වාලිඹේ හෙල තරණය | Walimbe hela | වාලිඹේ කදු මුදුනට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025
  • අපි වාළිඹේ හෙළ සොයා තරණය කරන්න ගිය ගමන. අපේ කණ්ඩායම හත් දෙනෙකුගෙන් සමන්විත විය. විවිධ ප්‍රදේශයන්ගෙන් වු අපි හත් දෙනා එකතු වීමට තීරණය කරේ බණ්ඩාදූව ගමේදීයි. ⁣මහ ඔය අම්පාර මාර්ගයේ ගොනාගොල්ල හංදියෙන් බණ්ඩාදූව මාර්ගයේ ගමන්කර කලුගල්ඔය ජලාශය හරහා තමයි වාළිඹේට යන්න තියෙන ගමන්මග වැටිලා තියෙන්නෙ. කලුගල්ඔය ජලාශයෙන් පසු පිවිසීමට ඇත්තේ අලි කොටි වලසුන් ගහන ඝන කැලයටයි. මදක් දුර ට්‍රැක්ටර් රථයකින් ගමන් කල අපි ඉතිරි දුර පයින් ගමන් කරන්නට අපිට සිදුවිය. අඩි දහයෙන් දහයට තරම් ළඟ ළඟ අලි බෙටි අපි ගිය මග පුරා හමුවිය. අපේ වාසනාවට එකඳු අලියෙකුහෝ මුණ නොගැසිනි. කැලය මැදින් ගස් ගල් උඩින් අධික හිරු රශ්මිය මධ්‍යයේ ගමන් කර අපි වාළිඹේ ගල පාමුලට ළඟා විය. මෙම ගල් පර්වතය ආසන්න වශයෙන් 600 M සහ ගලෙහි ආනතිය 40° -60° අතර විය හැකියයි අපිට උපකල්පනය කල හැකිය. එම ආනතියත් ඊට නොදෙවෙනි අධික හිරු රශ්මියත් සමග මෙම ගමන ඉතාමත් අසීරු එකක් නොවුනහොත් තමා පුදුම. කෙසේ හෝ අප ඉලක්කය කරා ඉතා සාර්ථකව ළඟා විය. රාත්‍රීය එහි ගත කර පහුවදා උදෑසන නැවතත් පහලට පැමිණ අප සියලු දෙනා නිවෙස් බලා විසිර ගියහ.❤️🍃💚👌
    Travel chanel in sri lanka,Traveling. Hiking. Camping. Wonder Seeker, Travel with, Climber, Bike with travel. Bike travel. Sri lanka. Travel with wonder seeker
    If you like my chanel
    Subscribe
    Like
    Comment
    Share
    #Travel chanel #wonderseeker #Travel world
    my chanel

ความคิดเห็น • 45