Siththam Karamin | සිත්තම් කරමින් | Dayan Witharana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2020
  • සිත්තම් කරමින් | Siththam Karamin by Dayan Witharana
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා..
    දෙලොවක් අතරේ සරන ඔබේ සිත
    මෙතරම් සසලෙන්නැතුව ඇති
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇති
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා..
    භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමුගනිමු ද අපි අපේම වූ
    මතු භවයක යළි හමුවෙමුයි පතා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා..
  • เพลง

ความคิดเห็น •