පනාකඩුව තඹ සන්නස සොයාගත් අප්පුහාමි Appuhami who discovered Panakaduwa copper sannasa ලස්සන දෙරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #panakaduwacopperplate #karolisappuhami #පනාකඩුවතඹසන්නස
    පනාකඩුව තඹ සන්නස යනු ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරලේ පනාකඩුව ගම්මානයේ තිබී සොයාගත් තඹ සන්නසකි. එය තඹ තහඩු තුනකින් සමන්විත වන අතර තහඩුව දෙපැත්තේම ලියා ඇත. මෙම තඹ සන්නස වැදගත් වන්නේ එය ශ්‍රී ලාංකික රජෙකු විසින් පළමු වරට කරන ලද තඹ සන්නස් ප්‍රදානය වන බැවිනි. මෙම තහඩු දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ. පනාකඩුවේ තඹ සන්නස දැනට හමුවී ඇති ලොව පැරණිම ස්තුති කාඩ්පත (Thank you card) ලෙස සැලකේ. තඹ සන්නස ලියවා තිබෙන්නේ පළමු වන විජයබාහු රජතුමා විසිනි. එය විජයබාහු රජු විසින් තමාට පක්ශපාති වූ සිත්නාරුබිම බුදල්නා හෙවත් බුද්ධරාජ නිලධාරියාට කළගුණ සලකනු වස් ලියවා තිබේ. මෙහි පළමු පේලි තුනෙන් විජයබාහු රජුව වර්ණනා කර තිබේ. මෙය පනාකඩුව ප්‍රදේශයෙන් හමු වූ නිසා මේ නම යෙදි තිබේ.
    1948දී පනාකඩුවේ ගොවියෙකු වන සුරවීර ගමගේ කරොලිස් අප්පුහාමි විසින් මෙම තඹ තහඩු සොයා ගන්නා ලදී. තහඩු රත්තරන් නොවන බව සොයාගෙන ඒවා පසෙකට දමා තිබී පසුව ඔහු නිතර නිතර අසනීප වීමට පටන් ගත් විට අප්පුහාමි සිතුවේ මෙම තහඩුවල යම් අවාසනාවක් නිසා එය සිදුවන බවය. එම නිසා ඔහු ඒවා තම ඥාතියෙකු වන බෞද්ධ භික්ෂුවකට භාරදුන් අතර වසරකට පමණ පසු තඹ තහඩු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අතට පත්විය.
    පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව.1055-1110 ) විසින් අනුරාධපුරයේ මාළිගා සභාවෙන් ප්‍රකාශයට පත්කරන ලද විශේෂ ප්‍රදානයක් පිළිබඳ මෙම තඹ සන්නසෙහි සටහන් වේ. චොල ආක්‍රමණය අතරතුර සැඟවී සිටියදී රජුට ඔහුගේ පියාට සහ රාජකීය පවුලේ සෙසු සාමාජිකයින්ට ලබා දුන් ආරක්ෂාවට හා චොල ආක්‍රමණ හමුවේ සටන් කිරීමට දුන් සහයට කලගුණ සැලකීම සඳහා සිත්නාරුබිම්හි අධිපති බුදල්නා හෙවත් බුද්ධරාජ නාග වන, රුහුණෙහි දණ්ඩනායක වෙත මෙම ප්‍රදානය ලබාදී ඇත.
    සිංහ‍ලේ ‍‍ශ්‍රේෂ්ඨතම නරපතියෙක් වූ පළමුවැනි විජයබාවන් විසින් (1055-1110) තමන්ට උදව් උපකාර කළ සිත්නාරුබිම් බුදල්නා නායකයාට ප්‍රදානය කරන ලද්දා වූ පනාකඩුව තඹ සන්නස මඟින් රාජකීය වරප්‍රසාද පිළිබඳව කියවෙයි.
    ඓතිහාසිකමය අගයෙන් යුතු වූ පනාකඩුව තඹ සන්නස මෙරටදී හමු වු පැරණිතම තඹ සන්නසද වෙයි. මොරවක් කෝරලය ඉතිහාසය පුරා සිදුවූ විවිධ සිදුවීමිවලදී වැදගත් විය. පනාකඩුව යනු එහි පිහිටි සුන්දර ගැමි පරිසරයකි. 1948 වසරේ පෙබරවාරි මාසයේදී සිය බෝගහදෙණිය නැමති කුඹුරෙහි වැඩකරමින් සිටි සුරවීර ගමගේ කරෝලිස් අප්පුහාමි නැමති ‍ගොවියෙකුට මෙම මහාර්ඝ වස්තුව හමුවී ඇත.
    පුරාවිද්‍යා චක්‍රවර්තී කඹුරුපිටියේ වනරතන නාහිමියෝ මෙම තඹ සන්නසෙහි අප්‍රමාණ වටිනාකම ලොවට හෙළි ක‍ලේ සිංහල ඉතිහාසයේ බොහෝ සිදුවිමි සත්‍ය බව ප්‍රකට කරවමින් මෙන්ම ඊට තවත් පරිච්ඡේදයක්ද එක්කරමිනි.
    පනාකඩුවෙන් සොයාගන්නා ලද මෙම තඔ සන්නසට පෙර ඉතිහාසඥයින් විස්වාස කලේ පැරණිතම තඹ සන්නස නිශ්ශංක මල්ල රාජසමයට අයත් බවකි. එ‍හෙත් ඊට පෙරද තඹ සන්නස් ලියූ බව මෙමගින් තහවුරු වේ.
    දිගින් අඩියකුත් අඟල් එකහමාරක්ද පලලින් අඟල් තුනක්ද වෙයි. අඟලකින් අටෙන් එකක් පමන ගණකමක් ඇත. පනාකඩුව තඹ සන්නස රාත්තල් දෙකකුත් අවුන්ස දෙකහමාරක් බරය.
    පනාකඩුව තඹ සන්නසෙහි පත්‍ර තුනක් වෙයි. එක්පත්‍රයක පේලි හතපැලින් ඇත. ඒඅනුව අක්‍ෂර පේලි විසිඅටක් එහි වෙයි. පළමු සහ තෙවැනි පත්‍ර දෙකෙහි ඇතුල් පැත්තේද දෙවැනි පේලියේ ‍දෙපැත්තේ මද වශයෙන් නම අක්ෂර සටහන්කොට තිබේ. කෙලවර හිල් දෙකක්ද විද ඇත. එය නූලකින්බැඳ පුස්කොල පොතක් ලෙස පරිත්‍යාග කොට ඇති බව එමගින් සිතීමට හැක.
    රුහුණේ සිටි බල සම්පන්න ජන ප්‍රධානි‍යෙකු ලෙස බුද්ධරාජ හෙවත් සින්නරුබිම් බුදල්නාවන් ඉතිහාසයට එක්ව සිටී. අනුරාධපුර රාජධානිය බිඳ දමමින් චෝල ආක්‍රමනික රජ උරුමක්කාර‍යින් සමූල ඝාතනය කරද්දී පන රැකගනිමින් කීර්ති කුමාරයා ඇතුලු ‍රජ පවුල ‍රෝහණයට පැමිණෙයි. කීර්ති කුමරුගේ පියා වන මුගලන් රාජ්‍ය උරුමක්කාරයෙක් විය. රහසේ රුහුණු මොරවක්කෝරලයට පලාගිය ඔවුහු රැකබලාගත්තේ සින්නරුබිම් බුදල්නාවන් විසිනි. කෑමට ගතහැකි කොල වර්ග පලවැල ගෙනත් දෙමින් බුදල්නාවන් විසින් මෙම රජ පවුල රැක බලාගත් බව පනාකඩුව සන්නස මගින් නොසඟවා පවසා ඇත.
    මහා විජයබා නමින් රජ පැමිනි කීර්ති කුමාරයාට එම ගමන ‍යාමට අවශ්‍ය සේනා සංවිධාන කටයුතු සිදු කරමින් කටයුතු කර තිබෙන්නේ බුදල්නාවන් විසින්ය. මහවිජයබාවන් විසින් තමන් ඇතුලු රජ පවුලට කරන ලද එම අප්‍රමාණ සැලකිල්ල වෙනුවෙන් කළගුණ දැක්වීම පිණිස රාජකීය ප්‍රදානයන් පිලිබඳ වූ සන්නස අද ප්‍රකටව පවතින්නේ පනාකඩුව තඹ සන්නස ලෙසිනි.
    පද්‍යන් ගද්‍යන් අතර වූ චමාපු කාව්‍යමය භාෂා ‍ශෛලියක් පනාකඩුව සන්නසට වෙයි. කඹුරුපිටියේ වනරතන නාහිමියන් එලෙස පෙලගස්සන ලද පබැදුමක් මෙලෙස දැක්විය හැකිය.
    'රුහුණු දඩනායකසිත්නරු බිමි මුදල්නාවන්වැඩිතැන් සහ වියෙහිවඩමින් ලොවැඩ වඩා
    පනාකඩුව තඹ සන්නස මගින් බුදල්නාවන්ගේ පරමිපරවෙන් පැවත එන්නන්ගෙ‍න් දඩ අයකර නොගැනීම, සිරගත නොකිරීම, දේපල රාජසන්තක නොකිරීම, බලවත් අපරාදයක් සිදුකලද ඒ සඳහා තෙවරක්ම සමාව දීම ආදී බො‍හෝ රාජකීය වරප්‍රසාද ප්‍රදානය කර ඇත.
    පනාකඩුව තඹ සන්නස නිසා රුහුණේ මොරවක් කෝරලයද සියලු දෙනාගේ අවදානයට යොමු විය. මාතරට ආස්වාදයක් වූ එම මොරවක් කෝරලයේදී සුරැකි උරුමය ජාතික උරුමයක් වේ.

ความคิดเห็น • 13

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 8 วันที่ผ่านมา

    Historical information of our great history

  • @apelakbima4755
    @apelakbima4755 4 หลายเดือนก่อน +1

    Hi fans very ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @shanejayasekara2965
    @shanejayasekara2965 4 หลายเดือนก่อน

    Sthuthiy oyata jayawewa

  • @EsisiraSadaruwan
    @EsisiraSadaruwan 4 หลายเดือนก่อน

    මුදලට කෑදර මිනිසුන් එදත් සිටියා අදත් ඉන්නව.මුදල් නිසා මිනිස්කම අමතක වී සසරෙත් අතරමන් වෙයි

  • @bodhuhela752
    @bodhuhela752 4 หลายเดือนก่อน +2

    ඔබත් සන්නස ගැන ලිව්වේ වැදගත් යමක් රටට වසංකරලාය. “මුළු දඹදිව පා මිලිකල”
    නොටස එහි කියවුනේ නැත.සමාජ ක්‍රියාකාරින් රටට අවංක නොවී රටගැන කතාකිරීමෙන්
    රටට වන යහපතක් නැක.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 4 หลายเดือนก่อน +1

      මහත්මයා...
      ඒකේ අදහස
      දඹදිව කියල කියල තියන්නේ
      අපේ රටට කියන එකද?

    • @bodhuhela752
      @bodhuhela752 4 หลายเดือนก่อน

      @@sahasdulmina4783
      ඔව් මහත්මයා, එහි අදහස මේ රටේ සියලුම ප්‍රාදේශීය පාලකයන් තමන් යටතට ගත්
      බවයි,කෙටියෙන් කීවොත් රට එක්සත් කලා යන අදහසයි. මුළු ඉංදියාව තමා යටතට
      ගත්තා කියලනෙවි. සුවපත්වේවා!
      නොදන්න අය දඹදිව කොහේදැයි බලාගන්න.මේ සිරිපාදය ආසන්න අඹගමුව සෙල් ලිපියේ එම අදහසම කියා ඇති අන්දමයි.
      2 පේලිය “ඉකුත් ගුනමුළින් උතුරත් මුළු ද ”
      3 පේලිය, “ඹ දිව්හි අන් කැතකූල පාමිලි කළ.....”
      තවත් ලිපි දහයකට වැඩිය තියනවා.

    • @chandanasilva3872
      @chandanasilva3872 4 หลายเดือนก่อน +2

      E gan thawa tikak pahadili karanna puluwanda.

    • @bodhuhela752
      @bodhuhela752 4 หลายเดือนก่อน

      එහි තේරුම ප්‍රාදේශීය පාලකයන් තමා යටතට ගත්තා කියලාය. වෙනත් විදියකට කීවොත්
      රට එක්සේසත් කලා කියන එකය.එසේ කියපු රජවරු මුළු ඉංදියාව යටත් කරගත්තේ නැත.
      නොදන්න අය දඹදිව කොහේදැයි බලාගන්න.මේ සිරීපාද පාරේ අඹගමුව සෙල් ලිපියේ,.
      2 පේලිය “ඉකුත් ගුනමුළින් උතුරත් මුළු ද ”
      3 පේලිය, “ඹ දිව්හි අන් කැතකූල පාමිලි කළ.....”
      තවත් ලිපි දහයකට වැඩිය තියනවා.

  • @Shasindu-sithara
    @Shasindu-sithara 4 หลายเดือนก่อน +1

    Wadagath wistharayak❤

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 2 หลายเดือนก่อน

    රු500 මේ කාලෙ හැටියට ලක්ශ 50 වගේ වටිනව ඇති..🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔