 3 หลายเดือนก่อน

      Anith aya abibawanna newei oyaa hithanna one, a gena hithala katauthu karanawata wadaa thamamge diunuwa gena sitha yomu kalaama oyaa ta wadaa yahapathak wenawa
      Aka lo dahamak. Jaya!!!.

    • @jpSL
      @jpSL 3 หลายเดือนก่อน

      රස්සාව අතහරින්ඩ එපා බ්‍රදර්,ඉතුරු අවුරුදු පහත් අදිනගමන්ම ව්‍යාපාරය ටික ටික හදාගන්ඩ බලන්ඩ,ආමි එකේ ඉන්නවා ඇත්තේ,ජොබ් එකෙන් පැන්ෂන් ගන්නකොට බිස්නස් එක ටිකක් හරි හැදිලා තියෙයිනෙ පස්සේ ඒකට බැහැලා වැඩ කරන්ඩ(මගේ වයසේ හින්දා දැනුණා)ජය👍

  • @nirmalapadmakanthi2892
    @nirmalapadmakanthi2892 3 หลายเดือนก่อน +16

    මම අවු. 58,ක් පෙන්ශන් ගුරුවරියක් දැන් ආර්ථික
    අපහසුතා ඇත වෆ්‍යාපාරයක් ආරම්භ කිරිමට අදහසක් තියනවා

    • @inokakarunathilaka7247
      @inokakarunathilaka7247 2 หลายเดือนก่อน

      Thankyou ❤❤❤karagena yana kuda business eka nawathwane na kiyl theeraya kala meka balala ❤

    • @DilshanChathuranga-qu7zq
      @DilshanChathuranga-qu7zq 2 หลายเดือนก่อน

      Miss man job akin ayin wana hadsnne ideya akak danna

  • @sunilperera9945
    @sunilperera9945 3 หลายเดือนก่อน +7

    හොඳම උපදේශයක්. ඒක හරියටම හරි. ඒකට අවශ්‍ය මූළිකම දේ ඔබ වැන්නකුගේ පෙළඹවීමමයි. මගේ පුතාගේ පෙළඹවීම නිසා චිත්‍ර ප්‍රදර්ශනය කලා. මා විශ්‍රාම්කයි අදත් මා කාලය ගෙවා දමන්නේ ඒ සතුටින්මයි.එකම ප්‍රශ්නය කාලය හිග කමයි. අදටත් රාත්‍රී 12 දක්වාම ජීවිතය චිත්‍ර සමගයි. මගේ පාසල් සමයේ 'නික් නේම්' එක ඇනායි. මම ඔබවත් චිත්‍න්‍රනය කලා මීට වසර 2කට පෙර. Thanks.

  • @samadhipunchihewage8975
    @samadhipunchihewage8975 3 หลายเดือนก่อน +12

    ඒක නං කාලෝචිත මාතෘකාවක්...... හිස් තැනක් පිරුනා වගෙයි........ Thank you sir ❤👌🔥

  • @ChamodyaGimhaniPerera
    @ChamodyaGimhaniPerera หลายเดือนก่อน +4

    මට වයස 17 යි . ඕලෙවල් කරලා ඉවරයි. දැන් 2026 AL exam කරන්න පටන් ගත්තා maths streme එකෙන්, මට ඕනෙ වුනේ හැමවෙලාවෙම ඉගෙනගන්න අතරෙ තව මගේ මහන්සියෙන් කරන්න පුලුවන් දෙයක් පටන් ගන්න. ඉතින් මම ආස දෙයක් වෙච්ච තව කෙනෙක්ට දෙයක් කියලදෙන එකෙන් ඒ කට ආරම්භයක් දෙන්න හිතුවා, ඒකට මම කැමතිම subject එක වෙච්ච MATHS ම උගන්නන්න පටන් ගත්තා පොඩියට ලමයි 3 දෙනෙක්ගෙන් , මට විශ්වාසයක් තිබ්බා මට ඒක කරන්න පුලුවන් කියලා. මිනිස්සුන්ට කියන්න පුලුවන් 17 ක පොඩි ලමයෙක්ට පුලුවන්ද ඒවගේ responsibility එකක් අරගෙන උගන්වන්න කියලා. ඒත් මම පටන් ගත්තා. මට විශ්වාසයක් තිබ්බා , මම දන්න දේ තව කෙනෙක්ට තේරෙන්න කියලා දෙන්න පුලුවන් කියලා. තමන්ට පුලුවන් දෙයක් තියෙයිනම් බාහිර limits ගැන නොහිතා පටන් ගන්න. මම හිතනවා මේක ආරම්භයක් විතරයි. මොකද කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා දෙයක් පටන් අරන් අපි කීපාරක් fail වුනත් ඒකෙන් අපි Experience කරන දේ ගොඩක් බර සාදකයක්. කවදහරි success කියන තැනට යන්න අපිව inspire කරන්නෙ ඒ දේවල් .
    මේ වීඩියෝ එක අහගෙන ඉන්නකොට ඒක මාරම mortivation එකක්❤

  • @user-he2qv7jx8w
    @user-he2qv7jx8w 3 หลายเดือนก่อน +15

    Literature, Sinhala විචාර ටික....🥶
    දැන් ලියන්න පටන් ගන්නෝන..... 🥰
    THANKS SIR ☺️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +4

    අපි කාගෙවත් ජීවිත වල කිසිම දෙයක් කලින්වත් පස්සෙවත් වෙන්නෙ නෑ, සියල්ල සිද්දවෙන්නෙ තම තමන්ගෙ කාල රාමුව ඇතුලෙ නියමිත වෙලාවට. තමන්ගෙ කාල රාමුව අඳුනගෙන සතුටින් ඉන්න. හැමෝටම ජය..! 😊❤

  • @ashmikashenal8350
    @ashmikashenal8350 3 หลายเดือนก่อน +6

    ඕන වයසක කෙනෙක්ට ගැලපෙන වීඩියෝ දානවට රන්දික uncal ට respect ❤

  • @pathumjayasuriya5902
    @pathumjayasuriya5902 3 หลายเดือนก่อน +21

    අද කාලේ Social Media වලින් තමයි සාර්ථකත්වයට definitions දෙන්නෙ, සල්ලි, වාහන, ගෙවල් etc. ඔව්වා අපිට නැත්තං අපි සාර්ථක නෑ වගෙ එකක් තමයි ගොඩක් අය කියන්නෙ මෙ කිව්වට වෙලාවකට මටත් එහෙම හිතෙනවා අසාර්ථකයි කියලා. හැබැයි compare කරන එක නතර කරාම no problem. 😅

  • @KosalaMadushan
    @KosalaMadushan 2 หลายเดือนก่อน +2

    වයස අවුරුදු 29 යි.. ගොඩක් උත්සාහ කිරීම් කරා ජීවිතේ ගොඩ යන්න ✨️ වැටුනු තැන්, අසාර්ථක වීම් ගොඩක් තිබුනා..ඒත් කවදාවත් අතෑරියේ නෑ.. 🎉 ඒත් තව මාස 5 කින් මට වයස අවුරුදු 30 යී.. හිතට ලොකු පසුතැවීමක් තිබුනා ආපහු හැරිලා බලද්දී.. 😊 ඒත් මේ වීඩියෝ එකෙන් ඒක ඇත්තටම නැති උනා.. හිතට මාරම සැහැල්ලුවක්, දියුණු වෙන්න හොද Motivation එකක් ආවා 🧘‍♂️💫 Thank you so much ❤

  • @broony8547
    @broony8547 3 หลายเดือนก่อน +9

    මට මේ අවුරුද්දට 21. මටත් සමහර දේවල් ගැන මම පරක්කුද කියලා හිතිලා තියනවා. ඉස්කෝලේ යන කාලේ swimming කරන්න බැරි වුනු එකට මම ගොඩක් පසුතැවිලා තියනවා.දැන් තේරෙනවා දැන් උනත් පටන් ගන්න පුලුවන් කියලා😃.

  • @TenukiRehara
    @TenukiRehara 3 หลายเดือนก่อน +6

    I've always believed that age is just a number. Life is not a competition. You don't have to get married at 25, have your dream job at 30, retire early with a large retirement package at 45, and dance the funky chicken at your 75th wedding anniversary. Life is an adventure and everyone has their own stories to be written. Live your life to the full, no matter what. The real success is living your life in your own way. That is true freedom and true happiness. Thanks for this episode. it's inspiring.

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 3 หลายเดือนก่อน +10

    හා හා අද වඩසටහන හරිම වදගත් විශේෂ වටිනා එකක් වයසට යමින් ඉන්න අපි ගනත් හිතලා වගෙයි 😊😊😊🤩🤩🤩

  • @ideatv7984
    @ideatv7984 3 หลายเดือนก่อน +6

    කාලය යන්නම අවකාශයේ හදාගත් මායාවක් පමණයි..මේ මොහොතයි ජිවිතයේ වැදගත්ම සුභ කාලය..වයස කියන්නේම සම්මතයේ හදාගත්ත නම්බරයක් විතරමයි..වීර්‍යයෙන දුක්ඛං අච්චති..! ස්තුති ජය සහෝ ඔබට

  • @janithadilshan1859
    @janithadilshan1859 3 หลายเดือนก่อน +3

    ජීවිතේ ප්‍රශ්නයක් ගැටලුවක් පැන නගින හැම නිමේශයකම ඔබ තුමාව මට මුණගැහෙනවා. මම හිතන්නේ ඒක අහඹු හමුවීමක් නෙවෙයි. අද දවසේ උදාහරණයක් ගත්තොත්, මට අවු.20යි. අද මම අලුත් දෙයක් විදියට Graphic Design ඉගෙන ගන්න හිතුවා.නමුත් මම ඉන්න පරිසරය තුළ අවු.20ට අඩුවෙන් ඒ ක්ශේත්‍රයේ ඉහළට ගිය අය දැක්කම මට මගේ ආශාවේ වලංගුභාවය පිළිබදව පොඩි ප්‍රශ්නාර්ථයක් මතුවුනා.මොකද කාලය නැවත උත්පාදනය කරන්න බැරි නිසා. ඔබතුමා වැනි ධනාත්මක මනුශ්‍යයෙක් භෞතිකව මෙරටට අහිමි වීම මහත් කණගාටුවක්...!

  • @sarathsamarakoon3500
    @sarathsamarakoon3500 3 หลายเดือนก่อน +12

    54ක් වුන මට , අතහැරෙන්න ගිය සාර්ථකත්වයේ (මගේ ) ව්‍යාපෘති අරඹන්න ඔබද ශක්තියක්මය මට...! ස්තුතියි ...!!❤

  • @thusithakumarathunga
    @thusithakumarathunga 3 หลายเดือนก่อน +4

    මට 43යි.මගේ වුර්තියට අමතර අලුත් දෙයක් පටන්ගත්තා. ඒත් පසුව මන්දෝත්සාහී වුනා . නමුත් නැවත රිචාර්ජ් වුනා . ඔබතුමා විසින් අවබෝධ කර දුන් දෙය ගොඩක් වටිනවා .බොහොම ස්තුතියි

  • @dulajravindana
    @dulajravindana 3 หลายเดือนก่อน +26

    32 මට දැන්. ප්‍රස්න නිසා කරගන්න බැරිඋන. university යන එක තමයි මගෙ හීනය හීනයට මාර mortivetion එකක් ආවා මේ වීඩියෝ එකෙන්.

    • @eshanmaduranga7219
      @eshanmaduranga7219 3 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන් යන්න. Private එකකට හරි යන්න.

  • @CloseUpWonders
    @CloseUpWonders 3 หลายเดือนก่อน +11

    මට නම් මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.
    Web development, graphics designing, programming, fiverr, TH-cam, වගේ ඔක්කොම ට්‍රයි කලා, හරි ගියේ නෑ....😕
    තව වයස 23 යි. Passion එක නම් Repairing කියලා හිතෙන්නේ.....😕

  • @malithnadeeshan
    @malithnadeeshan 3 หลายเดือนก่อน +16

    ඉතාමත් පොඩි කාලෙදි සාර්ථක වෙන්න නම් කාගේ හෝ මග පෙන්වීමක් අත්‍යවශ්‍යයි. තමන්ගේ අත්දැකීම් හා මනසින් හිතලා කරනවා නම් ටිකක් වයස යනවා.

    • @kefdsd
      @kefdsd 3 หลายเดือนก่อน +2

      aniwaren

    • @TxRx-sw4of
      @TxRx-sw4of 2 หลายเดือนก่อน +1

      ඔව් ඒක හරි

  • @prabhajayarathna4529
    @prabhajayarathna4529 3 หลายเดือนก่อน +2

    මම මිකැනිල් ඉංජිනියරින් HND එකක් තියෙන කෙනෙක් මට උපාධියගන්න අවසන් අවුරුද්ද කරන්න ඕන.උපාධිය ගන්න එක මට ලොකු හීනයක්.මට දැන් 34ක් වෙනවා.මම අවසන් අවුරුද්ද ලබන මාසෙ 15 සිනෙක් එකෙ පටන්ගන්න කෝස් එකට ජොයින් වෙන්න හිත හිත ඉදියේ චකිතයකුත් එක්ක.මේ වීඩියෝ එක බැලුවම මගෙ හිත වෙනස්වුනා තවත්.මම ඒක කොහොම හරි පටන් අරන් ල්බන අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඉන්ජිනියර් කෙනෙක් විදියට උපාධිය ගන්නවා .බොහොම ස්තුති Mr රන්දික ❤️

  • @pushpagamage2023
    @pushpagamage2023 3 หลายเดือนก่อน +7

    I’m 68 but I’m doing law entrance exam this year. Last year it missed only 8 marks but I never give up. I think වයස යනු ඉලක්කමක් පමනයි යන්නයි. Thanks for your motivational words. I’m always following your videos and learning new things. සුබ දවසක් ඔබට.

    • @thilinawinlion9255
      @thilinawinlion9255 3 หลายเดือนก่อน +1

      මමත් කරන්න ඉන්නේ ...I am 40...Miss ..I have no idea .but I am doing best of my level...can I get further instructions from you....

    • @pushpagamage2023
      @pushpagamage2023 3 หลายเดือนก่อน +1

      @@thilinawinlion9255 Thanks, I am following Pramuka Law School lectures. You can join, They will start a fast-track course in June or July. You can get details from their website if you like. Break a leg!!!

  • @gpplus3647
    @gpplus3647 3 หลายเดือนก่อน +3

    🤗🙏 සුපුරුදු පරිදි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබගේ වීඩියෝවට උපතින්ම ගෙනා ශක්තිය වැය වෙමින් තිබුණේ අදින් පසුව එය රීචාර්ජ් වුණා සම්පූර්ණයෙන්ම😊

  • @pensalaeducationcentre5594
    @pensalaeducationcentre5594 2 หลายเดือนก่อน

    ඇත්තටම ඔබට ස්තූතිවන්ත වෙන්න ඕන. රේඩියෝව, රූපවාහිනිවල උදෑසන කේන්ද්‍රය කියවනවට වඩා මෙවැනි අදහස් වලින් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවනම් ජාතියම ගොඩ එයි.ඔබතුමාට බොහොම පින්.

  • @nalindodwel
    @nalindodwel 3 หลายเดือนก่อน +12

    මම 2017 ලනක්වේ යන තත්වය දැකලා මම තිරනය කරා australia හරි කැනඩා හරි යන්න එතකොට මට අවුරුදු 35ක් ගොඩක් අය කියුවා රට යන්න වයස වැඩියි කියලා . ඒත් මම ආවා canada වට ❤ 2021 දී
    මේක අමතර දෙයක් ..... මට ඕන උනා මානසික මට්ටම හොද තත්ත්වෙක තියාගන්න ඒකට විසදුමක් විදියට රන්දික මහත්මයගේ අතික්‍රමණ පාටමාලව කරන ගමන් ඉන්නෙ ..එක ඇත්තටම සුපිරි ❤🫡

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  3 หลายเดือนก่อน +5

      ස්‍තූතියි කාරුණික වදනට! ජය!

  • @KavinduHasantha27M
    @KavinduHasantha27M 3 หลายเดือนก่อน +7

    Thank you sir!❤
    🎯🎖️️
    *ඉතිම් මේක මම බැලුවට මගේ වයස අවුරුද්ද 18යි. ඒවගේම මම දැනට ඔබතුමාගේ අතික්‍රමණ පාඨමාලාවේ ශිෂ්‍යයෙක් ඉතින් මේ වැදගත් වීඩියෝ ව හොදයි රන්දික සර්*

  • @dinushadissanayake6517
    @dinushadissanayake6517 3 หลายเดือนก่อน +7

    මං විවිද අංශවලින් රැකියා ගොඩක් කලා..Tourism වලින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න උත්සාහ කලා එවක රටේ තිබුණ තත්ත්වය නිසා එය මගහැරුනා..පසුව ලොකු පලතුරු ව්‍යාපාරයක් කලා එය මාගේ මූල්‍ය දැනුම අඩුකම නිසා පාඩු වුනා. දැන් නැවතත් tourism ව්‍යාපාරයක් නැවත ආරම්භකිරීමේ අදහසින් field එකේ ඉන්න ගමන් දැනුම ලබාගනිමින් සිටිනවා..දැන් මට 34යි

  • @hansamalifernando4087
    @hansamalifernando4087 3 หลายเดือนก่อน +1

    අවුරුදු 25 දි FM presenter and Model කෙනෙක් වෙන්න ලොකු dream එකක් තිබුණා but මගෙ විවාහයෙන් පසු මම frame එකකට කොටු උනා.now i'm 37 years old,මට දැන් අලුත් බලාපොරොත්තුව තියෙනවා but not at easy.i'll try again and again day by day ,thankyou so much ඔබගේ ආදරණීය අදහස් වලට ❤

  • @anu.wewalage
    @anu.wewalage 3 หลายเดือนก่อน +10

    I'm a 26 years old and a BBA graduate, but I have this really bad feeling that I'm not in the right place where I belong to . Sadly I still couldn't find my passion. I feel so lost most of the time. Watching this made me wanna find out my passion. Hope I'll find my purpose soon ❤ Thank you for the video sir!

    • @kavindagunasekara1384
      @kavindagunasekara1384 3 หลายเดือนก่อน +3

      Don't think too much on finding a passion. Hence your still young just do whatever you like in a great way. Doesn't matter how small is that. On this way you will find your real passion sooner than later. Just believe your self.

    • @anu.wewalage
      @anu.wewalage 3 หลายเดือนก่อน +1

      @@kavindagunasekara1384 Thank you so much for your kindness, it means a lot! ❤️🙏

    • @kavindagunasekara1384
      @kavindagunasekara1384 3 หลายเดือนก่อน +2

      @@anu.wewalage write down whatever you want to achieve in your life with time frames.its very important to write this down rather just only thinking. Don't doubt whether you can achieve those. Just write and then start to walk on to that way with small steps. Celebrate even the small achievements as it will encourage you to achieve more. Also be happy that at least you got a concrete plan as 99% don't have a courage to do this. If you continue to do so you will definitely achieve everything you want. I am telling this through my experience 😀. Good luck

    • @anu.wewalage
      @anu.wewalage 3 หลายเดือนก่อน +1

      @@kavindagunasekara1384 Thank you so much!! I'm starting this today 🙏

  • @ISUWABRO
    @ISUWABRO 3 หลายเดือนก่อน +2

    Background setup එක නම් මරු.
    මේ video එක හොඳ motivation එකක්..හෙට ගැන නැවතත් බලාපොරොත්තුවේ පුලිඟු දැල්වීමක් සිදුවුණා. 🔥 🖤

  • @shashilamadumali862
    @shashilamadumali862 3 หลายเดือนก่อน +2

    "Sarthka vime sambavithawa thiynne uthsaha karana ayata vitharai. " Randika wijesinghe ❤

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 3 หลายเดือนก่อน +3

    ගොඩක් දේවල් ඉගෙන ගන්නව ඔබතුමාගේ වැඩ සටහන් බලල.❤❤❤❤

  • @sashikamaduwantha8872
    @sashikamaduwantha8872 27 วันที่ผ่านมา +2

    මට 28යි.O/l A9.ඒත් උසස් පෙල ෆේල්.ගොඩක් ප්‍රශ්න උනා.දැන් මන් ආයෙත් a/l කරනවා.සල්ලි හොයන්න නෙවෙයි.ඉගෙන ගන්න තියෙන ආසවට.government බැරිනම් prvt කැම්පස් හරි යනව.දැන් වයස වැඩියි කියල කට්ටිය කියනව.who cares.if i can i will do it

  • @AmalNayanajithKarunarathna
    @AmalNayanajithKarunarathna 3 หลายเดือนก่อน +3

    සර් කරන වීඩියෝ බලන්න අපි පින් කරලා තියෙනවා සර්ව හඳුන්වා දුන්නේ මගේ හොඳම යාළුවා

  • @shashikahapuarachchi96
    @shashikahapuarachchi96 2 หลายเดือนก่อน

    මේ විදිහට මොලේට වදින්න යතාර්ථය කියලා දෙන එක ගොඩක් වටිනවා.ස්තූති ඔබතුමාට❤🙏

  • @user-hj3gr4ku8r
    @user-hj3gr4ku8r 2 หลายเดือนก่อน +1

    මට දැන් 57 වෙනව. ඔබ තුමා මට ලොකු ශක්තියක් දුන්නා. Thank you. මාගෙ පුංචි ව්‍යාපාරය දියුණු කිරීමට මම උත්සහ කරනවා.

  • @AnushaRathnayaka-sb8wf
    @AnushaRathnayaka-sb8wf 3 หลายเดือนก่อน +1

    මොකද කරන්නේ කියලා කල්පනා කරමින් ඉන්න මොහොතේ මේ විඩියෝ එක දැක්කෙ පින් සර් ඔයට බුදු සරනයි මෙවන් විඩියෝ කරන්න ලැබේවා

  • @tharindudesilva1656
    @tharindudesilva1656 3 หลายเดือนก่อน +14

    සටන අත් නොහරිමු මිත්‍ර්වරුනි...❤

    • @lakshikaayomi5192
      @lakshikaayomi5192 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 💖

  • @PrasannaParakatawella
    @PrasannaParakatawella 3 หลายเดือนก่อน +3

    ආත්මවිශ්වාසය ඇතිකළ ඔබතුමාට ගොඩක් ස්තූති❤

  • @user-du1jz9bg1l
    @user-du1jz9bg1l 3 หลายเดือนก่อน +5

    මට දැනුනා ඒක...ගොඩක් පිං ඔබතුමාට.....

  • @sajithayugan599
    @sajithayugan599 3 หลายเดือนก่อน +3

    ස්තුතියි ❤ ගායනය ගැන තිබුණු හීනේ අත් හැරලා තිබුණේ.. ඒක ආයෙත් අලුත්ම විදිහකට පටන් ගන්න හිතුනා,

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 3 หลายเดือนก่อน +5

    ඔබට සියළු යහපත නිරතුරුවම වේවා!❤❤❤❤❤❤

  • @vinudastreaming1388
    @vinudastreaming1388 หลายเดือนก่อน +1

    මට දැන් වයස 20යි මම රාමුව බලන්න පටන් ගත්තේ රමුව පටන් ගත්ත මුලකාලේමයි ජිවිතේ ගේමක් ගහන්න ඔනී කියන එක ඔලුවේ ලොකුවටම තිබුනා ඒක නිසා රන්දික සර්ගේ බ්‍රෙන්සයිෆර් කොස් එක කරන්න ගත්තා..ඉගෙන ගන්න පුලුවන් හැමදේම මම කෙටිකාලයකින් ඉගෙන ගත්තා..මම දැන් ඉන්නේ ඩුබායි Operations manager කෙනෙක් විදිහට වැඩ කරනවා..මගේ වයසත් එක්ක මම හිතනවා මම මගේ පටන් ගැම්ම හොඳටම ගත්තා කියලා..Thank you so much randika sir...

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  หลายเดือนก่อน

      Wow this is amazing! Excellent work mate! I am very proud of your.

  • @kolithawarnakulasooriya3069
    @kolithawarnakulasooriya3069 3 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතිවන්ත වෙනව. සමහර විට අපි කුමන සාර්තකත්වයක් ලබාගත්තත්, ඇතුලාන්තයෙන් අප තවම සාර්තක වී නොමැති බව අපට හැගෙන්නේ ඇයි?

  • @syrox8638
    @syrox8638 3 หลายเดือนก่อน +4

    ක්‍රිකට් ගහන එක, Music Instrument එකක් practice කරනඑක. කරන්න පුලුවන් වෙයි කියල හිතිල තියනවා, ඒත් උත්සාහ කලේ නෑ. දැන් උත්සාහ කරල බලන්න හිතෙනවා. ❤️

  • @rumeshwijeratnemaths
    @rumeshwijeratnemaths 3 หลายเดือนก่อน +3

    Thank you රන්දික අයියේ ! මේ මාතෘකාව ගෙනාවට. බුදු සරණයි !

  • @BandaraCreations
    @BandaraCreations 3 หลายเดือนก่อน +4

    මගෙ වයස 42 යි. පොටෝෂොප් මගේ රස්සාව. යුටියුබ් කරනවා. ක්‍රිකට් ගහනවා. මියුසික් හදනවා. Ai වලින් නිර්මාණ කරනවා. අද අප්ඩේට් වෙන තාක්ෂණය එක්ක අප්ඩේට් වෙනවා. රෙදි හෝදනවා. වලං හෝදනවා. පුතාව බලාගන්නවා. උයනවා.

  • @inokatharangani9567
    @inokatharangani9567 3 หลายเดือนก่อน +3

    Sirge Ramuwa chanal eka kalin idala balanwaa.
    adai mee chanal eke mee vidio eka baluwe.
    meka harima sundarai .

  • @kasunchamara5513
    @kasunchamara5513 3 หลายเดือนก่อน +1

    මට වයස 24 යි.මම a/l pass වෙලත් degree එකක් නොකල එක ගැන පසු තැවෙන ගමන් service station එකක වැඩට යනවා. මගේ වයසේ අනිත් අය දැන් එයාලගෙ degree ඉවර වෙලා හොඳ job කරනවා.මට මම ගැනම කලකීරීමක් දැනෙනවා.ඒ ඒ කාලයේදී මම හරියට ඉගෙනගත්තනම් කියලා හිතෙනවා.මුලු ජීවිතේම fail වුන හැඟීමෙන් ඉන්නේ. මේ විඩීයෝ එකෙන් motivation එකක් ආවා.ස්තූතියි

  • @user-vm1vv3ii9i
    @user-vm1vv3ii9i 3 หลายเดือนก่อน +5

    මට වයස 22 යි මං අවුරුදු 7 විතර අසනිප වෙලා හිටියා. අවුරුදු 17 න් පස්සේ මං ⁣හරියට workout කරෙත් නැ අසනිප නිසා. හැබැයි මං දැන් මාසෙක ඉදන් ආපහු workout පටන් ගත්තා. මගේ හීනය තමයි දවසක හොද marital artist කෙනෙක් වෙන එක.
    මගේ හිතේ තිබ්බා දැන් මං වයස වැඩිද මන්දා කියලා ඒක නැති වුනා....මං කොහොම හරි karate වලින් national champion වෙන්න හිතා ගත්තා...මගේ අවසන් අරමුණ තමයි ufc යන එක !!!

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  3 หลายเดือนก่อน

      Go get it mate!!!

    • @nimesheranda7295
      @nimesheranda7295 2 หลายเดือนก่อน

      Just go for it.Conor Mcgregor did it bruv❤

    • @shortframe2237
      @shortframe2237 2 หลายเดือนก่อน

      ​@@RandikaWijesinghesir mata reply ekk ona .mn 2020 2021 al kara dn 2024 al krnw campus ynnma balagena .eth gedarin kiynaw job ekk krnn kiyla .23year boy kenek mn mokkd sir krnne please reply

  • @nadk6697
    @nadk6697 3 หลายเดือนก่อน +3

    Two years ago at the age of 42 I set up a new online business and I found my new passion is more self satisfying than anything else I have done before. Luckily I live in Europe so no one here judge me for making career changing decision at this age.

  • @akilmadhubash3072
    @akilmadhubash3072 3 หลายเดือนก่อน +1

    මට මගේම කියල බිස්නස් එකක් පටන් ගන්න අවශ්‍යයි.. මං ගොඩක් rejection වලට face කරල ඉන්නෙ රන්දික මහත්තයා. මං සාර්ථක නෑ කියල මට මුදල් නෑ කියල මගේ තිබුණ affair එකත් නැති උනා. ඔබ තුමාගේ videos වලින් මට ලොකු motivation එකක් ලැබෙනව. මං දැඩි අධිශ්ඨානයක් ඉන්නව සාර්ථක වෙන්න.. මගේම ක්‍රමයකට

  • @wealth-investment
    @wealth-investment 3 หลายเดือนก่อน

    මාරම හයියෙන් ලැබූ වීඩියෝ එකක් . ජීවිතය අලුත් කළා . වයස අමතක කරලා ඩබල් එකේ වැඩ . Thank you Randika Sir.❤

  • @thushanthidissanayaka1219
    @thushanthidissanayaka1219 2 หลายเดือนก่อน

    මම අදයි මේක කියාවවීවේ ස්තුති සාර් මටත් මගේ හැහියවල් වලින් දෙයක් කළයුතු බව හැඟුනා .මමත් පටන්ගන්නම්
    Thank you so much sir

  • @nirmanadherath6441
    @nirmanadherath6441 3 หลายเดือนก่อน +1

    මං අවුරුදු ගාණක් සංගීතය කරන්න ආසාවෙන් හිටිය ඒත් ආර්ථික අපහසුතා නිසා මං ඒ හීනය අමතක කරලා හිටිය ඒත් මට අවුරුදු ගාණක් ඒකෙන් මිදෙන්න හිතුනෙම නෑ මං සංගීතය එක්ක ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න පුරුදු උනා හිත වැටුන වෙලාවකට motivation song ඇහුවා මගේ හැම හැඟීමකටම සංගීතය එක්ක ලොකු ගණුදෙනුවක් තියෙනවා කියලා හිතුනා මීට අවුරුදු 2කට කලින් මං මගේ පළවෙනි ගීතය සල්ලි එකතු කරගෙන කලා 😌 දැනට මාස 4-5 කට කලින් මම මගේම කියලා සිංදු කරන්න music produce කරන්න ඉගෙන ගන්න හිතලා මම එකම එක workshop එකකට යනවා ඒකෙන් මං දළ අදහසක් අරන් ගෙදර ඇවිත් හරි අමාරුවෙන් ගලප ගලප සිංදු වල instrument computer එකෙන් වාදනය කලා හැබැයි මම වාදනය පිළිබඳව ලොකු දැනුමක් නැති කෙනෙක් නමුත් දැන් මං දිනපතා ඒක සමඟම ගතකරලා මට දැන් මගෙම ගීත නිර්මාණ කරන්න පුළුවන් 😌 මාත් හිතුවා මට ගොඩ යන්න බැරි වෙයි දැන් 28 යි 30හෙන් පස්සේ ගොඩ එන්න අමාරුයි මේකෙ කියලා හිතුවා වගේම මට වෙනසක් කරන්න උවමනාවක් තියෙනවා සංගීතයේ ඒක කරන්න මං පැකිලෙමින් හිටිය දැන් ඒක නැති උනා ඔබට බොහොම ස්තූති රන්දික සර් 🤍😌

  • @trishanilanthi8636
    @trishanilanthi8636 2 หลายเดือนก่อน

    ඔබතුමාගේ අදහස් ගොඩක් වටිනවා.මටත් වයස අවුරුදු පනස් අටයි.මගේ අනාගතේ මම දිනනවා.ඔබතුමාගේ වීඩියෝ එකට ස්තුතියි 🙏 💐

  • @PaviAnutthara
    @PaviAnutthara 2 หลายเดือนก่อน +1

    මං වයස අවුරුදු 26 ක තරුණියක්. මාත් හැමතිස්සෙම හිතින් දුක් වුණ හේතුව තමා මට සාර්ථක වෙන්න,මගේ හිනේට යන්න මං දැන් වයස වැඩිද කියලා. ඒත් මේ ගැන අනිත් අය දක්වලා තියන අදහස් එක්ක තේරෙනවා මං ඒ ගැන හිතන්න ගත්ත කාලයත් ඇත්තටම බොරු වැඩක් නේද කියලා මොකද හැම තප්පරයකම අපි වයසට යන එක විතරයි වෙන්නේ ඉතින් මං අද දුක් වුණොත් මං වයසයි කියලා ඒත් හෙට දිනය තුළදී මන් අදට වඩා ඊයේ තරුණයි. ඉතින් මේ ගෙවෙන හම තප්පරයක්ම අතීතය නිසා, මේ දැන් හරි ඔයා ඔයාගේ හීනෙට යන්න ආරම්භ කරන්න . මං මේ විඩියෝ එකෙන් ගත්ත උපදෙස තමා සාර්ථකත්වයට වයසක් නොදී වයසට සාර්ථකත්වයක් දෙන්න.❤ ගොඩාක් ස්තුති රන්දික සර්

  • @LahiruRoXx411
    @LahiruRoXx411 3 หลายเดือนก่อน +3

    ජිව්තේට වටිනා වැදගත් ව්ඩ්යෝවක් මෙකනම්..☺️👍

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 หลายเดือนก่อน

    ඇත්තටම හොද වීඩියෝ එකක්.මට අවු.70 යි.ඒත් මම ජීවිතේ වෙනස් වෙමින් යන්න කැමතියි.මට හරිම ලස්සනට ඇදුම් මහන්න දන්නවා.තරුන කාලයෙත් එය හොදින් කලා.අදත් මම පොඩිම අයගේ සිට තරුණ අයගෙත් ඇදුම් ඉතාමත් ලස්සනට මහනවා.අද කාලෙ හැටියටත් මට නියමෙටම හැඩට මහන්න පුළුවන්.මම හිතින් තරුනයි ශක්තිමත්.මම ඒවාට අදට ඹබින හොද මිලක් ගන්නවා.අර කස්ටමස්ලගෙ වයසටම ගිහින් තමයි මම මේ වැඩකරගන්නේ.ඒ අයත් මට හරිම ආදරෙයි.ඹබේ අදහස් හරි වටිනවා.ඒව ජීවිතේ හරිම වැදගත්.කතාව ඇත්තමයි.බොහොම ස්තූතියි 🎉🎉🎉

  • @DilipSampath-kd4lz
    @DilipSampath-kd4lz 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි අයියෙ මට ඔයාව දවසක හම්බවෙන්න ඕන ඒකට වෙලාවක් එයි ගොඩක් දේවල් කථාකරන්න තියනව.මේක විතරක් නෙමෙයි රාමුවේ ඔයා කරන දේවලුත් එක්ක.
    Tnx big bro

  • @izu923
    @izu923 3 หลายเดือนก่อน +2

    23 යි දැන්.
    O/l pass
    A/l pass (tec කරේ)
    එතනින් එහාට ඉගනගන්න එක continue කරේ නෑ. ලොකුම අවුලක් තිබ්බ කොවිඩ් කාලෙ.
    මම ආස Automobile වලට. Sale එකක් parts shop එකක් එතකොට වාහන import කරන්න වගේ business එකක් කරන්න ඕනි කියල තියනව අදහසක්.
    දැනටනම් ලංකාවෙන් පිට වෙන ජොබ් එකක් කරනව.
    ඒත් මේක නෙවේ මං බලාපොරිත්තු වෙන life එක.
    Automobile ගැන තව ඉගනගන degree එකක් වගේ වෙනකන් යන්න උවමනාවකුත් තියනව. ඒත් මූලිකවම සල්ලි ඕනි දැන්. ඒකයි ජොබ් එකක් කරන්නෙ .
    මේක කියවන කවුරු හරි දන්නවනම් කියන්න ජපන් වගේ රටකට student කෙනෙක් විදිහට ගිහිල්ල automobile stydy කරල degree එකක් එහෙම නැත්තම් DIp එකක් වගේ දාගන මොකක් හරි බිස්නස් එකක් කරගන්නන්පුළුවන්ද වාහන සම්ඹන්දයෙන්. එහෙම කරන්න පුළුවන්ද ? එහෙම ණැත්තම් මට plane B එකක් තියනව.

  • @Robinhood20063
    @Robinhood20063 3 หลายเดือนก่อน +6

    Sinhala episode Eka danakal balagenamai hitiye❤❤❤...

  • @chirathmenaka7120
    @chirathmenaka7120 3 หลายเดือนก่อน

    හිතට ගැම්මක් එන අති විශිෂ්ඨ අදහසක්. හැමෝටම ගොඩක් වටින වීඩියෝ එකක්❤ මිල කරන්න බැහැ😊.. ගොඩක් ස්තුතියි ඹයාට🙏

  • @thomachoices5613
    @thomachoices5613 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි මට වයස 38ක් මම ඉස්සර ඉදන් අසායි ඔන්ලන් මුදලි සොයන්න එත් අර්තික ප්‍රස්න නිසා මන් අතහැර ඉදියේ මම දැන් මස 6කට පෙර අයේ පටන් ගත්තා...අමාරැයි ගොඩක් දන්නැ ඇයි කියලා එත් කොහොම හරි කරනවා කියලා ඉන්නේ...

  • @athulaedirisinghe4239
    @athulaedirisinghe4239 2 หลายเดือนก่อน

    Now I'm 60. But I start new business. This video is very important for me and my determination is gone up. Thanks.

  • @samanthilakmali4076
    @samanthilakmali4076 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට .. ඇත්තටම බොහොම වටින වීඩියෝවක්.. අතහරින්නෙ නෑ..අවසන් අරමුණට යනවා..

  • @thamaravidanapathirana2272
    @thamaravidanapathirana2272 3 หลายเดือนก่อน +1

    මගේ වයස 55 ක්. ලියන එක තමයි ආසාව. ඒත් රැකියාව සහ පවුලේ කටයුතු සමග මගහැරුණා. දැනට ලිපි කිහිපයක් ලියලා තියෙනවා. අනිවාර්‍යයෙන් දිගටම ලියනවා, පළ කරන්න පුලුවන් වුනත් බැරි වුනත්..... ස්තුතියි ඔබට.....!

  • @chamodyagunasekara7730
    @chamodyagunasekara7730 3 หลายเดือนก่อน +2

    මට වයස 21 ක් මේ අවුරුද්දේ A/L 3rd shy එක කරනවා. හැමෝම වගේ අපරාදේ කාලේ යනවා කියද්දී කමක් නෑ කාලේ කොහොමත් යනවනේ කියලා හිතලා මං මේ ශයි එකත් කරන්න හිතුවා. මේ වීඩියෝ එක බැලුවම මට මං ගත්ත තීරනේ ගැන සතුටක් ආවා. ඒ වගේම මං හරි ආසයි ගිටාර් ප්ලේ කරන්න ඉගෙන ගන්න මට හිතුනා ඒක කරන්න තිබ්බේ ස්කෝලේ යන කාලේ දැන් පරක්කු වැඩී කියලා, ඒත් නැහැ මං පොඩ්ඩක්වත් පරක්කු නෑ A/L ඉවර වෙලා ෆ්‍රී වුනාම මුලින්ම කරන්නේ ගිටාර් ප්ලේ කරන්න ඉගෙන ගන්න එක. ගොඩක් ස්තූතියි සර් ❤😊

    • @freeboy-if8dt
      @freeboy-if8dt 3 หลายเดือนก่อน

      A/l මේ සැරේ හොදට කරගන්න සුභ පතනවා..

    • @user-uk4rr5tz7f
      @user-uk4rr5tz7f 2 หลายเดือนก่อน +1

      Oyage wayasa thama pata gaththa witharai hadissi we math EPA kalaya nasthi karannath EPA hobby walata wagema danma thiya adayamak labanna puluwan deyak gena podi plane ekka Kalpana karanna mokada salli thiyenawa kiyanene hobby s achieve katana eka easy always try to success

  • @danidushanelkadesilva4590
    @danidushanelkadesilva4590 3 หลายเดือนก่อน

    ස්තූතියි රන්දික මහත්මයා. අද සමාජයේ තියෙන විකාර සහ ජීවිතයට යමක් ලබා ගන්න තියෙන youtube නාලිකා ඉතා සීමිතයි. එ අතරින් ඔබතුමා කරන මේ සේවයට අනේක වාරයක් ස්තුතිය 🙏❤️💯

  • @priyanthakumara556
    @priyanthakumara556 2 หลายเดือนก่อน

    Thanks sir.. මටත් ජිවිතේ ගොඩාක් දේවල් මග හැරුණ කියලා පසුතැවීමක් තියෙනවා.. එම සිතුවිල් අයින් කරලා ආයෙත් අලුතින් හිතන්න මේ video එක ගොඩාක් වැදගත් වෙයි.

  • @user-pl9pr5ey8h
    @user-pl9pr5ey8h 2 หลายเดือนก่อน

    ඔයාගේ කතාව පුදුම හයියක් කඩා වැටිලා ඉන්න හැමෝටම.ගොඩාක් ස්තූතියි🙏