Haritha kanda to kabaragala| හරිත කන්දෙන් කබරගලට | night camping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2022
  • දින තුනක කාලයක් නාවලපිටිය සහ හැටන් යන ප්‍රදේශයන් හි සංචාරය කොට සුන්දට කඩියන්ලෙන ඇල්ල හරහා කබරගල කදු මුදුන සොයා ගිය සුන්දර සංචාරය රූප රචනාවකින්
    හරිත කන්ද සහ හැටන් ආශ්‍රිත සංචාරක ඉසව් පාලුවටත් හුදකලාවටත් පත්ව තිබූ අතර මනස්කාන්ත වූ වට පිටාවකට උරුමකම් කියන සීතල පුරවරයක කිලෝමීටර පන්සියයකට ආසන්න දුරක් මෝටර් බයිසිකලයකින් කරක් ගැසීමට හැකි වීම මා හැගි සොදුරු අත්දැකීමකි. නාවලපිටිය පසුකොට කබරගල දක්වා ගමනේදී අධික වර්ශාවකට මුහුන දීමට අපට සිදු වූ අතර එදින සවස් භාගයේ තෙත ඇදුමෙන්ම කබරගල කදු මුදුන සොයා ගමන් ඇරඹූ අප කදු මුදුනට ලගා වන විට රාත්‍රිය බෝ වී තිබුනි. හිරුගේ නික්ම යාම කදු වැටියක් තරණය කරන අතරවාරයේ නැරඹීමට හැකි වූ ප්‍රථම අවස්ථාව මෙය නොවුනත් අප දෙනෙත් පුදුම කරවීමට තරම් සුන්දර සැන්දෑවක් අප හට තිළිණ කර දී සුන්දර හිරු තවත් ගම් බිම් බලා නික්ම ගියේ කබරගලදීම හෙට දිනයේත් අප හමුවන බව පසක් කරමිනි.
    කබරගලින් දේදුගල දක්වා ගමනේ දී හමුවන දිය ඇලි සහ දේදුගල සිට බුලත්කොහුපිටිය දක්වා වැදී ඇති සුන්දර මාර්ගයේ දී හමුවන නළගන ඇල්ල දින හතරක ගමනේ විඩාව සංසිදුවා දැමූ බව කියතොත් මා නිවැරදි ය.
    මේ තවත් සුන්දර සහ වික්‍රමාන්විත සංචාරයක අවසානයයි.
    සොබාදහම රකින්නා සොබාදහම රකිනු ලබයි..!
    දිනේෂ්.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    මෙබදුම වූ සංචාර කිහිපයක්
    ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
    නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
    බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
    Part one - • උරුමය සොයා අම්පාර "බලා...
    Part two - • උරුමය සොයා අම්පාර "බලා...
    අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
    DAP production
  • บันเทิง

ความคิดเห็น • 965

  • @pathumbuddhika6517
    @pathumbuddhika6517 ปีที่แล้ว +325

    මට හමූඋන හොදම මිතුරෙක් ,සහොදරයෙක් , ඔයාලා දෙන්නත් එක්ක කබරගල කදවුරු බිමේ ගත කල ඒ රාත්‍රිය හරිම සුන්දරයි .අයියේ ඔයාගෙන් ස්භාවදහම ගැන ඉගෙන ගත් දේ බොහොමයි. තව තවත් අපේ රටේ ස්භාවදහම ගැන ලෝකයාට කියන්න,ආදරය පතුරවන්න .ජයවේවා ..! බුදුසරණයි ..!

    • @thashmiladurangajayathilak607
      @thashmiladurangajayathilak607 ปีที่แล้ว +8

      🍃😌

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +81

      ගොඩාක් ස්තූති මල්ලි.. ඔයා හරි සුන්දර මනුස්සයෙක්.! ඇත්තටම මහ රෑ ආයෙත් මම එක්ක කන්ද පහලට බහින්න ආව එකම ඔයාගෙ හදවතේ තියෙන මනුස්සකමට සාක්ෂි දරණවා.. ඒ වගේම කබරගල කදු වැටිය ආරක්ශා කරණ සහ ඒ සදහා වෙහෙසෙන උතුම් මනුස්සයෙක් ඔයා.. මම ඇතුලුව සොබාදහමට ආදරේ කරණ සියලුම මිනිසුන්ගේ ආශිර්වාදය ඔයාට ලැබෙනවා මල්ලි.. නැවත වතාවක් ස්තූති..!!!! අපි අනිවාර්යයෙන්ම ආයෙමත් මුන ගැසෙමු..!!

    • @jezran6108
      @jezran6108 ปีที่แล้ว +4

      a big salute @Pathum Buddhika brother 😍😍😍🇱🇰

    • @shehankawindahettiarachchi5018
      @shehankawindahettiarachchi5018 ปีที่แล้ว +4

      Pathuma ආදරෙයී මල්ලී..❤ උබ හිත හොද එකා අපි දන්නවනේ ....❤ අපිටත් ආඩම්බරයක් අපේ කොල්ලා.❤🥰

    • @achinisaubagya2573
      @achinisaubagya2573 ปีที่แล้ว +1

      ❤️ ස්තුති ඔයාට...😍 ස්භාවදහමට ගරු කරනවට...ජිවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා...බුදුසරණයී...

  • @chalanasupun1727
    @chalanasupun1727 ปีที่แล้ว +27

    අයියත් එක්ක කුඩා කාලයක් හරි කෑම ටිකක් හදාගෙන කාල , පරිසර විදලා, travel ජීවිතය ගත කරන්න ලැබීම මාර වාසනාවක් වගේම මාර අත්දැකීමක් .

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +6

      මටත් එහෙමයි මල්ලි. ඔයාලා නියම කංඩායමක්. මහ වැස්සෙ,සීතලේ මගෙන් වත් උදව්වක් නොගෙන එළි වෙනකම් හිටපු එකම ඒ එඩිතර කමට සාක්ෂි දරණවා.. රටට වැඩදායි කොල්ලො හතර දෙනාට වගේම ඒ දරුවන් මේ රටට දායාද කරපු මව් පියන්ට මගේ ප්‍රනාමය ...❤️🇱🇰👏

    • @chalanasupun1727
      @chalanasupun1727 ปีที่แล้ว +3

      @@DineshAPathum ස්තුති අයියේ 🥰, අයියත් එක්ක අපිට නැවත කොහේ හෝ camping කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා! අයියට ජය, බුදු සරණයි!🌿🏕️⛰️

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 ปีที่แล้ว +16

    කබරගල ගමේ මිනිස්සු මාරම හොදයි..
    අපිට සෙට් උනේ ගමේ අය කියන්නේ දෙයියා කියලා මාරම හොද මනුස්සයෙක්.. ගෙදර හැමදෙයක්ම දුන්නා අපිට ඕනේ දෙයක් කරගන්න කියලා.. ආගන්තුකයින්ට සත්කාර කිරීම එහේ සුපිරී
    🥺❤️🇱🇰

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +8

      අවිවාදයෙන් ම එකගයි.. ඇත්තටම පුදුම මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්න ගමක්

    • @isharahasithanapagoda507
      @isharahasithanapagoda507 ปีที่แล้ว +2

      මනුස්සකම් තාම මැරිලා නෑ කියලා තේරෙන්නේ ‍රවුමක් දානකොටම තමයි❤️

  • @dunstanfernando2872
    @dunstanfernando2872 ปีที่แล้ว +50

    හැමදාම වගේ අදත් අපි ඔයාගේ මේ වීඩියෝ එක බලලා හරියට සංතෝෂ වුණා. Dinesh ඔයාගේ හැම ඉදිරිපත් කිරීමක් ම අති විශිෂ්ටයි.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +5

      බෙහෙවින්ම ස්තූති මේ අගය කිරීමට.

  • @travelrosa
    @travelrosa ปีที่แล้ว +51

    මටත් දිනේශ් අයියාව දවසක හමුවේවායි පතනවා සුන්දර කදු මුදුනකදී.. බොහොමයක් ස්තූතියි අයියෙ මේ ලස්සන පුංචි රටේ සුන්දරත්වය අපිට පෙන්නන්න ගන්න මහන්සියට ❤️🇱🇰

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +10

      අපි යමු මල්ලි ලගදිම ලස්සන ගමනක්.. කසුන් මල්ලි මමයි කතා කර කර ඉන්නෙ ආයෙ බයික් වලින් යන්න. Message එකක් දාන්නකො

    • @travelrosa
      @travelrosa ปีที่แล้ว +2

      @@DineshAPathum අනිවාරෙන්ම අයියෙ මම එන්නම්❤️🫡

    • @wildcranasinghe
      @wildcranasinghe ปีที่แล้ว +1

      🤗🔥

    • @NidukaDenethnimnada
      @NidukaDenethnimnada 8 หลายเดือนก่อน

      ​@@DineshAPathum mamath ennada😢❤

  • @ceylonttv913
    @ceylonttv913 ปีที่แล้ว +8

    අයියාගෙ රූපෙයි කතාබහෙයි අමුතුම ලස්සන සංකලනයක් තියෙනවා. පෙනුමෙන් තියෙන්නෙ ශක්තිමත් බටහිර ගතියක් වචනෙන් හැදියාවෙන් සංශුද්ධ සිංහල ගතියක් නිවිච්ච ගතියක්. ඒවා ලංකාවෙ ලස්සන තැන් එක්ක එකතු උනාම කියන්න බැරිතරම් ලස්සනයි. ඉස්සරහට ඔබට තව කඳු දාහක් තරණය කරන්න වාසනාව ශක්තිය ලැබේවා.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තූති මේ වචන ගොන්නට.. ඒ වගේම ගොඩාක් පිං පාර්ථනාවට.. දවසක මේ කකුල් දෙක මේ ලෝකෙ උසම තැනකට අරන් යයි කියල විශ්වාස කරණවා.. ඒ ගමනට මේ දෙන දිරි ගැන්වීමට නයගැතී මම ඔයාලට..🇱🇰❤️🌿👏

    • @kumaracharuka6681
      @kumaracharuka6681 ปีที่แล้ว

      ඒකට නම් කඳුලුත් ආවා. නිදුක් නිරෝගී සුව ලැබී ඒ ප්‍රාර්ථනාව ඉක්මනට ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවන් සවි බල ඇති යක්ෂ පුතෙක් හදපු ඒ දෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණයි. ගොඩ කාලෙකින් ලොකු පීරිස් නොදැක්කෙ. ඇයි

  • @dasunsujantha3193
    @dasunsujantha3193 ปีที่แล้ว +33

    ලංකාවේ මොන ප්‍රශ්න තිබුණත් මේ වගේ travel videos හරහා මිනිසුන් ව සතුටු කිරීමට
    ඔබට තව තවත් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා.. ❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +6

      සොබාදහම කියන්නෙ ඔෂධයක්.. ඉතිං මොහොතකට හෝ මනුස්සයෙක්ව සොබාදහමට ලං කරන එක හොදක් කියල තමා මමත් හිතන්නෙ.. ගොඩාක් ස්තූති

    • @spthenu9025
      @spthenu9025 ปีที่แล้ว

      @@DineshAPathum Respect you ayiye 🥲

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +6

    අනෙ බව්වො ටික 😍😍😍අයියා කොහෙ ගියත් බව්වා යාලුවෙක් හම්බු වෙනවම තමා එකට කියන්නෙ හිත හොද කම බව්වොන්ට පෙනවලු මිනිස්සුන්ගෙ හිත්....ඔනිල අයියටත් බොහොම ස්තුති බව්වොන්ට කල දෙට❤❤❤🥰👌👌බොහොම ස්තූතියී අයියේ නොදැකපු තැන් දිය ඇලි අපිට මේ විදියට පෙන්නවට.....අපෙ රටෙ අගෙ අපිට පෙන්නලා දෙනවට බොහොම පිං පරිස්සමෙන් ඉන්න බුදු සරනයී 🙏🙏❤සොබාදහම රකින්නා සොබාදහම විසින් රකි🙏🙏❤💪

  • @electricfilled123
    @electricfilled123 ปีที่แล้ว +9

    හැම වීඩියෝ එකක්ම මග නොහැර බලන්න ආස හිතෙන විදියට කත කරන හැසිරෙන චනල් එකක් කරන අයියා කෙනෙක් තව තව ලස්සන වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා කියලා පුංචි පාර්තනාවක් කරන්නව❤️❤️.❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති ❤️🇱🇰👏

  • @nilu2203
    @nilu2203 ปีที่แล้ว +11

    මුල ඉදන් අගට බැලුවෙ පිස්සුවෙන්.අනේ කොච්චර ලස්සනද මගේ රට❤️වෙන්ද වගේම අපව එක්කන් ගියාට ගොඩක් පිං 🙏

  • @priyankaraherath1624
    @priyankaraherath1624 ปีที่แล้ว +4

    ලංකාවේ සැඟවුණ සුන්දරත්වය හරි අපුරුවට අපිට පෙන්නන අපුරු සංචාරකයා... හරිම අපුරුවට විස්තර කථනයත් ගේනවා හැමෝටම ආසාවෙන් අහන්න පුළුවන් විදිහට.මට මතක් වෙන්නෙම රූපවාහිනියේ සොබාධාරා වැඩසටහන ගෙනාපු අනුරාධ අයියගේ කට හඬයි භාෂා හැසිරවීමයි.ඒ වගේමයි ඔබේ විස්තර කථනයත්. ජය වේවා....

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +3

    තනිය මකන
    හිත සනසන
    දුක තුනී කරන එකම තැන DAP ආදරණීය නවාතැන..❤ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති... මීදී යන්නට නොහැකි ආදරණීය ඇබ්බැහිවීමක්.. විස්තර කරන්න වචන නැතිතරම්❤️

  • @nirmalnavodya2453
    @nirmalnavodya2453 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි දිනේෂ් අයියේ. පරිස්සමින් බුදුසරණයි ❤️

  • @didulasenevirathna5253
    @didulasenevirathna5253 ปีที่แล้ว +8

    නූතන සියැටල්.. වෙනස් මුහුනක එකම දර්ශනය 💪🤟❤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      පෙර කලෙක කල පිනක්.. මෙහෙම අහන්න ලැබීමත් පුදුමාකාර වාසනාවක් ❤️👏 ගොඩාක් තුති

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว +2

    පරිසරයට ආදරේ කරන ආරක්ෂා කරන අයව පරිසරය විසින් ආරක්ෂා කරනවා සහෝදරයා
    ජය වේවා
    බුදු සරණයි
    ලස්සන video එකක්
    👊👊👊👊👊👊👊👊

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +2

    අව්‍යාජ කම.. සරලකම.. නිවුනු කටහඬ භාවනාවක් වගේ. දැනෙන හැගීම් විස්තර කරන්න බැහැ. 🥹🥺❤
    බුදු සරණයි. පරිස්සමෙන්. 🙏

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +6

    මේ කොටස එනකන් ගොඩක් කල් බලන් හිටියා ❤ වෙනද වගෙම ඒ ලස්සන එ විදියටම අඩුවක් නැතුව දුන්න ❤🙏 සහෝදරයා ජය වේවා ඉක්මන්ට තවත් සුන්දර ගමනාන්තයකින් හමු වෙමු ❤

  • @dineshekanayaka9716
    @dineshekanayaka9716 ปีที่แล้ว +16

    ස්තුතියි අයියා අපේ රටේ සුන්දරත්වය පෙන්නනනවට. වේනදා වගේම අදත් සුන්දර වීඩියෝවක්.ඊලග සුන්දර ගමනාන්තය නැරබිමට ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නවා අපිටත්. ❤❤🇱🇰❤❤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +6

      ගොඩාක් ස්තූති මල්ලි.. අපි ලබන සතියේ මීලග වීඩියෝව බලමු

  • @ushanumayanga6711
    @ushanumayanga6711 ปีที่แล้ว +3

    හැමදේකින්ම ජිවිතේ හිර වෙලා ඉන්න අපිට මේවා බෙහෙත් අයියේ.. දිගටම මේවගෙ දේවල් කරන්න.. ඒ පිනම ඇති දවසක ඔයාට නිවෙන්න.. බුදුසරණයී ❤️

  • @chaniduperera1739
    @chaniduperera1739 ปีที่แล้ว +7

    බෙහෙවිනම පින් අයියෙ ලන්කාවේ ලස්සනම තැන් අපූරුවට කැමරා කාචයෙහි සටහන් කොට අපිට ලස්සනට ගෙන හැර දක්වනවාට🙏💪💚

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තූති මේ අගය කිරීමට.. තවත් ගමනාන්තයකට ගිහින් රූප රචනාවක් අරන් එන්න උත්තේජනයක් මේ දිරිගැන්විම..!

  • @charithprasanna1836
    @charithprasanna1836 ปีที่แล้ว +10

    ඒ තියෙන ලස්සන හිනාවටයි ලස්සන කතාවටයි...ඒවගේම තියෙන නිහතමානී කමටයි Respect කරනවා Brother...මේ වගේ තැන් වල අපිට මේ ලස්සන සුන්දරත්වය අරන් එන්න ගන්න මහන්සියටයි උත්සයටයි කැපවිමටයි මගේ හදවතින්ම ස්තුති කරනවා...ඒ වගේම අපිට තව මේ වගේ ලස්සන තැන් පෙන්නන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ...God Bless...

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තූති ... අනිවාර්යයෙන්ම අපි මේ රටේ සුන්දරත්වය මුලු මහත් ලෝකයටම අරගෙන යමු.. god bless

  • @tharakaperera5759
    @tharakaperera5759 ปีที่แล้ว +4

    මේ විඩියෝ වල තියෙන්නේ වෙනස්ම රහක්...
    තත්පරෙත් මිස් නොකර බලන්නේ...ජය ❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූති

  • @niumalsachintha2296
    @niumalsachintha2296 ปีที่แล้ว +1

    අයියා මාරම ආසවකින් ඔයාගේ විඩොයෝ බලන්නේ මාත් ගොඩක් ආසයි අයියා එක්ක හයික් එක්කට යන්න ගොඩක් ආසවේන් ඉන්නේ අයියේ. ඔයා මාරම නිහතමානී පුද්ගලයෙක් බුදුසරනයි ඔයාට අයියේ 😍 අයියා එක්ක අනිවරයේන් හයික් එකක් යන්න ආසයි

  • @cnthilakarathna
    @cnthilakarathna ปีที่แล้ว +8

    වීඩියෝ එක ඉවර වෙද්දි අපේ හොඳ හිතවතෙක් දුරකට යනවා වගේ දැනෙනවා...💔😪

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      දෙයියනේ ... ❤️👏 ගොඩාක් ස්තූති

  • @kesharasilva9779
    @kesharasilva9779 ปีที่แล้ว +5

    මීට අවුරුදු හතරකට කලින් මං ගෙදරටත් පාට් එකක් දාලා බයික් එකත් අරගෙන ලයිසන්වත් නැතුව යාලුවෝ එක්ක ආවා කබරගල නගින්න කියලා. ඉහල උඩුව ස්කෝලේ ගාව කන්ද ගාවින් පල්ලෙහට දාලා ඉලඟ කන්ද ගාවින් උඩට ආවාම මට නිකං වෙනම ලෝකයක් එක. කොහම කොහම හරි කබරගල නැගල ආපහු ඒද්දි තමා අර ලොකු වංගු දෙක ගාවදි පොලිසියෙන් ඇල්ලුවෙන්. ඒ පොලිසියේ මාමලා ටිකක් බයත් කරලා හිනවෙලා යන්න පුතේ කිව්වා.ඊට පස්සේ ටිකක් කොහමහරි ගෙදරට 30KM විතර තියලා බයික් එකේ පිටිපස්සේ රෝදේ හුලං ගියා හවස 5.00 ට විතර .පෝය දවසක් හින්දා හදා ගන්න තැනකුත් නැ. ගෙවල් කිපයකම බැලුවා හුලං ටිකක් ගහන්න විදියක් ඒත් නැ. කෝහම හරි රිම් එකෙන්ම කඳු වංගු වැස්සත් එක්ක ගෙදර ආවේ කොහමද කියන එක මට අදටත් හීනයක්.අවුරුදු ගානකට පස්සේ මේ වීඩියෝ එක බලද්දි මට එක මතක් වුනා.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      බෑනේ ඉතිං ... මමත් ඔහොම එනවා. හැබැයි ආවට පස්සෙ හරි call එකක් දෙනවා. අම්ම තාත්තගේ ආශිර්වාදය පුදුම විදිහට වටිනවා මේ වගේ ගමන් සාර්ථක වෙන්න. (හැබැයි ඔය ගමන ඔච්චර මතක තිබුනේ ඔහොම එකක් උන හින්දා.. ඒ වගේම මාරම ගේමක් අර පල්ලම් ටිකයි කදු ටිකයි කැඩිච්ච පාරක හුලං නැතුව ගිය එක නම්..) නියමයි සහෝ

  • @gayathrageethanjan8657
    @gayathrageethanjan8657 ปีที่แล้ว +7

    අපෙ රටේ සුන්දරත්වය පෙන්නනවාට ගොඩක් ස්තූති! දිනෙශ් අයියා🍃❣🇱🇰

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති මේ අගය කිරීම් වලට වගේම දිරි ගැන්වීමට

  • @shortsfilm7185
    @shortsfilm7185 ปีที่แล้ว +1

    පැතුම් මල්ලි කියන්නෙ එල ඩයල් එකක් අපිත් ගියා මාර ලස්සන තැනක්

  • @chamodiroland3325
    @chamodiroland3325 ปีที่แล้ว +1

    උදේ හවස මගේ නෙත ගැටුනත් මේ කබරගල රාජයාගේ අසිරිය දුටුවේ අදයි මම, ඒ ඔබ නිසයි සහෝදරයා සුබ ගමන් ඔයා ලට

  • @dildiaries8047
    @dildiaries8047 ปีที่แล้ว +3

    Travel Video එකක් ඕනේ කෙනෙක්ට කරන්න පුලුවන් වුනාට බලන අපේ ජීවිතයත් එක්ක මුසු වෙලා යන විදිහට කරන්න හැමෝටම බෑ ඒත් දිනේශ් අයියේ ඔයා ඒක උපරිමයෙන් කරනවා. හැම තප්පරයක්ම අපිට ඔයා ගෙවන තැන පරිසරය අමුතුම විදිහකට විස්තර කරලා ඒ මොහොත අපේ ජීවිතේටත් ලබාදෙනවා. ජය වේවා අයියේ. මීදුමත් සොබාදහමත් එක්ක මුසු වෙච්ච තවත් ලස්සන Video එකක් ඉක්මන්ටම බලාපොරොත්තු වෙනවා 😍 බුදු සරණයි!

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +6

    අම්බෝ බොහෝම පින් ඇස් පිනෙව්වට ජය පරිසමට බුදු සරණයි ❤️ ආදරෙයි මුල ඉදලම මේ චැනල් එකත් එක්ක ඉන්නවා ආදරෙයි 🙏

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      අමතක නෑ.. ඇත්තටම ගොඩාක් ස්තූති

  • @nalinnmuthufdo9373
    @nalinnmuthufdo9373 ปีที่แล้ว +2

    සොඳුරුතම සංචාරකයා .DAP 💚

  • @EnSHAN
    @EnSHAN ปีที่แล้ว +7

    තවත් සුන්දර දුෂ්කර ගමනාන්තයක අවසානය 🇱🇰❤️🔥🍃🌬️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      තවත් ගමනක ආරම්භය හෙට උදේම❤️👏

  • @nhltn2308
    @nhltn2308 ปีที่แล้ว +9

    ගොඩාක් පින් සිද්ද වෙනවා🙏.ලොකු මානසික පීඩනේකින් ඉන්න වෙලාවට මේව බැලුවම මනසට පුදුම සැනසිල්ලක් සැහැල්ලුවක් දැනෙන්නෙ.අපිට යන්න බැරි වුණත් ඇත්තටම ගියා වගේ දැනෙනවා.අපිටත් හොදටම අදුරු කරල වහින වෙලාවක සීතලේ මේ video එක බැලුවෙ.ඒ නිසා ඒ හැගීම හොදටම දැනුනා.👍

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +4

      හරිම සතුටුයි මේ රූප රාමු වලට එහෙම හරි කෙනෙක් සුවපත් කරන්න පුලුවන් එක ගැන.. වැස්ස හරි සොදුරුයි.. අපි ඒක නිවිසැනසිල්ලේ විද ගත යුතුයි.. ඉතිං අපි වැස්ස වින්දා. ඒ වින්ද හැගීම ඒ විදිහටම ගේන්න ගත්තු උත්සහය සාර්ථකයි කියල හිතෙනවා මේ අදහස් කියවගෙන යද්දී.. ගොඩාක් ස්තූති

  • @heshaniliyanapathirana1819
    @heshaniliyanapathirana1819 ปีที่แล้ว +6

    පැතූ ම් මල්ලීගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. හැමෝටම මානසික සතුට ඕනම කාලෙක ලස්සන මතකයන් එකතු කරනවට ස්තූතී💚

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +4

      ඇත්තටම ..පුදුම මනුස්සකම් තියෙන කොල්ලෙක්

  • @sarithsamarakoon6820
    @sarithsamarakoon6820 ปีที่แล้ว +2

    දිව්‍ය ලෝකයක් බදු අපේ රට සුන්දර රූප රචනා ඔස්සේ අපිට පෙන්වනවාට ඔබට අනේක වාරයක් පින් දිනේෂ් මල්ලී ❤️❤️❤️❤️

  • @s.k.a.dilshan4819
    @s.k.a.dilshan4819 ปีที่แล้ว

    නියමයි අයියේ අදත්..🔥🔥

  • @NETHSARATHEJAN9501
    @NETHSARATHEJAN9501 ปีที่แล้ว +5

    සුභ පතනවා ...ගොඩක් ලස්සනට කරනවා ..✌

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූති

  • @travellerSS1733
    @travellerSS1733 ปีที่แล้ว +4

    28:03 ඒ appreciation එක සුපිරි, දකින්න ආසයි මෙහෙම පරිසරේට ගහට කොළට ආදරේ මිනිස්සු 💚💚

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති

  • @ishafahamed9659
    @ishafahamed9659 ปีที่แล้ว +1

    නියමයි අයියේ 💕

  • @chamathradika7483
    @chamathradika7483 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️

  • @ashandulanjana2336
    @ashandulanjana2336 ปีที่แล้ว +5

    මමත් බුලත්කොහුපිටියෙ අයියේ...ගොඩක් ස්තූතියි අපේ රටේ ලස්සන පෙන්නනවට..පරිස්සමින් යන්න...බුදු සරණයි අයියේ 💓

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      අපි ආවා බුලත්කොහුපිටිය ෆුඩ් සිටි එක ලගට.. හොදටම මහන්සි වෙලා හිටියේ.. එතන පේමන්ට් එකට වෙලා අයිස්ක්‍රීම් එකක් කාලා බීම එකක් බොන ගමන් කතා උනා ඔනියයි මමයි දාමුද පෝස්ට් එකක් අපි බුලත්කොහුපිටියෙ කියලා... 😀 හැබැයි ඒ වෙලාවෙ දන්න කියන මනුස්සයෙක් වත් ලගට එන්නෙ නෑ.. අපි දවස් ගානක් තිස්සෙ ඇවිදලා කදු නැගලා මඩ නාලා හිටියෙ

    • @ashandulanjana2336
      @ashandulanjana2336 ปีที่แล้ว +2

      අපරාදෙ අයියේ..දන්නවානම් අනිවා එනවා හම්බෙලා කතා කරලා යන්න..💓💓😕

  • @pathmikadeshan55
    @pathmikadeshan55 ปีที่แล้ว +3

    හැමදාම වගෙ අදත් සුපිරි 😍❤️

  • @shehanneththasingha6499
    @shehanneththasingha6499 ปีที่แล้ว +2

    නියමයි අයියේ❤❤🌍

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 ปีที่แล้ว +2

    පැතුම්ලා දෙන්නටම සුබපැතුම් ❤️❤️

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 ปีที่แล้ว +9

    හැමදාමත් වගේ එක තප්පරයක්වත් මිස් නොකර බලන් හිටියා තිබ්බ ලෙඩ දුක් මදකට හෝ නැතුව ගියා මේ ලස්සන රටේ ලස්සන තැන් නිසා .ඇත්තටම අපේ රටේ අහස තරම් ලස්සන සුන්දර නැද්ද කියලා හිතුනා මේ රටවල් වල අහස මොකද මේ අහසේ තියෙන්නේ පාන්ඩු පාට විතරමයි දැක්කම හිත තවත් පාලුවට යනවා වගේ එකට අපේ රට වාසනාවන් ....තව එකක් අපිට තව බොහෝකල් ඔයාගේ විඩියෝ බලන්න ඕන ඒ නිසා යන තැනක පරිස්සමෙන් මනුස්සයෝ සොබාදහම දැක්කම පිස්සෙක් වගේ හැසිරෙන්නේ ඒකයි තෙරුවන් සරණයි පරිස්සමෙන් අයියේ 🙏💪❤️😌

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      බොහෝම ස්තූති නංගි.

  • @hashanbanu1309
    @hashanbanu1309 ปีที่แล้ว +6

    තවත් සුන්දර සංචාරයක් 😌💚🌿

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ඇත්තටම ... මීලග ගමන මීට වඩා රසවත් වෙයි කියල විශ්වාස කරණවා

  • @nilanthikumari8055
    @nilanthikumari8055 ปีที่แล้ว +2

    මානව හිතවාදී පරිසර හිතවාදී සංචාරකයා. තමන් විදින ගමන්, බලන අයටත් විදින්න පුලුවන් විදිහට නිර්ලෝභීව දර්ශන පෙළගස්වන නිර්මාණශීලි සංචාරකයා. ඔබේ අරමුණු ඵල දරණ තවත් සාර්ථක නිමැවුමක් මේකත්. බොහෝ සංචාරයන්ට මාර්ගෝපදේශයක් වේවි නිසැකවම. ඉදිරියේදී. මට වගේම. හරිම ලස්සනයි. බොහෝම සතුටුයි. බොහොමත්ම ස්තූතියි දිනේශ් ඔබට. ජය වේවා 🙏🎉️

  • @udanasandaruwan8726
    @udanasandaruwan8726 ปีที่แล้ว

    Lassanai ayye 🖤❤️

  • @TravelWithAyale
    @TravelWithAyale ปีที่แล้ว +26

    අනේ කොච්චර ලස්සනද මගේ රට❤😔 තවත් සුන්දර ගමනාන්ත කිහිපයක්.. දවසක් හමු වෙමු කදුමුදුනක අපිත් අයියේ. පැතුම් මල්ලිගේ Drawing එකත් ලස්සනයි. 💓💓

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති මල්ලි

  • @samitha8805
    @samitha8805 ปีที่แล้ว +5

    දිනෙශ් සුන්දර හදවතක් තියෙන මනුස්සයෙක් ❤️😍

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      🌿👏 ගොඩාක් ස්තූති

  • @DenethKavin
    @DenethKavin ปีที่แล้ว +1

    Lassanai ayye

  • @Hdksshdkskss
    @Hdksshdkskss ปีที่แล้ว +2

    අනේ අයිය හරිම හොදයි මම හරිම ආසයි වීඩියෝ වලට😍😍😍😍😍😍😍😍😍

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 ปีที่แล้ว +3

    වැස්සෙම කබරගල නැගපු හැටි, ගමේ අය කිව්වෙ කබරගල නගින අය එන්නෙම නාගන්න කියලා 😆ඔයාගේ ලස්සන වීඩියෝව අපේ මතකයන් අලුත් කරා..ආදරණීයම බලු යාලුවන් හමුවුනෙත් ඔහෙදි තමයි...

  • @shehanijayasekara5601
    @shehanijayasekara5601 ปีที่แล้ว +3

    😍🌱 woow.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      Thank you so much ❤️🌿

  • @tharushatheekshana9851
    @tharushatheekshana9851 ปีที่แล้ว +1

    මොනව උනත් දිනේෂ් අයියෙ ලොකු පීරිස් සහෝදරයා නැති අඩුව දැනෙනවා. ආයිත් ඉක්මනටම ලොකු පීරිස් සහෝදරයා එක්ක සංචාරයක් යන්න ලැබේවා සහ අපිටත් ඉක්මනටම ඒක බලන්න ලැබේවා. හැමදාම වගේ,දිනේෂ් මගෙ සහෝදරයාට ජයවේවා. 🙏 තෙරුවන් සරණයි🙏🏻☸️ 💟💝

  • @thilinanisal2975
    @thilinanisal2975 ปีที่แล้ว +1

    පට්ට සුපිරි❤️❤️❤️👍

  • @komarikk1394
    @komarikk1394 ปีที่แล้ว +3

    තෙරුවන්ඝරණයි පරිඝ්ඝමෙිනේ ගියිඑන 🙏

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති ... තෙරුවන් සරණයි. වීඩියෝ එක කොහොමද

    • @saduninimasha3695
      @saduninimasha3695 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි අයියෙ video එක 💚💚

  • @nisadu8447
    @nisadu8447 ปีที่แล้ว +3

    Ela aiya ❤️‍🔥

  • @dinithrajapaksha
    @dinithrajapaksha ปีที่แล้ว

    jaya wewa ayye 😍🤘

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h ปีที่แล้ว +1

    සුපිරියක් සහොදරයා❤️👌🤘

  • @anushagunasekara838
    @anushagunasekara838 ปีที่แล้ว +3

    අනේ අයියේ ඔයානන් ඇත්තටම ශෝක් .ඔයා ගොඩක් හොඳ දක්ශයෙක්.ඔයාගේ කතා විලාශය සිත් ඇදගන්නවා.ලංකාවේ travel නම් ඔයා තමයි.මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා .අපි නොගිය තැන් වලට ඔයා අපිව ගෙනියනවා.ඔයාට ගොඩක් පින්.ලංකාව මොනතරම් ලස්සනයිද කියලා දැන ගත්තෙ ඔයාගෙන්.කොහේ ගියත් පරිස්සමෙන් .බුදුසරණයි අයියේ

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      බොහෝමයක් ස්තූති නංගි.. 🇱🇰🌿❤️

  • @syammohan800
    @syammohan800 ปีที่แล้ว +5

    I am not understanding your language but am enjoying ur vedios very much.. 💝🌹 keep going🎉🎊

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      Thank you so much. We are working on subtitles at the moment. Hoping to publish soon

  • @maheeshathathsaraniwickram5629
    @maheeshathathsaraniwickram5629 ปีที่แล้ว

    aneeee shooy ayyeh❤❤

  • @ruwanchamaramaliyadda3274
    @ruwanchamaramaliyadda3274 ปีที่แล้ว

    Niyamai Aiya ❤

  • @hansakanawarathne8247
    @hansakanawarathne8247 ปีที่แล้ว +4

    Wonderful like another video 😍😍😍

  • @avishkadasanayaka3610
    @avishkadasanayaka3610 ปีที่แล้ว +3

    විඩියෝ එකක් එනකමි බලන් හිටියේ ජය වෙිවා❤️💯🖤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      බොහොම ස්තූති

  • @tharushamalshan5028
    @tharushamalshan5028 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි දිනේෂ් අයියේ..❤️❤️😍
    Good luck...

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 ปีที่แล้ว +1

    Niyamai aiya

  • @sitharathamidu7236
    @sitharathamidu7236 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති

  • @shanukathiwanka8212
    @shanukathiwanka8212 ปีที่แล้ว +4

    Wish old the best bro.🙏❤️

  • @wasanthakumari4695
    @wasanthakumari4695 ปีที่แล้ว +1

    ලස්සනයි හරිම සුන්දරයි ජයවෙිවා බුදුසරණයි

  • @chathurikasubashini4542
    @chathurikasubashini4542 ปีที่แล้ว

    Marama lassanai malli tnx oyata mewa apita pennanawata

  • @seylancooking
    @seylancooking ปีที่แล้ว +3

    සරලයි සුන්දරයි, හැමදාමත් වගේ ලස්සනයි, දවසක මමත් ආසයි ඔයා වගේ ලස්සන, සුන්දර, සරල ට්‍රැවලින් ගොඩක් කරන්න, ඒකට දිනේෂ් අයියාගෙ ගමන් ඔක්කොම සහයෝගයක් වෙයි, ජය වේවා අයියේ ඔයාට💖

  • @sadeepamalshan3113
    @sadeepamalshan3113 ปีที่แล้ว +9

    ගොඩක් ආසාවෙන් මග බලන් හිටියෙ අයියේ part 2 එක එනකම්ම්....මාරම ලස්සනනයි අයියේ....මාත් ඔය දියඇලි ඔක්කොටම වගේ ගිහින් තියේ...😍🍃🍃💚

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      ඇත්තටම හරිම ලස්සන පාරාදීසයක් මල්ලි

  • @ranasinghe5811
    @ranasinghe5811 ปีที่แล้ว +1

    ජය වේවා. තෙරුවන් සරණයී.🙏 අයියා.💪😍

  • @srinathvijendra4486
    @srinathvijendra4486 ปีที่แล้ว +1

    Ela bro super 👌

  • @sameeraumayanga8251
    @sameeraumayanga8251 ปีที่แล้ว +3

    සුපිරියක් ☺️☺️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූති

  • @wildcranasinghe
    @wildcranasinghe ปีที่แล้ว +4

    අම්මෝ අය්යේ අදත් සුපිරියක් තමා 🤗🍃🇱🇰

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති සහෝ

  • @imeshrashantha5904
    @imeshrashantha5904 ปีที่แล้ว

    සුපිරි අයියේ ❤❤🌿🌸

  • @hasithadhananjaya8327
    @hasithadhananjaya8327 ปีที่แล้ว

    බුදු සරණයි අයියා 💪❤️

  • @nuwanjayarathna1769
    @nuwanjayarathna1769 ปีที่แล้ว +3

    💚🍃 පරිස්සමෙන් අයියේ 🙏💖

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති

  • @indikamaura6811
    @indikamaura6811 ปีที่แล้ว +3

    නියමයි... 👍නියමයි...👍👍👍

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තූති

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 ปีที่แล้ว +1

    මාරයි 👍❤️

  • @Sadeepa_Rajapaksha
    @Sadeepa_Rajapaksha ปีที่แล้ว

    Superb Aiye❤️🥺

  • @dancingwithima1812
    @dancingwithima1812 ปีที่แล้ว +5

    පට්ට ලස්සනයි අයියේ 😍 හැමදාම වගෙ අදත් බැලුවා විඩියෝ එක දාපු ගමන් සුපිරියි ❤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති

  • @user-yr5xo3vq7d
    @user-yr5xo3vq7d ปีที่แล้ว +5

    නියමයි අයියා ❤️✊

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති මල්ලි

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 ปีที่แล้ว +1

    Thank you for giving adventurous video
    Good luck malli
    Really admired

  • @TravelHolidayy
    @TravelHolidayy ปีที่แล้ว +2

    හැමදාම වගේ සුපිරි වීඩියෝ එක 👍

  • @shainbro5823
    @shainbro5823 ปีที่แล้ว +3

    ලස්සනයි අය්යා වීඩියෝ ඒක වෙනදා වගේ සුපිරි ❤️🌿

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති මල්ලි

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +7

    Sri Lanka is so beautiful. I miss the country so much I get to experience it through high-quality videos like yours. Subscribed!

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne ปีที่แล้ว +1

    Lassni ayya athami parisaraya ta adare karana hamaotama oya lassna panawata thanx ayya maram lassni ❤️❤️❤️❤️❤️❤️❤️ budusarani ilaga video ekath ikmata enakan balan innnawa

  • @malithkavind8716
    @malithkavind8716 ปีที่แล้ว +1

    මර ලස්සනයි 😍😍

  • @deshandesilva4510
    @deshandesilva4510 ปีที่แล้ว +6

    Niyamai aiya 💚💚💚💚
    Prsentation skill eka 200%
    Thawa vlog krnna sakthiya dairiya labewa
    Budu saranai ❤

  • @vihangasadakalum4616
    @vihangasadakalum4616 ปีที่แล้ว +3

    තවත් එක් සුන්දර ගමනාන්තයක් 🌿

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ඇත්තටම සොදුරු නවාතැන්පොළක්

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว

    Good video aiya 😍😍😍

  • @ratawate3116
    @ratawate3116 ปีที่แล้ว +1

    හිත් සුවපත් කරනවට අයියට පින්💖

  • @namalnamal1223
    @namalnamal1223 ปีที่แล้ว +3

    සුපිරි දිනේස් අයියා වීඩියෝ එක දානකල් බලන් හිටියේ💗💗💗

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති මල්ලි

  • @ruwankumara8197
    @ruwankumara8197 ปีที่แล้ว +3

    වෙනදා වගේම අදත් ලස්සනයි. ♥♥

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว

      බොහෝමයක් ස්තූති

  • @lilanthamadhushan1021
    @lilanthamadhushan1021 ปีที่แล้ว

    මරු අයියෙ ❤️

  • @tharagamahesh2308
    @tharagamahesh2308 ปีที่แล้ว

    කියන්න වචන නෑ සුපිරි...❤️❤️❤️👍👍✌️✌️