I consulted one of Nadi readers in SL. This happened in 1997. I did it out of curiosity, and i only checked 2 or 3 chapters. It was correct, even the future explained. Later in my life, i consulted Nadi readers in India. Two of my friends did with them, and it worked well. Indian Nadi readers also gave me correct information. I consulted them due to some challenges i was facing, but back in my mind, i was thinking life is good and bad, and we should face things and move forward. At the same time, i was thinking i will see, and i would be shocked if they can do it. Because, it will challange law of Kamma. As i expected they couldn't do it as they explained. I think what you said is correct. If you have a bad time, and you can afford to do some charities and it will give some happiness. You will face good and bad throughout, things change, and face the reality. Following a spiritual path makes you stronger and happier. Nothing gives you happiness as your trained mind, as explained by Lord Buddha.
Sir im a huge fan of you and i really appreciate your intellectuall capacity and reading. What im going to share now is not an illusion. Once i had a gastritis issue then i listened to binaural beats ( frequencies) surprisingly it worked within few minutes. I know that frequencies have a lot of power. I humbly request you to make a video on this.
මම අවුරුදු 15 ට පෙර නාඩි වාක්‍ය බලලා තියනවා ! මාගේ ප්වුලේ තොරතුරු සහ ඒ වෙද්දි වර්තමාන තත්වය 💯 නිවැර්දී!! එත් අනාගතය ගැන කියපු දේවල් අද වෙද්දි සත්‍ය උනේ නැහැ!! Anyway great explainataion and great video Randika! Agree with you and makes loads of sense !! :)
Dear Randika. We are waiting for the next episode of බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ. You were talking about "Prathya". so excited to listen to your next episode in this most valuable series.
Much awaited topic for me. I got my ola leaf read in 2009 in Bangalore , India. It was amazing , they have predicted accurately the chapter i have asked with exact time period. I do belive it, because its the future they predict. Thanks for the good explanation Mr.Randika ..
මේ වසරේදී ජීවිතයේ දුර යන්න කැමති අයට මා සමඟ එකතු වෙන්න පුළුවන් අතික්‍රමණ වැඩසටහනට
සිංහල භාෂාවෙන් පවත්වන වැඩසටහනට ලියාපදිංචිය 👉🏼 student.intellectii.global/offers/hYQJBt2d/checkout
වැඩසටහන පිළිබඳව වැඩි විස්තර 👉🏼 intellectii.global/athikramana-faqs/
ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන වැඩසටහනට ලියාපදිංචිය 👉🏼 student.intellectii.global/offers/DBDqr6va/checkout
වැඩසටහන අවසන් කල අයගේ ඇගයීම් 👉🏼 intellectii.global/online-courses/
මාගෙ වැඩසටහන් ගැන ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් 👉🏼 th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
Kohomada bro paya 7kta issalla pin kare😮
@@Palaw245 Time travel 😉
😂😂😂😂@@Raamuwa
Unlisted @@Palaw245
Modern physics පිළිබඳ රස බර topic එකක් ඊළඟ video එකෙන් ඹ්න. ක්වොන්ටම් භෞතික විද්‍යාව / ක්ෂීරපථය පිළිබඳව / දර්ශනය / classical physics ❤
හර බර වචන කියලා වැඩ්ඩෙක් බව පෙන්නන්න උත්සහ නොකර, කියන්න තියෙන දේ හරිම සරලව කියමින් ඔබතුමා ලාංකීය තාරුණ්‍ය හිමින් හිමින් අඳුරින් ආලෝකයට ගෙනියනවා. බොහොම ස්තූතියි ඔබතුමාට...
අනිවාර්යෙන් ම ❤
අනිවාර්යයෙන්
ඔබ හරි
ඒක ඇත්ත ❤
මේ වගේ වචන ටිකක් වත් තේරුම් ගන්න බැරි අඩු බුද්ධියක් තියෙන අය මේවා නොබලන තරමටම හොදයි .ඊටපස්සෙ ඔලුවට දාගන්නෙ වැරදි අදහස් මේ වගේ වීඩියෝ වලින්..
මීට කලින් මේකෙ විද්‍යාත්මක කරුණු රන්දික තරම් ගැඹුරු ලෙස අධ්‍යයනය නොකළත්, ප්‍රායෝගික කරුණු සහ ලංකාවෙ මේ පිළිබඳව උනන්දු වුණ බොහෝ දෙනෙක් සමග මේක ගැඹුරටම හදාරපු කෙනෙක් මම. මට අනුව මේ රන්දිකගෙ කතා බහ තමා මේ පිළිබඳව ලංකාවෙ මනුස්සයෙක් කරපු හොඳම අධ්‍යයනය.
මගෙ අත්දැකීම අනුව නාඩි වාක්‍ය කියන දේ සත්‍යයක්. ඒක අනාගතයට බොහෝ සේ වරදින්න හේතුව " කාලය කියන සංකල්පය අපි දකින විදිහ සහ කර්මය" . මේක දකින මාව ඇසුරු කරන මගෙ මිත්‍රයො හිනාවෙයි මම වගේ කොයි වෙලෙත් විද්‍යාත්මකව , තාක්ශණිකව ලෝකෙ දකින කෙනෙක් මෙහෙම දෙයක් කිව්වම. ඒත් මේ මන් 2019 වගේ කරපු හැදෑරීමක හරය!
උදාහරණයකට මට අනුව කාලය කියන දේ හොඳින් වැඩී අතු බෙදී ගිය රූස්ස ගහක්! මේකෙ මුල් වගේම අතු දිගේත් අපි උපතේ ඉඳන් ගමන් කරනව.අපිට මේක ගහක් වගේ පේන්නෙ නෑ අපි මනස දියුණු කරල නැති නිසා.අපිට මේක පේන්නෙ නැවත හැරීමක් නැති කෙලින් ඉරක් වගේ.
තාක්ශණය දියුණු වුණ කාලෙක අපිට පුලුවන් වෙයි මේ ගහ දිගේ යන්නත් එන්නත් අවශ්‍ය නම් ගහේ වෙනත් අතු දිගේ ගමන් කරල වෙනත් සීමාවක් දකින්නත්!
මේක මම විසින් මම කියන පුද්ගලයාට හදාගත් එක් අර්ථ කතනයක් විතරයි!
රන්දිකට එක දෙයක් මග ඇරුණ! මට හම්බුණා දෙපාරක් නාඩි අහන්න ගිය 15කට වැඩි පිරිසක් ලංකාවෙ! ඒ හැමෝටම දෙවෙනි වර කියවීමේදී ඒ කාලයට ගැලපෙන සේ අවශ්‍ය කරුණු වෙනස් වී තිබුණ සහ ඒ දේත් ලියැවී තිබුණ!
සරලව කිව්වොත් රන්දින 2019 දි එන බව සහ 2025දී නැවත එන බව ලියැවී තිබුණ! 2025 කියවුණ ටිකම ඇයි 2019 දි නොකියවුණේ කියන ප්‍රශ්නෙ රන්දිකට ආවනම් ඒකට මගෙ පැහැදිලි කිරීම අර ගහේ අතු. මේව මෙහෙම කියන්න අමාරුයි! ලංකාවට ආව වෙලාවක කෝපි කෝප්පයක් එක්ක කතා කරමු මේ ගැන තව ගැඹුරට!
වීඩියෝ එක දැක්ක ගමන් ඔයාව තමයි මතක් උනේ.
සුපිරි විග්‍රහයට හැමදාමත් වගේ බොහොම ස්තූතියි රන්දික❤ ...මගේ අත්දැකීමත් ඔබගේ නිගමන වලට එකඟයි.මාත් අවුරුදු ගානක ඉඳලා නාඩිවාක්‍ය ඇත්ත නැත්ත බලන්න යන්න ඕනෙ කියලා සැරින් සැරේ කතාවුනාට කොහොම හරි ගියේ 2023 දෙසැම්බර්. හැබැයි ගියේ තනිකරම ජොලියට රන්දික කිව්වා වගේ මේ කනෙන් අහලා අනිකෙන් පිටකරනවා කියලා දැඩිව හිතට විදාන දීල ගියේ.මම ගියේ හස්බන්ඩ් එක්ක හැබැයි එයා එතන හිටියෙ ඇඟිලි සලකුණු දෙනකම් විතරයි.ඊට පස්සෙ මම තනියම කිසිම කෙනෙක් එක්ක කතාකලෙත් නෑ.කොහොම හරි 3 වෙනි හෝ 4 වෙනි පොතෙන් මගේ නාඩි ලැබුණා.මගේ අම්මා තත්තගෙ නම් හස්බන්ඩ්ගෙ නම හරියටම කිව්ව.අම්ම තාත්තගෙ රැකියාව අපේ අධ්‍යාපන සුදුසුකම් වගේ දේවල් සහ අපි විදේශ රටක citizen කියලා පවා කිව්වා. හැබැයි මේ වෙද්දී අපි ආපසු පිටරට යනවා කියලා කිසිම තීරණයක් තිබ්බෙ නෑ.මේ වෙද්දී ලංකාවේ නැවත පදිංචි වෙලා අවුරුද්දකට වැඩියි.මගේ දුවත් ලංකාවේ පාසැල් අධ්‍යාපනය ලබන ගමන් හිටියෙ අඩුම තරමේ දුවවත් (එයාට එතකොට වයස 13ක්) ආපසු රට යන්න ඕනෙ කියලා කිව්වෙ නෑ ඒ කාලෙ.හැබැයි එක ගැටලුවක් තිබුණා ඒ තමා ලංකාවට ඇවිත් අවුරුද්දක් ගිහිල්ලත් හස්බන්ඩ්ට ලංකාවෙ ජොබ් එකක් හම්බවෙලා තිබ්බෙ නෑ ඒ වෙද්දිත් එයා New Zealand job එක online කරමින් හිටියෙ.ඒක නිසා හස්බන්ඩ් විතරක් 2024 මුල වෙද්දී ආපහු New Zealand යන්නත් ඒ අතර දිගටම ලංකාවේ රැකියා අවස්ථාවක් හොයාගන්නත් මමයි දුවයි අඩුම එයා O/L කරනකම්වත් ලංකාවේ ඉන්නත් තමා තීරණය කරලා තිබ්බෙ. නමුත් මේ කිසිම දෙයක් අපේ පවුල් වල ඉතාම සමීපතමයන් හැර වෙන කිසිම කෙනෙක් දන්නෙ නෑ.නමුත් අනාගත කියවීම් වලදී මමත් දුවත් තව අවුරුද්දක් ඇතුලත නැවත citizen තියෙන රටට පදිංචියට යනව කියලා කියවුනා.මේකෙ තවත් විශේෂත්වයක් වෙන්නෙ අපි 2014 ඉඳලා 2022 වෙනකම් New Zealand පදිංචි වෙලා හිටියත් හස්බන්ඩි ආපහු 2024මුල ගියේ New Zealand උනත් ඇත්තටම අපි citizen ship එක අරගෙන තිබ්බෙ ඔස්ට්‍රේලියාවෙ වීම.මොකද social media වගේ දේකින් විස්තර බලලා කියනවා වගේ දෙයක් මේකෙදි හරියන්නෙ නෑ අපේ අන්තිම අවුරුදු 8කම විස්තර තිබ්බෙ නවසීලන්තයට අදාළව මිසක් ඔස්ට්‍රේලියාවෙ දේවල් නෙවෙයි. කොහොම හරි හස්බන්ඩ් ආපහු ගිහින් මාසයක් ගියේ නෑ දුවට තාත්තා නැතුව ඉන්න බෑ කියන්න ගත්තා(දුව ඊයෙ වෙනකම් දන්නෙ නෑ මම නාඩි වාක්‍ය බලන්න ගියා කියලා ඊයේ රාමුව වීඩියෝවේ බලද්දි තමා එයාට ඒක කිව්වෙ) කොහොම හරි අන්තිමට දේවල් කැරකිලා අපි තුන්දෙනාම ආපහු 2024 සැප්තැම්බර් සිඩ්නි පදිංචියට ආව. හැබැයි ඉතින් මේක අහම්බයක් කියලා ගන්නත් පුළුවන් කියමුකො මොකද logically හිතුවොත් අපිට ගන්න තිබ්බ හොඳම තීරණය ඒක නිසා.ඇත්තට ආපහු ලේසියට නවසීලන්තයට නොගිහින් මුල ඉඳලා ජොබ්ස් හොයාගන සෙට්ල් වෙන්න වෙනවා කියලා දැනගෙනත් අපි ඔස්ට්‍රේලියාවට ආවෙ logically best solution එක ඒක කියලා හිතුනා නිසා.(කොහොම වුනත් කියවීම් වල citizen තියෙන රටට අවුරුද්දක් ඇතුලත යනවා කියලා කිව්වා ) අනාගත කියවීම් වල මට කියවුන පුදුමාකාරම කියවීම තමා මම ඒ රටට ගිහින් stocks trading වගේ දේවල් කරනවා කියලා කියපු එක.මොකද ඒක අපේ අධ්‍යාපන සුදුසුකම් එක්ක සම්බන්ධ නෑ.අපි දෙන්නම IT field එකේ. හැබැයි නාඩි බලන්න යද්දිත් මම ආසාවට තනියම ඉගෙන ගෙන stocks and crypto trading කරනවා.තාමත් කරනවා.නමුත් ඒක ගැන හස්බන්ඩ් ඇරෙන්න කව්රුත්ම දන්නෙ නෑ.මගේ අම්මයි දුවයි මම මොනවා හරි trading වලට සම්බන්ධ දෙයක් කරනවා කියලා දන්නවා.ලෝකෙන්ම වෙන කවුරුත් මගේ ඒ සම්බන්ධ උනන්දුව දන්නෙ නෑ.මේ ඇරෙන්න ගිය ආත්මෙ ගැන කියපුවා ඇත්ත නැත්ත හොයාගන්න විදියක් නෑ සහ අනාගතය ගැන කියපු අනික් ඒවා දැන් මගේ ඔලුවෙ නෑ.මුලින්ම කිව්වා වගේ මේ කනින් අහලා අනිකෙන් පිටකරනවා කියලනෙ මම ගියේ. මේ කියපු ටික මතක තිබ්බෙ ඒව හරියටම කියපු නිසා. රන්දික කියපු තවත් දෙයක් මට අදාළයි 😅 වර්තමාන විස්තර කියන්නෙ කොහොමද කියලා විග්‍රහ කරන්න උත්සාහ කරද්දී මායි (මගේ ඔක්කොම පිස්සු පරීක්ෂණ සෙවීම් එක්ක සෙට් වෙලා ඉන්න මගේ යාලුව) මගේ යාලුවයි දෙන්නත් කතාවුනා අමනුස්ස කියවීමකින් වෙන්නත් පුළුවන්ද කියලත් 😂 කමෙන්ට් එක ගොඩක් දිග වුනා නාඩි කියවීම් වල විස්තර ටික කියන්න ඕනෙ වුන නිසා ඒකට සමාවෙන්න 🙏 කොහොම වුනත් බොහොම ස්තුතියි රන්දික ❤නොදැන හිටපු ගොඩක් විස්තර වගේම හොඳ පැහැදිලි කිරීමක් කලාට .
kohetada giyee koheda thiyenne?lankawe
@@sanjanaravihara1802බම්බලපිටිය කොතලාවල මාවතේ...හැබැයි මම එතන 100% නිවැරදි කියල නම් කියන්නෙ නෑ.මගේ කියවීම් බොහෝදුරට හරිගියාට එයාල කරන්නෙ බිස්නස් එකක්...ඒ කියන ඒව සීරියස් ගත්තොත් නම් නිකරුණේ සල්ලි නාස්ති වෙලා තවත් අසරණ වෙන්න ඉඩ වැඩියි.යනව නම් හරි පරිස්සමෙන්
@@sanjanaravihara1802 plzz rp
Kohenda baluwe 😮
@@sanjanaravihara1802බම්බලපිටිය කොතලාවල මාවතේ...හැබැයි මම එතන 100% නිවැරදි කියල නම් කියන්නෙ නෑ.මගේ කියවීම් බොහෝදුරට හරිගියාට එයාල කරන්නෙ බිස්නස් එකක්...ඒ කියන ඒව සීරියස් ගත්තොත් නම් නිකරුණේ සල්ලි නාස්ති වෙලා තවත් අසරණ වෙන්න ඉඩ වැඩියි.යනව නම් හරි පරිස්සමෙන්
දන්නවද . පෙරදිග විද්‍යාවන් සම්බන්ධ වීඩියෝවක් ඵල කරද්දි දැනෙන සතුට .. ජයවේවා රංදික අයිය ❤️🌟🙌... බෙහෙවින් ස්තුතියි ❤
💐❤❤✌️
වියලුන කාන්තරයට කාලෙකට පස්සේ දිය බිඳක් වැටුනා ❤❤❤❤ සියලුම දෙනා පිලිගන්නවා රාමුවට දැනුමෙහි ඉන්ද්‍රජාලික පැතිකඩ සොයා ❤❤❤❤❤❤❤
සිරා බන්
සිරාවටම 🥲
Atta❤
සිරාවටම එහෙම හැගීමක් දැනෙනවා
හැබෑවටම එකනම් ඇත්ත!!!❤
Thank youu. මන් හිතුවෙ මිනිස්සු කියන කතා වලින් නාඩි වාක්‍ය 100% ඇත්ත කියලා. දැන් තේරුම් ගියා කාටවත් අපේ අනාගතය හරියටම කියන්න බැරි බව. අනිත් දේ ඔබතුමා කියපු අසරණ වෙලා නම් ඉන්නෙ පිහිට පතාගෙන යන්න එපා කියපු දේ. මාත් ගොඩක් වෙලාවට දැකපු දෙයක් තමයි මිනිස්සුන් ට කරකියාගන්න දෙයක් නැතිඋන vulnerable අවස්ථා වල ඔහොම දේවල් වලින් ඒ අයව තවත් අසරණ කිරීම. ඒ advice එක දීපු එකනම් සෑහෙන්න වටිනවා.
මටනම් තේරෙන්නෑ. නාඩි බලලා ලෙඩ කියන ඩොක්ටර් කෙනෙක් ගාවට ගියා. මට තියෙන ලෙඩ ඔක්කොම කියවගෙන කියවගෙන ගියා නාඩි විතරක් අල්ලලා
උබෙ මොලේ පුකේ😂😂😂😂
ඒ දවස්වල 2020 විතර කමෙන්ට් වලිනුත් ඉල්ලුවා නාඩි වාක්‍ය ගැන වීඩියෝ එකක් කරන්න කියලා.. අද මේක දැක්කහම පට්ට හැපී😍💫💆🏻♂️thnks randika aiya🌸🖤
බුදුන්වහන්සේ උත්සාහයෙන් අපගේ කර්ම වෙනස් කරගත හැක කිව්වෙ ලොකු ගැඹුරක් ඇතුව කියලා දැන් පැහැදිලියි Rන්දික අයියා. ඔබට බොහොම ස්තුතියි❤
True
කර්ම කියලා දෙයක් නෑ
එය ඇත්තයි අප මනුස්‍ය ආත්මයක් ලැබීනම් පෙර කර්මය සුහය ඉදිරි භවය (ආත්මය,උප්පත්තිය) සාර්තක කර ගැනීම මේ ලැබූ මිනිස් උප්පත්තියට බාරයි...
@@Gayan-Krishantha-1984 Karma kiyla deyak na liynna Mona basic eka ka idanda. ehema kiwwoth thamun mithyadrushtikayek , amuthu jeewiyek😶😐🤐
@@Gayan-Krishantha-1984 What do you mean?
රන්ධික අයියේ මම දන්න විදියට ඔයා doctor කෙනෙක් නෙමෙයි. මට දැන් වයස 25යි. මට වයස 18 ඉඳලා දකුණු ඇසෙන් රූප ටිකක් බොඳ වෙලා පේනවා. තව අවුරුද්දක ඉඳලා අහස දිහා බැලුවහම අවර්ණ පාවෙන කෑලි ටිකත් සහ එකවරම දකුණු පැත්ත බලනකොට වම් ඇසේ පුංචි කළු තිතක් පේනවා. TH-cam එකේ තියනවා ඇස් වල රෝග වලට මහපට ඇඟිල්ලට බෙහෙත් බඳින වෙදමහත්තුරු සහ වෙද හාමුදුරුවරු. මම ලන්දෙගෙදර වෙද මහතා ගාවට මීට අවුරුද්දකට කලින් ගියා. සතියක් බෙහෙත් අරන් ගාණ ටිකක් වැඩි නිසා ආයෙ බෙහෙත් ගන්න ගියේ නෑ. මම ලඟදිම වේයන්ගොඩ වටද්දර වෙද හාමුදුරුවෝ ගාවට යන්න ඉන්නේ මගේ ඇහේ ප්‍රශ්නෙට. ඇත්තටම ඇස් රෝගවලට මහපට ඇඟිල්ලට බෙහෙත් බැඳලා සුව කරන්න පුළුවන්ද?
මම පුංචි කාලයේ බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නා හිමිගේ යම් වැඩසටහන ක හෝ ලිපියක මේ ගැන ඇසුවා. එදා ඉදන් අද වෙනතුරු මේ ගැන කුතුහලෙන් හිටියේ. මේ ගැන හරිම අඩුවෙන් කතා කරන්නේ. පරක්කු වෙලා හෝ හරිම කෙනාගෙන් ඒ ගැන විස්තරයක් අසන්න ලැබීම හරිම පුදුමයක් උනා. ඒක කොච්චරද කියනව නම් මම මේ කමෙන්ට් එක කරන්නේ වීඩියෝ එකේ මුලම ටික බලන ගමන්. ඒ තරමට මට මේක වැදගත්. තවම වීඩියෝවේ තියෙන්නේ මොනවද කියලවත් දන්නේ නෑ. ඒත් ඔබතුමා මේකට උපරිම සාධාරණයක් කරනව කියල පූර්ණ විශ්වාසයක් තියනවා...
සියලුදෙනා පිලිගන්නවා රාමුවට මේ වචන ටික මාස 2ක් ඉදියා අහන්න බලාගෙන 😒🤌
මේ වචන ටික comment කරන්න එනකොට. කරල තියෙනව දැකීමත් සතුටක්
Matath amithu hegimak awa kalekin ❤
පරන video එකක් බලන්න එපැයි 🥲
පරණ වීඩියෝ කොහොමත් බලනවා.... කිහිප වතාවක්.... අලුත් මුහුණවරකින් ඒ වචන ටික අහන්න මාස 2ක් ඉදියා...@@withshadow2303
Quality content upload කරන අයට කාලෙ දෙන්න ඕනෙ හරිම data අරං හරිම විස්තර කියන්න❤️
චැනල් එක පටන් අරන් ටික කාලෙක ඉඳලමයි සෙට් වෙලා හිටියෙ තාම ඒ කොලිටිය එහෙම්මමයි ❤
සුපිරියයි රාමුව
මම උසස් පෙල හදාරන සිසුවෙක් වසරක් පමණ කාලයක් මම රාමුවට එකතු වෙලා .ඊයෙ මාගෙ පියත් සමග මෙම වැඩසටහන නැරඹීමෙන් පසු පියා මට අවසර දෙනවා ඔබේ අතික්‍රමණ වැඩසටහනත් එක්ක එකතු වෙන්න . ස්තූතියි රන්දික සර්.බෝහො දුර යන්න මම බලාපොරොත්තු වෙනවා ❤❤❤❤❤
@3as-b4l 😍😍😍
@@ruchirg5900 ඔබෙ දැනුම් මට්ටම ගැන මෙ comment එකෙන් සිතිමට හැක.
හරියට type කිරීමට වත් නොහකිය.😄
ඔබ ඔහුට අතික්‍රමණ වැඩසටහනට මුදල් ලබා දෙන්නෙ න්ම්, ඔහුට පියගෙ මුදල් අවශ්‍ය නොවනු ඇත.
අපිට එහෙම නෑ...😢
😢@@C.H.A.369
සහෝදරයා මට දැන ගන්න පුලුවන්ද පාඨමාලාවට සම්බන්ද වෙලා පාඨමාලා ගස්තු ගෙවන්නේ කොහොමද කියලා?
මට ඕකට සමාන ඒත් ඔය වගේ නොවන දෙයක් උනා 2021 දී.හැබැයි වෙනසකට තිබුනේ බුලත් අතක් දුන්නට පස්සෙ බුලත් පෙරල පෙරල මං ගැන කිව්වෙ.හොදම දේ ඒ හාමුදුරුවෝ අතීතය සහ වර්ථමානය විතරයි වැඩිපුරම කිව්වෙ.අනාගතය ගැන කාරනා දෙකයි තුනයි කිව්වෙ.ඒත් වර්ථමානය ගැන කිව්ව 100% ම හරි.තව දෙයක් හරියටම ගෙදරට යන විදිහ,ගෙදර කාමර තියෙන විදිහ පවා කිව්ව.ඒ හාමුදුරුවෝ ඇත්තටම මට හම්බුනේ පලවෙනි පාරට.සෑහෙන්න වයස කෙනෙක් මට තේරුන විදිහට අවුරුදු 80 කට වැඩියි.විස්තර කියලා අවසානේ මෙහෙම දෙයක් කිව්වා.
"කොලේකට බෑ කොලුවො උබ යන ගමන වලක්වන්න.උබේ පාර කපන්න උබ දැනගනිං "
ඒක මට ඒ කිව්ව ගැබුරු කටහඩෙන්ම අදටත් මතකයි.මං ඒ සිද්දිය අමතක කරලා හිටියේ ඒත් මේ වැඩසටහන අහද්දි මට ඒක ආයෙමත් මතක් උනා.මට අදටත් පුදුමයි එදා උන සිද්දිය !
ජය වේවා 🤍
ඒ ස්වාමින්වහසේ කොහේද වැඩ සිටියේ
@Kulasinghasenani8 පන්සලේ නම නම් මතක නෑ ඒත් එහෙට කියන්නෙ තෙරිපැහැ කියලා.සෑහෙන්න දුශ්කර ගමක්.බදුල්ලට ඇවිත් බදුල්ලෙ ඉදන් වැලිමඩට ගිහින් වැලිමඩ ඉදනුත් යන්න ඕනි ටික දුරක්
ඔබතුමාගෙ නාලිකාව හරහා විකාශනය උන සෑම video එකක් පාහේම බෑලූ මට පේනී ගියේ අප යම්කිසි මායවක හිරවුන අසරන උනු පිරිසක් බවත් ඉන් මිදිය හැකි එකම මග නිර්වාන සුවය පමනක් බවයි. 😢😊
රන්දික සර් vedio එක රෑට බලද්දි ටිකක් බය හිතෙනව. 😮
මේක නම් ඇත්තටම මාර ම මාතෘකාවක්. This is best topic. ❤
ඒක නම් පට්ට ඇත්තක් 😭
සිරාවටම. 🤯
ඔව් bro
Ade ඒක නම් ඇත්ත background music එකට බය හිතෙන්නෙ කියන දේවලුත් එක්ක😂
පෙරදිග විද්‍යාවන් නිවැරදිව අද්‍යයනයට ඔබතුමා දෙන මේ රුකුල අපි සියල්ලන්ටම වටිනව බොහොමත්ම ස්තූතී රන්දික සර්.
භොව්තික වාදියෙක්/හේතුවාදියෙක් විදිහට පර්‍යේශණ කරන ගමන් ඒවට ගෝචර නොවෙනකොට විතරක් අදහස වෙන layer එහෙකවත් තියේද කියල හොයල බලන්න ඉගෙනගත්තෙ ඔබතුමාගෙන්. බොහොම ස්තූතී❤❤
මා තවත් හොඳ හේතු වාදියෙක් වෙන්න අද වැඩසටහන උපකාරී උනා බොහොම ස්තූතී රන්දික සර් ❤❤❤🎉
👏🏼 👏🏼 👏🏼
මරනයෙන් පසු මං සොයාගත නොහැකිව සිටින ආත්ම වගේම, අපේ පියවි ඇසට නොපෙනෙන වෙනත් මානයක ජීවත් වන අපි වගේම අමරනීය ආත්ම ගැන වැඩසටහනක ලොකු අවශ්‍යතාවයක් තියනවා❤
ආත්ම නෙවෙයි, ප්‍රේත,අසුර වැනි උත්පත්ති. "ආත්මය" කියන එකට තනි ශරීරයක් විදිහට පෙනී ඉන්න බෑ. ආත්ම නෙවෙයි ඒ අය සියුම් ශරීර තියෙන ප්‍රේතයන් වැනි අයමයි.
Ow meka ganath issrahata karai kiyla hithanwa
ඔබතුමාගේ ගොනුවට අමනුශ්‍යන් ගැන වැඩසටහනක විග්‍රහයක් අවශ්‍යයි. මන් හිතනවා ඔබේ පසුපස එන මම වගේ අන් අයත් ඒ ගැන කැමැත්තක් දක්වයි කියා.
යස්❤
Agree ☑️ with you,
ලෝකයේ ඔච්චර නාඩිවාක්‍ය කියන්න දන්න අය ඉන්නවානම් අනාගත වාක්‍ය කියන්න අය ඉන්නවානම් ඇයි බයිබලයේ සඳහන් බොරු දිවැසිවරයා සහ අන්තක්‍රිස්තුස් ගැන කියන්න බැරි! බයිබලයේ සඳහන් ඇත්තටම බොරු දිවැසිවරයා තමයි ප්‍රැන්සිස් පාප්තුමා එතුමා දින තුනක් බොරුවට නිදාගෙන ඉඳලා මරණින් නැගිටිනවා වගේ සිදුවීමක් වෙනවා ඊටපස්සේ අන්තක්‍රිස්තුස් කියන කෙනාව ඔහු විසින් රෝමයට පිළිගන්නවා, අන්තක්‍රිස්තුස් මහා බැබලෝණියේ රජුගේ රන් ඔටුන්න හිසේ පැළඳගෙන රෝමයට එනවා, අන්තක්‍රිස්තුස් දන්නවා මහා බැබලෝණියේ රජුගේ රන් ඔටුන්නේ තිබෙන බලගතුකම මේ ඔටුන්න පැළඳගෙන හිටියාම කිසිම මිනිසෙකුට සිංහාසනයෙන් නෙරපන්න බැහැ, ඒ වගේම අන්තක්‍රිස්තුස්ගේ කාලය සම්පූර්ණ වනතෙක් ඔහුගේ කාර්‍යයට කිසිම මිනිසෙකුට බාදා එල්ල කරන්න බැහැ, අන්තක්‍රිස්තුස් මුලින්ම එන්නේ සාමයේ කුමාරයා මෙසියස් විදියට ඊටපස්සේ ජෙරුසෙලමේ දේව මාලිගාවේ අතී ශුද්ධවු ස්තානයේ වාඩිවෙනවා මුලින්ම සාමයේ දූතයා විදියට බොහෝ කරුණාව, මානව දයාව, මානව ප්‍රේමය ඊටපස්සේ අගට අන්තක්‍රිස්තුස් තුන්වන ලොව අවසාන මහා යුද්ධය ආරම්භ කරනවා ඔහු න්‍යෂ්ටික අවි භාවිතා කර පෘථිවියෙන් භාගයක් විනාශ කරනවා, තවත් බලවත් න්‍යෂ්ටික අවි ප්‍රහාරවලින් සූර්‍යයාට එල්ල කරනවා මේ ඇත්ත හරියට කියන්න බැරිද? මුක්කුද ඔය ඉන්න නාඩිවාක්‍ය කරුවෝ! මුක්කුද ඔය ඉන්න අනාගත වාක්‍ය දන්න අය, හරිම මෝඩ ගොබ්බ අයනේ ඉන්නේ 🤣🤣🤣🤣🤣🤣
නාඩි වාක්‍ය ලoකාවෙ තියනව ඔයාම කියවන්නෙ නැතුව බොරුවට උත්තර ටිකක් හොයල බලන්න රු 2500 ද කොහෙද ගියෙ නාඩි වාක්‍ය අහන්න@@smithrajapaksa7820
අමනුස්ස ආරූඪ මම දැකල තියෙනව
සියලු දෙනාම පිලිගන්නවා රාමුවට….
රාමුව කියලා නමක් දාගෙන රාමුවෙන් පිට හිතන්න අපිට කියලා දෙන. අපේ කාලයේ බුද්ධිමතා.
ආදරෙයි රන්දික අයිය. ❤❤❤
බෙහෙවින්ම ස්තූතියි වැඩසටහනට නූතනය දියුණු ඉදිවුණුයි කිව්වට අතීතයේ මිනිසුන් සමඟ අපට පෑහෙන්නවත් බෑ ඔවුන් මනස සමග තදින්ම ගනුදෙනු කරලා තියෙනවා කියලා මනා ලෙස දැනෙනවා තමාගේ මනසෙන් නියම ප්‍රයෝජනය ගත්තනම්😊 මොන තරම් දෙයක් කල හැකිද නැවතත් ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තූති රන්දික මහත්මයා.අපි ඔබව සමීප යහලුවෙක් වගේ ඇසුරු කරනව , හරවත් රසබර වැඩසටහන් ඔස්සෙ.ඒ වගේම ඔබ වැනි මිනිසුන් මේ සමාජයට අත්‍යාවශ්‍ය මොහොතක ඔබ යනු ගල් කුලක් වගෙ සමාජ වගකීම තක්කෙටම ඉටු කරන මනුස්සයෙක්.බොහොම පිං අත්වේවා මේ මෙහෙවර වෙනුවෙන්.ජය!!!
ඔබ තුමා අතගහල තියෙන්නෙ ලංකාවේ ලොකු මිත්‍යාදෘෂ්ඨිකයන් පිරිසකට තිත තියන මාතෘකාවකට. මම channel එක හදපුකාලෙ ඉදන් මේකෙ videos බලන කෙනෙක්. ඒ කියන්නෙ මම මේක o level කාලෙ ඉදන් බලන්නෙ. මම හිතනවා මගේ ජීවිතේ ලොකු වෙනසක් ඔබ ඇතිකලා කියල නොදැනුවත්වම. කෙසේවෙතත් Thank you සියල්ලට. ❤
යූටියුබ් වල තියෙන හොඳම චැනල් එකක්.හරිම වටිනවා.දිගටම කරගෙන යන්න.
Thank you very much Mr.Randika.
මම nurse කෙනෙක් වෙලා ඉන්න කාලෙ ඊට අව්රැදු 15 කට කලින් වෙනත් හෙදියකට කිව්ව අනාවැකි 100% ක්ම හරි ගිහින් තිබුන නිසා මම 2015 දී ඇහුවා.
මා ත් එක්ක මගේ relations ල 10 දෙනෙක් විතර අව්රැද්දක් වගේ කාලයක් ඇතුලත දී සහ Doctors ල කීප දෙනෙක්ම ඇහුවා. එකතුව 20 ක් විතර.
සමස්තයක් විදියට අතීතය 100% හරි.
හැබැයි අනාගතය ....
සමහර අනාවැකි එයාල කියනවා මේක ඒකාන්තයෙන්ම වෙනවා කියලා.
ඒ දේවල් හරි ගිහින් තියෙනවා
ඒත් හරියටම කියන්නෙ නැතිව කියන දේවල් තියෙනවා ඒවා 50% හරි.
බොහෝවිට ඔබතුමා කිව්ව වගේ ඇහුන දේ යටිහිතේ program වෙලා අනාගතේ හරිගිය දේවල් හරි ගියා වෙන්නත් පුලුවන්.
මගේ යාලුවො දෙන්නෙකුට ඉතාම කුඩා කාලයේ එයාල විවාහ වන අයගේ නම් 100% ක්ම නිවැරදිව කියල තිබුනා.
මම quontem physics study කරන කෙනෙක් සහ අධ්‍යාත්මික යම් දියුනුවක ඉන්න කෙනෙක් විදියට
" කර්මය මත අපේ දෛවය ලියවී ඇත,
ඒ ඔස්සේ අපේ ජීවිත වල යම් තීරන යම් කාල වලදී පුදුම සහගත ලෙස වෙනස් වේ සහ බෞද්ධ ආගමිකයෙක් විදියට යම් පින් කම් මගින් කල පව් යම් තරමකට අහෝසි කල හැක "
යන මතයේ සිටින බව කියන්න කැමතියි.
Thana koheda
E balapu thana kiyannko
එහෙනම් හරි. මහින්දලා ගෝට ල අත උඩින් ගොඩ. අයි පන්සලේමනේ හිටියේ. 😀
මන් මේ ගැන විස්තරයක් පෙරෙද හෙව්වා මට හම්බුනෙ නැහැ.අද රාමුවෙන් දාල.දෙයියනේ...ස්තුතියි රාමු මාමේ.....🙏🙏🙏
Same here ❤
Raamu mama... 😂
1st Time ඇහුවේ. මන් දැනන් හිටියේ නෑ ඔබ කවුරුද කියලවත්, මුල ඉදන් අගටම ඇහුවා. මගේ භාෂාවෙන් කිව්වොත් පට්ට මචං..
Keep it up .. අනිත් ටිකත් අහනවා
පට්ට වැඩ්ඩෙක්...අනිත් ඒවත් බලන්න❤
Welcome to the Raamuwa community brother. 🤝
කොහෙද කියලා දන්නවද.මටත් ආසයි එවා ගැන හොයලා දැන ගන්න
මුලු වැඩසටහනම එක හුස්මට බැලුව ❤ හරිම රසවත් 🎉❤🙏 ස්තූතියි ඔබතුමාගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැයකරනවට ❤️
මම නාඩි වාකයය ගැන හොයන්න පටන් ගත්තේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොත් කියවලා.දැන් අවුරුදු ගානකට කලින්.ඒ පොත් ලියපු බලුල්ලේ මෛත්‍රී රත්නායක මහතා ගැනත් විස්තර හෙව්වා.පස්සේ ඉන්දියාවේ පුද්ගලයින් 20 ක් විතර සම්බන්ද කරගන්න බැලුවා. මට විස්වාසයක් තියන කිහිප දෙනෙක්ට මුදල් ගෙවලා විස්තර බැලුවා. ඒ කාලේ මාර ආතල් දේවල් උනා. අන්තිමට මේ සම්බන්ද වැඩ කරන Canada කාන්තාවක් සහ ඇමරිකානු ආයතනයක් සම්බන්ධ කර ගත්තා. Canada කාන්තාව සම්බන්ධ කරන් ඉන්දියානු පුද්ගලයෙක් හරහා බැලුවා. ඒකෙනම් video recording එකත් ඇති. මේ හැමදයක් කරේ hobby එකක් විදියට. මොකද මම topic එකක් අල්ලාගත්තාම ඒක හොයන එක තමා මගේ ආතල් එක. මට එතනින් එහාට ඕන උනේ ඉන්දියාවට ගිහින් ඒක ටිකක් හොයා ගන්න. මට ඒකට ටික කාලයක් ඉන්න ඕන. ඒක ඉස්සහරට බලනවා. ඒවගේම ලංකාවේ තැනක් සම්බන්ධ කරගන්න උත්සාහ කරා, නමුත් ලංකාවේ ජීවත්නොවන නිසා ඒක කරගන්න බැරි උනා.
මම බලන් හිටියා රන්දික මේක කවදා හෝ කරයි කියලා.. මොකද කුණ්ඩලණී ශක්තියන් ගැන කරා කියන්නේ මේක කරන්නම ඕන. මතක විදියට මේක කරන්න කියලා ඒ video එකේ comment කරා. බුදුරාජානන් වහන්සේගේ මැදුම්පිවෙත වගේ,රන්දික කියන අඵ පාටින් ලෝකය දකින්න. 😍
Content එකක් දෙන්න මාර විදියට ready වෙනවා ඒකට තාමා ආසම.නාඩි reading content එකට earrings පට්ට matching 😉❤️
Oyata theruna widihata eka atta kiyala oyata hithenawada brother. E predictions atta wela thiyenawada? Mamath oya Maithree Ratnayaka mahattayage poth set ekama kiyawala thiyenawa. Matath eken thamai me subject eka gana asa hithune. Job ekak karala matama kiyala income ekak ganna dawasaka salli wiyadam karala hari astrology wage subjects kohomahari study karanawa.. oyata meka atta kiyala hithenawanm. Reliable than hambela thiyenawanm, puluwan nam karana widiha igenaganna balanna. Ehema unoth ithin niyamai👍
@@yasithajayathissa9713ඕක එහෙම බෑ, ඉන්දියන් පරම්පරා ගත දෙයක්.පුස්කොළ පොත් තොගයක් තියනවා එයාල ලඟ.
මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද ලංකාවෙ කොහෙද නාඩි වාක්‍ය කියන්නෙ කියල?
ඒ හමුදුරුවන්ගෙ පොත් ගන්න තැනක් කියන්නකො
Sarasawi book shop eke tye@@awantha201
මා තෙරුම් ගෙන ඇති පරිදි නාඩි, කේන්දර ඇතුලු පෙරදිග ව්ද්‍යාවන් ගෙන් අනාගතය පිලිබද කියවුම් 100% සත්‍ය නොවනුයේ අපහට අපගේ කර්ම ශක්තිය මත උපන් මොහොතේදී තීරණය වී එන අපගේ ජීවිතය , වෙනස්කර ගැනීමේ ශක්තිය අපතුල ඇති නිසාත්, මේ ජීවිතයේදී කරන්නා වූ පින් , පව් වල ශක්තිය මත එය වෙනස් වන්නා වූ නිසත් වේ. එමෙන්ම බුද්ධ දර්ශනයේ එන සිහිය පැවත්වීම එයට එක් නිදසුනකි. සිහිය පවත්වන කෙනාට බොහෝ විට තමන්ගේ අනාගතය තීරණය කල හැකිවේ (යම් යම් දේ හැරෙන්නට) eg - බලවත් කර්ම ශක්තීන් . මේ video වේ එන පරිදි නාඩි වාක්‍ය අසා අනාගතය දැන ගැනීමම අනාගතය ගැන කියූ නාඩි වාක්‍ය වෙනස් වීමට හේතුව වී දැයි සැකයක් ද උපදී. 😅
මෙම සැකය මටත් ආවා.
100%
ඒත් නාඩි වාක්‍ය බලන කෙනාට වර්තමානය කියන්නෙ නාඩිවාක්‍ය මුලින් කියවෙන සහ පුස්කොල පොත්වල ලියවෙන කාලයට අනුව අනාගතය. මොකද ඒව පොත් වල ලියවිල තියෙන්නෙ අවුරුදු සිය දහස් ගානකට කලින්. එහෙනම් ඒ වර්තමානය හරියන්න විදියකුත් නෑ.
@@KK-og5rz වෙනස් වීමට බලපාන්නේ තමන්ගෙ අනාගතය තමන් දැන ගැනීම මිසක් අනුන් දැන ගැනීම ගැනීම කියලා නෙමි අදහස් කලේ.🙃
Ayiyee mata thiyena prasnee kohomada nadiwakya kiyapu kalee pasliti manegement kiyala ekak kiyala liyanne ekale ewa thibbadaa
Mysteries of the Voynich Manuscript .. වැඩසටහනක විග්‍රහයක් අවශ්‍යයි. ඔබතුමා දරන වෙහෙස මහන්සිය වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමි 🙏
සිංහල භාෂාව තේරෙන ඕනෙම කෙනෙක්ට මට කියන්න තියෙන්නෙ,
"රාමුව" නොබලා මැරෙන්නට එපා! ❤
Mama ona thenaka enawa
වීඩියෝවක් වැටුන ගමන් ලොවෙත් මොන වැඩේ තිබ්බත් කොයි වෙලාවක හරි බලනවා අනිව ❤️
මේ වැඩසටහන අහන් යනකොට හිතට ආපු හැම ප්‍රශ්නයකටම ඔබ හරිම තැන් වලදී පිලිතුරු ලබාදුන්නා...😍
රාමුව 💥 කාලෙකින්...💙🙂 සුභ පැතුම් ඔබට 💥
සමහරවිට මගේ නාඩියේ ඔබ යූටියුබ් වීඩියෝවක් නරඹා නාඩි බැලීමට පැමිණ ඇත යැයි ලියවී තිබිය හැක. Thank you Mr Randika for this valuable knowledge ❤
😂
😂
ඉතා හොද විග්‍රහයක්... 👏
තව කරැණු කිහිපයක් එකතු කරන්න කැමතියි මේ සම්බන්ධයෙන්, මා මේ ගැන පොත් පත් ආදී අත්දැකීම් ඇසුරින් පෙර කළ ස්වයං ගවේශණයන් තුළින්…
1.සමහර අනාවැකි හා නම් ගම් නිවැරදි නැහැ කියන කරැණට: ඒ පුස්කොළ පොත් සතුරැ ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා නම් ගම් කිහිපයක් දමා (විශේෂයෙන්ම නම් කිහිපයක් දමා ) සගවා කාව්‍යමය අයුරින් ලියා තිබේ.
2.යම් අනාගත කරැණු බොහෝ විට නිවැරදි නොවන බව කියන කරැණට: නාඩි වාක්‍ය තුළ ‘ alternate realities ' වශයෙනුයි අනාවැකි කියන්නේ,
Eg: අම්මා ශල්‍යකර්මය සාර්ථක වුවහොත් දීර්ඝායු ලබනවා - නමුත් එය අසාර්ථක වුවහොත් මිය යනවා (සමහර විට එලෙස සදහන් වේ) අංක 1. හි සදහන් සතුරැ ආක්‍රමණයන් ගෙන් පොත් බේරා ගැනීම උදෙසා මේ උපක්‍රමය භාවිතා කළා ( පොත් ග්‍රන්ථා රෑඪ කිරීමේදී… )
3. ඉහත සදහන් කරැණු දෙක සම්බන්ධයෙන් යළිත්:
නාඩි වාක්‍යයයන් 100% නියත වශයෙන් වෙනවා කියන අදහසින් නෙවේ ඔවුන් ඒවා ග්‍රන්ථා රෑඪ කළේ..
මන්ද යත්, යම් යම් සුළු ක්‍රමවේද ඔවුන් සදහන් කරනවා යම් නරක විපාකයන් වැළැක්වීම සදහා.
Eg: නාඩි වාක්‍යයන්හි සදහන් එම නම් ඇති පුද්ගලයා ගන්න තීරණ මත හෝ / විවිධ පුණ්‍යමය, ශාන්ති කර්ම හා ඇදහිලි ඉටු කිරීම මගින් නරක විපාකය වෙනස් කළ හැකි බවට එම පොත් වල සදහන් වේ ( නාඩි වාක්‍ය තුළ ඇතුලත් අන්දමින් එය ඉටු කළෙහොත්.. )
math ekagai me kathawata
සතුරු ආක්‍රමනයි, ඔය පටලලා, වටෙන් ලිවිල්ලයි අතර සම්බන්දේ මොකක්ද ?
හරිම නම වෙනුවට වෙන නම් 3ක් විතර ලිව්වම කොහොමද සතුරු ආක්‍රමණයෙන් පුස්කොල පොත පරිස්සම් වෙන්නේ 😮😮😮😮
@ Oya poth wala thiyena dewal attada nadda kiyala hoyapu ateetha palakayo godak indala thiyenawa. Yudda jayagrahana, parajayan ta sambanda nam gam pawa tibila thiyenawa. eeta amatharawa, “Free will” concept eka meke thiyenawa, a kiyanne alternate reality wenna puluwan kiyana eka. Ethakota nam gam kihipayak a anuwa liyawenawa, ex- marry karana kena Manike”. Maya, Nelum” wage a pudgalayage jeewithe ta enna puluwan kihipa denek gana liyawenawa. Ethakota thamai godak dewal kiyala thiyenawa waradie kiyala samahara aya kiyanne 😊
හම්මේ මාර සතුටුයි. වීඩියෝ එක බලන්න කලින් කොමෙන්ට් එකක් දාන්න ආවේ. රන්දික විජේසිංහ චැනල් එක බලපු නැති අයට කියන්නේ එකත් අනිවාර්‍යයෙන් බලන්න . ජීව්තේට ගොඩක් දේවල් ගන්න පුලුවන් චැනල් එකක්
අතීතයත් ,වර්තමානයත් ,අනාගතයත් මේ විශ්වයෙ හැම මොහොතෙම පවතිනවා වෙන්න පුලුවන් . අපි ඒ තුල කාලය හරහා ක්‍රම ක්‍රමයෙන් ගමන් කරනවා.අතීත කාලයෙ ඇතැම් පුද්ගලයන් මනස දියුනු කරන් මේ කාලයන් හරහා ඉදිරියට ගමන් කරලා ඒ දේවල් දකින්න ඇති .
ඇත්තටම, අතීතය, වර්තමානය, අනාගතය කියන්නෙ අපිට ව්‍යාකල්පයක් ලෙස අත්විදින්න ලැබෙන කාල මනාවක්
අපිට තේරෙන්නේ නැති ගොඩක් දේවල් විශ්වය තුළ තිබෙනවා. කලාපයන් හරහා, විවිධ පරමාණුක මට්ටම් හරහා, මනෝවිද්‍යාත්මක අවකාශයන් හරහා ගමන් කරන මේ මනෝභාවය විශේෂයි.
ගොඩක් ස්තූතියි sir.❤🎊
මම උග්‍ර භෞතික වාදියෙක් නෙමේ. ඒත් ඔය දේ වැඩිය හිතපු නැති / ගනන් නොගත්ත දෙයක්. ඒ ගැන පුළුල් දැනුමක් ලැබුනා.
මේකෙදි කියවුන දෙයක් "කෙනෙකුගේ දේහ ලක්ෂණ වලින් ඒ කෙනා ගැන කියවෙන දේවල්" .ඒ ගැන අධ්‍යයනය කරන්න හොද මූලාශ්‍ර ටිකක් ගැන දැනගන්න කැමතියි.
❤දැනුම නම් වූ ගබඩාවෙන් අවශ්‍ය කරුණු සොයා දෙන ඔබ තුමාට ස්තූතියි.❤
මම ලගදි තමයි රාමුව චැනල් එක දැක්කේ ඒ ක නිසා මම බලපු වීඩියෝ ඔක්කොම ගොඩක් පරන යි. අද මම අලුත්ම විඩියෝ එකක් බලනවා😍 මාරම සතුටුයි රාමුවට නම් ඇබ්බැහි වෙනවා🎊🥰
මමත්❤
අලුත් මිතුරෝ ❤
මම සෑහෙන්න හිතපු topic එකක් අද බැලුවෙ. ගොඩාක් ස්තූතියී . මමත් බැලුව ලංකාවේ මේක බලන තැනින්, ඔය කියපු tranlator ම තමා මටත් හිටියෙ. මගෙ පවුලේ විස්තර හරියට කිව්ව. සමහර ඒවා directly කිව්වෙ නෑ. පොඩ්ඩයි මගෙ විස්තර කිව්වෙ. හැබැයි අන්තිමට එයාලම කිව්වා මේවා මත 100% dependent වෙන්න එපා කියල.😊 thank u Ramuwa. ❤❤❤ always the best
Matath asai eka kiyawanna.koheda e thana.?
Kothalawela Rd. Bambalapitiya
මට ඇත්තටම මේක පුදුමයි.දැන් දවස් කීපයකට කලින් මම නාඩි වාක්‍ය ගැන අසන්නට ලැබුනා.රීට පස්සෙ මම අද වෙනකන්ම මෙය ගැන හොය හොයා හිටියේ.ඇත්තට මාරම සතුටුයි.සර් මම ඔබට ගොඩක් තුති පුදකරනවා.
මම පලවෙනි පාරට ඊයෙ රෑ එහෙම එකක් ඇහුවෙ. අද video එක දාලා❤ .
මට ok උනා. Eye sir කීවා අනාගතේ ගැන බලපල්ලා කියලා අද මේ vid ඒක list එකේ. 😐
මේවා ඇත්ත. මම කන්තලේ ඉන්නේ. මමත් ඒක බැලුවා. බම්බලපිටියේ කොතලාවල මාවතේ
තියෙනවා
@@ජගත්-ත6ඤ තාම ඉන්නවද දන් නෑ
@@ජගත්-ත6ඤහරියටම කොහෙද දන්නෙ නෑ නෙහ්. කුතුහලය වැඩි දැන්
Video එක දකිනකොට පට්ට බයේ හිටියෙ.නාඩි වාක්‍ය වලට මෙච්චර කල් දිලා තිබ්බ බර වෙනසක් වෙයි කියලා.ජාමේ බේරුණා.ජයවේවා!
Congratulations for coming more closer to 500,000 subscribers.
Please give us a very special video after completing 500,000 subscribers.
තෙරුවන් සරණයි සියලු දෙනාටම...
නාඩි වාක්‍ය කියා තිබෙන්නේ මීට අවුරුදු තුන්දහකට හරදහකට කලින් බව දැන් අපට දැනගන්න ලැබුණා.ඒත් නාඩි අනාගතය ගැන කියවීම ඉතා දුර්වල බවයි අපිට දැනගන්න ලැබුණේ.ඒත් මේක කියනකොට ලිවෙව් නාඩි වාක්‍ය අනාගතය ගැන නේ..එතකොට මට තියන ප්‍රශ්නයක් තමයි බලන දවසේ ඉඳන් ඉදිරිය නිවැරදිව ලියන්න බැරිවීම මට ප්‍රශ්නයක් ඇත.
ඔබතුමාට මේ දැකගැනීම හැකි උනොත් මට පිළිතුරක් ලබාදෙන්න.
ජය වේවා 🙏🙏🙏
Ow
Good point
බභොම ස්තූතී රන්දික අයියෙ❤ මම මේ නාඩි වාක්‍ය ගැන ගොඩක් හොය හොය හිටියෙ..මට personally මේ දේ ගැන අත්දැකීමක් තියෙනව.
බය නැතුව ඕන කෙනෙකුට කියන්න පුලුවන් නාඩි වාක්‍ය ගැන You Tube එකේ තියෙන හොදම video එක මේ...❤
මම ඕක හොයද්දි මට හිතුනෙ අපි මේ ඉන්නෙ simulation එකකද කියන එක..Free will එකේ ප්‍රශ්නෙත් ආව ඔය අයිය කිව්ව වගේම 🥹
බුදු දහමේ හරය වන අනාත්ම වාදය ගැන වීඩියෝවක් කරන්න. ගොඩක් වැදගත් මාතෘකාවක්
මම ඊයේ ඔබතුමාගේ ජ්‍යෝතිෂය පිලිබදව වීඩියෝව බැලුවා. ඒකේ ඔබ කියනවා නාඩි වාක්‍ය ගැන ඉදිරියට කතා කරමු කියලා.ඒ වගේම මට නිකමට හිතුනා ඔබ රෑට දානවා කීව වීඩියෝව නාඩි වාක්‍ය ගැන වෙයිද දන්නෙත් නෑ කියලා. හිතුවා වගේම මෙන්න ඒ ගැන දාලා.
මම අවුරුදු 21ක වෙෙද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යාවක් . ඔබේ වීඩියෝ බලන්න ගත්තේ ලගදී. ඒවා බලන්නට කලින් බුදුදහම සහ පෙරදිග විද්‍යාවන් පිලිබදව කිසිසේත්ම විශ්වාස කිරීමක් තිබුනේ නෑ. නමුත් දැන් මගේ චින්තනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා සහ පුළුල් වෙලා.බුදුදහම හා බැදුණු තාක්ෂණික දැනුම මත පදනම්ව තවත් ඉදිරියට යාමට අවශ්‍යයි දැන්. ඒ පිළිබඳව දැන් ගවේෂණය කිරීමට පටන් ගත්තා. ඔබගේ සමහර වීඩියෝ වල දකින (භාරත යෝගීන් සම්බන්ධ වීඩියෝව වැනි) විවිධ දේවල් මා හදාරන නූතන විද්‍යාවට පටහැනි වුවත් ඒවා හුදු මිත්‍යා විශ්වාස නොවන බව ඔබේ වීඩියෝ තුලින් අපූරුවට පෙනී ගියා. දැන් මම ජීවිතය දෙස බලන ආකාරය වෙනස් වෙලා තියෙනව වගේම තවත් සිත දියුණු කර ගැනීමට අවශ්‍ය වෙලා තියෙනව. මම දැන් මගේ අම්මටත් රාමුව බලන්න සහ ඒ තුලින් චින්තනය නිවැරදිව පුළුල් කරගන්න පුරුදු කරනවා.
ඔබ තුමාව හමුවීම සහ ඔබේ වීඩියෝ නැරඹීමට ලැබීම මා හට ලැබුණ භාග්‍යයක් ලෙස සලකනවා. මෙම වැඩපිළිවෙල තවත් ඉදිරියට ගෙන යාමට ඔබට ජය ❤
I consulted one of Nadi readers in SL. This happened in 1997. I did it out of curiosity, and i only checked 2 or 3 chapters. It was correct, even the future explained. Later in my life, i consulted Nadi readers in India. Two of my friends did with them, and it worked well. Indian Nadi readers also gave me correct information. I consulted them due to some challenges i was facing, but back in my mind, i was thinking life is good and bad, and we should face things and move forward. At the same time, i was thinking i will see, and i would be shocked if they can do it. Because, it will challange law of Kamma. As i expected they couldn't do it as they explained. I think what you said is correct. If you have a bad time, and you can afford to do some charities and it will give some happiness. You will face good and bad throughout, things change, and face the reality. Following a spiritual path makes you stronger and happier. Nothing gives you happiness as your trained mind, as explained by Lord Buddha.
Have you been given your biometrics?
Pls let me know the place? Thanks
@MalJay-p9z This place was in Colpetty. Thete was an airline office nearby. I did this in 1997 or 1998.
@priyanthasenanikalugama7421 yes, thumb prints
Sir im a huge fan of you and i really appreciate your intellectuall capacity and reading. What im going to share now is not an illusion. Once i had a gastritis issue then i listened to binaural beats ( frequencies) surprisingly it worked within few minutes. I know that frequencies have a lot of power. I humbly request you to make a video on this.
මමත් පට්ට භොතිකවාදියෙක්. දවසක් මම රැකියාවට කලේ ලයිට් බිල් දීපු එක. රැකියාව කොන්ත්‍රාත් පදනම යටතේ කලේ. දවසක් යාලුවෙකුට ලෙඩ වෙලා එයාගෙ ෆීල්ඩ් එකේ මට වැඩකරන්න උනා. මම පන්සලට ලයිට් බිල දෙන්න යනකොට තේරුනා එතන පේන කියන තැනක් කියල. මම නිකමට බිල දෙන ගමන් හාමුදුරුවන්ගෙන් ඇහුව බැරිද හාමුදුරුවනේ මටත් පේනයක් කියන්න කියල. හාමුදුරුවෝ කීව වෙලා කොලේ නැතිව කොහොමද යකෝ පේන කියන්නෙ කියල. වෙලාව මතකද ඇහුව ඒත් නෑ. මගේ උපන් වේලාපත්කඩේ නෑ. මම කීව නෑ කියල. එහෙනම් ඔන්න ඔය හෙප්පුවන් බුලත් අතක් අරන් දීපන් කීව. ඒක අරන් ගත්තු ගමන් කීවෙ උඹ තාත්ත කෙනෙක් කියල. මට හිනා ගියා මොකද අපිට ලමයි නෑ. මම කීව ඒක බොරු මට ලමයි නෑ කියල. හාමුදුරුවෝ කීව ඒක මම දන්නව ගෙදර ගිහින් බලපන් කියල. ගෙදරට යන්නෙ පඩිපෙලක් නෑගල තැඹිලි ගහක් යටින් කීව, දොරකඩ ඇතුලෙ කාලි මෑණියන්ට පහනක් තියනව ඒක පිච්චුනා නේද ඇහුව. උඹල නිදියන කාමරේ එක පරාලයක් බාල්කෙන් ගැලවිලා තියෙනව ඒක හදල කාමරේ වෙනස් කරපන් කීව. ගේ ඉස්සරහා කටු ගස් තියෙනව ඒ ඔක්කොම අයින් කරපන් කීව උඹ රැකියාව ස්තීර වෙනවද කියල හිතේ තියන් අහන්නෙ ඒක වෙනව හැබැයි සෑහෙන කාලයක් යනව කීව. උඹ විදේශගත වෙන්න බලන් ඉන්නෙ ඒක හරියනව කීව. ගෙදර ඇවිත් බලනකොට ඇත්තටම කාමරේ පරාලයක් ගැලවිලා තිබුණ. ඩොක්ටර් කෙනෙක් ලඟට ගියා එදාම හවස වයිෆ් ප්රෙග්නන්ට් කීව. ඇත්තටම මට කොරියාවට යන්න ලැබුණ. ඒ වගේම අපේ මනු කියවන රස්සාව 2019 ආණ්ඩුවෙන් ස්ථීර කලා
මේවා මාරම රසවත් සිදුවීම්. ජය!
කොහෙද සහොදරයා පන්සල
පට්ට හෞතිකවාදියෙක්නං අැයි කාලි මෑණියන්ට පහන තියන්නෙ?
@@sandeshnavarathne7489 gedara anith kenek wenna puluwan
උඹ භෞතික වාදියෙක් නෙවෙයි,නවකතා කාරයෙක්
ඔබතුමා හොඳ පොත් කිහිපයක් ලියන්න. 📖📚
බොහොම ස්තුතියි.
Ow eka nm maara watinawa
Ow eeka godak වටිනවා 🙏
අනිව
Ow matath dawasaka kiyawanna labei kiyla hithenawa
කාලෝචිත මාර්තුකාවක් .මේ තරම් නිවැරැදි දත්ත සමග අහන්න ලැබීම පිනක් .ඒ පින නිර්මාණය කල රාමුවට ඉස්තුතියි තෙරුවන්සරනයි ජයෙන් ජය ආදරෙයි බ් ❤️🙏👍🥰
මම රාමුව channel එකෙන් බලපු හොදම විඩියෝ එකකත් තමයි මේක...❤
මම විශ්වාස කරන එක දෙයක් අපි මේ මොහොතේ හෝ අනාගතේදී කරන්න ඉන්න දෙයක් වෙන්න තියන දෙයක් මේ විශ්වයේ කොහේ හෝ ලියවිලා තියෙනවා කියන එක.
වීඩියෝ එක සුපිරී🖤🖤
2011-2012 වගේ කාලයේ මාත් නාඩි වාක්‍ය ඇහුවා.මන් ජ්‍යෝතිෂ්‍ය පසුබිමක් තියෙන කෙනෙක්, පෙරදිග විද්‍යා වන් අධ්‍යයනය කිරීමට විශාල කැමැත්තක් තියෙනවා සහ මේ වගේ අත්දැකීම් ලබන්න කැමති නිසා තමයි මම මෙතෙන්ට යන්නේ මගේ අම්මත් එක්ක.ප්‍රශ්නයක් නිසා නෙවෙයි නමුත් බලන්න ආසාවක් ආපු නිසයි ගියේ. මොකද ඊට කලින් මේ සම්බන්ධව අහල තිබුන කතා නිසා . අම්මගෙයි මගෙයි ඇඟිලි සලකුණු ලබා දුන්නත් මගේ එක විතරයි හම්බුනේ. මම එතකොට විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ දෙවෙනි වසරේ හිටියේ. මෙතෙන්ට ගියාම මේ කියන විදිහට තමයි හැමදේම උනේ. නමුත් මගේ අම්මයි මමයි හරි පරිස්සම් උනා අපේ කටින් කිසිම දෙයක් එයාලට අල්ල ගන්න බැරි වෙන විදිහට. අන්තිමට මගේ විස්තර තියෙන පිටුව හම්බුනා. අම්මගේ තාත්තගේ නම් පවා හරියට කියපු නිසා ඉතාම විශ්මයජනක අවස්ථා වකට පත් උනා. ඉන් පස්සේ තමයි මට අදාළ පුස්කොල පොත ගෙනල්ල කියවීම කරන්නේ.
Reading එක ඇහුවට පස්සේ එතනින් පිට වෙලා යද්දීම මන් අම්මට කිව්වේ මේ Reading එක මෙතනින් අමතක කරමු ජිවිතේ වෙන්න තියෙන විදිහට වෙයි කියල. ඒක මන් ඔලුවට ගත්තේ නැති තරම්. වර්තමානය කියපු ඔක්කොම කතා හරි නමුත් අනාගතය පිළිබඳව කියපුව ගොඩක්ම වැරදි. ඒ වෙලාවේ මන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන ගමන්, ඒ පිළිබඳව නිවැරදිව කිව්වා, ඒ වෙද්දී මන් වරලත් ගණකාධිකරන පාඨමාලාවත් හදාරනවා. මට කිව්වා මන් Chartered Accountant කෙනෙක් වෙනවා කියලා. හැබැයි මන් ඒක හදාරන එක මගදී අත හැරියා . මන් මානව සම්පත් කළමනාකරණ වෘත්තීය සුදුසුකම් තමයි අවසානේ හැදෑරුවේ. අනික තමයි විවාහය පිළිබඳව විවාහ වෙන පුද්ගලයා ගේ නමේ අකුරු කියල සිංහල හෝඩියේ භාගෙක විතර අකුරු කිව්වා . තව නම් 15 ක් විතර කිව්වා මේ වගේ නමක් තියෙන කෙනෙක් වෙන්න පුලුවන් කියල. නිශ්චිතවම නමක් කියන්න බැරි උනා. කොහොම හරි අද වෙද්දී මන් විවාහකයි ප්‍රේම සම්බන්ධයකින් තමයි විවාහ උනේ. දැන් හිතද්දී අර නම් ගොඩේ තිබ්බ නමක් තමයි මගේ Husband ගේ නම.හැබැයි මන් ඒක හිතල නම් තෝරාගන්න ගියේ නැහැ. සමහර නම් ගොඩක්ම භාවිතයේ තියෙන සුලභ නම්. එසේ සුලභව තියෙන වර්ගයේ නමක් නිසා නමින්ම පුද්ගලයා කවුද කියල හොයා ගන්න එක තර්කානුකුලත් නැහැ.
මන් අහල තියෙනවා බඳින්න යාලු වෙලා ඉන්න කාලේ නාඩි වාක්‍ය අහල වෙන කෙනෙක්ගේ නමක් කියපු නිසා ඒ සම්බන්ධය නතර කරලා, ඒ කිව්වා නම තියෙන කෙනෙක්ව marry කරා කියන කතා. එහෙම වෙන්නේ අවිඥානිකව ද සවිඥානිකවද කියන එක ගැන හිතන්න වෙනවා. එහෙම බලපුවම තමන්ට වෙන්න තියෙන දේ නෙවෙයි නාඩි වාක්‍යයට අනුව තමන් හැසිරිලාද කියලත් හිතෙනවා.
මේකේ First Stage එකේදී වර්තමානය ගැන කියද්දී 100%ක් සාර්ථකව කරුණු කියවෙනවා එතැනදී ඒ ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙනවා . ඊට පස්සේ අනාගතය ගැන කියන කතා Blindly විශ්වාස කරනවා . වර්තමානය හරියට කියපු නිසා මනසට Signal එකක් යනවා එහෙනම් අනාගතේ ගැන කියන ඒවත් හරි කියලා .තමන්ගේ තදබල විශ්වාසය අනුව තමන්ට සිදු වෙන දේවල් වෙනවා කියන එක Subconscious mind ගැන කරපු අධ්‍යයන වලදී හෙළිවෙලා තියෙනවා . මේක ගැන අධික විශ්වාස කරපු අයට ඒ අනාවැකි හරියන්නත් විශ්වාස නොකර මධ්‍යස්ථ මත දරපු අයට ඒ අනාවැකි හරි නොයන්නත් ඉඩ තියෙනවා.
මේකෙදි අපේ කේන්ද්‍රයත් භාවිතා කරන නිසා අනාගතේ ගැන කියන්නේ අපේ කේන්දරෙන් වෙන්න පුළුවන්. හඳහනෙන් කියන්නේ පුද්ගලයෙකුගේ කර්මය පිළිබඳව නේ. හඳහන බලනකොට ඒ බලන කෙනාගේ දැනුම් මට්ටම අනුව කියන අනාවැකියත් වෙනස් වෙන්න පුළුවන්. වෙනත් කෙනෙකුට එකම කාරණය ගැන වෙනත් Interpretation එකක් තියෙන්න පුළුවන්. හඳහනෙන් කියන්නේ උපතින් ගෙනා කර්මය. හැබැයි පුද්ගලයෙක් තමන්ගේ සිත දියුණු කර ගැනීම මත, මේ ජිවිතයේ කරන පින්දහම් අනුව ඒ කර්මයෙන් වෙනස් කල හැකි කොටසක් තියෙනවා. බරපතල කර්ම වෙනස් කර ගන්න නම් අමාරු වෙන්න පුළුවන්.
මම ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරනවා, නිවැරදි කියවීමක් තුලින් තමන්ගේ අනාගතය හැඩ ගස්සවා ගන්න පුළුවන් කියන මතය දරනවා. මේකට වහලෙක් නොවී ජ්‍යෝතිෂ්‍ය තමන්ගේ වහලෙක් කරගෙන තමන්ගේ වැඩ ටික හරියට කරගන්න භාවිතා කිරීම තමයි කල යුත්තේ. නාඩි වාක්‍ය ගැන පිළිගත යුතු කොටසක් සහ මධ්‍යස්ථව සිතා බැලිය යුතු කොටසක් තියෙනවා. ජ්‍යෝතිෂ්‍ය ගැන උනත් ගොඩක් දෙනා අවිශ්වාස කරන්නේ එක එක අය තම තමන්ගේ දැනුම් මට්ටම අනුව සිදු කරන යම් යම් අනාවැකි නිසා නමුත් ජ්‍යෝතිෂ්‍ය පදනම් වෙච්ච කරුණු ශාස්ත්‍රීය දැනුම අධ්‍යනයේදී එහෙම විෂයක් කොහොමද හැදුනේ එපමණ දැනුම් සම්භාරයක් ඉර සඳ පාදක කරගෙන නිර්මාණය කලේ කෙසේද යන්න පුදුම සහගතයි.
නාඩි වාක්‍ය පිළිබඳව මෙවැනි අධ්‍යනයක් කිරීම පිළිබඳව තුති...!!!
ජ්‍යෝෂිතය 100% ඇත්ත ද? 50/50 ද?
@@sambandara5879 Balanna Raamuwe video ekak thiyenwa
Plzz thana kiyanna ko
@@sambandara587970-80%
තැන කියන්න පුලුවන්ද
කොහොමහරි ඉක්මනින් මුදල් හොයාගෙන මේ වැඩසටහනට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා, එතෙක් ඔබතුමා මේ අතික්‍රමන වැඩසටහන නොනවත්වා පවත්වාගෙන යයි කියා මා විශ්වාස කරමි.. 😢
Math
Kyd price ek
මගේ ප්‍රශ්නය මේකෙන් අපට ගන්න පුළුවන් ප්‍රයෝජනය මොකද?
මම මේ පාර O/L ලියන්න ඉන්නෙ පාඩම් වැඩත් බැලන්ස් කරගෙන යනවා. අතික්‍රමණ පාඨමාලාවටත් සම්බන්ධ වෙන්න බලනව .සර් මේ කරන සේවය නම් ප්‍රශංසනීයයි.❤ පුළුවන්නම් වේද් දැනුම් පද්ධතිය ගැනත් දැනුම් බිදක් ලබා දෙනන🧐. Good luck🙂
මම අවුරුදු 15 ට පෙර නාඩි වාක්‍ය බලලා තියනවා ! මාගේ ප්වුලේ තොරතුරු සහ ඒ වෙද්දි වර්තමාන තත්වය 💯 නිවැර්දී!! එත් අනාගතය ගැන කියපු දේවල් අද වෙද්දි සත්‍ය උනේ නැහැ!! Anyway great explainataion and great video Randika! Agree with you and makes loads of sense !! :)
Koheda thana
@@nuwankumara1570search දැම්මම හොයාගන්න පුළුවන්. අනාගතේ ගැන නම් කියන්නේ බොරු.
ආ සර්,කොහොමද ,කරාඹු දාලා ,ලස්සන වෙලා 🙂❤️🩹
කරාබුවට අකමැත්තක් ඇත
සමාවන්න
රාමුව වැඩ සටහන වගේම සර් දිහත් අපි බලනව කරාබු නැතුව හොඳයි
දැනුම හොය හොය සිරිමත් වගේ ඉන්නැතුව ෆැශන් කරලා ආතල් එකේ, තමන් දියුණු වෙන්න ඕන, තමන්ගෙ මොළෙ දියුනු කරන්න ඕන කියන මතේ මමනම් ඉන්නෙ. එක තමයි හරිම ආතල් එක 💜️
@@GimhanaWijenayakaඒක තාම හරි විදිහ. අරය අකමැති kyn ඒක එයගේ දෙයක් නේ. අපිට අදාල නෑ
අපි කරාඹු මාල වළලු දාපු මිනිස්සු. සුද්දාගේ මහලොකු පුස් සභ්‍යත්වය අපේ ඔළුවලට දාල ගිහින් උන් දැන් හෙළුවෙන්ම නටනවා. අපි තවම උංගෙ කුණු ඔළුවෙ තියාගෙන ඉන්නවා
මේක මාරයි 😮
❤❤❤
NurseHesh❤❤
නියමයි අය්යෙ ආසාවෙන් බලන් හිටපු දැනුම් පද්දතියක් මමත් නාඩි වාක්‍ය කියවල තියෙනව....මගෙ චැප්‍ටර් ඔක්කොම ලියල තිබ්බ පෙර බවයෙ විස්තර පවා මේ අන්තිම භවය කියල ලියල තිබ්බ මම මගෙ කියවපු කෙනාට කිව්ව මගෙ ආගමේ විදියට මට ඒක විශ්වාස කරනව බෑ කියල එතකොට එයා කිව්ව මේකෙ ලියල තියෙන විදියට ඔයාගෙ ඊලග භවයක් නෑ මෙතනින් ඉවරවෙනව කියල කිව්ව ඒ ගැන මට තාම අදහසක් නෑ...🥹.....මම භාවනාවක් කරනව කියල ඒකෙ තිබ්බ දැන් මම භාවනා කරනව ආද්‍යාත්මික භික්ෂුන් යූටියුබ් නාලිකාවේ ස්වාමීන් වහන්සේ යටතේ උන්වහන්සේ ව මම අහම්බෙන් හොයාගෙන ගිහිල්ල මුන ගැහුනෙ ඒ හැමදේම ලියල තිබ්බ මැජික් එකක් වගේ හැමදේම ඒ විදියටම උනා මම දැන් කැනඩාවෙ ඉන්නෙ මෙහෙ එන ගමන ගැන පවා තිබුනා...
ඒ තැන කොහෙද?
දැන ගන්නම ඕනි වෙලා තිබ්බ මාතෘකාවක්.හිතුවෙවත් නෑ ඔබ තුමාම මේක ගැන කතා කරයි කියල. 🙏
Dear Randika. We are waiting for the next episode of බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ. You were talking about "Prathya". so excited to listen to your next episode in this most valuable series.
I remember requesting a video about this topic from you a long time ago. Thank you so much, sir. Keep up the great work!
ගොඩක් ස්තුතියි ඔබතුමාට .පුලුවන් නම් ඉන්දියානු වේද ය පිලිබදව video ක් කරන්න . වේද ග්‍රන්ථ වල ඇ තුලත් කරුනු පිලිබදව කිසිම දැනුමක් අපිට නැහැ .
ඇත්තටම සුපිරියි රන්දික අයියේ.. මන් මධ්‍යස්ත මතදාරියෙක්. අපි හැම පැතිකඩක්ම හොදින් බලන්න ඔන. එව ඉගනගන්න ඔන. මන් අවුරුදු එක හමරක් විතර ලන්කවෙ ප්‍රසිද්ද දේවලෙක ගොලයෙක් විදියට වැඩ කලා. එයාල ප්‍රසිද්ද මාද්‍යවල පවා සල්ලි ගෙවල වැඩසටහන් කලා. මන් තනිවම හින්නොන්මදය කියන ලෙඩේ හැදිච්ච අය බර ගානක් අධ්‍යනය කලා. එක ලොකු කතවක්. ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ රැවටෙන ගුනය නම් ඉතා ඉහලයි. ඒ පිලිබදවත් විඩියෝ එකක් කරන්න කියල ඉල්ලනව. ඔබට ජය.❤
Hi again Mr WST,
අහම්බයක් share කර ගන්න හිතුනා. නාඩි වාක්‍යක් බලල ඇවිල්ල පැය ගානකට පස්සෙ තමා මේ video එක ඇවිල්ල තියෙන්නෙ. දැන් මේකත් බලල තමා මේ comment එක දාන්නෙ.
මම මේ නාඩි වාක්‍ය බැලුවෙ මගේ බුද්ධිමත්ම යාලුවෙකුගේ recommendation මත. එයාට කියපුව to the point. මේක ගැන කලින් අහල තිබුනත් බලන්න ගියේ නෑ විශ්වාස නැති නිසා. නමුත් මේ යාලුවගේ recommendation මත ගියා. අපි යන්න කලින් මේ ගැන කතා කලා. අපි කතා වෙලා තිබ්බෙ නාඩි කියවන්නාට හරි පොත හොයා ගන්න උදව් වෙන්න ඕන කියලා. මගේ මොට්ටකමට මන් ගියේ ප්‍රශ්නත් එක්ක. මට බලාපොරොත්තු වෙන උත්තර ඕන වෙලා තිබ්බ. ඒ නිසා මම ඕන කරන උත්තර ලේසියෙන්ම දුන්න පොත හොයා ගන්න ලේසි වෙන්න කියලා. ඒ නිසාම මගේ නාඩි වාක්‍ය ලොකු බොලද එහෙටත් මෙහෙටත් නැති කනා පාරවල් ටිකක්. මගේ වරද සහ Mr Ramuwa ඔයාගෙත් වරද. අඩුම මේ video එක ඊයෙ දාන්න තිබ්බ😒
ඒත් මේක බොරු නෙමේ. මගේ සමහර යාලුවන්ට කියපුවා කවදාවත් හිතා ගන්න බෑ කොහොමද 100% ක් කිව්වෙ කියලා. එයාලම විතරක් දන්න ඒවා. මම ආවෙ dissappoint වෙලා. නමුත් මම blame කරන්නෙ ඒ හොර කරපු මනුස්සයට. බලන්න යන අයට දීපු උපදෙස් ටික හරියටම හරි. ඒ නිසා කල්පනාවෙන් යන්න. යලුවෙක් එක්ක යන්න. ඔයාගෙ හරි නාඩි හම්බුනේ නැතොත් ඔයාටයි යාලුවටයි එකම දේ අනික් පැත්ත ගහල කියල ඇති. එහෙමනම් ඔයාගෙ නාඩි සම්පූර්ණයෙන් ignore කරන්න. මට හිතෙන විදිහට දැන් තියන scam එක තමා ඇත්ත නාඩි නැත්නම් ඔයාව යවන්නෙ නෑ. Common එකක් කියනවා. Tamil කියන්නෙ නැති ඒවත් බොරුවට කියනවා. හැබැයි හම්බෙන අයට ඇත්ත කියන අවස්ථාත් තියනවා. කවදහරි මගේ හරි එකත් හොයා ගන්නවා.
Good luck seekers. Be mindful. If you want to find yours, let them do their job.
Same Story Here....Not Recommend and not satisfaction
කොහෙන්ද බ්‍රෝ බැලුවේ
කොහෙන්ද බැලුවෙ...ස්තූතියි
Yeah it’s correct,
මම බැලුවේ ගිය මාසේ, අනාගතය ගැන නම් හරියයිද දන්නෑ ඒත් වර්තමානය අතීතය ගැන කියපු ඔක්කොම හරි
මේ ගැන මුලින් කිව්වේ තිස්ස ජනනායක සර්. එදා මම ඒක බලලා රාමුවේ ගියපු වීඩියෝ එකේ කොමෙන්ට් කරා කිහිපයකම නාඩි සම්බන්දව ගේන්න කියල. ඔබතුමාට පණිවිඩ දෙන්න සෑහෙන්න උත්සාහ කරා. මේ සම්බන්දව වීඩියෝ එකක් ගේන්න කියල. දැං අවුරුද්දක් වගේ වෙනව හරියටම. ඔබ තුමා කොහොම හරි ඒකත් ගෙනාවා. බොහොම ස්තූති.
මුලින් කිව්වෙ බලන්ගොඩ ආනන්ද මෛත්‍රි හිමි
අඩේ ඔව්මයි. මාත් දාන්න ගියපු කමෙන්ට් එක. ඇඟිලි සලකුණු අරගෙන මෙහෙම දේවල් කියන තැනක් කොළඹ කිට්ටුව තියෙනව කියල දැනගත්තෙ අවුරුද්දකට විතර කලින් තිස්ස සර්ගෙ වීඩියෝ එකකින්. තාම යන්න බැරි උනා හැබැයි 🥲
@@sithumakash5756 thissa sirge video link eka/ video eke nama/ mona kale dapu ekakda kiyala mathakanam kiyannna
thissa sirge video link eka/ video eke nama/ mona kale dapu ekakda kiyala mathakanam kiyannna
නොදන්නා මානයන් ගැන අපිව දැනුමෙන් පෝෂණය කිරීම සම්බන්ධයෙන් ඔබ තුමාට බෙහෙවින් ස්තුති... ඔබ තුමා නම් දැනුම් සාගරයක්.. 🤍
පැය 24 යන්නත් කලින් 100k ලංකාව දියුණුව වෙනුවෙන් ඔබේ මෙහෙවරට ස්තුතියි..❤ Respect ❤
මට හිතෙන්නෙ ගොඩක් වෙලාවට ඒ කෙනාගෙ නාඩි කියුව ගමන් time line එක වෙනස් වෙනව ඇති. අලුත් branch එකක් හදෙනවා. Multi universe කියන දේ ගැන ඒකෙන් කියවෙනව.
මාමංඩිව අත කුණකටුවෙක් කනව මං දැක්කා හීනෙන්. එයාට කියුව පරිස්සම් වෙන්න කියල. ඊට දවස් 3ක පස්සෙ හරියටම කුණකටුවෙක් කෑව.
මේවට උත්තර තාම මං හොයනවා. මං ඇදේ ඉද්දිම මට මාව පේනවා හීනෙන් වගේ ඇහැරිලා.මට ඒත් මාව නිදාගෙන ඉන්නව පේනව. මම බිත්ති වලින් එහා මෙහා යනවා. ගෙදර වටේම ඇවිදිනවා. උඩ පනිනවා, උඩ පැන්නම ගොඩක් උඩ ගිහින් මං ඇදේ ඉන්න විදියම මට පේනවා. ලගදි නැන්දම්මා එයාලගෙ අයියලා ගෙදර ගියා. එහේ වැවක් ලග photo එකක් අරගෙන ඒක එවල තිබුනා. දවස් 4කට විතර කලින් ඒ ඇදුමෙන්ම ඒ විදියටම එයා ඒ වැව ගාව අවිදිනව මං හීනෙන් දැක්කා. මේවට උත්තර නෑ. කාටත් කියන්නෙත් නෑ. තනියම උත්තර හොයනව. විශ්වාස නොකලට කමක් නෑ. ඒත් එහෙම දේවල් වෙනව. 1:09
insidious movie series eka mathak una. e movies wala thiyenne aththak nm, oya poddak parissam wenn wei
මටත් ඉස්ස්රහට වෙන දේවල් පේනව අදටත් අබිරහසක් ඒඑක
@@bingolesa ඒ කොහොමද වෙන්නෙ මම දන්න කෙනෙකුටත් නිතරම නැතත් ඒ වගේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් පේනවා කියලා අහලා තියෙනවා.
මේ චැනල් එකේම විශ්වීය ප්‍රඥාව කියල වීඩියො එකක් තියනව බලන්න
@@gihankaushalya2876 ඔව් හලෝ බොරු නෙමෙඉ මගෙ ජීවිතෙ වැදගත් දේවල්.ගොඩක් මම හීනෙන් දැකල තියෙනවා වෙන්න මාස ගානකට කලිම් මාර පුදුමයි
රාමුවට සබ්ස්ක්‍රයිබර්ස් ලා 5000ක් 6000ක් වෙද්දි සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙච්ච කෙනෙක් හැටියට මට හරිම සතුටුයි...ලංකාවෙ යූටියුබ් චැනලයක් විදිහට වෙනස් මානයක් ගැන කතා කරනවට....ගොඩක් අයට මේක ආසා හිතෙන චැනලයක්..ඇතැමුන්ට සෙට් වෙන්නෑ....කෙසේ වෙතත් නව වසර ජය වේවා රන්දික මහත්මයාට..❤❤❤
"කරාබු" දෙක ලස්සනයි සර් 💗🔥
මම 2021 relationship එකකින් බ්‍රේකප් වෙලා අවුල් වෙලා ඉද්දි නාඩි වක්‍ය අහන්න ඕනී කියලා හිතුනා.ඉතින් ගියේ අනාගත සහකාරියගෙ නම දැනගන්න ආසාවෙන් විතරයි නමුත් පුදුම පුදුම දේවල් ටිකක් කිව්වා.. මට හොදට සල්ලි ලැබෙනවා සහ මා එකට කරන ලද රැකියාව පවා තක්කෙටම කිව්වා.. නමුත් මා ඒ සිද්ධීන් එතනින් පිටවෙද්දිම අමතක කලේ මට සමබර ජීවීතයක් ගෙවීමට අවශ්‍ය වූ නිසාත් මගේ අනාගතය ගැන එතරම් බරපතල කතා නොකියවුනු නිසාත්‍ය.නමුත් මා මෙ ලගකදි මට අහම්බෙන් මේසෙ අස්කරද්දි එතනින් දුන්න cd එක හම්බෞනා ම්ං ඒක play කරා.. බොහොමයක් සත්‍ය වී අවසන් ඒකේ කියු පරිදිම මම දැන් සාර්ථක මැණික් ව්‍යාපාරිකයෙක්.. ඒකේ මැණික් කියලම කිව්වේ නෑ නමුත් භූමී සම්පත් ආශ්‍රීත යන වචනය භාවිතා උනා..සමස්තයක් ලෙස ඔක්කොම ඇත්ත ඒත් නාඩි වාක්‍ය අසන්න කියලා මම තවකෙනෙකුට නිර්දේශ කරන්නේ නෑ මොකද ඔබ ඒක ඇසුනයින් පස්සෙ මානසික දුර්වල කෙනෙක් නං ඒ කතාවේ frame එකෙන් පිට වැඩක් කරන්නේ නෑ..ඒ නිසා අනාගතයට ශක්තිමත්ව මුහුනදෙන්න always expect the unexpected ❤
එතන ලිපිනය කියන්න පුලුවන් ද
2:14 @@bpvcrashintha73702:24 අගස්ත්‍ය නාඩි කියලා google serch karanna
Place eka koheda
Bambalapitiya neda 😌
@@bpvcrashintha7370google eke nadi wakya kiyala search karanna location eka enawa bambalapitiye thiyenne
හෙළවෙදකම ගැන වීඩියෝ සීරීස් එකක් ඕනෙ ❤❤ පුදුම ආසාවකින් ඉන්නෙ
ජෝතිශ්‍ය ගැන ඉගෙන ගන්න ආසවක් ඇති උනා එ පිලිබද හදාරන්න අපිටත් මුලාශ්‍ර ටිකක් ලබා දෙන්න😍
Pdf wagayak thiye ona nam
@mahindapriyashantha දෙන්න පුලුවන්ද 😍
අම්මෝ ඇති යන්තන් අද රෑට නම් මට නින්ද යයි! දාල දාල වීඩියෝ එකක්!! මං ලිස්සලත් වැටුන ශොක් එකට😢😢❤❤❤
මොනවද බං මේ comment..මෙච්චර මාන්දවිකයො ඉන්නවද ලංකාවේ..🤦
@nuwanrajapaksha445 අයියෝ සහෝදරයා ඔයා ඇයි මේ අහකයන ඒවට ශොක් වෙලා? 🤣🤣
කියලා වැඩක් නෑ...ගෑනු හොදයි මුන්ගේ කමෙන්ට් නම් අපෝ ඊයා බන්.. ලිස්සලත් වැටුනලු... පිස්සු මුන්ට හිතන් ඉන්නේ හිනා යයි කියලා. අවදානෙද ඔනේ... පව් බන් උබලා...
@@preschoolactivities5926 ඇයි මේ ඔයාල ටිපර් වෙලා? මට මගේ ආතල් එක ගන්න බැරිද බං අනුන්ගෙ වැල් වල රෙදි වනල මේ මනුස්සයගෙ චැනල් එක බාල්දු කරන්න එපා බොලව් ලිස්සලහරි ජම්බු ගහෙන් වැටුනහරි බොලාල දෙන්නට නෙ බං මට වඩා රිදිල තියෙන්නෙ අයියෝ සංසාරේ... 🤣🤣🤣
@@preschoolactivities5926 අකවුන්ට් එකේ නම බැලුවම හිතාගන්න පුලුවන් ඔබගේ බුද්ධිමට්ටම 🤣
1:39:58 මුලින් ම කියන්නොන අද වැඩසටහන නම් සුපිරියක් 🔥🔥
නාඩි වාක්‍ය ගැන මට හිතෙන දේ කිව්වොත් ඒක හරියට පුංචි පුංචි කෑලි ගොඩක් එකතු වෙලා හැදෙන puzzle එකක් වගේ හැබැයි එකේ අනාගතය කියන කොටස් සමහර කෑලි හොයාගෙන fill කරන එක අපේ වැඩක් හරියට හිස්තැන් පුරවනවා වගේ ...
නාඩි වක්‍යක් අහල බලන්න මාත් ආසයි හැබැයි වර්තමානය සහ අතීතය විතරයි ...🙌🏻💥
අනාගතය නොදැන ඉන්න තරමට ජීවිතේ මාර intresting... ❤ කතාව දැනගෙන film එක බලලා වැඩක් නෑ නෙ..
Thanks you so much for the video ❤❤❤❤❤❤❤
අම්මෝ අවුරැද්දක් වගේ දැනුනෙ ❤❤❤ මම වැඩසටහන බලල ඉවරවෙන්න කිලින් මේක දාන්නෙ.. මමත් ලංකාවෙන් නාඩි වාක්‍යයය බැලුව… කියපු සමහර දේවල් ඇත්ත (මමත් අසරන වෙලා තමයි ඕක අහන්න ගියෙ පස්සෙ රන්දික මහත්තයව හම්මබ උනා අද මම ගැන සතුටුයි ඒ විස්තරය ටිකක් දිගයි කියන්න අමාරැයි) සමහර තැන්වල මම තාම ටිකක් හිර වෙලා ඉන්නව. හැමෝම එක වගේ නෑනෙ තව තල්ලුවක් ඔබ තුමාගෙන් ගන්න පුලුවන් නම් මරැ
Kiyak gannavada
කොහෙන්ද බැලුවෙ නාඩි වාක්‍ය තැන කියන්න පුලුවන්ද
සමාජවාදය ගැන වීඩියෝ එකත් ලඟදීම ඕනේ 👏
ඔව් ඔව් ධනවාදය ගැන වගේම සමාජවාදය ගැන සම්පූර්ණ විග්‍රහයක් ඕනී
mtth
ගොබ්බ පුහු රින අදහස් ඇති සමාජ වාදය ඔන නෑ! ධනවාදය ගැන විතරක් ගේන්න.
@@smithrajapaksa7820 Karala tiyenne. Hoyagena balanna
මේ video එක දානකල් මාත් බලන් හිටියා ගොඩක්කල්. මාත් සෑහෙන දේවල් මේක ගැන හෙව්වා. දැන් අවුරුද්දක් විතර ඔබතුමාගෙ video බැලුවා. ඒ කාලේ පුරාවටම බලන් හිටියේ මේ මාතෘකාව ගැන video එක එනකල්. බොහොම ස්තුතියි.
හෙට අපිට Maths exam එක. මේක දැක්ක ගමන් මේක බලන්න ආවා. (Maths ටික බලාගෙන ඉවරයි. :) මාස දෙකකින් විතර දාපු video එක නිසා බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ ❤❤
කරාබු දෙකක් දාලා අද, අත් ඔරලොසුව ගොඩක් ලස්සනයි ❤❤❤, ජීවිතය ගොඩක් වෙනස් උනා චැනල් එකෙ වීඩියො බලලා, මට හම්බුන හොදම ගුරුවරයෙක් ජය තෙරුවන් සරණයි
ලස්සන පැහැදිලි කිරීමක්. ඒත් අර අශ්වයා ගෙ පින්තූරය දාලා අනාගතය ගැන කියපුවා වරදින්න තියෙන ඉඩකඩ වැඩියි කියන එක ගැන පොඩි දෙයක් කියන්න ඕනෙ.
මීට අවුරුදු තුන්දාහකට කලින් ලියැවුනා කියන්නෙ, අපේ අතීතය වර්තමානය සහ අනාගතය කියන තුනම ඔය නාඩි වාක්‍යය predict කරපු සෘෂි තුමාට අනාගත සිද්ධීන්. ඉතින් අපි නාඩි වාක්‍යය බලන්න යන මොහොත වෙනකන් තියෙන සියල්ල සත්‍ය වෙලා එතනින් එහා සිදුවෙන දේවල් වෙනස් වෙන්න හේතුව කුමක්ද? අපි නාඩි වාක්‍යය බැලීම කියන දේ මත යමක් වෙනස් වෙනවාද?
මේ video එක බලලා මට හිතුනේ නාඩි වාක්‍ය අහල විමර්ශනය කරන්න නෙවෙයි. මනස දියුණු කරගත්තනම් බලන්න පුළුවන් වෙන කාල තන්තු ගැන කුතුහලයක් ♥️🙂
ඕක ගොඩක් දුරට ඇත්ත සිද්ධියක්. මම පුද්ගලිකව දන්න තුන්දෙනෙක් ඔය නාඩි වාක්‍ය බැලුවා. තුන් දෙනාටම හරියටම කිව්වා. එයාලා මම දන්නේ දැනට අවුරුදු 10කට වඩා කල්. කියපු හැමදේම හරි ගියා. ඒත් මම බැලුවේ නෑ. මොකද ලයිෆ් එක ෆිල්ම් එකක් නම්. කතාව දැනගෙන ෆිල්ම් එක බලන්න මම ආස නෑ. ඒක නිසා මම නාඩි වාක්‍ය බැලුවේ නැහැ. ගුඩ් ලක් රන්දික.
@@surithavitharana2859 Review බලලා spoil කරගන්න ඕනි නෑ😉
E thena tiyenneh Bambalapitiyeda
නාඩි වාක්‍ය අහන්න තැනක් තියද ඒ ස්ථාන ගැන කියන්න
කොහෙද තැන
Ou@@pubudusenanayake1805
කලින් ඉදන්ම මධ්‍යස්ථව හිතන්න උත්තසහ කරා ඒත් සර්ගෙ වීඩියෝ බලන්න ගත්ත දවසෙ ඉදන් ඒක නිරායාසයෙන් සිද්ද උනා Thank you for that ...
මුලින්ම කියන්න ඕන සර්ගෙ අළුත් ස්ටයිල් එක සුපිරියි. නාඩි වාක්‍ය ගැන මටත් පෞද්ගලික අත්දැකීමක් තියනවා. 2010 දි. මමත් ගියෙ යාළුවෙක්ගෙන් දැනගෙන නිකම් කුතුහලය නිසා. මට පැහැදිලි හෙතුවක් තිබුණේ නැහැ අහන්න ඕන දෙයක් ගැන. ඒත් ඒ ගැන මට හොඳට මතකයි සර් කියපු දේවල් හරියටම හරි. 2010 දි තිබුන වර්තමානය ගැන හරියටම කිව්වා. ඒත් අනාගතය ගැන කියපුවා නම් ඇත්ත වුනෙ නැහැ.
Same here
Koheda thana machan
කොල්ලුපිටියේ කොතලාවල රොඩ් එකේ තමයි එයාලා ඒ වැඩ කලෙ. සර් විඩියෝ එකෙන් කියන විදිහටම තමයි විස්තර ගන්නෙ එහෙම. ඇගිලි සලකුණු එක්ක උපන්දිනය ඉල්ලගෙන සතියකින් එන්න කියලා අදාල පුස්කොළ පොත නැත්නම් කියනවා ඒක නැහැ කියලා.
රන්දික මහත්මයා, මම ලංකාවෙ නාඩි වාක්‍ය බැලුවා. ඔබතුමාගෙ අශ්වයාගෙ චිත්‍රය මගේ කතාව එක්ක ඉතාම නිවරදියි. මම නාඩි වාක්‍ය බලන්න යනකොට මම විවාහ වෙන්න හිටියෙ. විවාහ වෙනවා කිව්ව කෙනාගෙ විස්තර මං ඒ වෙද්දි විවාහ වෙන්න හිටිය කෙනෙගෙ විස්තර වලට 90%ක් සමානයි. අනික එයාගෙ නමත් කිව්වා. රැකියාව, පවුල, හැඩ රුව, අධ්‍යාපනය මේ හැමදේම ඒ boyට හරියන ඒවා කිව්වෙ. ඒත් ඒ affair එක marriage එකට හැමදේම ready කරලා තියෙද්දි (විවාහයට මාස 02කට පෙර) නැවතුනා. අතීත එක සිදුවීමක් මගේ කටින්ම අල්ලගත්තා. ඒ වුනත් ඒක සම්බන්ධව වුනත් වර්ථමාන තත්වය හරියටම කිව්වා.
duk wenna epa.
මේ මං ආසම විෂය ඔබ ගොඩක් කැප වීමකින් මේ මිනිස්සු අන්ද මන්ද වෙන ජීවීතේ කෙනෙක් කිසිම දවසක විශ්වාස කරනවා තියා හිතන්නෙවත් නැති ශාස්ත්‍ර විද්‍යාවක් පිළිබඳ ගවේෂණය කරලා ප්‍රගුණ කරලා අපේ හදවත් වල නාඩිය සටහන් කරනවා. මම බොහොම දුරට නාඩි විද්‍යාව විශ්වාස කරපු කෙනෙක් ඒත් මේ ඉන්දීය බ්‍රාහ්මණ වංශිකයෝ මේ දේවල් හරියටම කියන්නේ කොහොමද කියන එක ඔබ ඉතාම පැහැදිලිව අපට කියලා දුන්නා .. ඇත්තටම ඔබට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මෙවැනි වටිනා දෑ රටට ඉදිරිපත් කිරීම පිළිබඳව ❤
නාඩි වාක්‍යය පිලිබද සිතුවා පමණයි, ඔබතුමාගේ වීඩියෝව මෙතන❤
Its youtube algorithm..
ඔබ බාවනා කරන හැටියට
ඔය සොබාව
වැ ඩි දියුණු වෙනවා !!!
@@shashikagcs8133eh, හිතපු ඒක algo එකක් වෙන්නේ නෑ. යකෝ
අනාගතය ගැන කිසිම කෙනෙකුට හරියට කියන්න බෑ. ඒකට හේතුව තමන්ගේ අනාගතය සකස් කර ගැනීමට තමන්ට පමණක් හැකි වීමයි. කර්ම ශක්තිය පවා වෙනස් කිරීමේ අයිතිය සහ හැකියාව තමන්ට තියෙනවා.
Much awaited topic for me. I got my ola leaf read in 2009 in Bangalore , India. It was amazing , they have predicted accurately the chapter i have asked with exact time period. I do belive it, because its the future they predict. Thanks for the good explanation Mr.Randika ..
මම මේ වීඩියෝ එක බලපු වෙලාවෙ ඉදන් මගේ ඔලුවට වද දෙන සිද්දියක් තියෙනවා. ඒක මේකට දානවද නැද්ද කියල කල්පනා කර කර හිටියෙ. ඒත් මම හිතනව මේ සිද්දියත් මම දන්න දේවල් වලින් පැහැදිලි කරන්න බෑ කියල. ඒ නිසා මම හිතුව මම ලබපු පලමුවත අත්දැකීම මෙතන comment කරන්න. ඔබතුමාගෙ ඊලග වීඩියෝවකින් මේකට යම් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
මේ තැනැත්තිය ගැන මම දැනගන්නෙ අපේ ගමේ කෙනෙක්ගෙ රන් මාලයක් නැතිවිම සම්භන්ධයෙන්. පස්සෙ ඒ ඔස්සේ තමයි මමත් මෙතනට යන්නෙ.
ඒක සාමාන්‍ය ගෙදරක් කැලයක් මැද තියෙන්නෙ. හරිම පාලු ප්‍රදේශයක්.තව ගෙවල් කීපයක් තියෙනවා. සාලයේ බිම ගොම ගාල තියෙන්නෙ. ඔබතුමා කිව්වා වගේ බය හිතෙන පිලිම කිහිපයක් තියෙනවා ( දුර්ගා මාතාවගේ ,ගණ දෙවියන්ගේ වගේ ) හැබැයි විශේශම කාරනය තමයි ඒ හැම පිලිමෙකටම වඩා උසින් පිහිටන්න බුදු පිලිමෙකුත් තියල තියෙනවා. ගෙදර හරි කුඩා ගෙදරක්. තව පවුලෙ කිහිප දෙනෙක් ජීවත් වෙනවා.
මේ වීඩියෝවෙ කියන නාඩි ශාස්තයෙන් අතීතය වර්ථමානය අනාගතය කියනවා වගේම ඇයත් එහෙම කියනව.ඇය අතීතය ගැන කියපු දේවල් බොහෝ දුරට හරි. වර්ථමානය ගැන කියන දේවල් 90 % ක් හරි. අනාගතය ගෑන කියන සමහර අනාවැකි නිවැරදියි කියල මම අත්වින්දා. හැබැයි අනාගතය ගැන කියන සමහර අනාවැකි වැරදියි. ( නාඩි වාක්‍ය වගේම සමහර පුද්ගලයො ගැන කියන අනාවැකි සම්පූර්ණයෙන්ම වැරදියි )
සමහර අනාවැකි ගැන Hot Reading එකක් ගන්න පුලුවන් කියල මම පිලිගන්නවා. ඒ වගේම යම් cold reading එකක් ගන්නත් සම්භාවිතාවක් තියෙනවා ඒත් සමහර අනාවැකි ගැන එහෙම අදහසක් කියන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ.මට අහන්න ලැබුනු අනාවැකි කීපයක්, (දන්න කෙනෙක් බැලුවොත් හොයා ගන්න බැරි වෙන්න සමහර දේවල් දාන්නෙ නෑ )
1) අපේ ගමේ කෙනෙක්ගෙ මරණය ගැන කිව්වා . ( නෑදෑකම් විස්තර සහිතව ) මැරෙනකොට මැදි වයසෙ හිටියෙ . එයා අවුරුද්දක් වගේ ඇතුලත ඇත්තටම නැති වුනා. එයාට රෝගී තත්වයක් තිබුනට එහෙම මාරාන්තිකව තිබුනා කියල ගමේ මිනිස්සු දැනගෙන හිටියෙ නෑ. ඒත් එතනදි කියවුනා එයාගෙ වෛද්‍ය වාර්ථාවෙ ඒක ලියල තියෙනව කියල . සාමාන්‍යයෙන් ඒ වගේ සංවේදී තොරතුරක් ලීක් වෙන්න විදිහක් නෑ නෙ. ( මට හිතුන විදිහ )
2) අපේ පවුලෙ කෙනෙක්ගෙ නිවුන් දරුවෙක් නැති වුනා කියල. එතනදි මට හිතුනෙ ඒක බොරු කියල. ඒත් පස්සෙ තමයි දන්නෙ අපේ ලගම නෑයෙක්ගෙ දුව ඉපදෙනකොට ඒත් එක්කම එක twin කෙනෙක් නැති වෙලා කියල. ( මම වත් ඒක දැනගෙන හිටියෙ නෑ )
3) මම තේරී පත්වෙන විශ්ව විද්‍යාලය නිවැරදිව අනුමාන කිරීම. ( ඒක ඇත්තටම හරි ගියා ) ඒත් මම හිතන්නෙ ugc system එක ගැන එයාට කිසිම අවබෝධයක් තියෙන්න විදිහක් නෑ .
4) මේක ඇත්තක්ද කියල පරීක්ෂා කරන්න ඕනි නිසා මම අහපු ප්‍රශ්න දෙක තුනක් කියන්නම් .( මම හරියටම දන්න ඒත් එයාට අනුමාන කරන්න අමාරුයි කියල හිතන )
අපේ ගෙදර හිටපු බල්ලා නැති වුන විදිහ මම ඇහුවා. ( Hot reading ,cold reading එකක් සිද්ද වුනා කියල හිතන්න බෑ නෙ. ඒ වගේ දෙයක් ගැන අහයි කියලත් හිතන්න බෑ නෙ. ( මේ තැන තියෙන්නෙ අපේ ගෙදර ඉදන් සැලකිය යුතු දුරක ) මාව පුදුමයට පත් කරේ එක පාරින්ම බල්ලා නැති වුනේ කරන්ට් එක වැදිලා කියල කියපු නිසා.
තව සමහර මම විතරක් දන්න පෞද්ගලික කාරනා පවා ඇය කිව්වා.
අපේ නෑදෑ කීප දෙනෙක්ම එතනට එක්කරගෙන ගියා. සමහර අය ඉන්නෙ අපේ පලාතෙත් නෙවෙයි.
1) එක නංගි කෙනෙක් ගෙ ඇහේ සැත්කමක් කරාට පස්සෙ එතනට එක්කරගෙන ගියා. ඒ වෙනකොට ඒක සාර්තකයි කියල තමයි එයාලට ත් doctor කියල තිබුනෙ.ඒත් මෙයා කිව්වා ආපහු සැත්කම කරන්න වෙනව කියල. තව මාසෙකට විතර පස්සෙ අර නංගිගෙ ඇහේ මැහුමක් ඇදිලා ආපහු සැත්කම කලා කියල කිව්වා. මගෙත් යම් රෝගී තත්වයක් ගැන විශේෂ වෛද්‍යවරයෙක් කියපු වචන ටික ඒ විදිහටම එයත් කිව්වා සැත්කමක් ගැන.
තව අනාවැකි සෑහෙන්න ප්‍රමානයක් හරි ගිය අවස්තා තියෙනවා ඒ වගේම සමහර අය ගැන කියන අනාවැකි බහුතරය වැරදියි ( අනාගතය ගැන කියපු )
අනාවැකි කියන ක්‍රමය බුලත් කොලයක් දිහා බලාගෙන. ආවේස වීමක් සිද්ද වුනත් ඒක එයාට පාලනය කර ගන්න පුලුවන් . මම ටිකක් මේ පැත්තට උනන්දු වුනේ මේ සිද්ධියෙන් පස්සෙ, මම දැක්කා එක මනෝ වෛද්‍යවරයෙක් කියනව ( මම හිතන්නෙ උග්‍ර භෞතිකවාදී මහත්මයෙක් ) මේක මානසික ආභාධ තත්වයක් ලු. 99% ක් ඒක විශ්වාස කලත් ඉතුරු 1% ගැන මට යම් සැකයක් තියෙනවා. අනික ඇය කියනව මේක ඇයට පෙර තව කෙනෙකුට තිබුනු ඒ වගේම තව කෙනෙකුට මාරු කල හැකි දෙයක් ලු. ඇය සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. මානසික රෝගී තත්වයක් නම් ඒක ටිකක් විශ්වාස කරන්න අමාරුයි නෙ.
ඔබතුමා මේ ගැන දවසක වීඩියෝ එකකින් පැහැදිලි කරයි කියල බලාපොරොත්තු වෙනවා. මම දැක්කා comment වලත් තව මීට සෑහෙන්න සමාන අවස්තා කීපයක් ගැන සදහන් වෙනවා.
කොහේද තැන..
මටත් ඔය වගේ අත්දැකීමක් තියනවා
ඔබට පුළුවන් නම් තැන ලිපිනය කියන්න. මාත් මේ ගැන අධ්‍යනය කරන කෙනෙක්
තැන කියකවනම් හොඳයි අපිටත් අත් දැකීමක් ගන්න.
ඔබතුමා ගේ මේ විශ්ලේශන ප්‍රභාවය සහ ගවේශන හැකියාව අති ඉස්තරම් . එය ඉදිරිපත් කිරීම ද ප්‍රසංසනීයයි . එහෙත් ඔබේ මේ නිදහස් චින්තන ප්‍රතිභාවෙන් මීටත් වඩා ලොකු ශක්තියක් ලෝකයට දියහැකි යයි මට සිතේ. ඔබතුමාට ජය !
Organoid intelligence සහ AI , Organoid intelligence වලින් වෙනස් වෙන්නෙ කොහොමද ගැන වීඩියෝවක් ඕන...
❤😊අහල තියෙනවා බණ කතාවක, මනුස්සයෙක් හොයනවලු තමන් මැරුණම වලදාන්න තැනක් මීට ඉහතදී කිසිම මනුස්සයෙක් වලදාපු නැති තැනක්.කොහොමහරි තැනක් හොයාගත්තලු....
මට මතක විදිහට බුදු හාමුදුරුවෝ කියනවලු ඒ මනුස්සයා ඒ නමින්ම ඒ ස්ථානයේම 14000 වතාවක් වලදාල තියෙනව කියලා...
අපි ලොකු වෙනසක් කරගත්තෙ නැතිනම් මේ පොදු චක්‍රයට අපි යනවද දන්නෙ නෑ.... නැතිනම් පොත් ටික ඉවර වුණාම මිනිස්සු ඉපදෙන එක නතර වෙන්න ඕනේ වගේනෙ....
හැමදේම ටික ටික ගැලපීගෙන එනව වගේ
.. ඉතාම ආකර්ෂණීයයි සහ හිතන්න කරුණු බොහෝමයි..❤❤😊😊
❤
12000 වතාවක්