කහ වගාවට කාබනික පොහොර යෙදීම හා පස් ලංකිරිම kaha wagawa pohora yedima turmeric cultivation sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 198

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  3 ปีที่แล้ว +26

    කහ බෝගයේ සම්භවය දකුණු හා ගිණිකොන දිග ආසියානු රට වල සිදු වුනු අතර වර්තමානයේ සමස්ත කහ නිෂ්පාදනයෙන් 75% පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේය. මීට අමතරව බංග්ලාදේශය, පකිස්තානය, තායිලන්තය, චීනය, මියන්මාරය, ඉන්දුනීසියාව, ජැමෙයිකාව, හයිටි, පේරු සහ ශ්‍රී ලංකාව යන රටවල්ද කහ වගා කරනු ලබයි. කහ ප්‍රධාන වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉරානය ඇතුළු මැද පෙරදිග රටවල්, උතුරු හා දකුණු අප්‍රිකානු රටවල්, යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය හා මැලේසියාවයි.
    ශ්‍රී ලංකාව තුළ 2018 සංඛ්‍යාලේඛන දත්ත වලට අනුව වාර්ෂික වියලි කහ පාරිභෝජනය 7000mt - 7500mt පමණ වන අතර නිෂ්පාදනය 1800 mt පමණ වේ. ඒ අනුව 5000 mt වැඩි වියළි කහ ප්‍රමාණයක් වාර්ෂිකව ආනයන කර ඇති බව පැහැදිලි වේ. ශ්‍රී ලංකාව තුළ කහ ප්‍රධාන වෂයෙන් අහාර පිළියෙල කිරීමේදී වර්ණකාරකයක් සහ කුළුබඩු මිශ්‍රණ වල සංඝටකයක් ලෙස භාවිතා කරන අතර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදීද රුපලාවන්‍ය කටයුතු වලදීද වැදගත් අමුද්‍රව්‍යක් ලෙසද යොදාගනී. මීට අමතරව සායම් නිෂ්පාදනයේදීද වර්ණ ගැන්වීමටද විෂබීජ නාශකයක් ලෙසද කහ වැදගත් කාර්යක් ඉ‍ටු කරයි. හින්දු භක්තිකයන්ගේ ආගමික කටයුතු වලදීද බහුලව කහ මිශ්‍ර දියර යොදා ගනු ලබයි. ඒ අනුව බලන විට අපගේ එදිනෙදා කටයුතුවලදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යක් ලෙස කහ හැදින්විය විය හැක.
    කහ ශාකයේ උද්භිත විද්‍යාත්මක ලක්ෂණ
    කහ ශාකය භූගත රෛසෝමයකින් අඩි 3 - 4 උසට වැඩෙන පළල් පත්‍ර සහිත ව්‍යාජ වායව කදකින් සමන්විත වේ. ව්‍යාජ කදේ පත්‍ර 6-10 ක් පමණ හට ගනී. පත්‍රයක දිග අඩි 1.5- 2 ක් පමණ වන අතර තද කොළ පාටය. පත්‍ර වල අග්‍රස්ථ කෙළවර පාදස්ත කෙළවරට වඩ පළල්ය. ශල්ක පත්‍ර සහිත භූගත කද සත්‍ය කද වන අතර එහි සංචිත ආහාර අඩංගු වේ. ප්‍රධාන භූගත කදෙන් ශාඛා ලෙස කහ අල හට ගනී. වානිජව අස්වැන්න ලෙස ලබා ගන්නේ මෙම අලයි. රෛසෝමයේ අභ්‍යන්තරය තද තැබිලි පැහැයේ සිට කහ පැහැයක් ගන්නා අතර කහ වලට ආවේණික වූ සුවදක් සහ රසයක් ඇත. මාංශලමය වූ මුල් රෛසෝමයෙන් හට ගනී. පුශ්ප මංජරිය පාදස්තයෙන් හට ගන්නා අතර පුෂ්ප ලා කහ පාටකින් යුක්ත වේ. ඵලය ස්පෝටිකාවකි.
    නිෂ්පාදන සහ ප්‍රයෝජන
    කහ සම්පූර්ණ වියළි ස්වරූපයෙන් හෝ කුඩු ආකාරයෙන් වෙළඳපොලේ තිබේ. ව්‍යංජන මිශ්‍රණය සකස් කිරීමේදී එය අමුද්‍රව්‍යයක් ලෙසද භාවිතා කරයි. කහ වලින් තෙල් හා ඔලියෙරොසීන් නිස්සාරණය කරනු ලබන අතර එය ප්‍රධාන වශයෙන් ආහාර කර්මාන්තයේ වර්ණක හා රසකාරකයක් ලෙස භාවිතා කරයි. රෙදිපිළි වල වර්ණ ගැන්වීම සහ විශේෂිත තීන්ත සකස් කිරීම සඳහා ද එය භාවිතා වේ. ආයුර්වේද හා චීන වෛද්‍ය විද්‍යාවේ කහ යනු පොදුවේ භාවිතාවන අමුද්‍රව්‍යයකි. බොහෝ දුරට එදිනෙදා ජීවිතයේ දි විෂබීජ නාශකයක් ලෙසත් ආගමික උත්සවවලදීත් ඉන්දියානුවන් කහ භාවිතා කරයි.
    පාංශු සහ දේශගුණික අවශ්‍යතා
    පස
    මුහුදු මට්ටමේ සිට මීටර 1,500ක් දක්වා උස් ප්‍රදේශවල කහ වගා කළ හැකිය. තව ද වියලි කලාපයේ ජල සම්පදාන තත්වයන් යටතේද කහ වගා කළ හැකි වේ. වාර්ෂික වර්ෂාපතනය. මි.මී 1500ක් හෝ ඊට වැඩි ප්‍රමණයක් අවශ්‍ය වන අතර මනා වර්ධනයක් සදහා සුදුසු පරිසර උෂ්නත්වය 20-35 C අතර වේ විවිධ පස් වර්ග වල කහ වගා කළ හැකි වුවත් මනා ජල වහනයක් ඇති කාබනික ද්‍රව්‍ය සහිත වැලි ලෝම පස ඉතා යෝගය වේ. දුර්වල ජල වහනයක් සහිත පස්, ගල් බොරලු අදික පස් සහ මැටි පසද කහ වගාවට සුදුසු නොවේ. පසෙහි පී.එච්. අගය 5.5-6.5ක් වීම වඩාත් උචිත වේ. තෙත් කලාපයේ කහ වගා කරනු ලබන්නේ යල කන්නයේ වැසි සමග මාර්තු හෝ අප්‍රේල් මාසවලදීය. එනමුත් දිවයිනේ සමහර ප්‍රදේශවල විශේෂයෙන් වියළි ප්‍රදේශ වල, මහ කන්නයේ වර්ෂාවත් සමග සැප්තැම්බර්, ඔක්‍තෝබර්, නොවෙම්බර් මාස වලදීද වගා කෙරේ. කහ බෝගය හිරු එළිය සදහා වැඩි කැමැත්තක් දැක්වුවත් බහුලව වගා කරනුයේ මද සෙවන තත්වයක් ඇති ගෙවතු හා පොල් කෙසෙල් වැනි බෝග සමග අතුරු බෝගයක් ලෙසටය. අධික සෙවන, බෝගයේ අස්වැන්න අඩුවීම කෙරෙහි බලපානු ඇත. කහ වගාව වෙනත් වාර්ෂික බෝග සමග ශෂ්‍ය මාරු ක්‍රමයට වගා කිරීමෙන් දීර්ඝ කාලීනව වැඩි අස්වනු ලබාගත හැක.
    බෝග ස්ථාපනය
    රෝපණ ද්‍රව්‍ය

    • @anurawimal277
      @anurawimal277 3 ปีที่แล้ว +1

      නිහාල් අය්යෙ , අමු කහ කිලෝ කීයක් ඕනෙද කහ කුඩු කිලෝ 1ක් හදන්න?

    • @amashasudaraka8813
      @amashasudaraka8813 3 ปีที่แล้ว +1

      දූරකතන අංකයක් දෙන්න පුළුවන් ද

  • @hldarkvideos7078
    @hldarkvideos7078 3 ปีที่แล้ว +19

    නියමයි දැන් ඩ්‍රෝන් එකකුත් තියෙනවා වගේ! අලුත් අත්දැකීමක් මෙහෙම කරනකොට.ඔබට ජය!.....

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 3 ปีที่แล้ว +3

    ඔබ‍ට මම සුබපතනවා ඔයා ගොඩක් උනන්දුවෙන් සැම වැඩ කොටසම කරනවා ගස් වලට හරි ආදරේ අපට උපදෙස් ගොඩක් දෙනවා බොහෝම ස්තුතියි නිහාල් මල්ලි මම ඉන්නේ කොළබ

  • @ranasinghabandara38
    @ranasinghabandara38 3 ปีที่แล้ว +1

    නිහාල් සහෝදරයා, ඔබ කරන්නේ ඉතා කාලෝචිත සමාජ මෙහෙවරක්. ඇත්තටම සතුටුයි. ඔබට ජයවේවා .... !!!!

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +9

    හැමදාම අපිට වැදගත් ම දෙයක් දායාද කරන්නේ නිහාල් මාමෙ ඔයා නම් ගොඩක් ස්තූතී බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 💓🤟

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි

    • @sriyalathaadhikari2565
      @sriyalathaadhikari2565 3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබේ වීඩියෝ ගොඩක් බැලුවා හරිම වටිනවා

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +1

      @@sriyalathaadhikari2565 ow අනිවාර්යයෙන්

  • @rukavlogs
    @rukavlogs 3 ปีที่แล้ว +3

    කාබනික වගාව ගැන ප්‍රායෝගිකව කියලා දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @gardenlanka6508
    @gardenlanka6508 3 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ඔබතුමාගෙන් ඉගනගන්නවා

  • @easyenglish9306
    @easyenglish9306 3 ปีที่แล้ว +1

    වටිනව මේ දැනුවත් කිරීම.
    ස්තූතියි. පින්

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +6

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว

    ඉතා හොඳ දැනුවත් කිරීමක් . ඔබේ දියුණුව දැකලා අපි හදවතින්ම සතුටු වෙනවා . ඔබ කෙතරම් දියුණු වුනත් , ඔබ තුළ වූ අවංකකම, නිහතමාණීකම වැනි උතුම් ගුණාංග වලට කිසිදාක වියැකෙන්නට දෙන්න එපා . ඒ ප්‍රසන්න මිනිසා ඉදිරියටත් අප දකින්නට ආසයි . ඔබතුමාණන්හට තෙරුවන් සරණයි .

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +3

    හුඟක් හොඳ දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි.

  • @aravindasiri5300
    @aravindasiri5300 3 ปีที่แล้ว +4

    පස් ලංකරන හැටි තව පෙන්වන්න පුළුවන් උනානම් අගයි..ඉතාම වටිනා වීඩියෝවක්

  • @dushanthiherath8817
    @dushanthiherath8817 3 ปีที่แล้ว +2

    Godak watinawa aiye oya kiyala dena dewal බොහොම ස්තුතිය 🌹🌹🌹🌹

  • @ruwanwijithabandara8180
    @ruwanwijithabandara8180 3 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතාම වැදගත්

  • @nimalmapa6811
    @nimalmapa6811 2 ปีที่แล้ว

    hari vadagth veediyowak
    thank you.

  • @nirosharohini9387
    @nirosharohini9387 3 ปีที่แล้ว +3

    හරිම ආස හිතෙනවා ඇත්තටම නිහාල් අයිය..කාබනික පොහොර වල වගේම .ඔබ තුමාගෙ අත්ගුනෙත් බොහෝමයි කියල හිතෙනවා.ඇස් වහක් කටවහක් නොවේවා .ජයෙන් ජය.මහන්සියට ඉහලින්ම ප්‍රතිඵල ලැබේවා තෙරුවන් සරනයි

  • @gaminiratnayake8070
    @gaminiratnayake8070 3 ปีที่แล้ว +2

    ස්තුතියි. ඉතාමත් අලංකාර ඉදිරිපත් කිරීමක් .

  • @surangadk8866
    @surangadk8866 3 ปีที่แล้ว +4

    හොදදැනුවත් කිරිමක්..

  • @kandyrome6284
    @kandyrome6284 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි 🙏 මහත්මයා. වටින වීඩියෝ එකක් .

  • @chandranikularathne2078
    @chandranikularathne2078 2 ปีที่แล้ว

    ගොඩාක් හොඳයි

  • @shiromishiromi7168
    @shiromishiromi7168 3 ปีที่แล้ว

    නොදන්නා දේවල් ගොඩක් dana ගත්තා ඉස්තුති ඔබට..

  • @dinithsriyan4445
    @dinithsriyan4445 2 ปีที่แล้ว

    කහ වගාවට,ඉගුරු වගාවට fis tonik දියර පොහොර එක දන්න හොදද

  • @nilangasadaruwan1645
    @nilangasadaruwan1645 3 ปีที่แล้ว

    Kaha wagawata kukul pohora yodana vita jeewanuharanaya karanna onada. Nathnam dileera athi wenawada. Wagawata deweni wara wasun yodanna onida.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +2

    50kg පෝර කවර වල කහ වගා කිරීමේදී පස් ලං කිරීමේ කටයුතු සිදු කරන්නේ කෙසේද...?

  • @gangulbandara6754
    @gangulbandara6754 3 ปีที่แล้ว +1

    10g අල වලින් ලබා ගත් පැල සිටවීමෙන් අස්වැන්න අඩු වෙනවද

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් මාමේ නියමයි 💓🤟

  • @upulshanthakarunarathna6842
    @upulshanthakarunarathna6842 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !
    මහත්මයා.ඔබතුමාගේ වීඩියෝ බලන කෙනෙක් මම. ඉතා හොඳින් කියල දෙනවා. ගොඩක් පින් ඔබතුමාට. මට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුලුවන්ද ?50kg බෑග් වල කහ වගා කිරීම සුදුසුද? අවශ්‍ය පස් මාධ්‍යය කොහොමද ? ඒ වගේම 10g පමණ වන කහ අල කැබලි වලින් හටගත් කහ පැළ වලින් ලොකු අස්වැන්නක් බලාපොරොත්තු විය හැකිද?
    ඔබ තුමාව සම්බන්ධ කරගන්න අවශ්‍යයි . පුළුවන් නම් ඔබ තුමාගේ දුරකථන අංකයක් සඳහන් කරන්න පුළුවන්ද?
    තෙරුවන් සරණයි !

  • @gemiya
    @gemiya 3 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @sllalhub-8397
    @sllalhub-8397 3 ปีที่แล้ว +3

    වටිනා විඩියෝ එකක් good

  • @ranjithperera1692
    @ranjithperera1692 3 ปีที่แล้ว +2

    දැනුම බෙදා දීම ගැන ස්තුතියි...මහත්මයාණෙනි .....මෙය සමාජ මෙහෙවරක්...

  • @dineshigalaxyj5481
    @dineshigalaxyj5481 3 ปีที่แล้ว

    Nihal mahaththaya mama kaha hitawala thiyenne badun wala .dan badune pas pirila diyara pohora kesel leli diyara pohora yodanna puluwanda.

  • @reshelareshela520
    @reshelareshela520 3 ปีที่แล้ว

    Vadi vestara danaganna obage pon no denna puluwanda?kaha vavanna sudusu පළාත් monawada kiyanna plz

  • @tharindudilshan5608
    @tharindudilshan5608 3 ปีที่แล้ว

    December mase anuradapura petthe kaha hitawanawada sir

  • @rukavlogs
    @rukavlogs 3 ปีที่แล้ว +4

    දැන් අයියාගේ වීඩියෝ ගොඩක් quality..

  • @indikaupekshi4520
    @indikaupekshi4520 3 ปีที่แล้ว

    Kaha kawarawala hitawanawanam pochchiye hitawana krameta hiteuwama hari neda? Ethakota pas danna godak ida udata tiyanna oneda?

  • @sumindasuraweera8731
    @sumindasuraweera8731 3 ปีที่แล้ว

    මේ දවස්වල කහ හදන්න බැරිද පොළොන්නරුවේ apata

  • @sathyaperera6775
    @sathyaperera6775 3 ปีที่แล้ว +1

    Godak sthuthi aiye me wage danuma bedala denawata. Puluwannam cactus gana video ekak karala danna.

  • @perera319
    @perera319 3 ปีที่แล้ว +2

    Godak Pin me thorathuru apita kiyala dunnata. Theruwan Saranai.

  • @achiniwijenayake274
    @achiniwijenayake274 3 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝවක්

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +2

    නියමයි නියමයි ...

  • @nilmininilmini3674
    @nilmininilmini3674 2 ปีที่แล้ว

    මගෙ කහ වගාවෙ මල් පිපිල පොහොර දාන්න ඕනිද?

  • @judeprasanna1806
    @judeprasanna1806 3 ปีที่แล้ว

    Godak hoda danuwath kirimak jaya wewa nihal aiye

  • @joannamikel7448
    @joannamikel7448 3 ปีที่แล้ว

    5 wathawak pas lankaranna kalaya gana podi danwath kirimak karanna puluwanda.(masayakata wathawakda,,,masa 9 Tama 5 wathaada)

  • @LAHUERTITADEGUILLE
    @LAHUERTITADEGUILLE 3 ปีที่แล้ว

    Buen vídeo nos has brindado y ofrecido exelente 👍👍👍 de dejo mi visita y cordiales saludos desde LA HUERTITA DE GUILLE 🌴

  • @madubashinisenanayaka6778
    @madubashinisenanayaka6778 3 ปีที่แล้ว

    වෝමි කොම්පෝස්ට් ලබා ගන්නේ කොහොමද .ඒවා ගෙන්වා ගත හැකිද..ඔබේ වගාවන් දැකීමත් සතුටක්.💐💐💐

  • @sumanabalasuriya856
    @sumanabalasuriya856 3 ปีที่แล้ว

    Lee kudu pohora Lesa Kaha paththi walata Danna hoda nadda? Karunakara pahadili karanna

  • @talesofasailor9532
    @talesofasailor9532 3 ปีที่แล้ว

    Superb insightful video! Never thought about this before

  • @slrokhasitha4940
    @slrokhasitha4940 2 ปีที่แล้ว

    කහ සිටවන කාලය කියන්නකො

  • @gayanilangarathna1053
    @gayanilangarathna1053 3 ปีที่แล้ว

    කහ වලට කර දහයියා වෙනුවට දහයියා අඟුරු යෙදීම සාර්ථක ද

  • @dineshanimanthi4291
    @dineshanimanthi4291 3 ปีที่แล้ว

    Mage perches 30 idame kaha waga karann hitenawa , upadestukak denna kamathida, tel no. Denawanam ?

  • @priyanweeraratne7493
    @priyanweeraratne7493 3 ปีที่แล้ว

    සර්, මේ වනවිට මගේ කහපැලවලට මාස 9 පමණ වේ.පැල මැරීයමින් පවතී .නමුත් නැවත එම කහ අල පැලවෙන බැවින් කහපැල මැරීයාමට ප්‍රතම අස්වනු නෙළීම සුදුසු නොවේද ?

  • @tharakasathruwan6982
    @tharakasathruwan6982 3 ปีที่แล้ว +5

    අන්නාසි වගාව ගැන video එකක් කරන්න පුලුවන්ද ....

  • @bandara3260
    @bandara3260 3 ปีที่แล้ว +1

    හරිම වැදගත්

  • @gaminigamini4969
    @gaminigamini4969 3 ปีที่แล้ว

    Pela gannawanam kohomada ganne.pelayak kiyada

  • @NoOne-xr3nz
    @NoOne-xr3nz 3 ปีที่แล้ว

    එතකොට පස් ලං කරන සෑම වතාවකදීම කාබනික පොහොර යෙදිය යුතුද.

  • @samanthiskitchenette5978
    @samanthiskitchenette5978 3 ปีที่แล้ว

    අයියේ , මට කියන්න පුළුවන්ද අයියගෙ ඩ්‍රෝනා එක ගත්තෙ කොහෙන්ද කීයටද කියලා.

  • @mp2944
    @mp2944 3 ปีที่แล้ว

    Apita gedaradi hadagena danna puluwan pohora monawada kaha walata

  • @geethikajayalath8000
    @geethikajayalath8000 3 ปีที่แล้ว +1

    Bohoma watina video ekak..

  • @shiranthiamarawadana4852
    @shiranthiamarawadana4852 5 หลายเดือนก่อน

    Kaha wagawa 3 wei sereta kumburu idamaka hitawana kàlin a bima sakasaganne khomada. Kara dahaiyya kalawam karanne netiwa wenath widiyak tiyeda?.

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 3 ปีที่แล้ว +1

    Pochchiyaka indapu kaha pala walatath pas lankirima karanna oneda?Thank you

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      පොචියට කාබනික පොහොර යොදනවානේ එ ඇති ගොඩක් ස්තූතියි

  • @chathuriudayangani2615
    @chathuriudayangani2615 3 ปีที่แล้ว

    Math badungathawa kaha pela kala oba thumage kalin vidiyo eka balala.den yantham pela giri mathuwenawa.kalin wage nemei den man enna parisaraye edakada madi ethin obathuma.paththi krameta wagema badungathawath hema wagawakma karanne kohomada kiyana eka gena kiyala dena ekat obathumat godak pin.oba thumage vidiyowala bavitha wena sarala wachana oneema kenekta therenawa.aththatam kiyanna onii.wagawak gena kisima deyak nodena edii mama obathumage vidiyoo balala thamai ewa egenagena sarathakawa punchi gewaththak karagena yannee.giya koronaa kaledi thamaa man aththama wagakaranna patangaththee.eta kalen uthsaha karath aththama mat paladaawak ganna beriunaa.obathumata godak pin.puluwannam badunak ගොටුකොළ wagawak karaganna heti kiyala denna.obathumat budu saranai jayen jaya.

  • @success5764
    @success5764 3 ปีที่แล้ว

    මගෙ කහ ගස් වල පඳුරු වගේ දාන්නේ නෑනේ.. නිකන්ම උසට ගහ එනවා. පඳුරු දාන්න මොකක්ද කරන්න වෙන්නේ

  • @danushkalakmal7916
    @danushkalakmal7916 3 ปีที่แล้ว

    Kaha bija tora. Gannae kohomada alut amu kahada hitawannaee

  • @mrshabeeb3718
    @mrshabeeb3718 3 ปีที่แล้ว +1

    Aiye maata kiyanna puluvanda pera beeja pela karala pela ganna puluvanda kramya mokadda kiyala .godak pin pela karana kramya mama danne ne.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      පැළ නිපදවීම
      බීජ වලින් ලබාගත් පැළවලට වඩා බද්ධ පැළ ගුණාත්මක බවින් ඉහළය. එනිසා සිටුවීමට බද්ධ පැළ යොදා ගැනීම වඩාත් සුදුසුය.
      ග්‍රාහක සඳහා ඉදුනු ගෙඩිවල බීජ යොදා පවනේ වියළා ගත් බීජ වැලි තවානක සිටුවන්න. මෙම බීජ සති 2 - 3 දී ප්‍රරෝහණය වේ. බීජ පැළ සෙන්ටිමීටර් 4 ක් පමණ උස්වූ විට මතුපිට පස්, වැලි, ගොම පොහොර 1 : 1 : 2 මිශ්‍රණයක් ගෙන සෙන්ටිමීටර් 15 බඳුනක සිටුවන්න. දෙවනුව සෙන්ටිමීටර් 25 බඳුනක සිටුවන්න. මෙම පැළ මාස 5 - 7 ක් පමණ වූ විට හා කදේ විශ්කම්භය සෙන්ටිමීටර් 1ක් පමණ වූ විට බද්ධ කිරීම සඳහා යොදා ගත හැකිය. පේර සඳහා පැච් බද්ධය, චිප් බද්ධය, රිකිලි බද්ධය හා ලේයර් කිරීම සාර්ථකව යොදාගත හැකිය. මීට අමතරව මුදුන් බද්ධය (Top Work) මඟින් අස්වැන්න හා ගුණාත්මක බව අඩු හෝ වයස්ගත ගස් නිර්දේශිත ප්‍රභේද මඟින් ප්‍රතිස්ථාපනය කළහැක.
      පැළවල බද්ධ අංකුර හෝ රිකිලි වැඩෙත්ම ක්‍රමයෙන් ලබාදෙන සූර්යාලෝක ප්‍රමාණය වැඩි කළ යුතුය. සෑමවිටම ග්‍රාහකයෙන් හටගන්නා රිකිලි ඉවත්කර බද්ධ රිකිල්ල පමණක් වැඩීමට සැලැස්විය යුතුය.

    • @mrshabeeb3718
      @mrshabeeb3718 3 ปีที่แล้ว

      bohoma sthuthi.

  • @samanbandara3213
    @samanbandara3213 3 ปีที่แล้ว +14

    නිහාල් මහත්තය එන්න එන්නම තරුන වෙනවනෙ 😍💐💐💐💐

  • @chamindajanaka4101
    @chamindajanaka4101 3 ปีที่แล้ว +1

    Niyamai good luck brother

  • @chathurangakure2512
    @chathurangakure2512 3 ปีที่แล้ว

    අයියෙ කහවලට කෘමි හානි තියෙනවද එවට මොකද කරන්න ඔනෙ

  • @janithiimasha3079
    @janithiimasha3079 3 ปีที่แล้ว +1

    Aiye kaha iguru hitawanna puluwanda boralu pasak thiyana idamaka

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 3 ปีที่แล้ว +1

    Kaha hitawala e atara kesel Sitaweema sarthaka da??tnq

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      පුලුවන් 10යි 12 වගේ පරතරය ගන්න ගොඩක් ස්තූතියි

  • @priyankaweerasinghe2861
    @priyankaweerasinghe2861 3 ปีที่แล้ว +1

    Pochchi wala hitawana kaha iguru walata giniseriya diyara pohora danne kohomada ala kunuwanne nadda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      නෑ අල කුනුවෙන්නේ දිලිර රෝගවලට ගොඩක් ස්තූතියි

  • @ravindupushapakumara6107
    @ravindupushapakumara6107 3 ปีที่แล้ว

    නුවර ප්‍රදේශයේ කහ වැවෙනවද

  • @naleenmadawa3196
    @naleenmadawa3196 3 ปีที่แล้ว

    මාස කියෙන් ගලවන්න පුළුවන් ද

  • @alianjoyce3357
    @alianjoyce3357 3 ปีที่แล้ว

    Kara දහයියා dammata kamak නැතිද phora dala eta උඩින්

  • @visankasanjeewa9226
    @visankasanjeewa9226 3 ปีที่แล้ว

    Sir pochchiyaka kohomada pas yodanne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      කාබනික පොහොර යෙදීමේදී යටවෙනවානේ ඒ ඇති ගොඩක් ස්තූතියි

  • @priyankaweerasinghe2861
    @priyankaweerasinghe2861 3 ปีที่แล้ว +1

    Malu diyara pohora hadana hati kiyala denna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      විඩියෝ එකක් දාන්නම් ගොඩක් ස්තූතියි

  • @rsactive2388
    @rsactive2388 3 ปีที่แล้ว

    Aiye oyage number 1 danawa poddak

  • @g.g.champikadananjaya6273
    @g.g.champikadananjaya6273 2 ปีที่แล้ว

    දුරකථන අන්කය ලබා දෙන්නකො

  • @buddikaharshani8395
    @buddikaharshani8395 3 ปีที่แล้ว +1

    ගොම් පොහොර හා සමානව එලු පොහොර යොදන්න පුළුවන්ද

  • @ruwanwijithabandara8180
    @ruwanwijithabandara8180 3 ปีที่แล้ว

    පැල 2 අතර දුර කොහොමද ගන්නෙ

  • @manojmadusanka7016
    @manojmadusanka7016 3 ปีที่แล้ว +3

    මහත්තය පැකට්වල වගාව කරනකොට පස් දැමීමක් කල යුතූද..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      කාබනික pපොහොර යොදනනිසා අවස්‍යනෑ ගොඩක් ස්තූතියි

    • @manojmadusanka7016
      @manojmadusanka7016 3 ปีที่แล้ว

      Godak pin..

  • @alianjoyce3357
    @alianjoyce3357 3 ปีที่แล้ว

    Mata ඔබගේ දුරකථන අංකය danna sir

  • @glenshilperera1705
    @glenshilperera1705 3 ปีที่แล้ว

    Nice job

  • @samidhinisadi7449
    @samidhinisadi7449 3 ปีที่แล้ว +1

    Rosa pohottu brown pata wege wenawata mokada karanna oni.eka dilirayakda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      0786974418 පොටෝ ටිකක් දාන්න ගොඩක් ස්තූතියි

  • @oshanchandrasekara2391
    @oshanchandrasekara2391 3 ปีที่แล้ว

    Pala 2k athra prathraya kochrak thiynna onida

  • @piumaliamunugama1909
    @piumaliamunugama1909 3 ปีที่แล้ว +1

    Kukul pohora pela walata Dana Kota gas merenne nedda?

  • @shafeekraju9187
    @shafeekraju9187 2 ปีที่แล้ว

    Kara dahaiya daannaona kopanada

  • @athulaathula8978
    @athulaathula8978 3 ปีที่แล้ว +1

    ඉඟුරු වලටත් පස් ලං කරන්න ඕනෙද

  • @ktssilva4223
    @ktssilva4223 3 ปีที่แล้ว

    ඔබ තුමා කියලා දුන්න කාබනික දියර පොහොර යොදන්න බැරිද

  • @lightmalli4460
    @lightmalli4460 3 ปีที่แล้ว +2

    කුඹුරේ පාත්ති දාලා කහා හිටෙව්වා පස් ලං කරන්න බෑ මඩ ගතිය නිසා ..කර දහයියා හා මතුපිට පස් කවලවම් කරලා පාත්තියට දාන්නද...

  • @dushmanthagibson2683
    @dushmanthagibson2683 3 ปีที่แล้ว +1

    Iguru walatath me widiyamada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      ඔඋ මේ විදිහමයි ගොඩක් ස්තූතියි

  • @thejanipattiyakumburage800
    @thejanipattiyakumburage800 3 ปีที่แล้ว

    හාල් මල්ලක කහ වගා කරනකොට පොහොර යොදන්නේ කෙසේද

  • @wadithalasadara3804
    @wadithalasadara3804 2 ปีที่แล้ว

    Kaha roga winasakirima sambandan video akka karanako

  • @amalperera8225
    @amalperera8225 3 ปีที่แล้ว

    දැන් නිහාල් අයියා දියුණුයි...
    ඩ්‍රෝන් එහෙම අරගෙන...
    දැන් ප්‍රොපෙෂනල් ගතියක් පේනවා...
    අපේ හිතටත් සතුටුයි දකින කොට...

  • @sandya5672
    @sandya5672 3 ปีที่แล้ว

    Thank you.

  • @padmajayasinghe4946
    @padmajayasinghe4946 3 ปีที่แล้ว

    අනේ මල්ලි මට කියන්නකො දඹළ කොල්ලො කහපාට වෙලා දිලීර රෝගයක් වාග් එකක් ඇවිල්ල ඒකට මොනවද දාන්ඩ හොඳ පිළිතුරක් දෙන්න

  • @pandulawickramaarachchi700
    @pandulawickramaarachchi700 3 ปีที่แล้ว

    ජිවානුහරනය කරන අතර තුර බිජ අල තියාගන්න පුළුවන් විදිහ කියල දේන්න මහත්තයෝ

  • @surangadk8866
    @surangadk8866 3 ปีที่แล้ว +1

    වානිජ දෙහිවගාව ගැන විඩියොවක් කරන්න පුලුවන්ද මහත්තයා

  • @samitharambadagalla7463
    @samitharambadagalla7463 3 ปีที่แล้ว +2

    මහත්මයා සැප්තැම්බර් ,ඔක්තෝබර් ,මාස වල වගාව සුදුසු නැද්ද ,ජලය සම්පාදනය කල හැකි, මාතලේ .

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 3 ปีที่แล้ว

    Thank you sir💐

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 3 ปีที่แล้ว +1

    Thnks a lot