පෙර ආත්මයක - Pera Athamyaka | Gee Aruth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2019
  • පෙර ආත්මයක එක රාත්‍රියක
    මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ
    ඒ ඔබයි සොඳුරේ ඔබයි සොඳුරේ
    පෙර ආත්මයක එක රාත්‍රියක
    සොමි සඳ පානේ රසුදැල් සෙලෙව්වේ
    ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ
    දෑතට බරවී දෑතක හිර වී
    එක් වුණු තිසරුන් රංගන පෑවේ..
    ආදර වීණා සත්සර රාවෙන්
    මත් වුණු කොවුලා සිත් ලෙස නෑවේ...
    මධුර අතීතේ දැනුණු තුසීතේ
    ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
    ඒ සුව සහනය සිහිවේ ...
    පෙර ආත්මයක එක රාත්‍රියක
    මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ
    ඒ ඔබයි සොඳුරේ
    ඔබයි මිහිරේ
    නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
    සියොළඟ ගිලුණා විශ්මිත එළියේ
    සිත් ලෙස සුවසේ අත් ගෙන එක සේ
    අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ
    භවයෙහි පෙරදී ආ මග වැරදී
    කොයිබද ඔබ මේ ප්‍රියදේහිනියේ
    මා ඔබ දෙඅතක තනියේ
    පෙර ආත්මයක එක රාත්‍රියක
    මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ
    ඒ ඔබයි සොඳුරේ
    ඔබයි මිහිරේ
    ජේ. ඒ. මිල්ටන් පෙරේරා - සුජාතා අත්තනායක
    කරුණාරත්න අබේසේකර / මොහමඩ් සාලි
    හින්දි තනුවකි

ความคิดเห็น • 109

  • @suranganimalasiri4092
    @suranganimalasiri4092 4 ปีที่แล้ว +21

    කිරින්ද ගෙ ගායනය ගැන කියන්න වචන නෑ එ තරම් ලස්සනයි . ස්තූතියි ඔබට.

  • @nilukarajapaksha8554
    @nilukarajapaksha8554 4 ปีที่แล้ว +12

    මේ ගීතයට මම ගොඩක් ආශා කලා හේතුවක් නැතුව , ඉන්න ගමන් youtube එකේ සර්ච් කරලා අහනවා , හැබැයි කවදාවත් හිතුවේ නෑ මෙවෙනි තේරුමක් එහි අන්තර්ගත වෙන්නේ කියලා , අපූරු පැහැදිලි කිරීමක් , බොහොම ස්තූතියි , කිරින්දගේ ගායනයත් හරිම ලස්සනයි

  • @pgrpulasthi
    @pgrpulasthi 4 ปีที่แล้ว +11

    කිරින්ද මේ පේජ් එකට ගයපු ගී ඔක්කොම ඇහුවා. කිරින්දගෙ හොදම ගායනය මේක.. හදවතට ආමන්ත්‍රණය කරන හඩක්... ස්තුතියි කිරින්ද. දුෂ්‍යන්තගෙ අරුත් ලිහිල් කරීමත් වෙනදා වගේම සොදුරුයි. ස්තුතියි දුෂා ඔයාටත්

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +10

    බලන්න කලින් like එකක් දාල comment එකක් දාන්න ආවේ දැන් මේ වැඩසටහන එච්චරටම ෂුවර්

  • @susil46
    @susil46 4 ปีที่แล้ว +15

    ඔබ නොකීව අරුත් වගයක් මට පේනවා. ඔබ හරි, මධු කුසලාන පෙම් මිහිරට උපමා කල හැක. පෙම් අමා පැණි ලෙස බොහෝ ගීත වල යෙදෙනවා. එහෙත් ගීතයේ පසු පදවල දෑතට බරවූ තිසරුන් ගැන කියද්දී ඔබ ඒ පියයුරු ලෙස නිවැරදිව අරුත් දක්වයි නම් දෙතොල රැඳවූ මධු කුසලානත් දෙතොල රැඳවූ පියයුරු නොවන්නේ මන්ද? තවද පෙම් රසු දැල් ගෙජ්ජි ලෙස ඔබ කීවද නෑව කොවුලා පිරිමි ලිංගික අවයවයක් නම් මේ රසුදැල් ස්ත්‍රී ලිංගික අවයවයක් නොවන්නේ මන්ද?

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +6

      Susil Gomis හිතීම ගැන සතුටුයි.

  • @niluthalgaswaththage8624
    @niluthalgaswaththage8624 3 ปีที่แล้ว +7

    භවයෙහි පෙරදී..
    ආ මඟ වැරදී...
    කොයිබඳ ඔබ මෙි ප්‍රියදේහිනියේ...
    *මා ඔබ දෙඅතක තනියේ.....*
    😥😥😥😥😥😥😥😥😥😥

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +6

    අමීමෝ කරින්ද මාරම ලස්සනයි ලස්සන අරුත පැහැදිලි කලාට ස්තුතියි👍❤️❤️❤️

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 11 หลายเดือนก่อน +2

    Api ...mechcharama .....wasanawanthaida.........obaathumata pin❤❤❤

  • @ostrinbandara8022
    @ostrinbandara8022 4 ปีที่แล้ว +14

    වචන වලින් කරන හරඹයක්. භාෂාව ගැන මාර ආඩම්බරයි. නමුත් ඒවා නොපෙනෙන එක මාර දුකයි.

  • @sanjayarathnayaka6546
    @sanjayarathnayaka6546 4 ปีที่แล้ว +6

    සුපිරි ගායනයක්... 😍😍😍😍😍

  • @cdlmis
    @cdlmis 4 ปีที่แล้ว +10

    මේ ගිතය සම්බන්ධ විවරණයේ ඔබට විවේචන නොලැබුනොත් තමා පුදුමේ. අති සාර්ථක විවරණයක් සර්. කිරින්දගේ ගායනය ලස්සනයි . මර්වින් පෙරේරා මහාතාගේ රන් මීවිත ගිතය පිලිබඳ විග්‍රහයක් ඕනේ. ජයෙන් ජය වේවා මේ වැඩසටහනට....

  • @user-wk4vx3nn1s
    @user-wk4vx3nn1s 4 ปีที่แล้ว +6

    එකක් නෑරම සේරම බැලුවා. පට්ටම පට්ට චැනල් එකක්. නොකියන දේවල් නොකියම අපිට කියනවා ජය වේවා.

  • @shiranthibalasuriya5908
    @shiranthibalasuriya5908 3 ปีที่แล้ว +5

    Love your voice * kirinda,,it is a crazy....from japan..

  • @manulajayakody6061
    @manulajayakody6061 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මේ වගේ සැඟවුනු ගීත කරලියට ගෙනෙනවට

  • @Dilanakapradeep
    @Dilanakapradeep 2 ปีที่แล้ว +2

    ගායනය සුපිරි පැහැදිලි කිරීමක් හොඳයි

  • @sugathperera6198
    @sugathperera6198 ปีที่แล้ว +1

    නියමයි සර් ජයවේවා ඔබ ඇතුළු කණ්ඩායමට මේ ගී රස බෙදාහදා ගන්නවට ❤🙏🎻

  • @supuntharaka7790
    @supuntharaka7790 4 ปีที่แล้ว +5

    සුපිරියි ගායනය,,විචාරය

  • @saluwadanapathma1742
    @saluwadanapathma1742 4 ปีที่แล้ว +5

    Mage yaluwa,obata suba anagathayak thiyanawa.idiriyatama yanna mama prarthana karanawa.budusaranai

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 3 ปีที่แล้ว +1

    Kirinda sir gayanaya supirima supiri.. Me geetha gane kawadawath mama nam danagena hitiye na me weda satahana digatama geniyanna mama parthna kathawa..

  • @imeshasampath2675
    @imeshasampath2675 4 ปีที่แล้ว +5

    අදත් නියමයි සර්.

  • @user-vw6pf3zr4e
    @user-vw6pf3zr4e 4 ปีที่แล้ว +5

    මං ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ලංකාවෙම වැඩකාරයෙක් උන චාමර වීරසිංහ මහතාගේ ගීපද කිහිපයක් පැහැදිලි කරන්න කියලා.මොකද ඒ විරහවට ගහන්න තාම කෙනෙක් පහල වෙලත් නෑ වෙන්නෙත් නෑ❤️

  • @gihankumara3836
    @gihankumara3836 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි එවගේම විචරයත් ලස්සනට පැහැදිලි කරනවා...

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 4 ปีที่แล้ว +4

    ලස්සනයි අදත්. ලෝචනටත් දුශ්‍යන්ත් සර්ටත් සුබ පතනවා 😘😘

  • @kameshmavitha2474
    @kameshmavitha2474 4 ปีที่แล้ว +1

    හරිම ලස්සන අරුතක් තියනවා. good job.

  • @ritadissanaka3631
    @ritadissanaka3631 4 ปีที่แล้ว +2

    හරි.ලස්සනයි.අහන්න.අහන්න.ලස්සනයි

  • @pradeepgayashansaranga6871
    @pradeepgayashansaranga6871 4 ปีที่แล้ว +2

    ගීතය සහ අරුත ඇත්තටම පුදුමාකාරයි ♥️

  • @balasuriyashiranthi2604
    @balasuriyashiranthi2604 4 ปีที่แล้ว +4

    good job kirinda 👍💐

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 ปีที่แล้ว +2

    ලස්සනයි ඔබලාගේ දක්ෂතාවය

  • @chamarichamari8780
    @chamarichamari8780 3 ปีที่แล้ว +1

    ඔබසේමට බුදුසරණයි.

  • @yasarahewagama4556
    @yasarahewagama4556 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වාසනාව උදා වේ වා

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i 4 ปีที่แล้ว

    සුපිරි සියලුදෙනාටම තුනුරුවන් සරණයි

  • @ruwandissanayaka2089
    @ruwandissanayaka2089 3 ปีที่แล้ว +1

    ආසම channel ekak❤❤❤

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 4 ปีที่แล้ว +1

    ස්තූතියි විග්‍රහකට..අදත් වින්දා ..

  • @saliyaranaweera4910
    @saliyaranaweera4910 3 ปีที่แล้ว +3

    එය පෙර ආත්මයක් නොව ඔවුන් දෙදෙනාගේ විවාහයට පෙර ගෙවූ කාලයක් විය හැකි යැයි මාගේ මතය. 👍

  • @radhikalankeshwara9489
    @radhikalankeshwara9489 4 ปีที่แล้ว +1

    pata wadak ada thamai mata hina giye mara vidihata mechchara kalaya oyalage gee.aruth ballala good job

  • @wasanthabandara8653
    @wasanthabandara8653 3 ปีที่แล้ว

    හිතට වැදුණා සුපිරි

  • @ndukaigodakoman2166
    @ndukaigodakoman2166 4 ปีที่แล้ว +1

    Pama una geearuth ahanna .lassanama songs akak .godak ituti .budusaranai

  • @salindajayasinghe1517
    @salindajayasinghe1517 2 ปีที่แล้ว +1

    ලස්සන පැහැදිලි කිරීමක්

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 ปีที่แล้ว

    ගායනයේ වචන වැරදි . එය නිවැරැදි අරුතට හානියක් . එහෙත් අරුත් දීම සාර්ථකයි .
    වීණාව අරුත මම තේරුම් ගෙන සිටියේ ... වීණාවක් බඳු ඇගේ ප්‍රේමාන්විත වදන් වලින් මා මත්වී සිටියේ .. යනුවෙනි . ඔබගේ අරුත තවත් අරුතක් ලෙස මම දකිමි. ලස්සනයි .

  • @salindajayasinghe1517
    @salindajayasinghe1517 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූති

  • @prasannachathuranga7891
    @prasannachathuranga7891 4 ปีที่แล้ว +10

    කෙසේ ගැයුවද මිහිරියි කිරින්ද

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว

    ලස්සන සිංදුවක්

  • @lakshithamanoj1157
    @lakshithamanoj1157 ปีที่แล้ว

    පට්ට ලස්සනයි ❤❤❤❤

  • @favorite8538
    @favorite8538 4 ปีที่แล้ว +1

    Waiting...❤️❤️❤️❤️❤️

  • @sashinisithara8009
    @sashinisithara8009 4 ปีที่แล้ว +3

    Aasama geethayk.ane harima lassnai.සද හොරෙන් හොරෙන් හොරෙන් බලා kiyana geethaya wicharayak dennko sir

  • @sagarika4429
    @sagarika4429 3 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි සර්.... මන් මේ ගිතයට විචාරයක් ලිව්ව .. හරියටම පැහැදිලි අද..

  • @chamariemapa1129
    @chamariemapa1129 4 ปีที่แล้ว +1

    ලස්සනයි .

  • @sheethaswm3611
    @sheethaswm3611 4 ปีที่แล้ว

    ලස්සනයි 👍👍👍👍👍👍🌹🌹🌹🌹

  • @nayanawijesingha7934
    @nayanawijesingha7934 3 ปีที่แล้ว

    Harima Lassanai🌸🌸🌸🌸🌸

  • @wikumdhananjaya2155
    @wikumdhananjaya2155 4 ปีที่แล้ว +3

    Grate ❤️❤️

  • @shehapatel7680
    @shehapatel7680 4 ปีที่แล้ว +1

    ආදරය කියන්නේ මාර දෙයක්.. හිත සසල වෙලා යනවා.. 😭

  • @user-jd3ny3gt9s
    @user-jd3ny3gt9s 3 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ ඉතිම්....
    පුදුමාකාර රසයක්..❤️❤️❤️❤️🙏

  • @pererakanchana7532
    @pererakanchana7532 2 ปีที่แล้ว +1

    Wow Wow 💐💐

  • @somebodysme1619
    @somebodysme1619 4 ปีที่แล้ว +8

    තිසර විලේ පියුම නෙලූ ගීතයෙත් පැහැදිලි කිරීමක් ඕනේ

  • @piyumsadaruwan
    @piyumsadaruwan ปีที่แล้ว

    විචාරය 😮 අදමයි දැනගත්තේ මේ සිංදුවේ තේරැම ❤

  • @wasanthabandara8653
    @wasanthabandara8653 3 ปีที่แล้ว

    Lassana අතීතයේ mathkaya awaiwe

  • @sulaimanyoonus3033
    @sulaimanyoonus3033 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @induihm8912
    @induihm8912 4 ปีที่แล้ว +1

    Thanks

  • @ran123ran8
    @ran123ran8 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @mountainshows
    @mountainshows 4 ปีที่แล้ว +2

    aiya ❤️

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 6 หลายเดือนก่อน +1

    obe sanyamayath agaya karanawa. dhammika bandara sir kiuwanam oita wada amuwen kihanawa.

  • @rangikafernando4331
    @rangikafernando4331 4 ปีที่แล้ว +3

    අහලම බලමු ❤️

  • @sndesilva5770
    @sndesilva5770 4 ปีที่แล้ว +2

    Lassanai godak gita gayanayat pehedili kirimat siyalu denatam budusaranai

    • @user-gc8rh9pm8v
      @user-gc8rh9pm8v 4 ปีที่แล้ว

      අනේ..මට live එන්න බැරිඋනා..
      වැඩ නිසා...😔

    • @sndesilva5770
      @sndesilva5770 4 ปีที่แล้ว +1

      @@user-gc8rh9pm8v akane mama hituwa weda eti kiyala oya koi rateda ine mama lebanan wala ine

  • @sriyanibandara1384
    @sriyanibandara1384 ปีที่แล้ว +2

    ඔව් ඉතින් පෙර ආත්මවල කරපු දේවල් මේ ආත්මවලත් මතක් වෙන්න එපැයිනේ නැත්නම් නැවත නැවත පෙර බවයවල් පසු බවයවල් නැනේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nurannanayakkara1857
    @nurannanayakkara1857 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nayomifernando8659
    @nayomifernando8659 2 ปีที่แล้ว +2

    ❤️❤️💋💋💋 හරිම ලස්සනයි .perfect voice ❤

  • @brainmatter4378
    @brainmatter4378 4 ปีที่แล้ว +4

    සර් සමවෙන්න කියන්න ඕනි නෑ වචන කැත නෑ කුණුහරප කියලා කියන අය ගේ හිත තමා කැත

  • @sameerawickramasinghe6352
    @sameerawickramasinghe6352 4 ปีที่แล้ว

    Nice ...

  • @yasarahewagama4556
    @yasarahewagama4556 2 ปีที่แล้ว +1

    Wisthare කිරීම හරිම last good ලක්

  • @ericjayalath77
    @ericjayalath77 9 หลายเดือนก่อน +1

    Rachakaya para athmaya yanuwayn sadahan karanne mama hithana widihata kalin adarayak gana.para athmayayak gana nowai.

  • @luckylions6336
    @luckylions6336 3 ปีที่แล้ว

    🎸🎸🎸🎸❤❤❤❤❤😍😍😍

  • @araapg5158
    @araapg5158 4 ปีที่แล้ว

    Anna ehema niyamai nathnam apidannawada koula nanawa,

  • @ajithjayaweera7081
    @ajithjayaweera7081 ปีที่แล้ว

    demaupiya sahodarayo ekka ekata tv ekak balanna beri tharamata asabya boru thawakalika ragapam dakinna thiyena samajayaka, me wage gdk sbyathwayakin kiyana me wage lassana nirmana wala thiyena a rasaya widinna para kiyana oya me dewal kiyanna baya wenna epa, mewata kathakiyanawanm un modayo,a nisa baya nethuwa apata mewa විචාරකය kranna. God job

  • @sisirachandhana456
    @sisirachandhana456 3 ปีที่แล้ว

    🏅🎆

  • @kanchwick995
    @kanchwick995 4 ปีที่แล้ว +1

    මිහිරි හින්දි තනුවකට ලස්සන පද වැලක් යොදලා කරැණාරත්න අබෙිසේකරයන්. පලමු හින්දි ගීතයත්" Mera Pyar bhi thu hai" මධු කුසලානයක්....

  • @nayanajithrajapakshe3940
    @nayanajithrajapakshe3940 4 ปีที่แล้ว +4

    රෝසමලට කියනවාද මම මියගිය බව(ක්‍රිශාන්ද එරන්දික ) .. සින්දුවේ තේරැම දෙන්න පුළුවන්ද...?

  • @upekachathuraniwijenayake1757
    @upekachathuraniwijenayake1757 7 หลายเดือนก่อน +1

    Sir me sinduwa sinhala film song ekakda? Danna kauru hari ennawanam kiyanna

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว

    තිසර විලේ ගීතයෙත් අරුත දැනගන්න මමත් කැමතියි

  • @nalnalinalnali8995
    @nalnalinalnali8995 3 ปีที่แล้ว

    Man godak asama S induwak MEKA ko hchara ahuwath athi wenna

  • @wasanthapushpakumara1438
    @wasanthapushpakumara1438 4 ปีที่แล้ว

    god job.sir

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      wasantha pushpakumara thank you wasantha

  • @tharindulakmal9562
    @tharindulakmal9562 4 ปีที่แล้ว +2

    Sir hoda pahadili vicharanayak . OBE SINAHA LAGA NETHA DAWATHUNA DA OBE KATHA LAGA SITHA DAWATHUNA DA geethaye arutha kiyannako plz balan inna mn kalinut illimak kara labune nh mama episode ekak danakal inne balanna channel ake 🌷

  • @prashanmalika3066
    @prashanmalika3066 4 ปีที่แล้ว

    Sir plz mata විහඟ ගීතය kyna sinduwe theruma kyla denna puluwanda?

  • @akonzgwen
    @akonzgwen 2 ปีที่แล้ว +1

    habai 3 weni kotasedi bohoma sochaniya deyak thama wela thiyenne. a tika maruwata kiyanawa

  • @upulsumeda3212
    @upulsumeda3212 4 ปีที่แล้ว +1

    ai sir nihada

  • @dilukadanansuriya3888
    @dilukadanansuriya3888 3 ปีที่แล้ว

    Excellent 👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @lakmaltharindu5123
    @lakmaltharindu5123 2 ปีที่แล้ว +1

    ඔබ නැවතත් ඉක්මනට වැඩසටහන ඉක්මනින් පටන් ගන්නකල් බලා ඉන්නවා . කිව්ටිකිරා සින්දුව ඔනේ චමරගේ

    • @geearuth1005
      @geearuth1005  2 ปีที่แล้ว +1

      ඉක්මණින් එනවා.

    • @lakmaltharindu5123
      @lakmaltharindu5123 2 ปีที่แล้ว

      @@geearuth1005 බලා ඉන්නවා නැවතත් අපිව ගී අරැත් තුලින් පිනවන තුරු . කිව්ටිකිරා ගීතය තුලින් මන් මේ සින්දුව ගොඩාක් කල් ඉදන් බලා ඉන්නවා 👍🙏

  • @nishannnn5192
    @nishannnn5192 4 ปีที่แล้ว

    Nayana kalu sinduwa oni

  • @nayanakavipul
    @nayanakavipul 4 ปีที่แล้ว

    කදුල ඉතින් සමාවෙයන් ගීතයත් පැහැදිලි කරන්න. ජය

  • @sagarika4429
    @sagarika4429 3 ปีที่แล้ว +1

    එත්..මට ඔබේ අරුත් වල හරිම අවුල් සහගත දෙයක් තියෙනවා මන් අදහස් කරපු මදු කුසාලානෙත්...රසු දැල් .කියන කොටස තුළින් කියාපාන්නේ මෙය නෝවේ..එය ඔබ සදහන් නොකර තියෙනවා එයට හේතුව...

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ඒටික මුලින් ම කීවා නම් රසය වෙනස් වෙන්න තිබුණා.මධු කුසලානය,රසුදැල් යන්නෙන් අදහස්වන දෑ ප්‍රකාශකළ යුතු යැයි මා නිසිතූ නිසාත් ප්‍රේක්ෂකයන්ට ඉඩක් තැබිය යුතු නිසාත් එසේ සිදු කළා.

  • @dineshrangana8685
    @dineshrangana8685 4 ปีที่แล้ว +2

    අවුරුදු ගානකට කලින් ravindu lakshan ගායනා කල අයුරු බලන්න 👌 👌👌th-cam.com/video/Lldj0nnQDsQ/w-d-xo.html

  • @user-ei3mv1tc2y
    @user-ei3mv1tc2y 4 ปีที่แล้ว +1

    කොවුලා

  • @pradeepwijerathna98
    @pradeepwijerathna98 4 ปีที่แล้ว +4

    මේ page 1 ලොකු සමාජ මෙහෙවරක්...... ඉගන ගත යුතු දේ බෝහෝය. වියකී යන සිංහල සාහිත්‍ය සහ සංගිතය යලි පුබුදුවාලිමට දරන වෑයම අති විශිෂ්ටයී......

  • @ayalee1973
    @ayalee1973 4 ปีที่แล้ว +1

    gon chenal nam subscribe karanawa me wage watina dewal thama lankawe unta subscribe karanna beri

  • @buddhikathilina9142
    @buddhikathilina9142 4 ปีที่แล้ว +1

    දැන් කිසි දෙයක් කරන්න බැරි අයද මේක dislike කරලා තියෙන්නේ

  • @upulsumeda3212
    @upulsumeda3212 4 ปีที่แล้ว +1

    Me taram honda wadasatahanak natara karanna epa

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      Upul Sumeda නෑ උපුල් අද හෙට ම ගී අරුත් එනවා.ස්තූතී ඔබට

    • @upulsumeda3212
      @upulsumeda3212 4 ปีที่แล้ว

      @@geearuth1005 එහෙනම් කමක් නෑ අපි ගොඩක් ආදරේ කරන වැඩසටහන්ක් ගී අරුත් මේක කවදාවත් නතර කරන්න එපා සර් ගීතයක් රස විඳින්න ඉගෙන ගත්තෙ ඔබ ගෙන් ඒකට ඔබට පින්

    • @senuadii3669
      @senuadii3669 4 ปีที่แล้ว

      Pera athmayaka eka raththriyaka

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว +1

    Orginal හින්දි ගීතයේ රචනය විචාරය කිරීම තමා හොඳ. Orginal ගීතයක රචනය , තනුව හා ගායකයාගෙ කටහඬ අතිශයින් එකකට එකක් සම්බන්ධයි. කොපියක විචාරය තමා ප්‍රශ්නෙ. අතිශෝක්තියෙන් පිරි රචකයාගෙ සංකල්පනාවක් තමා විචාරය කර තිබෙන්නේ. මධු සමයකට වඩා සරා සඳ රාත්‍රියක පාලු ස්ථානයක ඔය කීවවාගෙ පෙම්සුව විඳින පෙම්වතුන් යුවලක් ගීතය අසනකොට මැවී පෙනෙන්නෙ නැත්ද?