අවාරේ සිරිපා කරුණාව | දැරනියගල උඩමාලිබොඩින් කරුණාකර සදගල තැන්න හරහා නල්ලතන්නියට | 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • අවාරේ සිරිපා කරුණාව | දැරනියගල උඩමාලිබොඩින් කරුණාකර සදගල තැන්න හරහා නල්ලතන්නියට | 2021 |Aware Siripa Karunawa Deraniyagala udamalibodin karanukara Sandagala Thennen pahalata |2021
    * නඩ දෙකක් එකක් වූ සුන්දරම අවාරේ තරණය
    උඩ මාලිබඩ දිකැල්ල කන්ද හරහා සිරිපා කරුණා මාර්ගය කියන්නේ සමනල තරණයට තියෙන බොහොම සුන්දර මාර්ගයක්. මේ කතාවේ ලියැවෙන්නේ මේ මාර්ගයෙන් අපි සිදුකරපු සිරිපා කරුණාවක් ගැන උනත් වෙනදා වගේ මාර්ගය ගැන විස්තරයක් නම් නොවේ. ඉතින් කතාව මෙහෙම පටං ගන්නම්.
    පහුගිය කාලේ පුරාම රටපුරා පැතිරුණ කොවිඩ් වසංගතය නිසාම ඇවිදින අපි කාට කාටත් ගෙවල් වලටම වෙලා ඉන්න සිදුවුනා. ඉතින් ඒ නිසාම සිරිපා වාරය තුලත් බොහෝ අයට සමනල වන්දනා කරන්න යන්න නොහැකි උනා. සිරිපා වාරය අවසානයේ අවාරය ආරම්භ වුනත් රටපුරා තිබ්බ සංචරණ සීමා එක්ක සංචාරක තහනමක් ක්‍රියාත්මක උන නිසාම සංචාරකයන්ට, ටිකක් අමාරු කාලයක් තමා ගත උනේ. ඉතින් ඔය විදියට කල් ගතවෙනකොට සංචරණ සීමා ලිහිල් වෙලා ටිකක් ඇවිදින්න පුලුවන් මට්ටමකට රට පත් වුනේ පහුගිය මාසයක වගේ කාලය ඇතුලේ.සංචරණ සීමා කාලය ඇතුලතදීම විශේශ අවසරයක් යටතේ අපි අගෝස්තු මාසේ සිරිපා කරුණා කලත් රෑන කන්ඩායමේ යාවජීව සාමාජිකයන් බහුතරයකට ඔය ගමනට සහභාගී වෙන්න ලැබුණේ නෑ. ඒ වෙනකොට අඩවියට වැටුණු ධාරානිපාත වර්ශාව එක්ක අපි අත්දැකීමෙන්ම දැන සිටි නිසා අදාල කාලය සුපිරිතම අවාරයක අත්දැකීම ලබන්නට හැකි බව. උඩ මාලිබඩ මාර්ගයම ගමනට තෝරාගත්තේ සියලු මාර්ග අතුරින් ජලය සමග වැඩිම ගැටීමක් ඇති මාර්ගයේ වර්ශාපතනය මධ්‍යයේම ගමන් කීරීම වෙනම ආකාරයේ අත්දැකීමක් වනු ඇති බවට තිබූ විශ්වාසය නිසාමයි.
    ගමනට සියල්ල සූදානම් වෙත්දී කන්ඩායම පිරී ගියේ හදවතේ ඉහලින්ම රැදි ඇතැම් චරිත වලින් වීම ගමනට අමතර සවියක් බවට පත් උනා. ඉතින් සැලසුම් එසේ වෙත්දී ලිලී නංගිගෙන් පොඩි ඔත්තුවක් ලැබුණා. මෙතැන ඉදන් තමා මේ විශේශිත ගමන සුපිරි ගමන බවට පත්වීමේ අඩිතාලම වැටෙන්නේ.
    "ලහිරු අයියලත් එදාටම මාලිබඩින් සිරිපා කරුණා කරන්න අදහසක් තියෙනවා."
    මේ ආරංචියත් එක්කම මගේ ඊලග ඇමතුම වෙන්නේ ලහිරු මලයට. මගේ කණ්ඩායම දොලහක් බවට පත්වෙද්දී ලහිරුගේ කන්ඩායම නමදෙනෙක්ගෙන් සමන්විත උනා. ඊට අමතරව මගේ කන්ඩායමේ නදීශගෙ තවත් මිතුරක් තිදෙනෙක් යතුරු පැදි වලින් ගමනට එක්කහු වෙන බව පැවසුවා. ඒ අනුව සම්පූර්ණ නඩය කන්ඩායම් තුනක විසි හතර දෙනෙක් බවට පත් වුණා. ලහිරුගේ කන්ඩායමේ ගමන ඒ හැටි ස්තීර නොවුනේ ලහිරු කොවිඩ් ආසාදිතයකුගේ තුන්වන පෙල ආශ්‍රිතයෙක්ව සිටි නමුත් ගමනට දින දෙකකට පෙරාතුව පීසීආර් පරීක්ශන වාර්ථාව මත ලහිරු ආසාදිත නොවන බවට තහවුරු වීම මත ලහිරුගේ කන්ඩායමේ පැමිනිමත් ස්තීර බවට පත් උනා.
    කෙසේ හෝ ලහිරුත් මාත් මේ කන්ඩායම් සියල්ල එක් නඩයක් බවට පත් කරගත් අතර කෑම බීම පවා සියල්ල එක් සැලසුමක් යටතට අරගත්තා. තිබූ එකම වෙනස වූයේ වාහන කීපයකින් හා එකිනෙකට වෙනස් මාර්ග වලින් අදාල ස්ථානයට ලගාවීම පමණයි. නඩය තුල වූ සෙස්සන් මේ සැලැස්ම ගැන එතරම් දැනුවත් නොවූ අතර සාමාන්‍ය පරිදිම ඒ ඒ කන්ඩායම් තුල ගමනේ සැලසුම් කටයුතු සිදුකෙරුණා.
    කොලඹින් පිටත් වූ මොහොතේ සිටම ලහිරුත් මමත් අතර දුරකථන සංවාද ඔස්සේ නිතරම සිටිනා ස්ථාන පිලිබද තොරතුරු බෙදාගනිමින් උඩ මාලිබ්ඩ දිකැල්ල කන්දට ලගා වූ අතර එතැන්දීයි කන්ඩායම් දෙකේම සිටි ඇතැමුන් නඩ දෙකම එකක් සේ ඉහලට කරුණා කීරීමේ සැලැස්ම ගැන දැනගත්තේ.
    කන්ඩායම් දෙකේම විසි හතර දෙනෙකුගේ වගකීම ප්‍රධානව මමත් රනාත් අසාත් ලහිරු මල්ලිත් ලකා මල්ලිත් මත දරාගෙන අපි දිකැල්ල කන්දේ ධර්මේ මාමාගේන් ආශිර්වාද හා වතාවත් සිදුකරගෙන පන්දෙනි ඔයෙන් එගොඩ වී කන්ඩායමේ පසුපෙල මමත් රනත් අසාත් ඉදිරිපෙල මග පෙන්වීමේ කොටස ලකත් ලහිරුත් බෙදාගෙන ඉදිරියට ගමන් කලා.
    පලමු දින පුරාවට වර්ශාවෙන් ඒ හැටි ගමනට කරදරයක් නොවූ නමුත් පලමු දින රාත්‍රියේ සිට නොනැවතී ඇද වැටුන වර්ශාව නිසාම දෙවන දිනයේ සුපිරිතම අවාරයක අත්දැකීම විදගන්නට අපට හැකි උනා. ලහිරු ඇතුලු කන්ඩායම එක් වේලක්ට රැගෙන ආ පාං අමතක ව පැමිණ තිබූ අතර කන්ඩායම් දෙකේ අය එක්ව සියල්ල කෙසේ හෝ පිරිමහගෙන එකම භාජනයක උයාගෙන තේ එක එකටම හදාගෙන බොහොම එකමුතුව ගමනේ යෙදුනා.
    කිසිදු අවස්ථාවක කන්ඩායම් දෙකක් නොවූ අතර එකම කන්ඩායමක් සේ අපි උඩ මලුවට සේන්දු වූ අතර උඩ මලුවේ සිරිපතුලේ පහස ලබන්නටත් අපට වාසනාව හිමිඋනා.
    සියල්ලන්ම සදගලතැන්න ඔස්සේ අධික වර්ශාව මධ්‍යයේ සිදුකිරීමට අපට සාර්ථකව හැකි උනා.
    මෙය ඉතා සාමාන්‍ය සිරිපා අවාරයෙව් කරුණාවක් වූවත් මෙය මෙසේ අකුරු කිරීමට සිතුවේ සංචාරය කෙදිනකවත් තරගයක් හෝ තවකෙක් පසුකිරීම හෝ නොවන අතර හැකි සෑම විටම අනෙක් අය සමග සුහදව සංචාරය කිරීම ඔබ අප සිතනවාටත් වඩා මිහිරි මතකයන් අපට ඉතුරු කරනා බව මා විශ්වාස කරනා නිසයි. ගහට කොලට ඔබ ආදරය කරනවා නම්, සංචාරයට පෙම් බදිනවා නම් ඔබේ ආකල්පය විය යුත්තේ තවකෙකු පසුකර යෑම නොව තවකෙකු රැගෙන යෑම වියයුතුයි. ලහිරුත් මමත් සංචාරක කන්ඩායම් දෙකක් වෙන වෙනම මෙහෙයවන අය වූවත් එකාවන්ව එක් ගමනක් මෙහෙයවීමට ලැබීම මටත් ලහිරුටත් ගමනට සහභාගී වූ හැමෝටමත් වෙනස් අත්දැකීමක් වූ බවට විශ්වාසයි.
    නැවත හමුවෙමු ( සටහන :- චාමර වීරතිස්ස
    *****************************************************************
    Gear We Use,
    Gopro Hero 9 Black camera
    Dji mavic Mini Drone
    Iphone Xs Max
    Video Editing Software,
    Adobe Premire Pro cc -2018
    #අවාරේසිරිපාකරුණාව

ความคิดเห็น • 57

  • @anojvidura4350
    @anojvidura4350 2 ปีที่แล้ว +4

    මිහිපිට දිවියලෝකය...❤️🌍🌎

  • @yashenakalanka180
    @yashenakalanka180 ปีที่แล้ว

    සිරිපාදේ තාමායි මේ මහා බද්‍ර කල්පේ සිටි සියලු බුදුවරුන් සියලුදේනාම සිරිපාතුල් සාටාන පිහිටවලා තියේන්නේ කෂප ,කොනා ගාම සිද්දා ර්ත යන බුදු වරුන්ගේ බුදු අමුදුරුවොමේ සිරිපාදේ පාසාටානතිබ්බේ දෙවි වරුන්ට වදින්න එකයි මෙ සිරිපාතුල බුදු හමුදුරුවො මිනිස්සුන්ට යන්න එන්න අමාරු තැනක තිබ්බේ මිනිස්සු සිරිපාතුල වදින්න අවාත් නැතාත් දෙවි වරුන් මෙ සිරිපාදේ වාදිනවා මෙබුද්ද සාසනය නැතිවේලා බිදුන්ගේ දතු පාරිනිර්වානයේදි සිරිපාතුල මැකියාද්දි දෙවිවරුන් දහාස් ගනාක් අඩනවාලු ඉට පස්සේ මිනිස්සුන්ගේ අයුෂ අවුරුදු 10 බැහැලා මුලු ලොකෙම ලේවිලාක් වේනවාලු නැවත මිනිස්සුන් යහාපාත් වැඩ කරාද්දි අයුෂ අවුරුදු 100000 වැඩිවේලා මිනිස්සුන් නැවත පඋ වැඩ කරාද්දි අයුෂ අවුරුදු 80000 බහිනවා මෙකලේ ඉන්දියාවේ කේතු මති රාජ්‍ය බිහි වේනවා මේ රාජ්‍ය තාමයි මායිත්‍රි බුදුන් බිහිවාන්නේ මේ කලේමිනිස්සුන්ට ඔන තැනකට අහාසින් යන්නපුලුවාන් කේතු මති රාජ්‍ය පලනය කරන රාජුට ඉර්දි බාල ඇත්තු පාහාල වේනවා මෙවා ගේ කලේක තමායි ලංකාවේ මායිත්‍රි බුදුන් සමනල කන්දේ සිරිපාතුල පිහිට වාන්නේ

  • @sandundevinda4706
    @sandundevinda4706 2 ปีที่แล้ว +3

    කත දෙකක් නෑ සුපිරී❤️

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 ปีที่แล้ว +1

    ඉතාමත් දුෂ්කර ගමනක් . අපේ තරුණ දරුවන්ගේ නොපසුබසිනා වීර්යය , උත්සාහ ය ගැන ඉතාමත් සතුටුයි . ලස්සන දුෂ්කර අත්දැකීම බෙදා හදා ගත්තාට සතූතියි . සුබපතනවා ඔබහැමට

    • @NadeeshVlogs
      @NadeeshVlogs  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අගය කිරීමට.

  • @talesofgayan
    @talesofgayan 2 ปีที่แล้ว +2

    ලස්සනයි! අපිත් මේ දැරණියගල පැත්තෙන් ගිහින් සිරිපා කරුණාකරල ගෙදර ආව විතරයි🥰💚

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      ස්තූතියි 🙏🙏

  • @Tharusha_Dilhara_09
    @Tharusha_Dilhara_09 2 ปีที่แล้ว +2

    කොළඹ ඉදලා බස් එකේ යන්නෙ කොහොමද ආරම්භක ස්ථානයට අයියේ...ඇත්තටම වටිනවා වීඩියෝ එක සුපිරි දිගටම තවත් ලස්සන වැඩ කරමු ❤️🤟

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว +1

      දැරනියගල ගිහින් දැරනියගලින් උඩමාලිබොඩට යන්න පුළුවන් එතන ඉදන් ත්‍රීවීල් එකක යන්න පුළුවන්

    • @deshanjeewantha6978
      @deshanjeewantha6978 2 ปีที่แล้ว

      අවිස්සාවේල්ලට ඇවිල්ලා අවිස්සාවේල්ලේන් දැරනියගල බස් එකෙ දැරනියගලට පැමිනෙන්න.. දැරනියගලින් මලිබොඩ බස් තියෙයි..

  • @dasunkaushalya2912
    @dasunkaushalya2912 ปีที่แล้ว +1

    ඒක මරු 👌

  • @madhunikamadhagamgoda4293
    @madhunikamadhagamgoda4293 2 ปีที่แล้ว +3

    Aththatama lassanai

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 🙏 🙏

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +3

    ඔයාලගෙ විස්තරකිරීම් හරිම පැහැදිලියි 👌👌

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🙏 🙏

    • @sasikanamal5245
      @sasikanamal5245 2 ปีที่แล้ว +1

      @@NadeeshVlogs 🙏🙏

  • @sunimaldemel8215
    @sunimaldemel8215 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @ereshmadhushanka
    @ereshmadhushanka ปีที่แล้ว +1

    Sadu sadu

  • @lahirumahaliyana1798
    @lahirumahaliyana1798 2 ปีที่แล้ว +1

    කරුණාවයි 🙏🙏🙏 Superb video Aiye 😍❤️

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏

  • @hasithamadu8476
    @hasithamadu8476 2 ปีที่แล้ว +1

    🙏😍😘 කරුනාවයි 💪

  • @watenpiten-9810
    @watenpiten-9810 2 ปีที่แล้ว +1

    Video එක 👌

  • @nchessacademy7918
    @nchessacademy7918 2 ปีที่แล้ว +1

    Niyamai

  • @maleeshapasindu
    @maleeshapasindu 2 ปีที่แล้ว +2

    supiri

  • @chamindaja6839
    @chamindaja6839 2 ปีที่แล้ว +1

    Appreciations to නිප්පා and රෑන 💖👍⛰👨‍👩‍👦‍👦

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @user-tp6yk1rv7g
      @user-tp6yk1rv7g 2 ปีที่แล้ว +1

      චමින්ද අයියා බොහොම ස්තූතියි

  • @sithmikawya3912
    @sithmikawya3912 ปีที่แล้ว +3

    අද 2022/12/2 ඔයාලා වීඩියෝ එක upload කරලා හරියටම අවුද්දයි...වාරේ පටන් ගන්න දවස් 5❤️

  • @ayodyabandara2241
    @ayodyabandara2241 2 ปีที่แล้ว +2

    😊🙏

    • @user-tp6yk1rv7g
      @user-tp6yk1rv7g 2 ปีที่แล้ว

      අදුනනවද මාව 😂😂😂

  • @Miracleshappen2222
    @Miracleshappen2222 ปีที่แล้ว +1

    ❤❤

  • @dewmisenethma7844
    @dewmisenethma7844 ปีที่แล้ว

    Siripa karuna karnna kalin ganna ආදර්ශ bohomai

  • @nilupul_9595
    @nilupul_9595 2 ปีที่แล้ว +1

    🙏🙏🙏😍♥️

  • @TravelWithAyale
    @TravelWithAyale 2 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏

  • @madushanirodrigo1019
    @madushanirodrigo1019 2 ปีที่แล้ว +1

    Meya me yanna trip ekak da?neththam sripadaya karuna karannada ? Poddak wachana pavichchi karanna kapana karala .mokada saman dewiyange adawiya..yanna hadanne hoda gamanak.trip yanakota thiyena wachana set eka methanata sudusum nah.

    • @oshinifernando8168
      @oshinifernando8168 2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි වැරදි අඩූ පාඩූ පෙන්වා දෙනවට. 😇 රෝමානූ කතෝලික කෙනෙක් වන මම බූද්ධාගමේ ඇතැම් වචන නොදන්නා නිසා වැරදි සිදු වන්නට ඇති.
      නමූත් මගේ කෝඩූ කරුණාවේදී මගේ පැතුම පැතුවටත් වඩා ඉහළින් මට ලැබුන නිසා ඒ භාරය ඔප්පූ කරන්න හිතේ භක්තිය , කරුණාව , විශ්වාසය ඉහටත් උඩින් පුරෝගෙන සිරිපා කරුණාවේ නියැලුන බව අනිවාර්යයෙන් කියන්න ඕනී. සමන් දෙවිදුන් ගේ කරුණාව කෝඩූ වන්දනාවෙන් ම ලැබූන මම ට්‍රිප් එකක් හා සමන් දෙවිදූ වන්දනාවේ වෙනස හොදටම අදුරන්නේ නැත්තං මා මෝඩයෙකි.
      බර වචන කීමට නොදන්නා නමුත් උපරිම භක්තියෙන් තියන සෑම අඩියක්ම, කතා කරන සෑම වචනයක්ම සිදු කලා.
      කතා කිරිමේදී වැරදි ඇත්නම් සමාවෙන්න ❣️❣️

  • @sumuduniroshana9465
    @sumuduniroshana9465 2 ปีที่แล้ว +2

    හැටන්,, රත්නපුර , කුරුවිට , මුක්කුවත්ත , සදගලතැන්න , උඩමාලිබොඩ හැරුනම 7 වෙනි පාර මොකක්ද ?

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      දිය ඇලි අත්ත, පැරඩයිස් ඇල්ල පාර

    • @southernleader6605
      @southernleader6605 2 ปีที่แล้ว +1

      @@NadeeshVlogs මුක්කුවත්තෙන් යද්දිනෙ පැරඩයිස් ඇල්ල හම්බ වෙන්නෙ

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      @@southernleader6605 ඔව් පැරඩයිස් ඇල්ල වෙනකන් රජමලේ වත්තේ පහල ඉදන් වතුර පාර දිගේ උඩට එනවා.. ඒකට කියන්නේ පැරඩයිස් පාරකියලා

  • @pawaa00
    @pawaa00 2 ปีที่แล้ว +1

    මරේ වතු යාය ට හැටන් ඉදන් යන්නෙ කොහොමද . බස් එකක් තියෙනවා ද

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      මරේ වත්තට බස් තියෙනව හැටන් වල ඉදන්

  • @viyanathherath6166
    @viyanathherath6166 2 ปีที่แล้ว +1

    Mona kaleda Aware patan ganne bro

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      වෙසක් පෝයෙන් පස්සෙ දෙසැම්බර් පෝය වෙනකම් සිරිපා අවාර සමය

  • @sandunmaheeshasenavirathna8946
    @sandunmaheeshasenavirathna8946 2 ปีที่แล้ว +2

    Oyala ekka aye yana hike ekakata join wenna widiyak nedda?

  • @nadaya19
    @nadaya19 ปีที่แล้ว

    Ek ftt 🌿

  • @madhusankawickramarachchi4366
    @madhusankawickramarachchi4366 2 ปีที่แล้ว +1

    කවදද කරුණා කලේ

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว +1

      නොවැම්බර් 13,14