පනාකඩුව තඹ සන්නස 🖌✍️Panakaduwa copper plate ✍️panakaduwa copper plate

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Looking for an authentic and historically significant "Panakaduwa copper plate"? Look no further! At Panakaduwa, we take pride in offering you the finest "පනාකඩුව තඹ සන්නස" replicas crafted with precision and dedication. Each "Panakaduwa copper plate" we create is a testament to our commitment to preserving ancient heritage. Discover the beauty and cultural significance of our meticulously crafted "Panakaduwa copper plates" that will captivate collectors and history enthusiasts alike. Embrace the essence of history with a Panakaduwa masterpiece - your gateway to the past!
    #unlimitedhistory #Panakaduwa #පනාකඩුව
    පනාකඩුව තඹ සන්නස යනු ශ්‍රී ලංකාවේ, මාතර දිස්ත්‍රික්කයේ, මොරවක් කෝරලේ, පනාකඩුව ගම්මානයේ, තිබී සොයාගත් තඹ-සන්නසකි. එය තඹ තහඩු තුනකින් සමන්විත වන අතර තහඩුව දෙපැත්තේම ලියා ඇත. මෙම තඹ-සන්නස වැදගත් වන්නේ එය ශ්‍රී ලාංකික රජෙකු විසින් පළමු වරට කරන ලද තඹ-සන්නස් ප්‍රදානය වන බැවිනි. මෙම තහඩු දැන්ට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.පනාකඩුවේ තඹ සන්නස දැනට හමුවී ඇති ලොව පැරණිම ස්තුති කාඩ්පත (Thank you card) ලෙස සැලකේ.
    පනාකඩුව තඹ සන්නස ලියවා තිබෙන්නේ පළමු වන විජයබාහු රජතුමා විසිනි. එය විජයබාහු රජු විසින් තමාට පක්ශපාති වූ සිත්නාරුබිම බුදල්නා නම් බුද්ධරාජ නිලධාරියාට කළගුණ සලකනු වස් ලියවා තිබේ. මෙහි පළමු පේලි තුනෙන් විජයබාහු රජුව වර්ණනා කර තිබේ. මෙය පනාකඩුව ප්‍රදේශයෙන් හමු වූ නිසා මේ නම යෙදි තිබේ. ක්‍රි.ව.12 වන සියවසේ ඉතිහාසය ඉගෙනීමට ප්‍රයොජනවත් වේ.
    1948 දී පනාකඩුවේ ගොවියෙකු වන එස්. කරොලිස් අප්පුහාමි විසින් මෙම තඹ තහඩු සොයා ගන්නා ලදී. තහඩු රත්තරන් නොවන බව සොයාගෙන ඒවා පසෙකට දමා තිබී පසුව ඔහු නිතර නිතර අසනීප වීමට පටන් ගත් විට, අප්පුහාමි සිතුවේ මෙම තහඩු වල යම් අවාසනාවක් නිසා එය සිදුවන බවය. එම නිසා ඔහු ඒවා තම ඥාතියෙකු වන බෞද්ධ භික්ෂුවකට භාර දුන් අතර වසරකට පමණ පසු තඹ තහඩු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අතට පත්විය.
    පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව.1055-1110 ) විසින් අනුරාධපුරයේ මාළිගා සභාවෙන් ප්‍රකාශයට පත් කරන ලද විශේෂ ප්‍රදානයක් පිළිබඳ මෙම තඹ-සන්නසෙහි සටහන් වේ. චොල ආක්‍රමණය අතරතුර සැඟවී සිටියදී රජුට, ඔහුගේ පියාට සහ රාජකීය පවුලේ සෙසු සාමාජිකයින්ට ලබා දුන් ආරක්ෂාවට හා චොල ආක්‍රමණ හමුවෙ සටන් කිරීමට දුන් සහයට කලගුණ සැලකීම සඳහා සිත්නාරුබිම් හි අධිපති බුදල්නා හෙවත් බුද්ධ රාජ නාග වන, රුහුණෙහි දණ්ඩනායක වෙත මෙම ප්‍රදානය ලබා දී ඇත.
    සිංහ‍ලේ ශ්‍රේෂ්ඨතම නරපතියෙක් වූ පළමුවැනි විජයබාවන්විසින් (1055-1110) තමන්ට උදව් උපකාර කළ සිත්නාරුබිම් බුදල්නා නායකයාට ප්‍රදානය කරන ලද්දා වූ පනාකඩුව තඹ සන්නස මඟින් රාජකීය වරප්‍රසාද පිළිබඳව කියවෙයි.
    ඓතිහාසිකමය අගයෙන් යුතු වූ පනාකඩුව තඹ සන්නස මෙරටදී හමු වු පැරණිතම තඹ සන්නස ද වෙයි. මොරවක් කෝරලය ඉතිහාසය පුරා සිදුවූ විවිධ සිදුවීමිවල දී වැදගත් විය. පනාකඩුව යනු එහි පිහිටි සුන්දර ගැමි පරිසරයකි. 1948 දී පෙබරවාරි මාසයේ දී සිය බෝගහදෙණිය නැමති කුඹුරෙහි වැඩකරමින් සිටි සුරවීර ගමගේ කරෝලිස් අප්පුහාමි නැමති ගොවියෙකුට මෙම මහාර්ඝ වස්තුව හමුවී ඇත.
    පුරාවිද්‍යා චක්‍රවර්තී කඹුරුපිටියේ වනරතන නාහිමියෝ මෙම තඹ සන්නසෙහි අප්‍රමාණ වටිනාකම ලොවට හෙළි ක‍ලේ සිංහල ඉතිහාසයේ බොහෝ සිදුවිමි සත්‍ය බව ප්‍රකට කරවමින් මෙන්ම ඊට තවත් පරිච්ඡේදයක් ද එක්කරමිනි.
    පනාකඩුවෙන් සොයාගන්නාලද මෙම තඔ සන්නසට පෙර ඉතිහාසඥයින් විස්වාස කලේ පැරණිතම තඹ සන්නස නිශ්ශංක මල්ල රාජසමයට අයත් බවකි. එ‍හෙත් ඊට පෙරද තඹ සන්නස් ලියූ බව මෙමගින් තහවුරු වේ.
    දිගින් අඩියකුත් අඟල් එකහමාරක් ද පලලින් අඟල් තුනක්ද වෙයි. අඟලකින් අටෙන් එකක් පමන ගණකමක් ඇත. පනාකඩුව තඹ සන්නස රාත්තල් දෙකකුත් අවුන්ස දෙකහමාරක් බරය.
    පනාකඩුව තඹ සන්නසෙහි පත්‍ර තුනක් වෙයි. එක්පත්‍රයක පේලි හතපැලින් ඇත. ඒඅනුව අක්‍ෂර පේලි විසිඅටක් එහි වෙයි. පළමු සහ තෙවැනි පත්‍ර දෙකෙහි ඇතුල් පැත්තේද, දෙවැනි පේලියේ දෙපැත්තේ මද වශයෙන් නම අන්ෂර සටයන් කොට තිබේ. කෙලවර හිල් දෙකක්ද විද ඇත. එය නූලකින්බැඳ පුස්කොල පොතක් ලෙස පරිත්‍යාග කොට ඇති බව එමගින් සිතීමට හැක.
    රුහුණේ සිටි බල සමිපන්න ජන ප්‍රධානි‍යෙකු ලෙස බුද්ධරාජ හෙවත් සින්නරුබිමි බුදල්නාවන්ඉතිහාසයට එක්ව සිටී. අනුරාධපුර රාජධානිය බිඳ දමමින් චෝල ආක්‍රමනික රජ උරුමක්කාර‍යින් සමූල ඝාතනය කරද්දී පන රැකගනිමින් කීර්ති කුමාරයා ඇතුලු රජ පවුල රෝහණයට පැමිණෙයි. කීර්ති කුමරුගේ පියා වන මුගලන් රාජ්‍ය උරුමක්කාරයෙක් විය රහසේ රුහුණු මොරවක්කෝරලයට පලාගිය ඔවුහු රැකබලාගත්තේ සින්නරුබිම් බුදල්නාවන් විසිනි.
    කෑමට ගතහැකි කොල වර්ග පලවැල ගෙනත් දෙමින් බුදල්නාවන් විසින් මෙම රජ පවුල රැක බලාගත්බව පනාකඩුව සන්නස මගින් නොසඟවා පවසා ඇත.
    මහ විජයබා නමින් රජ පැමිනි කීර්ති කුමාරයාට එම ගමන යාමට අවශ්‍ය සේනා සංවිධාන කටයුතු සිදු කරමින් කටයුතු කර තිබෙන්නේ බුදල්නාවන් විසින්ය. මහවිජයබාවන් විසින් තමන් ඇතුලු රජ පවුලට කරනලද එම අප්‍රමාණ සැලකිල්ල වෙනුවෙන් කළගුණ දැක්වීම පිණිස රාජකීය ප්‍රදානයන් පිලිබඳ වූ සන්නස අද ප්‍රකටව පවතින්නේ පනාකඩුව තඹ සන්නස ලෙසිනි.
    පද්‍යන් ගද්‍යන් අතර වූ චමාපු කාව්‍යමය භාෂා ශෛලියක් පනාකඩුව සන්නසට වෙයි කඹුරුපිටියේ වනරතන නාහිමියන් එලෙස පෙලගස්සන ලද පබැදුමක් මෙලෙස දැක්විය හැකිය.
    'රුහුණු දඩනායක
    සිත්නරු බිමි මුදල්නාවන්
    වැඩිතැන් සහ වියෙහි
    වඩමින් ලොවැඩ වඩා
    පනාකඩුව තඹ සන්නස මගින් බුදල්නාවන්ගේ පරමිපරවෙන් පැවත එන්නන්ගෙ‍න් දඩ අයකර නොගැනිම, සිරගත නොකිරීම, දේපල රාජසන්තක නොකිරීම, බලවත් අපරාදයක් සිදුකලද ඒ සඳහා තෙවරක්ම සමාව දීම ආදී බො‍හෝ රාජකීය වරප්‍රසාද ප්‍රදානය කර ඇත.
    පනාකඩුව තඹ සන්නස නිසා රුහුණේ මොරවක් කෝරලයද සියලු දෙනාගේ අවදානයට යොමු විය. මාතරට ආස්වාදයක් වූ එම මොරවක් කෝරලයේදී සුරැකි උරුමය ජාතික උරුමයක් වේ.
    ✘ Follow on TikTok : www.tiktok.com...

ความคิดเห็น • 20

  • @travelwithudeshi
    @travelwithudeshi  ปีที่แล้ว

    Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
    𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒
    ➤ Vlog #1 - Nuwaraeliya Strwberry Farm : th-cam.com/video/xnVZ2qsX_J8/w-d-xo.html
    ➤ Vlog #2- Piduruthalagala Visit :th-cam.com/video/XWlqA--e0hw/w-d-xo.html

  • @kasturivlogs
    @kasturivlogs หลายเดือนก่อน +1

    වටින විඩියෝවක්,මේ සහෝදරියගේ පැහැදිලි කිරිමත් ඉතාමත් හොඳයි,ජය !

    • @travelwithudeshi
      @travelwithudeshi  10 วันที่ผ่านมา +1

      බොහොමත්ම ස්තිතියි..🙏♥️ ජය වේවා ඔබට👍👍

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා වීඩියෝවක් , ඒ වගේම බලන අයගෙන් ඉල්ලනවා ඩිෂ්ක්‍රිප්ශන් එකත් කියවන්න කියලා.......❤👍

  • @MadushikaGamage1
    @MadushikaGamage1 ปีที่แล้ว +1

    👍❤️

  • @athulapriyantha2943
    @athulapriyantha2943 ปีที่แล้ว +1

    👍🏻👍🏻

  • @savindichamudika1698
    @savindichamudika1698 ปีที่แล้ว +1

    Akke mage සීයා thamai Meka Hoya gaththe

    • @travelwithudeshi
      @travelwithudeshi  ปีที่แล้ว

      Ahemada nangi..dukai oyalawa meet wenna Bari una ekata...

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshopping 2 ปีที่แล้ว +1

    Great video akki ... Valueble. Nice presentation. Im gihan malli

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් ලස්සන වීඩියෝ එකක් ජය වේවා ❤️ 🔔 ඕල් කරලා දිගටම රැදෙන්න 🤝🌹❤️

    • @travelwithudeshi
      @travelwithudeshi  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම....

  • @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
    @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb ปีที่แล้ว +1

    Ape mi siya .apith suraweera gamage 😊

  • @filmvideoparadise994
    @filmvideoparadise994 2 วันที่ผ่านมา

    Meka thibila thiyenne mulinma thumbawla rajamaha wiharaye thibila. Eka gedara aragena giyama leda roga wadi una nisai. Panakaduwe kubure thibuna kiyala dila thiyenne.

  • @k.t7159
    @k.t7159 2 ปีที่แล้ว +1

    Akke , akkwa contact karagnne kohomd??

  • @Uditha_Udara
    @Uditha_Udara 10 วันที่ผ่านมา

    ඕක අනුවුවක්ද? ඇත්තම තඹ සන්නසද අනාරක්ෂිත විදියට ඔහොම තියලා තියෙන්නෙ? 😐