කැලේක සැඟවුණ උද්‍යානය🌱 (𝐖𝐢𝐭𝐡 𝐅𝐮𝐥𝐥 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬) | 𝐁𝐚𝐝𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚 𝐅𝐨𝐫𝐞𝐬𝐭 | 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐕𝐥𝐨𝐠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • සැගවුණු උද්‍යානයක් සොයා ගිය අපූරු ගමන..🌱 - බඩගමුව සංරක්ෂිත වනාන්තරය | 𝐁𝐚𝐝𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚 𝐑𝐞𝐬𝐞𝐫𝐯𝐞
    𝐅𝐨𝐫𝐞𝐬𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚
    බඩගමුව සංරක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ද්විතීක වනාන්තරයකි. කුරුණෑගල-දඹුල්ල මාර්ගයෙහි (A6), කුරුණෑගල නගරයේ සිට කි. මි. 4ක් පමණ දුරින් වූ මග දෙපස මෙම වනාන්තරය පිහිටා ඇත.
    - ඉතිහාසය -
    මානව අතපෙවීම් හේතුකොටගෙන බඩගමුවෙහි තිබූ ස්වභාවික වනාන්තරය හායනය වීම 17වන සියවස වන විට ආරම්භ විය. කෙසේනමුදු, 1894 ජූනි 1වන දින ගැසට් අංක 5290 යටතේ රජය විසින් මෙම ප්‍රදේශය සංරක්ෂිත වනාන්තරයක් වශයෙන් ප්‍රකාශයට පත්කල අතර 1895දී ඉංග්‍රීසි ජාතික ඒ.එම්. වොල්කර් විසින් යලි වන වගා කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. වර්තමානයේ බඩගමුව හරහා දිවෙන A6 මාර්ගය එකල කුඩා කරත්ත පාරක් වූ බව සඳහන්ය.
    1925දී වන දෙපාර්තමේන්තුව විසින් මෙහි කොස්, මහෝගනී, තේක්ක, නැදුන්, බුරුත, ඇත්දෙමට, හා මිල්ල වැනි වටිනා ශාක රෝපණය කරන ලදී. මෙම ක්‍රියාවලියට පෙරාතුව, දෙපාර්තමේන්තුව විසින් වනයෙහි වූ වටිනා දැව අස්වැන්න එකතු කර ගනිමින් එහි වූ භූමිය කොටස් වශයෙන් වට්ටක්කා, කෙසෙල්, ගස්ලබු වැනි භෝග වගාකිරීම පිණිස ගම්වැසියන්ට ලබා දී තිබුණි. මින් අනතුරුව වගා කරන ලද භූමිය පුළුස්සා නැවත වතාවක් වනාන්තර කලාපයක් ලෙස සංවර්ධනය කෙරුණි. 1968දී කොස්, මහෝගනී වැනි සමහර ශාක වර්ග වනාන්තරයෙහි යළි රෝපණය කරන ලදී.
    ආරම්භක සමයේදී බඩගමුව වනාන්තරයෙහි වූ සමහරක් සළකුණු කරන ලද ශාක දැව අස්වැන්නක් උදෙසා කපා දැමුණද, එය සංරක්ෂිත වනාන්තරයක් වශයෙන් ආරක්ෂා කිරීමට රජය තීරණය කිරීමත් සමග ගස් කැපීමේ ක්‍රියාවලිය නවතා දැමුණි. 2007 සැප්තැම්බර් 13වන දින අංක 1514/22 යන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම භූමිය සංරක්ෂණ වනාන්තරයක් වශයෙන් උසස් කෙරුණු අතර වත්මන් භූමිය හෙක්ට්යාර 217කින් පමණ සමන්විත වේ. ඉන් හෙක්ට්යාර 50ක ප්‍රමාණයක් "මිනිසා සහ ජෙෙව ගෝලය" යන පරිසර කලාපයක් ලෙස නම්කර ඇත.
    - වනාන්තරය -
    පුනර්ජනිත වනාන්තරයක් භෝග වගාව සඳහා දශක කිහිපයක් අත්හැර දැමීමෙන් අනතුරුව නැවතත් වන වගා කිරීම හේතුවෙන් බඩගමුව යනු ද්විතීක වනාන්තරයක් වේ. ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපයෙහි පිහිටා ඇති එයට 1750-2500 මි.මී. පමණ ප්‍රමාණයක වාර්ෂික වර්ෂාපතනයක් හිමිය. වර්තමානයේදී මෙම වනාන්තරය ශාක විශේෂ 130ක් හා සත්ව විශේෂ 300කට වඩා වැඩි ප්‍රමාණයකට නිවහනක් ලෙස ක්‍රියාකරයි.
    වනාන්තරයෙහි ඉහළ තුරුවියන කොස්, මහෝගනී වැනි ශාක විසින් අත්පත් කොටගෙන තිබෙන අතර පහළ තුරුවියන අනෙකුත් දර්ශීය වන ශාක වලින් සමන්විත වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ශාක සමීක්ෂණයකදී කොස්, මිල්ල, පිහිඹියා, දිය කිරල, හීන් ඇඹිල්ල, වල් වරකා වැනි ශාක 30කට වැඩි ප්‍රමාණයක් ප්‍රමුඛ ශාක ලෙස වාර්තාගත කෙරුණි. එසේම ඔවුන් විසින් වල් කෝපි, ඇටඹ, මලබොඩ හා නැදුන් වැනි දේශීය විශේෂද වාර්තා කරන ලදී. මීට අමතරව "තරුණ සත්වවේදීන්ගේ සංගමය" විසින් සිදුකරන ලද සමීක්ෂණයකදී ශ්‍රී ලංකාවට දේශීය උරගයින්, පක්ෂීන්, සමනළුන්, උභය ජීවින්, හා ක්ෂීරපායින් විශාල ප්‍රමාණයක් අනාවරණය කෙරුණි.
    - තුරුවියන නගා සිටුවීමේ ව්යාපෘතිය -
    හිඟුරු වැල්, කදුරුකැටිය වැල් වැනි කාශ්ඨාරෝහක ශාක විශේෂ අධි ඝනත්වයෙන් යුතුව පැතිරී යාම හේතුවෙන් වනාන්තරයේ සමහරක් කලාප වල ඉහළ තුරුවියනෙහි සිදුරු ගොඩනැගී තිබෙන අතර තුරුවියන නගා සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ එම කාශ්ඨාරෝහක ශාක විශේෂ ක්‍රමවත් පරිදි ඉවත් කරමින් තුරුවියන යලි ප්‍රකෘතිමත් කිරීම සිදුකරනු ලබයි.
    𝙹𝚘𝚒𝚗 𝚠𝚒𝚝𝚑 𝚞𝚜 👇
    𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 -: www.facebook.c...
    𝐓𝐢𝐤𝐭𝐨𝐤 -: www.tiktok.com...
    𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 -: / @dumiya5913
    🤗 "𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐖𝐢𝐭𝐡 𝐃𝐮𝐦𝐢𝐲𝐚" 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 නාලිකාව 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 කරන්න අමතක කරන්න එපා 🤗
    ❤️ 𝗗𝗼𝗻'𝘁 𝗳𝗼𝗿𝗴𝗲𝘁 𝘁𝗼 𝗳𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 & 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 @𝗧𝗿𝗮𝘃𝗲𝗹𝘄𝗶𝘁𝗵𝗱𝘂𝗺𝗶𝘆𝗮 𝗼𝗻 𝘆𝗼𝘂𝘁𝘂𝗯𝗲 ❤️
    𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐟𝐨𝐫 𝐰𝐚𝐭𝐜𝐡𝐢𝐧𝐠.........!
    𝐈𝐟 𝐲𝐨𝐮 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐤𝐧𝐨𝐰 𝐦𝐨𝐫𝐞 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐭𝐫𝐢𝐩𝐬 𝐥𝐢𝐤𝐞 𝐭𝐡𝐢𝐬, 𝐬𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐭𝐨 𝐨𝐮𝐫 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐚𝐧𝐝 𝐩𝐫𝐞𝐬𝐬 𝐭𝐡𝐞 𝐛𝐞𝐥𝐥 𝐛𝐮𝐭𝐭𝐨𝐧 𝐡𝐞𝐫𝐞.
    𝐇𝐚𝐯𝐞 𝐚 𝐧𝐢𝐜𝐞 𝐝𝐚𝐲 𝐞𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞....! 𝐆𝐨𝐨𝐝 𝐋𝐮𝐜𝐤...!!
    #Badagamuwa #Badagamuwaforest #travelwithdumiya #srilanka

ความคิดเห็น • 62