ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🚀 -----------------------✴-------------------------- 🚀 ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක. "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkoutMy Corporate Training Programs - intellectii.global/training-programs/New Website - intellectii.globalමාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.htmlමගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@Raamuwa🚀 ------------------------✴--------------------------- 🚀
❤❤
Could you please give me your email address ?Thanks.
th-cam.com/video/R_ZfpWdEkRg/w-d-xo.html රන්දික සහෝදරයා හැකිනම් මෙම වීඩියෝව නරඹා සියල්ලන් අතර මෙය බෙදාහරින්න ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මහපොලොවෙ වගකීම ඉටු කරන්න කාලයය🙏🙏🙏🙏🙏🙏🙏
මම ඔබගේ පාඨමාලාවට ලියාපදිංචි වුණා නමුත් නොවැලැක්විය හැකි හේතුවක් මත අතරමඟ මට නතර කරන්න සිද්ධ වුණා😭😭😭
රන්දික විජේසිංහ මහත්මයාගේ අතික්‍රමණ පාඨමාලාව හරහා ලබාදෙන ප්‍රධාන භාවනා අභ්‍යාසය මනස දියුණු කිරීම සම්බන්ධව වැදගත් වන බවට එතුමා සදහන් කර තිබේ .... 🙏🙏🙏✨️✨️✨️❤❤❤❤❤❤
ඇත්ත . පුද්ගලයන්ට අනවශ්‍ය ගරුත්වයන් දිලා තමාන්ගේ මනසික තත්වය හින වෙිනවා.ස්තුතිය .තෙරුවන් සරණයි.
මේ අදහස ගැන මම ගොඩක් හිතපු කෙනෙක්. මේ අනවශ්‍ය ලෙස ගරු බුහුමන් සහ ඉහල තරාතිරම් හෝ ඉහල නිලයක ඉන්න කෙනෙක් ට භිය වීමට හෝ ඔවුන් ඉදිරියේ කුලෑටි ලක්ෂන මතු වීමට හේතුව අපි පාසල් සමයේ ලබපු අත්දැකීම් කියලයි මගේ මතය. ලංකාවේ ගුරුවරු සහ විදුහල් පති වරු බලාපොරොත්තු වෙනවා ලමුන් ඔව්න්ට බිය වී හෝ ඔව්න්ගේ වචනයට සැම විටම ගරු කළ යුතුයි කියල. ඔවුන්ට අනිවාර් යෙන්ම ගරු කළ යුතුයි.. නමුත් පාසල් ගුරුවරුන් හා ළමුන් අතර විශාල පරතරයක් පවත්වා ගැනීමට ලංකාවේ පාසල් වල ගුරුවරු උත්සාහ කරනව. මෙයින් ලමුන්ගේ පෞර්ෂය කුලෑටි වෙනව ඔවුන් වැඩිහිටි උනත්. මොකද තමන්ට වඩා නිළයෙන් හෝ බලයෙන් තමන් ඔවුන්ට බිය හෝ නැමී සිටිය යුතු බව ඔවුන් ගේ ඔලුවට කිඳා බැස තිබෙන්නේ කුඩා කල සිට අවුරුදු 13 ක් පමණ පාසලේ එම අත්දැකීමට හුරු වී සිටි නිසා වන්නට පුළුවන්. මම යුරෝප් රටක ආයතනයක සේවය කරන කෙනෙක්. මා ඇතුලු එම ආයතනයේ ලාංකික පිරිස හා ඒ හා සමානව සේවය කරන යුරෝප් රටවල් වල සේවය කරන පිරිස ආයතන ප්‍රධානීන් සමග කටයුතු කරන ආකාරය සම්පූර්ණ වෙනස්. අසාධාරණයකදී ඒ වෙනුවෙන් හඩක් නැගීම, තම අයිතියක් වෙනුවෙන් කතා කිරීම, කිරීමට අපහසු දෙයක් කරන විට එය එක හෙලා ප්‍රතික්ෂේප කිරීම ලංකාවේ අය අතින් සිදු වෙන ප්‍රමාණය ඉතා අඩුයි. නමුත් යුරෝප් රටවල ඉපදුනු අප මා වැඩ කරන ආයතනයේ සේවකයන් මේ සියළුම කාරණා වලදී ආයතන ප්‍රධනීන් සමග කරට කර ප්‍රශ්ණ කිරීම වල යෙදෙනව. ප්‍රධානීන් සමග ගණුදෙනු කරන විට කිසිම කුලෑටි, ල්ජ්ජාශීලී, බයාදු ගති ලකෂණ කිසිවක් ඔවුන් තුළ නැහැ. එයට මූලිකවම පාසල් සමයේ අත්දැකීම් සම්බන්ද විය හැකි බව සැක කළ. මා මෙහි පාසල් ගුරුවරු හා ළමුන් අතර සම්බන්ධතාවය සොයා බැලුවා.යුරෝප් රටවල පාසල් ළමුන් හා ගුරුවරු අතර හොඳ සම්බන්ධතාවයක් පවතිනවා. ඔවුන් පාසලෙන් පිටත මිතුරන් ලෙසද ආශ්‍රය කරනවා. කිසි විටකත් ගුරුවරුන් ගරු බුගුමන් තමන්ට ලැබිය යුතුයි යන මානසික තත්වයේ නැහැ. ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක දුරකථනයෙන් හෝ කතා බහ කිරීමට ශිෂ්‍යයන්ට හැකියාව තිබෙනවා. ඒ නිසා තමන්ට වඩා ඉහලයි සම්මත කිසිම කෙනෙක් සමග ඉතා හොඳ සංවාද හා සම්බන්ධතාවයක් ඔවුන් අතර පවතින නිසා පෞර්ෂ හීනතා ඇති විමට තියන ඉඩ කඩ අඩුයි. ලංකාවේ අයට තියෙන්නෙ ආයතන ප්‍රධානියා ආයතනයට එනකොට, පාසලේ ප්‍රින්සිපල් පන්ති කාමරයට එනකොට තියන හැඟීම සමානයි.ආයතන ප්‍රධානියා යමක් කිරීමට පවසන විට ගුරුවරයෙක් යම් අණ කිරීමක් කරන හැඟීමට සමානයි. අතීතයේ සියල්ල අනාගතයට බලපානවා. මගේ හැඟීම එයයි.
අැත්ත💯
@@sayuri..wickramasingha 🤝😊😊😊
ඇත්තම කතාව
@@Thivankaindunil 👍👍👍🤝🙂🙂🙂🙂
ow aththa kathawa
අපේ රටේ සමහර පාසල් ගුරුවරුත් ඉන්නව එයාලට ලමයි කතා කරන්න ඕන ඔලුව පහත් කරගෙන එයා කියල දෙන එක හරි උනත් වැරදි උනත් ප්‍රශ්න කරන්න බෑ ඒ වගේම එයා ටියුශන් කරනවනම් ඒකටත් අනිවාර්යෙන් යන්න ඕන නැත්තම් ඉවරයි ඉස්කෝලෙ ඉන්න හම්බෙන්නෑ වෙනස්කම්. ඉතින් ලමයි යනවා. කවදාවත් කිසිම ලමයෙක් ප්‍රශ්න කරන්නෙ නෑ ඒත් මම ඒ අනිත් ලමයි වගෙ හිටියෙ නැති නිසා ගොඩක් පස්න උනා 🙂.මම එ මගෙ අනිත් යාලුවොන්ගෙන් ඇයි උබල එහෙම මුකුත් නොකර නොකිය බලන් ඉන්නෙ කියල ඇහුවම ඒ අය කියන්නෙ ගුරුවරයෙක් නෙ බම් එකට එක කතා කරන්න හොදනෑ මුකුත් නොකියා ඉදපන් කියලා මන් ඉතින් කල්පනා කරෙ ඉස්සරහට එන ලමයින්ට ඒ වදේ විදින්න වෙනව නේද කියල ඒ සේරම වෙලා තීන්නෙ අනවශ්‍ය ගරුත්වය නිසා.
අපේ ස්කෝලෙ ටිචලා සෙට් එක ගැනම කියල තියනව වගේ මේ comment eken😂
සහතික ඇත්ත, මසුරන් වටින කතාවක්,මමත් කිසිම කෙනෙක්ට ඕනවට වඩා ගරු කරන්න යන්නෙ නෑ, කොටින්ම කියනව නම් ඩොක්ට කෙනෙක්ට වත් අපේ ලෙඩේට බෙහෙත් කරල අපි සනීප කරා කියල අනවශ්‍ය ගරුත්වයක් දියයුතු නැත.මොකද ඒක එයාගෙ ජොබ් එක, හැබැයි අපි ඒ පුද්ගලයා කැපවීමෙන් එයාගෙ රාජකාරිය වගකීමෙන් ඉටු කිරීමට ලබා දිය යුතු හොඳ රාජ්‍ය සේවකයෙක් කියන තැන ඔහු තබා ඒ ගවුරවය ඔහුට දිය යුතුමයි, නමුත් ඔබ අනවශ්‍ය ගරුත්වයක් දෙනවා නම් ඔහු වන්දනා කරන තැනට එනවා නම් සිතන්න ඒ කෙනා ඔහුගෙ මුදලින් මේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න උනොත් කරාවිද? බොහෝ දුරට නැති වේවි.නමුත් ඔහු වගකීම් ඉටු කරන ඉතාමත් හොඳ රාජ්‍ය සේවකයෙක් නිසා ඒ ගවුරවය දිය යුතුයි වරදවා වටහාගන්න එපා.ඒ වගේමයි සාමාන්‍ය පාසල් කාලය තුල පම්නක් ඔබට උගන්වන ගුරුවරුන්ට පවා ඔබ නිවැරදි රජ්‍ය සේවකයෙක්ට දෙන ගවුරවය දුන්නාම ප්‍රමානවත්, හැබැයි ඔබගේ දෙමව්පියෝ ගත්තාම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්, ඔබ කිසිසේත්ම සිතන්න එපා ඔවුන් ඔබට උගන්වා හොඳින් පෝශනය කොට උස්මහත් කිරීම ඔවුන් මෙලෙස කල යුතු දෙයක් නොවේ,හැමෝම් එහෙම කරන්නෙත් නෑ, ඔබට රහ මිහිර ගෙනත් දෙමින් කන්න බොන්න දියයුතුයි කියල නීතියකුත් නෑ, ඔබව පන්ති වලට පවා එක්කන් ගොස් ඔවුන් ඒ කරන කැප කිරීමට පැහැදිලිවම අර අයට වඩා වැඩි ගවුරවයක් දිය යුතුමයි.සන්වේදී වීම නිසා ඇතැම් අයට දෙන අනවශ්‍ය ගරුත්වය අයින් කරගමු*සමහර බකපන්ඩිතයන් කියන පරිද්දෙන් ඔබ යනු ඔබගේ දෙමව්පියන්ගේ ආතල් එකක් ම නොවේ ඒක එහෙම නම් ඔබත් මෙලහකට ජීවතුන් අතර නොමැත,ඒ නිසා දෙමාපියන්ට අනිත් අයට සාපේක්ශව ගරුත්වය ලබා දෙන්න.* -මේක මගේ මතයක් මේක පිලිගන්න ඕන කියල එක්කුත් නෑ-
පිදිය යුත්තන්ට පුදන්න පුරුදු වෙන්න ඔනි.ශ්‍රී ලාංකීකයන් වෙනස් කරන්න හදන ඔබට බොහොම ස්තූතියි ❤️❤️
😂
හොදම උදාහරණය තමයි, අතිගරු වෙන්න ගිහින් ලොව කාලකණ්නිකම නායකයින්ගෙන් කෙනෙක් බවට පත් වූ අතිගරු මහින්ද රාජපක්ෂ
බංකොලොත් රටක් වීමට හේතු වූ මූලික කාරණාවක් පිළිබඳ ඇවිලීමකින් තොරව ලස්සන පැහැදිලි කිරීමක්.... ස්තූතියි ඔබතුමාට !❤️
අනිවාර්යයෙන්ම
💯
අනීවාර්යෙන්ම ...දේශපාලකයන්ට වගේම උගතුන්ට,ආගමික නියෝජිතයන්ට,මුදලාලි පැලැන්තියට,ලන්කාවෙ පුදුම කරුම්යක් ඕක...ස්තුතියි මේ වගේ සමාජ කතිකාවක් අවශ්‍යම කාලයක් මේක.
"හිත රිදවගත්ත කෙනෙක්ට අලුත් සංකල්පයක් ඔලුවට දාගන්න බෑ." මේක ඇත්ත මොකද මට මේක වෙලා තියේ 💔.
"උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ"
මේ වීඩියෝව බලද්දි මට මතක් උනු අය අනුපිළිවෙලට . 1) දේශපාලකයන් 2)ආරක්ෂක අංශ සාමාජිකයන් 3) ගුරුවරු 4) පූජ්‍ය/පූජක පක්ෂය
මටත් ඕකම තමයි
Ai දොස්තරලා ,රාජ්‍ය නිලධාරි ටිකකුත් ඉන්නවා අනවශ්‍ය ගරුත්වය නිසා out giyapu...මිනිස්සුන්ටම තමා ඊට පස්සෙ අමාරු වෙන්නේ ..
අැත්ත
දෙමාපියන්ට උනත් අනවශ්‍ය ගරුත්වය ඕනේ naa
අනේ මහපරේ, මල ගෙදර, මඟුල්ගෙදර බස් නැවතුමේ දරුවන් ගුරුවරුන්ට දණ ගසා වදින වන්දවාගන්න ක්‍රමයක් ඇති වෙලා . පාසලේදී ගරුත්වය තියාගන්න, නමුත් සැම තැන වැදනොවැටෙන්න, එය මට කාලයක් දැනුණ දෙයක්
මම එකපාරටම thumbnail එකේ දැක්කෙ නිකන් ගරුත්වය වගෙ නෙවෙයි ගුරුත්වය වගෙ , වීඩියෝ එකේ මුල පටන් ගනිද්දි තමා තේරුනෙ වෙනස් මාතෘකාවක් නේද කියලා 😃👍
Ow
Sirawata
Ow math
Ow bn
🤚math
මමත් මේ මතය කාලයක් තිස්සේ දරණ කෙනෙක් . ඒ වගේ මේ මතේ නිසා බැනුම් අහපු කෙනෙක් 😂 සර් අන්තිමට කිව්වා වගේම ඕනේ කෙනෙක් ප්‍රශ්න කරන්න හැකියාවක් එකෙන් ලැබෙනවා 😌
නියමයි අයියේ..,අනවශ්‍ය ගරුත්වය ඇත්තටම personality එකේ අඩුකමත් එක්ක එන්නේ..ඒක ලොකු කමකට, අදිමාන්යට යන්නෙ නැතුව සීමාවකට ගරු කිරීම අඩු කරලා තමන්ගෙ personality එක නැති කර ගන්නෙ නැතුව ඕනවට වඩා ගරු කිරීම අඩු කරලා එක සීමාවක ඉන්න එකයි අපි කරන්න ඕන..❤️❤️
4:30 මමත් මගේ පොඩි කාලයට සාපේක්ශව මේ වෙද්දී (තාම අවු18යි😅).... හැම සිදුවීමක්ම,හැම තොරතුරක්ම,හැම මතයක්ම,හැම චරිතයක්ම දිහා විවෘත ,මැදහත් මනසකින් බලන්න හුරු වෙලා ඉන්නවා....(ඒකට රාමුව චැනල් එකේ රන්දික අයියත් ,ටෙක්ට්‍රැක් ශෝ චැනල් එකේ මලින්ද අයියත් කියන දේවල් පොඩි හෝ හේතුවක් වුනා කියලා මම හිතනවා..) එහෙම හිතන්න පටන් ගෙන මාස 2ක් විතර යනකොට මට අද අයිය කියපු දේම හිතුනා...ඒ කිව්වෙ කාවවත්(අඩුම තරමේ බුදුහාමුදුරුවො හෝ වෙනත් ආගමික ශාස්තෘවරයෙක් වත්) අදහන්න ඕනෙ නෑ, ඒ අයට ගරු කරාම ඇති...මොකද බුදු හාමුදුරුවො කියන්නෙ අපිට දෙයක් උගන්නපු කෙනෙක්..එතකොට එයා ගුරුවරයෙක්නේ....අපි එයාගෙ ශිශ්යයෝ ...දැන් නිකන් හිතල බලන්න අපි විද්‍යාව උගන්න සර්ගෙ පිලිම හදල වැද වැද හිටියා කියලා අපිට විද්‍යාව විෂයට ලකුනු එන්නෙ නෑනෙ(මම කිව්වෙ ගරු කරන්න එපා කියල නෙවෙයි)....අපි කරන්න ඕන සර් කියපු විෂය කරුණු අවබෝධ කරගන්න එකනේ..... ඒ වගේම තමයි ආගමික ශාස්තෘවරයෙක් ටත්...අපි කරන්න ඕන එයාගෙ පිලිමෙකට වැදලා නිවන් යන්න ඉල්ලන එක නෙවෙයි,එයා කියපු දර්ශනය තේරුම් ගන්න එක ........කොහොම වුනත් කිසිම පුද්ගලයෙකුට,කිසිම මතයකට ,කිසිම අදහසකට වහල් නොවී ඉන්න පුලුවන් තරමටම මානසික නිදහස වගේම ලෝකය දිහා කලින්ට වඩා උදාසීන ඇස් දෙකකින් බලන්න තියෙන හැකියාව වැඩි වේවි කියන එක තමයි මගේ අදහස.........සැ.යු. ආගම් පිලිබද මා දැක්වූ අදහස මගේ පුද්ගලික අදහසක් බැවින් ඕනෑම කෙනෙකුට තම මැදහත් සිතින් විචාරා පිලිගැනීමට හෝ ප්‍රතික්ශේප කිරීමට පූර්ණ නිදහස ඇත.....🙏🙂
අනිවාර්යයෙන් , බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාන පුවත භික්ෂූන් වහන්සේලාට සැල කලාම, අනිත් භික්ෂූන් වහන්සේලා හඬා වැලපෙමින් ඉඳිද්දී, එක භික්ෂූන් වහන්සේ නමක් , තමන්වහන්සේ , බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර රහත් භාවය ලබා ගන්නා අධිෂ්ඨානයෙන් භාවනා කළා... එතනදි අනිත් භික්ෂූන් වහන්සේලා ඒකට චෝදනා කළත් බුදු රජාණන් වහන්සේ වදාළේ, තමන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳ ශෝකයෙන් තැවෙනවට වඩා, එම ධර්ම මාර්ගයේ යෑම වැදගත් බව. සරලව කිව්වොත් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කියන එක.
මන් හිතන්නේත් බොහෝ දුරට ඔයා ඔය හිතන විදිහටම තමයි❤️🙏
@@dulanchamuditha6134 පොඩි නිවැරදි කිරීමක්..බුදුන් වහන්සේ වදාළේ අර වැළපෙන භික්ෂූන් අතර උන් වහන්සේ දෙසූ මඟ හරියටම ගමන් කරන්නෙ අර භාවනා කරන භික්ෂූන් වහන්සේ කියලා නේද
@@laayolaveeniya8010 ඔව්. එහෙම තමයි.
Baudhda darshanayata anuwa amisa puja saha prathipathti pujawan sathwayage sasara pawathmata balapana akarayan tynwa.budurajanan wahanse a dekama awashyai kyla kynwa.eka nisa ai ahema krnda oni kyna de thwa hyanda ethakota oyage a mathayath meh kalina minisun kerehi tyna dakma wgema niwaradi wei. Wachanen amisaye wadagathkama pahadili krnda ba eka kalayak tysse kragena eddi samaharavita athdakinda hambenwa.hbai samaharavita. Samaharavita kyna thanath awabodayak tynwa.eka nisa mkuth hithanda epa oba mathayata garu krnwa.❤️
ඔයාගෙ අදහස් බොහොමයකට මාත් එක සිතින්ම එකගයි, ඔයාගෙ අදහස් කෙලින්ම සමාජගත කරන්න මේවගේ වෙනම නාලිකාවක් නිර්මාණය කිරීම ගැන ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.. ! Good job 👌
හිතන්න කරුණක් වැදගත් video එකක් බොහොම ස්තූතියි ✨
ඔබ තුමා කියන කතව සම්පුර්ණ ඇත්ත ලංකාවේ දේශපාලන මේ විදිහට පිරිහිලා තියෙන්නේත් මේ හේතුව නිසා කියලා මන් හිතනවා යම් පුද්ගලයේක් මතම යෙපෙන්නට යාම ශ්‍රී ලංකාවේ සමාජය තුල දක්කන්ට ලැබෙනවාබොහොම ස්තුතියි ඔබ තුමාට මෙවැනි දැ අපට තේරුම් කිරීම සම්බන්දව
👍
ඒ කතාව සහතික ඇත්ත.අද ඉඳන් හොඳට හිතට ගන්නවා ඕනාව්ට වඩා කාටවත් ගරු නොකර ඉන්න.
මොළේට අකුණක් ගැහුවා වගේ තේරුණා කියපු දේ.. අපි මෙච්චර කලක් කරලා තියෙන්නෙ ඒකම නේද.. රටේ ජනාධිපති නම් ඒ මනුස්සයා යුද්ධේ කරලා රටේ ආරක්ශාව තහවුරු කරන්න ඕන. ඒක එයාගෙ වගකීම.. අපි අනවශ්‍ය ගරුත්වයක් ඒකට දෙන්න ගිහින් රට ලොකු අගාදයකට දාලාතියෙන්නෙ. බොහොම ස්තූතියි ඔබේ අදහසට..
ඒ කතාවනම් සම්පූර්ණ ඇත්ත.මන් මගේ බොස්ලත් එක්ක වුනත් ඕනදෙයක් බය නැතුව ප්‍රශ්න කරනේ ඔය limit එකට ගරුකරන් කතා බහ කරන නිසා❤️❤️
අපේ සමාජයේ සංස්කෘතිකමය කාරණා ගොඩක් "අනවශ්‍ය ගරුත්වය" නිර්මාණය වෙන්න බලපාල තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය සමනය කිරීම ඉතාම සියුම්ව සිදුකළ යුත්තක්.
Agreed!
ඇත්ත අයියා අපි කෙනෙකුට වටිනාකමක් දුන්නම එයාට අපේ තියන වටිනාකම අඩු වෙනවා.ප්‍රමානයට වට්නාකම ගෞරවය දුන්නම ඇති.
සර් ඔයා හරියටම හරි සර්. මේ අනවශ්‍ය ගරුත්වය කියන දේ වචන වලින් නොදැන හිටියට මම වැඩ කරපු තැනත් ඉහල කලමනාකාරීත්වයට ලබා දුන්නේ ඉහල ගරුත්වයක්. මොකද හරි උතුම් අය විදියට එයාලා රඟපාන මිනිස්සු කියලා දැන ගත්තේ අවුරුදු හතකට විතර පස්සේ, රැකියාව කරන අතරවාරයෙදි. මේ බොරු ආටෝපයන් නිසා මම රැකියාවෙන් අයින් වුනා. ඒ තරම් අප්‍රසන්න තැනක් බවට පත් වුනා රැකියා ස්ථානය. ඇත්තටම ලංකාවේ සංස්කෘතිය නිසාද මන්දා, යම් හෝ කාරනාවක් නිසා මේ අනවශ්‍ය ගරුත්වයක් අහේතුකව ගොඩ නගා ගන්නට, පොඩි කාලේ ඉඳලම ඒ චින්තන රටාව ඔලුවට දානවා. මේ ප්‍රශ්න නිසා අද තමන්ටත් වඩා ගුනයෙන් බාල මිනිස්සු න්ටත් දෙදන නමලා වඳින්න වෙලා තියෙනවා. ඇත්තටම දුකයි මේ රටාව ගැන නම්.
හොද අදහසක්.. 100% එකගයි ඒ කතාවත් එක්ක. කිසි වරදක් නෑ. මගෙත් මතයක් තිබ්බ ඔය සම්බන්දව වැඩිහිටියන්ට ගරු කලයුතුයි කියන එකටත් මම විරුද්දයි. මොකද මෝඩයොත් වයසට යන හින්ද.. මම දන්නේ නැ ඒක ලංකාවේ සංස්කෘතියට විරුද්දද නැද්ද කියල. කවුරු විස්වාස නොකලත් කලත්, පිළිගත්තත් නොපිළිගත්තත්, අදටත් මම ඒ මතේ ඉන්නවා. එත් ගරු කලයුත්තන්ට ගරු කලයුතුයි කියන තැන මම ඉන්නවා.. ❤👌😊😊
අනවශ්‍ය ගුරුත්වය නැරඹීමට පැමිණි අයෙකි,😅වටිනා වැදගත් මාතෘකාවක්❤ජයවේවා!
😅
Mamath 🤣
ගොඩ ගොඩ!! අපි ගොඩ! ❤🔥👍ලස්සන වැඩක්..ලංකාවෙ පටු මානසිකත්ව මේ හරහා පුළුල් කරන්න ලැබේවා!!
මන් දැන් මේ විඩියෝ එක බලන කී වෙනි පාරද මන්දා මන් මෙච්චර මේ විඩියෝ එක බලන්නේ ඇයි කියලවත් මන් දන්නැ හිතේ හිර කරන් ඉදපු දෙයක් එලියට දැම්මා වගේ දැනෙන්නේ. දැන් මට හිතෙනවා ලංකාවේ හැමෝම මේ විදියට හිතන්න ගත්තනම්. හැමෝම මෙක තෙරුම් ගත්තනම් විවේචනය නොකර මන් ඔය අදහස කියපු හැම තැනකදිම මට හම්බුනේ බැනුම් විතරයි. ( මන් ආසම youtube චැනල් එක රාමුව වෙලා තිබ්බේ. දැන් ආසම 2 චැනල් එක මේක )❤️
නිදහසේ මේ කතාව ලංකාවේ හැමෝම අහන්න ඕන කතාවක් ❤ස්තුතියි සර් .
ස්තුතියි ❤🙏 මම නාලිකාවට අලුත් ..ආස හිතුණා ..දිගටම මම මේවා අහනවා අද ඉදන්
මම හිතනවා තමන් ගේ රැකියාවත් නොවන වගකීමකුත් නොවන සත්කාරයක් වෙනුවෙන් තමන්ගේ වටිනාම දේ, කාලය ශමය වැය කරන පරාර්තකාමී අයට වැඩි ගරුත්වය ක් දැක්වීම වැදගත් කියලා ඒක හදවතින්ම දැනෙන දෙයක්.මම හිතනවා ඒකෙන් අභිප්‍රේරනයක් ඇති කරනවා කියලා. 😊
මෙක හරි සියුම් තැනක්..ගරු කරනවා වැඩි වෙලා අවුල් වෙනවා වගේම සමහර මිනිස්සු නිහතමානි වෙද්දි එ මනුස්සයට දෙන්න ඔන ගරුත්වයත් අමතක කරලා කරේ නගින්න යන ටිකකුත් ඉන්නවා..ගරු කරන කෙනත් ලබන කෙනත් දෙන්නම තෙරුන් අරන් ඉන්න ඔන දෙයක්..සමාජ පරතරය හැදෙන්නත් , හැමොම එකම job ටිකක් පස්සෙ දුවන්නත් (පොරක් වෙන්න හිතන්) මේ දේ බලපානවා කියලා හිතෙනවා...අනිත් මිනිස්සුන්ට ඕන විදියට ජිවත් වන අපෙ ගොඩක් මිනිස්සු ලබා ගන්න උත්සාහ කරන්නේත් ඔය දෙම තමා.
ව්‍යංග්‍යර්ථයෙන් කියන දේ නම් හරිම වැදගත් දෙයක් අද සමාජයට 💥කලක සිට සුලුතරයක් ක්‍රියා කල පරිදි බහුතරයකට එය ලබාදීම පිළිබඳව ඇත්තටම ඔබට ස්තූති ❤️
පුද්ගලයෙකුට ගරුත්වයක් ලබාදීමේදී සලකා බැලිය යුතු නිර්ණායක යෝජනා කරනව නම් ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.
මම හිතන විදිහ එක්ක බොහෝ දුරට සමානයි ඔබේ ගරුත්වය පිළිබඳ චින්තනය. ආකල්ප මත පවතින සමාජය සහ සමාජය මත පවතිය ආකල්ප ගැන ඔබේ මතය එක්ක වීඩියෝවක් එයි කියලා හිතනවා.. ලාංකිකයන්ට ගොඩක් වැදගටත් වෙයි ඒක.. ඔබට සුබ පතනවා..!
ඔවු රන්දික මම බොහොම එකඟයි ඔබේ අදහසට. අනවශ්‍ය ගරුත්වය කියන්නේ අපි විසින් අහේතුකව ඇතිකරගන්නා පූර්ව නිගමනයක් වැනි දෙයක්. එතකොට වෙන්නේ අපිට යථාර්ථය තේරුම් ගන්ඩ අපහසු වෙනවා. ඕනෑම දෙයක් පිළිබඳව එහෙමයි. ඔබ ප්‍රවේශමෙන් නොකියා මග හැරියාට ආගම ආගමික ශාස්තෘවරුන් පූජක පක්ෂය යන සියල්ලන්ටම මෙය අදාලයි.
ව්යාන්ගාර්තය තෙරුම් ගන්න දූපත් වාසීන් බුද්ධිමත් උනොත් ඇතී ❤️
ඔව් 🤘🙂
සුපිරි අදහසක්.. පෞද්ගලිකව මම විශ්වාස කරන දෙයක් ... මම අද උදෙත් tiktok එකේ කමෙන්ට් එකක් දෑව ඔයා උනත් අපි සරන යන්න ඕන නෑ කියල .. ලංකාවෙ මිනිස්සු නිතරම ආස කරන පුරුද්දක් තමයි කාගෙ හරි යටතෙ පාලනය වෙලා ඉන්න .. රජ පාලනයෙන් උරුම උනු ජානමය මතකයක් වෙන්න පුලුවන් ..හැම කෙනාම යම් මතයකින් දෘස්ටි ගතිකව ඉන්නව... මම පිලි ගන්න දෙයක් තමයි ඔය විදියට හිතන එකත් යම් දෘස්ටියක්.. යම් දෙයක් පුහුණු කිරීම තුලින් තමාගේ ජීවිතේ සිදුවෙන ප්රමානාත්මක සහ ගුනාත්මක සංවර්ධනය තමයි සමාජයක ප්රගමනයට උවමනා.. . යම් ආගමකට ගරු කරල කෙනෙක්ගෙ පෞරුෂය හානි වෙලා නම් ඒක ඔහුට වෙන පුද්ගලික පාඩුවක් වගේම සමාජයටත් වෙන හානියක්.. අනෙත් පැත්තත් ඊට සාපේක්ෂයි.. හොදම දේ මිනිස්සු අතර positive ගුනාංගයන් වර්දනය වෙන විදියට හිතන්න පුරුදු වෙන එක... දැනුම හැම විටම තමාට හෝ අන් අයට බරක් හෝ පාඩුවක් අසහනයක් නොවිය යුතුයි .. වචන වලට වඩා වටිනුයේ ප්‍රායෝගික ජීවිතේ භාවිතයන් ය..
අතිශය කාලීන මාතෘකාවක් ! හාමුදුරු කෙනෙක්වත් බණකදිවත් නොකියන කථාවක් මේක...+ අපිට එදිනෙදා ජීවිතේ මුණගැහෙන මිනිස්සුන්ගෙ හොඳ හා නරක දෙකම තියෙනවා නෙ... ඒ අය අපිට හොද වගේම තවත් සමහර කෙනෙක්ට නරක වෙන්න පුළුවන්... මිනිස්සු නෙහ්... හැබැයි අනවශ්‍ය ගරුත්වයක් පෙන්නන්න ගියාම අපි නොදැනුවත්වම සමහර වෙලාවට අනවශ්‍ය විදිහට ප්‍රශ්න වලට පැටලෙනවා.. මොකද ගරුත්වය වැඩි උනාම අපිට හරි වැරැද්ද පේන එකෙත් අඩුවක් තියෙනවා... වහල්කම කියන්නත් පුළුවන් ඒකට.. ඒත් එක්කම එයාලා ඒක වාසියක් කරගෙන ප්‍රශ්නෙ අපිට දීලා පැත්තකට වෙන අවස්ථාවක් මට මගේ ජීවිතයේදි සිදුවුනා... කළගුණ මතකයෙහි තබා ගන්නවා මිස වැඩි ගරුත්වයක් දෙන්න ගිහින් අහක යන ප්‍රශ්න දාගන්න එපා...මගේ අත්දැකීමක් මම කීවෙ..
ඔබ යම් ගැටලුවක් හෝ සිද්ධියක් ලෙස බලන විදිහ ඉතා බුද්ධිමත්. මම එය ආදර්ශයට ගත්තා
පුද්ගල වන්දනාව කොහොමත් නරක දෙයක් කියලා තේරෙන්න දැන් මේ රට තියන තත්වෙ දකින එකම ඇති🥲
මට හිතෙනව ඉස්සර මිනිස්සු අද අපි මුදල් මත job කලා වගේ ඒය ගරුත්වයත් මත jobs කලා කියල.අද high salary කරන jobs වලට ඒ කලේ මුදල් නොලැබුනාට ඉහලම ගරුත්වයක් ලැබුන.ගමේ වෙද මහත්තයා ,ආරච්චල,රාළහාමි වගේ.අද ඒ අයට සමරූප මිනිස්සුන්ට ඉහළ මුදලක් ලැබෙනව.නමුත් මිනිස්සුන්ගේ අර කාලයක් තිස්සේ ආපු ගරු කිරිල්ල වෙනස් කරගන්න බැරි වෙලා වග්‍රෙ මට පේන්නේ.
ඔව් ඒක ඇත්ත මං කාටවත් එහෙම අනවශ්‍ය විදිහට ගරු කරන්නේ නෑ..open minded හිතනවා..කිසිම ආගමක් අදහන්නෙත් නෑ..හරිම නිදහසේ සතුටින් ජීවත් වෙනවා ❤️
කිසිම ආගමක් අදහන් නැති විවෘත මනසක් ඇති ඔයාට හොදයි බුදු දහම ඉගන ගත්තනම්. ඒවගේ ගැඹුරු සංකීර්ණ සත්‍යක් අවබෝධ කරගන්න පුලුවන් වේවි ඔයා ඔයි කියන විදියෙ කෙනෙක්නම්. 😂
@@kavindulakshan859 indiyawen awa thawath eka agamak witarai bn
මැදුම් පිලිවෙත...හැමදේකම මැද ඉන්න😌
ඇත්තටම වටිනව අයියෙරාමුව නාලිකාව වගේමයි. ටිකක් වෙනස් විදිහෙ වැඩක් මේවගේ කාලින මාතෘකා ගැන කතා කරන එක 🤙🤙ලංකාවේ අපි වෙනුවෙන් දෙයක් කරනවට අයියට ගොඩක් ස්තූතියි.අයියගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.🙏
ජීවිතේ හුගක් වෙනස් වෙන්න බලපෑව නාලිකාවක් මේ වගේම රාමුවත්.. ගොඩක් ස්තූතියි අයියේ .... මේ වගේ වටින දේවල් බෙදාහරිනවට
මේ වෙලාවේ රටට ඕනිම සන්කල්පයක් අයියේ. බොහොම ස්තූතියි
සර් කියන දේ නම් සාතික ඇත්ත අනවශ්‍ය ගරුත්වය එච්චර ඇගට ගුන නැ කියන එක අද අපිට හොද හැටි තේරිලා තිබේවා සර්. නමුත් සර් අපේ ජිවිතයට වටිනා දැනුමක් ලාබාදුන් ( භවුතික දේවල් නොවේයි. ) ආදයාත්මික දැනුම ලබා දි අපේ ඤානය දියුණු කරන්න උදව් වුපකාර කරන ඔනැම පුද්ගලයෙක්ට හො දැනුමකට ( විශ්වාස කල හැකි පුද්ගලයන් හො යම් සංකල්ප පමනක් ) කුඩා හො ගරුත්වයක් ලබා දිම තුලින් මානසිකව මිනිසුන් තුල පැහැදිමක් ඇතිවෙන්නට පුලුවන් .මට තිබේන ප්රශ්නය වන්නේ එසේ ගරුත්වය ලබා දිමේන් අප තුල ඇතිවන එ පැදිම ස්වභාවික ද නැතිනම් අපි මේ යම්කිසි මනස් ගාතයක් වැනි මානව සංකල්පිය රාමුවක යම් ඉත්තේක් බවට පත් විමේ ප්‍රතිපලයක් ද කියා මට පැදිලි කිරිමක් කර දෙන්න පුලුවන් ද සර් ❤️🌹
බොහෝම ගැඹුරු දෙයක්. ඉදිරියට හෙමින් කතා කරමු.
අප රටෙ සම්පතක් විම ගැන අඩම්බරයි. අනාගතය ලංකාවේ පහල විමට නියමිත නිවැරදි ගමනට බෙහෙවින් දායකත්වය ලබා දෙයි කියලා මං හිතනවා. ලංකාවෙ දැනට පවතින අධ්‍යාපන රාමුවට එහා ගිය ඉගෙන්විමේ ක්රමවෙදයක් විදිහට මං රන්දික අයියේ ඔයාව දකීනවා. ස්තුති.... අපට දැනුමක් ලබාදෙන එකට.... දවසක මට ඔයා එක්ක එක විනාඩියක් හෝ කතා කරන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් නැවත වාරක් ස්තුති 🇱🇰🥹❤️
මම දැක්කෙ අනවශ්‍ය ගුරුත්වය වගේ😄වෙනද වගේම අදත් සුපිරියක්❤️👌
මාත් 😂😂😂
අයියා කිව්ව වගේ ලංකාවේ මිනිස්සුන්ට හරි දෙයක් කියලා දෙද්දි වුණත් හරි පරිස්සමින්. මොකද එක වචනයක් ඇති. 🤦🏻 හරි දෙයක් නිහතමානීව පිලිගන්න වුණත් සමහරක් mature වෙලා නෑ. 🧏🏻♂️ appreciate this work👏🏼❤️
එකෙන්ම අයියේ respect ❤ මේ ගැන ගරුත්වයක් ගන්න පුලුවන් කෙනෙක් විදිහට ඒක එපා කියලා ඒක පැහැදිලි කරපු එක ගැන.අපේ උන්ගේ කොදු නැහැ,සමහර youtube චැනල් වලම කමෙන්ට් දැක්කම එපා වෙනවා.සර් සර් කියාගෙන වැද වැටෙනවා.මගෙ හිතෙත් කාලෙක ඉදන් හිත හිත හිටපු දෙයක්.අප්පිරියම දෙයක්.මම පිටරට ඉන්නේ.ආසියාවේ මිනිස්සු වගේ නෙමේ යුරෝප් වලින් වගේ එන මිනිස්සූ මෙහෙම අනිත් මිනිස්සූ ඉස්සරහා(බොස් ලග උනත්) වැද වැටෙන්නේ නැහැ.නම කියලම කතා කරනවා.මගෙත් අත්දැකීමක් තියෙනවා සහ මම ඒකෙන් ඉගෙනගත්තා මෝඩයන්ට කොහොමත් අනවශ්‍ය ගරු කිරීමක් කරන්න හොද නැහැ.කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ තමයි.සුපිරි.කියන්න වචන නැහැ.ඒ නිහතමානීකම ඒකෙන් ඔයා විදින නිදහස මටත් දැනෙනවා හදවතින්ම ගරු නෙමේ respect.😊
මේ වෙලාවේ රටට ඕනිම සන්කල්පයක් අයියේ..දිගටම මේ වගෙව් පොඩි දේවල් ගේන්න .ජය 🇱🇰🖤🙏
ඇත්තමයි. 100% ක් ඔබේ කතාවට එකඟ වෙනවා 👍
මනුස්සයන්ට, සත්වයන්ට විතරක් නෙමේ ආගමකට උනත් සීමාවකට යටත්ව ගරු කරන්න ඕන... නැත්තම් ඒ ආගම ඇතුලෙ තියන දේවලුත් දකින්න, ප්‍රශ්නකරන්න බැරුව යනව.
රන්දික අයියගේ මෙවැනි අත්දැකීම් හරහා පැමිණි සිතුවිලි අපට තෝරා බේරා ගැනීමට අවස්ථාවක් නිර්මානය කිරීම සම්බන්ධයෙන් අයියට බොහෝම ස්තූතියි.👍👍
බලාපොරොත්තුවෙන් හිටියේ මේ දේ.චින්තනය හා පිළිගැනීම ශ්රාවකයා දෙසට විසිකිරීම ❤
ඒ කාලේ රජපක්ශ පවුල ගැන අනවශ්‍ය ගරුත්වයක් තිබ්බා.🤐.දැන් අඩුයි ඒක ටිකක්..🙂ස්තූතියි මේ වටිනා දේවල් ලාන්කීය සමාජය වෙනුවෙන් ඉදිරිපත් කරනවට🖤💯
ලංකාවේ විශ්ව විද්‍යාල වලට මාරම විදියට වැදගත් වෙයි මේ පුංචි points ටික. තවත් තැන් වලට වැදගත් නොවෙනවා කියලා නෙවෙයි මම කියන්නේ✌🏽 ජය...
ඔයා කියන කතාව ලංකාවෙ අපිට ගොඩක් වැදගත් මොකද හැම තැනකම කොන්ද නමාගෙන ඉන්නනෙ හුරැ කරලාතියෙන්නෙ
කාලයක් තිස්සේ කල්පනා කර කර ඉන්න දෙයක්. ඕක නිසා ළමයෙක්ට වැඩිහිටියන් වැරැදි කරනකොට පෙන්වා දෙන්න බැරි වෙනවා. ඇරත් වැඩිහිටියන් වැරැදි දෙයක් කිව්වොත් ගොඩක් ළමයිට අකමැත්තෙන් කරන්න වෙනවා. ළමයගෙ ආත්මාභිමානය එතනින්ම ඉවරයි. ඊට පස්සේ එයා කොතනද වැරැදි දෙයක් දැක්කත් කතා කරන්න බය වෙනවා. ඒත් ගරු කළ යුතු තැන ගරු කළ යුත්තා ට ගරු කරන්න ඕන කියන එක මමත් පිළිගන්නවා.
අන්තවාදී නොවී සමජයේ වෙනසක් ඇති කිරීමට හැකි පුද්ගලයෙකි .ඔබට ජය
මේ අදහස් උසස් සමාජයක් ගොඩනගන්න බොහෝ වැදගත් වේවි. ස්තුතියි ඔයාට ❤️
සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සුවිශෂී කාරනාවක්... මාරයි ඒ්ක... වීශිෂ්ඨයි අයියේ. ❤👌ජයවේවා..!!!
Sir,madam කියන වචන අපි ලංකාවේ සමාජයේ හුගක් භාවිතා කරන වචන දෙකක්...පෙර පාසලේ ඉදලා ගුරුවරයට ආමන්ත්රනය කරන තැන ඉදලා..ඒත් මන් ඒ වචන දෙක ගැන හෙව්ව පිටරටවල එහෙම නෑ කියලා තිබ්බා..ඒ වචන භාවිත කරන එකෙන් ගැති,වහල් භාවයක් ඇති වෙනවා කියලා මට හිතෙනවා...sir,madam,miss කියන වචන තව තියනවා ඒ වගේ සෙට් එකක්ම ඒ ඔක්කොම ගැන දීර්ඝ විග්‍රහයක් ඕනි🙏🖤ගුරුවරුන්ට ඔය වචන නැතුව කොහොමද කතා කරන්නේ කියලත් ඕනි..
Mr . Mrs kyla ktha krnn teachers lt
පිටරට හැමෝටම එහෙම කතාකරනවා.
සහෝදරයා අපිට මේ කෙලවිච්ච කෙලවිල්ලට මුල තයි "අති ගරුත්වය "Respect 🫡 you bro your idea 💡.මම තාමත් අදහන්නෙ සමානාත්වතාවය.Good job 👍
මෙයට මන් ද එකයි ..සමහර තැන් වල ශ්‍රී ලංකාවේ ළමයෙක් ගුරුවරයෙක්ගෙන්ද තමන්ට උගන්නන දේ ගැන ප්‍රශ්න අහන්න බය වෙන්නේ මේ අනවශ්‍ය ගරුත්වය නිසා
ඇත්තටම, සියල්ල කෙරෙහිම මධ්‍යස්ථව කටයුතු කිරීම සියලු ප්‍රශ්න පිළිතුරු හමුවේ සාධාරණය ඉටුවේ යි, සිතමි. ❤️❤️
රන්දික සහ ඔහුගෙ හැකියාවන් ගැන කියන්න දෙයක් නැ. විශිෂ්ඨයි! කාලයක් හිත හිත හිටියෙ කිව්වෙ නැති උනාට ඔය රැව්ල ලස්සනට Trim කරපු එක නම් ලස්සනයි.
ස්තූතියි 😊
ඔයාගෙ චින්තන රටාව සහ කතා බහේ සිට ඇති පිලිවලේ සිට ග්ත්තොත් ඔබට ඔබ සතු ඒ ආකර්ෂණ හැකියාව හා පිලිවෙල නිසා ම ඒ දෙයින් ඔබ අපව පලමුවෙන් ම ඇහුන්කන් දී තියාගෙන රදවාගෙන ඔබගේ වීඩියෝවෙන් ගතයුත්තක් තිබේනම් එය ගෙන හෝ නොගෙන ද අවසන් වෙන තුරු ඔබ වෙත රැදී සිටි බව අමතක කරවීමට සමත් පුත්ගලයෙකි.ඒ රසවත් වැදගත් හරවත් ධනාත්මක අතින් පොහොසත් දැනුම හා තොර්තුරුබෙදා දෙන ඔබට බොහොමත්ම ස්තූතියි .මා රාමුවෙ සිටම මේවෙත ඔබ වෙත පැවත ආවෙකි.👌💪✍🏽
ශ්‍රී ලාංකික සස්කෘතික රාමුව ඇතුලේ මේ දේ කරන එක ගොඩක් අමාරුයි..අපි කුඩා කාලේ ඉදලම වැඩිහිටියන්ට වදින්න ඕන,එයාලගේ මතයට විරුද්දව තාර්කික මතයක් වුනත් ඉදිරිපත් කරන්න අපිට ඉඩක් නෑ..ලොකු අය එක්ක එකට එක කියන්න එපා! කියන එක තමයි ගොඩක් වෙලාවට අහන්න වෙන්නේ..බුදුදහමට අනුව වුනත් දෙයක් පිලිගත යුතු ආකාරය කාලාම සූත්‍රය වගේ තැන්වල ලස්සනට පැහැදිලි කරත් ඒ දේවල් යොදාගන්නා අවස්තා සමාජය තුල බොහොම අඩුයි..
ඔව් ඔබ ඇත්තටම නිවැරදියි,අනවශ්‍ය ගරැත්වය , කෙනෙකුට වදයක් වෙන්නත් පුලුවනි”
මාරම වටිනවා අයියේ🔥ජිවිතේට ගොඩාක් වටිනවා❤️Thank you brother for spending your time for us
දීර්ගායුශ වේවා.... 100/ ඇත්ත...
අලුත් channel එකකින් කරන්න හදන දේ ගැන පැහැදිලි. නියමයි රංදික. සුභ පතනවා...!!!විය යුතු වැඩක් ලංකාවට...!මම අතික්‍රමණ ශිෂ්‍යයෙක්...!!
මමත්
ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕන.❤️ අනවශ්‍ය තිගැස්මකින් තොරව
අනවශ්‍ය ගුරුත්වය ගැන බලන්න ආවේ.... හිතුවේ පා වෙලා යයි කියලා. එතනින් ම අපේ අඩු පාඩුවක් පිළිබිඹු උනා. කෙලින්ම කියවීමේ දුර්වලතාවක්.😬🙏
ගරුත්වය කියන මාතෘකාව පුළුල් දෙයක් විදිහට නව මානකින් හිතන්න ඕනේ දෙයක් කියලා මතක් කරලා දුන්නා.අයියගේ කතාව ඇත්ත..ඉහල ගරුත්වයක් ලැබීමට නුසුදුසු අයට ඒක දුන්නම ඒ දේ වැරදි විදිහට පාවිච්චි කරනවා. අපේ රටේ බොහෝ තැන් වල system අවුල් ගිහින් තියෙන්නේ ඒ දේ නිසා කියල ද කියලත් දැන් හිතෙනවා. බොහොම ස්තූතියි වෙනදා වගේම හිතන්න දෙයක් දුන්නට. බුදු සරණයි.
මම මේ අනවශ්‍ය ගුරුත්වය ගැන බලන්න හිතාගෙන ඇවිත් වාඩිවෙලා ඉන්නේ...
😄
🤣🤣
මාත් දැක්කෙ ගුරුත්වය වගේ 🙄
මාත් 😂
මමත් එහෙමයි මුලින් දැක්කේ 😅
අදහසක්....අත්දැකීම් භාවිතයෙන් හැකියාවන් යොදාගෙන මිනිස් මොළයට දැනෙන වෙනස් විදිහේ පොතක් ලියමු සර්....
අයියෙ මම ඔබට ගරු කරනවා. ඒ අන්ද භක්තියකින් නම් නෙමේ. ඒ ඔයා මට මගෙ ජිවිතය positive පැත්තට ගෙනියන්න උදව් වෙන කෙනෙක් නිසා. අපෙ රටෙ ඉන්න ගොඩක් බුද්දිමත්තු කියන අය හරිම අප්‍රසන්නයි මටනම්. ඒ එගොලන්ගෙ තියෙන උඩගු කම නිසා. ඔයා, අපෙ මලින්ද අයියා වගේ අයගෙන් ඉගනගන්න මම කැමතියි. මොකද මම හිතනවා අපිට දැනුම ගන්න තියෙන හොදම තැන් එවා කියලා. එ වගේ තවත් දැනුම බෙදන අය ඉන්නවනම් මාවත් දැනුවත් කරන්න.
ඒක ඇත්ත සර්.මම හුගක් දේවල හිරවෙලා ඉන්නව මිනිසුන්ට අනවශ්‍ය ගරැත්වයක් දෙන්න ගිහින්.මට ඒක දැන් තේරෙනව.බොහොම ස්තූති ඔබට..
කාලෝචිත මාතෘකාවක් සහ ශ්‍රී ලාංකීය සමාජයට ඉතා අවශ්‍ය දැනුවත් කිරීමක්, ඔබගේ සේවය අපි අගය කරමු!
මේ වගේ පට්ට වැදගත් වීඩියෝ. ස්කිප් නොකර ලන්කාවේ අය බලන එක ගැන ගොඩක් සතුටුයි..දීර්ඝායූ ඔබට
මධ්‍යස්තව සිතීම වැදගත් ❤️
ඒ කතාවට එකඟයි 💯 ...ගරුත්වය උනත් ඕනවට වඩා ඕනෙම නෑ ...
කඩාගෙන ආවා අනවශ්‍ය ගුරුත්වය බලන්න....🤣🤣. Sir මේ වැඩේ පට්ට...😍😍පිස්සුවක්...😍😍💙💙💙💙
🤣🤣🤣
සමහරු ගරුත්වය බලෙන් වගේ බලාපොරොත්තු වෙනව.ඒක ඒ ඒ අයගෙ මානසික මට්ටම් වෙන්න ඕන.ඔබ හරි.අනවශ්‍ය ගරුත්වයක් කාටවත් ඕන නෑ.
එළියට දෙන්න ඕන අදහස විනාඩි දහයකට සුපිරියටම කැටි කරලා කියලා දීලා තියෙනවා 💯
බුදු සරනයි පුතේ .මාඔබතුමාගේ හැම.වීඩියෝ එකම.බලන...මෙහෙනින් වහන්සේ නමක්.....මේසත්ක්රියාව..ඉතා.වටිනවා...ඉදිරියට කරන්න ට...ත්‍රිවිධ රත්නයේආසිර්වාදය ..ලැබේව
ලොක සත්‍ය අවබොද කරගන්නා හා ලොක සත්‍ය වෙනුවෙන් වෙහෙසන අයට ගරු කරයුතුයි යනු මගෙ මතය✓🤔 ඔබෙ අදහස හරිම ගැබරුයි මට වයස 18 විතර වෙනක්ම් religion එක ගැන එච්චර කැමත්තක් තිබ්බෙ නැත තෙරුමක් නැති දෙයක් කියලා හිතන් හිටියෙ. එත් අපි ඉපදුනෙ ඇයි මොකටද ඉපදුනෙ ජිවත් වෙන්න හෙතුව කුමක්ද ජිවිතයෙ අර්තය කුමක්ද මරනින් මතු කුමක්ද වෙන්නෙ යන පස්න වලට හොදම පිලිතුරු ලැබුනෙ බවුද්ද දර්ශනෙයෙන් විශෙශයෙන් අබිදාර්මයෙන්
ඕක මමත් පිලිගන්න දෙයක් මේ ලෝකේ සියලුම මිනිසුන් සහ සතුන් එකම අයිතිවාසිකම් සහිත එකම ගරුත්වය සමග ජීවත්වෙන පුද්ගලයින්. සියල්ලෝටම එකම ආකරයේ ගරුත්වයක් හිමි වෙන්න ඕන.
අයියෙ මේක නියමයි, මම රාමුව මුල් කාලෙම බලන්න සෙට් උනේ. විවිධාකාර නොදන්නා දැනුම් පද්ධති ගොඩක් දෙ ගැන දැනගත්තා. ඒත් ඊට අමතරව මේ වගේ සංවාදත් බලාපොරොත්තු උනා. දැන් අඩුව මේ channel එකෙන් පිරවේවි කියල හිතෙනව. Video quality නැතිව හෝ podcast වගේ හරි කමක් නෑ record කරල මේ වගේ සංකල්ප ඉතාවේගයෙන් අප සමග බෙදාගන්නවානම් සතුටුයි ගොඩක්, ගරුකරනව 😁
මම දැනුම පිපාසතියෙක්.කලක් මම දොරමඩලාව ඇහුවා.වැඩ කරන ගමන්.වරදක් නෙවෙයි මට ඒක මදි සිතුනා.අහම්බෙන් රාමුව මුනගැහුනා.කියවේමෙන් ලබා ගන්නා දැනුම සේම ඔබෙන් ලැබෙන දැනුම ගොඩක් වටිනවා. ජීවිතය දිනන්න මේ දේවල් ඉවහල් වෙන්වා. එන්න එන්නම පරිනත මිනිසුන් නැති රටකට ඔබ කරන්නේ ලොකු උදව්වක්. ස්තුතිය ඔබට .
කිසිදු ලෞකික දෙයක් ලබාගනිමින් හෝ ලබාගැනීමේ පරමාර්ථයක් නොමැතිව හිත සතුටින් සමාජයට සේවයක් කරන ආත්මවලට නම් මං සැබවින්ම බොහෝ ගරු කරනව..මොකද එහෙම අය දුර්ලභ නිසා .. නමුත් රැකියාව මත මිනිස්සුන්ට ගරු කරනවනම් සමාජයට කුමන අයුරින් හෝ සේවයක් කරන හැමෝටම එකලෙස ගරුත්වය ලැබිය යුතුයි යන්න මගේ මතය නම්, මොකද සමාජයේ පැවැත්ම වෙනුවෙන් සෑම යහපත් රැකියාවක්ම වක්‍රව හෝ කෙලින්ම දායක වෙනවා..
ගොඩක් වටිනා අදහසක්..... ඕනෑවට වඩා ගරුත්වයක් දෙන්ඩ ගිහින් ඉල්ලන් කන එකම තමා උනේ... හෙමින් හෙමින් මේ දේට හුරු උනාම ජිවිතේ ගොඩක් පහසු වෙයි කියල හිතෙනවා.... 👍
මන් දකින විදියට මේක 100% ඇත්ත.ලංකාවේ හමුදාවටත් මේ වගේ අනවශ්‍ය ගරුත්වයක් දීල තිබුනේ.එයාල කරේ එයාලගෙ රැකියාව.ඒ අනවශ්‍ය ගරුත්වය දීම නිසා වර්තමාන අර්බුද තත්ව වලදී ඔවුන් රජයේ අණ පිලිපැදීමත් සමග සමහර මිනිසුන් ඔවුන්ව විවේචනය කරා.පෙර කියූ පරිදිම එයා කරෙත් සහ කරන්නෙත් එයාලගේ රැකියාව...මෙය මාගෙ පෞද්ගලික අදහසක් පමණි .
කාට කොහොම ගරුත්වය දෙන්න උනත් ඔබතුමන් ගැන තියෙන ගරුත්වය වෙනමම එකක්.ජීවිතය වෙනස් කරපු ගුරුවරයට තියෙන ගව්රවය සහ මන් හොයන දේ ලෙහෙසි කරපු දෙයට දෙන ගුරු ගව් රවය තමයි ඔබගේ මේ ජීවිතයේදීම ප්රාර්තනය වෙනුවෙන් මගේ ආශිර්වාදයත් නිරන්තරයෙන් දෙන එක.තේරෙන්න ඇති කියා සිතනවා.🙏
Good Advice. වීඩියෝ එකේ කරන්න එපා කියන දේම Comments වල සමහරු කරල ඒත් 🤦 මෙහෙමත් මිනිස්සු
බොහොම ස්තූතිය සර් ගොඩක් වටින වීඩියෝ එකක්.... 💜️🤴
🚀 -----------------------✴-------------------------- 🚀
ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@Raamuwa
🚀 ------------------------✴--------------------------- 🚀
❤❤
Could you please give me your email address ?
Thanks.
th-cam.com/video/R_ZfpWdEkRg/w-d-xo.html රන්දික සහෝදරයා හැකිනම් මෙම වීඩියෝව නරඹා සියල්ලන් අතර මෙය බෙදාහරින්න ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මහපොලොවෙ වගකීම ඉටු කරන්න කාලයය🙏🙏🙏🙏🙏🙏🙏
මම ඔබගේ පාඨමාලාවට ලියාපදිංචි වුණා නමුත් නොවැලැක්විය හැකි හේතුවක් මත අතරමඟ මට නතර කරන්න සිද්ධ වුණා😭😭😭
රන්දික විජේසිංහ මහත්මයාගේ අතික්‍රමණ පාඨමාලාව හරහා ලබාදෙන ප්‍රධාන භාවනා අභ්‍යාසය මනස දියුණු කිරීම සම්බන්ධව වැදගත් වන බවට එතුමා සදහන් කර තිබේ .... 🙏🙏🙏✨️✨️✨️❤❤❤❤❤❤
ඇත්ත . පුද්ගලයන්ට අනවශ්‍ය ගරුත්වයන් දිලා තමාන්ගේ මනසික තත්වය හින වෙිනවා.ස්තුතිය .තෙරුවන් සරණයි.
මේ අදහස ගැන මම ගොඩක් හිතපු කෙනෙක්. මේ අනවශ්‍ය ලෙස ගරු බුහුමන් සහ ඉහල තරාතිරම් හෝ ඉහල නිලයක ඉන්න කෙනෙක් ට භිය වීමට හෝ ඔවුන් ඉදිරියේ කුලෑටි ලක්ෂන මතු වීමට හේතුව අපි පාසල් සමයේ ලබපු අත්දැකීම් කියලයි මගේ මතය.
ලංකාවේ ගුරුවරු සහ විදුහල් පති වරු බලාපොරොත්තු වෙනවා ලමුන් ඔව්න්ට බිය වී හෝ ඔව්න්ගේ වචනයට සැම විටම ගරු කළ යුතුයි කියල. ඔවුන්ට අනිවාර් යෙන්ම ගරු කළ යුතුයි..
නමුත් පාසල් ගුරුවරුන් හා ළමුන් අතර විශාල පරතරයක් පවත්වා ගැනීමට ලංකාවේ පාසල් වල ගුරුවරු උත්සාහ කරනව. මෙයින් ලමුන්ගේ පෞර්ෂය කුලෑටි වෙනව ඔවුන් වැඩිහිටි උනත්. මොකද තමන්ට වඩා නිළයෙන් හෝ බලයෙන් තමන් ඔවුන්ට බිය හෝ නැමී සිටිය යුතු බව ඔවුන් ගේ ඔලුවට කිඳා බැස තිබෙන්නේ කුඩා කල සිට අවුරුදු 13 ක් පමණ පාසලේ එම අත්දැකීමට හුරු වී සිටි නිසා වන්නට පුළුවන්.
මම යුරෝප් රටක ආයතනයක සේවය කරන කෙනෙක්. මා ඇතුලු එම ආයතනයේ ලාංකික පිරිස හා ඒ හා සමානව සේවය කරන යුරෝප් රටවල් වල සේවය කරන පිරිස ආයතන ප්‍රධානීන් සමග කටයුතු කරන ආකාරය සම්පූර්ණ වෙනස්. අසාධාරණයකදී ඒ වෙනුවෙන් හඩක් නැගීම, තම අයිතියක් වෙනුවෙන් කතා කිරීම, කිරීමට අපහසු දෙයක් කරන විට එය එක හෙලා ප්‍රතික්ෂේප කිරීම ලංකාවේ අය අතින් සිදු වෙන ප්‍රමාණය ඉතා අඩුයි.
නමුත් යුරෝප් රටවල ඉපදුනු අප මා වැඩ කරන ආයතනයේ සේවකයන් මේ සියළුම කාරණා වලදී ආයතන ප්‍රධනීන් සමග කරට කර ප්‍රශ්ණ කිරීම වල යෙදෙනව. ප්‍රධානීන් සමග ගණුදෙනු කරන විට කිසිම කුලෑටි, ල්ජ්ජාශීලී, බයාදු ගති ලකෂණ කිසිවක් ඔවුන් තුළ නැහැ. එයට මූලිකවම පාසල් සමයේ අත්දැකීම් සම්බන්ද විය හැකි බව සැක කළ.
මා මෙහි පාසල් ගුරුවරු හා ළමුන් අතර සම්බන්ධතාවය සොයා බැලුවා.
යුරෝප් රටවල පාසල් ළමුන් හා ගුරුවරු අතර හොඳ සම්බන්ධතාවයක් පවතිනවා. ඔවුන් පාසලෙන් පිටත මිතුරන් ලෙසද ආශ්‍රය කරනවා. කිසි විටකත් ගුරුවරුන් ගරු බුගුමන් තමන්ට ලැබිය යුතුයි යන මානසික තත්වයේ නැහැ. ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක දුරකථනයෙන් හෝ කතා බහ කිරීමට ශිෂ්‍යයන්ට හැකියාව තිබෙනවා. ඒ නිසා තමන්ට වඩා ඉහලයි සම්මත කිසිම කෙනෙක් සමග ඉතා හොඳ සංවාද හා සම්බන්ධතාවයක් ඔවුන් අතර පවතින
නිසා පෞර්ෂ හීනතා ඇති විමට තියන ඉඩ කඩ අඩුයි. ලංකාවේ අයට තියෙන්නෙ ආයතන ප්‍රධානියා ආයතනයට එනකොට, පාසලේ ප්‍රින්සිපල් පන්ති කාමරයට එනකොට තියන හැඟීම සමානයි.ආයතන ප්‍රධානියා යමක් කිරීමට පවසන විට ගුරුවරයෙක් යම් අණ කිරීමක් කරන හැඟීමට සමානයි. අතීතයේ සියල්ල අනාගතයට බලපානවා. මගේ හැඟීම එයයි.
අැත්ත💯
@@sayuri..wickramasingha 🤝😊😊😊
ඇත්තම කතාව
@@Thivankaindunil 👍👍👍🤝🙂🙂🙂🙂
ow aththa kathawa
අපේ රටේ සමහර පාසල් ගුරුවරුත් ඉන්නව එයාලට ලමයි කතා කරන්න ඕන ඔලුව පහත් කරගෙන එයා කියල දෙන එක හරි උනත් වැරදි උනත් ප්‍රශ්න කරන්න බෑ ඒ වගේම එයා ටියුශන් කරනවනම් ඒකටත් අනිවාර්යෙන් යන්න ඕන නැත්තම් ඉවරයි ඉස්කෝලෙ ඉන්න හම්බෙන්නෑ වෙනස්කම්. ඉතින් ලමයි යනවා. කවදාවත් කිසිම ලමයෙක් ප්‍රශ්න කරන්නෙ නෑ ඒත් මම ඒ අනිත් ලමයි වගෙ හිටියෙ නැති නිසා ගොඩක් පස්න උනා 🙂.
මම එ මගෙ අනිත් යාලුවොන්ගෙන් ඇයි උබල එහෙම මුකුත් නොකර නොකිය බලන් ඉන්නෙ කියල ඇහුවම ඒ අය කියන්නෙ ගුරුවරයෙක් නෙ බම් එකට එක කතා කරන්න හොදනෑ මුකුත් නොකියා ඉදපන් කියලා මන් ඉතින් කල්පනා කරෙ ඉස්සරහට එන ලමයින්ට ඒ වදේ විදින්න වෙනව නේද කියල ඒ සේරම වෙලා තීන්නෙ අනවශ්‍ය ගරුත්වය නිසා.
අපේ ස්කෝලෙ ටිචලා සෙට් එක ගැනම කියල තියනව වගේ මේ comment eken😂
සහතික ඇත්ත, මසුරන් වටින කතාවක්,මමත් කිසිම කෙනෙක්ට ඕනවට වඩා ගරු කරන්න යන්නෙ නෑ, කොටින්ම කියනව නම් ඩොක්ට කෙනෙක්ට වත් අපේ ලෙඩේට බෙහෙත් කරල අපි සනීප කරා කියල අනවශ්‍ය ගරුත්වයක් දියයුතු නැත.මොකද ඒක එයාගෙ ජොබ් එක, හැබැයි අපි ඒ පුද්ගලයා කැපවීමෙන් එයාගෙ රාජකාරිය වගකීමෙන් ඉටු කිරීමට ලබා දිය යුතු හොඳ රාජ්‍ය සේවකයෙක් කියන තැන ඔහු තබා ඒ ගවුරවය ඔහුට දිය යුතුමයි, නමුත් ඔබ අනවශ්‍ය ගරුත්වයක් දෙනවා නම් ඔහු වන්දනා කරන තැනට එනවා නම් සිතන්න ඒ කෙනා ඔහුගෙ මුදලින් මේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න උනොත් කරාවිද? බොහෝ දුරට නැති වේවි.නමුත් ඔහු වගකීම් ඉටු කරන ඉතාමත් හොඳ රාජ්‍ය සේවකයෙක් නිසා ඒ ගවුරවය දිය යුතුයි වරදවා වටහාගන්න එපා.ඒ වගේමයි සාමාන්‍ය පාසල් කාලය තුල පම්නක් ඔබට උගන්වන ගුරුවරුන්ට පවා ඔබ නිවැරදි රජ්‍ය සේවකයෙක්ට දෙන ගවුරවය දුන්නාම ප්‍රමානවත්, හැබැයි ඔබගේ දෙමව්පියෝ ගත්තාම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්, ඔබ කිසිසේත්ම සිතන්න එපා ඔවුන් ඔබට උගන්වා හොඳින් පෝශනය කොට උස්මහත් කිරීම ඔවුන් මෙලෙස කල යුතු දෙයක් නොවේ,හැමෝම් එහෙම කරන්නෙත් නෑ, ඔබට රහ මිහිර ගෙනත් දෙමින් කන්න බොන්න දියයුතුයි කියල නීතියකුත් නෑ, ඔබව පන්ති වලට පවා එක්කන් ගොස් ඔවුන් ඒ කරන කැප කිරීමට පැහැදිලිවම අර අයට වඩා වැඩි ගවුරවයක් දිය යුතුමයි.සන්වේදී වීම නිසා ඇතැම් අයට දෙන අනවශ්‍ය ගරුත්වය අයින් කරගමු
*සමහර බකපන්ඩිතයන් කියන පරිද්දෙන් ඔබ යනු ඔබගේ දෙමව්පියන්ගේ ආතල් එකක් ම නොවේ ඒක එහෙම නම් ඔබත් මෙලහකට ජීවතුන් අතර නොමැත,ඒ නිසා දෙමාපියන්ට අනිත් අයට සාපේක්ශව ගරුත්වය ලබා දෙන්න.* -මේක මගේ මතයක් මේක පිලිගන්න ඕන කියල එක්කුත් නෑ-
පිදිය යුත්තන්ට පුදන්න පුරුදු වෙන්න ඔනි.
ශ්‍රී ලාංකීකයන් වෙනස් කරන්න හදන ඔබට බොහොම ස්තූතියි ❤️❤️
😂
හොදම උදාහරණය තමයි, අතිගරු වෙන්න ගිහින් ලොව කාලකණ්නිකම නායකයින්ගෙන් කෙනෙක් බවට පත් වූ අතිගරු මහින්ද රාජපක්ෂ
බංකොලොත් රටක් වීමට හේතු වූ මූලික කාරණාවක් පිළිබඳ ඇවිලීමකින් තොරව ලස්සන පැහැදිලි කිරීමක්.... ස්තූතියි ඔබතුමාට !❤️
අනිවාර්යයෙන්ම
💯
අනීවාර්යෙන්ම ...දේශපාලකයන්ට වගේම උගතුන්ට,ආගමික නියෝජිතයන්ට,මුදලාලි පැලැන්තියට,ලන්කාවෙ පුදුම කරුම්යක් ඕක...ස්තුතියි මේ වගේ සමාජ කතිකාවක් අවශ්‍යම කාලයක් මේක.
"හිත රිදවගත්ත කෙනෙක්ට අලුත් සංකල්පයක් ඔලුවට දාගන්න බෑ." මේක ඇත්ත මොකද මට මේක වෙලා තියේ 💔.
"උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ"
මේ වීඩියෝව බලද්දි මට මතක් උනු අය අනුපිළිවෙලට .
1) දේශපාලකයන්
2)ආරක්ෂක අංශ සාමාජිකයන්
3) ගුරුවරු
4) පූජ්‍ය/පූජක පක්ෂය
මටත් ඕකම තමයි
Ai දොස්තරලා ,රාජ්‍ය නිලධාරි ටිකකුත් ඉන්නවා අනවශ්‍ය ගරුත්වය නිසා out giyapu...මිනිස්සුන්ටම තමා ඊට පස්සෙ අමාරු වෙන්නේ ..
අැත්ත
දෙමාපියන්ට උනත් අනවශ්‍ය ගරුත්වය ඕනේ naa
අනේ මහපරේ, මල ගෙදර, මඟුල්ගෙදර බස් නැවතුමේ දරුවන් ගුරුවරුන්ට දණ ගසා වදින වන්දවාගන්න ක්‍රමයක් ඇති වෙලා . පාසලේදී ගරුත්වය තියාගන්න, නමුත් සැම තැන වැදනොවැටෙන්න, එය මට කාලයක් දැනුණ දෙයක්
මම එකපාරටම thumbnail එකේ දැක්කෙ නිකන් ගරුත්වය වගෙ නෙවෙයි ගුරුත්වය වගෙ , වීඩියෝ එකේ මුල පටන් ගනිද්දි තමා තේරුනෙ වෙනස් මාතෘකාවක් නේද කියලා 😃👍
Ow
Sirawata
Ow math
Ow bn
🤚math
මමත් මේ මතය කාලයක් තිස්සේ දරණ කෙනෙක් . ඒ වගේ මේ මතේ නිසා බැනුම් අහපු කෙනෙක් 😂
සර් අන්තිමට කිව්වා වගේම ඕනේ කෙනෙක් ප්‍රශ්න කරන්න හැකියාවක් එකෙන් ලැබෙනවා 😌
නියමයි අයියේ..,අනවශ්‍ය ගරුත්වය ඇත්තටම personality එකේ අඩුකමත් එක්ක එන්නේ..ඒක ලොකු කමකට, අදිමාන්යට යන්නෙ නැතුව සීමාවකට ගරු කිරීම අඩු කරලා තමන්ගෙ personality එක නැති කර ගන්නෙ නැතුව ඕනවට වඩා ගරු කිරීම අඩු කරලා එක සීමාවක ඉන්න එකයි අපි කරන්න ඕන..❤️❤️
4:30
මමත් මගේ පොඩි කාලයට සාපේක්ශව මේ වෙද්දී (තාම අවු18යි😅).... හැම සිදුවීමක්ම,හැම තොරතුරක්ම,හැම මතයක්ම,හැම චරිතයක්ම දිහා විවෘත ,මැදහත් මනසකින් බලන්න හුරු වෙලා ඉන්නවා....(ඒකට රාමුව චැනල් එකේ රන්දික අයියත් ,ටෙක්ට්‍රැක් ශෝ චැනල් එකේ මලින්ද අයියත් කියන දේවල් පොඩි හෝ හේතුවක් වුනා කියලා මම හිතනවා..) එහෙම හිතන්න පටන් ගෙන මාස 2ක් විතර යනකොට මට අද අයිය කියපු දේම හිතුනා...ඒ කිව්වෙ කාවවත්(අඩුම තරමේ බුදුහාමුදුරුවො හෝ වෙනත් ආගමික ශාස්තෘවරයෙක් වත්) අදහන්න ඕනෙ නෑ, ඒ අයට ගරු කරාම ඇති...මොකද බුදු හාමුදුරුවො කියන්නෙ අපිට දෙයක් උගන්නපු කෙනෙක්..එතකොට එයා ගුරුවරයෙක්නේ....අපි එයාගෙ ශිශ්යයෝ ...දැන් නිකන් හිතල බලන්න අපි විද්‍යාව උගන්න සර්ගෙ පිලිම හදල වැද වැද හිටියා කියලා අපිට විද්‍යාව විෂයට ලකුනු එන්නෙ නෑනෙ(මම කිව්වෙ ගරු කරන්න එපා කියල නෙවෙයි)....අපි කරන්න ඕන සර් කියපු විෂය කරුණු අවබෝධ කරගන්න එකනේ..... ඒ වගේම තමයි ආගමික ශාස්තෘවරයෙක් ටත්...අපි කරන්න ඕන එයාගෙ පිලිමෙකට වැදලා නිවන් යන්න ඉල්ලන එක නෙවෙයි,එයා කියපු දර්ශනය තේරුම් ගන්න එක ........
කොහොම වුනත් කිසිම පුද්ගලයෙකුට,කිසිම මතයකට ,කිසිම අදහසකට වහල් නොවී ඉන්න පුලුවන් තරමටම මානසික නිදහස වගේම ලෝකය දිහා කලින්ට වඩා උදාසීන ඇස් දෙකකින් බලන්න තියෙන හැකියාව වැඩි වේවි කියන එක තමයි මගේ අදහස.........
සැ.යු. ආගම් පිලිබද මා දැක්වූ අදහස මගේ පුද්ගලික අදහසක් බැවින් ඕනෑම කෙනෙකුට තම මැදහත් සිතින් විචාරා පිලිගැනීමට හෝ ප්‍රතික්ශේප කිරීමට පූර්ණ නිදහස ඇත.....🙏🙂
අනිවාර්යයෙන් , බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාන පුවත භික්ෂූන් වහන්සේලාට සැල කලාම, අනිත් භික්ෂූන් වහන්සේලා හඬා වැලපෙමින් ඉඳිද්දී, එක භික්ෂූන් වහන්සේ නමක් , තමන්වහන්සේ , බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර රහත් භාවය ලබා ගන්නා අධිෂ්ඨානයෙන් භාවනා කළා... එතනදි අනිත් භික්ෂූන් වහන්සේලා ඒකට චෝදනා කළත් බුදු රජාණන් වහන්සේ වදාළේ, තමන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳ ශෝකයෙන් තැවෙනවට වඩා, එම ධර්ම මාර්ගයේ යෑම වැදගත් බව. සරලව කිව්වොත් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කියන එක.
මන් හිතන්නේත් බොහෝ දුරට ඔයා ඔය හිතන විදිහටම තමයි❤️🙏
@@dulanchamuditha6134 පොඩි නිවැරදි කිරීමක්..
බුදුන් වහන්සේ වදාළේ අර වැළපෙන භික්ෂූන් අතර උන් වහන්සේ දෙසූ මඟ හරියටම ගමන් කරන්නෙ අර භාවනා කරන භික්ෂූන් වහන්සේ කියලා නේද
@@laayolaveeniya8010 ඔව්. එහෙම තමයි.
Baudhda darshanayata anuwa amisa puja saha prathipathti pujawan sathwayage sasara pawathmata balapana akarayan tynwa.budurajanan wahanse a dekama awashyai kyla kynwa.eka nisa ai ahema krnda oni kyna de thwa hyanda ethakota oyage a mathayath meh kalina minisun kerehi tyna dakma wgema niwaradi wei. Wachanen amisaye wadagathkama pahadili krnda ba eka kalayak tysse kragena eddi samaharavita athdakinda hambenwa.hbai samaharavita. Samaharavita kyna thanath awabodayak tynwa.eka nisa mkuth hithanda epa oba mathayata garu krnwa.❤️
ඔයාගෙ අදහස් බොහොමයකට මාත් එක සිතින්ම එකගයි, ඔයාගෙ අදහස් කෙලින්ම සමාජගත කරන්න මේවගේ වෙනම නාලිකාවක් නිර්මාණය කිරීම ගැන ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.. ! Good job 👌
හිතන්න කරුණක් වැදගත් video එකක්
බොහොම ස්තූතියි ✨
ඔබ තුමා කියන කතව සම්පුර්ණ ඇත්ත ලංකාවේ දේශපාලන මේ විදිහට පිරිහිලා තියෙන්නේත් මේ හේතුව නිසා කියලා මන් හිතනවා යම් පුද්ගලයේක් මතම යෙපෙන්නට යාම ශ්‍රී ලංකාවේ සමාජය තුල දක්කන්ට ලැබෙනවා
බොහොම ස්තුතියි ඔබ තුමාට මෙවැනි දැ අපට තේරුම් කිරීම සම්බන්දව
👍
ඒ කතාව සහතික ඇත්ත.අද ඉඳන් හොඳට හිතට ගන්නවා ඕනාව්ට වඩා කාටවත් ගරු නොකර ඉන්න.
මොළේට අකුණක් ගැහුවා වගේ තේරුණා කියපු දේ.. අපි මෙච්චර කලක් කරලා තියෙන්නෙ ඒකම නේද.. රටේ ජනාධිපති නම් ඒ මනුස්සයා යුද්ධේ කරලා රටේ ආරක්ශාව තහවුරු කරන්න ඕන. ඒක එයාගෙ වගකීම.. අපි අනවශ්‍ය ගරුත්වයක් ඒකට දෙන්න ගිහින් රට ලොකු අගාදයකට දාලාතියෙන්නෙ. බොහොම ස්තූතියි ඔබේ අදහසට..
ඒ කතාවනම් සම්පූර්ණ ඇත්ත.
මන් මගේ බොස්ලත් එක්ක වුනත් ඕන
දෙයක් බය නැතුව ප්‍රශ්න කරනේ ඔය limit
එකට ගරුකරන් කතා බහ කරන නිසා❤️❤️
අපේ සමාජයේ සංස්කෘතිකමය කාරණා ගොඩක් "අනවශ්‍ය ගරුත්වය" නිර්මාණය වෙන්න බලපාල තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය සමනය කිරීම ඉතාම සියුම්ව සිදුකළ යුත්තක්.
Agreed!
අැත්ත
ඇත්ත අයියා අපි කෙනෙකුට වටිනාකමක් දුන්නම එයාට අපේ තියන වටිනාකම අඩු වෙනවා.ප්‍රමානයට වට්නාකම ගෞරවය දුන්නම ඇති.
සර් ඔයා හරියටම හරි සර්. මේ අනවශ්‍ය ගරුත්වය කියන දේ වචන වලින් නොදැන හිටියට මම වැඩ කරපු තැනත් ඉහල කලමනාකාරීත්වයට ලබා දුන්නේ ඉහල ගරුත්වයක්. මොකද හරි උතුම් අය විදියට එයාලා රඟපාන මිනිස්සු කියලා දැන ගත්තේ අවුරුදු හතකට විතර පස්සේ, රැකියාව කරන අතරවාරයෙදි. මේ බොරු ආටෝපයන් නිසා මම රැකියාවෙන් අයින් වුනා. ඒ තරම් අප්‍රසන්න තැනක් බවට පත් වුනා රැකියා ස්ථානය. ඇත්තටම ලංකාවේ සංස්කෘතිය නිසාද මන්දා, යම් හෝ කාරනාවක් නිසා මේ අනවශ්‍ය ගරුත්වයක් අහේතුකව ගොඩ නගා ගන්නට, පොඩි කාලේ ඉඳලම ඒ චින්තන රටාව ඔලුවට දානවා. මේ ප්‍රශ්න නිසා අද තමන්ටත් වඩා ගුනයෙන් බාල මිනිස්සු න්ටත් දෙදන නමලා වඳින්න වෙලා තියෙනවා. ඇත්තටම දුකයි මේ රටාව ගැන නම්.
හොද අදහසක්.. 100% එකගයි ඒ කතාවත් එක්ක. කිසි වරදක් නෑ. මගෙත් මතයක් තිබ්බ ඔය සම්බන්දව වැඩිහිටියන්ට ගරු කලයුතුයි කියන එකටත් මම විරුද්දයි. මොකද මෝඩයොත් වයසට යන හින්ද.. මම දන්නේ නැ ඒක ලංකාවේ සංස්කෘතියට විරුද්දද නැද්ද කියල. කවුරු විස්වාස නොකලත් කලත්, පිළිගත්තත් නොපිළිගත්තත්, අදටත් මම ඒ මතේ ඉන්නවා. එත් ගරු කලයුත්තන්ට ගරු කලයුතුයි කියන තැන මම ඉන්නවා.. ❤👌😊😊
අනවශ්‍ය ගුරුත්වය නැරඹීමට පැමිණි අයෙකි,😅
වටිනා වැදගත් මාතෘකාවක්❤
ජයවේවා!
😅
Mamath 🤣
ගොඩ ගොඩ!! අපි ගොඩ! ❤🔥👍
ලස්සන වැඩක්..
ලංකාවෙ පටු මානසිකත්ව මේ හරහා පුළුල් කරන්න ලැබේවා!!
මන් දැන් මේ විඩියෝ එක බලන කී වෙනි පාරද මන්දා මන් මෙච්චර මේ විඩියෝ එක බලන්නේ ඇයි කියලවත් මන් දන්නැ හිතේ හිර කරන් ඉදපු දෙයක් එලියට දැම්මා වගේ දැනෙන්නේ. දැන් මට හිතෙනවා ලංකාවේ හැමෝම මේ විදියට හිතන්න ගත්තනම්. හැමෝම මෙක තෙරුම් ගත්තනම් විවේචනය නොකර මන් ඔය අදහස කියපු හැම තැනකදිම මට හම්බුනේ බැනුම් විතරයි. ( මන් ආසම youtube චැනල් එක රාමුව වෙලා තිබ්බේ. දැන් ආසම 2 චැනල් එක මේක )❤️
නිදහසේ මේ කතාව ලංකාවේ හැමෝම අහන්න ඕන කතාවක් ❤ස්තුතියි සර් .
ස්තුතියි ❤🙏 මම නාලිකාවට අලුත් ..ආස හිතුණා ..දිගටම මම මේවා අහනවා අද ඉදන්
මම හිතනවා තමන් ගේ රැකියාවත් නොවන වගකීමකුත් නොවන සත්කාරයක් වෙනුවෙන් තමන්ගේ වටිනාම දේ, කාලය ශමය වැය කරන පරාර්තකාමී අයට වැඩි ගරුත්වය ක් දැක්වීම වැදගත් කියලා ඒක හදවතින්ම දැනෙන දෙයක්.
මම හිතනවා ඒකෙන් අභිප්‍රේරනයක් ඇති කරනවා කියලා. 😊
මෙක හරි සියුම් තැනක්..ගරු කරනවා වැඩි වෙලා අවුල් වෙනවා වගේම සමහර මිනිස්සු නිහතමානි වෙද්දි එ මනුස්සයට දෙන්න ඔන ගරුත්වයත් අමතක කරලා කරේ නගින්න යන ටිකකුත් ඉන්නවා..ගරු කරන කෙනත් ලබන කෙනත් දෙන්නම තෙරුන් අරන් ඉන්න ඔන දෙයක්..සමාජ පරතරය හැදෙන්නත් , හැමොම එකම job ටිකක් පස්සෙ දුවන්නත් (පොරක් වෙන්න හිතන්) මේ දේ බලපානවා කියලා හිතෙනවා...අනිත් මිනිස්සුන්ට ඕන විදියට ජිවත් වන අපෙ ගොඩක් මිනිස්සු ලබා ගන්න උත්සාහ කරන්නේත් ඔය දෙම තමා.
ව්‍යංග්‍යර්ථයෙන් කියන දේ නම් හරිම වැදගත් දෙයක් අද සමාජයට 💥
කලක සිට සුලුතරයක් ක්‍රියා කල පරිදි බහුතරයකට එය ලබාදීම පිළිබඳව ඇත්තටම ඔබට ස්තූති ❤️
පුද්ගලයෙකුට ගරුත්වයක් ලබාදීමේදී සලකා බැලිය යුතු නිර්ණායක යෝජනා කරනව නම් ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.
මම හිතන විදිහ එක්ක බොහෝ දුරට සමානයි ඔබේ ගරුත්වය පිළිබඳ චින්තනය. ආකල්ප මත පවතින සමාජය සහ සමාජය මත පවතිය ආකල්ප ගැන ඔබේ මතය එක්ක වීඩියෝවක් එයි කියලා හිතනවා.. ලාංකිකයන්ට ගොඩක් වැදගටත් වෙයි ඒක..
ඔබට සුබ පතනවා..!
ඔවු රන්දික මම බොහොම එකඟයි ඔබේ අදහසට. අනවශ්‍ය ගරුත්වය කියන්නේ අපි විසින් අහේතුකව ඇතිකරගන්නා පූර්ව නිගමනයක් වැනි දෙයක්. එතකොට වෙන්නේ අපිට යථාර්ථය තේරුම් ගන්ඩ අපහසු වෙනවා. ඕනෑම දෙයක් පිළිබඳව එහෙමයි. ඔබ ප්‍රවේශමෙන් නොකියා මග හැරියාට ආගම ආගමික ශාස්තෘවරුන් පූජක පක්ෂය යන සියල්ලන්ටම මෙය අදාලයි.
ව්යාන්ගාර්තය තෙරුම් ගන්න දූපත් වාසීන් බුද්ධිමත් උනොත් ඇතී ❤️
ඔව් 🤘🙂
සුපිරි අදහසක්.. පෞද්ගලිකව මම විශ්වාස කරන දෙයක් ... මම අද උදෙත් tiktok එකේ කමෙන්ට් එකක් දෑව ඔයා උනත් අපි සරන යන්න ඕන නෑ කියල .. ලංකාවෙ මිනිස්සු නිතරම ආස කරන පුරුද්දක් තමයි කාගෙ හරි යටතෙ පාලනය වෙලා ඉන්න .. රජ පාලනයෙන් උරුම උනු ජානමය මතකයක් වෙන්න පුලුවන් ..හැම කෙනාම යම් මතයකින් දෘස්ටි ගතිකව ඉන්නව... මම පිලි ගන්න දෙයක් තමයි ඔය විදියට හිතන එකත් යම් දෘස්ටියක්.. යම් දෙයක් පුහුණු කිරීම තුලින් තමාගේ ජීවිතේ සිදුවෙන ප්රමානාත්මක සහ ගුනාත්මක සංවර්ධනය තමයි සමාජයක ප්රගමනයට උවමනා.. . යම් ආගමකට ගරු කරල කෙනෙක්ගෙ පෞරුෂය හානි වෙලා නම් ඒක ඔහුට වෙන පුද්ගලික පාඩුවක් වගේම සමාජයටත් වෙන හානියක්.. අනෙත් පැත්තත් ඊට සාපේක්ෂයි.. හොදම දේ මිනිස්සු අතර positive ගුනාංගයන් වර්දනය වෙන විදියට හිතන්න පුරුදු වෙන එක... දැනුම හැම විටම තමාට හෝ අන් අයට බරක් හෝ පාඩුවක් අසහනයක් නොවිය යුතුයි .. වචන වලට වඩා වටිනුයේ ප්‍රායෝගික ජීවිතේ භාවිතයන් ය..
අතිශය කාලීන මාතෘකාවක් ! හාමුදුරු කෙනෙක්වත් බණකදිවත් නොකියන කථාවක් මේක...
+ අපිට එදිනෙදා ජීවිතේ මුණගැහෙන මිනිස්සුන්ගෙ හොඳ හා නරක දෙකම තියෙනවා නෙ...
ඒ අය අපිට හොද වගේම තවත් සමහර කෙනෙක්ට නරක වෙන්න පුළුවන්... මිනිස්සු නෙහ්... හැබැයි අනවශ්‍ය ගරුත්වයක් පෙන්නන්න ගියාම අපි නොදැනුවත්වම සමහර වෙලාවට අනවශ්‍ය විදිහට ප්‍රශ්න වලට පැටලෙනවා.. මොකද ගරුත්වය වැඩි උනාම අපිට හරි වැරැද්ද පේන එකෙත් අඩුවක් තියෙනවා... වහල්කම කියන්නත් පුළුවන් ඒකට.. ඒත් එක්කම එයාලා ඒක වාසියක් කරගෙන ප්‍රශ්නෙ අපිට දීලා පැත්තකට වෙන අවස්ථාවක් මට මගේ ජීවිතයේදි සිදුවුනා...
කළගුණ මතකයෙහි තබා ගන්නවා මිස වැඩි ගරුත්වයක් දෙන්න ගිහින් අහක යන ප්‍රශ්න දාගන්න එපා...
මගේ අත්දැකීමක් මම කීවෙ..
ඔබ යම් ගැටලුවක් හෝ සිද්ධියක් ලෙස බලන විදිහ ඉතා බුද්ධිමත්. මම එය ආදර්ශයට ගත්තා
පුද්ගල වන්දනාව කොහොමත් නරක දෙයක් කියලා තේරෙන්න දැන් මේ රට තියන තත්වෙ දකින එකම ඇති🥲
මට හිතෙනව ඉස්සර මිනිස්සු අද අපි මුදල් මත job කලා වගේ ඒය ගරුත්වයත් මත jobs කලා කියල.අද high salary කරන jobs වලට ඒ කලේ මුදල් නොලැබුනාට ඉහලම ගරුත්වයක් ලැබුන.ගමේ වෙද මහත්තයා ,ආරච්චල,රාළහාමි වගේ.අද ඒ අයට සමරූප මිනිස්සුන්ට ඉහළ මුදලක් ලැබෙනව.නමුත් මිනිස්සුන්ගේ අර කාලයක් තිස්සේ ආපු ගරු කිරිල්ල වෙනස් කරගන්න බැරි වෙලා වග්‍රෙ මට පේන්නේ.
ඔව් ඒක ඇත්ත මං කාටවත් එහෙම අනවශ්‍ය විදිහට ගරු කරන්නේ නෑ..open minded හිතනවා..කිසිම ආගමක් අදහන්නෙත් නෑ..හරිම නිදහසේ සතුටින් ජීවත් වෙනවා ❤️
කිසිම ආගමක් අදහන් නැති විවෘත මනසක් ඇති ඔයාට හොදයි බුදු දහම ඉගන ගත්තනම්. ඒවගේ ගැඹුරු සංකීර්ණ සත්‍යක් අවබෝධ කරගන්න පුලුවන් වේවි ඔයා ඔයි කියන විදියෙ කෙනෙක්නම්. 😂
@@kavindulakshan859 indiyawen awa thawath eka agamak witarai bn
මැදුම් පිලිවෙත...හැමදේකම මැද ඉන්න😌
ඇත්තටම වටිනව අයියෙ
රාමුව නාලිකාව වගේමයි. ටිකක් වෙනස් විදිහෙ වැඩක් මේවගේ කාලින මාතෘකා ගැන කතා කරන එක 🤙🤙
ලංකාවේ අපි වෙනුවෙන් දෙයක් කරනවට අයියට ගොඩක් ස්තූතියි.
අයියගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.🙏
ජීවිතේ හුගක් වෙනස් වෙන්න බලපෑව නාලිකාවක් මේ වගේම රාමුවත්.. ගොඩක් ස්තූතියි අයියේ .... මේ වගේ වටින දේවල් බෙදාහරිනවට
මේ වෙලාවේ රටට ඕනිම සන්කල්පයක් අයියේ. බොහොම ස්තූතියි
සර් කියන දේ නම් සාතික ඇත්ත අනවශ්‍ය ගරුත්වය එච්චර ඇගට ගුන නැ කියන එක අද අපිට හොද හැටි තේරිලා තිබේවා සර්. නමුත් සර් අපේ ජිවිතයට වටිනා දැනුමක් ලාබාදුන් ( භවුතික දේවල් නොවේයි. ) ආදයාත්මික දැනුම ලබා දි අපේ ඤානය දියුණු කරන්න උදව් වුපකාර කරන ඔනැම පුද්ගලයෙක්ට හො දැනුමකට ( විශ්වාස කල හැකි පුද්ගලයන් හො යම් සංකල්ප පමනක් ) කුඩා හො ගරුත්වයක් ලබා දිම තුලින් මානසිකව මිනිසුන් තුල පැහැදිමක් ඇතිවෙන්නට පුලුවන් .මට තිබේන ප්රශ්නය වන්නේ එසේ ගරුත්වය ලබා දිමේන් අප තුල ඇතිවන එ පැදිම ස්වභාවික ද නැතිනම් අපි මේ යම්කිසි මනස් ගාතයක් වැනි මානව සංකල්පිය රාමුවක යම් ඉත්තේක් බවට පත් විමේ ප්‍රතිපලයක් ද කියා මට පැදිලි කිරිමක් කර දෙන්න පුලුවන් ද සර් ❤️🌹
බොහෝම ගැඹුරු දෙයක්. ඉදිරියට හෙමින් කතා කරමු.
අප රටෙ සම්පතක් විම ගැන අඩම්බරයි. අනාගතය ලංකාවේ පහල විමට නියමිත නිවැරදි ගමනට බෙහෙවින් දායකත්වය ලබා දෙයි කියලා මං හිතනවා. ලංකාවෙ දැනට පවතින අධ්‍යාපන රාමුවට එහා ගිය ඉගෙන්විමේ ක්රමවෙදයක් විදිහට මං රන්දික අයියේ ඔයාව දකීනවා. ස්තුති.... අපට දැනුමක් ලබාදෙන එකට.... දවසක මට ඔයා එක්ක එක විනාඩියක් හෝ කතා කරන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් නැවත වාරක් ස්තුති 🇱🇰🥹❤️
මම දැක්කෙ අනවශ්‍ය ගුරුත්වය වගේ😄
වෙනද වගේම අදත් සුපිරියක්❤️👌
මාත් 😂😂😂
අයියා කිව්ව වගේ ලංකාවේ මිනිස්සුන්ට හරි දෙයක් කියලා දෙද්දි වුණත් හරි පරිස්සමින්. මොකද එක වචනයක් ඇති. 🤦🏻 හරි දෙයක් නිහතමානීව පිලිගන්න වුණත් සමහරක් mature වෙලා නෑ. 🧏🏻♂️ appreciate this work👏🏼❤️
එකෙන්ම අයියේ respect ❤ මේ ගැන ගරුත්වයක් ගන්න පුලුවන් කෙනෙක් විදිහට ඒක එපා කියලා ඒක පැහැදිලි කරපු එක ගැන.
අපේ උන්ගේ කොදු නැහැ,සමහර youtube චැනල් වලම කමෙන්ට් දැක්කම එපා වෙනවා.සර් සර් කියාගෙන වැද වැටෙනවා.මගෙ හිතෙත් කාලෙක ඉදන් හිත හිත හිටපු දෙයක්.අප්පිරියම දෙයක්.
මම පිටරට ඉන්නේ.ආසියාවේ මිනිස්සු වගේ නෙමේ යුරෝප් වලින් වගේ එන මිනිස්සූ මෙහෙම අනිත් මිනිස්සූ ඉස්සරහා(බොස් ලග උනත්) වැද වැටෙන්නේ නැහැ.නම කියලම කතා කරනවා.
මගෙත් අත්දැකීමක් තියෙනවා සහ මම ඒකෙන් ඉගෙනගත්තා මෝඩයන්ට කොහොමත් අනවශ්‍ය ගරු කිරීමක් කරන්න හොද නැහැ.කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ තමයි.
සුපිරි.කියන්න වචන නැහැ.ඒ නිහතමානීකම ඒකෙන් ඔයා විදින නිදහස මටත් දැනෙනවා හදවතින්ම ගරු නෙමේ respect.😊
මේ වෙලාවේ රටට ඕනිම සන්කල්පයක් අයියේ..දිගටම මේ වගෙව් පොඩි දේවල් ගේන්න .ජය 🇱🇰🖤🙏
ඇත්තමයි. 100% ක් ඔබේ කතාවට එකඟ වෙනවා 👍
මනුස්සයන්ට, සත්වයන්ට විතරක් නෙමේ ආගමකට උනත් සීමාවකට යටත්ව ගරු කරන්න ඕන... නැත්තම් ඒ ආගම ඇතුලෙ තියන දේවලුත් දකින්න, ප්‍රශ්නකරන්න බැරුව යනව.
රන්දික අයියගේ මෙවැනි අත්දැකීම් හරහා පැමිණි සිතුවිලි අපට තෝරා බේරා ගැනීමට අවස්ථාවක් නිර්මානය කිරීම සම්බන්ධයෙන් අයියට බොහෝම ස්තූතියි.👍👍
බලාපොරොත්තුවෙන් හිටියේ මේ දේ.චින්තනය හා පිළිගැනීම ශ්රාවකයා දෙසට විසිකිරීම ❤
ඒ කාලේ රජපක්ශ පවුල ගැන අනවශ්‍ය ගරුත්වයක් තිබ්බා.🤐.දැන් අඩුයි ඒක ටිකක්..🙂ස්තූතියි මේ වටිනා දේවල් ලාන්කීය සමාජය වෙනුවෙන් ඉදිරිපත් කරනවට🖤💯
ලංකාවේ විශ්ව විද්‍යාල වලට මාරම විදියට වැදගත් වෙයි මේ පුංචි points ටික. තවත් තැන් වලට වැදගත් නොවෙනවා කියලා නෙවෙයි මම කියන්නේ✌🏽 ජය...
ඔයා කියන කතාව ලංකාවෙ අපිට ගොඩක් වැදගත් මොකද හැම තැනකම කොන්ද නමාගෙන ඉන්නනෙ හුරැ කරලාතියෙන්නෙ
කාලයක් තිස්සේ කල්පනා කර කර ඉන්න දෙයක්. ඕක නිසා ළමයෙක්ට වැඩිහිටියන් වැරැදි කරනකොට පෙන්වා දෙන්න බැරි වෙනවා. ඇරත් වැඩිහිටියන් වැරැදි දෙයක් කිව්වොත් ගොඩක් ළමයිට අකමැත්තෙන් කරන්න වෙනවා. ළමයගෙ ආත්මාභිමානය එතනින්ම ඉවරයි. ඊට පස්සේ එයා කොතනද වැරැදි දෙයක් දැක්කත් කතා කරන්න බය වෙනවා. ඒත් ගරු කළ යුතු තැන ගරු කළ යුත්තා ට ගරු කරන්න ඕන කියන එක මමත් පිළිගන්නවා.
අන්තවාදී නොවී සමජයේ වෙනසක් ඇති කිරීමට හැකි පුද්ගලයෙකි .ඔබට ජය
මේ අදහස් උසස් සමාජයක් ගොඩනගන්න බොහෝ වැදගත් වේවි. ස්තුතියි ඔයාට ❤️
සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සුවිශෂී කාරනාවක්... මාරයි ඒ්ක... වීශිෂ්ඨයි අයියේ. ❤👌ජයවේවා..!!!
Sir,madam කියන වචන අපි ලංකාවේ සමාජයේ හුගක් භාවිතා කරන වචන දෙකක්...පෙර පාසලේ ඉදලා ගුරුවරයට ආමන්ත්රනය කරන තැන ඉදලා..ඒත් මන් ඒ වචන දෙක ගැන හෙව්ව පිටරටවල එහෙම නෑ කියලා තිබ්බා..ඒ වචන භාවිත කරන එකෙන් ගැති,වහල් භාවයක් ඇති වෙනවා කියලා මට හිතෙනවා...sir,madam,miss කියන වචන තව තියනවා ඒ වගේ සෙට් එකක්ම ඒ ඔක්කොම ගැන දීර්ඝ විග්‍රහයක් ඕනි🙏🖤
ගුරුවරුන්ට ඔය වචන නැතුව කොහොමද කතා කරන්නේ කියලත් ඕනි..
Mr . Mrs kyla ktha krnn teachers lt
පිටරට හැමෝටම එහෙම කතාකරනවා.
සහෝදරයා අපිට මේ කෙලවිච්ච කෙලවිල්ලට මුල තයි "අති ගරුත්වය "
Respect 🫡 you bro your idea 💡.මම තාමත් අදහන්නෙ සමානාත්වතාවය.
Good job 👍
මෙයට මන් ද එකයි ..සමහර තැන් වල ශ්‍රී ලංකාවේ ළමයෙක් ගුරුවරයෙක්ගෙන්ද තමන්ට උගන්නන දේ ගැන ප්‍රශ්න අහන්න බය වෙන්නේ මේ අනවශ්‍ය ගරුත්වය නිසා
ඇත්තටම, සියල්ල කෙරෙහිම මධ්‍යස්ථව කටයුතු කිරීම සියලු ප්‍රශ්න පිළිතුරු හමුවේ සාධාරණය ඉටුවේ යි, සිතමි. ❤️❤️
රන්දික සහ ඔහුගෙ හැකියාවන් ගැන කියන්න දෙයක් නැ. විශිෂ්ඨයි! කාලයක් හිත හිත හිටියෙ කිව්වෙ නැති උනාට ඔය රැව්ල ලස්සනට Trim කරපු එක නම් ලස්සනයි.
ස්තූතියි 😊
ඔයාගෙ චින්තන රටාව සහ කතා බහේ සිට ඇති පිලිවලේ සිට ග්ත්තොත් ඔබට ඔබ සතු ඒ ආකර්ෂණ හැකියාව හා පිලිවෙල නිසා ම ඒ දෙයින් ඔබ අපව පලමුවෙන් ම ඇහුන්කන් දී තියාගෙන රදවාගෙන ඔබගේ වීඩියෝවෙන් ගතයුත්තක් තිබේනම් එය ගෙන හෝ නොගෙන ද අවසන් වෙන තුරු ඔබ වෙත රැදී සිටි බව අමතක කරවීමට සමත් පුත්ගලයෙකි.ඒ රසවත් වැදගත් හරවත් ධනාත්මක අතින් පොහොසත් දැනුම හා තොර්තුරු
බෙදා දෙන ඔබට බොහොමත්ම ස්තූතියි .
මා රාමුවෙ සිටම මේ
වෙත ඔබ වෙත පැවත ආවෙකි.👌💪✍🏽
ශ්‍රී ලාංකික සස්කෘතික රාමුව ඇතුලේ මේ දේ කරන එක ගොඩක් අමාරුයි..අපි කුඩා කාලේ ඉදලම වැඩිහිටියන්ට වදින්න ඕන,එයාලගේ මතයට විරුද්දව තාර්කික මතයක් වුනත් ඉදිරිපත් කරන්න අපිට ඉඩක් නෑ..ලොකු අය එක්ක එකට එක කියන්න එපා! කියන එක තමයි ගොඩක් වෙලාවට අහන්න වෙන්නේ..බුදුදහමට අනුව වුනත් දෙයක් පිලිගත යුතු ආකාරය කාලාම සූත්‍රය වගේ තැන්වල ලස්සනට පැහැදිලි කරත් ඒ දේවල් යොදාගන්නා අවස්තා සමාජය තුල බොහොම අඩුයි..
ඔව් ඔබ ඇත්තටම නිවැරදියි,
අනවශ්‍ය ගරැත්වය , කෙනෙකුට වදයක් වෙන්නත් පුලුවනි”
මාරම වටිනවා අයියේ🔥ජිවිතේට ගොඩාක් වටිනවා❤️Thank you brother for spending your time for us
දීර්ගායුශ වේවා.... 100/ ඇත්ත...
අලුත් channel එකකින් කරන්න හදන දේ ගැන පැහැදිලි. නියමයි රංදික. සුභ පතනවා...!!!
විය යුතු වැඩක් ලංකාවට...!
මම අතික්‍රමණ ශිෂ්‍යයෙක්...!!
මමත්
ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕන.❤️ අනවශ්‍ය තිගැස්මකින් තොරව
අනවශ්‍ය ගුරුත්වය ගැන බලන්න ආවේ.... හිතුවේ පා වෙලා යයි කියලා. එතනින් ම අපේ අඩු පාඩුවක් පිළිබිඹු උනා. කෙලින්ම කියවීමේ දුර්වලතාවක්.😬🙏
ගරුත්වය කියන මාතෘකාව පුළුල් දෙයක් විදිහට නව මානකින් හිතන්න ඕනේ දෙයක් කියලා මතක් කරලා දුන්නා.අයියගේ කතාව ඇත්ත..ඉහල ගරුත්වයක් ලැබීමට නුසුදුසු අයට ඒක දුන්නම ඒ දේ වැරදි විදිහට පාවිච්චි කරනවා. අපේ රටේ බොහෝ තැන් වල system අවුල් ගිහින් තියෙන්නේ ඒ දේ නිසා කියල ද කියලත් දැන් හිතෙනවා. බොහොම ස්තූතියි වෙනදා වගේම හිතන්න දෙයක් දුන්නට. බුදු සරණයි.
මම මේ අනවශ්‍ය ගුරුත්වය ගැන බලන්න හිතාගෙන ඇවිත් වාඩිවෙලා ඉන්නේ...
😄
🤣🤣
මාත් දැක්කෙ ගුරුත්වය වගේ 🙄
මාත් 😂
මමත් එහෙමයි මුලින් දැක්කේ 😅
අදහසක්....අත්දැකීම් භාවිතයෙන් හැකියාවන් යොදාගෙන මිනිස් මොළයට දැනෙන වෙනස් විදිහේ පොතක් ලියමු සර්....
අයියෙ මම ඔබට ගරු කරනවා. ඒ අන්ද භක්තියකින් නම් නෙමේ. ඒ ඔයා මට මගෙ ජිවිතය positive පැත්තට ගෙනියන්න උදව් වෙන කෙනෙක් නිසා. අපෙ රටෙ ඉන්න ගොඩක් බුද්දිමත්තු කියන අය හරිම අප්‍රසන්නයි මටනම්. ඒ එගොලන්ගෙ තියෙන උඩගු කම නිසා. ඔයා, අපෙ මලින්ද අයියා වගේ අයගෙන් ඉගනගන්න මම කැමතියි. මොකද මම හිතනවා අපිට දැනුම ගන්න තියෙන හොදම තැන් එවා කියලා. එ වගේ තවත් දැනුම බෙදන අය ඉන්නවනම් මාවත් දැනුවත් කරන්න.
ඒක ඇත්ත සර්.මම හුගක් දේවල හිරවෙලා ඉන්නව මිනිසුන්ට අනවශ්‍ය ගරැත්වයක් දෙන්න ගිහින්.මට ඒක දැන් තේරෙනව.බොහොම ස්තූති ඔබට..
කාලෝචිත මාතෘකාවක් සහ ශ්‍රී ලාංකීය සමාජයට ඉතා අවශ්‍ය දැනුවත් කිරීමක්, ඔබගේ සේවය අපි අගය කරමු!
මේ වගේ පට්ට වැදගත් වීඩියෝ. ස්කිප් නොකර ලන්කාවේ අය බලන එක ගැන ගොඩක් සතුටුයි..දීර්ඝායූ ඔබට
මධ්‍යස්තව සිතීම වැදගත් ❤️
ඒ කතාවට එකඟයි 💯 ...ගරුත්වය උනත් ඕනවට වඩා ඕනෙම නෑ ...
කඩාගෙන ආවා අනවශ්‍ය ගුරුත්වය බලන්න....🤣🤣. Sir මේ වැඩේ පට්ට...😍😍පිස්සුවක්...😍😍💙💙💙💙
😂
🤣🤣🤣
සමහරු ගරුත්වය බලෙන් වගේ බලාපොරොත්තු වෙනව.ඒක ඒ ඒ අයගෙ මානසික මට්ටම් වෙන්න ඕන.ඔබ හරි.අනවශ්‍ය ගරුත්වයක් කාටවත් ඕන නෑ.
එළියට දෙන්න ඕන අදහස විනාඩි දහයකට සුපිරියටම කැටි කරලා කියලා දීලා තියෙනවා 💯
බුදු සරනයි පුතේ .මාඔබතුමාගේ හැම.වීඩියෝ එකම.බලන...මෙහෙනින් වහන්සේ
නමක්.....මේසත්ක්රියාව..ඉතා.වටිනවා...ඉදිරියට කරන්න ට...ත්‍රිවිධ රත්නයේආසිර්වාදය ..ලැබේව
ලොක සත්‍ය අවබොද කරගන්නා හා ලොක සත්‍ය වෙනුවෙන් වෙහෙසන අයට ගරු කරයුතුයි යනු මගෙ මතය✓🤔
ඔබෙ අදහස හරිම ගැබරුයි
මට වයස 18 විතර වෙනක්ම් religion එක ගැන එච්චර කැමත්තක් තිබ්බෙ නැත තෙරුමක් නැති දෙයක් කියලා හිතන් හිටියෙ. එත් අපි ඉපදුනෙ ඇයි මොකටද ඉපදුනෙ ජිවත් වෙන්න හෙතුව කුමක්ද ජිවිතයෙ අර්තය කුමක්ද මරනින් මතු කුමක්ද වෙන්නෙ යන පස්න වලට හොදම පිලිතුරු ලැබුනෙ බවුද්ද දර්ශනෙයෙන් විශෙශයෙන් අබිදාර්මයෙන්