උඳු ඇට වලින් උදු වඩේ | Urad Vada recipe | Undu Vade recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අවශ්‍ය ද්‍රව්‍ය
    උඳු ඇට් 200g
    හාල් පිටි 40g පමන.
    අමු මිරිස්
    ඉගුරැ සිහින්ව කපාගෙන ( ඉගුරැ නැත්නම් සුදුලූනු බික් 2ක් පොඩියට කපාගෙන )
    රස අනූව ලුනු
    කැමති නම් ලූණු ටිකක්.
    (උදු ග්‍රෑම් 100ට හාල් පිටි 20g මනින්න එපා ...පුරවපු මේස හැන්දක් විතර දාගන්න. උදු කිලෝ එකකට හාල්පිටි 200g. ගොඩාක් හදනවා නම් වැදගත් වෙයි කියලා සදහන් කරේ..😊)
    💟 උඳු වඩේ සෑදීමට ලූණු අත්‍යාවශ්‍ය නෑ..
    💟 ඒ වගේම තමා මේ මිශ්‍රණය සදහා ගම්මිරිස් ඇට ටිකක් ලොකුකෑලී හිටින්න තලාගෙන, ඒ වගේම වේලුන මිරිස් කරල් කීපයක් පොඩිවට කෑලී කඩා ගෙන උනත් එකතු කරන්න පුළුවන් .
    💚 මේ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරලා ගත්තා ට පසුව විනාඩි 3කට වඩා වැඩී කාලයක් හොදින් මිශ්‍ර කර ගන්න. එය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.
    💚 බ්ලෙන්ඩ් කරද්දී සිසිල් වතුර පාවිච්චි කරන එකෙන් බ්ලෙන්ඩරයට වෙන හානිය අවම කර ගන්න පුළුවන් . මොකද අපි ඉතාම අඩුවෙන් වතුර පාවිච්චි කරලා මේ මිශ්‍රණය කොටා ගන්නා නිසා බ්ලෙන්ඩරය ගොඩාක් රත් වෙනවා . අයිස් වතුර දැම්මාම එහෙම රත් වෙන්නෙ නෑ..
    💚 බැරි වෙලාවත් ඔයා අතින් එකතු කර වතුර ප්‍රමානය වැඩි වෙලා මිශ්‍රණය දිය උනොත් තව මේස හැන්දක් විතර හාල් පිටි එකතු කරන්න. එහෙම කරා කියලා ලොකූ ප්‍රශ්නයක් නෑ...
    💚
    කඩවල් වල උදු ඇට වලින් කියලා හදන උදු වඩේ වලට එයාලා කොහොමත් වැඩියෙන් හාල් පිටි හෝ පාන් පිටි එකතු කරනවා. ඒ විතරක් නෙමේ පිපෙන්න ආප්ප සෝඩා, බේකින් පව්ඩර් වගේ පිපුම් කාරකත් එකතු කරනවා .
    💚 ප්‍රිජ් එකක් තියෙන අට අනිවාර්යයෙන්ම විනාඩි 30ත් පැයක් අතර කාලයක් මිශ්‍රණය තියලා ගන්න. එතකොට තවත් ලස්සනට හොදට උදු වඩේ එක එනවා. නැත්නම් කමක් නෑ.
    💚 අනිත් දේ තමා මිශ්‍රණය ට ලූණු එක්තු කරනවා නම් මම කීවා වගේ අන්තිම මොහොතේ එකතු කරන්න.
    💚 ගින්දර පාලනයෛතාම වැදගත් . මොකද අපි උදු වඩේ ටික අඩු ගින්දරේ විනාඩි 3 ක්ට වඩා වැඩි කාලයක් හිමීට බැද ගත්තොත් තමා හොදට හදා ගන්න පුළුවන් වෙන්නෙ. නැත්නම් මැද අමුවට හිටීවී.
    💚💚 මිශ්‍රණය අතින් දාන්න උත්සාහ කරන්න එතකොට ලස්සනට හදන්න පුළුවන් . මුලු අතම වතුරින් තෙමලා ගන්න නිසා මිශ්‍රණය ගද්දී හැන්දක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොදයි. මොකද ටික ටික හරි වතුර මිශ්‍රණය ට එකතු වෙන නිසා . අල්ලෙ තියාගෙන රව්මට හදාගෙන අන්තිම මොහොතේ ඇගිලි කොටසට අරන් හිමීට භාගයක් වෙන්න තෙලට දාලා හිමීට අත අරින්න. හරිම ලේසියි ...🙏🙏🙏🥰
    Ingredients
    Undu 200g
    About 40g of rice flour.
    green chillies
    Finely chop the ginger (finely chop the ginger or 2 cloves of garlic)
    salt per taste
    A little onion if you like.
    💟 Onion is not necessary to make Undu Vada..
    💟 Also, for this mixture, you can adf some paper too., and you can also add some dry chili by breaking them into small pieces.
    💚 After blending this mixture, mix well for more than 3 minutes to get pluffy mixture.
    💚 Using cool water while blending can reduce damage to the blender. Because we use very little water to make this mixture, the blender gets very hot. When you add ice water, it doesn't get hot.
    Even if it is not possible, you can add it by hand and if the amount of water increases and the mixture melts, add another tablespoon of rice flour.
    💚 If you have a refrigerator, keep the mixture for 30 minutes to an hour. Then the undu vada will come more beautifully. Otherwise it doesn't matter.
    💚 If the other thing is to add onion to the mixture, add it at the last moment as I said.
    💚 Fire control is most important. fry under law heat more than at least 3 minutes .
    💚💚 Try putting the mixture by hand then you can make it beautifully. It is better if you can use a spoon when mixing the mixture as you will be soaking your whole hand with water. Because little by little water is added to the mixture. 🙏🙏🙏🥰

ความคิดเห็น • 42

  • @user-bw8pq9ro4j
    @user-bw8pq9ro4j 12 วันที่ผ่านมา +2

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් Thank you so much

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි. කියාදෙන ආකාරයට උවමනාවක් ඇති කෙනෙකුට හොඳට හදාගන්න පුලුවන්. මට දැනුන විදියට මෙහිදී උඳු අඹරා ගැනීමේදී අනුගමනය කල යුතු දේවල් හරිම වැදගත්. දුව ගේන්නේ නිවැරදිම රෙසිපි නිසා ඒ පෙන්වන සියුම් තැන් හරිම වටිනවා. මේ වඩේ බොහෝ තැන්වල හදන්නේ පාන් පිටි වලින්. ලේසියට මිලදී ගෙන ආහාරයට ගත්තත් එය නිවැරදි ක්‍රමය නොවේ. උඳු මිශ්‍රණය ඇලෙනසුලු හෙයින් බැදීමේදී උනත් එය අවම කර ගැනීම පෙන්වා දුන් අයුරුද අපූරුයි. මේ අපූරු හැකියාවෙන් ඉදිරියටම යන්න සුභ පතනවා. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් දුවට. ස්තූතියි මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව. 🙏🙏💐💐💐💗💗💗💗👍👍

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති Auntie ...තෙරැවන් සරනයි 🥰🥰😘

    • @JanakaGishan
      @JanakaGishan 24 วันที่ผ่านมา

      Thank.yo

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +1

    Thanks for sharing nice video good luck ❤

  • @ssupunissupuni0is323
    @ssupunissupuni0is323 5 หลายเดือนก่อน

    මාත් ආසයි හදන්න video බලපු නිසා දැන් දන්නවා ගොඩක් පින් ඔයාට

  • @chandimafernando3906
    @chandimafernando3906 ปีที่แล้ว +1

    ආප්ප රෙසපි එකත් දෙන්න.ඔයා හැමදෙම හොදට කියලා දෙන්නවා..thank u❤

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว +1

      අනේ සමාවෙන්න මම මේ කමෙන්ට් එක දැක්කෙ නෑ... අනිවාර්යයෙන්ම දාන්නම් ..🙏🙏🙏❤️🥰

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว

    හරිම ආසයි උළුදු වඩේ walata. දාන්නේ නැති තැන් ගොඩක් කියලා දෙනවා. ගොඩක් ස්තුතියි. පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති ..තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @user-chanubikepissa
    @user-chanubikepissa ปีที่แล้ว

    අද හැදුවා මේ රෙසිපියට ..හුගාක් හොදට ම තිබුනා රසට මෘදුවට ... බොහොම ස්තූතියි 💕

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති ඔයාට ❤️❤️❤️

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว

    අද...උදු වඩේ කමු...😋😋 හොදට උදු වඩේ හදාගෙන කමු...ගෙදරම හදාගන්න රස බලමු 😋😋
    ජයවේවා.! නංගිට🌹🌹🌹

  • @kitchenqueen8374
    @kitchenqueen8374 ปีที่แล้ว

    ආදම් කෑමක්. රසට හැදුවා.❤

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว

    රසට තියෙනවා 👍😋😋😋

  • @rohinimallika9106
    @rohinimallika9106 6 หลายเดือนก่อน

    Honda,Pahedili,Kirimak,Obata
    Sthutie,Jaya,Wewa☝️🌹❤️😅

  • @isharaanjalee8730
    @isharaanjalee8730 4 หลายเดือนก่อน

    Good job ❤

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm ปีที่แล้ว

    Niyamay🎉🎉🎉

  • @Sanjay.singhaninchef
    @Sanjay.singhaninchef 10 หลายเดือนก่อน

    Very good

  • @chandimafernando3906
    @chandimafernando3906 ปีที่แล้ว

    ❤❤❤නියමයි..

  • @priyanthichandrika1655
    @priyanthichandrika1655 ปีที่แล้ว

    ස්තූතියි

  • @Surakaush-l8c
    @Surakaush-l8c 2 หลายเดือนก่อน

    Udu tika ude blend karala fridge eka dala havasa lunu dala hada ganna puluwanda ???

    • @californiakitchen923
      @californiakitchen923  2 หลายเดือนก่อน

      මම ඇත්තටම එහෙම හදලා නෑ. සමාවෙන්න 🙏

  • @ramyafernando936
    @ramyafernando936 ปีที่แล้ว +1

    Hal piti badalada amuwenda

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      නෑ හාල් පිටි බදින්න අවශ්‍ය නෑ...😊

  • @chathurisilva7199
    @chathurisilva7199 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මගේ ඉල්ලීම ඉෂ්ට කළාට. හදලා කියන්නම්❤
    මේ ප්‍රමාණයෙන් උලුදු වඩේ කීයක් විතර හදන්න පුලුවන්ද??

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      හදන සයිස් එක මත ප්‍රමානය වෙනස් වෙනවා. මම 15 ක් වගේ හැදුවා...ගොඩාක් ලොකූවට කොහොමත් හදන්න එපා.. පාන් පිටි වලින් හදන ඒවා වගේ නෙමෙයි නෙ..ඒ නිසා සාමාන්‍ය ටිකක් පොඩිවට හදන්න . පලවෙනි එක හදලා කාලා ඉන්න. එතකොට රස , ලුනු බලලා ඔයාට වෙනස් කරගන්න පුළුවන් අඩුපාඩුවක් තිබ්බොත්...🥰🥰❣️

  • @sachiniparanamanage9748
    @sachiniparanamanage9748 ปีที่แล้ว

    Thanks oyata❤❤❤

  • @SLManju
    @SLManju ปีที่แล้ว

    අයුබොවන් මටත් ඔනි

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว

    ශා නියමෙට හදල නංගී