ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එක පාරක් කියවපු, ආයෙත් කවදාවත් නොකියවන පොතක්..........හිතේ මහ බරක් එක්ක මහා මානව දයාවක් ඇති කරවන රචනයක්. අති විශිෂ්ඨයි!!!!!!ගීතය ඒ කම්පනය අලුත් කළා......
Ow❤️😭
හරියම හරි....
mokadda e potha
Senkottan--mahesh masibula
Buddhika De Costa ඔය ටික කොමෙන්ට් කරන්න ආවෙ. මට කියන්න දෙයක්නැ
සෙංකොට්ටං යනු පිරිමි ඇහැකට කදුලක් ගෙනෙන යුගයේ විශිෂ්ටතම නවකතාවකී 🧡
Sahathika aththa 😍😍
පොත කියවනකොට ඒ මැවිච්ච සිදුවීම හරි ලස්සනට සිනමාපටයකට ගැලපුනා. කවදාඑරි කතාව ෆිල්ම් එකක් කරන්න ඕනේ කියලා හිත කියනවා. තාම පොඩියි ඒත් මස්ඉඹුල සර්ගේ අවසරය ලැබුණොත් තව අවුරුදු 10 කින් විතර සෙංකොට්ටං චිත්රපටියක් කරනවාමයි
Good luck
🙏
Hmmm eka hoda adahasak, api balan innawa,
Yes good idea ,but if we do that our imagination will be limited...so I think we must give some space to our reader to imagine their own characters...keep going..🔥
අනිවාර්යයෙන්ම කරන්න ඔනෙ Good luck💜💫
සෙංකොට්ටන් පොත කියවද්දි හිතේ මැවුන චිත්ත රූප ඒ ආකරයෙන්ම වීඩියෝව තුළ අන්තර්ගතයි. පොත කියවල ඉවර උනාම දැනුනු හැගීම ගීතය තුළින් ද දැනෙනව.
පොත කියවලා සින්දුව අහද්දි.. හිතට දැනුනු දුක සහ වේදනාව වචනයෙන් කියන්න බැරි තරම් සන්වේදී... පොත කියවා නොහැඬූ කෙනෙක් නැතිව ඇති..
අනිවාරයෙන්ම
එක පාරක් කියවලා ආය කවදාවත්ම කියවන්නේ නෑ කියලා හිතුව කතාවක් 😢😢ඒත මේ සිංදුව නම නිතරම අහනවා❤❤❤
ඇත්ත...ජීවිතයේ කියවපු සංවේදීම පොත😢
පොතත් කියවලා සින්දුවත් අහනකොට දැනෙන හැගීම වචන වලට කොහොම හරවන්ද😥
"සෙංකොට්ටං" මේ දශකයේ මා කියවූ විශිෂ්ටතම නිර්මාණයක් ❤️
එකපාරයි කියෙව්වේ ආයෙත් සැරයක් කියවන්න අතට ගන්නවත් හයියක් නෑ.පුදුම තරම් ලස්සන විශිෂ්ඨ වගේම දුක හිතෙන කතාවක්..සින්දුවත් ඒ වගේමයි.පද රචනය,ගායනය,සංගීතය,රූප රචනය ඔක්කොම ලස්සනයි.❤️💛💜️💚💐💐
මොණරැ නටනා ගල්තලාවේ දිය කලා ජීවිතය මොණරිය අපුල්ලන්නිය වුනත් ඈ හට නොහැකිවිය සිත අපුල්ලාන්නටඔබයි පොඩිනෝ ඒ කතාවේ මගේ හදවත සසල කල මොණරිය .....
❤
ගොඩක් කල් කියවන්න ආසවෙන් උන්නට අද තමයි මේ කතාව කියවල ඉවර උනේ...ආයෙ ආයෙ කියවන්න හිතුනත් කියවන්න හිත දෙන් නෑ...ඒ තරමට දුකයි...පොඩින කතාව ඉවර වෙනකල්ම හිටියනම් කියල හිතුන😢මේ සින්දුව අහද්දී ඇඩුන ඇත්තටම 😢 විශිෂ්ටතම නිර්මානයක්...
ගුරු ගීතයට පස්සේ හදවතටම දැණුන පොතක් සෙංකොට්ටන්. ඒ අපූරූ වූ සුවඳේ කතාන්දරය නැවත සිහි උනා.
Me too
Atta
අනිවාරෙන්ම
Aththamai ♥️
මම කියවපු ලස්සනම කතාව. සින්දුවත් ලස්සනයි. Drama එකක් හරි film එකක් හරි කරන්. පොත කියොල අවුරුදු 3,4ක් වෙනව තාමත් මෙ කතාව ඔලුවෙ තිනව. All the best !
මගේ ගමට ඔබතුමාගේ ගමට දුන්න වටිනාකම ඉහලයි.. අපි අදටත් යන එන තැන් මේවා.. මස්ඉඹුල සර් මගේ වීරයෙක්
පොත කියවද්දි දැනුනු දුක දෙතුන් ගුනයකින් අලුත් වුනා
කියවලා තියන ලස්සනම පොත වගේම ආයෙ නොබලන්නම තීරණය කරපු පොතක් . පොඩිනව කතාවෙන් අයින්කරපු විදිහ මතක් වෙද්දි අදටත් පොඩි තරහක් තියනවා මස්ඉඹුල මහත්තයත් එක්ක .
පොත කියවනකොට මැවෙන චිත්ත රූප, දැනෙන හැගිම් ගීතය අහද්දිත් රූප රචනය බලද්දිත් එක විදිහටම පපුව රිද්දනව..එදා වගේම අදත්...💖
කියවපු හැම ඇහැකින්ම කදුලක් වට්ටපු පොතක්.ආදරේට පුළුවන් ඕනේමනම් මරලාම දන්න උනත්.ආදරේ කියන්නෙ එච්චරටම හයි හත්තිය තියෙන දෙයක් 😢😢
හුස්මට කලින් උඹ මගෙ හදවත මැරුවා...
පොත කියවලා ඉවර කලාම ඇස් දෙකට පිරුනු ඒ කඳුළු බිංදු අදත් ඇවිදින් පොඩිනොගේ නමට.අනේ උඹ වගේම තවත් ගැහැනු කී දෙනෙක් නම් ආදරේ නාමයෙන් රැවටිලා රාගයට අහු වෙලා පස් යට හිර වෙන්න ඇතිද..ඒ වචන මස්ඉඹුල සර්ට කොහෙන් ආවද මන්දා.ගොඩාක් ලස්සන නිර්මාණයක් .ඒක නිර්මාණයක් නෙමෙයි ඇත්තම ඇත්තක්...
මටත් හිතෙනවා මේක ඇත්තටම උන දෙයක් වගේ
කුල ගෝත්‍ර කුමක් වුවද පොඩිනා තුල මොලොව සියලු ගැහැණුන් සැඟවී ඇති බව පෙනේ
True
පොඩිනෝ මොකද්ද බන් උබට උන මේ අපරාධය පොත ඊයෙ කියෙවුවේ තව වෙනකම් මේ හැමදෙම හිතේ දුවනවා මතක් වෙනවාකිසිම පොතකින් මේ වගේ දැනුනේ නෑ
පොත් කියවද්දී හිතේ මැවුන පොඩිනම,හිතේ මැවුන ගල් තලාවක්,හිතේ මැවුන ගෙදරම,(මිදුල නම් ඊට වඩා එළිමහනක විදියට මැවුවෙ) හිතේ මැවුන මූකලාන ම කොහොමද සින්දුවට ආයෙ කියලා හිතෙනවා.. කතාවෙ එක තැනක පොඩිනා අර මිනිහා හමුවෙන්න අවසාන යට යන තැන දරුවා කිහිප වරක් මතක් නොවුන එක පුදුම වුනා..එහෙත් ජය හා සතුට පතනවා..
මේක අහද්දි මාර වේදනාවක් හිතට දැනෙන්නෙ පොඩිනාව හිතේ මැවුනු රූපයට ගොඩාක් සමානයි මේ රූපය.❤🥺
අනේ ඔව් මගේ කෙනෙක්ට වුණා වගේ දුකක් දැනෙන්නෙ පොඩිනා ගැන 😢😢😢
කියවලා ඉවර වෙනකොට හිත බර වෙන පොතක් මට...මේ සිංදුවේ පොඩිනාගේ මුළු කතාවම තියෙනවා..ඒ ඔක්කොම මැවෙනවා..පොතේ පිටු ගානක් පද කීපයකට අරන් තියෙන විදිය ලස්ස්නයි..
නවකතාවක දැක්ක දුක හිතෙනම මරණය මම දැක්කේ පොඩිනාගේ මරණය , හිතේ කොයිතරම් දෙවල් තියන් අන්තිම හුස්ම යවන්න ඇත්ද
මම කියවපු හොදම නවකතාව . මනික්කාවත වගේ පුන්චි තිරයෙන් දකින්න .මග බලන් ඉන්නේ. මේ ගීතයේ පොඩිනගේ චරිතයට රගපාන කෙනා ඒ චරිතෙට හොදටම ගැලපෙනවා . සෙන්කොට්ටන් ටෙලි නාට්‍යකට හැදුවොත් එයා තමයි හොඳටම ඒ චරිතෙට ගැළපෙන කෙනා .
දෙවියනේ ඒ සිංදුව.. කතාව තරම්ම හිත තවත් බර වුණා..😥
සෙන්කොට්ටන් පොත කියවලා මේ සින්දුවත් ඇහුවම දරාගන්න බැරි අමුතුම වේදනාවක් දැනුනා 😢😢
පොත කියවලා ඉවර වූණාම හිතට මහා කියන්න බෑරි අමූතු බවක් දැනෙනවා. ගිතය ඇසූවමත් එය එසේමය.
ඒ පොත කියවන ඕනම කෙනෙක්ට ඇඬෙනවා
පොත කියවලා මේක ඇහුවහම පපු කැනත්ත කඩාගන යන තරම් දුකක් දැනෙනවා.හදවතට කතා කරපු ඒ කතාවත් එක්ක හදවතට දැනෙන මේ ලියවිල්ල මිනිස් සිත් ප්‍රබල ලෙස ඇද බැද ගැනීමක්.👌
කාලයක් පෙරුම්පුරලා පෙරේදා ගත්තු පොත ඊයේ කියවලා ඉවර කරා හරිම ආසාවෙන්බාල නවකතා චිත්‍රපට ටෙලිනාට්‍ය ලෙසින් නිර්මාණය වෙන මේ කාලයේ ඇයි සෙංකොට්ටං වගේ අග්‍රගණ්‍ය නවකතාවක් චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යකට නගන්නේ නැත්තේ මස්ඉඹුල සර්ගේ වචන වලට ඔබේ හඬ ඉතාමත් ලස්සනට ගැලපිලා කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑආසයි පොඩිනා,නම්බු හේනයා,බබා හේනයා වගේම වීරප්පුලි ගේනයා,මල්මා රිදී,හීන් රිදී ,ගුණ රාළහාමි ,රම්බරී වගේ ආදරණීය චරිත මෙන්ම අනගිහාමි බබානිස් යන අය රිදී තිරයෙන් හෝ රූපවාහිනීයෙන් දැක ගන්න....එවන් දෙයක් කිරීමට සිත් පහලවේවා......බාල බොලද ඉන්දියන් ටෙලිනාට්‍ය පෙන්වා ඔලුගෙඩි නරක්කරවන මේ කාලයේ මෙවැනි දෙයක් රසවින්දනයට ලබාදේනම් එය මේ පොත කියවූ පාඨකයන්ට කරන්නාවූ කෘතගුණ සැලකීමක් සේ දකිමි
Yes. Film ekak,,drama ekak widiyata balanna thibuna nam..
ලඟදිම සෙංකොට්ටං චිත්‍රපටයක් ලෙසත් මාණික්කාවත ටෙලිනාට්‍යක් ලෙසත් අපට දැක ගන්නට හැකිවෙනවා..... 👍👍👍👍
Ou ehema balanna thiyanawa nm godak hodai. I
මිනිස් ජීවිතය මෙච්චර හොදට විග්‍රහ කරනන පුලුවන් කියා දැන ගත්තේ පොත කියෙව්වම.කුල බෙදීම නිසා පීඩිත අහිංසක සමාජ පන්තිය වීරප්පුලි හේනයා චරිතය නිරූපණය කරනවා.ලිංගිකත්වය,ආශාව,ආතතිය,පීඩනය,දුකක් දෝමනස්සයන් මෙකී නොකී හැම සමාජ පැතිකඩක් ලස්සනට කියා පානවා... අලංකාර කතා ශෛලිය කියවන්නා අමුතු ලෝකයකට ගෙනයනවා..
ඇයි එහෙම වුණේ කියලා පොත විසි කළා , ආයේ කවදාවත් කියවලා වැඩක් නැ කියලා. අද ආයේ ඒ මූසල ඉරණම කනට ඇහෙනවා ඇස් දෙකට පෙනවා. කොච්චර සංවේදී ද මම කියලා හිතෙනවා!!! පොඩිණෝ
මටත්
සෙංකොට්ටං ❤️ වචනයේ පරිසමාප්තියෙන්ම විශිෂ්ඨ වූ අකුරු ගෙත්තමකි..ඒ අවසානය කොයි තරම් නම් සංවේදී ද යත් හැඩුම වලකාලීමට හෝ සිතක් නැති විය.මොහොතකට එවැනි මිනිස්සු මා හට දිනක හෝ මින් පෙර මුණගැසුනාදෝ කියා සිතින් විමසන්නට විය.එසේ වී නම් උන්ට වූ ඒ අසාධාරණයට හඩක් නැගිය යුතු යැයි සිතුණි. එතරම් ම එය මනංකල්පිතයක් යැයි නොහැගේ..මස්ඉඹුල මහතාණෙනි ❣️ඔබගේ ඒ අසමසම වූ හැකියාව විස්මිතය.ඔබට ජය..👍..අවසනයේ යමක් කියමි පොඩිනෝ. උබ තරම් මා හැඩවූ වෙනත් ග්‍රන්ථ චරිතයක් නොමැත ✨️
පොත කියවපු ගමන්ම අහම්බෙන් මේ ගීතය දැක්කේ. හිතින් මවා ගත්ත රූප ඒ පරිසරය මේ ගීත රාමු තුලින් හදවතටම දැනුනා..කිසිම දවසක නැවත නොකියවන්න හිතා ගත්ත පොතක් සෙංකොට්ටන් ඒ වගේම මාණික්කාවත මොකද කවදාවත් ඒ හිතට දැනුන හැගීම ඒ බර හිතෙන් මැකෙන්නේ නැති නිසා.
ගැහැනියකගේ හදවතේ නැගුන අපිරිමිත සෙනෙහස හදුනා නොගත් ජඩ නිලමේලා අදත් ඉන්නවා. පොඩිනා ඇය මගේ ඇස තෙත් කල ගැහැනියක්
හදවතට කතා කළ, ඒ අපූරු සුවඳේ කතාන්දරය, නෙතට කඳුලක් හිතට බරක් එක් කළේ, පීඩාවන්ගෙන් මිරිකුනු මිනිසුන්ගේ දුක දැනෙනා අයුරින් අකුරු කල මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ හැකියාවෙන්ය. මනසට දැනුණා වූ ඒ කතාන්දරය දෑසට සවනට සහ මනසට විඳිය හැකි ලෙස සහ හදවතට දැනුනා ලෙස ඒ බරෙහි මතකාවර්ජනයක් ඇති කිරීමට, රනිල් මුදුන්කොටුව, රෝහන වීරසිංහ සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ යන දැවැන්ත සංකලනයෙන් බිහිවූ "පොඩිනා" නිර්මාණයෙන් හැකියාව ලැබී ඇති බවට, ඇසග මතුවූ කඳුල සාක්ෂි දරයි.
හිතවතෙක් කිව්වා පොතක් තියෙනවා හොයාගන කියවපන් කියලා.., එත් උනන්දුවක් තිබ්බේ නෑ.., උ නිතරම ඇහුවා උබ පොත කියෙව්වද කියලා උගෙ බලකිරීමට උගෙන් පොත ඉල්ලුවත් උ දුන්නෑ හොයාගන කියවපන් කිව්වා .., පස්සේ හොයාගන කියෙව්වා ..., එක දවසින්ම කියවලා ඉවරකරා පස්සේ තමා තේරුම් ගත්තේ ඇයි උ ඒ තරම් බලකරේ කියලා ... ඇත්තටම කියවන්න වටිනා කාතාවක් .. ගීතයේ පද ඒතරම් රසවත් නැතිදෝ පොඩිනෝ සංසාරයට ආයෙත් වඩින්නේ ......ස්තූති (සෙංකොට්ටං )
එක හුස්මට කියවපු එකම පොත❤
"සෙංකොට්ටං" හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරපු පොතක්. ඒ වගේම රනිල් ඒ feeling එක එලෙසම මතුවෙන්න ගායනා කරනව. හදවතින්ම සුභපැතුම් රනිල් 👍
පොඩිනා නොමැරුණානම් කතාව මේ තරම් සංවේදී නොවෙන්න තිබුණ වගේම ගැහැණු සහ පිරිමි හිතක් මේ තරම් සංසන්දනය නොවෙන්නත් තිබුණ.
පොතේ මැවුණු චිත්ත රූප ඒ විදියටම තිබුනා.ආයෙත් ඒ මූසල දරාගන්න බැරි හැගීම හිතට ආවා.ලස්සන නිර්මාණයක්.තව අවුරුදු සීයක් ගියත් පරණ වෙන්නේ නැති ඒ සානුකම්පිත හැගීම😢.මස්ඉඹුල සර්ට ගොඩක් පින්.මේ වගේ ලස්සන නිර්මාණ රටට දායාද කරනවට❤.කවදාවත් කියවලා අමතක කරන්න බැරි නිර්මාණ සර්ට තියනවා.රටට වටිනා සාහිත්‍යය නිර්මාණ කරුවෙක්🙏
හදවතට දැනුනු එකම කතාව පොඩිනා අදටත් ජීවමානය් සින්දුව ඇහෙනකොට ආයෙත් හිත පොත ඇතුලටම දුවනවා"සෙංකොට්ටන් හිතට වැදුන අකුරු ගෙත්‍තම "
මං දැන් මේ මොහොතේ තමයි සෙංකොට්ටන් නවකතාව කියෙව්වේ...🥺 මේ දැන් මේ ගීතයත් අහනවා 🥺 හරිම දුකක් හදවතටම දැනෙනවා......😥
මමත් මේ දැන් පොත කියවලා ඉවර වෙලා ගීතය අහන්න ආවේ
අවුරුදු දෙකකටකලින් මම දාපු කමෙන්ට් එකක්..තාමත් ඒ හැඟීම එහෙමම දැනෙනවා..❤
සමහර මිනිසුන් හෙලන ලද තරමක් ගනකම් සුසුම් හේතුවෙන් වා තලයේ යම් බරැති ස්වභාවයක් පමණක් දක්නට ලැබුනි ❤😥I really felt thizz 🥺❤️🩹
පොත කියවල ඉවර වෙද්දි ලොකු හුස්මක් ගත්තා. හිතට පුදුම බරක්,වේදනාවක් දැනුන පොතක්. පොඩිනාගෙ අවසානය මස්ඉඹුල මහතා ඒ තරම් වේදනාකාරීව දැන්නුවෙ කොහොමද කියල මතක් වෙනව මේ ගීතය අහද්දි.
මගෙත් පපුව හිර වෙලා වගේ තියෙන්නේ
කතාව ඇතුලෙ තුබුන පරිසරය වටපිටාව එ විදිහටම විදින්න පුලුවන්, කතාව අවසානයේ හිතට ආපු දුක ගීතය අවසානයේ තවත් අලුත් උනා...❤
අද අහම්බෙන් දැක්ක නොටේශන් එකකින් පස්සේ සිංදුව හොයන් ආවේ කතාව කියවද්දි ඔලුවේ ඇදුන රූපමයි ඒ විදියමයිදෙපාරකට වඩා පොත කියෙව්වාපලවෙනි පාරම ඔලුවටම වැදුනා කතාවඅදටත් සමාජේ කුල ප්‍රශ්න අනන්තවත්😔හණමිටිකාරයොන්ගෙන් ඒවා අයින් කරන්න හරිම අපහසුයි ඉතින්ජය වේවා මේ නිර්මාණය සුපිරියිඅද මම තවත් මේ වගේම නිර්මාණයක් දැක්කා සමන් ලෙනින් මහතාගේ ඒකත් අහම්බයක්හැබැයි මේ ඔක්කොම සුපිරි නිර්මාණ ඔබගේ හැකියාව අගය කරනවාඔබට ජය💪👍
රනිල් මුදුන් කොටුවගෙ කටහඬ ඇහුවේ අදමයි.කාලෙකින් අහපු සුපිරිම Voice එකක්.....ගායකයෙක් ලෙසින් ඉදිරියට යන්න එකෙන්ම පුළුවන්සුබ පැතුම් රනිල් .................
කුල මල වලට මිනිසුන් බෙදා එක් මිනිස් කොට්ටාසයක් පයින් පාගා දැමූ අමිනිසත් කමත් එය පරයා නැගුනු මිනිසත් කමත් මනාව විදහා දැක්වූ විශිෂ්ට නිර්මාණයක්..ඇත්තටම ඇසට කදුලක් නැගුනා..❤️ ඉදිරියටත් මානව දයාව සංවර්ධනය කරන්න මේ වගේ විශිෂ්ට කෘති බිහි වේවා ..
මම කියවපු ලස්සනම නව කතාවක් .....හිත ගොඩක් hiriwetuna....මෙ song eka බලද්දී .....පොත වගේම හදවත bara වුණා සිංදු වට ....ඇත්තෙන්ම ආයෙත් පොත කියවන්න හිතුණා ...victor සූරතිස්ස ...බබා henaya....හැබවින්ම හමුවුණා වගෙයි දැනුණේ ...
වරුවක් ඇස්වලට කදුලක් ගේනපු පොතක් සෙන්කොට්ටන් පොත.. ඒ සෙන්කොට්ටන් ගෙඩිවල සුවද දැනුනා පොත ඇතුලෙන් ගැමිකම අපූර්වයෙන් චිත්‍රනය කරලා තිබ්බා ආසයි ..ඒ පොතත් එක්ක මේ සින්දුව වචන කරගන්න බැරි හැගීමක් ❤️😊
ඇත්තටම නවකතාවෙ එක් දුක්බර කොටස ලස්සන රූප රචනයක්,ගීතයේ භාවයෙන්,සංගීත සංයෝජනයෙන් නවකතාව සියදහස් ගුණයක් රැව් දෙනවා.ශ්‍රී ලංකා සාහිත්‍යයේ විශිෂ්ටතම කෘතියක් ❤❤❤
කතාව කියවද්දි හිතේ මැවුණු රූප ඒ විදිහටම මේ ගීතයෙ.......
මේ පොත .......පොඩිනා..පුදුම විදියට හිත සසලකළ චරිතයක්.මෙච්චර ජීවියෙකුට පණ දෙන්න පුලුවන් භාෂාවක්..හරිම පුදුමයි .ඒ වචන.ඒවගේම මේ ගීතයද හරිම ලස්සනයි .පද,සංගීතය,ගායනය අනර්ඝයි ..පොඩිනෝ......ආයි මේ සංසාරෙට වඩින්න එපා.හරිම දුකයි මේ සසර ගමන 😢
මේ තරම් හිතට දැනෙන පොතක් ලංකාවෙ රචකයකුගෙ අතින් බිහි වෙනවා කියනනෙ මොන තරම් දෙයක්ද 😊😊😊😊
අවුරුදු කීපයකටකලින් පොත කියවලා ඉවර වෙලා මේක අහද්දි දැනුනු හැඟීම තාමත් දැනෙනවා..පරණ නොවන තවත් එක් නිර්මාණයක්! ❤
ඒ වචන අතරේ හමා ගිය කදුලක සුවදත් දහසක් වූ පැතුමක සුවදත් ආයෙත් විදින්න පුලුවන් වුණා.සදා නොමැකෙන කතන්දරයක්...
පොත කියවද්දි හිතේ ඇදුනු චිත්තරුප ඒ විදිහට ම මේ විශුවල් එකේ දැක්කම හිතුනෙ හැම කෙනෙක්ටම එකම රූපයක් මැවෙන විදියට සර් පොත ලියලා නේද කියල.සාහිත්‍ය රසය ගැබුරටම විදපු විශිෂ්ට ම නිර්මානයක්
පොත කියවද්දි හිතින් මවා ගත්ත විදිහමයි පොඩිනා...හරිම ලස්සන සිංදුවක්❤️❤️
පොත කියවද්දි ඒ දැනෙන හැඟීම සින්දුවේ හරිම ලස්සනට තියෙනවා ❤️🩹
අමුතු වේදනාවකට ඉඩක් නොතිබුණු අතර ,ඉන් පසු එළඹියේ ඝන අන්ධකාරයකි.... පොඩිනාට නොදැනුණ පොඩිනා කියවපු මට දැණුන ඒ අන්ධකාරය තාමත් මාගේ හිත වෙලාගෙන ඇත සෙංකොට්ටන් මේ හිතට එක කල මේ බර සැමදා මගේ හිත තුල නිධන් වනු ඇත....🥺
එක හුස්මට කියෙව්ව පොතක් ❤️මතුපිටින් පේන දේටත් වඩා ප්‍රේමය විවාහය කියන සමාජීය කාරණා ගැබුරෙන් ; හිරිමල් වයසේ හැම ගෑනු ලමයෙක්ටම හිතලා බලන්න ඉතුරු කෙරුව පොතක් !
ජීවිතේ කියවපු ලස්සනම සංවේදීම පොත සෙංකොට්ටන්❤️ගැමිත්වය,කුල ගැටුම ලස්සනට අකුරින් රසික හදවතේ චිත්තරූප මැවෙන විදියට ලියපු මේ පොත වගේ පොත් අපේ සිංහල සාහිත්‍යට ආභරණයක්..
Aniwarenma 👍
මේ දවස් වල මම පොත කියවන ගමන් .. මටව්හිතෙ මැවුන රූප මේකෙ එහෙම් පිටින්ම තියනවා. විශේශයෙන්ම පොඩිනාගේ හැට්ටය තිබුනු තැන වගේ... මේ කතාව හරි ලස්සනයි❤
සෙංකොට්ටන් වගෙම මේ ගීතයත් හිතට දැනෙනවා......
වචනවලින් කියාගන්න බැරි තරම් අමුතු වේදනාවක් හැගීමක් දැනුනා පොත කියවද්දී...සියලු රසාංජනයන් කැටි කර ලියපු සෙංකොට්ටන් කියවාදි හැම සිද්ධි ජාලාවක් ම මනසේ චිත්‍රණය වුනා කිව්වොත් නිවැරදියි...ඒ තරම් රසයි ..ජීවිතය මොනතරම් ගැඹුරුද..මිනිස්සු මොනතරම් කුහක ද හිතුනා අවසානේ..හදවත කම්පා කරන අපූරු නිර්මාණයක්..ඉතින් සම්මාන නොලැබී කොහොමද..මසිඹුල සර්ගෙ පන්හිදට තව තවත් නිර්මාණ කරන්නට ශක්තිය ලැවේවා..
ජීවිත කාලෙටම හිතේ රැදුන ඒත් ආයෙම කියවන්න බය හිතෙන එකම කතාව සෙංකොට්ටං වේවි. ඒ තරම් පුංචි කඩදාසි කොළ කීපයකට පුළුවන් වුනා අන්තිමේ දරාගන්න අමාරුම බර හුස්මක් එක්ක ජිවිත කාලයටම මේ චරිත ජීවමාන කරන්න. ආයෙමත් කියවන්න පොත අතට ගන්න තරම් හිත හයිය නැති මම වගේ හැමෝටම මේ ගීතය වස්තුවක්. කතාව පුරාවටම දැනුන රෙදි තම්බන සුවද මේ වචන වලත් දැනෙනවා. මේ කටහඩෙත් දැනෙනවා. 🥺❤️ පුංචි බෝ පැලේ මහා විසාල බෝධිරාජයෙක් වෙන්න ගිය කාලයක්, මේ ගීතය විතරක්ම අහ අහ පොත් ඇතුලෙ ජීවත් වෙයි. 🥺
දවසකට පාරක් ඇවිත් අහලා යනවා. ඒ තරම් හිතට දැනෙනවා.
ඒ කතාව එහෙමම මැව්නා මේ සිංදුවෙං වීඩීයොවෙං. හිතේ මැව්න පොඩිනමයි.. මං ජීවිතේ දැක්ක ඇත්තටම සුන්දරම සුන්දර නාරිලතාවක්.. මේකප් බිංදුවක් නැති..
සෙංකොට්ටන් පොත පුරාවටම තිබුණු ඒ සුවද සින්දුව පුරාවටම දැනුණා...මස්ඉඹුල සර් ඒ පොත මගෙ ජීවිතේ මන් කියවපු හොදම පොත....
කුතුහලයෙන් කියවපු පොතක් . හිත ඇදිලා ගිය .. ජීවිතයෙහි යථාර්ථය කියල දුන් නිර්මාණයක් .😊
සමාජය ගැන හොඳ අර්ථකථනයක් ලබා දෙන පොතක් මේක..
කුල භේදය, බොරැව, ආදරය, කාම ආශාව,විස්වාසය, ඉවසීම, ගැන ගෙඩක් දේවල් කියලා දිපු ලස්සන නවකතාවක්...😶🥺😔බබා හේනයා 🥺
මේ දැනුයි සෙංකොට්ටං කියවලා ඉවර වුනේ. අවුරුදු ගාණකට පස්සෙ පොතක් කියවලා ඇහැට කඳුලක් ආවා. කියවු විශිෂ්ටතම පොතක් ❤️❤️❤️
සෙංකොට්ටං පොත් කියවද්දි මැවුන චිත්තරූප,ගීතය තුලින් තව දුරටත් මවා පෑවා ,ඉතාම සාර්ථක යි නිර්මාණ දෙකම,තව තවත් මෙවැනි නිර්මාණ අසන්න,දකින්න ලැබේවායි පතමි.
සෙංකොට්ටන් පොත කියවද්දි මැවුන චිත්තරූප ඒ විදියටම මේ ගීතයෙන් පේන්න තියනවා..ඒ රසයම තියනවා..අද කාලෙත් පොඩිනලා ඇති..මේ විදියටම නොවුනත් කොයි විදියට හරි ආදරේ හින්දා අසරන වුන...❤❤ගීතය ගොඩක් ලස්සනයි
ගොඩකවෙල පාස් කරන් කොහේ හරි යන හැම වතාවකම හිතට අමුතු දෙයක් දැනෙනව.. ඔව් ඒ සෙංකොට්ටම මගෙ හිතේ ඒ තරම් පැලපදියම් වෙලා... පොතේ අකුරු වචන තුළින් දැක්ක කතාවම මේ රූපරචනාවෙ තියෙනව හිත ආයෙ ආයෙමත් කීරි ගැහෙන තරමට.
මං කියවපු ලස්සන ම Novel එක....මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤
පොත කියෙවුවා වගේම හිත බරවුණා සින්දුවටත්..මතක් වෙද්දිත් හිත දුකින් බරවෙන කතාවක්..මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්තයටත් මේ සින්දුව ලියපු ගායනා කරපු සන්ගීතය සපයපු රංගනයෙන් දායකත්වය සපයපු එකී නොකී හැමදෙනාටමත් බොහොමත්ම පිං...
කතාව තරම්ම අතිශය මිහිරි. දෙපාරක් කියවූ පොත තරම්ම මිහිරි ගීතයක්. පොඩිනෝ ඇයි ඉක්මන් ගමනක් ගියේ.
මා කියවූ විශිෂ්ඨම පොතේ සංවේදීම පරිච්ඡේදය. හදවත අනේක වර සසල කළ ඒ මොහොතේ හිතේ මැවුන රූප රචනයත් මෙයමයි.🖤🤎🖤
පපුවත් එක්ක ඇවිලෙන පොතක්❤❤ මතක් වෙද්දිත් ඇස් කෙවෙනවා❤️
පොත කියවා තිබුනත් මෙම නිර්මාණය මට හමුවන්නේ මෙය නිර්මාණය කොට අවුරුදු 03ක් ගිය තැන. මම හිතුවෙ තරිඳු දම්සර මහතාගේ නිර්මාණය පමණක් ඇති බවයි. මෙවැනි නිර්මාණ කොතෙක් නම් මා හට හමුනොවී ඇත්ත? මා කෙතරම් නම් දුප්පත් ද?මෙම නිර්මාණය සිදු කළ ඔබ සියලු දෙනාටම ස්තූතියි ❤තවත් මෙවැනි නිර්මාණ ඉදිරියටත් පහළ වේවා!
පොත කියවල ඉවර උන වෙලාවෙ හිතට දැණුන දුකම දැනෙන විදියට හැදුණු විශිෂ්ටම නිර්මාණයක්😢
තාම ඒ පොතේ චරිත හිත කම්පනයට පත් කරනවා. මේ සින්දුව පොඩිනා ජීවමාන කලා. විශිෂ්ටයි.
කතාව කියවපු අයනම් දන්නව, හරිම අපූරු කතාවක්❤️, ඒ පොත කියවද්දි මට දැනුනෙ ඒ චරිත ඇත්තටම ජීවමානයි කියල,මේ සින්දුව මතක්වෙන මතක්වෙන වාරයක් පාසා ඒ සුන්දර කතාවෙ ඇතුලෙ මම ජීවත්වෙනව❤️🙏
Matath
ඇත්තෙන්ම හරිම විශිෂ්ඨ නිර්මාණයක් ❤️
සෙංකොට්ටං කියවපු මාරම ලස්සන පොතක්... ඒ පොත කියවලා මේ සිංදුව ඇහුවම... කියන්න වචන නෑ... ❤️❤️
සෙංකොට්ටං ගොඩක් ලස්සන පොතක් . ලංකාවේ පැවතිච්ච කුල බේදය ඉතාම හොදින් විග්‍රහ කරලා තියන පොතක්. ඒ වගේමයි මාණික්කාවත ...... මසඉඹුල මහත්මයා ඔබේ තවත් විශිෂ්ඨ නවකතාවක් දොරට වඩින්නෙ කවදද? අපි බලන් ඉන්නවා🐼
හරිම ලස්සනයි පොතේ කියවනකොට visualize කරපු විදිහටම රෑපරාමු තියනව 👍👍
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල..විශිෂ්ට නවකතා කරුවෙක්.
කතාවට සාධාරණයක් කරපු ලස්සන සින්දුවක්.. ආයෙත් ඒ කතාවෙ හිර වුණා වගෙ.. 💗💗
ආත්මෙම ඇදගෙන ගියා ආයෙත් වේරහැල මූකලානට සෙංකොට්ටන් සොයන්නට
පොඩිනෝ.... *එන්න බැරි නම් එවාපන් හිත පෙමක නාමෙන් බිමක වැලලුන...*
ගැනියෙකුට ගන්න පුළුවන් හොඳම ආදර්ශයක් මේ කතාව.. තමන් පණ වගේ ආදරේ කරපු පිරිමියාම තමා පොඩිනාට මේ බලු වැඩේ කරන්නේ.. ආදරේ හරිම සුන්දර දෙයක්.. ඒ වුනාට ආදරෙන් අන්ධ වුනොත් තමන්ටත් මේ වගේ ඉරණමක් තමයි අත් වෙන්නේ.. ඕනෙම දෙයක් සිහියෙන් යුතුව අවබෝදයෙන් කරන්න ඕනේ කෙල්ලනේ... 💔
පටන් ගත්ත තැන ඉදලා ඉවර වෙනකල් ඇස්වල කදුලු පුරවන් කියවපු පොතක්
කවදාවත්ම ආයේ කියවන්නෙ නැති හැබැයි පිටුවක් ගානේ මතක තියෙන පොතක්❤
එක හුස්මට පොත කියවලා ඉවර කරා. දැන් වෙලාව පාන්දර 1යි. ඉතා විශිෂ්ට නිර්මාණයක් 😍
හරියටම පාන්දර 12 යි මේ දැන් කියවලා ඉවර කරේ
හිත ඇතුලෙ මහ ගුප්ත හැගීමක් එක්ක මහ හිස් හැගීමක් ඇති කරපු නවකතාවක් සෙංකොට්ටන් නවකතාව. ඒ හැගීමම ඇති වුනා මේ ගීතය අහපු වෙලාවේ. වීඩියෝ එකත් ගැලපෙන නියම ආකාරයට නිර්මාණය කරලා තියෙනවා . නියම වැඩක් ජයවේවා .
මහා වේදනාවක් සැගවිච්ච ගීතයක් මේක 😭😭😭 අනේ පොඩිනා...
එක පාරක් කියවපු අය කියවන්න හිත නොදෙන එත් අදටත් අමුතු හැගිමක් දෙන කාතාවක්.
පොඩිනාගේ මනුස්සයාටත්(නම මතක නෑ) සින්දුවක් කරන්න.සුපිරි පිරිමියෙක්💖
Na eyath waradi..gahaniyakata awasya adarayak onimai❤❤
එක පාරක් කියවපු, ආයෙත් කවදාවත් නොකියවන පොතක්..........
හිතේ මහ බරක් එක්ක මහා මානව දයාවක් ඇති කරවන රචනයක්. අති විශිෂ්ඨයි!!!!!!
ගීතය ඒ කම්පනය අලුත් කළා......
Ow❤️😭
හරියම හරි....
mokadda e potha
Senkottan--mahesh masibula
Buddhika De Costa ඔය ටික කොමෙන්ට් කරන්න ආවෙ. මට කියන්න දෙයක්නැ
සෙංකොට්ටං යනු පිරිමි ඇහැකට කදුලක් ගෙනෙන යුගයේ විශිෂ්ටතම නවකතාවකී 🧡
Sahathika aththa 😍😍
පොත කියවනකොට ඒ මැවිච්ච සිදුවීම හරි ලස්සනට සිනමාපටයකට ගැලපුනා. කවදාඑරි කතාව ෆිල්ම් එකක් කරන්න ඕනේ කියලා හිත කියනවා. තාම පොඩියි ඒත් මස්ඉඹුල සර්ගේ අවසරය ලැබුණොත් තව අවුරුදු 10 කින් විතර සෙංකොට්ටං චිත්රපටියක් කරනවාමයි
Good luck
🙏
Hmmm eka hoda adahasak, api balan innawa,
Yes good idea ,but if we do that our imagination will be limited...so I think we must give some space to our reader to imagine their own characters...keep going..🔥
අනිවාර්යයෙන්ම කරන්න ඔනෙ Good luck💜💫
සෙංකොට්ටන් පොත කියවද්දි හිතේ මැවුන චිත්ත රූප ඒ ආකරයෙන්ම වීඩියෝව තුළ අන්තර්ගතයි. පොත කියවල ඉවර උනාම දැනුනු හැගීම ගීතය තුළින් ද දැනෙනව.
පොත කියවලා සින්දුව අහද්දි.. හිතට දැනුනු දුක සහ වේදනාව වචනයෙන් කියන්න බැරි තරම් සන්වේදී... පොත කියවා නොහැඬූ කෙනෙක් නැතිව ඇති..
අනිවාරයෙන්ම
එක පාරක් කියවලා ආය කවදාවත්ම කියවන්නේ නෑ කියලා හිතුව කතාවක් 😢😢ඒත මේ සිංදුව නම නිතරම අහනවා❤❤❤
ඇත්ත...ජීවිතයේ කියවපු සංවේදීම පොත😢
පොතත් කියවලා සින්දුවත් අහනකොට දැනෙන හැගීම වචන වලට කොහොම හරවන්ද😥
"සෙංකොට්ටං" මේ දශකයේ මා කියවූ විශිෂ්ටතම නිර්මාණයක් ❤️
එකපාරයි කියෙව්වේ ආයෙත් සැරයක් කියවන්න අතට ගන්නවත් හයියක් නෑ.පුදුම තරම් ලස්සන විශිෂ්ඨ වගේම දුක හිතෙන කතාවක්..සින්දුවත් ඒ වගේමයි.පද රචනය,ගායනය,සංගීතය,රූප රචනය ඔක්කොම ලස්සනයි.❤️💛💜️💚💐💐
මොණරැ නටනා ගල්තලාවේ
දිය කලා ජීවිතය මොණරිය
අපුල්ලන්නිය වුනත් ඈ හට
නොහැකිවිය සිත අපුල්ලාන්නට
ඔබයි පොඩිනෝ ඒ කතාවේ
මගේ හදවත සසල කල මොණරිය .....
❤
ගොඩක් කල් කියවන්න ආසවෙන් උන්නට අද තමයි මේ කතාව කියවල ඉවර උනේ...ආයෙ ආයෙ කියවන්න හිතුනත් කියවන්න හිත දෙන් නෑ...ඒ තරමට දුකයි...පොඩින කතාව ඉවර වෙනකල්ම හිටියනම් කියල හිතුන😢මේ සින්දුව අහද්දී ඇඩුන ඇත්තටම 😢 විශිෂ්ටතම නිර්මානයක්...
ගුරු ගීතයට පස්සේ හදවතටම දැණුන පොතක් සෙංකොට්ටන්. ඒ අපූරූ වූ සුවඳේ කතාන්දරය නැවත සිහි උනා.
Me too
Atta
අනිවාරෙන්ම
Me too
Aththamai ♥️
මම කියවපු ලස්සනම කතාව. සින්දුවත් ලස්සනයි. Drama එකක් හරි film එකක් හරි කරන්. පොත කියොල අවුරුදු 3,4ක් වෙනව තාමත් මෙ කතාව ඔලුවෙ තිනව. All the best !
මගේ ගමට ඔබතුමාගේ ගමට දුන්න වටිනාකම ඉහලයි.. අපි අදටත් යන එන තැන් මේවා.. මස්ඉඹුල සර් මගේ වීරයෙක්
පොත කියවද්දි දැනුනු දුක දෙතුන් ගුනයකින් අලුත් වුනා
කියවලා තියන ලස්සනම පොත වගේම ආයෙ නොබලන්නම තීරණය කරපු පොතක් . පොඩිනව කතාවෙන් අයින්කරපු විදිහ මතක් වෙද්දි අදටත් පොඩි තරහක් තියනවා මස්ඉඹුල මහත්තයත් එක්ක .
පොත කියවනකොට මැවෙන චිත්ත රූප, දැනෙන හැගිම් ගීතය අහද්දිත් රූප රචනය බලද්දිත් එක විදිහටම පපුව රිද්දනව..එදා වගේම අදත්...💖
කියවපු හැම ඇහැකින්ම කදුලක් වට්ටපු පොතක්.ආදරේට පුළුවන් ඕනේමනම් මරලාම දන්න උනත්.ආදරේ කියන්නෙ එච්චරටම හයි හත්තිය තියෙන දෙයක් 😢😢
හුස්මට කලින් උඹ මගෙ හදවත මැරුවා...
පොත කියවලා ඉවර කලාම ඇස් දෙකට පිරුනු ඒ කඳුළු බිංදු අදත් ඇවිදින් පොඩිනොගේ නමට.අනේ උඹ වගේම තවත් ගැහැනු කී දෙනෙක් නම් ආදරේ නාමයෙන් රැවටිලා රාගයට අහු වෙලා පස් යට හිර වෙන්න ඇතිද..ඒ වචන මස්ඉඹුල සර්ට කොහෙන් ආවද මන්දා.ගොඩාක් ලස්සන නිර්මාණයක් .ඒක නිර්මාණයක් නෙමෙයි ඇත්තම ඇත්තක්...
මටත් හිතෙනවා මේක ඇත්තටම උන දෙයක් වගේ
කුල ගෝත්‍ර කුමක් වුවද පොඩිනා තුල මොලොව සියලු ගැහැණුන් සැඟවී ඇති බව පෙනේ
True
පොඩිනෝ මොකද්ද බන් උබට උන මේ අපරාධය
පොත ඊයෙ කියෙවුවේ තව වෙනකම්
මේ හැමදෙම හිතේ දුවනවා මතක් වෙනවා
කිසිම පොතකින් මේ වගේ දැනුනේ නෑ
පොත් කියවද්දී හිතේ මැවුන පොඩිනම,හිතේ මැවුන ගල් තලාවක්,හිතේ මැවුන ගෙදරම,(මිදුල නම් ඊට වඩා එළිමහනක විදියට මැවුවෙ) හිතේ මැවුන මූකලාන ම කොහොමද සින්දුවට ආයෙ කියලා හිතෙනවා.. කතාවෙ එක තැනක පොඩිනා අර මිනිහා හමුවෙන්න අවසාන යට යන තැන දරුවා කිහිප වරක් මතක් නොවුන එක පුදුම වුනා..එහෙත් ජය හා සතුට පතනවා..
මේක අහද්දි මාර වේදනාවක් හිතට දැනෙන්නෙ පොඩිනාව හිතේ මැවුනු රූපයට ගොඩාක් සමානයි මේ රූපය.❤🥺
අනේ ඔව් මගේ කෙනෙක්ට වුණා වගේ දුකක් දැනෙන්නෙ පොඩිනා ගැන 😢😢😢
කියවලා ඉවර වෙනකොට හිත බර වෙන පොතක් මට...මේ සිංදුවේ පොඩිනාගේ මුළු කතාවම තියෙනවා..ඒ ඔක්කොම මැවෙනවා..පොතේ පිටු ගානක් පද කීපයකට අරන් තියෙන විදිය ලස්ස්නයි..
නවකතාවක දැක්ක දුක හිතෙනම මරණය මම දැක්කේ පොඩිනාගේ මරණය , හිතේ කොයිතරම් දෙවල් තියන් අන්තිම හුස්ම යවන්න ඇත්ද
මම කියවපු හොදම නවකතාව . මනික්කාවත වගේ පුන්චි තිරයෙන් දකින්න .මග බලන් ඉන්නේ. මේ ගීතයේ පොඩිනගේ චරිතයට රගපාන කෙනා ඒ චරිතෙට හොදටම ගැලපෙනවා . සෙන්කොට්ටන් ටෙලි නාට්‍යකට හැදුවොත් එයා තමයි හොඳටම ඒ චරිතෙට ගැළපෙන කෙනා .
දෙවියනේ ඒ සිංදුව.. කතාව තරම්ම හිත තවත් බර වුණා..😥
සෙන්කොට්ටන් පොත කියවලා මේ සින්දුවත් ඇහුවම දරාගන්න බැරි අමුතුම වේදනාවක් දැනුනා 😢😢
පොත කියවලා ඉවර වූණාම හිතට මහා කියන්න බෑරි අමූතු බවක් දැනෙනවා. ගිතය ඇසූවමත් එය එසේමය.
ඒ පොත කියවන ඕනම කෙනෙක්ට ඇඬෙනවා
පොත කියවලා මේක ඇහුවහම පපු කැනත්ත කඩාගන යන තරම් දුකක් දැනෙනවා.හදවතට කතා කරපු ඒ කතාවත් එක්ක හදවතට දැනෙන මේ ලියවිල්ල මිනිස් සිත් ප්‍රබල ලෙස ඇද බැද ගැනීමක්.👌
කාලයක් පෙරුම්පුරලා පෙරේදා ගත්තු පොත ඊයේ කියවලා ඉවර කරා හරිම ආසාවෙන්
බාල නවකතා චිත්‍රපට ටෙලිනාට්‍ය ලෙසින් නිර්මාණය වෙන මේ කාලයේ ඇයි සෙංකොට්ටං වගේ අග්‍රගණ්‍ය නවකතාවක් චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යකට නගන්නේ නැත්තේ
මස්ඉඹුල සර්ගේ වචන වලට ඔබේ හඬ ඉතාමත් ලස්සනට ගැලපිලා කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ
ආසයි පොඩිනා,නම්බු හේනයා,බබා හේනයා වගේම වීරප්පුලි ගේනයා,මල්මා රිදී,හීන් රිදී ,ගුණ රාළහාමි ,රම්බරී වගේ ආදරණීය චරිත මෙන්ම අනගිහාමි බබානිස් යන අය රිදී තිරයෙන් හෝ රූපවාහිනීයෙන් දැක ගන්න....
එවන් දෙයක් කිරීමට සිත් පහලවේවා......
බාල බොලද ඉන්දියන් ටෙලිනාට්‍ය පෙන්වා ඔලුගෙඩි නරක්කරවන මේ කාලයේ මෙවැනි දෙයක් රසවින්දනයට ලබාදේනම් එය මේ පොත කියවූ පාඨකයන්ට කරන්නාවූ කෘතගුණ සැලකීමක් සේ දකිමි
Yes. Film ekak,,drama ekak widiyata balanna thibuna nam..
ලඟදිම සෙංකොට්ටං චිත්‍රපටයක් ලෙසත් මාණික්කාවත ටෙලිනාට්‍යක් ලෙසත් අපට දැක ගන්නට හැකිවෙනවා..... 👍👍👍👍
Ou ehema balanna thiyanawa nm godak hodai. I
මිනිස් ජීවිතය මෙච්චර හොදට විග්‍රහ කරනන පුලුවන් කියා දැන ගත්තේ පොත කියෙව්වම.කුල බෙදීම නිසා පීඩිත අහිංසක සමාජ පන්තිය වීරප්පුලි හේනයා චරිතය නිරූපණය කරනවා.ලිංගිකත්වය,ආශාව,ආතතිය,පීඩනය,දුකක් දෝමනස්සයන් මෙකී නොකී හැම සමාජ පැතිකඩක් ලස්සනට කියා පානවා... අලංකාර කතා ශෛලිය කියවන්නා අමුතු ලෝකයකට ගෙනයනවා..
ඇයි එහෙම වුණේ කියලා පොත විසි කළා , ආයේ කවදාවත් කියවලා වැඩක් නැ කියලා. අද ආයේ ඒ මූසල ඉරණම කනට ඇහෙනවා ඇස් දෙකට පෙනවා. කොච්චර සංවේදී ද මම කියලා හිතෙනවා!!! පොඩිණෝ
මටත්
සෙංකොට්ටං ❤️ වචනයේ පරිසමාප්තියෙන්ම විශිෂ්ඨ වූ අකුරු ගෙත්තමකි..ඒ අවසානය කොයි තරම් නම් සංවේදී ද යත් හැඩුම වලකාලීමට හෝ සිතක් නැති විය.
මොහොතකට එවැනි මිනිස්සු මා හට දිනක හෝ මින් පෙර මුණගැසුනාදෝ කියා සිතින් විමසන්නට විය.එසේ වී නම් උන්ට වූ ඒ අසාධාරණයට හඩක් නැගිය යුතු යැයි සිතුණි. එතරම් ම එය මනංකල්පිතයක් යැයි නොහැගේ..
මස්ඉඹුල මහතාණෙනි ❣️ඔබගේ ඒ අසමසම වූ හැකියාව විස්මිතය.ඔබට ජය..👍..අවසනයේ යමක් කියමි පොඩිනෝ. උබ තරම් මා හැඩවූ වෙනත් ග්‍රන්ථ චරිතයක් නොමැත ✨️
පොත කියවපු ගමන්ම අහම්බෙන් මේ ගීතය දැක්කේ. හිතින් මවා ගත්ත රූප ඒ පරිසරය මේ ගීත රාමු තුලින් හදවතටම දැනුනා..කිසිම දවසක නැවත නොකියවන්න හිතා ගත්ත පොතක් සෙංකොට්ටන් ඒ වගේම මාණික්කාවත මොකද කවදාවත් ඒ හිතට දැනුන හැගීම ඒ බර හිතෙන් මැකෙන්නේ නැති නිසා.
ගැහැනියකගේ හදවතේ නැගුන අපිරිමිත සෙනෙහස හදුනා නොගත් ජඩ නිලමේලා අදත් ඉන්නවා. පොඩිනා ඇය මගේ ඇස තෙත් කල ගැහැනියක්
හදවතට කතා කළ, ඒ අපූරු සුවඳේ කතාන්දරය, නෙතට කඳුලක් හිතට බරක් එක් කළේ, පීඩාවන්ගෙන් මිරිකුනු මිනිසුන්ගේ දුක දැනෙනා අයුරින් අකුරු කල මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ හැකියාවෙන්ය. මනසට දැනුණා වූ ඒ කතාන්දරය දෑසට සවනට සහ මනසට විඳිය හැකි ලෙස සහ හදවතට දැනුනා ලෙස ඒ බරෙහි මතකාවර්ජනයක් ඇති කිරීමට, රනිල් මුදුන්කොටුව, රෝහන වීරසිංහ සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ යන දැවැන්ත සංකලනයෙන් බිහිවූ "පොඩිනා" නිර්මාණයෙන් හැකියාව ලැබී ඇති බවට, ඇසග මතුවූ කඳුල සාක්ෂි දරයි.
හිතවතෙක් කිව්වා පොතක් තියෙනවා හොයාගන කියවපන් කියලා.., එත් උනන්දුවක් තිබ්බේ නෑ.., උ නිතරම ඇහුවා උබ පොත කියෙව්වද කියලා උගෙ බලකිරීමට උගෙන් පොත ඉල්ලුවත් උ දුන්නෑ හොයාගන කියවපන් කිව්වා .., පස්සේ හොයාගන කියෙව්වා ..., එක දවසින්ම කියවලා ඉවරකරා පස්සේ තමා තේරුම් ගත්තේ ඇයි උ ඒ තරම් බලකරේ කියලා ... ඇත්තටම කියවන්න වටිනා කාතාවක් .. ගීතයේ පද ඒතරම් රසවත් නැතිදෝ පොඩිනෝ සංසාරයට ආයෙත් වඩින්නේ ......ස්තූති (සෙංකොට්ටං )
එක හුස්මට කියවපු එකම පොත❤
"සෙංකොට්ටං" හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරපු පොතක්. ඒ වගේම රනිල් ඒ feeling එක එලෙසම මතුවෙන්න ගායනා කරනව.
හදවතින්ම සුභපැතුම් රනිල් 👍
පොඩිනා නොමැරුණානම් කතාව මේ තරම් සංවේදී නොවෙන්න තිබුණ වගේම ගැහැණු සහ පිරිමි හිතක් මේ තරම් සංසන්දනය නොවෙන්නත් තිබුණ.
පොතේ මැවුණු චිත්ත රූප ඒ විදියටම තිබුනා.ආයෙත් ඒ මූසල දරාගන්න බැරි හැගීම හිතට ආවා.ලස්සන නිර්මාණයක්.තව අවුරුදු සීයක් ගියත් පරණ වෙන්නේ නැති ඒ සානුකම්පිත හැගීම😢.මස්ඉඹුල සර්ට ගොඩක් පින්.මේ වගේ ලස්සන නිර්මාණ රටට දායාද කරනවට❤.කවදාවත් කියවලා අමතක කරන්න බැරි නිර්මාණ සර්ට තියනවා.රටට වටිනා සාහිත්‍යය නිර්මාණ කරුවෙක්🙏
හදවතට දැනුනු එකම කතාව පොඩිනා අදටත් ජීවමානය් සින්දුව ඇහෙනකොට ආයෙත් හිත පොත ඇතුලටම දුවනවා"සෙංකොට්ටන් හිතට වැදුන අකුරු ගෙත්‍තම "
මං දැන් මේ මොහොතේ තමයි සෙංකොට්ටන් නවකතාව කියෙව්වේ...🥺 මේ දැන් මේ ගීතයත් අහනවා 🥺 හරිම දුකක් හදවතටම දැනෙනවා......😥
මමත් මේ දැන් පොත කියවලා ඉවර වෙලා ගීතය අහන්න ආවේ
අවුරුදු දෙකකටකලින් මම දාපු කමෙන්ට් එකක්..තාමත් ඒ හැඟීම එහෙමම දැනෙනවා..❤
සමහර මිනිසුන් හෙලන ලද තරමක් ගනකම් සුසුම් හේතුවෙන් වා තලයේ යම් බරැති ස්වභාවයක් පමණක් දක්නට ලැබුනි ❤😥
I really felt thizz 🥺❤️🩹
පොත කියවල ඉවර වෙද්දි ලොකු හුස්මක් ගත්තා. හිතට පුදුම බරක්,වේදනාවක් දැනුන පොතක්. පොඩිනාගෙ අවසානය මස්ඉඹුල මහතා ඒ තරම් වේදනාකාරීව දැන්නුවෙ කොහොමද කියල මතක් වෙනව මේ ගීතය අහද්දි.
මගෙත් පපුව හිර වෙලා වගේ තියෙන්නේ
කතාව ඇතුලෙ තුබුන පරිසරය වටපිටාව එ විදිහටම විදින්න පුලුවන්, කතාව අවසානයේ හිතට ආපු දුක ගීතය අවසානයේ තවත් අලුත් උනා...❤
අද අහම්බෙන් දැක්ක නොටේශන් එකකින් පස්සේ සිංදුව හොයන් ආවේ
කතාව කියවද්දි ඔලුවේ ඇදුන රූපමයි ඒ විදියමයි
දෙපාරකට වඩා පොත කියෙව්වා
පලවෙනි පාරම ඔලුවටම වැදුනා කතාව
අදටත් සමාජේ කුල ප්‍රශ්න අනන්තවත්😔
හණමිටිකාරයොන්ගෙන් ඒවා අයින් කරන්න හරිම අපහසුයි ඉතින්
ජය වේවා මේ නිර්මාණය සුපිරියි
අද මම තවත් මේ වගේම නිර්මාණයක් දැක්කා සමන් ලෙනින් මහතාගේ ඒකත් අහම්බයක්
හැබැයි මේ ඔක්කොම සුපිරි නිර්මාණ
ඔබගේ හැකියාව අගය කරනවා
ඔබට ජය💪👍
රනිල් මුදුන් කොටුවගෙ කටහඬ ඇහුවේ අදමයි.
කාලෙකින් අහපු සුපිරිම Voice එකක්.....
ගායකයෙක් ලෙසින් ඉදිරියට යන්න එකෙන්ම පුළුවන්
සුබ පැතුම් රනිල් .................
කුල මල වලට මිනිසුන් බෙදා එක් මිනිස් කොට්ටාසයක් පයින් පාගා දැමූ අමිනිසත් කමත් එය පරයා නැගුනු මිනිසත් කමත් මනාව විදහා දැක්වූ විශිෂ්ට නිර්මාණයක්..ඇත්තටම ඇසට කදුලක් නැගුනා..❤️ ඉදිරියටත් මානව දයාව සංවර්ධනය කරන්න මේ වගේ විශිෂ්ට කෘති බිහි වේවා ..
මම කියවපු ලස්සනම නව කතාවක් .....හිත ගොඩක් hiriwetuna....මෙ song eka බලද්දී .....පොත වගේම හදවත bara වුණා සිංදු වට ....ඇත්තෙන්ම ආයෙත් පොත කියවන්න හිතුණා ...victor සූරතිස්ස ...බබා henaya....හැබවින්ම හමුවුණා වගෙයි දැනුණේ ...
වරුවක් ඇස්වලට කදුලක් ගේනපු පොතක් සෙන්කොට්ටන් පොත.. ඒ සෙන්කොට්ටන් ගෙඩිවල සුවද දැනුනා පොත ඇතුලෙන් ගැමිකම අපූර්වයෙන් චිත්‍රනය කරලා තිබ්බා ආසයි ..ඒ පොතත් එක්ක මේ සින්දුව වචන කරගන්න බැරි හැගීමක් ❤️😊
ඇත්තටම නවකතාවෙ එක් දුක්බර කොටස ලස්සන රූප රචනයක්,ගීතයේ භාවයෙන්,සංගීත සංයෝජනයෙන් නවකතාව සියදහස් ගුණයක් රැව් දෙනවා.ශ්‍රී ලංකා සාහිත්‍යයේ විශිෂ්ටතම කෘතියක් ❤❤❤
කතාව කියවද්දි හිතේ මැවුණු රූප ඒ විදිහටම මේ ගීතයෙ.......
මේ පොත .......පොඩිනා..පුදුම විදියට හිත සසලකළ චරිතයක්.මෙච්චර ජීවියෙකුට පණ දෙන්න පුලුවන් භාෂාවක්..හරිම පුදුමයි .ඒ වචන.ඒවගේම මේ ගීතයද හරිම ලස්සනයි .පද,සංගීතය,ගායනය අනර්ඝයි ..පොඩිනෝ......ආයි මේ සංසාරෙට වඩින්න එපා.හරිම දුකයි මේ සසර ගමන 😢
මේ තරම් හිතට දැනෙන පොතක් ලංකාවෙ රචකයකුගෙ අතින් බිහි වෙනවා කියනනෙ මොන තරම් දෙයක්ද 😊😊😊😊
අවුරුදු කීපයකටකලින් පොත කියවලා ඉවර වෙලා මේක අහද්දි දැනුනු හැඟීම තාමත් දැනෙනවා..පරණ නොවන තවත් එක් නිර්මාණයක්! ❤
ඒ වචන අතරේ හමා ගිය කදුලක සුවදත් දහසක් වූ පැතුමක සුවදත් ආයෙත් විදින්න පුලුවන් වුණා.සදා නොමැකෙන කතන්දරයක්...
පොත කියවද්දි හිතේ ඇදුනු චිත්තරුප ඒ විදිහට ම මේ විශුවල් එකේ දැක්කම හිතුනෙ හැම කෙනෙක්ටම එකම රූපයක් මැවෙන විදියට සර් පොත ලියලා නේද කියල.සාහිත්‍ය රසය ගැබුරටම විදපු විශිෂ්ට ම නිර්මානයක්
පොත කියවද්දි හිතින් මවා ගත්ත විදිහමයි පොඩිනා...හරිම ලස්සන සිංදුවක්❤️❤️
පොත කියවද්දි ඒ දැනෙන හැඟීම සින්දුවේ හරිම ලස්සනට තියෙනවා ❤️🩹
අමුතු වේදනාවකට ඉඩක් නොතිබුණු අතර ,ඉන් පසු එළඹියේ ඝන අන්ධකාරයකි.... පොඩිනාට නොදැනුණ පොඩිනා කියවපු මට දැණුන ඒ අන්ධකාරය තාමත් මාගේ හිත වෙලාගෙන ඇත සෙංකොට්ටන් මේ හිතට එක කල මේ බර සැමදා මගේ හිත තුල නිධන් වනු ඇත....🥺
එක හුස්මට කියෙව්ව පොතක් ❤️
මතුපිටින් පේන දේටත් වඩා ප්‍රේමය විවාහය කියන සමාජීය කාරණා ගැබුරෙන් ; හිරිමල් වයසේ හැම ගෑනු ලමයෙක්ටම හිතලා බලන්න ඉතුරු කෙරුව පොතක් !
ජීවිතේ කියවපු ලස්සනම සංවේදීම පොත සෙංකොට්ටන්❤️ගැමිත්වය,කුල ගැටුම ලස්සනට අකුරින් රසික හදවතේ චිත්තරූප මැවෙන විදියට ලියපු මේ පොත වගේ පොත් අපේ සිංහල සාහිත්‍යට ආභරණයක්..
Aniwarenma 👍
මේ දවස් වල මම පොත කියවන ගමන් .. මටව්හිතෙ මැවුන රූප මේකෙ එහෙම් පිටින්ම තියනවා. විශේශයෙන්ම පොඩිනාගේ හැට්ටය තිබුනු තැන වගේ...
මේ කතාව හරි ලස්සනයි❤
සෙංකොට්ටන් වගෙම මේ ගීතයත් හිතට දැනෙනවා......
වචනවලින් කියාගන්න බැරි තරම් අමුතු වේදනාවක් හැගීමක් දැනුනා පොත කියවද්දී...සියලු රසාංජනයන් කැටි කර ලියපු සෙංකොට්ටන් කියවාදි හැම සිද්ධි ජාලාවක් ම මනසේ චිත්‍රණය වුනා කිව්වොත් නිවැරදියි...ඒ තරම් රසයි ..ජීවිතය මොනතරම් ගැඹුරුද..මිනිස්සු මොනතරම් කුහක ද හිතුනා අවසානේ..හදවත කම්පා කරන අපූරු නිර්මාණයක්..ඉතින් සම්මාන නොලැබී කොහොමද..මසිඹුල සර්ගෙ පන්හිදට තව තවත් නිර්මාණ කරන්නට ශක්තිය ලැවේවා..
ජීවිත කාලෙටම හිතේ රැදුන ඒත් ආයෙම කියවන්න බය හිතෙන එකම කතාව සෙංකොට්ටං වේවි. ඒ තරම් පුංචි කඩදාසි කොළ කීපයකට පුළුවන් වුනා අන්තිමේ දරාගන්න අමාරුම බර හුස්මක් එක්ක ජිවිත කාලයටම මේ චරිත ජීවමාන කරන්න. ආයෙමත් කියවන්න පොත අතට ගන්න තරම් හිත හයිය නැති මම වගේ හැමෝටම මේ ගීතය වස්තුවක්. කතාව පුරාවටම දැනුන රෙදි තම්බන සුවද මේ වචන වලත් දැනෙනවා. මේ කටහඩෙත් දැනෙනවා. 🥺❤️ පුංචි බෝ පැලේ මහා විසාල බෝධිරාජයෙක් වෙන්න ගිය කාලයක්, මේ ගීතය විතරක්ම අහ අහ පොත් ඇතුලෙ ජීවත් වෙයි. 🥺
දවසකට පාරක් ඇවිත් අහලා යනවා. ඒ තරම් හිතට දැනෙනවා.
ඒ කතාව එහෙමම මැව්නා මේ සිංදුවෙං වීඩීයොවෙං. හිතේ මැව්න පොඩිනමයි.. මං ජීවිතේ දැක්ක ඇත්තටම සුන්දරම සුන්දර නාරිලතාවක්.. මේකප් බිංදුවක් නැති..
සෙංකොට්ටන් පොත පුරාවටම තිබුණු ඒ සුවද සින්දුව පුරාවටම දැනුණා...මස්ඉඹුල සර් ඒ පොත මගෙ ජීවිතේ මන් කියවපු හොදම පොත....
කුතුහලයෙන් කියවපු පොතක් . හිත ඇදිලා ගිය .. ජීවිතයෙහි යථාර්ථය කියල දුන් නිර්මාණයක් .😊
සමාජය ගැන හොඳ අර්ථකථනයක් ලබා දෙන පොතක් මේක..
කුල භේදය, බොරැව, ආදරය, කාම ආශාව,විස්වාසය, ඉවසීම, ගැන ගෙඩක් දේවල් කියලා දිපු ලස්සන නවකතාවක්...😶🥺😔
බබා හේනයා 🥺
මේ දැනුයි සෙංකොට්ටං කියවලා ඉවර වුනේ. අවුරුදු ගාණකට පස්සෙ පොතක් කියවලා ඇහැට කඳුලක් ආවා. කියවු විශිෂ්ටතම පොතක් ❤️❤️❤️
සෙංකොට්ටං පොත් කියවද්දි මැවුන චිත්තරූප,ගීතය තුලින් තව දුරටත් මවා පෑවා ,ඉතාම සාර්ථක යි නිර්මාණ දෙකම,තව තවත් මෙවැනි නිර්මාණ අසන්න,දකින්න ලැබේවායි පතමි.
සෙංකොට්ටන් පොත කියවද්දි මැවුන චිත්තරූප ඒ විදියටම මේ ගීතයෙන් පේන්න තියනවා..ඒ රසයම තියනවා..අද කාලෙත් පොඩිනලා ඇති..මේ විදියටම නොවුනත් කොයි විදියට හරි ආදරේ හින්දා අසරන වුන...❤❤ගීතය ගොඩක් ලස්සනයි
ගොඩකවෙල පාස් කරන් කොහේ හරි යන හැම වතාවකම හිතට අමුතු දෙයක් දැනෙනව.. ඔව් ඒ සෙංකොට්ටම මගෙ හිතේ ඒ තරම් පැලපදියම් වෙලා... පොතේ අකුරු වචන තුළින් දැක්ක කතාවම මේ රූපරචනාවෙ තියෙනව හිත ආයෙ ආයෙමත් කීරි ගැහෙන තරමට.
මං කියවපු ලස්සන ම Novel එක....මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤
පොත කියෙවුවා වගේම හිත බරවුණා සින්දුවටත්..මතක් වෙද්දිත් හිත දුකින් බරවෙන කතාවක්..මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්තයටත් මේ සින්දුව ලියපු ගායනා කරපු සන්ගීතය සපයපු රංගනයෙන් දායකත්වය සපයපු එකී නොකී හැමදෙනාටමත් බොහොමත්ම පිං...
කතාව තරම්ම අතිශය මිහිරි. දෙපාරක් කියවූ පොත තරම්ම මිහිරි ගීතයක්. පොඩිනෝ ඇයි ඉක්මන් ගමනක් ගියේ.
මා කියවූ විශිෂ්ඨම පොතේ සංවේදීම පරිච්ඡේදය. හදවත අනේක වර සසල කළ ඒ මොහොතේ හිතේ මැවුන රූප රචනයත් මෙයමයි.🖤🤎🖤
පපුවත් එක්ක ඇවිලෙන පොතක්❤❤ මතක් වෙද්දිත් ඇස් කෙවෙනවා❤️
පොත කියවා තිබුනත් මෙම නිර්මාණය මට හමුවන්නේ මෙය නිර්මාණය කොට අවුරුදු 03ක් ගිය තැන. මම හිතුවෙ තරිඳු දම්සර මහතාගේ නිර්මාණය පමණක් ඇති බවයි. මෙවැනි නිර්මාණ කොතෙක් නම් මා හට හමුනොවී ඇත්ත? මා කෙතරම් නම් දුප්පත් ද?
මෙම නිර්මාණය සිදු කළ ඔබ සියලු දෙනාටම ස්තූතියි ❤
තවත් මෙවැනි නිර්මාණ ඉදිරියටත් පහළ වේවා!