Aniwaren oyata e de karanna plwn. Mage akkath me para A/L Kara. Eya exam ekt Yana plaweni dawase ude amma nathi une. E ETA kalin dawase accident ekakin.math me para ol karanawa. Minissunge nm katha godai. Eth math aniwaren Mage gamana yanawa. akkath ekkama . All the best akke
Sir mama meri kale 2011 thani kemetha ta.kolaba iskole giye kolaba.A/L kala.mahathaya dakin ne wath netuwa mama eya ta adare karala eya ekka giya.2012 puthek lebuna.mage thatha mata aran dunna ge eya wiku nala giya.mai puthai para ta wetu na.eya mawa dala giya.3 parak bara gatha.eth mata boru kala.putha ta adare th ne.mata kuru neti una th mage amma thatha pihita una.neti una he ma de ma hada genna putha ta th hoda ta ugana la eya ta inna thenak hadala mama meruna th kamak ne sir.mage haiya mage putha.eya den 9 wasare.sir ge katha wa aha di mata th hituna math patachara kenek kiyala.weara dunu ape jiwitha hada ganna kiyala dena wa ta sir ta godak pin.❤❤❤❤❤
Mage amma gena harima sathuti sir 🥺.. mage ammath appachchi nathuwa mechchara dura thaniyama genawa sir 🥺🥺... man badata awa dawase idan appachchi mn laga na .... 🥺🥺 ...
මම හිතන්නෙ පටාචාරාවටත් වඩා මගේ හිත ශක්තිමත් කියලා.ඒ මොකද,සැමියා හදිසියේ මළා.ලක්සරි ජීවිතයක් ගෙනියපු මන් පුතා ගෙදරින් එලෙව්වා.නෑදෑයෝ ,යාලුවෝ,දරුවෝ සල්ලි, ගෙවල් ඔක්කොම නැතිවෙලා,පාරට වැටුණා.ඒත් කියන්න ආඩම්බරයි මන් තාමත් දුක් නොවිඳ,කුලී ගේක,රැකියාවක් කරමින් හොඳින් ජීවත් වෙනවා.මේ තරම් දුර ආවේ නම් රෝස මල් උඩින් නෙමෙයි.වැටුණු ,ඇඬුව,වාර අනන්තයි.ඒත් කඳුළු පිහදන් නැගිට්ටා........මට පිහිටට බුදු හිමි හිටියේ නෑ.පිස්සු හදාගතතේ නෑ..මගේ පිහිටට හිටියේ මගේ හිත විතරමයි.😢😢☺️☺️
දවසක් ඒවී ඔබව එලවපු පුතා නුබ ලග වැටෙන , නොවැටි සිටින්න තව් තවත් ශක්තිය ගන්න ,ඔබට බුදුන්ගෙ සරණයි
Man wage oyath
👍👍💐💐🙏🙏
Well done
මං වගේ ඔයා😔
මට මගේ අම්ම මතක් වුනා සර්.මගේ තාත්තා අපිව දාලා යනකොට මගේ අම්මට වයස 28.යි.ඒ වෙද්දි අපේ අම්මට දරුවො තුන් දෙනෙක් ඉදිය මමත් එක්ක.අපි තුන් දෙනාම ගෑනු ලමයි.අපේ අම්ම තව විවාහයක් කරගන්නතුව අපි තුන් දෙනාටම හොදට ඉගැන්නුව.පටාචාරගෙ හිත හදන්න බුදු හාමුදුරුවෝ හරි ඉදිය.අපේ අම්මගෙ හිත එයා තනියම හදාගත්තෙ.එයා විලාප තියල ඇඩුවෙ තාත්තා මැරුනු දවසෙ විතරයි . ආයේ එයා කවදාවත් අඩනව මම දැකල නෑ ..අපිට හැමවෙලාවෙම කිව්වෙ තාත්ත නැති වුනාට උබලට මම ඉන්නවනෙ කියල .මගේ රත්‍තරන් අම්මට පටාචාරටත් වැඩිය දරාගන්න පුලුවන්
Your mother is a goddess 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤❤❤
අවංක නිර්දෝෂී ගැහැණු වැරදි කරන්නෙ නැහැ.දුක් කම්කටොලු එන්න එන්නම ශක්තිමත් වෙනවා. ඒක තමයි නියම ගැහැණු නම්.
මමත්
මේ ලෝකේ patacharawan ඕන තරං මමත් ඒ වගේ හැබයි මට එක පාරක් වැරදුනා. දෙමාපිය keekaru වීම නිසා හමු උනේ wedakata නැති මිනිහෙක් nikemek. Jeevithe dannewath නැති මිනිහෙක්. මාස 3 න් මම තනි උනා newatha බැන්දේ නෑ. එපාම උනා. මම ගොඩක් ඉගන ගත්ත. අනිත්‍ය dekka. ආදරේ ඇර hema දේම ලබා ගත්තා ගුණ ධර්ම වැඩියෙන්. මාව වට්ටන්න කාටවත් බැරි වුණා. තනිකම ඉතුරු යි
මම jeevithe හෙව්වා. Hema දෙයක්ම පුස්සක්. Sehellui. ඔබේ දහම banak වගේ. හිත niwenawa. අපූරුයි.
සර් මට ඉන්නවා හොද යාලුවෙක් එයා ගැහනු ලමයෙක්. මීට අදු ගානකට කලින් අපෙ පන්තියේ ගෑහෑනු ලමයිගෙන් මන් ආසම නැති කෙල්ල එයා.මොකද සර් එ යාලුවා දෙමාපියෝ කියන දෙයක් එ කාලෙ ඇහුවේ නැ.ඉස්කොලෙ ගුරුවරු හැමදාම එයාට බනිනවා.ඉගෙන ගත්තේ නැ.කොල්ලො එක්ක පිස්සු නට නට හිටියේ ඔහොම ඉන්නකොට එයාට එයගේ සීයගෙන් කරදරයක් සිද්ද වෙනවා.එ කලේ එයා ඉස්කොලේ ආවෙ නැ ලැජ්ජාවට.ඒත් එ සිද්දිය උනාට පස්සෙ මාසෙකට විතර කලින් එයා ඉස්කොලෙට ආවා.ඒත් එයාව හැමෝමපහත් කරා.එක එක කතා කිව්වා.තනි වෙලා හිටියේ.දවසක් අපේ පන්තියේ කොල්ලො එයාට එක එකා කතා කිව්ව එදා එයා එදා ගොඩක් ඇඩුවා සර්.එදා හවස ඉස්කොලේ ඉවර වෙලා මන් එයත් එක්ක කතා කරා.ඔහොම කාලයක් යන කොට අපි දෙන්නගේ යලු කම ශක්තිමත් උනා. එයගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තා සර්.ඉගෙන ගන්න උනන්දු උනා මිනිස්සුන්ගේ කතා කනකටවත් ගත්තේ නෑ.මිනිස්සු කතා හදද්දි එයා ඒවා ඉවසගෙන හිටියා.කොහොම හරි එයා හොදට ඉගෙන ගෙන කැම්පස් ගිහින් කතිකාචාර්‍ය කෙනෙක් වෙනවා මයි කියලා එයා ඉගෙන ගත්තා.ඉස්කොලේ වාර විභහගෙ ලන් උනා. අපි හමොම විභහගෙ ලිව්වා.කොහොම හරි විභගෙ ලකුනු දුන්නා.අර මීට කාලෙකට කලින් පිස්සු නටපු කෙල්ල,පන්තියෙ අන්තිමයා වුනු කෙල්ල එදා පන්තියේ 3 වෙනියා උනා.....හැම ලමයෙක්ට හැම ගුරුවරයෙක්ටම එ දේ හිතා ගන්න බැරි උනා...හැම ගුරුවරයෙක්ම එයාව අගය කලා.ඒ ගුරුවරු පසුතැව්නා....එයා දැන් අපේ පන්තියේ ඉන්න සුපිරිම මීටරේ.එයා එක්ක හැප්පෙන්න අපේ පන්තියේ කටවත් බෑ..... සර් පටාචාරා ගැන කියද්දි මගේ හොදම යලුවගේ කතාව මතක් උනේ එ නිසා...... මාත් එදා කොල්ලො එක්ක එයාට කතා කිව්ව නම් මටත් පසුතැවෙන්න සිද්ද වෙනවා......
මම දැකපු ගෑනු කෙනෙක්ගෙ හිත අඳුනන එකම ගුරුවරයා ඔබයි .දීර්ඝායුස ලැබේවා ඔබට 🙏
ගොඩක් වටින දෙයක් කිව්වේ සර් 🙏🙏🙏සර් පිරිමින් අතර උසස් මහත්මයෙක්🙏🙏🙏🙏
දුකින් inne මොහොතේ dekepu ලස්සන katawak🙏❤🙏🙏🙏
Aththami. Mth hri asai me sirta
👍👍👍👍👍
ගොඩක් පින් සර්, මේ විදියට හිත හදනවට ❤️. මං මේ පාර A/L කරන්නෙ. මං මුලදි ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගෙන හොදට ඉගෙනගත්තා. මට අම්මා තමා ලොකුම හයිය උනේ. ඒත් මං 12 වසරේ ඉන්නකොට අම්මා හදිස්සියේම නැතිවුණා. ඒ සිද්ධියෙන් පස්සෙ මම තවත් ජීවත් වෙනවද නැද්ද කියල දෙපැත්තට කල්පනා කර කර ඉදලා අන්තිමේදි අම්මා වෙනුවෙන් ඉගෙනගන්නවා, ජීවත්වෙනවා කියල හිත හදාගත්තා. ඒත් සර් අම්මා නැති උනාට පස්සෙ ගොඩක් අය ඕනවට වඩා මගෙ ඉගෙනීමට ඇගිලි ගහන්න ගත්තා. ඕනවට වඩා බල කරා. අඩුම අම්මා නැති උනාම දුකක් නැතුව ඉන්න පුලුවන්ද කියලවත් ඇහුවෙ නෑ.
සමහරවිට මේ comment එක දකින අය හිතයි මේක මහලොකු ප්‍රශ්නයක් ද කියල. ඒත් මේක නිසා මං ගොඩක් මානසිකව විදෙව්වා. අනවශ්‍ය බලපෑම් , සැකකිරීම් , හිරකිරීම් හින්ද මගේ හීන ඔක්කොම බලන් ඉද්දි කඩන් වැටුනා. දැන් දෙවෙනි පාරට විභාගෙ කරන්නත් ගෙදරින් වියදම් කරන්න කැමති නෑ. ඒත් මං මේ කතාව අහල හිතාගත්තා මං දෙපාරක් නොහිතා ආයෙත් මුල ඉදන් පටන් ගන්න. මොන බාධාව ආවත් ඒ ගමන මම තනියම යනවා ❤️
සුදු දුවේ අම්මා කියන්නේ අපේ මුලු ජීවිතේම. අම්මා දුවව බඩට ආපු දවසේ ඉදලම ගොඩාක් බලාපොරොත්තු තිබුණෙම දුව ජීවිතේ ජය ගන්නවා බලන්න. ඒත් අම්මගෙ ගමන කෙටි වුණේ නිවණින් සැනසෙන්න. මගෙ රත්තරන් දුවේ අම්මගෙ බලාපොරොත්තු හිතට හයියක් කරගෙන මොන බාධක ආවත් ඒ බාධක බිඳ යන්න ඉදිරියෙන් ඉදිරියටම මගේ රත්තරන් සුදු මැණික ජීවිතේ දිනන හීනේ අත්හරින්න එපා මොහොතකටවත්
මතක තියාගන්න දුවේ ලස්සනම ලස්සන මල් පිපෙන්නේ මඩේ කියලා .බුදු සරණයි!!! මගේ රත්තරන් දුවේ
All the best.oyt puluwan👍❤️
Aniwaren oyata e de karanna plwn. Mage akkath me para A/L Kara. Eya exam ekt Yana plaweni dawase ude amma nathi une. E ETA kalin dawase accident ekakin.math me para ol karanawa. Minissunge nm katha godai. Eth math aniwaren Mage gamana yanawa. akkath ekkama . All the best akke
නියමයි ඒ අදිශ්ටානය ❤️👌
@@nadeemunasinghe1648 j
ගැහැණු කියන්නේ
පුදුමාකාර වස්තුවක්.....
උන් උපතේ
ඉදලා......
මිය යන තුරුම....
විදින තරමක්
විදවන තරමක්....
අහස වගේ කියන්නත් බෑ
අහස දරාගන්න
බැරි තැනදී... ....
වැස්සක් වත් බිමට හෙලා
නිදහස් වුණා.....
පොලොව වගේම
කියන්න බෑ......
පොලවට දරාගන්න
බැරි තැන් වලදී
පොළවත් නාය ගියා....
එත්
ගැහැණු හිත්
හැමදාමත් දරාගෙන....
අම්මෙක්......
බිරිදක්........
දියණියක්.....
සහෝදරියක්......
යෙහෙළියයක්......
පෙම්වතියක්.......
කොච්චරක් දේවල් ද.....
අනුන්ගේ දරුවන්ට....
අම්මලා වෙච්ච අය
දන්නවා ඇති
එකේ වේදනාව......
ස්වාමියෙකුගේ ආදරයක්
සෙනෙහසක් නොලබන
කාන්තාවක්............
දන්නවා ඇති එතන
ඇවිලෙන ගින්න......
දෙමාපියන් ගේ සෙනෙහස
අහිමි දියණියක්....
ඇය දන්නවා ඒකේ
වේදනාව.......
පුංචිම කාලේ ඉදන්
ඒක බඩවැල කඩාගෙන
ආපු සහෝදරයෝ සහෝදරියෝ
වෙනස් කම් කරන කොට
ඒක විදින සහෝදරියෝ
දන්නවා ඇති
එකේ වේදනාව......
යෙහෙලියක්....
පෙම්වතියක්...
ඔව් ඔය දෙක තමයි....
තේරුම් කරන්න
අමාරුම දේ.....
කොහොම කිව්වත්....
ගැණු හිත්
පුදුම තරම් හයියයි ...
මොකද ලෝකේ
දරන්න අමාරුම
වේදනාව ගෑනුන්ට
දුන්නේ...........
උන්
හැමදාම
කදුළු එක්ක
හිනා වෙන්න
හරිම දක්ෂ නිසයි....
දුකටත් අඩන
සතුටටත් අඩන....
හැමෝම අඩනකොට
හැමෝම වෙනුවෙන්
හිනාවෙන....
ආදරේට ආදරේ කරන
ආදරේටත් සැක කරන
හැමෝම ආදරේ කරද්දී
තමන් ගැන වත් නොසිතා
ඒ හැමෝම වෙනුවෙන්
ජීවත් වෙන.......
ලෝකෙම නිදියද්දී....
ලෝකයක් නිහඩ වෙද්දී....
හැමෝම වෙනුවෙන්
ඇහැරගෙන ඉන්නේ...
නිදි නේන නිසාම නොවේ...
ඇස් පියවන්න බයයි
ආදරේ කරන
රකින උන්ට
කරදරයක් වේවි කියලා....
ජීවිත කාලේටම
ඔව් කිලෝ වලින්...
බැ මිටි වලින්...
නෑ ලොරි වලින්..
මැනලා වත් කියන්න
පුළුවන් ද..........
උය උයා බෙදපු
බත් කන්ද.......
කවදාවත් කෑවද.....
අම්මෙක්
බිරිඳක්
කොච්චර බඩගිනි
උනත්..........
ස්වාමියට....
දරුවන්ට......
සහෝදරයන්ට.....
අම්මා අප්පට කලින්....
ඒ කුසවල් සේරම
පිරුණට පස්සේ....
ඒ සතුටින් ඇගේ කුස
පිරුනා...
කෑවත් නොකැවත්.....
හැමදාම අනුන් ගැන
හිතපු ගැහැණු
හැමදාම අනුන් වෙනුවෙන්
කැපවෙන ගැහැණු...
හැමදාම කදුළු
හංගපු ගැහැණු....
හැමදාම ගිණි
උහුලපු ගැහැණු....
හැමදාම දුක් දරාපු
ගැහැණු.......
ඔව්
උන් කැමති
උනේම
ලෝකෙටම
හංගන්න මුහුණු.....
මොකද හදවත
නොපෙනුනාට....
මුහුණේ ලියවුනා..
අවාසනාවකට....
ගැහැණුන්ගේ හීන....
යන දිනෙක
යලිත් කිසිදිනෙක නේන
එදාටවත්
ලැබේවිද උරුම
සැනසීම.........
වුන්ට.....
දෙව් ශාන්...✍️✍️✍️
❤
ලස්සන..ජීවිතයට ආදර්ශමත් කතා සං ග්‍රහයක්. සුභ පැතුම්.....👏🤝💐. ඔබට..
@@nalakasampath3659 ❤️
Hema pirimiyekma ohoma hithnnawanam me loke kochchara lassana weida.gahanu ayaka karadara aduweida
Weri good
ජිවිතේ විඳවන කාලේ හිත හදාගන්න මම සර්ගේ කතා අහන්න ගත්තා........අදටත් හැම කතාවක්ම වගේ අහනවා ❤️❤️❤️
මට අම්මයි තාත්තයි නිදහස දීලා තියෙනවා. ඔනෙම දෙයක් කරන්න උදව් කරනවා . අද වෙනකන් මම නොහොබිනා කමක් කරේ නෑ එයාලා දීපු නිදහසෙන් 😊ඉස්සරහටත් එහෙමයි😊
කතාවේ සමහර තැන් මටම ද කිවුවේ කියලා හිතෙනවා..🥺🥺 වෙනස් විදියට හිතන..ආදර්ශමත් ආදරණිය ගුරුතුමා අපේ...❤️😘💐 සර් වගේ හිතන මිනිස්සු සාමාජේ හැම තැනම හිටිය නම් කොච්චර ලස්සනයි ද ..💝
ගුරුවරයෙක් කියන්නේ ඔබ වැනි අයට. නියම මනුෂ්‍ය ස්වභාවය ඔබ ළග . ආදරෙයි ඔබට. ❤
මේ විදියට පටචාර කතාව ඇහුවෙ පලවෙනි වතාවට තැන්කිව් සර් ❤️
රටේ පිනට පහල වුනූ ආදරබර සොයුරනේ.....අකුරින් අකුර වචනෙන් වචන මිහිරියි මී පැනි වගේ....දවසක් ඇවිත් මල්ලියේ කියමින් දකින්න මුව ඔබේ....ආසයි රත්තරන් කියමී පුන්චි කවියකින් මෙසේ...............//...බුදුසරණයි සුපිරියී කතාව.🌹🌹🌹🙏🙏👍👍👍👍
ඒක ඇත්ත නොතේරෙන වයසට ඉතින් හිතන විදිහ තෙරුම් යනකොට
වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි
Aththa sir....කාගෙවත් අනාගතය ගැන කාටවත්ම කියන්න බෑ මොනවා වෙඉද කියලා..... negative mind එකේ ඉන්න එකත් වැරදී...ඒත් කාන්තාවක් අසරන උනොත් කියාගන්න බැරි තරම් ලෝකේ ඉස්සරහ තනිවෙනවා..... වැටුනු හැමවෙලාවෙම නැගිටින්න උත්සාහ කරන්න ඕනී...තමන්ට හොද අධ්‍යාපනයක් පුලුවන් විදිහට ඉගෙනගන්න වයසෙදී ලබාගෙන... මුදල් උපයාගන්න ක්‍රමයකට යොමු වෙන්නත් ඕනී... ස්වාමියා මොනවගේ වෙයිද ඉස්සරහට මුහුන දෙන්නවෙන ප්‍රශ්න වලට දරුවන්ට කන්න බොන්නදීලා උගන්නන්න කාන්තාවකට තනියම වුනත් එතකොට පුලුවන්... අසරණ නොවී..... හැමෝගෙම ජීවිත ලස්සන වෙන්න සුබ පතනවා❤️
මමත් සින්හල වලට පටාචාරා ඉගෙන ගත්තා.මේ වගේ කවුරුත් ඉගැන්නුවෙ නැ .ජීව්තේ කියලා දෙනවා හරිම ලස්සනට.
දරාගැනීමම තමා ජීවිතේ ..💝🙏
හිතට වැදුනා...මාත් පටාචාරා වගේ හා සාමානයි...ඒත් තාමත් මම මේ ලෝකේ තනියම ජිවත් වෙනවා.ජිවිතේ සෑහෙන්න පීඩන ආවා...thank u sir....
මන් ජීවත් වෙන්නෙ තනියම මෙ පාර a.l මන් තාම හොදට ඉන්නවා හැමදේම දාරාගෙන..අම්මලා තාත්තාලා ඉන්න අපිට වඩා බාල අය පැනලා යනවා...මොනවා උනත් හැමදේම දාරාගෙන මන් ජීවත් වෙන එක ගැන මට ආඩම්බරයි...සර්ගෙ වීඩීයෝ බලද්දි හිතට මාර හයියක් දැනෙනවා💞
සර් ඔයානම් දෙවියෝ දුන්න වරමක් කියන්න වචන නෑ 🙏🙏❤️ තෙරුවන් සරනයි සර්ට 🙏
සර් වටිනා දෙයක් කියා දුන්නේ 🙏🏼💞
හිතක් ඇතුලේ , හිතක් කියවන ගුරු තරුව ඔබ.දීර්ඝායුෂ ලැබේවා ...
ඕනම කෙනෙක්ට ගලක් ගහන්න කලින් දහස් වරක් හිතන්න..
සර්ගේ වීඩියෝ හැමදාම බලනවා..සර්ට ස්තූතියි🤗♥️
බොහෝම ස්තූතී සර්! හැමදාම වගේ වෙනස්ම කෝණයකින් සාහිත්‍ය විවරණය කරලා ජීවිතය උගන්නනවට! 🙏 මේක හරිම වටිනා විග්‍රහයක්!
1.ළමයි වැරදි නොකර බොරුවට සැක කරලා එයාලව වරදට පොලඹවන්න ඉඩ හදන්න එපා!
2.මනුස්සයෙක්ට පද හදන්න කලින් ඒ මනුස්සයට එහෙම වුණේ ඇයි කියල හොයලා බලන්න තරම් කාරුණික වෙන්න! ❤️ (මේ කාරණා 2 ම සමාජයට වටිනා පණිවිඩ 2ක් ! ) සර්ට පින් මේ දේවල් කියාදෙනවට! 🙏
බණ අහලා හිත හදාගන්නවාට වඩා අයියා ගේ කතා අහලා හිත හදාගත්තු වාර අනන්තයි... බුදු බණට හෑල්ලු කරනවා නෙමෙයි අයියා ගේ කතාව තේරුම් ගන්න පුළුවන් හරි ඉක්මනට... තැන්ක්ස් අයියේ. භාවනාවක් හා සමානයි අයියාගේ පැහැදිලි කිරීම්... 🙏🏻
Godak pin sir math daruwo dennek ekka thani una kenek mahaththaya dala hihen patacharawata wage matath daragana puluwan kiyala mn hithanawa sirge wachana godak watinawa
2003-2005 අපට ඔහොම උගන්නන්න ගුරුවරු හිටියේ නැ මල්ලි කියලා කියන්නම් මම.අද මමත් දරුවෙක් එක්ක තනියම ජීවත් වෙන පටාචාරා වගෙ ගෑනියෙක් .තවත් හයියක් ලැබුන ඔයාගෙ වචන වලට ස්තුතියි
😅
අත්දැකීමෙන් කියන්නෙ දරාගන්නා තරමට ශක්තිමත් වෙනව...ස්තූතියි සර් ❤️ කෙල්ලෙක්ට වරදින්න සමහරක් තැන් වල හේතු උනේම දෙමව්පියන්...
මට නමි වැරදුනේම එයාලා නිසා😔😔😔
@@chanchala2398 🥺😌
@@chanchala2398 pau mage panatath ehemae
@@nishanthakumarasiri8224 oyawath lagin inna eyage😔😔😔
Matat
පටාචාරාවට වගේම දුක හිතෙන කතාවක් මටත් තියෙනවා සර්.හැමෝම එක තැනකට ගෙනත් ඒ කතාව කියන්න තිබුනා නම් නිසැකයෙන්ම හැමෝම අඩනවා.ජීවිතේ කිසිම වැරැද්දක් නොකරපු කෙනෙක් වැරදි මාර්ගය කරා ගෙනියන්නේ කතා හදන මිනිස්සුමයි.එයාලා දන්නේ කෙනෙක් අසරණ උනාම තවත් කකුලෙන් අදින්න විතරයි.ඒ කෙනාගේ අතීතය හොයලා බලලා වැටුන වලෙන් ගොඩ ගන්න කිසි කෙනෙක් නෑ 😎🤷
Eka math dakinawa akk.minissunt waradinn puluwan Hebei thamnt nowena thakkal thawa kenekt unama krnne pada hadana Eka Thamai.hebei thaman Hari nam kauruwth kiynw kiyla werdi walat Yann hodne.werdunama thamanmai widwnne
@@deepikasamanmali74
Ou oya hari nangiyo 🙂❤
duk veanna eapa nangi mea api geavannea peara karapu akusal.eaheamama hitanna purudu veanna.eatakota hitata seanasimay.
@@ireshajayakodi7431 ❤
Mage kathawath me වගේ kadulu විතරක් ඇස් වලින් කඩා වැටෙනවා අම්මා තාත්තා මහත්තයා හැම දේම නැති වෙලා දරුවෙක් එක්ක තනි උනා. මේ සමාජයේ හරිම අමාරුයි හිත හදා ගෙන ජීවත් වෙන්න
කවක් මෙන් ලියන්නට
ජීවිතය පසක් කොට
නෙතක් මෙන් දකින්නට
නිබදවම අසල හිද
තතක් මෙන් සිතාරේ
දුක ලගදි වැයෙන විට
කෙතක් මෙන් පින් පිරුණු
ඇදුරු නුඹ සදකි මට ❤🙏
සම්පූර්ණ ඇත්ත.ඇත්තටම මන් සතුටු වෙනවා මට අවුරුදු 20ක් වෙලත් මගේ දෙමව්පියො මාව හදපු විදිහට .මට මගේ නිදහස දුන්නට.ඒවගේම මම ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගත්තෙ නෑ .මගේ ජීවිතේ තනියම ගොඩ නගා ගන්න ඉඩ දෙනවට.මන් ශක්තිමත් මගේ දේවල් තනියම කර ගන්න පුලුවන් විදිහට.ගමක හැදුනට ඔනම සමාජෙක තත්ත්වය රැකගෙන ජීවත් වෙන්න මට පුලුවන් කියලා මන් හිතනවා.🙂මොකද අරම එපා මෙහෙම එපා කියනවට වඩා මම සමාජෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ඒක නිසා මම හොඳට හැදුනා.ගෙදරින් හිර කරලා සැක කරපු ළමයි වැරදි වැඩ කලා.සමස්ථ කතාවම ගොඩක් වටිනවා .තෙරුවන් සරණයි සර් 🙏❤
පටාචාරා කතා වස්තුව ගැන කවදාවත් අහලා නැති විදිහට විචාරයක් කළා. කියන්න වචන නෑ.සුපිරි❤️❤️
සර් හරියටම මට කිවිවා වගේ.ඇත්තටම මටත් මෙි වගේ මමත් කිසිම වැරැද්දක් නොකර බැනලා තියනවා.වැටෙන්න තියන උපරිම තැනට වැටුණා.ඒත් මම අද මගේ හයියෙන් නැගිට්ටා
පටාචාරාවගෙ කතාව කොච්චර ඇහුවත් මේ කෝණෙන් බැලුවෙ නෑ සර්.ජීවීතේට ප්‍රශ්න එන්නම ඕනි සර් නැගිටින්න ..සර්ගෙ වචන ජීවීතේට හයියක්.
🙏🙏🙏
Ow
පිරිමියෙක් වෙලා ගෑනියෙක් වෙනුවෙන් ඔය දෙන වචන වලට respect 🥺
අනේ දරුවන් කොච්චර වාසනාවන්තද මේ වගේ ආදර්ශමත් දේශන අහන්න
ගුරුතුමන්ට ගොඩක් පිං
මගේ සර්🥺🥰❤🙏සර් හැමදාම ජීවිතේ හදාගන්න දෙයක් කිව්වේ😍❤ගැහැනු කියන්නේ හැමදාම ඉවසීමෙන් ශක්තිමත්ව ඉන්න කොට්ඨාසයක්😊
ඇත්තටම ඔබතුමා සන්නස්ගල සර්ගෙ පුතෙක් වගේමයි කටහඩ. එහෙම නැත්නම් නෑදෑ කෙනෙක් ද.ඔබ නම් මරුම පොරක් තමයි. අහගෙන ඉන්න ආසයි සහතික ඇත්ත ඔබ කියන හැම වචනයක්ම
සර්ගේ දේශනය අහලා මට මම ගැන මහා අභිමානයක් දැනුනා . මමත් ඒ වගේ පටාචාරාවක් කියල හිතුනා. 89 උ.පෙ.පන්තියේ ඉගනුම ලැබූ මම මගේ පාසල් ජීවිතය තුල දී අනෙක් සහෝදර සහෝදරියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබුණු නිසා නොහිතූ කරදර ගොඩකට මුහුණ දුන්නා. සා.පෙ. කොට්ඨාසයේ ඉහළම ප්‍රතිඵල ලබාගෙන උසස් පෙළ කරන්න පැමිණියත් අඩුපාඩු මැදෙදේ හෝ ක්‍රීඩාවයි ඉගෙනීමයි තුළ දක්ෂතා දක්වමින් කෙළිදෙලෙන් පාසල් ජීවිතය ගත කළ මගේ සොහොයුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් පිටව වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන්න ආරම්භ කළ මොහොතේම ඔහුව ඝාතනය වූයේ දහසක් දුක් විඳ දරුවා හැදූ මාගේ දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් ඔහුගේ මරණය ද දකින්නට අවස්ථාව අහිමි කරමිනි. ඒ වන විට දෙමව්පියන්ගේ හා මාගේ වේදනාව දරා ගනිමින් අතිශය වේදනාකාරී ජීවිතයක් ගෙන යන අවස්ථාවේ මට නිදහසේ උසස් පෙළ හදාරන්නටද අවස්ථාව සම්පූර්ණයෙන්ම ඇහිරිනි. කිසිදු වරදක් නොකලත් අනිත් සහෝදරයාද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ නිසා මා හැම රැයක්ම පහන් කලේ ඉතාමත් බියෙනි. අයියාගේ වියෝව නිසා මානසිකව අවුල් වූ පියා රෑ තිස්සේ හැම දිනකම අයියා ඉල්ලමින් කෑ ගසා හඬන්නට විය. මා මේ සියල්ල දරා ගත්තේ ඉතාමත් අපහසුවෙනි. ඒ අතරතුර දුර දිනක් රාත්‍රියේ ගෙදර ඉන්න බෑ යැයි කියා අක්කාගේ නිවසට ගොස් නැවත එන විට ගෙදර සම්පූර්ණයෙන්ම අළුවී ගොස් තිබිණි. මාගේ යැයි කියන්නට කිසිවක් ඉතිරි වී නොතිබිණි. ඒ වන විට මා රැස්කළ පදක්කම් සහතික සියල්ල එක් රැයින් අළුවී ගොස් තිබුණි. මියෙන්නට සිතුන වාර අනන්ත වුවත් මගේ දෙමව්පියන් හා මා කෙසේ හෝ ජීවත් විය යුතු බවට තීරණය කළෙමි. මා කිසිදින අපේක්‍ෂා නොකළ ලෙස මාගේ පාසල් ජීවිතය නිමා වුවත් ඉංජිනේරුවරියක් වීමටත් හිතේ තිබූ සිහින සියල්ල පසකළා ජීවත් වන්නට රැකියාවන් ඉල්ලුම් කළෙමි. මා ගුරු වෘත්තියට එක් වූයේ අහම්බයෙන් උනත් අද මා සිතන්නේ මම ඉපදී ඇත්තේ ගුරුවරියක් වීමට යැයි කියාය .ගුරු වෘත්තිය තුළ මා දරුවන් සමඟ ගෙවූ ජීවිතය මාගේ මානසික තත්වය දුක් කරදර සියල්ල පසෙක ලන්නට මට ප්‍රධාන හේතුවක් විය. ඒ වන විටත් තිබූ සමාජ වටපිටාව තුළ නිවසේ මාගේ ආරක්ෂාව පිළිබඳ ඇති වූ ගැටලුව නිසාම ඉක්මනින් විවාහ වීමට මට සිදුවිය. විවාහ ජීවිතය තුළදී මගේ දෙවන දරුවා මට අහිමි වූ අවස්ථාවේ එය මා දරා ගත්තේ කෙසේදැයි අදටත් මට පුදුමයකි. විටින් විට ඩිප්‍රෙශන් තත්වය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පවා මට සිදුවිය. අද මා උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා හා පශ්චාත් උපාධි ලබා ගුරු අධ්‍යාපනයේ කථිකාචාර්යවරියක් ලෙස පාසල් සිසුන් හා ගුරු සිසුන් වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මට හැකි උපරිමයෙන් සේවය කරමි. වෛද්‍ය දියණියක් හා ඉංජිනේරු පීඨයේ අවසන් වසර ඉගෙනුම ලබන පුතෙක් ඇති මා මාගේ ජීවිත කතාව ඉතා කෙටියෙන් පැහැදිලි කරේ ඔබතුමාගේ මේ වීඩියෝව බලා මා පිලිබදව ඇති වූ නිහතමානී ආත්ම අභිමානයෙනි. එදා පටාචාරාවන්ම වැනි අය අදද අප සමාජයේ බොහෝ තැන්වල නිහඬව ජීවත් වෙනු ඇත. තෙරුවන් සරණයි 🙏🙏🙏
❤
❤
ලස්සන හද වත් සුවපත්..හා.දුක් මුසු .හදවත්..සර... බසින්. දෙසවන් පිනවන මියුරු කල්පනා නෙතක දැල්වුනා..ඔබේ.. ඔය..මුවෙන් පිටකළ ...ජීවිතයට... ලබා ගත හැකි .. පියගැට පෙළක් නිර්මාණය..කළා වගෙයි ...ඔබතුමා දුන්..ගුරු පඩූර...ක්.... හදා ගමු අපිත් . ලස්සන..ජීවිත ගමනක්....👌...ඔබට වේවා. ගුරුතුමනි....තවත්... බුදු වදනක්....💐🙏🙏🙏... බුදු සරණයි දෙවි පිහිටයි සැමදා..ගුරුතුමනි...👌🙋
ගැහැනියක් වැරදි යැයි මිනිසුන් කිව ද
අසන්නට නොහැකි වුයෙ කිමද
වරදට හේතුව,, E daragenima apita hithanna wt bhe sir,,,🙏hamadamath adare ekka jiwetheta paadam aran enawa...❤️
දෙමාපියන් නිසා තමා දරුවන්ගේ ජිවිත නැති වෙන්නෙත් අති වෙන්නෙත්.අපෙ අම්මා මට දුන්න දුක්. එත් මල්ලිට අයියාට sapa දිලා හැදුවා .මාව පිට කෙනෙක් වාගේ හැදුවා .එත් අම්මාට අද එක කෙනෙක් වත් නැ .එන්නේ මන් විතරයි .සර් කියන කතාව ඇත්ත .කෙනෙක් අපහාස කරන්න හොඳ නැ .එයාගෙ අතිතය නොදැන .මත් patachara වැඩිය දුක්විඳලා තියනවා .එත් හිත 💪 නිසා දුරක් අවා .බුදු සරණයි සර්
Matath oye wgema hitha ridena kathawak tiyanwa
මටත් මෙි වගේම කතාවක් තියෙන්නෙ😔😔😔
Kellekda oya
@@tharushibhagya3236 ow
පාඩම ට එහා ගිහින් ජිවිතය උගන්නන ඔබ ඇත්තමයි සර්ට ගොඩක් පි0....❤️
ජීවිතේ කිසිම දවසක අහල නැති පටාචාරා ගැන කතාවක් .ගැහැනියකගෙ ජීවිතයෙ නොදකින පැත්ත ලස්සනට පෙන්නලා දුන්නා.ඒක හොඳට හිතට වැදුනා.ගොඩක් පින් සර්
වෙනස් විදිහකට හිතන ආදරණීය ගුරු තරුවක් 💖
අනේ සර් ඔය කතාව කිව්වෙ මටද කියල හිතෙනවා.මං දරු තුන් දෙනෙක් එක්ක තනි උණු අම්මෙක්.මත් යකඩ ගෑනියෙක් උණා සර් මහත්තෙයා නැතිවෙලා ගියාම.අනේ.....මට දුකයි සර්
දුක් වෙන්න එපා සහෝදරිය....හිතේ හයිය වටිනවා...අනාගතේ වාසනාවන්ත වෙයි...දරුවො ලොකු වුණාම ඔයාව හොදින් බලාගනී.. ..වාසනාවන්ත අනාගතයක් ලැබේවා ඔයාට......🙏🙏🌻
dukveanna eapa nangi.geaheanu apata taram daraganna kisima keaneakuta shaktiyak nea.daruvo oyava hodata balaganivi.oyatay daruvantay tearuvan saranay.sath pathtini moagea ammageama pihitay...duk veanna eapa api peara sasarea karapu akusal geavila evara karamu mea athmayeadima
දරා ගන්න පුලුවන් මට්ටමක් අපටත් තියෙනවා.මනුස්සෙයා නැති වෙනවා තරම් දුකක් මේ ලෝකෙ වෙන නෑ.දාලා යන්න තරම් වරදක් කරල නැ.අහස පොලොවටවත් දරන්න බෑ මෙ ගින්දර දන්නවද
Mokadda e kathawa
Daragenim tiyagnn
දරාගෙන ජීවිතයේ ඉදිරියට යාම❤ දරුවන්ට ලැබුණු හොඳම ගුරුවරයෙක්🌹
ගුරුවරයෙක් නෙමෙයි මේ දෙවියෙක්.....රට ට වටින මැණිකක්..
මේ කියන දේවල් අහන අය ගොඩක් වාසනාවන්තයි. දැන් හැදෙන ළමයි ට ජිවිතේ ජය ගන්න පුළුවන්
සර් තමයි අපේ හිත් කියවනවා වගේ හරියට අපි හොයන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ සර්...මේ video එක මට ඇත්තටම ගොඩක් වටින එකක් සර්.ජය වේවා !!!♥️ ♥️අපේ ගුරු අප්පච්චිට... ♥️💪
අකිල සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මතක් උනේ මාවම අැඩුනා සර් මේ ටික අහල. අවු 18 ක් අල්ලපුවත්තටවත් යන්න දුන්නැ එ්ත් අම්ම තාත්ත කියන කෙනෙක් මැරි කරනව කියල ඉද්දි අම්මා මං ජරා ගෑණියෙක් විදියට හංවඩු ගැහුවා හිතුව වරදක් නොකර බැනුම් අහන්නෙ අැයි කියල අදුරන්නැති නම්බර් එකකින් කතා කරපු කෙනාට හා කිවුවා එ් ගිහින් විදපු දුක් අප්‍රමානයි. අද ප්‍රශ්න නැති උනත් හිස් බවක් දැනෙනව
ජිවිතෙ බින්දුවටම වැටිලා ඉන්න මටනම් සර්ගෙ වචන ටික ගොඩක් වටිනව
❤❤ Thank you Sir.❤❤❤
ඔප්පු වුණා ඔයා නිහතමානී කියලා නොතේරුණා වගේ හිනා වෙවී හිටියට මම ගොඩක් දේවල් කියව ගත්තා කියව ගත්තා.😘
යහපත් සමාජයක සදහා වැඩි බරක් දරන්න වෙන්නේ ගැහනියටයි. ඒකට ඔය ගැහැණු ලමයි ටික ශක්තිමත් කරන්න සර් කරන්නේ ලොකු සේවයක්❤ ජීවිතය යනු දරාගැනීමමයි කියලා උගන්නන්නම ඕනී 🙏
මේවා tik tok කෑලි හදලා හරී අපේ සමජේ ගත කරමු
ජිවිතේට වටින කතාවක් ....❤️🙏🙏
🙏🙏🙏💐💐💐❤️❤️මමත් අද එක්තරා පාටාචාරවක් කියලා මට හිතුනා මේ කතාව අහලා.සර්ගේ මේ කතා වස්තුව තේරැම් කිරිම සැහෙන වෙනස්ම විදිහක්.
Man වරදක් නොකර ai duk wedenne. ඇත්ත sir
Science කරන සර්ගෙ වීඩියෝ හැමදාම බලන මම😻
සුවපත් වේවා පුතේ .....හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේ වා .....
👌 නියමයි සර්...මේක තමයි කියලා දෙන්න ඕනි අනාගත ,නූතන පරම්පරාවට..අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා සර්..
සර් අපි හිතපු නැතිම පැත්තක් සර් ඔයා කියලා දුන්නේ පටාචාර කතාවේ. ඇත්තටම සතුටුයි සර් වගේ කෙනෙක් ලංකාවේ ඉපදිම ගැනත්. විෂය නිර්දේශ යට අමතරව දරැවන්ගේ මනසට මේ ලබා දෙන ජිවිත පාඩම ගැන ඇත්තටම සතුටුයි.🌹♥️ බුදු සරණයි !
බොහොම වැදගත් පැහැදිලි කිරීමක් sir ඇත්තටම අපේ රටේ ගොඩක් කාන්තාවන් patacharala තමයි ඔබ කියපු විදිහට ඒහැම වුණේ ඇයි කියලා කවුරුත් තේරුම් ගත්තේ නෑ හැමෝම එකතු වෙලා එයාලට ගල් ගහනවා කිසිම banakawath පැහැදිලි නොකරපු දෙයක් ඔබ පැහැදිලි කෙරුවෙ බොහොම ස්තුති 👍🙏❤
මම A/L කරල දැනට අවුරුදු 4ක් වෙනවා. කලා අංශයෙන් තමයි විභාගයට මුහුණ දුන්නේ. සිංහල විෂයත් මම කළා. පටාචාරා කතාව තිබුණු අන්තිම සිලබස් එක අපේ සිලබස් එක. ටියුෂන් පංතියේදි පටාචාරා කතාවෙන් විචාර 50ක් විතර ලියන්න ඇති. ඒත් කවමදාවත් ඒ කතාවේ මේ වගේ පැතිකඩක් තීනවා කියල අපේ සර් ලා අපට මතු කරල දුන්නෙත් නෑ. අපිට මතු කර ගන්න පුලුවන් කමක් තිබුණෙත් නෑ. හැමදාම ලිවුවේ "සරල බස් වහර, උපමා උපමේය භාවිතය, ගැමි බස් වහර" වගේ සරල මාතෘකා කිහිපයක් විතරයි. පටාචාරාගේ ජීවිතයෙන් ගැහැණියකට ගන්න පුලුවන් වටිනාකම් බොහෝමයක් තීනවා කියල දැන් මේ සර්ගේ වීඩියෝ බලන කන් මන් දැනන් හිටියෙ නෑ සර්. ඇත්තට ම ලංකාවට ඕන ඔබතුමා වගේ රාමුවෙන් පිට හිතන ගුරුවරු. ජය වේවා........ සර්....🙏🙏🙏
සර්ට දහස් වාරයක් පින් මේ පැහැදිලි කිරීමට සහ මේක සමාජ මාධ්‍යයක ජනගත කිරීමට !!!
මමත් ගෙදරින් පැනලගිය පටාචාරාවක් තමා... මමත් හැමදාම හිතපු දෙයක් තමා ගැහැණියකට කොච්චර හයියක් තියෙන්න ඕනද එහෙම තීරණයක් ගන්නත් පසු කාලීනව මොන බාධකය ආවත් ඒ තීරණය වෙනුවෙන් බය නැතුව පෙනී ඉන්නත්...
මේ ලෝකෙ පිරිමියාව කොන්ද කෙලින් තියාගෙන වැඩ කිරීම ගැන වර්ණනා කලත් කවදාවත් එහෙම ගෑණු ගැන කවි ලියවුනේ නෑ.. සර්ගෙ මේ විචාරයට ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ..
අවසානයේ.. අපි ගැහැණියක් වෙලත් හැමදේම අත ඇරල, බය නැතුව, කොන්ද කෙලින් තියන්, ආදරය වෙනුවෙන් එච්චර අවදානමක් අරන් ආවත්.., ඒ පිරිමියා අපේ විශ්වාසය කඩනවා.. අපිව අතරමං කරනවා.. අපේ කැප කිරීම සරල දෙයක් කරනවා.. ඔහුගෙ පවුල ඉදිරියේ අපි පිටස්තර වෙනවා.. අන්තිමට අපි තනිවෙනවා...
මමත් අද එහෙම තනිවෙලා... තනියම පිටරටක ජීවත් වෙනවා.. කවි නොලියුනාට ඒ ගැන, ගැහැණු අපිත් මහමෙරු පර්වත වගේ..
Minissu wena porondu itu kalanam ada wena kota thaniwela duk widinna one naa.eeth soba dahamen puduma shakthiyak laba denawa jeewithe satana geniyanna
මනුස්ස හිත කියන දේ හැමදාම එක විදිහට පවතින්නෙ නෑ . වෙනස් වෙනවා .. ගැහැනු අපි පිරිමි වෙනුවෙන් කොච්චර කැප කිරීම් කලත් ගගට කපන ඉනි වගේ තමා .. ඒකනෙ බුදු හාමුදුරුවෝ දේශනා කලේ හිත කියන දේ එක ලෙසින් හැමදාම තිබුනොත් අපි කන දේවල් මල පහ විදිහට පිට වෙන්නෙත් නෑ කියල ..
මගේ හිතට අමුතුම හය්යක් ආව සර් සර්ගේ පැහැදිලි කිරීම ඇහුවට පස්සේ! මගේ හිතත් ඒ තරම් හ්ය්යය්...❤
ඇත්තටම ඔබගේ දේශන හාමුරැ නමක් ගෙන් බන අහනවට වඩා ගත යත්තක් තියනවා තෙරැවන් සරනයි
අප අතරෙ පටාචාරා වරියන් කි දෙනෙක් ඇද්ද ,ඔබට පින් සර් මෙවන් දෙ විස්තර කරලා දෙනවට 👍👍
පටාචාරා කතාව අහල තිබුනට අද තමයි ඒ ගැන මේ විදිහට තේරුම් කරනවා ඇහුවේ. ගොඩක් හිතට වැදුණා. මාත් හිතනවා ඇහෙන දේවල් දැක්කම අපේ දරුවෝ උනත් හදන්න ඕනි මේ දේවල් කියලා දීලා කියලා .
ගුරැවරයෙක් කියන්නේ බඔ වැනි කෙනෙක් මමත් පොලවෙ හය ගහලා ඉන්න ගැහැණියක් මගෙ මහත්තයා පිළිකාවකින් මිය ගියා මගෙ පපුතාටත් පිළිකාවක් තිබුණා එහෙත් මගෙ ළමයි දෙන්නාත් එක්ක මම මගෙ ජිවිතේ ජය ගන්න මගෙ වුස්සායෙන් රෙදි මහලා කොළඹට දානවා මම ඉනෙත් කුලියට සිඋුවෙ එහෙත් මම මගෙ ජිවිතේ ජයගන්න බලන්නෙ මගෙ සැමියා මිය ගියාට පස්සේ මට වෙන කෙනෙක් ඔනෙ නැහැ මගෙ දරැවො දෙන්නාත් එක්ක මගෙ ජිවිතේ ජය ගන්නවා බඔ වැනි කෙනෙක් ගුරැවරයෙක් විමත් ඉමහත් සසතුටක්
පාටාචාරට ඒ සිදුවිම එදා සිදුවුන එකෙන් වර්තමානය තුල ජිවත්වෙන අපි ඒ උත්තමාවිය ගැන කතා කරනවා......මම හිතන්නේ ඒ කතාවෙන් ගොඩක් දේA/l ඉගෙන ගත්තා , ගොඩක් දුරට දැනුුම වැඩිවුනා....ස්තුතියි 🙏 සර්
මම හිතනව මම ගොඩක් දරාගත්ත කෙනෙක්. මගෙ කියන හැමෝම මාව අත ඇරල. නමුත් මම ගත්ත තීරණයක් නිසා එහෙම උනා නමුත් මම ඒ තීරණයේම තවම ඉන්නව. ඒ තීරණය නිසා ගොඩක් දුක් විදිනව නමුත් මම දිනනවාමයි.
සර්ගෙ කතා අහල මන් හිත හදා ගන්නවා සර් මන් තනියම දරු දෙන්නත් එක්ක ඉන්නෙ සර්ට පින්
ගුරුපියානෙනි ඔබතුමා හොඳ ආදර්ශ මත් රටට වැඩ දායක කෙනෙක් තෙරුවන් සරනයි
ඇත්ත දරුවෙක් කවදාවත් ඕනවට වඩා හිර කරන්න හොද නෑ..😔
පටාචාරා උත්තමිය සසරේ අත් හැරීම පුරුදු කරමින් නිවන අරමුණු කරමින් ආව කෙනෙක්,,,, ස්ර් ලස්සනට කියල දෙනව🙏
පටාචාරාට නම් බුදුසරණ හරි තිබුණා. ඊට ලං වෙන්නවත් බැරි සමහර කෙල්ලන්ට තමන් හොයන ආදරේ නොලැබුණොත් පටාචාරාටත් වැඩියෙන් දරා ගන්න වෙනවා, එක අතකට සංසාරෙ කියලා ඇත්තටම දෙයක් තියෙනවා නම් කුසට වුණ වැඩේ දැන් පබාවතීට වෙනවා ඇති ඒ පබාවතීලගෙ විලාප සුසුම නිසා මේ පොළොවටත් හීල්ලෙනවා ඇති. ජයම්පතීගෙ තැන ලස්සන මැගි නූඩ්ල්ස් වගේ කොණ්ඩයක් තියෙන කෙල්ලෙක් ඇති කියලා හිතුවට පබාවතී ඔය කියන්නෙ බය කරන්න වෙන්නත් බැරි නෑ, එහෙව් ආතල් කුස ගන්නෙ ආත්ම ගාණකින් ලැබෙන චාන්ස්නේ හිටපන්කො ලබන ආත්මෙ වෙනකන් කියනවා ඇති පබාවතී 😂😂🤭😉. ඒ වුණාට ඕකි පලිගන්න දන්නෙ නෑ.😂😂😂😂
J
සර් මං මේ කතාව බලන්නේ හිත හදාගන්න උත්සහ කරන්න. එත් මේක ශක්තිමත් කතාවක්
දෙමව්පියන්ට හොද කතාවක්. දරුවාට ජීවිතයේදී තමන් වෙනුවෙන් හරිදේ තෝරගන්න අවශ්‍ය බුද්ධිය හා අත්දැකීම දෙමාපියන් ළගදී හුරුපුරුදු කිරීම වැදගත්
නියම ගුරුවරයෙක් ගොඩාක් ස්තූතියි සර්❤️✨️
බුදුහාමුදුරුවො අද හිටියනම් 🥺......සර් ට තියෙන්නෙ හිත් කියවන්න පුලුවන් හිත් තේරුම් ගන්න පුලුවන් හිතක් . ජිවිතේ එකම එක වතාවක් සර් එක්ක කතා කරානම් විදවන හිත් කියක් හයිය වෙයිද, මැරෙන්න හිතන කී දෙනෙක් ජිවත් වෙන්න හිතයිද .මං වගේ
ජීවිතේම තේරුම් ගන්න පුලුවන් වටිනා අදහස් දෙනවට ස්තුති සර් .බුදු සරනයි සර්
Sir mama meri kale 2011 thani kemetha ta.kolaba iskole giye kolaba.A/L kala.mahathaya dakin ne wath netuwa mama eya ta adare karala eya ekka giya.2012 puthek lebuna.mage thatha mata aran dunna ge eya wiku nala giya.mai puthai para ta wetu na.eya mawa dala giya.3 parak bara gatha.eth mata boru kala.putha ta adare th ne.mata kuru neti una th mage amma thatha pihita una.neti una he ma de ma hada genna putha ta th hoda ta ugana la eya ta inna thenak hadala mama meruna th kamak ne sir.mage haiya mage putha.eya den 9 wasare.sir ge katha wa aha di mata th hituna math patachara kenek kiyala.weara dunu ape jiwitha hada ganna kiyala dena wa ta sir ta godak pin.❤❤❤❤❤
Me කතාව හැමෝටම අහන්න puluwan වුනොත් කොච්චර nam හොඳයි da.හැමෝටම අහන්න labethwa🙏💖💕❤️
වැටෙන්නැතිව නැගිටින්න කියලා දුන්නට ගොඩක් පිං සර් .91ඉපදුනු අපිටත් සතුටුයි කොන්ද පන තියාගෙන ඉන්න හයියාක් දුන්නට 👍👊
දරා ගැනිම uparameyen matth thiebnw හැම දේම දරා ගෙන .මගේ ටාකටි වලට යනවා . මටම වෙින පොරොන්දුවක්❤❤❤
හිතට හරිම සැනසීමක් සර් ඔයා විතරයි අපි වගේ අසරන ගෑනුන්ගෙ හිත් තේරුම් අරන් තියෙන්නේ නින්දා අපහාස මැද එක මොහොතකටහරි හිතට සැනසීමක් දැනුනා ගොඩක් පිං
සර් මගේ ජීවිතේ වැරදුනේ නෑ ඒත් සර්ගෙ වීඩියෝ බලනව ජීවිතේ ගැන නොතේරෙන ලමයිට වටිනා කමක් හොද අනාගතයක් හදල තේරුම් කරල දෙන්න කරන කැපවීම සර්ට පිං සර්
සර්ගෙ කතාව අහන කොට මගේ ඇස් වලට කදුලු උනනවා මේකමෙන්ට් වලින් දුක් විදින කාන්තාවෝමොනතරම් ඉන්නවද මම මේ වගේම දුක් විදින ගැහැනියක් මට දුවල තුන් දෙනෙක් ඉන්නවා මහත්තයා නැති උනා කැන්සර් එකකින් දැන් අවුරුදු දහයක් වෙනවා එයා නැතිවෙලා එක්කෙනෙක් පෙර පාසැලක උගන්වනවා පොඩ් දු ඉගෙන ගන්නවා කලා අන්සෙන් සර්ගෙ ඔන්ලයින්පන්තියේ මම බැන්දෙ ආදරේ කරලා එයා සමගියෙන් පවුල් ජිවිතය ගෙවුව අඩ දබර කවදාවත් නෑ අපි අතර ඒ එයා අපේ කර කරුමයකට නැති උනා මම ඇගලුම් කම්හලක සේවය කලා දුව සිස්සත්වය පාස් සාමාන්‍ය පෙල පාස් උනා මම ඒයාගෙ තාත්තා නෑ කියලා ඉගෙනීම අඩාල කලේ නෑ ඒයා දක්ෂයි ඉගෙනීමට යනහ්
ඒක ඇත්ත සර් මගේ ජීවිතේ වැරද්දක් උනානම් උනේ කාලකව්නි දෙමව්පියෝනිසා.ඒත් මම ජීවිතේ රැකගත්තා.ආඩම්බරයි කාටවත් මට කතාහදන්නබෑ.සමාජේ මගෙන් දාක්ක එකම වරද මම දෙමව්පියන්ගේ මරනවලදී අඩන්නේ නැතිඑක.
පරම්පරා ගානක් තිස්සෙ මේ සමාජයෙ තියන පටු අදහස් වෙනස් කරන්න පුලුවන් සර් වගේ ගුරුවරු දස දහස් ගනනින් බිහි වේවා...!!
සර්ගෙ කතාව ඇත්ත.අපේ ජිවිතෙට හරිම ලගයි මෙ කතාව .බොහොම පින් සර් මේ දෙවල් තෙරුම් කරනවට
ඇත්තෙන් ම ඇත්ත .මම සිංහල සාහිත්‍යයට හරිම ආසයි..දැනටත් මට ඕනම දෙයක් රසවින්දනය කරන්න පුළුවන්. මට ලැබුණු ගුරු දෙවිවරු නිසා. ඒ හේතුවම මාව ගුරුවරියක් කලා.
අද තමයි ඔය කතාව හරියට ඇහුවෙ😓😘
Mage amma gena harima sathuti sir 🥺.. mage ammath appachchi nathuwa mechchara dura thaniyama genawa sir 🥺🥺... man badata awa dawase idan appachchi mn laga na .... 🥺🥺 ...
නුතන කාන්තාවන් කිය විය යුතුම කතාවකි; පටාචාරා. සර් ඔබට බොහොමත්ම තුති ස්ත්‍රි චෙෙතසිකයන් හරිම අපුරුවට දිග හරිමින් ජිව්තයෙන් පලා නොයන්නට ජාතක කතාවන් හරහා ලබා දෙන ප්‍රඥාවට.
මෙතෙක් අහලා තිබුණේ නැති ඉගෙනගෙන තිබුණේ නැති වටිනම කතාවක්... ස්තූතියි සර්...
ඇත්ත.සුපිරි කතාවක් සර්.respect you❤❤❤❤
හැමෝම සර්ට ආදරේ මේ හින්දම වෙන්න ඇති....❤🙏
මම නම් විද්‍යො අංශයෙන් කරල අද හෙදියක් විදිහට රස්සාව කරන කෙනෙක්. ඒත් මම අහනවා සර් ඔයාගේ අදහස්.. ඒ තරම් හරිම ආදර්ශමත්.... හරිම නිහතමානි.. ශක්තිමත් කොදු ඇට පෙලක් තියෙන කෙනෙක්.. සුභ පතනවා හදවතින්ම..
කැමැත්තෙන් හිර වෙලා ඉන්න අවුරුදු30 මම අපෙ අම්මට හොයන්න වෙලාවක් ඇත්තෙත් නෑ ඒත් අම්මා ජීවිතේ ගැන කියලා දුන්නේ ආදර්ශයෙන් දැන් හිර වෙලා ඉන්නෙ වැඩි පරිස්සමට මං ම හිතලා😂😂😂 නැතිනම් අවුරුදු 18,19කාලේ මාතර වටේ ඇවිද්දා ඒ මිනිස්සු තමන්ගෙ ළමයෙක් වගේ මාව රැක්කා😘