Akila Vimanga Senevirathna - Sinhala | Episode 80 | රස්තියාදු ගායකයා නික්මයයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.

ความคิดเห็น • 218

  • @nishantha4999
    @nishantha4999 ปีที่แล้ว +6

    හඳ දිහා බලන්න හඳ පෙන්වන කෙනාගේ අත දිහා නොබලන්න. වැදගත් ඔවදනක්. ඔබතුමා කරන මේ සේවය ඉතා ප්‍රශංසනීයයි.

  • @malathiwijekoon1905
    @malathiwijekoon1905 ปีที่แล้ว +38

    අදටත් ඉන්න කලාකරුවෝ අගයමු මැරෙන්න කලින් ස්තූතියි ඔබට අපේ ඇස් ඇරෙව්වාට

  • @motivationtosuccess9712
    @motivationtosuccess9712 ปีที่แล้ว +47

    බොහෝ සුන්දර සිනහවන් යට
    ලියවිලා දුක්බර කතාවක් ඇත
    දිලෙන ලස්සන නෙත් දෙකක් යට
    ගුලිව සීතල කදුලු.බිදු ඇත
    සානු කම්පිත හදවතක් යට .පිරී තෙරපෙන වේදනා ඇත
    දිනෙක කාටත් හොරෙන් වැලි යට
    ඒ කතා මිහිදන්ව යනු ඇත

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures ปีที่แล้ว +40

    රස්තියාදු කාර ආදරනීය ගුරුවරයා..
    අකිල සර්..😍

    • @moonlighting4661
      @moonlighting4661 ปีที่แล้ว +1

      උගත් රස්තියාදුකාරයා😘

    • @imashiranaweera3150
      @imashiranaweera3150 ปีที่แล้ว

      Ow hadawathe guruwaraya❤😊

  • @Cricklife921
    @Cricklife921 ปีที่แล้ว +22

    හදවතෙ ගායකයට නිවන් සුව ලැබේවා .ඔබ ජිවිතය කියලා දෙනවා .ගුරු පියානනි බුදු සරණයි

  • @thenukadilshan4933
    @thenukadilshan4933 ปีที่แล้ว +27

    හදවතින්ම ආදරය කරන චරිතයක හදවත කම්පාවුණු මරණයක්❤🥺🥺🥺🥺

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว +12

    කාලයට උචිත මතකයෙන් බැහැර නොඑන වැදගත් අර්ථ යක් ඇති බාල මහලු කාටත් එකසේ රස විඳිය හැකි ලස්සන ගිත ාගාඩක් රසිකයින්ට පුද කල නිහතමානි ගායකයානනි💙💙💙💙💙💙🙏 වාතලයට සුසුමි පොද මදනලක් විලසින් මුසුවි ගියත්....යුගයෙන් යුගයට සැමදාමත් එකාසේ රසවිසිය හැකි ගායකයානෙි මතු ආත්ම බවයකදි මෙවන් ලස්සන ආත්මයක්ම ලැබෙිවා...සුබ ගමන්😥😥😥😥නුවන් නිහාල්....සතුටින් ඉන්න තැනෙක ඉන්න....😥

  • @nrnr2972
    @nrnr2972 ปีที่แล้ว +5

    සර් ඇත්තටම මට මෙකට කොමෙට් එකක් දාන්න පුළුවන් ලොකු දෙයක් කියලා එත් ඔබ තෙරුම් කරා මොකක්ද යාතාර්තය මොකක්ද කිලා ඇත්තටම ඔබ හොද පනිවිඩයක් දුන්න මෙකෙන්.දැන් ඉන්න අලුත් පරම්පරාවට.ඔබට මන් හිස නමා ආචාර කරනවා.දැන් ඉන්න ගායකොයො ගැන අලුත් පරම්පරාව තෙරුම් ගත්තොත් එච්චරයි 🙏

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ปีที่แล้ว +21

    ලංකාවෙ නියම කලා කාරයින්ට තැනක් නෑ .අපි පොඩි කාලේ ඉදලා අහපු ලස්සනම සිංදු,අවුරුදු 45 ත් කලින්,එදාට වගේම අදටත් ගැලපෙන නිර්මාන,

  • @nishanthapereraastrology
    @nishanthapereraastrology ปีที่แล้ว +2

    අති විශිෂ්ඨයි මල්ලියො!ඔයාගේ ඉගැන්වීමේ හැකියාවවත් සමඟ උරුමකර ගෙන ඇති තෙවැනි ඇස ගැන කාලය ඇවිත් මල්ලියේ ලියා තබන්නට ප්‍රබුද්ධ යැයි සම්මත නොවු ගීත සහිතය තුල ගැඹුර,ඊට අවශ්‍යය පන්නරය ,පරිකල්පනය නොඅඩුව ඇත නුඹ සතුව,හදවතින් සුබ පතමි නුතන ගීත සහිතයයෙ "විමල් දිශානායකට" මනික්වත්ත අබික්කම්ම,,,❤️❤️❤️❤️

  • @dulikaprasadJapan
    @dulikaprasadJapan ปีที่แล้ว +4

    කාලාකරුවෙක් වෙන්න නිහාල් නෙල්සන් වගේ වෙන්න එපා...මොකද කලාකරුව මැරුණ දවසට රසිකයෙක් විදියට අද මට දැනෙන වේදනාව අඩන්නෙ නැතුව ඉවසන්නෙ පුදුම අමාරුවකින්..අද ඔහු මෙලව හැරගියත් හෙට මෙලෙව බිහිවෙන දරුවත් සිංහල ගීත කලාව පවතින තාක්කල් ඒ ගීත සදා අමරණීයයී..බොහොම පින් බයිල legend Nelson 🙏🙏❤️❤️

  • @newcrew9189
    @newcrew9189 ปีที่แล้ว +12

    මමත් ඇඳුමින් එහාට ගිහින් හිතන්න පුරුදුවෙච්ච එකට පෞද්ගලිකව සතුටුයි. ටටි කෝට් එකට වැඩිය රස්තියාදු ඇඳුම් පිටිපස්සෙ හරි ලස්සන කථාංග තියෙනවා ජීවිත වෙනස් කරන්න පුලුවන් තරමේ. සමහරවිට ලංකාවෙ මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් නිසාම ඒ වගේ ලස්සන දේවල් නිකන්ම හැංගිලා යනවා.

  • @shyamalimalidu662
    @shyamalimalidu662 ปีที่แล้ว +28

    හදවතේ ගායකයා නික්ම ගොස් අවසානය ඔහුට නිවන් සුව ලැබේවා. මතකය අවදි කරාට ඔබ‍ට පින් අකිල මහත්තයෝ.😂😂😂😂🙏🏻🙏🏻🙏🏻

  • @nalinthamel8402
    @nalinthamel8402 ปีที่แล้ว +3

    මේ සර් හරිම බුද්දිමත් සියළුම දේ සාපේක්ෂව දකින්න දන්න අපේ කාලයට පොඩ්ඩක් පස්සේ ආපු කෙනෙක්. සමහර විට හොඳ පවුල් පසුබිමක් තාත්තා හෝ අම්මා විමර්ශනශීලි බුද්දියක් තිබුණු අය විය හැකියි.

  • @thilinithanuja2998
    @thilinithanuja2998 ปีที่แล้ว +9

    👍👍👍🙏🙏👍👍👍
    හිතට දැනෙන ,ගිතයක් රස විදින හැටි කියලා දුන්නාට ඔබ තුමාට ස්තුතියි
    👍👍👍👍🙏👍👍👍👍

  • @tharushaaloka1959
    @tharushaaloka1959 ปีที่แล้ว +33

    අපි ස්කොලේදි ගුනේ අයියගේ බජව් දාන කාමරේ කියන්න ගියපු පාර පන්තියෙන් එළියේ හිටියේ හැමදාම🥺😀❤️

  • @manjithjanakantha
    @manjithjanakantha ปีที่แล้ว +11

    නිහාල් නෙල්සන්ගේ අන්තිම කැසට් ඇල්බම් එක සිංදු දොළහක් ඇති අහන්න " බයින් ඇන්ඩ් සෙලින් " කියලා
    ආවේ දෙදාහ 2002 අවුරුදේ..
    ⁣දැන් වෙලා තියෙන හැමදේම ඔහු අවුරුදු විසිදෙකකට කලින් දැකලා කීවා
    ඒ ප්‍රකාශනය මාරයි
    මට සතුටුයි මම ඔහු ජීවත් වෙලා ඉන්න කාලේ ඉදන් අප්‍රමාණව අගයලා තියෙන එක ගැන ❤💪

    • @gunarathana2172
      @gunarathana2172 ปีที่แล้ว +1

      ඔබ ගැන සතුටුයි වෙනස් විදොහට විනිවිදව දකිමු

    • @manjithjanakantha
      @manjithjanakantha ปีที่แล้ว

      @@gunarathana2172 ❤

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 ปีที่แล้ว +6

    මේ ....
    හැම කෙනාටම වැඩිය දරැවන්ට දෙමාපියන්ට දෙන දැනුම අතින් ඔබ ඉන්නෙ ඉහලම තැනක.
    ඔබවන් උතුම් දරැවකු ⁣ලොවට දායාද කල දෙමාපියන් මොනතරම්
    පින්වන්තද...........
    තෙරැවන් සරණයි ! පුතුනි.

  • @lasanthahettige7287
    @lasanthahettige7287 ปีที่แล้ว +4

    ලංකාවේ වෙනසක් කරපු මිනිස්සු මැරෙන්නම ඕනි අමරණීය වෙන්න සර්.💜️😪🤔

  • @dimalianusha3055
    @dimalianusha3055 ปีที่แล้ว +7

    මේවා අහලවත් ඇදහිය යුතු පුද්ගලයන්ව අදහනවනම් අපේ මිනිසුන් කොච්චර සුන්දරද

  • @sriyaniliyanage7335
    @sriyaniliyanage7335 ปีที่แล้ว +7

    හරිම ලසන්ත විග්ග්‍රහයක්.හරිම වැදගත් .වෙලාව යනවා තෙරෙන්නෑ.

  • @diyomixX
    @diyomixX ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් දේවල් තේරැනේ දැං...අපි හිතපු නැති ගොඩක් දේවල් ඒ සිංදු වල තිබිලා..

  • @harshajayasundara
    @harshajayasundara ปีที่แล้ว +4

    හඳ පෙන්නපුවා හද බලන්න අත බලන්න ඵපා පෙන්නන කෙනාගේ සර් ඵකෙන්ම වැදුනා සර් 💖 තෙරුවන් සරණයි !!! ජය වේවා ! සර් 💖💖💖

  • @Suyaamaya
    @Suyaamaya ปีที่แล้ว +8

    බොහොම පින් සර් මේ මනුස්සයා ඇගැයීම පිළිබඳව.

  • @hasithagayan8667
    @hasithagayan8667 ปีที่แล้ว +1

    මේ කතාවෙ තියෙන දේවල් ටික හරියටම අල්ල ගන්න ඕන නිසා මම 10 වතාවකට වඩා ඇහුවා, තවත් අහන්න ඕනෙ වගේ ❤️

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 ปีที่แล้ว +3

    🌹❤️🙏❤️🌹
    නිහාල් උපන්නේ මොරටුවේය. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වූ අතර මව ඉංග්‍රීසි ගුරුවරියකි.
    ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළේ වර්තමානයේ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලය ලෙස හැඳින්වෙන ඉනොසන්ට් මරියා මිශ්‍ර පාසලෙනි. 8 ශ්‍රේණිය සමත්වීමෙන් පසු ඔහු මොරටු මහා විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු 1960 දී උසස් පෙළ සම්පූර්ණ කළේය. එහිදී ඔහු සංගීතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය.
    නිහාල් නෙල්සන් 1974 දී මාලිනී ශ්‍රියාලතා සමඟ විවාහ වූ අතර මෙම යුවළට එක් පුතෙකු සිටී. කාංචන තරංග නමැති ඔහු ගුවන් විදුලි ශබ්ද පරිපාලකවරයකු ලෙස සේවය කරයි.
    නිහාල්ගේ බිරිඳ මාලිනී 2020 ජූලි මාසයේදී මිය ගියාය.
    නිහාල් නෙල්සන් ගායකයෙකු ලෙස පාසල් වේදිකාවේ මෙන්ම මොරටුවේද ඉතා ජනප්‍රිය විය.ඔහු සිය මයික්‍රෙෆා්නය එහාට මෙහාට දඟකවමින් ගීත ගායනා කරන හැටි සිත්ගන්නා සුළු විය. ඔහුගේ ගීත ජනප්‍රිය ශෛලයේ පැවතියත් සමාජ පණිවිඩ සරලව ඉදිරිපත් කර ජනතාව අතරට හොඳින් සන්නිවේදය කරන්නට සමත් ඒවා විය.සංගීත ලෝකයට පිවිසීම ඔහුගේම සංගීත නිර්මාණ හරහා සිදු විය. මුල් කාලයේ බොහෝ ගීත රචනා කළ සරත් මුණසිංහ (දැනට මීගහවෙල සුමනශාන්ත හිමි ලෙස පැවදිව සිටින) හමු විම ඔහුගේ ජීවිතයේ වෙනසක් ඇති කළේය. 1962 දී ඔහුට ජනප්‍රිය සංගීතඥ ඒ.ජේ.කරීම් මුණගැසුණේ විවාහ උත්සවයකදීය. කරීම් නෙල්සන්ව ජනප්‍රිය නිර්මාපකයෙකු වන ආර්ඒ චන්ද්‍රසේනට හඳුන්වා දුන් පසු ඔහු තවත් නිර්මාණ සඳහා දායක විය.නිහාල් නෙල්සන්ගේ පළමු පටිගත කිරීම සරත් මුණසිංහ විසින් රචිත ලස්සනට පිපුණු වනමල් ලෙස නිකුත් විය. 1978 දී ගුණේ අයියගේ කාමරේ අතිශය ජනප්‍රිය විය.
    මියයනතුරු අඛණ්ඩව ප්‍රසංග වේදිකාවේ ගායනා කළ ගායකයෙකි.
    ඔහු බොහෝ චිත්‍රපටවල පසුබිම් ගායකයෙකු ලෙසද කටයුතු කළේය. පෙම් කුරුල්ලෝ ,සක්විති සුවය , ලෝක හොරු , රොදය , හරි යනකොට ඔහොම තමා, සඳුන් , අවුරුදු තාත්තා , වරුසා , මල් , වාලම්පුරි දියමන්ති ඔහු ගී ගායනය කළ චිත්‍රපට අතර තිබේ.
    2013 මාර්තු මස 15 වන දින ඔහුගේ 50 වසරක ගායන දිවිය සමරමින් "අවුරුදු 50යි, නිහාල් ඇවිත්" ප්‍රසංගයක් මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2015 දී නෙල්සන්ට 'මොරටුපුර රත්නවිභූෂණ' සම්මානය පිරිනමන ලදී. 2021 ජනවාරි මාසයේදී ප්‍රවීණ ගායකයාගේ නමින් ඔහුගේ උපන් ගම වන මොරටුව රාවතාවත්තේ තුන්වන පටුමග නම් කෙරිණි.
    නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කල සල්ලි මිටි ගණන් , පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි , අම්මා නැති කාලේ , ලස්සනට පිපුණ වන මල් , කිරි දුන්නේ දරුවන්ටයි වැනි ගීන සියගණනක් මෙරට රසික හදවත් තුල සදා මතකයේ රැදෙනු ඇත.

  • @dammikapriyadarshani8717
    @dammikapriyadarshani8717 ปีที่แล้ว +2

    ඇඩුනා ....ඇත්ත අකිල සර් ඇත්තටම ගුරුවරයෙක් ...ගුරුන් කියන නම ගැලපෙන නියම මනුස්සයෙක් අකිල ..සර් ❤❤❤👉🔥🔥

  • @hansishenali9362
    @hansishenali9362 ปีที่แล้ว +2

    මම හරිම ආසාවෙන් අහන්නේ ඔබේ විචාරයන්
    හරිම ලස්සනට කියලා දෙනවා

  • @eurekateareallygood655
    @eurekateareallygood655 ปีที่แล้ว +3

    විශිෂ්ටයි මල්ලියා පැහැදිලි කිරීම ස්තූතියි

  • @amjad0870
    @amjad0870 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ කථාවට 👏👏👏👍👍👍💯💯💯💕💕💕

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 ปีที่แล้ว +2

    සිංහල මිනිස්සුන්ට සර් අවබෝදයක් නැති තරම්. මොකද ඒ තරම් මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් බිංදුවේ තියෙන්නෙ.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +8

    නිහාල් නෙල්සන් ගේ මම දැක්ක ලොකුම දේ තමයි තාම සම්මතේ හිද අනුන්ට ඔවා දි පරහට ,ඒ වගේම ඔය ගීත රචකයන් ,ඇයි ඔහුන් අගැයීමකට ලක් නොකරන්නේ ,ඒ වගේම ජොතිපාල ,එම් එස් ,වගෙ අයට ත් ඒ වගේමයි ,ඔහුන් ව අගය නොකලේ ගොඩාක් ඔය මහා ලොකු සංගීත කාරයෝ සහ විචාරකයන් ,මම නම් කැමැති ම ගීතය ,ඇරපන් කාරාමෙ ,වගේ ගීත වලට එහි ඔය නාගරික පාරක දුප්පත් මිනිසුන් ඉන්න පරිසරය හරියට ම තියෙනවා

  • @ginzatv
    @ginzatv ปีที่แล้ว +2

    ඔබ නිහාල් නෙල්සන් මහතගේ අගය කියා දුන්නා ❤❤❤

  • @janiya3384
    @janiya3384 ปีที่แล้ว +4

    ඇඳුමෙන් පැලඳුමෙන් මනින්න අමුතු රටක් මේක 🙂👍.

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +2

    ආදර ගායකයා අපෙන් වෙන්විය. නමුත් ඔහු තවත් වසර සියගානක් රසිකයන් අතර සදා මතකයේ සදාකල් රැදෙනු ඇත. සුබගමන් කලාකරුවාණෙනි, මා සෞදියේ සිට,

  • @user-eq3wy7sz7d
    @user-eq3wy7sz7d ปีที่แล้ว +2

    අද විචාරෙනම් පට්ට අකිල අයියෙ ... ❤🙏

  • @nalinkumarasinghe2390
    @nalinkumarasinghe2390 ปีที่แล้ว +3

    ඉතාම වටිනා කතාවක්. ගොඩක් අගේකරනව ඔබතුමගේ මේ අදහස...

  • @dammika1398
    @dammika1398 ปีที่แล้ว +3

    අනේ අපේ නිහාල් මහාතාට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏😥😥 ඒවගේම සර්ටත් බෝහෝම ස්තුයි හරිම වටිනවා මතක්‍ය අවදි කරාට

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +1

    අගේ ඇති කතාවක් සර්ගෙන් වර්තමාන දරැවන්ගේවත් මෙි අදහස්ටික අහලා මොලේ පැදේවා. නිහාල් නෙල්සන් අසාහය ගායකයට නිවන් සුව අත්වෙිවා

  • @thusharagayani7797
    @thusharagayani7797 ปีที่แล้ว +1

    අකිල විමංග සර්ගෙ උගත්කමට එහා ගිය මනා බුද්ධිමත් භාවය ගැන කියන්න වචන මං දන්නෙ නෑ.දැයේ දරුවන්ගෙ පිනටම පහල වුන ඇඳුරුතුමා..❤️❤️❤️
    තෙරුවන් සරණයි සර්❤️🙏

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +3

    වටිනා ගායකයෙක්

  • @jehanfernando8509
    @jehanfernando8509 ปีที่แล้ว +8

    ඇගයීමට අපි ප්‍රමාදයි සර් 😓❤️

  • @mageammo1971
    @mageammo1971 ปีที่แล้ว +2

    ඔබත් සන්නාවත් තිස්ස ජනනායක වත් අගය කරමි.....

  • @virajsenaka2962
    @virajsenaka2962 ปีที่แล้ว +1

    සිංහල වචන අපෙ ඇගට අන්නත් කරන ඹබ තුමාට ගොඩක් පිං මහත්තයා!!!

  • @virajchampika9425
    @virajchampika9425 ปีที่แล้ว +7

    නියම උපහාරයක්

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +13

    සර්ගෙ ස්ටයිල් එකට ආසම මම❤

  • @bhagyadeshani6521
    @bhagyadeshani6521 ปีที่แล้ว +5

    Mokaddoo huruwak දැනෙනවා sir dekkama.aasai sirta goodak.man විතරක් nemei mage පවුලේ හැමෝම.ආදරෙයි maha godak නිහතමානී minisanani ඔබට

  • @nihalnawaratne7759
    @nihalnawaratne7759 ปีที่แล้ว +3

    පට්ට එළ ඔබට බුදු සරණයි.

  • @hasanboy1958
    @hasanboy1958 ปีที่แล้ว +8

    Neyami කොහොමත් ලංකාවේ මිනිස්සු ඉන්නකන් අගේ නෑ 💖

  • @zenithhansika6588
    @zenithhansika6588 ปีที่แล้ว +4

    හදවතෙ ගායකයා...❤️ R.I.P ✝️🙏😥

  • @surangalakpriya
    @surangalakpriya ปีที่แล้ว +2

    කියපු හැමදෙටම මන් එකගයි සර් , නැබැයි එ තැනට අපිව පත් කරලා තියෙන්නෙ දෙශපාලකයො , අයි මම එහෙම කියන්නෙ, ගොඩ යන්න හදපු ගොඩක් මිනිස්සු තමත් ගොඩ ගිහින් නැහැ හැබැයි තමත් try කරනවා. News ඇහුවොත් එකේ වඩිපුරම යන්නෙ හොර දෙශපලකයො ගැන. අපි හමදමත් try කරන්නෙ හෙට ගොඩ යන්න මොකද්ද කරන්නෙ කියලා...

  • @asankabandara899
    @asankabandara899 ปีที่แล้ว +5

    නිහාල් නෙල්සන් මැරෙන තෙක් බලා හිටියා නෙද ඇගයීමට?

  • @yasassahanaka7189
    @yasassahanaka7189 ปีที่แล้ว +3

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක් 🙏❤️👌

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 ปีที่แล้ว +3

    නිහාල් නෙල්සන් ගේ පෞරුෂය හරියට කියවා ගත්ත කෙනෙක්...මෙහෙම ටයිටල් දාන්නෙ නෑ...

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 ปีที่แล้ว +3

    අපට නම් නිහාල් නෙල්සන් එදත් අදත් හෙටත් වැදගත් මිනිසෙකි හදවතේ ගායකයා නිවන් සුව

  • @ameshinawodya1352
    @ameshinawodya1352 ปีที่แล้ว +3

    Respect sir ❤️☘️

  • @josephsirimalkerewgoda9989
    @josephsirimalkerewgoda9989 ปีที่แล้ว +1

    Very good analysis of those artistes! They are really unique.There is much to learn from their works. Thank you for instructing the viewers. Superb job!

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +5

    ඔය කාඩ් කූට්ටමේ පොරවා අදිමුද😘😘 😘 මම ආසියා වුණත් පොරවා වුණත් ජෝකර් වුණත් මට අවුලක් නැහැ ඔයා තමයි හේරා ❤️❤️ ❤️ අයින්ස්ටයින් ලංකාවෙ ඉපදුනා නම් මෙන්ටල් හොස්පිටල් එකේ සාපේක්ෂතාවාදය කැලේ😊😊 😘ඔයා කියන කතාව හරි😘😘මම ආස කරන මැණික් කැටේ 🙄🙄🙄දුර ඈත කැලේ ගල් ගුහාවක කල් ගෙවන්න යනකන් මටත් මගේ මැණික් කැටේ නොලැබෙන්නත් පුලුවන්, ඒත් ආදරේ අඩුවක් නෑ හිතේ😘❤️😍

  • @hasinthabandara9768
    @hasinthabandara9768 ปีที่แล้ว +3

    ස්තුති අකිල sir .

  • @ngmaths2902
    @ngmaths2902 ปีที่แล้ว +1

    ස්තූතියි සර්. වැදගත් මාතෘකාවක් පිළිබඳ දැනුවත් කිරීම ගැන.

  • @thusharirathnayaka7022
    @thusharirathnayaka7022 ปีที่แล้ว +2

    Godak watina kalakruwekge watinakama mulumahath samajayatama newathath mathak krala dila watinama kiyla dena watina vedeo ekak Sir dai kiyla balaporothu una me wage watina kalakruwek gena katha kra eka godak watinawa Sir.

  • @thushanthamenaka7649
    @thushanthamenaka7649 ปีที่แล้ว +1

    හදවතට ගොඩක් දැනුන සහෝදරයා ..

  • @akenyastory
    @akenyastory ปีที่แล้ว

    සර් ගේ වීඩියෝ හැමදාම හොද ආදර්ශයක් ⭐⭐⭐

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว +1

    ඇත්තටම සර් මේ කියන සියළු දේ ඇත්ත තෙරුවන් සරණයි ගුරුපියාණනි🙏🙏

  • @sampathsenevirathne542
    @sampathsenevirathne542 ปีที่แล้ว +1

    බහුතරයකට නොපෙනෙන සුපිරි විග්‍රහයක් ..

  • @suranjanprasad173
    @suranjanprasad173 ปีที่แล้ว +2

    නිහාල් නෙල්සන් හා මවාගත්ත වැදගත්කම ගැන අහපු හොඳම කියවීම....👍

  • @hirunijayathunga8403
    @hirunijayathunga8403 ปีที่แล้ว +3

    හිතන්න වෙනමම පැත්තක්.....❤️

  • @nilanikusumala8133
    @nilanikusumala8133 ปีที่แล้ว

    ගොඩක් ස්තුති පැහැදිලි කලාට 🙏🙏🙏🙏🙏❤❤

  • @subodhikaabesinghe2139
    @subodhikaabesinghe2139 ปีที่แล้ว +1

    ආදරණීය රස්තියාදුකාර ගුරුවරයා.

  • @thusharimalkanthi8561
    @thusharimalkanthi8561 ปีที่แล้ว

    Akila mahatya oyage pahadili kirima hodai namuth akale vidihata oya wachana dala thiyenne sinduwata good luck

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว

    නිහල් සර්ට පිංසිද්දවෙන්න 😊මැරෙන්න හරක් බෙරුනා🙏♥️

  • @tharindurasantha4631
    @tharindurasantha4631 ปีที่แล้ว +2

    Real legend.. ❤❤

  • @Chathuandsamaa
    @Chathuandsamaa ปีที่แล้ว +2

    Dannathi dewal kiyala denwata sirta godk pin🙏🙏🙏

  • @sujanmalintha9375
    @sujanmalintha9375 ปีที่แล้ว +1

    පට්ට මරුම කතාවක් සුපිරි

  • @rschannel9996
    @rschannel9996 ปีที่แล้ว +3

    සහතික ඇත්ත sir

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว

    අකිල සර්,👍👍🙏🙏❤️❤️නිහාල් නෙල්සන් මහතා😥😥😥😥😥

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +1

    👍👍👍👍👍👋👋👋❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 නිවන් සුවය baewha 😥😥😥

  • @asvidhaastrologyofficial
    @asvidhaastrologyofficial ปีที่แล้ว

    ගායකයා වගේම පද රචකයා අමතක වීම කණගාටුවක්.

  • @pradeepperera8154
    @pradeepperera8154 ปีที่แล้ว +2

    මැරෙනකම්ම ඉන්න ඕනනේද ඔය ගුන වර්නනා කරන්න.

  • @Tharuu232
    @Tharuu232 ปีที่แล้ว +5

    👍❤️

  • @mskcooking4344
    @mskcooking4344 ปีที่แล้ว

    ඇත්තමයි. සර්. එහෙමයි. එමනුසයනම. යන්න. ඇති. සුගතියකට. එපා. එපා. මාස්. කාන්න. කිරි ආමිමාගේ. කියන. සුදු. වට. මිනිස්සු. මාස්. කැමත්. නතර. කලා. එපිනේම. නිවන්. සුව ලැබෙවා

  • @sitharaamarashinha797
    @sitharaamarashinha797 ปีที่แล้ว

    Akila sr thank you very much & respect mee mathakaysn nawatha sihipath kalata.🙏🙏🙏

  • @buddhikanuwan2047
    @buddhikanuwan2047 ปีที่แล้ว +2

    Niyamai sirrr👍👍👍

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 ปีที่แล้ว

    Sir kiyapu kathawa hariyatama hari..mata me video eka balala hithunu deyak thamai danata ape jiwath wela inna 1st generation eke artistsla tika(Singersla wenna puluwan,actorsla wenna puluwan ) e minissu kalawa wenuwen karapu meheya gena agaimak krana video tikak karanawa nan me wage godak watinakamak thiyewi..❤️👌

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් තමා

  • @DiasKariyawasam-qk8du
    @DiasKariyawasam-qk8du หลายเดือนก่อน

    නියමයි 👍

  • @education_wamh
    @education_wamh ปีที่แล้ว

    නිවන් සුවය ලැබේවා 🙏🙏

  • @chamilaabeyrathna2554
    @chamilaabeyrathna2554 ปีที่แล้ว +2

    සහතික ඇත්ත sir kawadaawat hedena මිනිස්සු ne😐😐

  • @shehandananjaya1997
    @shehandananjaya1997 ปีที่แล้ว

    අවාසනාවට ඇත්ත කතාවක්..

  • @madushankumara7555
    @madushankumara7555 ปีที่แล้ว

    Awsanya tekma ahgenahitiyavwadagath katwak තෙරුවන් සරණයි !!! Hadawatinma katakarana manusayek

  • @niroshanichandima224
    @niroshanichandima224 ปีที่แล้ว +1

    sar.kiyana.atatamai.sarga.katawa.supiri.oya.wagasar.kanak.papajivitata.hambawala.na.mama.me.wedasahan.harima.asawan.balnna.budusaranai.sar

  • @jmtjayasingha8918
    @jmtjayasingha8918 ปีที่แล้ว

    මැරෙන්න මොහොතකට කලින් වචනයක් සර් එක්ක කතා කරන්න තිබ්බා නම් 😔

  • @subhashinihidakotuwa565
    @subhashinihidakotuwa565 ปีที่แล้ว +1

    Anee sir attamai

  • @wsfernando9878
    @wsfernando9878 ปีที่แล้ว +1

    Niwan suwa labewa

  • @saduntraeval987
    @saduntraeval987 ปีที่แล้ว +2

    අකිල සර් ටිංකො විද්‍යාලොකෙද ගියෙ

  • @sadalidilhara5835
    @sadalidilhara5835 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර් ❤❤❤

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +1

    ඔබතුමා මීට එහා ගිය සාහිත්‍ය වැඩසටහනක් කරන්න අපේ මිනිසුන්ට සද්දේ විතරයි ඕනි වුනේ බජව්වට ඕනි සිංදුව ශාස්ත්‍රීය නොවුනේ ඇයි

  • @navindu9972
    @navindu9972 ปีที่แล้ว

    සර් දුර ඉදන් කරන ආදරය ගැන වීඩියෝ එකක් කරන්නකො සර්🥺❤️

  • @mageammo1971
    @mageammo1971 ปีที่แล้ว

    අපේ හරකුන් වෙනස් සංස්කෘතියක් උදෙසා කටයුතු කළ යුතුයි... නැත්නම් සම්ප්‍රදායෙන් මුදවා ගන්න ලෙහෙසි නොවේවි.

  • @mageammo1971
    @mageammo1971 ปีที่แล้ว

    බොහෝ වැදගත් ඔබගේ උත්සාහය