හිනාවෙන උන්ට බම්බු ගහගන්න කියලා උපාධියකුත් තියාගෙන හැම ඉරිදාම පාරට බහින කෙල්ල - Mr.K.Products

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 676

  • @priyantha19452
    @priyantha19452 ปีที่แล้ว +297

    ජිවිතේ තත්ත්වය තරාතිරම නෙමෙයි පුතේ වැදගත් කාටවත් අතපාන්නේ නැතුව තමුන්ගෙ දෙයක් කරගෙන ඉන්නඑක වටිනවා

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 ปีที่แล้ว +43

    උපාධියක් තියෙන නිසා තමයි අභිමානයකින් යුතුව මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේ තමයි සැබෑ උගත්කමේ හරය. රටට අවැසි මේ වෙනස යි. ආදර්ශමත් යුවලක්.ඔබ දෙපලට ජය නියතයි. සුභ පැතුම්!!!

  • @cookwithshan3025
    @cookwithshan3025 ปีที่แล้ว +159

    දෙන්නට දෙන්නා හොදින් තේරුම් ගත් ආදරනීය දෙපලක් .බුදුසරණයි කරන කියන වැඩකටයුතු සාර්ථක වේවා කියලා සුබ පතනවා ❤❤❤

  • @suneth8962
    @suneth8962 ปีที่แล้ว +116

    අපේ රටේ විතරයි මේ බොරු ලොකුකම්.... ඇත්තටම හැදෙන මිනිස්සුන්ට ආදර්ශයක්.... නියමයි... ජයවේවා...!!🙏🙏👍👍

    • @ndkularathna9678
      @ndkularathna9678 ปีที่แล้ว +1

      Mata obla Ghana harem satue jayawewa

  • @himeshanethminidinapoorna5269
    @himeshanethminidinapoorna5269 ปีที่แล้ว +115

    බොහෝමත්ම ස්තූතියි අපිව බලන්න ආවට නිලමෙ අයියෙ......❤
    හැමෝටම ගොඩක් ස්තූතියි අපිට සුභ පතනවට. ඇත්තටම ගොඩක් සතුටුයි. තමන්ගෙ උත්සාහයෙන් පටන් ගන්න ඔයාලත් කොතනින් හරි හොඳ දෙයක්, කවදාවත් වරදින් නෑ ඔයාලට.....❤
    Mr. K. Products🖤
    ❤Himesha & Kavinda❤

    • @nishadihansika241
      @nishadihansika241 ปีที่แล้ว +3

      Ake mari jaya wewa

    • @harshakumara970
      @harshakumara970 ปีที่แล้ว +5

      හොද වැඩක්. අර කෑම උඩ දදා ටික්ටෝක් කරන කොල්ලව අල්ලාගෙන ප්‍රොමෝෂන් පාරක් දාගන්න.

    • @nishadihansika241
      @nishadihansika241 ปีที่แล้ว +4

      Oyala dannatama dawsaka hariyanne one ❤️‍🔥❤️‍🔥

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว +3

      තවතවත් දියුණු වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @priyadarshanie3920
      @priyadarshanie3920 ปีที่แล้ว

      Kothanada inne

  • @NipulGOONESEKERA
    @NipulGOONESEKERA ปีที่แล้ว +105

    දියවු, දියවු......., පෝළිමේ යන්නෙ නැතිව​, ඉගෙනගත් දේ සහ හැකියාව කළමණාකරනය කරගනිමින් ඉදිරියටම යන්න​. ඔබ දෙපලට ජය නියතයි.

    • @BBLS85
      @BBLS85 ปีที่แล้ว +1

      අනිවා 👍👍❤️

  • @shanthagamage2915
    @shanthagamage2915 ปีที่แล้ว +98

    බිස්නස් මැනේජ්මන්ට් , උපාධිය තිබෙන දුවට වඩා ඇගේ සැමියාට ව්‍යාපාරය ගැන දැනුමක් ,සවියක් තිබෙනවා.බොක්කෙන්ම
    සතුටුයි.දිනෙන් දින දියුණුවට පත්වේවා.

  • @donaldgamage322
    @donaldgamage322 ปีที่แล้ว +70

    ආඩම්බරයි ඔබ දෙපල ගැන 🙏 සිතුම් පැතුම් එලෙසම ඉටුවේවා 🙏 නිලමේ ඔබටත් බොහොම පින්🙏🙏👍👍🙋🙋❤️❤️

  • @madusheaven6688
    @madusheaven6688 ปีที่แล้ว +39

    මාත් උපාධියක් තියන juice bar එකක් කරනවා... job ලැබෙනකන් කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ

    • @Kira-fj8el
      @Kira-fj8el ปีที่แล้ว

      Mm engineering undergraduater kenek den campus patan gannkn math juice bar ekk krl thiynw ❤

  • @thisithkwt4478
    @thisithkwt4478 ปีที่แล้ว +56

    අනාගතේ සුභ සිහින දකින ඔබ දෙදෙනාට දියුණු වේවා
    නිළමේ ඔබටත් ජය වේවා ජේසු පිහිටයි

  • @asithpathirana3982
    @asithpathirana3982 ปีที่แล้ว +42

    ගැහැනියකට ජිවිතේ උපයන්න අමාරුම දනය තමයි තම සිතුවිලි වලට පෙම් බදින පිරිමියකුගේ ආදරයයි ඔයා ඒ දනය උපයා අවසනයි

    • @nilakshiruwanthika1187
      @nilakshiruwanthika1187 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 💫

    • @sulochanamadu798
      @sulochanamadu798 ปีที่แล้ว

      කොල්ල හොදයි ගමන යන්න පුළුවන් 👍👍👍

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +31

    දිනෙන් දින දියුණුවට ම පත් වේවා ! තෙරුවන් සරණයි ! 👍😇🙏💖💐

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +15

    වාසනාවන් !!! තරුණ පරම්පරාවට ලොකු ආදර්ශයක් ඔබලා 👍👌 දවසින් දවස දියුණු වේවා !!!🙏

  • @DKnook9
    @DKnook9 ปีที่แล้ว +13

    උපාධි ගත්ත බහුතරයක් උන්ගේ මොළවල අමුතුම පිස්සු හැගීමක් තියෙනවා ඒ උන් උගත් උන් කියන ගොන් ආතල් එක මේ ඒ ගොන් ආතල් එකෙන් එලියට බැහැලා පොලවේ පය ගහන කෙල්ලෙක් දැක්කා පොල් කඩන උපාධි කාරයෙක් ඉන්න අන්න මිනිස්සු උපාධි උගත් කමට විතරයි වැදගත් මනුෂ්‍යත්වයට වැඩක් නෑ සල්ලි හොයන්න නම් ලැජ්ජාව තියෙන උන්ට මේක කරන්න බෑ මේ ජීවිතේ ගොඩ දා ගන්න උපාධි ගෙදර තිය පොලවේ පය ගහලා ජීවත් වෙන උන් බුදු සරණයි ජය වේවා...🙏🙏🙏❤️❤️❤️

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +38

    බුද්ධිමත් පොළොවේ අඩිය ගහලා ඉන්න දෙන්නෙක් හමුවන්නේ පෙර කුසල් බලේට.
    ඒ අය තමා ලස්සනට ජීවිතේ විදින්නේ. මමත් ගම්පහ ඉන්න නාරම්මල අවට කෙනෙක්.
    👍🏻👍🏻👍🏻🤣🤣
    💖💖💖💖
    🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @samanrathnayake6769
      @samanrathnayake6769 ปีที่แล้ว +1

      දිනෙන් දින දියුණු වේවා!

  • @mahindawickramasooriya2178
    @mahindawickramasooriya2178 ปีที่แล้ว +33

    ඔබ දෙපලගේ මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!!!බුදුසරණයි!!!!

  • @s.aperera2558
    @s.aperera2558 ปีที่แล้ว +41

    අපේ රටේ උපාධියක් කියන්නේ ලොකු දෙයක් එත් පිටරට උපාධි තියන අය කම්කරු රැකියාවල් කරනවා. මේ රටවල එකමදේ බොස්ලා,මිස්ලා,සර්ලා නැහැ හැමොම එක හා සමානයි . හැමොටම නම කියලා තමා කතා කරන්න ඕනා. කොහොම හරි කමක් නැහැ ව්‍යාපරය දියුනුවෙන් දියුනුවට පත්වේවා කියා පර්ථනා කරනවා.

    • @Neelscott
      @Neelscott หลายเดือนก่อน

      Exactly same here in nz

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw 28 วันที่ผ่านมา

      Don't tell lies.... If you do a so called lower class job, you feel so. But every country, there is a middle and high class.... They don't care the others.... They have all the social class issue.. .

  • @mangalikarajapaksha9021
    @mangalikarajapaksha9021 ปีที่แล้ว +10

    රට වෙනස් කරන්න , මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් කරන්න නියම වැඩක්..ජයෙන් ජයම වේවා ...❤

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว +84

    මේව ලැජ්ජා වෙන්න වැඩ නෙවෙයි. ආඩම්බර වෙන්න ඕන වැඩ. ලෝකෙ ඉහළටම යන්න පුළුවන් හොඳ ම දොරටු.
    අනික උපාධියක් ගන්න ඕන පුටුවක් උඩ කැරකෙන්න නෙවෙයි.
    රැල්ලක් හදා ගන්න නම් අවශ්‍ය ම දේ ඔය විදිහට පිළිවෙලකට හැඳගෙන, පිරිසිදු සහ සුහදශීලී සේවාවක් සපයන එකයි. එතකොට බඹරු වගේ මිනිස්සු ඇදෙන එක ඇස්පනාපිට බලාගන්න පුළුවන්.

  • @sachinthadilshan6615
    @sachinthadilshan6615 ปีที่แล้ว +18

    නියම අරගල
    👍👍රටක් දියුණු වෙන්නේ මේ විදිහට ඔබ දෙපලට ජය

  • @zuulazuula9797
    @zuulazuula9797 ปีที่แล้ว +10

    මට නම් මාරම සතුටුයි මේවගේ ධහිර්‍යවන්ත තරුන ලමයි දැක්කම. දෙවිපිහිටයි! ඔයාලගේ මේ පුංචි ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වෙලා මහා ව්‍යාපාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.👍❤

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 ปีที่แล้ว +61

    🌹උපාධියෙන් හිස උදුම්මා නොගත් චරිත.. 🇱🇰❤🇱🇰👍👍👍👍👍

  • @lucifermicky183
    @lucifermicky183 ปีที่แล้ว +37

    ජීවිතේ හැමදාම හැමදේම සාර්ථක වෙන්න ඕනේ මගේ අයියේ , අක්කේ ඔයාලා දෙන්නට ජය ❤

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 ปีที่แล้ว +6

    දියවු දියවු කියා මහ පරෙ ඇවිදින එකාලට ඉතාම හොද අදර්ශයක් ජයවෙවා බුදුසරනයි දෙදෙනාටම

  • @prasannaperera7805
    @prasannaperera7805 25 วันที่ผ่านมา +2

    අපේ රටේ ගොඩාක් අයගෙ හැඟීම තමයි උපාධියක් අරන් එනකොටම රජයේ රැකියාවක් දෙන්නම ඕන කියල , අධ්‍යපනය කියන්නෙ ජීවිතය ගොඩ නගාගන්න අවැසි අත්වැලක් , හරියට කරනව නම් ඔය ව්‍යපාරයත් ඇති තමන්ගෙ ඉලක්කය පහු කරන්න , කොහොම උනත් උත්සාහ වන්ත ඔබලාට ජයෙන් ජයම ලැබේවා .

    • @Nilame
      @Nilame  24 วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @malmal4023
    @malmal4023 ปีที่แล้ว +6

    හැම එකටම එපා එපා කියන පිරිමි අතරේ ඒ වගේ හස්බන්ඩ් කෙනෙක් හම්බවෙන ඕනීම බිරිදක් වාසනාවන්තයි ❤️❤️❤️ උපාධිය වගේම ඒ වචන ඒ හය්ය මාරම ටිනවා💪 ❤️❤️ නැගිටින්න වෙන මොනවද ඉතින් ඕනී😍😍😍😍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +20

    ජයවේවා.ආඩම්බරයි විශිෂ්ටයි අනර්ඝයි.👍🏾🇱🇰👍🏾 ආදර්ශමත් චරිතයකි.

  • @shakilamalki8510
    @shakilamalki8510 ปีที่แล้ว +16

    ගැහැනියක් ලැජ්ජ වෙන්න ඕන නරක වැඩ කරලා.ඇග විකුනල සල්ලි හොයන්න.ඒ හැරුනම කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න පාර අතුගාන කාන්තාවගේ සිට හැම සාදාරනව මුදල් උපයන කාන්තාවකටම උපහාරයක් වේවා

  • @Jonti576
    @Jonti576 ปีที่แล้ว +6

    අන්න couple ❤.. ඉගෙන ගත්තා හෝ නැතා.. උත්සාහය තමයි දවසක තැනකට ගෙනියන්නෙ .....
    අනිත් කෙල්ලො කොල්ලො හැමෝටමත්. සමාජයේ අනිත් අයටත් හොද ආදර්ශයක් ❤️....ජයම වේවා දෙන්නටම 👊🤘🤟

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps ปีที่แล้ว +38

    හරියන්න ඕනේ උතුරන්න ජය වේවා 👍🙏

    • @ngamage3836
      @ngamage3836 ปีที่แล้ว +1

      හරියන්න ඕන..ඒත් යම් දෙයක් තියෙන මිනිස්සු මේ විදියට එලියට බැස්සාම එදා ඉදංම අච්චාරු හදපු නැති බැරි මනුස්සයාට මොකද වෙන්නේ..

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +7

    හරිම සතුටුයි..ව්‍යාපාරිකයෙක් වශයෙන් මම දෙන උපදෙස ඔය දෙන්නම එකතුව full time business එක කට බහින්න...අනිවාර්යයෙන් උඩට යන්න පුලුවන් ,,,

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว +35

    තමන්ගෙ දෑතෙ හයියෙන් කරන ඔීනම දෙයක් නම්බුකාරයි දරුවනේ.ඔයාලගෙ සියලු පැතුම් ඉටුවේවා.අපහාස වලට නම් බය වෙන්න එපා.🙏🙏🙏🙏🙏

  • @shanikadilhani5573
    @shanikadilhani5573 ปีที่แล้ว +6

    තමන්ගෙ හයියට තව කෙනෙක් ඉන්නවා නම් ජීවිතේ දිනන එක සිම්පල් ❤️❤️❤️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +10

    මෙන්න අද අපේ රටට සමාජයට ⁣හොද වැඩක් කරන නව නිප යුමි නිපදවන නියම වීර කොල්ලක් කවිස ඉමාසා⁣ කොස්ගසට බත් කියලා කියන වානෙ නිලමෙ අයියා ඔයා කවදත් කරන්නෙ සුපිර් වැඩ supie video ya ඔබ ලාදෙදෙනාගේ වියාපාරය දිනෙන් දින හැමදාම සාර්ථක වෙිිවා බුදු සරණයි උතුම් දළදා සමිඳු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🏵️🌹🌹🏵️🙏💎💙❤️💚💜️🤙👑️🖤📻💛😛😍😍😀👍💛කාවින්ද ඉමෙසා හැමදාම ජොබිි එක ගොඩාක් සතුටින් කරන්න වාසනාව ලැබේවා

  • @blackshieldx4670
    @blackshieldx4670 ปีที่แล้ว +5

    දෙමව්පියන්ගෙ ආශිර්වාදයත් එක්ක කරන ඕනමදෙයක් තනියම කරනවටවඩා සාර්තකවෙනව 🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන් ඔයාලා දෙන්නට ඉහලටම යන්න පුලුවන් පුදුම ශක්තියක් දෙන්නට දෙන්නා ඉන්න නිසා ඔයාලට කවදාවත් වරදින්නේ නෑ❤❤❤

  • @raveendrasus1115
    @raveendrasus1115 ปีที่แล้ว +7

    ඇත්තටම පුදුම සතුටක් දැනුනේ ඔයාලව දැකලා ඔය ව්‍යපාරය දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +12

    ඔහොම අම්මාලා ලබන්න පීං කරන්න ඔනා... ඔයාට අවුරුදු 28ක් උනාට එ්යාට තාම ඔයා චූටී දෝණියා නේ.. එකයි ඉතිං එ්පා කිය කිය හරි තවම පස්සෙන් ඔය ඉන්නේ.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ පතනවා අම්මේ මම ඔයාට හදවතින්ම.. ලගින්ම ඉන්න කෙල්ල ඉක්මනටම ලස්සන තැනකට එ්වි. උපාදියක් තියාගෙන ඔලුව උදුම්මාගෙන ඉන්න එවුන්ට වඩා නුබ මැණිකක් මිල කල නොහැකි අපේ රටට සමාජයට.. දිනෙන් දින දියුණු වේවා.. තෙරුවන් සරණයි. නිලමේ නුබටත් තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා..

  • @mangumangu5076
    @mangumangu5076 ปีที่แล้ว +14

    ගෙනයන ව්‍යපාරය ඔයලට දිනෙන් දින ජයමාවත කරා යාමට හදවතින් සුබ පැතුමි ජයෙන් ජය දලදාසමිදු පිහිටයි✋👄💏✋❤

  • @chandanachandana8004
    @chandanachandana8004 ปีที่แล้ว +4

    එක එක බල්ලන්ගෙ උඩ බිරිලි වැඩක් නෑ , නියමයි බුදුසරණයි දිගටම කරගෙන යන්න .

  • @tharindudinapoorna8221
    @tharindudinapoorna8221 ปีที่แล้ว +7

    කොච්චර තරහ උනත් පොඩිකාලේ ඉදලම එකට හැදුනේ ඒ කැක්කුමත් ආදරයත් දෝනිට තියනවා . දෝනි ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි , දෙන්නටම ජය පතනවා ... දියනුවෙන් දියුණුවටම යන්න මොකා මොනවා කිවත් නවතින්න එපා ඔයාගේ ආසාව මල්ලි එක්කම ඉස්සරහට යන්න. දෝනි එච්චරයි ලොකු අයියගෙන් සුභ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dicksanravindra2284
    @dicksanravindra2284 ปีที่แล้ว +12

    අද කාලේ බොරුවට රගන කට්ටියට මේ දෙන්නා ලොකු ආදර්ෂයක් ඔයාලට ජීවිතේ ජය අත්වේවා යේසු පිහිටයි .👍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    නිළමේ කොහොමත් දියුණු වෙන කට්ටියට උදවු කරනවා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudusenavirathna3556
    @kumudusenavirathna3556 ปีที่แล้ว +6

    කියලා වැඩක් නැහැ 👍👍👍 පට්ට සතුටුයි 🤗🤗🤗 ලොකුම තැනකට යයි ❤️❤️❤️ ඒ මල්ලි වගේ කෙනෙක් පිනට හම්බ වෙන්නෙ 👌👌👌👌🙏🙏🙏🙏

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 ปีที่แล้ว +11

    ජීවිතය ජය ගන්න ලැබෙනවා, ඔබ දේපළ ට ✌.

  • @daara2258
    @daara2258 ปีที่แล้ว +4

    හැමදාම නෑ බෑ කිය කිය ඉන්නැතිව තමන්ගේ මහන්සියෙන් හොද ගමනක් යන්න පුලුවන් විදි කොච්චරනම් තියේද.ජය වේවා ඔයාලට💪💪

  • @sydneywicramasinghe3512
    @sydneywicramasinghe3512 ปีที่แล้ว +13

    සැම උපාධිදරයෙකුම රැකියාමවන්නෙකු වෙන්න

  • @user-vt3gb6is9x
    @user-vt3gb6is9x ปีที่แล้ว +14

    හරිම ෂෝයි බබාලා දෙන්නා.......... 🌹
    ආඩම්බරයි ❤️
    ජයෙන් ජය.............. ✨️

  • @sasasasasaaa
    @sasasasasaaa ปีที่แล้ว +4

    😊❤ජීවිතේ නෑ බෑ ගගා ඉන්නේ නැතුව ඇත්තටම මේ වගේ දේවල් කරන අයට නිහතමානී අයට උතුරන්න හරි යන්න ඕනී.❤😊නිලමේ මේ කරන සමාජ සත්කාරය ලොකු පිනක්.ගොඩක් අය මේවා දිහා බලල අලු ගසා දාලා නැගිටිනවා.ජයවේවා.❤❤

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว +7

    ඔයාලගේ වියාපාරය තවදුරටත් සාර්ථක වේවා කියලා පාර්තනා කරනවා .ජේසුගේ පිහිට,ආරක්ෂාව රැකවරණය නොඅඩුව ලෙබේවා .❤❤🙏🙏

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +1

    තමන්ගෙ දෑතෙ ශක්තියෙන් දියුනුවෙන්න පුලුවන් කම පෙන්වන ආදශමත් චරිත දෙකක්. මම හිතනව උමන්දාවෙ ආදර්ශය ලැබෙන්න ඇති කියා. නැතත් එවැනි ආයතනවල ආදර්ශය ඔබ වැනි අයට ලොකුශක්තියක්. ඔබට ජයම වේවවා. අපි මාසකීපයකින් හමු වෙමු.

  • @user-zc6lu6zy4z
    @user-zc6lu6zy4z 13 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා දුක් මහන්සියෙන් උපයන හැම අයටම උතුරන්න හරි යන්න ඕන බුදු සරණයි ❤️🙏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +8

    ඔයාලගේ ව්‍යාපාරය දියුණු වේවා. තෙරුවන් සරණයි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +2

    ඔය විදිහට ම දෙන්නම තේරුම් අරගෙන ජීවත් වෙන්න ...ජයවේවා ...නිලමේ ඔයාත් හොඳ වටිනා අදර්ශමත් දේවල් මේ හරහා ගේනවා ...ගොඩක් ස්තූතිය් ..😘👌

  • @ariyaguru1241
    @ariyaguru1241 ปีที่แล้ว +5

    හරිම ආදර්ශමත් යුවලක්.ඉදිරියට ම යන්න.බුදුසරන යි

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ඔයාලගේ බලාපොරොත්තු වේ විදිහට මිශ්ට වේවා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා අපි පොඩි තැනින් තමයි පටන් ගන්න ඕනේ එතකොට තමයි ගමනක් යන්න පුළුවන් අපේ මිනිස්සු මුලින්ම කරන්න රට අල්ලන්න හදන එකනේ එතනම හබක් ඔයා දෙන්නට බුදු සරණයි දෙයියන්ගේ පිහිටයි

  • @chanaka.
    @chanaka. ปีที่แล้ว +21

    අනාගතේ දවසක තමන්ගෙම තැනක ලොකුවටම ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් වෙයි...

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +1

      එපා .... ඔහොම ඉදිද්දාවේ .... දියුණු වෙන්න කියන්නේ .... දැනට එන පාරිභෝගික යන්ට ලොකු හෝටලේකට පළ කියන එකනේ .... ඔබ වගේ උගත් අය ඉන්නා එක අනිත් බට්ටා ලොරි වෙළෙන්ඳන්ටත් ශක්තියක් .... බුදුසරණයි ....!

  • @densilfernando5937
    @densilfernando5937 ปีที่แล้ว +6

    ඇත්තටම මට ලෝකු ආඩම්බරයක් දේව් පිහිටයි බුදු සරණයි

  • @anushakumari6936
    @anushakumari6936 ปีที่แล้ว +3

    ඇත්තටම හැම තැනම අපේ රටේ කෑම නෙවෙයි තියෙන්නේ එහෙම යුගයක කොස් වලින් නිෂ්පාදිත කෑමක් හදලා විකුණන එක හරිම අගෙයි.චීන අවන්හල් හැම තැනම අපේම රටේ වසවිස නැති කොස් වැනි දෙයක් අමුතුම විදිහට හදල දීම ගැන ඔබ දෙපලට මගේ ප්‍රනාමය බුදුසරණයි නංගී & මල්ලි ජයවේවා ❤️❤️❤️❤️

  • @jeewani8852
    @jeewani8852 ปีที่แล้ว +2

    දෙවියන්ගේම පිහිටෙන් ඔබ දෙපලට වාසනාවන්ත ගමනක් යන්න .දිනෙන් දිනම දියුණු වෙන්න.ඔයාලගෙ.ප්‍රාර්ථනා.සපල.වෙන්න.ලැබෙවා.කියා.දෙවියන්ගෙන්.ඉල්ලා.සිටිනව.හරිම.සතුටුයි..godbless..both❤❤🙏🙏🙏🌹🌹🌹

  • @sajinithakshila9769
    @sajinithakshila9769 ปีที่แล้ว +7

    දැක්කම සතුටුයි වගේම ආඩම්බරයි ඔය දෙන්නා ගැන..දිනෙන් දින දියුනු වේවා....කාවින්ද ඔය දෙන්නාට සුබ පතනවා..

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว +1

    ""Narammala ""Kiyala Dakinakota Hithata Mara Sathutak Awe, "Mage Chuti Amma ""Narammala""Math Molinma "Rekiyawekata Giye Narammala Edan, Ada Man Inne "Rata" Budu saranai Oyala Denata, Hema Deyakma Karan Ediriyata Yanna Sakthiya Labewa 🌹🎉💝💝💖🙏🙏

  • @ayishaayisha6784
    @ayishaayisha6784 ปีที่แล้ว +2

    රටේ පාලකයන්ට බැන බැන ඉන්නෙ නැතිව.වටේ ඉන්න උන්ට බම්බු ගහන්න කියලා හිතාගෙන.කාටවත් අත නොපා තමන්ට පුලුවන් දේ හැකියාවෙන් දෙයක් කරගෙන ජීවත් වෙන එක තමයි දැන් තියෙන එකම හයිය.🙏🙏❤❤

  • @rasikasandamali7906
    @rasikasandamali7906 24 วันที่ผ่านมา +1

    උපාධිය ඔළුවෙ තියාගෙන රජයේ රැකියාවක් හොය හොයා ගෙදරට බරක් වෙලා ඉන්න හැම කෙල්ලක්ටම , කොල්ලෙකුටම හොද ආදර්ශයක් . ජයෙන් ජයම වෙිවා .

    • @Nilame
      @Nilame  24 วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත

  • @janakapriyantha370
    @janakapriyantha370 ปีที่แล้ว +1

    හොද දෙයක් කරන්න දෙපාරක් හිතන්න එපා නංගි. දෙපාරක් හිතන්නෙ නැතුව කරගන යන්න. වටෙන් එන විවේචන අදාල කරගන්නම එපා.ඔයා දියුනු වෙනකොට ඒ අය නිකන්ම මුකුත්ම දන්නෙ නැති ගානට හොද කියාගෙන එනවා. සිතින් වැටෙන්නෙ නැතුව දිගටම කරගෙන යන්න. ඔබ දෙපළට ජයවේවා.

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +2

    ජය ජය වෙිවා ඉදිරියට යන්න දහිරිය සක්ති ලැබේ ජේසු පිහිටයි

  • @pahantharuwa5815
    @pahantharuwa5815 ปีที่แล้ว +12

    ජයවේවා, අනාගතය සුබයි.

  • @apurwaperera
    @apurwaperera ปีที่แล้ว +1

    වැරදි දෙයක් නොකර මේ වගේ දෙයක් කරන එක කොච්චර හොඳද, බුදුසරණයි 🙏❤️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +1

    හොඳ ගමනක් යන්න ශක්තිය dahirya නිරතුරුවම ලැබේවා .igana ගත්ත දෙයින් රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් හොයන්න ගන්න උත්සාහය හරියට වටිනවා .හුඟාක් අය පිටරට යන්න දුවන කාලෙක මෙවැනි දරුවෝ අගය කල යුතුයි පුතේ දුවේ බුදු saranai .අනාගතය බලාපොරොත්තු එලෙසින් ම ඉටු වේවා .නිලමේ ස්තුති .

  • @Niroshan369
    @Niroshan369 ปีที่แล้ว +5

    ජයින් ජයම වේවා මචන් උබල දෙන්නට.බුදු සරණයි 😍💖😍

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +14

    ඇත්තටම වැටෙන ගානේ නැගිටින්න ඔින දිනෙක දිනෙක සිරුවෙන් යන්න පුලුවන්

  • @user-hf3xu4vb2l
    @user-hf3xu4vb2l 24 วันที่ผ่านมา

    ඔන දෙකට උදව් කරන මහත්තයයෙක් ඉන්නවා කියන්නේ ජිවිතේ ගොඩ ❤❤❤

    • @Nilame
      @Nilame  24 วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... ඒකත් එක්තරා ආකාරයක පිනක්

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 24 วันที่ผ่านมา +1

    තමන් හරි දෙ කරනවා නම් මනුස්සයන් ගෙ වචන අපට අදාල නැහැ ජය වෙවා❤❤❤

    • @Nilame
      @Nilame  24 วันที่ผ่านมา

      අනිවාරෙන්...

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +19

    ආදරය නිසාම ජීවිතේ දිනන ජීවිත ❤️❤️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +12

    දිනෙන් දින දියුණුවේවා.. කොස් කොත්තු කන්න එනවා අනිවාර්‍යයෙන්..

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +29

    හරියන්න ඔනා දවසක අනං මනං කියපු අයට හීක් ගෑවෙන්න..

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 ปีที่แล้ว +27

    ගෑණු,පිරිමි තරැණ දරැවන්ට හොදම රැකියාවක්...

    • @slasankautube
      @slasankautube ปีที่แล้ว +1

      හා හා දැන් ඉතින් ඔක්කොම ඔය කිට්ටුවම ඕකම පටන් අරන් උන්ට කෙල්නන හදන්න එපා, පාඩුවේ වෙන අලුත් අදහසක් කරගන්න කියන්න මීකම කරන්නේ නැතුව, මොකද අපේ ලංකාවේ ඔහොමාමනේ

  • @thakshisethunga1103
    @thakshisethunga1103 ปีที่แล้ว +1

    කියන අයට ඕන තරම් දේවල් කියන්න තියන්න,, ඔයාලා වගේම තමයි මමත්,, අපි නරක දෙයක් නොකර හම්බකරන ඕන දෙයක් කරන්න ඇයි ලැජ්ජා වෙන්නේ,, අපේ ජීවිතේ දුක සැප,, ලෙඩ දුක් වෙනුවෙන් කවුරුත් අහන්න බලන්න එන්නේ නැහැනේ,, හැම දෙයක්ම කරගන්න ඕන අපි,, ගොසිප් මවන්න ඕන කෙනෙක් ට පුළුවන්,, ඔයාලට තෙරුවන් සරණයි 🙏🙏🙏,, හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන,, ජය වේවා 🙏🙏🙏💞

  • @chandrajayanath4765
    @chandrajayanath4765 ปีที่แล้ว +2

    උපාධිය කියන්නේ ගනන්ගත යූතු එකක් නොවේ

  • @user-gz3qd1ur1u
    @user-gz3qd1ur1u ปีที่แล้ว +6

    දිනෙන් දින දියුණු වේවා.... ජයෙන් ජයම වේවා ❤❤❤🙏✨️

  • @pradeeprupasinghe2083
    @pradeeprupasinghe2083 ปีที่แล้ว +2

    රටට වටිනාම මිනිසුන්. ඔබ දෙපළට ජය ජය........!

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +2

    එ ලවු එකටම් ඇස්වහක් කටවහක් වදින්න එපා .හරි යන්න ඔනේ තේරැවන් සරණයි

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +3

    අපේ පැත්තෙ දුවෙක් තෙරුවන් සරණයි.ජීවිතය දැකීම අගෙයි.

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 หลายเดือนก่อน

    පැලේන්න හරි යන්න ඔනා එයලට මේ වගේ අය උනන්දු කරන නිලමේ මහත්තයට ගොඩක් පින්

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +2

    ඔයාලාගේ ඔය පුංචි ව්‍යාපාරය දිනෙන් දින සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !🙏😇💰සහෝදරිය..❤️අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න බාධක, දුක්කම්කටොළු මැද නොසැලෙන..‼️අල්ලාගත්තු අත මැරෙනකම් අත්නොහරින මෙන්න මේ වගේ ලස්සන ආදරයක්..😍ඉතිං ඔයාලා හැමෝටමත් මේ වගේ ශක්තිමත් බැඳීමක උරුමකරුවන් වන්නට හැකි නම් ඒ වටිනා සංසාරගත ප්‍රේමය..තමන්ගේ පණ වගේ රැකගන්න Friends !😇❤️කවදාවත් වරදින එකක් නම් නැහැ..‼️❤️

  • @werasenapathirana2976
    @werasenapathirana2976 27 วันที่ผ่านมา +1

    ඉදිරියට යන්න යන්නෙ ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා ඔබ දෙපළටම බුදු සරණයි

    • @Nilame
      @Nilame  27 วันที่ผ่านมา

      ජයවේවා....

  • @asokaruwandeniya821
    @asokaruwandeniya821 ปีที่แล้ว +6

    you living in real world.great work. this will grow bigger and bigger!

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว +10

    ජය වේවා හදවතින්ම සුභ පතනවා ❤❤❤

  • @georgeperera2568
    @georgeperera2568 ปีที่แล้ว +1

    ඔබ‍ට ජයවේවා නියමයි අපේ රටට අවක්ෂ ඔයාලා වගේ අදහස් තියන අය දෙව් පිහිටයි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාගෙම ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා ...නිලමෙ කවදත් ගේන්නෙ ව්ශේස දෙයක්...බුදු සරනයි හැමෝටම 🙏❤️

  • @sarathsanjeewa9876
    @sarathsanjeewa9876 ปีที่แล้ว +1

    ඔබ දෙපලට තෙරුවන් සරණයි හොදම හොද බිස්නස් එකක් වේවා

  • @suranganieguruge1084
    @suranganieguruge1084 ปีที่แล้ว +6

    All the best wish you all a bright future. God bless you all.

  • @creations245
    @creations245 ปีที่แล้ว +1

    ජයවේවා..හරියනව අනිවා❤️

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +2

    උපාධිය කියන්නේ ....මනුස්සකම ...මනුස්සකම නැතිව ...කොච්චර කළු kotteka dammata වැඩක් න...ඉතින් oyalata theruwan saranai ඉදිරියටම යන්න

  • @wasanthathilakangani4637
    @wasanthathilakangani4637 ปีที่แล้ว +5

    දිරිය දියණිය දිනේවා..!

  • @wimalbandula6214
    @wimalbandula6214 ปีที่แล้ว +2

    නියමයි ඕයා ලගෙ වියාපාරය දියුණුවට පත්වෙවා දෙවිපිහිටයි එකම ඉස්තානය තැනක කරානම් හොදයි කියා හිතනවා

  • @indranikumari1819
    @indranikumari1819 ปีที่แล้ว +5

    ඉදිරියටම යන්න සුභ පතව බුදු සරනය් 🙏🙏🙏

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ගොඩක් සුබ පතනව අනාගතය තවත් සරු වේවා කියල.ගොඩක් අයට ආදර්ශයක් මේ දෙපළ..තෙරුවන් සරණයි ❤️❤️

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඕගොල්ලොන්ට

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් නාරම්මල පැත්තේ ආවොත් ඔයාලගෙන් දෙයක් කාලම යන්න එන්නම්..ඉදිරියට ජයෙන් ජයම වේවා 💪💪💪💪❤️❤️❤️❤️❤️