අහසේ රදනා වලා සේනා - Ahase Randana wala sena - 9 March 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2024
  • අහස රදනා වලා සේනා.......
    ගායනය : සුනීර සුමංග
    පද රචනය : නිශාන්ති නිරෝෂනී
    සංගීතය : කරුණාරත්න විජේවර්ධන
    අහස රදනා
    වලා සේනා
    ඔහේ පාවී
    ගියාවේ......
    වෙරළ සිඹිනා
    සොඳුරු රළ පෙළ
    බිදී විසිරී
    ගියාවේ......
    කවමදාවත්
    මගේ මතකය
    නුඹේ ළඟ
    නොතිබුණාවේ......//
    සිහින අතරේ
    බලා ඉන්නම්
    කාට නුඹ
    හිමි උනාවේ......
    ලොවම දන්නැති
    නුඹත් දන්නැති
    පෙම් සුවඳ දුන්
    හදවතේ......
    සිසිල විඳ විඳ
    මම රැදෙන්නම්
    මගේ ආදර
    කතාවේ......
    අහස රදනා
    වලා සේනා
    ඔහේ පාවී
    ගියාවේ
    #sinhalasongs #popularsong #trendingvideo #suneerasumanga#

ความคิดเห็น • 260

  • @indrajayanthi6793
    @indrajayanthi6793 4 หลายเดือนก่อน +156

    ලොවම දන්නැති නුඹත් දන්නැති පෙම් සුවද දුන් හදවතෙ සිසිල විද විද මම රැදෙන්නම් මගෙ ආදර කතාවෙ ඇත්තටම තනිව විදිනා සැගවුන අපූරු සුන්දර ආදරකතා හැමදාම වෙනස් නොවී පවතීවි

  • @yohanrandika8701
    @yohanrandika8701 3 หลายเดือนก่อน +32

    මේ වචන නමෙයි... තනිකරම ජීවිත. ඒ හඩ ඒ වචන ඇතුලේ අපිව ජීවත් කරවනවා 🥺❤️

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 4 หลายเดือนก่อน +34

    හමුවෙලා හිමි නොවන ප්‍රේමය ❤

  • @geearuth1005
    @geearuth1005 4 หลายเดือนก่อน +151

    හදවතේ ඇතිවන සමහර ආදර කතා පටන්ගන්නත් කලින් ම නැතිවෙලා යනවා.ඒත් සමහර ආදර කතා හිතට බර වැඩිවෙන වෙලාවල් නැතුවා ම නෙවෙයි.
    විශේෂයෙන් ම ඒක පාර්ශ්වීය ප්‍රේමයත් අන්න ඒ වගේ.
    දෙන්නෙක් ආදරේ කරනවර වඩා කෙනෙක්ට තනියම ආදරේ කරන එක වෙලාවකට සුන්දරයි.තවත් වෙලාවකට කරදරකාරයක්.
    අහසෙ රදනා වළා සේනා ගීතයේ අත්දැකීමත් එහෙම එකක්.(ගීතයේ මා දකින අත්දැකීම නිර්මාණකාරිනියගේ අත්දැකීමෙන් වෙනස් වෙන්න පුලුවන්)
    කොයිහැටි වෙතත් ගීතයේ හමුවන ඒක පාර්ශ්වීය පෙම්වතා කිසිම වෙලාවක තමන්ගේ ආදරය ඇයට ප්‍රකාශ කරන්නේ නැහැ.
    නිර්මාණකාර නිශාන්ති නිරෝෂණී කිවිඳිය එය හරි අපූරුවට පළමු පද පෙළෙහි අන්තර්ගත කරනවා.
    "අහසෙ රදනා වළා සේනා
    ඔහේ පාවී ගියාවේ
    වෙරළ සිඹිනා සොඳුරු පෙළ
    බිඳී විසිරී ගියාවේ..."
    ඔහු තමන්ගේ හිතේ ඇතිවන ආදරය අහසේ වළාපෙළටත්,වෙරළේ බිඳී විසිරෙන රළ පෙළටත් උපමා කරයි.
    අහසට වළාවන් වගේම වෙරළට රැල්ලත් අතිශය සුන්දරත්වයක් එක් කරයි.නමුත් ඒවා අස්ථීරවන්නේ කෙසේ ද එලෙසින් ම ඔහුගේ ප්‍රේමණීය සිතුවිලි ද අස්ථිර වන බව ඔහු හැඳින ඇත.
    කිවිඳියගේ සංකේත භාවිතය ඇයගේ පරිණත ප්‍රතිභාව කියා පායී.
    "කවමදාවත් මගේ මතකය
    නුඹේ ළඟ නො තිබුණාවේ
    සිහින අතරේ බලා ඉන්නම්
    කාට ඔබ හිමි උනාවේ..."
    ප්‍රේමය යනු ලබ ගැනීම ම නොවන බව විශ්වාස කරන කථකයා ඇයට ඔහු වදයක් වනවා දකින්නට අකමැති අයෙකි.ඔහු පිළිබඳ මතකයක්වත් ඇය තුළ නොතිබෙනවා දකින්නට ඔහු ප්‍රිය කරයි.ඒ නිසාම ඔහු ඇයගේ හිමිවීම අපේක්ෂා නොකරයි.මන්ද ඔහුට අවශ්‍ය වන්නේ ඇය සතුටින් සිටිනවා දැකීම විය යුතු ය.තමන්ට හිමි කර ගැනීමට වෙර නොදරන ඔහුගේ අපේක්ෂාව නම් තම සිහිනයේ ම ගිලී හිඳීම ය.
    "ලොවම දන්නැති නුඹත් දන්නැති
    පෙම් සුවඳ දුන් හදවතේ
    සිසිල විඳ විඳ මම රැදෙන්නම්
    මගේ ආදර කතාවේ..."
    පෙර කිවූ පරිද්දෙන් ම ඔහුගේ මේ ප්‍රේමය කිසිවෙකුත් නො දනී.විශේෂයෙන් ම ඇයපවා නොදනී.එයට හේතු තිබිය හැකි ය.ගීතය පොදු අත්දැකීමක් බවට පත්වන්නේ එනිසාවෙනි.
    ගීතය ගායනා කරන සුනීර සුමංග යෞවනයා විසින් ගීතයට සිදු කරන සාධාරණය අති විශිෂ්ට ය.ඔහුගේ හඬ භාවනාවකි.සුමිහිරි සංගීතය ද ඊට දෙවැනි නොවන්නකි.
    ඉතිං මෙරට සුබාවිත ගීතයේ රික්තකය කෙමෙන් වැසීයමින් පවතී.ඔබ සියල්ලන්ට ම සුබපැතුම් එක් කරමි.
    මම,
    දුෂ්‍යන්ත වීරසේකර
    ගී අරුත්

    • @NishanthiNiroshani
      @NishanthiNiroshani  4 หลายเดือนก่อน +29

      ආදරය,ප්‍රේමය සුන්දරයි. හමුවෙලා හිමිවන ප්‍රේමය, හිමි වෙලා හමුවන ප්‍රේමය වගේම හමුවෙලා හිමි නොවන ප්‍රේමයත් සුන්දරයි. මේක එහෙම කතාවක්. ඒ කතාව ලස්සනට අර්ථ ගැන්වූවට සහ නිර්ලෝභී අගය කිරීමට බෙහෙවින් ස්තුතියි.

    • @harshiEdirisingha
      @harshiEdirisingha 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤​@@NishanthiNiroshani

    • @FixiandFoxi
      @FixiandFoxi 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤

    • @nadeeshaudayangani3778
      @nadeeshaudayangani3778 3 หลายเดือนก่อน +2

      ❤❤

    • @pramodanichalanika9070
      @pramodanichalanika9070 3 หลายเดือนก่อน +2

      Hadawatata danuna godakma

  • @user-sh3ti4vs6j
    @user-sh3ti4vs6j 2 หลายเดือนก่อน +12

    තවත් මෙවෙනි ගී ගයන්නට ඔබ‍ට ශක්තිය ලැබේවා

  • @sanjeewanisamarasinghe5591
    @sanjeewanisamarasinghe5591 3 หลายเดือนก่อน +24

    ලොවම දන්නැති නුඹත් දන්නැති
    පෙම් සුවඳ දුන් හදවතේ..
    සිසිල විද විද මම රැදෙන්නම්
    මගේ ආදර කතාවේ.....❤️

  • @krishmiaravindi8003
    @krishmiaravindi8003 4 หลายเดือนก่อน +34

    සුනීර අයියගේ හඩ නම් මායවක්.ඒක කෙනෙකුට ජීවත් වෙන්න මගක්❤

    • @krishmiaravindi8003
      @krishmiaravindi8003 4 หลายเดือนก่อน +1

      ඒ වචන නම් මාරම ලස්සනයි 🥰🥰

  • @piyalathauda8359
    @piyalathauda8359 3 หลายเดือนก่อน +15

    දැනුනෙ නැත්නම් වටිනාකම ක් නැත්නම් ඉන්න කියල අයදින්නෙ නෑ...ඒත් ඒ සුන්දර මතක එක්ක මට හැමදාම ඒ සුවය විඳින්න පුළුවන් .. ඒ හොඳටම ඇති ..

  • @pathukavee6738
    @pathukavee6738 3 หลายเดือนก่อน +11

    අහසෙ රඳනා වලා සේනා
    ඔහේ පාවී ගියාවේ
    වෙරළ සඹිනා සොඳුරු රළ පෙළ
    බිඳී විසිරී ගියා වේ..
    කවමදාවත් මගේ මතකය
    නුඹේ ළඟ නොතිබුනාවේ
    සිහින අතරේ බලා ඉන්නම්
    කාට නුඹ හිමි උනාවේ
    ලොවම දන්නැති නුඹත් දන්නැති
    පෙම් සුවඳ දුන් හදවතේ
    සිසිල විඳ විඳ මම රැඳෙන්නම්
    මගේ ආදර කතාවේ...

  • @disnajayawardhana1819
    @disnajayawardhana1819 4 หลายเดือนก่อน +13

    ලස්සන පද පෙලක් ලස්සන කටහඩක්.. භාවනාවක් වගේ...... love your voice..❤ පලවෙනි සිංදුව අහපු දා ඉදල ආදරය කරන කටහඬක් චරිතයක්... ❤👍

  • @rajika86
    @rajika86 2 หลายเดือนก่อน +10

    මේ වචන ගැහැණු කෙනෙක් ලිව්වා එකටම මම හරිම කැමැති. මේක ගායිකාවකට කියන්න දුන්නම් ඊටත් වඩා අපිට දැනෙන්න තිබුනා කියලා හිතනවා. සුභ පැතුම් ඔබට❤

    • @NishanthiNiroshani
      @NishanthiNiroshani  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰❤

  • @jkherth5385
    @jkherth5385 3 หลายเดือนก่อน +11

    කිසිම තේරුමක් නැතිව ගීපදවැල් ලියවෙන කාලයක
    නිලන්ති නිරෝසනි මිස්ගේ මේ ගීතය ඉතා අගයකලයුතු නිර්මානයක් හිතක ඉපදෙන සුන්දරව තනිව විදින ආකාරය ලස්සනට ඔබ ගාලපලා තියනවා ඒවගේම සූනිර මෙම ගීතයට ඉතාම හොද සාදරනයක් ඒක් කලා දෙන්නම මගේ සුබ පැතුම්❤

  • @AyeshaSamanthi-vn2kd
    @AyeshaSamanthi-vn2kd 3 หลายเดือนก่อน +6

    මම දවසට දහපාරක්වත් අහනව ඒ තරම් ලස්සනයි

  • @manugiakarsha969
    @manugiakarsha969 3 หลายเดือนก่อน +19

    පුදුම ලස්සන පද වැලක්, පුදුම ලස්සන කටහඬක්. කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ. සුනීර මල්ලිගෙ කටහඩ භාවනාවක්. ❤❤❤❤

  • @chalaninimasha8804
    @chalaninimasha8804 2 หลายเดือนก่อน +4

    හිතට දැනෙන ,....
    සුන්දර පද පෙලක්...
    සවන් පිනන,...
    සුන්දර කට හඩක්...
    ❤❤❤

  • @nalakarathnayaka6282
    @nalakarathnayaka6282 4 หลายเดือนก่อน +7

    සුනීර ගෙ හඩට ටක්කෙටම හරියන වචන, තාල..👏👏👍

  • @leenafernando7276
    @leenafernando7276 3 หลายเดือนก่อน +6

    💖😘 හරීම ලස්සන පද වැලක් , ලස්සනම ලස්සන ගායනයක්🙏 සුබ පැතුම් 🌷✌️✌️✌️

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 4 หลายเดือนก่อน +4

    :""කවමදාවත් මගේ මතකය නුඹේ ළග නො තිබුනාවේ බලා ඉන්නම් සිහින අතරේ කාට නුඹ හිමි උනාවේ,,, ආදරෙයි අජිත් අයියේ හැමදාමත් ❤❤

  • @mahasenamarasinghe2906
    @mahasenamarasinghe2906 4 หลายเดือนก่อน +7

    අම්මේ...ඒක මාරම ලස්සනයි නංගි...ලස්සනම වචන ටිකක්...අහිමි වුණත්...ප්‍රේමය හදවතින් විඳීමක්...කියන්න වචන නෑ...Excellent Nangi...Outstanding...Brilliant...හදවතින්ම සුබ පතමි නංගිට....🙏🙏🙏❤❤
    ඒ විතරක්ද සුමීර සුමංග ගායකයානන් ලස්සනටම Sing කරනවා...එයා අපට සම්පතක්...සංගීතය ගැන කියන්න වචන නෑ...Perfect...Excellent 👌👌👌👌👌👌🏆️🏆️🏆️🏆️🌹🌹❤❤

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 3 หลายเดือนก่อน +13

    ඒ වචන වල තිබ්බේම මගේ ජීවිතේ ❤

    • @isurusilva7793
      @isurusilva7793 3 หลายเดือนก่อน

      Mageth

    • @nipunichandrasekara956
      @nipunichandrasekara956 3 หลายเดือนก่อน

      Mageth

    • @ShamzShams
      @ShamzShams 3 หลายเดือนก่อน

      මගෙත්

    • @Shalika-fernando
      @Shalika-fernando 3 หลายเดือนก่อน

      🥺🥺🥺🥺🥺

    • @keshaniumesha9069
      @keshaniumesha9069 3 หลายเดือนก่อน +1

      මගෙත් 🥹🥹🥹🥹 එයා නොලැබුනත් . එයාවමයි පතන්නෙ 🥹🥹🥹

  • @Penu1110
    @Penu1110 24 วันที่ผ่านมา +4

    මම කෙනෙක්ට අවුරුදු ගානක් හිතින් ආදරේ කරා.ඒත් කියන්න ගියේ නැහැ එය මාව හරියට දන්නේ නැහැනේ අනික එයාගේ රැකියාවට බාධාවක් වෙයි කියලා.මමත් මගේ රැකියාවේ ඉස්සරහට ගියා.මට පුළුවන් හැම මොහොතෙම බොරු හේතුවක් හරි හදන් මම එයා බලන්න යනවා ඒත් දුර ඉඳන් බලන් ඉදලා එනවා.කවදාවත් කතා කරලා හිතේ තිබ්බ දේ කියන්න මට හයියක් තිබ්බේ නැහැ.ඒ වගේම මගේ හිතේන් එයාට ආදරේ කරද්දී මම ගොඩක් සතුට්න් හිටියා.. මාස කිහිපයක් එයාව දකින්න යන්න මට බැරි උනා...අද උදේම ලෑස්ති වෙලා මොන දේ උනත් කමක් නැහැ එයාව බලන්න යනවා ගිහින් නේ හැමදේම කියනවා කියලා හිතුවා. හරීම සතුටේන් ගියා ඒත් එයාතව දුරට ඉගෙන ගන්න විදෙස් ගත වෙලා.ඒත් හරියට කොහෙද රට කියලවත් මට විස්තරයක් දැන ගන්න ලැබුණේ නැහැ. අද මට හිතෙන්නේ මගේ හැමදේම එකම තැන නැවතුනා වගේ කියා ගන්න බැරි වේදනාවක් හයියෙන් ඇඩුව.අවුරුදු ගානක් හිතින් ආදරේ කරා එක එයාව ත් දන්නේ නැහැ කිසිම කෙනෙක් දන්නේ නැහැ.දන්නේ මගේ හිතම විතරයි.දැන් මම කොහේ කියලා ඔයා හොයන්න ද..ඒත් මට විශ්වාසයි දවසක මට එයා මුණගැහෙයි එතකන් මම ඉන්නවා එහෙම බලාපොරොත්තුවක් දැන් මාව ජීවත් කරනවා

  • @user-fx6ro2hw3f
    @user-fx6ro2hw3f 3 หลายเดือนก่อน +2

    ලොවම දන්නැති.. පදවැල තනු නිර්මාණ ගායනය උසස් ජයවේවා පුතා

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ගායනය සහ පද පෙළ ඒ වගේම ගොඩක් ස්තුතියි හොද සුගායනීය නිර්මාණ පමණක් අරන් එනවට බාල වැඩ නොකරනවට ඔබව අපිට වටිනව

  • @user-xx6ve6ju5y
    @user-xx6ve6ju5y 9 วันที่ผ่านมา

    අම්මෝ කටහඩ නම් භාවනාවක් හමුවෙලා හිමිනොවුන ප්‍රෙමයක් මටත් තිබුණා 😢

  • @rashminisanka8584
    @rashminisanka8584 2 หลายเดือนก่อน +1

    ඒ පද පේලි,භාවනාවක් වගේ ලස්සන කටහඩ,සංගීතය හැමදේම ලස්සනයි ❤

  • @user-kf2rl3sj9x
    @user-kf2rl3sj9x 4 หลายเดือนก่อน +2

    භාවිතාවක් වගේ .හඩ,ගී පද සුබ අනාගතයක් පුතේ❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 3 หลายเดือนก่อน +2

    ලස්සන ගීත පද වැලකට හිත නිවන හඬ මූසූව👍👍🎶🎶🎶🎶🎸🎸🎸🎶🎸🎶🎶🎶🎸🎶🎸🎶🎸❤️🌹

  • @user-fg7lr1gk6q
    @user-fg7lr1gk6q 4 หลายเดือนก่อน +1

    All the very best Suneera Sumanga.
    අපේ ගමෙන් බිහි උන Super Star

  • @dgajsubashini2646
    @dgajsubashini2646 19 วันที่ผ่านมา

    Mekanam pissuwak malli🎉.❤

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 หลายเดือนก่อน +1

    ආදරය කියන්නේ රිදි රිදි උනත් ඒ කෙනාටම මැරෙනකම්ම කරන්න පුලුවන් දෙයක්...❤හිත් වලින් දුක් විද කී දෙනෙක් නම් අතීතේට යනවා ඇත්ද මේ ගීතය අහනකොට.😢
    හිමි නොවුණු ආදර කතා කොච්චර නම් මැරෙනකම් පන ගැහෙනවා ඇත්ද...😢😢රහසේම..❤😢

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 3 หลายเดือนก่อน +1

    Harima. aadaraneeyai..hadawatak. ethi ayata...❤❤❤❤❤

  • @KumuduRathnayake-mt6ly
    @KumuduRathnayake-mt6ly 2 หลายเดือนก่อน

    සිතට දැනෙන ලස්සන පද පෙලක් ඒ වගේම හැගීම්බර කටහඬක් ලස්සනයි

  • @hkmhaputhanthrige4325
    @hkmhaputhanthrige4325 3 หลายเดือนก่อน +6

    කවම දාවත් මගේ මතකය නුඹේ ළඟ නොතිබු නාවේ

  • @arunilewwandage8206
    @arunilewwandage8206 2 หลายเดือนก่อน +1

    ලස්සන video ekak anakan balan inna man..

  • @user-yf5lv9sv2b
    @user-yf5lv9sv2b 3 หลายเดือนก่อน +2

    කවදාමත් මගේ මතකය නුඹේ ලග නොතිබුනාවේ...
    සිහින අතරේ බලා ඉන්නමි කාට නුඹ හිමි වුනාවේ...

  • @KusumSenewirathne
    @KusumSenewirathne 3 หลายเดือนก่อน +1

    අහන්න අහන්න ආස හිතෙන සින්දුවක්.....❤❤❤❤❤

  • @indranifernando6937
    @indranifernando6937 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පුතා

  • @skoswaththa8459
    @skoswaththa8459 3 หลายเดือนก่อน +1

    කවමදාවත් මගේ මතකය
    නුඹේ ළඟ නොතිබුණාවේ..
    ලස්සන පදවැල්, මියුරු සංගීතය, මිහිරි ගායනය හරි අපූරුවට සංයෝජනය කර තැනූ ගීත නිර්මාණයක් ❤

  • @user-pt2fp8bo8j
    @user-pt2fp8bo8j หลายเดือนก่อน

    හරිම ලස්සන සින්දුවක්...❤❤❤

  • @kaveeshadharmasiri8181
    @kaveeshadharmasiri8181 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඒ වචන 🥺🥰❤️

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතේ තෙරැවන් සරණයි ඔයාට

    • @NishanthiNiroshani
      @NishanthiNiroshani  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰❤

  • @anandaholiyabandara9902
    @anandaholiyabandara9902 4 หลายเดือนก่อน +1

    අපූරු පද පෙලක් අපූරු හඩක්

  • @DeepaSenadeera-zk2bb
    @DeepaSenadeera-zk2bb 4 หลายเดือนก่อน +1

    හදවතට තදින් දැනුන ලස්සන පද පේලි ටිකක්.. ♥️♥️♥️

  • @nipun_panchaka
    @nipun_panchaka 3 หลายเดือนก่อน +1

    ලොවම දන්නැති නුබත් දන් නැති පෙම් සුවද දුන් හදවතේ......
    සිසිල විද විද මං රැදෙන්නම් මගේ ආදර කතාවේ.....
    අහසේ රදනා වලා සේනා ඔහේ පාවී හියාවේ....
    වෙරල සිබිනා සොදුරු රල පෙළ බිදී විසිරි ගියාවේ.....
    කවමදාවත් මගේ මතකය නුබේ ලග නොතිබුනාවේ.....
    සිහින අතරේ බලා ඉන්නම් කාට නුබ හිමි උනාවේ....

  • @user-tk4kn2uy5v
    @user-tk4kn2uy5v 2 หลายเดือนก่อน +1

    මම පුරුද්දක් විදිහට මේ ගීය නරඹා සිත සුවපත් කරගන්නවා...මේ හඩ ඒ තරම් ප්‍රබලයි...ලයාන්ව්තයි.❤ රච්කාව්යගෙ ව්චන වලට පණ පොවා මධුර සුගායනයෙන් ගයන ඔබට ආදරෙයි

    • @NishanthiNiroshani
      @NishanthiNiroshani  2 หลายเดือนก่อน

      ස්තූතියි 🥰❤🙏

  • @ObaWenuwenGee
    @ObaWenuwenGee 2 หลายเดือนก่อน +1

    sobawitha gee uyana sarasan thawath lassana aruthbara watina mihiri geethayak. Geethaya nirmanayata dayaka wu siyaludenata mage adaraneeya subhapathum...

    • @NishanthiNiroshani
      @NishanthiNiroshani  2 หลายเดือนก่อน +1

      බෙහෙවින් ස්තුතියි මේ වටිනා අගය කිරීමට 🥰❤🙏

  • @manelsujeewani539
    @manelsujeewani539 4 หลายเดือนก่อน +1

    අපුරු වදන් වියමන,,, මියුරු මියැසිය...ඉමිහිරි ළයාන්විත සුගායනය...අනර්ගයි.සුබ පැතුම්...🎉️🎉️🎉️👍👍👍❤️❤️

  • @wickramagea5878
    @wickramagea5878 3 หลายเดือนก่อน +1

    ✍️🎵🎤🎧❤️👍👍🥰🥰 ලස්සනයි ❤❤

  • @inoshajayaratne9929
    @inoshajayaratne9929 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @kusumnm60
    @kusumnm60 3 หลายเดือนก่อน

    අරුත්බර ගීතයක්.ඉදිරියට යන්න ජය පතමි හදවතින්ම නංගී

  • @MaduJayasekara-sr4ct
    @MaduJayasekara-sr4ct 2 หลายเดือนก่อน

    පුරුද්දක් විදිහට මම හැමදාම මේ සිංදු ටික අහනවා❤

  • @user-ri5pn4tr8g
    @user-ri5pn4tr8g 3 หลายเดือนก่อน +2

    ලොවම දන්නැති නුඹත් දන්නැති පෙම් සුවද දුන් හදව්තේ .....
    සුවද විද විද මම රැදෙන්නම් මගේ ආදර කතාවේ

  • @champaheenkende5252
    @champaheenkende5252 4 หลายเดือนก่อน

    සුනීර ❤ ලස්සන පද පෙලක් ..හැගීමෙන්ම ....හදවතින්ම ගයන... කටහඩ...❤

  • @tharikakarunarathne456
    @tharikakarunarathne456 3 หลายเดือนก่อน +2

    කවමාදාවත් මගේ මතකය
    නුඹේ ළඟ නොතිබුණාවේ
    සිහින අතරේ බලා ඉන්නම්
    කාට නුඹ හිමි වුණාවේ....🥺💔

  • @inokaperera3168
    @inokaperera3168 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 2 หลายเดือนก่อน

    ඉතාමත් අපූරුයි

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 3 หลายเดือนก่อน

    පුතේ , හරිම අගෙයි. වටිනාකම ප්‍රකාශ කිරීමට වචන නැත. ඒ තරම්ම සුන්දරයි .මිහිරියි . හැඟුම්බරයි . කන්කලුයි.💘💘💘

  • @Laki-u2e
    @Laki-u2e หลายเดือนก่อน +1

    කියන්න නොතේරෙන හැගීම් ගොඩක් පපුවෙ හීනි රිදුමකුත් එක්ක එක්ක එයා මතක් වෙනවා සෑහෙන්න.. කවදාත් අයිති වෙන් නැති කෙනෙක්ට අවුරුදු දෙකක විතර එයා දිහා බලන් ආදරෙ කරනවා 🥺💗

  • @NishaKumari-fd6ck
    @NishaKumari-fd6ck 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤️❤️🌹🌹

  • @iranganijoseph4072
    @iranganijoseph4072 3 หลายเดือนก่อน

    හදවතට දැනෙන මිහිරි ම ගීතයක්.❤

  • @ShiraniShirani-nx3mr
    @ShiraniShirani-nx3mr 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @reshani5038
    @reshani5038 3 หลายเดือนก่อน

    හරිම මිහිරියි 🌼

  • @suranifernando6775
    @suranifernando6775 4 หลายเดือนก่อน

    🎉 ලස්සනයි....

  • @amilashamikaudalamat
    @amilashamikaudalamat 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤

  • @sriyanipriyantha
    @sriyanipriyantha 3 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩාක් ...❤❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 2 หลายเดือนก่อน

    පුතාගෙ සිංදූව භාවනාවක් වගෙයි.ආදරෙයි

  • @lalithpriyashantha6404
    @lalithpriyashantha6404 2 หลายเดือนก่อน

    මේ වචන,මේ කටහඬ,මේ නාද රටා, ඇත්තටම භාවනාව ක් වගෙයි.හිත සුවපත් කරනවා.හරිම සතුටුයි.ජයම වේවා.

    • @NishanthiNiroshani
      @NishanthiNiroshani  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰

  • @niroshangalagedara1830
    @niroshangalagedara1830 3 หลายเดือนก่อน

    ඒ ගී පද, තනුව, ගැයුම හරිම ලස්සන ගැලපීමක්. සරලව තේරුම් ගන්න පුලුවන් වචන පෙලක් උනත් පුදුම විදියට හිත නිවනව. හරියට අතීතයේ ජේෂ්ඨයන් අතින් ගැයුනු ගීයක් වගේ..

  • @yamunagajanayake797
    @yamunagajanayake797 3 หลายเดือนก่อน

    පද රචනය ,ගායනය ,සංගීතය සියල්ලම අපූරුයි ...❤❤❤

  • @wamssritakanthi2653
    @wamssritakanthi2653 2 หลายเดือนก่อน

    ආශ්චර්‍යකි...මේ ගැයුම..

  • @yashinisamudika2860
    @yashinisamudika2860 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤හිතේ පතුලටම වදිනවා ....❤❤❤❤

  • @hansijayasinghe4065
    @hansijayasinghe4065 3 หลายเดือนก่อน

    ඒ පදවැල් හරිම ලස්සනයි ♥️

  • @dulanjalilakmali4003
    @dulanjalilakmali4003 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @samanlalani1766
    @samanlalani1766 4 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @Riddle_Delphi2009
    @Riddle_Delphi2009 4 หลายเดือนก่อน

    වචන වලට ඒ සංගීතයයි මධුර කටහඬයි එකතු වුනාම ......❤

  • @hettiaratchigejayawanth112
    @hettiaratchigejayawanth112 3 หลายเดือนก่อน

    Lassanai putha

  • @harshiEdirisingha
    @harshiEdirisingha 3 หลายเดือนก่อน

    ලස්සනයි ...ලස්සනයි ..ලස්සනයි මේ කියන්නේ .. ආදරේ .. ❤❤❤

  • @karunakoggala6472
    @karunakoggala6472 3 หลายเดือนก่อน

    Soothing voice. Beautiful

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 หลายเดือนก่อน

    හරිම ආදරණීය අරුත් පිරි නිර්මාණයක් ❤❤❤❤

    • @NishanthiNiroshani
      @NishanthiNiroshani  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🥰❤

  • @adifferentcharacter...9305
    @adifferentcharacter...9305 3 หลายเดือนก่อน

    භාවනාවක් ඔය කටහඩ .වාසනාවන්❤

  • @dinushakarunarathne7308
    @dinushakarunarathne7308 2 หลายเดือนก่อน

    I hear this song more than 10 times a day. I'm very busy with my work but I reserve my time for this song. I was finding this voice, and finally, I found. Thank you so much 💓

  • @nipunichandrasekara956
    @nipunichandrasekara956 3 หลายเดือนก่อน

    ❤wow, wonderful

  • @vinithafernando8704
    @vinithafernando8704 3 หลายเดือนก่อน

    Hari lassanai❤

  • @user-bu8xk9em9u
    @user-bu8xk9em9u 3 หลายเดือนก่อน

    Harima lassanai.

  • @DarshanaL.Violin-pq2un
    @DarshanaL.Violin-pq2un 4 หลายเดือนก่อน +2

    ඔයාගේ හැකියාවනම් නියමයි අක්කා. තවත් මෙ වගේ නිර්මාණ කරන්න. මම හදවතින් සුභ පතනවා ❤❤

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 2 หลายเดือนก่อน

    Harima lassanai ❤❤

  • @user-pk9nh9pe6r
    @user-pk9nh9pe6r 3 หลายเดือนก่อน

    harima lassanai nangi....💗
    සිහින අතරේ
    බලා ඉන්නම්
    කාට නුඹ
    හිමි උනාවේ......❤‍🩹

  • @lakminiariyarathna153
    @lakminiariyarathna153 4 หลายเดือนก่อน

    No words malli❤❤❤❤

  • @hariniyasara2305
    @hariniyasara2305 4 หลายเดือนก่อน

    Love this ❤️❤️❤️

  • @user-ve8pu7kj6d
    @user-ve8pu7kj6d 2 หลายเดือนก่อน

    මාරම ලස්සනයි මල්ලී..ඔයාගේ කටහඩ, ඒ අරුත්බර පදවැල් හදවතේ ගැඹුරු ම තැන්වලට කතා කරනවා.. ❤❤❤

    • @NishanthiNiroshani
      @NishanthiNiroshani  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🥰❤

  • @user-bt2sd6sh8q
    @user-bt2sd6sh8q 3 หลายเดือนก่อน

    මේ කටහඩ 🥺❤️

  • @geethagunawardhana9508
    @geethagunawardhana9508 2 หลายเดือนก่อน

    ලස්සනයි.පුතේ

  • @user-md9pf8th2p
    @user-md9pf8th2p 3 หลายเดือนก่อน

    ❤නිවන භාවනාවක්

  • @tishiherath1454
    @tishiherath1454 3 หลายเดือนก่อน

    හිත නිවන හඩක් ❤

  • @KalyaniPrasadhika-qp6nl
    @KalyaniPrasadhika-qp6nl 3 หลายเดือนก่อน

    Harima lassana song ekak.mama asama katahadak.

  • @dhanushiayodhya
    @dhanushiayodhya หลายเดือนก่อน

    කවදාවත් මගේ මතකය
    නුබේ ලග නොතිබුනාවේ
    සිහින අතරේ බලා ඉන්නම්
    කාට නුබ හිමි උනාවේ
    I really love this song very much❤❤❤❤. lyrics also🥹🤍

  • @KusumSenewirathne
    @KusumSenewirathne 3 หลายเดือนก่อน +1

    සිහින අතරේ බලා ඉන්නම් කාට නුබ හිමි උනාවේ.....අහිමි ප්‍රේමයේ විරහ පැතුම....

  • @user-vm2qx7su2l
    @user-vm2qx7su2l 2 หลายเดือนก่อน +2

    සිහින කතරේ බලා ඉන්නම් කාට නුඹ හිමි උනාවේ...

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 3 หลายเดือนก่อน

    Beautiful lyrics

  • @user-yq2io2yc8j
    @user-yq2io2yc8j 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤
    කවමදාවත් මගේ මතකය නුඹේ ළග නොතිබුනාවේ..
    සිහින අතරේ බලා ඉන්නම්
    කාට නුඹ හිමිවුණාවේ….
    💐💐💐