ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2015
  • ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයේ බිහි වූ අති විශිෂ්ඨ නිර්මාණයක් වන "ඇල්ල ළග වලව්ව" ටෙලි වෘතාන්තය, ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නිර්මාණයකි. තිර පිටපත මහාචාර්ය නිමල් සේනානායකයන්ගෙනි. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.
    සියවස් ගණනාවක් පැරණි පරපුරක උරුමය රැගත් ඇල්ල ළඟ වලව්වේ අවසාන උරුමක්කරුගේ අවසනාවන්ත ඉරණම ගැන කියවෙන මේ වෘතාන්තය, ත්‍රාසය, භීතිය, කුතුහලය සහ අනුකම්පාව කැටි කරගත් සම්පිණ්ඩනයකි.
    ජැක්සන් ඇන්තනී, සිරිල් වික්‍රමගේ, අයිරාංගනී සේරසිංහ, ලයනල් වික්‍රම, අචලා අලස්, රවීන්ද්‍ර රන්දෙණිය, සෝමලතා සුබසිංහ, දයා තෙන්නකෝන්, මංගලා කරුණාරත්න රංගනයෙන් දායක වන මේ ටෙලි නාට්‍යය 1988 වසරේ දී ජාතික රූපවාහිනියෙන් විකාශය විය.

ความคิดเห็น • 41

  • @ruwanchandika4353
    @ruwanchandika4353 5 หลายเดือนก่อน +20

    අපේ කාලේ ලස්සන කතාවක්..අපි පිං කරල තිබුන මේවගේ ලස්සන කතා බලන්න♥️♥️

  • @sunithafernando7638
    @sunithafernando7638 หลายเดือนก่อน +9

    සිරිල් වික්‍රමගේ,ජැක්සන් ඇන්තනී අති විශිෂ්ඨ රංගවේදීන්.අනේ ජැක්සන් ඇන්තනී අදත් හිටියා නම්

  • @nimeshasanjeewani6809
    @nimeshasanjeewani6809 หลายเดือนก่อน +5

    "ඇල්ල ලග වලව්ව" ලාදුරු රෝගය සුව කල නොහැකිය යන වැරැදි සමාජ මතයට අභීයෝගකල කලා කෘතියක්. කලාවෙන් වෛද්‍ය මිත්‍යාව පාලනයකල හැකි ආකාරය ප්‍රායෝගිකව කියාදුන් නිර්මාණයකි.
    1990 දශකයේ ලාදුරු රෝගය පිළිබඳ තිබු නොයෙක් මිත්‍යා විස්වාස වෛද්‍ය විද්‍යාවෙන් පමණක් වෙනස් කල නොහැකි නිසා මහාචාර්ය නිමල් සේනානායක ගේ තිර රචනයෙන් හා ධර්මසේන පතිරාජ ගේ අධ්‍යක්ෂනයෙන් නිර්මාණය වූ වෛද්‍ය සමාජ විද්‍යාත්මකව වටිනාකමක් ඇති නාට්‍යක්. සිරිල් වික්‍රමගේ අගනා රංගනය නාට්‍ය තවත් සුන්දර කලේය. ජැක්සන් ඇන්තනී, රවින්ද්‍ර රණ්දෙනිය, අචලා අලස්, අයිරාංගනී සේරසිංහ රංගනයෙන් දායකවේ. මෙහී සංගීතය අචාර්ය කේමදාසයන්ගේ.
    අතිතයේ බොහෝ ටෙලිනාට්‍යා සමාජයට වැදගත් පණිවිඩයක් මෙන්ම පුද්ගලයින්ගේ පෞර්ෂ වර්ධනයට විශාල පලපෑම් කලේය. වත්මන් නාට්‍ය කරුවන්ට ඉගෙන ගැනිමට බොහො දේ අතීත නාට්‍ය කරුවන් ඉතිරිකොට ඇත.

  • @krishokkumara4047
    @krishokkumara4047 ปีที่แล้ว +27

    කතාවෙ අවසානෙ අප්පු ගැන මහා දුකක් දැනුනා නේද හාම්පුතා වෙනුවෙන් කැපකරපු කැපකුරීම් ගැන බලද්දි ❤❤

  • @banukawijesooriya4841
    @banukawijesooriya4841 3 ปีที่แล้ว +16

    පට්ටෙට දුක දැනෙන කතාවක් 😣😣😣

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 ปีที่แล้ว +13

    ලස්සනයි ගොඩක් දුකයි 🙏😥😥

  • @thushanidissanayake6849
    @thushanidissanayake6849 6 ปีที่แล้ว +39

    අප්පු කෙනෙක් ගෙ ආදරෙ ,පුදුමයි ..ඉස්සර ටෙලිනාට්‍ය කොයිතරම් ලස්සනයි ද ?

  • @buddhikaamilasampathwerago1521
    @buddhikaamilasampathwerago1521 5 ปีที่แล้ว +13

    හරිම සංවේදී කොටසක්..

  • @maheshikahettige1587
    @maheshikahettige1587 2 ปีที่แล้ว +10

    Quality super music... 🌷

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 5 ปีที่แล้ว +11

    😢😢😢අනේ දුකයි කතාව පව් දෙන්නාම

  • @kamalperera7685
    @kamalperera7685 5 ปีที่แล้ว +11

    siril wickramage superb acting...

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 2 หลายเดือนก่อน +4

    Classics of the golden era...

  • @nadeeraswarnamali8396
    @nadeeraswarnamali8396 หลายเดือนก่อน +1

    මම මෙනාට්‍ය බලලා නැහැ මෙනාට්‍ය ව්කාශය කලා ටස්තුතියි

  • @erangapriyadarshani9775
    @erangapriyadarshani9775 ปีที่แล้ว +8

    Charitha sima wela,kathawa keti karala, adarashayak dila ,ada niruth nathuwa. Kochchara lassana me kathawa

  • @user-mc7if5hm7e
    @user-mc7if5hm7e 8 หลายเดือนก่อน +11

    අප්පු පව්😢😢😢

  • @nethunethubaba563
    @nethunethubaba563 6 ปีที่แล้ว +8

    godak duka hithena kathawaķ

  • @narmadasubashi9894
    @narmadasubashi9894 17 วันที่ผ่านมา +1

    ඒ කාලෙ මිනිස්සු විඳවලා මැරෙන්න ඇති . මේ කතාවෙ ග්‍රේෂන් අප්පො ගැන පුදුම දුකක් ඇතිවුනා

  • @user-mi4ro8wr7q
    @user-mi4ro8wr7q 2 หลายเดือนก่อน +2

    Beautiful

  • @sunittasunitta5724
    @sunittasunitta5724 4 ปีที่แล้ว +2

    Lassanai ❤❤❤❤👍👍👍👍

  • @mychannel-kt5qy
    @mychannel-kt5qy 2 หลายเดือนก่อน +1

    These teles were not only for entertaining but also for social awareness. Those days media was used to give msg to the society regaring social problemes.

  • @dilushanidilu6229
    @dilushanidilu6229 3 ปีที่แล้ว +11

    එහෙම විදවනවට වඩා මැරෙන එක නං සැපයි

    • @chathurikawaduge3712
      @chathurikawaduge3712 ปีที่แล้ว +2

      ලෙඩා ගැන මේ ඩොක්ටර්ට හරි කියන්න තිබුනා.

    • @henryt1199
      @henryt1199 หลายเดือนก่อน

      ​@@chathurikawaduge3712 ඒ කාලේ බෙහෙත් නැ , ලාදුරු වලට

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr 19 วันที่ผ่านมา +1

    Mara thathvika drama ekak

  • @pasandissanayake5961
    @pasandissanayake5961 3 หลายเดือนก่อน +5

    රූපවාහිනී යෙ ගියා 666 කියල කතාවක්... ඒක පුලුවන්නං හොයල දාන්නකො

    • @mychannel-kt5qy
      @mychannel-kt5qy 2 หลายเดือนก่อน

      Hemasiri liyange mahatmaya neda hitiye eke

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 หลายเดือนก่อน

      ​@@mychannel-kt5qyනෑ ඇනස්ලි ඩයස්

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp หลายเดือนก่อน

    Jaksnatani atatama viropine maredde.anemnda.godaklasaniy stutiobata

  • @anula8491
    @anula8491 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹

  • @mariyaciciliya3577
    @mariyaciciliya3577 5 ปีที่แล้ว +2

    අනේ අැයි ජැක්සන් අැන්තනිට ඔය වගේ නරක ලෙඩක් දුන්නෙ පවි

  • @priyankajayasinha2561
    @priyankajayasinha2561 5 ปีที่แล้ว +8

    Godak dukai 😥😥😥

  • @sandaruwansampath6785
    @sandaruwansampath6785 ปีที่แล้ว +1

    Landuru

  • @pathumkumarakumaragotaa7355
    @pathumkumarakumaragotaa7355 3 ปีที่แล้ว +3

    මොකදඒ ලෙඩේ

    • @s.s.8793
      @s.s.8793 3 ปีที่แล้ว +2

      ළාඳුරු

    • @dilushanidilu6229
      @dilushanidilu6229 3 ปีที่แล้ว

      ඕහ් එතකොට ලාදුරු කියන්නේ ඒකට

    • @DaysofaMarineEngineer
      @DaysofaMarineEngineer 2 ปีที่แล้ว

      ලාදුරු . එහෙම නැත්නම් Hansen's disease කියලා කියන්නෙ මයික්‍රො බැක්ටීරියම් ලැපරේ නිසා හැදෙන සමේ රෝගයක් .ඒක ස්නායු වලටත් බලපානව. ආසාධිත පුද්ගලයෙක්ගෙ කෙල, සෙම සහ ශ්‍රාවයන් දීර්ඝකාලයක් ස්පර්ශ වුනොත් මේ රෝගය හැදෙනව. වර්තමානයේ නම් නිට්ටාවට සුව වෙන්න පූර්ව හඳුනාගැනීමකින් පුලුවන් උනත් ඉස්සර කාලෙ මේක හරිම බයානක ජනවහරෙ හැටියට කාලකන්නි ලෙඩක් විදියට සැලකුවා.
      බොහොදුරට මුල් අවධියෙදි අත්වල හිරි වැටීමෙන් ආරම්භ වෙලා පසු කාලිනව ඇස් මුහුණ ඇඟිලි පුරුක් වල වේදනා රහිත තුවාල ඇති කරනව.මේ තුවාල එන්න එන්න ලොකු වෙලා ස්නායු සන්වේදනය නැත්තටම නැතිවෙලා ඇඟිලි පුරුක් හැලිලා යන්න ගන්නව. ලෙඩේ සුව වෙන්නෙ රෝගියා විරූප වෙලා හම තද ගොරෝසූ වෙලා ..ඉස්සර ලාදුරු රෝගීන්ට නිශ්චිත ප්‍රතිකාර නැති නිසා ඉන්න තැනින් වෙන් කරලා ලාදුරු රෝගීන්ටම හදපු ගම්මාන වලට යවනව. නැත්නම් සොයා බැලීමක් නොකර ගෙදරින් වෙනම.මඩුවක තියලා තියනව...
      සමිතා එරන්දති මුදුන්කොටුව ගායනා කරනව ඉර පායා ...ඉරපායා .කියන ගීතය ලාදුරු රෝගයට මිනිස්සුන්ගෙ බියවීම නැති කරන්න ලියවුන ගීයක්

  • @user-mc7if5hm7e
    @user-mc7if5hm7e 8 หลายเดือนก่อน +3

    අප්පු පව්😢😢😢