ගල්බොඩ කොමලිය සොයා 🧜🏻‍♀️ (𝐖𝐢𝐭𝐡 𝐅𝐮𝐥𝐥 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬) | 𝐆𝐚𝐥𝐛𝐨𝐝𝐚 𝐰𝐚𝐭𝐞𝐫𝐟𝐚𝐥𝐥𝐬 | 𝐆𝐚𝐥𝐛𝐨𝐝𝐚 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐕𝐥𝐨𝐠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ගල්බොඩ කොමලිය සොයා..🧜🏻‍♀️ - ගල්බොඩ ඇල්ල | 𝐆𝐚𝐥𝐛𝐨𝐝𝐚 𝐰𝐚𝐭𝐞𝐫𝐟𝐚𝐥𝐥𝐬 𝐒𝐫𝐢 𝐥𝐚𝐧𝐤𝐚
    ගල්බොඩ කියන්නේ උඩරට දුම්රිය මාර්ගයේ එහෙමත් නැත්නම් ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිහිටලා තියෙන දුම්රිය ස්ථානයක්. ඉඟුරුඔය දුම්රිය ස්ථානය සහ වටවල දුම්රිය ස්ථානය අතර පිහිටා ඇති හුදෙකලා දුම්රිය ස්ථානයක් වන ගල්බොඩ දුම්රිය ස්ථානයේ හුදෙකලා බව යම් තරමකට හෝ අඩු වෙලා තියෙන්නේ ගල්බොඩ දුම්රිය ස්ථානයට මදක් නුදුරින් පිහිටලා තිබෙන ගල්බොඩ ඇල්ල නැරඹීමට එන සංචාරකයන් නිසාම පමණයි. මෙය උඩරට දුම්රිය මාර්ගයේ 53 වෙනි නැවතුමයි.
    ජනප්‍රවාදයේ එන විදියට,අතීතයේ ගබඩාගම, ගලේගබඩාව යනුවෙන් හඳුන්වා ඇති මේ ප්‍රදේශය කාලයත් සමඟ පසුකාලීනව ගල්බොඩ ලෙසට වෙනස් වෙලා තමයි අද අපි කතා කරන ගල්බොඩ නම නිර්මාණය වී තියෙන්නේ. අතීතයේ රජවරුන් විසින් තම වස්තුව සහ අනිත් වටිනා බඩු බාහිර ආදිය සඟවා තබා ගැනීමට මෙම ප්‍රදේශය යොදාගෙන ඇති බවත් ඒ නිසාම ගබඩාගම යනුවෙන් හඳුන්වා ඇති බවත් ගමේ කෙනෙක්ගෙන් දැන ගන්නට ලැබුනා.
    ගල්බොඩ දිය ඇල්ල කොටස් 3 කින් සමන්විත වේ. ඒ ගල්බොඩ ඉහල ඇල්ල, මැද ඇල්ල සහ පහල ඇල්ල ලෙසයි. විදේශීය සංචාරකයන් සහ ලංකාවේ ගොඩක් දෙනා අතර කතාවෙන ඇල්ල තමයි ගල්බොඩ ඉහල ඇල්ල කියන්නේ. ඒ ඇල්ල උසින් මීටර් 30 ක් පළලින් මීටර 3-6 ත් අතර වේ. ඇල්ලට යාමට ගල්බොඩ දුම්රිය ස්ථානයේ සිට ඉඟුරුඔය දෙසට 300m පමණ පැමිණි පසු දකුණු පැත්තට බෝඩ් එකක් සමගින් පාරක් හමුවෙනවා. ඒ පාරේ කෙලින්ම ගියාම දිය ඇල්ලට යන්න පුලුවන්. යන අතරමගදි ගමනේ ටිකක් දුර ගිය පසු තුම්මං හනිදියක් හමු වෙනවා. එතනින් කෙලින් පාරේ තමයි දිය ඇල්ලට ලඟම පාර, අනිත් පැත්තෙන් ගියොත් පාර වැටෙන්නේ ගම මැදින්. දිය ඇල්ලට ඇතුල් වෙන්න රුපියල් 100ක ටිකක් එකක් මිලදී ගැනීමට අවශ්‍ය වෙනවා. එතනින් පසු ඇතුල් වෙන්නේ දිව්‍ය ලෝකයකටය. ඒ යන අතරමඟ අත්වැල් පාලමකින් මාරු වීමටද ඇත. එතනින් පසු තමයි ගල්බොඩ කොමලිය පෙනෙන්නේ...
    ගල්බොඩ මැද ඇල්ල කියන්නේ ගල්බොඩ දුම්රිය ස්ථානයේ සිට ඉඟුරුඔය දෙසට ගමන් කල පසු ගල්බොඩ බිංගේ හම්බෙනවා. ඒ බිංගේ දෙක අතර මැදින් ඇති පාලම ගාවින් පහලට පොඩියට වැටෙන ඇල්ල තමයි ගල්බොඩ පහල ඇල්ල කියන්නේ. මේ බිංගේ බලන්න යනවනම් කෝච්චි වෙලාවන් ගැන අවධානයෙන් ගමන් කරන්න වෙනවා. මොකද අවදානම් සහිත බිංගෙවල් දෙකක් ඇති නිසා කෝච්චියේ සද්දය ඇහෙන්නේ නැති වෙන්න පුලුවන්.
    ගල්බොඩ පහල ඇල්ලට ලඟාවෙන්න නම් ගල්බොඩ දුම්රිය ස්ථානයේ ඉඳන් ඉඟුරුඔය පැත්තට යන පාරේ ගල්බොඩ පැරණි තේ කර්මාන්තශාලාව, ගල්බොඩ ක්‍රිස්තියානි පල්ලිය එහෙම පහුකරගෙන ගිහින් හම්බවෙන කනත්ත ලඟින් දකුණට හැරිලා ආයෙත් දකුණට ගිහින් පහලට බැස්සම ගල්බොඩ පහල ඇල්ලට යන්න පුලුවන්.
    𝙹𝚘𝚒𝚗 𝚠𝚒𝚝𝚑 𝚞𝚜 👇
    𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 -: www.facebook.c...
    𝐓𝐢𝐤𝐭𝐨𝐤 -: www.tiktok.com...
    𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 -: / @dumiya5913
    🤗 "𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐖𝐢𝐭𝐡 𝐃𝐮𝐦𝐢𝐲𝐚" 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 නාලිකාව 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 කරන්න අමතක කරන්න එපා 🤗
    ❤️ 𝗗𝗼𝗻'𝘁 𝗳𝗼𝗿𝗴𝗲𝘁 𝘁𝗼 𝗳𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 & 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 @𝗧𝗿𝗮𝘃𝗲𝗹𝘄𝗶𝘁𝗵𝗱𝘂𝗺𝗶𝘆𝗮 𝗼𝗻 𝘆𝗼𝘂𝘁𝘂𝗯𝗲 ❤️
    𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐟𝐨𝐫 𝐰𝐚𝐭𝐜𝐡𝐢𝐧𝐠.........!
    𝐈𝐟 𝐲𝐨𝐮 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐤𝐧𝐨𝐰 𝐦𝐨𝐫𝐞 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐭𝐫𝐢𝐩𝐬 𝐥𝐢𝐤𝐞 𝐭𝐡𝐢𝐬, 𝐬𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐭𝐨 𝐨𝐮𝐫 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐚𝐧𝐝 𝐩𝐫𝐞𝐬𝐬 𝐭𝐡𝐞 𝐛𝐞𝐥𝐥 𝐛𝐮𝐭𝐭𝐨𝐧 𝐡𝐞𝐫𝐞.
    𝐇𝐚𝐯𝐞 𝐚 𝐧𝐢𝐜𝐞 𝐝𝐚𝐲 𝐞𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞....! 𝐆𝐨𝐨𝐝 𝐋𝐮𝐜𝐤...!!
    #galboda #galbodawaterfalls #railway #travelwithdumiya #srilanka

ความคิดเห็น • 66