I was watching till the end, to know how you met that friend again... Great people and RIP for your friend. I can imagine what you went through and the story.... Damn
In 1990, I met a a group of Sri Lankans in Paris who had similar boarder crossing experience. One of them told me that how he crossed Yugoslavian border to Italy and got into trouble like you. He had walked in the wilderness for days and happened to meet a kind hearted retired Italian doctor who treated his injuries and helped him to travel to Rome by train. People in Sri Lanka must not be encouraged to go to another country illegally.
Wow, one of the best Presentation by a true Sri Lankan. 👍 Very humble, very truthful sometimes witty, and very educational of course. Thanks for sharing your wonderful story. All the best.
මගේ යාලුව ගැන කියන්න මට අමතක වෙලා. මිලානෝ ආවට පස්සෙ එයාට කෝල් කරා. රෑ වෙනකල්ම බලල ආපහු ගිහිල්ල. පස්සෙ මගේ බෑග් එකත් අරගෙන මිලානෝ ආවා. අපි ආයෙත් නිතර හමු උනා. අපි පවුලේ යාලුවො උනා. එයා 2012 දි බඩේ ගෙඩියක් හැදිල ඒකෙන් මැරුනා. ගොඩාක් හොඳ යාලුවෙක්.
Thank you yaluwa gana kiwwata. E yaluwa nan patta yaluwek
Pau neda aiye 🥺 yaluwa
කළන මිතුරෙකි/ සැබෑ මිතුරෙකි ඔහුනම්. ♥️🙏
Yaluwa gana kiwwata stuthi… paw , hoda yaluwek . Hoda bokkak.
I was watching till the end, to know how you met that friend again... Great people and RIP for your friend. I can imagine what you went through and the story.... Damn
එක නං ෆිල්ම් එකක් බලන් හිටියා වගේ.... 👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
කොච්චර බැලුවත්,ඇහුවත් එපා වෙන්නෙ නැති කතාවක් ❤❤❤❤😊😊😊😊😊😊 ඒ තරමටම හිතට වැදෙනවා ❤❤❤❤❤❤
ඔබගේ නිහතමානී බව ඉතාමත් අනර්ගයි. අතීතය අමතක කොට වර්තමානය ගැන පුරසාරම් කියවන පුද්ගලයින් බහුල සමාජයේ ඔබ වැන්නන් සියල්ලන්ටම ආදර්ශයකි.
ඔබට ගොඩක් ස්තුතියි 🙏
so proud of you
මිල්ලෙ සොයා ෆිල්ම් එක හිතටම වැදිල අමතක කරන්න බැරිම වුන එකක්. අද ඉඳන් අයියගෙ කතාවත් මැරෙනකන් අමතක වෙන එකක් නෑ. ජයම වේවා 💚💚💚💚💚
ගොඩාක් සතුටුයි හර්ශ මල්ලී ❤️❤️
හරිම.ලස්සනයි පුදේශයක්
හරිම සුන්දර රසවත් කතාවක් අයිය.
මුලු යුරෝපය ගැන හරියාකාරව අවබෝධයක් ලබා ගත් ඔබගේ vlogs විශිෂ්ටයි. ඔබ මෙවායෙන් යම් කිසි මුදලක් ලබා ගත්තත් අපිට නම් ඔබ කරන සේවය මිල කල නොහැකි යි.
😘😘😘😘😘😘😘😘
😘😘😘😘😘😘😘😘
හරිම ආසාවෙන් බලන් හිටියා. කතන්දරයක් කියලා දුන්නා වගේ හරිම රසවත්. මමත් පදිංචිය දැන් ජර්මනියේ. ඔයාගේ ධෛර්යය උත්සාහය සාර්ථකයි. අද ඔයාටත් දරුවන්ටත් නිදහසේ ජීවත් වෙන්න පුලුවන්. ඉතාලි මිනිස්සු හරිම කරුණාවන්තයි. ලෝකේ ඉන්න හොඳම අවංක මිනිස්සු ඉන්නේ ඉතාලියේ.
ඔව් ඔයා ඉතාලි ඇවිල්ල ඇතිනේ. ජර්මන් අයත් හරි හොඳයි. ඒත් ඉතාලි අය ඊටත් වඩා හිතවත්
මම තාම ඉතාලි ගිහින් නෑ. ජර්මනියෙ අවට අනික් රටවල් වලට නම් ගිහින් තියෙනවා. මෙහෙත් ඉතාලි මිනිස්සු ගොඩක් ජීවත් වෙනවා. ජර්මන් අය නම් ටිකක් ආඩම්බර ජාතියක්. 😁 ඉක්මනට හිත උණු වෙන අය නෙමෙයි. 😁😁😁
තෙරුවන් සරණයි.!ඔය යන ගමනට උනුසුමි සුභ පැතුමි.අනුරාධපුරේ වජිර හාමුදුරුවෝ
කොච්චර නොහඳුනතත් මනුෂ්‍යය ජීවිතයක වටිනාකම ඉතා ඉහලින් සලකන මිනිසුන් ඉතාලියෙ ඉන්නෙ. ගොඩක් ස්තුතීයි ඔබේ ඉදිරිපත් කිරීමට. ජේසු පිහිටයි !
ඔව් මෙහේ හැම ජීවිතේකටම පුදුම වටිනාකමක් දෙනවා
බුදුසරණයි...මහත්මයා......
ලංකාවෙ තියෙන teledrama බලන වෙලාවෙ ඔයාගෙ මේ වීඩියෝ බලනවනවනම් කොච්චර වටිනවද. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව. ඒව ගොඩක් ලස්සනයි . හරි ආසයි බලන්න. දිගටම මේ වගේ දේවල් කරන්න ඔබට ශක්තිය ලැබේවා.
ස්තුතියි සෙනරත් ඔබට ❤️
Europe එන්න මාව.පිස්සෙක් කරපූ විඩීයෝ ආයේ බලන්න හිතුනා...😘🥰❤️ ආදරෙයී , ජීවිතේ දවසක වෙනස් වෙන්නේ. සුදන්තක කියන වටිනාම පුද්ගලයයා නිසා.. ගොඩක් පිං..❤️ දවසක හමු වෙමු!
ඔබේ ජීවිතේ තවත් මෙවැනි කතා ඉදිරියටත් මෙහෙම මතක් කලොත්,එය තව සිය දහසක් මිනිස්සුන්ගෙ අනාගත කඳුලු කතාවක උප්පත්තියේ නිමාවක් වෙයි. ජය වේවා..❤❤
අනිවා ඒක ඇත්ත
ඔව් අසීමිතව තියෙනවා මෙහෙම අත්දැකීම්
ඉතාලි නොගියත් මේ කතාවෙන් හිතින් හැමදේම වින්දා...වෙනම ලෝකෙක හිත නතර උනා..මේ කතාව හරිම ලස්සන විදියට කියලා දුන්නා..🙏 ස්තූතියි..
සර්,, පුළුවන් නම් එක පවුල කින් එක දරුවෙක් ගොඩදාලා දෙන්න ,ඔබතුමා ට පිං අත්වෙනවා,,අපේ රටේ මිනිස්සු ගොඩාක් දුක් විදිනවා sir 🙏
මමත් දකුණේ මිනිහෙක් !
තලේබාන් කාරයෝ දකුණ ආක්‍රමණය කරපු ඒ අවිචාරවත් සමය තාමත් මතකයි
ඒ කාලකන්ණි ලෝකෙන් මිදිලා හොඳ මිනිස්සු අතරට එන්න ලැබීම ඔබගේ වාසනාවක් !
අපේ මිනිස්සු තාමත් එතනමයි …
අවුරුදු 33ට පස්සෙත් ඔබට හොඳින් සිංහල කතා කරන්න පුළුවන් ...
ජය වේවා මිත්‍රයා !!!
Ane ammata hukanna thopi thamai bede genne dakune ammage hutta
කුඩාකල වැඩිහිටියකු කියා දෙන කතන්දරක් අසා සිටින කුඩා දරුවෙකු වගේ ආශාවෙන් බලං හිටියෙ මේ සිදුවීම..ඒ ප්‍රදේශයෙ සුන්දරත්වයත් එක්ක ...ඔබ තුමාට ජේසුපිහිටයි 🙏
අනිවාර්යයෙන් සහෝ❤️❤️❤️🙏
අැත්තටම ඔයා හරි වාසනාවන්තයි සහෝ. පෙරවාසනාවක්. බුදු සරනයි.
Yaluwata mokada une
සුපිරි ජීවිත කතාවක්
ඕමාන් ඩුබායි බෝඩර් එහෙම තමයි ඕමාන් විශාල බෝඩර් එකක් තියෙනවා ඊට පස්සේ ආයේ තියෙන්නේ ඕමාන් ම කිලෝමීටර් ගානක් යනකම් තමයි ඊට පස්සේ ඩූබායි බෝඩර් එක
ඔබට උදව් කල සියලු දෙනාම දෙවිවරු, මිනිස් වෙස්ගත් දෙවිවරු. මේ කතාව හරිම ආදර්ශවත්. මම තවත් යහපත් කෙනෙක් විය යුතුයි. ඔබ වෙනුවෙනුත් මං ඒ අයට පිං දෙනව.
කවුරුවත් කවදාවත් කියන්නේ නැති කතාවක් ඔබ පැහැදිලිව ඇත්තම කිවුවා එක කියද්දිත් අපි එතන හිටියා වගේ 🥰 පට්ට
ඔබතුමාගේ විදෙස් සංචාරයන් නැරඹීමෙන් මා ඉමහත් තෘප්තියක් ලබන බව කියන්නේ ඉතාමත් සතුටිනි . අපහට ජීවිතයේ කිසිම දවසක යෑමට තියා සිහිනෙන්වත් යාමට නොහැකි මේ සංචාරයන් අපවෙත ලබා දෙන ඔබහට අනේක වාරයක් ස්තූති .🌷🌷🌷
Obathuma Marama Sundaram minishek
දෛවය වෙනස් කරන්න බෑ කියලා කතාවක් තිබුනට ..මේ කතාව ඇහුවම තේරුනා අපේ දෛවය ලියෙගන්න ඕනෙ අපිමයි කියලා…
ජේසු පිහිටයි ❤
අනිවා
මාරම කතාවක්. තවත් ජීවිත අත්දැකීම් බෙදා ගන්න පුලුවන් නම්. මාරම වටිනවා. Skip නොකර බැලුවා. ♥️♥️
ස්තුතියි ❤️❤️
thank u very much mr, Sudanthaka
මාත් අයියේ 🙂👌
මට මේක අහල ලොකු ශක්තිය ක් ආවේ .ඇස් වලට කදුලු අවා. මේ ව්ඩියෝව තුල ගොඩක් හැගුම් බර දේවල් තියෙනවා .දිග ටම කර ගෙන යන්න .ඔබට ජය .
ලංකාවෙන් ජීවිතේ බේරගන ගිය ඔබ තුමාට එහෙ මිනිස්සු ජීවිතය දීල තියෙනව,,
සුදන්ත අයියා මට වචන නෑ ඔයා ගැන කියන්න,, ඔයා අතින් වියදම් කරන් film එකක් වගේ අපි වෙනුවෙන් ,, හරිම නිහතමානි ඔබතුමා තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ඕනෙ,, ජයවේවා !
ඔයාට ගොඩාක් ස්තුතියි 🙏 ❤️🌹
ඔබට එදා උදව් කලේ මිනිස්සු නෙමේ, දෙවිවරු. ඒ අයව ආයෙත් හම්බ උනේ නැත්තේ එකයි. ඒ අය ඔබට උදව වුන වගේ ඔබත් අනිත් අයට උදව් කරන්න.
eka aththa
සුපිරි කථාව ! 100% එකඟයි
ඇත්තමයී..මහ කන්දක් උඩ මිනිස් වෙසින් උන් දෙවිවරු.
මාරම කතාවක්. ජීවිතේ අවදානමක් ගන්නැතුව ජය ගන්න අපහසුයි කියන එක ඔප්පු වෙන කතාවක් . ❤
සුදන්තක, ඔයාගෙ ඉදිරිපත්කිරීම හරිම ස්වාභාවිකයි. ස්තුතියි ඔයාගෙ අත්දැකීම් බෙදාහදාගත්තට.
ඔබ අවසානයේ කියන ඉතාලි ජාතිකයන් ගැන මම 100% ක් එකඟ වෙමි , මමත් ඔබගේ කාලයේ ඉතාලි ආවේ , අපට ලැබුණ ආදරය, කරුණාව, අනුකම්පාව ඉතාමත් අගය කරමි.
ඔබ වැනි මිහිකතට අවශ්‍ය සුන්දර හිතහොද අයෙක් මෙතෙක් දුරක් රැකලා තියෙන්නෙ දෙවිවරුම තමයි.යුරෝපයේ සුන්දර තැන් අපට දකින්න සැලැස්සුව එක මහත් පිනක්.ඔබට මෙන්ම මුලු පව්ලටම යහපත් අනාගතයක් වේවා
මට අවුරුදු 21යි medical collage 1st year. ඔයා මට ගුරුවරයෙක් වගේ.මම කිව්වේ රට පනින්න නෙවෙයි 😂 මේ වගේ ඔයාගේ අත්දැකීම් බෙදා ගන්නවට.ඔයා වගේ වැඩිහිටියන්ගේ අත්දැකීම් අපිට ගොඩාක් වටිනවා.මම හරී කැමතියි වැඩිහිටියන්ගේ අත්දැකීම් බෙදා ගන්න මොකද මට ඒවයින් දෙයක් ගන්න මම කැමතියි.ගොඩාක් ස්තූතියි ඔබතුමාට.දිගටම මේ වගේ දේවල් කියන්න.මම හැමදාම බලන්ව.අපි වගේ ළමයින්ට හරී වටිනවා
අම්මපා අැත්ත... යවන්නැතිව බලන එක චැනල් එකක්... ඉලග එකත් ඉක්මනටම දාන්න... අර කාර් එකේ කෙනා ගැනත් කියන්න
මගේ ජීවිතේ විවිධාකාර අමුතු අත්දැකීම් වලින් පිරීල ලොකු විවිධත්වයක් තියෙන නිසා මමත් කැමතියි මගේ ජීවිතේට ❤️❤️🌹🌹
ඔබ දැන් සිට PLAB/AMC/USMLE යන විදේශ රටවල වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කිරීමට වැදගත් වන විභාග පිළිබඳ හෝ ලංකාවේ පශ්චාත් උපාධි පිලිබදව අවධානය යොමු කරන්න.
එසේම විදෙස් රටවල Shortage occupation list හා ඒවා ට අයදුම් කිරීමේ සුදුසුකම් පිළිබඳත් විටින්විට සොයා බලන්න.
@@lasanthaarachchige5360 ගොඩාක් ස්තූතිය advice වලට
පුතා,ඔයා හොද,ඉගෙන ගන්න ආස දරුවෙක් කියලා මට හිතෙනවා ..මම ගුරුවරයෙක්,මන් ලග ඔයා වගෙ රට වටෙම දරුවො ඉගෙන ගන්නාවා.."(online English platform)මට පුලුවන් පුතාට අවස්තාවක් දෙන්න නොමිලේම ඉගෙන ගන්න මගෙ online class ekata join wela.👨🏫
හදවතටම දැනෙනව ..මේක තමයි මාත් ආසාවෙන්ම අහන්න බලාගෙන හිටපු කතාව...
ස්තුතියි ❤️❤️😘😘
@@lokewatesudanthaka 👍
ලස්සන කතාවක් අවන්ක මිනිස්සු කොච්චර සුන්දර මිනිස්සු ද
ත්‍රාසජනක චිත්‍රපටයක් බැලුවා වගේ.ඔබට ගොඩක් ස්තුතියි...
කම්මැලි නැතිව තත්පරයක් නෑර බලන්න ආස හිතුන වීඩියෝවක්. හරිම ලස්සන ධෛර්ය සම්පන්න කථාවක් . දකුණෙ ගම කොහෙද අයියේ. තෙරුවන් සරණයි
ස්තුතියි ඔබට. මම ගාල්ලේ.
@@lokewatesudanthaka සතුටුයි අයියේ. ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි
ඔක්කොම බැලුවා අක්කෙ 👌
@@lokewatesudanthaka දකුණේ කොල්ලෙක් 👍👍👍👍 අපිත් දකුණේ තමයි ...
14 පාරක් බැලුව. මේක තමයි සුදන්තක අයියගෙ වීඩියෝ වලින් මම ආසම වීඩියෝ එක. හරියට නවකතාවක් වගෙ. (බරීස් පලෙවොයි මහත්තයා ලියපු "සැබෑ මිනිසෙකුගෙ කතාවක්" කියන නවකතාව මතක් වෙනව මට සුදන්තක අයියගෙ මේ වීඩියෝ එක බලද්දි.) බෙල්ල ගහල ගියත් තමුන්ගෙ ටාගට් එක වෙනස් නොකර ජීවිතය ජය ගත්ත ඇත්තටම සැබෑ මිනිස්සු සුදන්තක අයිය ඔයාල.
මමත් ආවේ ඔය වගේ මාරාන්තික ගමනකින්. ලංකාවෙන් පිටත් වුනේ 1999 අගෝස්තුවේ ( එතකොට වයස 24)මිලානෝ වලට ගොඩබැස්සේ 2000 අගෝස්තුවේ . ගමනට අවුරුද්දයි...
මාස 9 ක් විතර මං ගැන කිසිම තොරතුරක් කිසි කෙනෙක්ට නැ.අඩුම ගානේ මම වත් දැනගෙන හිටියේ නැ මම ඉන්නේ කොයි බෝඩරේද මොන රටෙ හිර ගෙදරද කියල.ඉන්දියාවේ ඉදන් මොස්කවු වලට ලෙසියෙන්ම ආවත් එතන ඉදන් දිගටම බෝඩර් ගාඩ්ලට මාට්ටු වෙවි හිර ගෙවල් වල ලැග ලැග . බෝඩර් පන්නන රුසියන් එවුන්ගෙන් ගුටි කකා එකම ඇදුම දවස් ගාණක් ඇදගෙන ( ඇතැම් විට සති ගානක්)ඇදගෙන කන්න නැතුව රුසියාවේ කළැබද ගෙවල් වල කුස්සිවලට පැනල කෑම හොරකම් කරකර 😥 උන්ගෙනුත් ගුටි කාල. අන්තිමට ජර්මනියට ආවා.ඒ වෙනකොට මං ගැන තොරතුරක් නැතුව මාස 9 ක්..
අම්ම සහ මගෙ Girlfriend ( දැන් ආදර බිරිද)හිතල තියෙන්නෙ මම ඉවරයි කියල.මොකො ඒ කාලේ බෝඩර් පනින්න ගිය ගොඩක් අය මැරුණ නිසා...එක පාරක් මට අසනීප නිසා යුක්‍රේනේදි මාව පණ පිටින්ම වලකට දාල පස් දැම්ම. 😂 ඒත් මාත් එක්ක හිටපු අනිත් අය ( දෙමල LTTE එකේ ඉදන් පැනල යන කොල්ලො ටිකක්) අරූට ගහල මාව ගොඩ ගත්තා
ජර්මනියට එනකොට මම ඇවිදින ඇට සැකිල්ලක්. මගෙ නැදැ වෙන අයියට ( upul wedikkara ) මාව අදුරගන්නත් බැරි උනා.සෑහෙන කාලයක් බෙහෙත් කලා.අඩටත් හොද සවුක්‍ය තත්වයක් නැහැ උන්ට පින් සිද්ද වෙන්න....
ඒත් අද ඉන්න තැන ගැන සතුටුයි.
මම පැන්න බෝඩර් රුසියා - බෙලාරුසියා, බෙලාරුසියා - යුක්‍රේන් , යුක්‍රේන් - පෝලන්ත , පෝලන්ත. - ජර්මන් , ජර්මන්- ස්විට්සර්ලන්තය , ස්විට්සර්ලන්තය - ඉතාලි..
ජර්මනියේන් පස්සෙ නම් අවුලක් උනේ නැ 😜
ආර්ථික අපහසුකම් නිසා ඒ වෙනකොට ලංකාවෙදි විදින්න උන නින්දා නිසා ඇතිවුන හිතේ හයිය නවත්තන්න පුළුවන් වුනේ ඉතාලි භූමියට ගොඩ බැස්සසට පස්සේ 💪💪💪
අද බොහොම සතුටින් , එදා. මට වෙච්ච හිත් රිදවීම්, පසුතැවිම් නොවන්න මම තාම ලංකාවේ .එදා ඒවා කරපු අයට නොදෙවෙනි තැනක මම ඉන්නව..
( ඔය ලිව්වේ කෙටියෙන් ..ඒ මුළු ගමනෙම වෙච්ච ඔක්කොම ලිව්වොත් නම් පොතක් ලිව්වහැකි 😂😂)
ammo godak dukbara kathawak wenna ona.oya wasanawanthai subapathanawa.mama ratkata enna hitagena horunta salli didi ahuwela idakadam nethikaran godak duk widala thawath vidina knk oyata pulwanda aiye matath udau karanna pls
අම්මෝ ඔයාගෙ කතාව හිතාගන්න බැරි තරම් කටුක එකක් නේද. අපි මේ තරම් අවාසනාවන්ත ජාතියක් වීම ගැනයි හිතට ලොකුම දුක එන්නෙ. මට ඒ කාලෙත් හිතුන අපේ රටත් ඉන්න හිතෙන රටක් උනානම් අපි මෙහෙම අරහෙ මෙහේ පනින්නෙ නෑනේ කියල
@@lokewatesudanthaka ane aiye .mata udauwak karanna pls
Oyath me wage channel ekakin oyage me athdakeem beda gannako. Mehema manasika shakthiyak athi minisun innawa kiyaddith mata pudumai...
ප්ලීස් මට italy එන්න උදව් කරන්නකෝ
බොහෝදෙනා නොකියන දෙයක් ඔබතුමා කිව්වේ. මේ සරළ , නිරහංකාරබවට ගරු කිරීමට තමයි තුමා කියලා ඇමතුවේ. ඔබ වැනි විරල මිනිස්සු ගැන අපි ආඩම්බර වෙමු. ගරු කරමු. !
ඔබට ගොඩක් ස්තුතියි ලලිත්
Q
@@crkccscite2115 0qQQ
ඇත්තටම
,නියමයී
ඉතා වැදගත් වීඩීයෝව❤❤❤❤
උදවු කරපු අයට අදටත් පින් ඩෙන්න සර්
ඔව් හරිම හොඳ මිනිස්සු ඇත්තටම
දැන් කාලේ සමහරක් මිනිසුන්ට නැති සරලකම සහා අවංකකමට හිස නමා ආචාර කරනවා අයියා 👍
ස්තුතියි ඔබට ❤️🌹
ඔයාට එදා උදව් කරපු ඒ මිනිස්සුන්ගෙ අවංක කම මම කල්පනා කලේ.මාර මිනිස්සු,හිතා ගන්න බෑ... ඒකම හොද පාඩමක් ❤ ආසාවෙන් අහගෙන හිටියා.බොහොම ස්තූතියි
Oya වගේම කතාවක් mage itali gamaneth තියෙනවා .ජයවේවා .
සුදන්ත....මේ වගේ ලොකු කරණම් ගොඩක් ගහලා ඔයා වගේම ලෝකය දිනාගත් කෙනෙක් හැටියට මේ කතාවෙන් උකහා ගන්න තිබෙන ජීවිතයකට ආදර්ශමත් පාඩම් බොහෝයි .....බොහොම අව්‍යාජව ඉදිරිපත් කරන ඔයාගෙ හැම වීඩියෝවකටම ප්‍රණාමය ....ඔබ සිය පවුලටම සදා ජය හා සතුට....🙏
ඔයාට ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
ඔබරට.හැරගියඵක.ඵදාට.ගැලපුනාට.අදගැන.හිතලදැන්.කටයුතූ කරන්න. අපේ කෝල් ලන් පීඩාවට පත්කරපු. ඔවුනුත් දනගස්සන්න කටයුතු කරමු
මමත් අවේ බෝඩර්,ඔයාගේ මේ වැඩ සටහන බලලා මගේ අතීතය මතක් වෙලා හුඟාක් ඇඩුණා, ඇඩුවා අද සැප වින්දට මේ තැනට එන්න මොන තරම් දුක් වින්දද,,මේවා කව්රුත් කියන්නේ නැනේ,හරියට උඩින් පහල උනා වගේ කතා කරන්නේ සහෝදරයා ඔබත් මම වගේ ඇත්ත කතා කරන කෙනෙක් ඔබට ශක්තිය ධෛරීය දියුණුව උදාවේවා යි පතමි ජේසු පිහිටයි
අපිට uadau කරන්න ko
හරිම නිහතමානී මනුස්සයෙක් මහත්තයො ඔයා.. බණ ගෙදරක් අස්සේ ඒක ඉවරවෙලා ඔයාගේ videos මම බලද්දී මගේ වටේට එකතු උනා කීපදෙනෙක්... රට ඉඳගෙන ඔයා හරිම සරල විදියට කතාකරන ඒ විදිය අහලා, ඒ වගේම වැදගත්කම නිසාම වටේම ඉඳපු කීපදෙනාම ඔබතුමාගේ chanell එක subscribe කලා...
සුබ අනාගතයක් ඔබට.. ජය..
අනේ... හරිම ආසයි ඉඳුනිල් මල්ලී. ඔයාට ස්තුතියි ගොඩාක් 🌹❤️
ඔබය රටවල් 100 නෙවෙයි ලෝකෙ වටේම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.නොදන්න දේවල් ගොඩක් දැනගන්නවා මේ චැනල් එකෙන්.
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️
මාරම සංවේදී කතාවක් මාමේ
මේ සිද්දියට මුහුණ දෙද්දි මොනා හිතෙන්න ඇද්ද නම් නොවේ ,, ඔබට මොනා නම් නොහිතෙන්න ඇත්ද
මෙ වගේ වෙලාවට හිතේ හැම දෙයක්ම මතක් වෙනව ඇති ,
දීර්ඝායු ලැබේවා ඔබට 🙂👌
බොහොමත්ම ලස්සන video එකක් අයියේ. දුක වේදනාව සංතෝෂය ඇතුළු මේ හැමදේම මේ දේ ඇතුලේ රැඳී තිබුනා.
රසට ලියන්න තරම් නම් දැනීමක් මට නැහැ. ඔයාට ජයෙන් ජය වේවා....!!
මාර වටින වීඩියෝ එකක්... පනින්න අදහසක් ගන්න නෙමේ.... පනින්න හිතන් ඉන්න අයට මේකේ භයානක කම කොච්චරද කියල දැනගන්න... අද කාලෙ රෝමේනියා ඇවිත් පනිනව කියන එක රැල්ලක් වෙලා... ඉතින් අදහසක් ගන්න පුලුවන්නෙ කොච්චර අභියෝගයක් තියෙනවද කියල බෝඩර් පනින්න... පනිනවද නැද්ද කියන එක පනින්න හිතන් ඉන්න අයගෙ වැඩක්... මොනදේ කරත් පරිස්සමෙන් ...... සුදත්තක මහත්මයා ඔබට ස්තූති මේ වැඩසටහන කරාට... ජය..☺️
Deviwaru vage minussu
අම්මෝ රුමේනියාවෙන්නම් පනින්න එපා ජල්තර කාරයො සල්ලි ගන්න බොරු කියල මාරු වෙනවා.
@@lokewatesudanthaka ඒක හරි... අපේ අයට ඕව කියපුහම හිතන්නෙ කුහකකමට,ඊරිසියාවට කියනව කියල...
හරිම ත්‍රාසජනක අත්දැකීමක්.ඔයාගෙ පැහැදිලි කිරීමත් විශිෂ්ඨයි .ජයවේවා
ත්‍රාසය ,හීතිය ,කුතුහලය පිරි ජීවිත අත්දැකීමක් ගෙනාවට බොහොම ස්තුතියි.සැබෑ සිහින දකින්නන්ට, සොබාදහමද ආශිර්වාද කරයි.🙋🙋
ඔයාට ස්තුතියි 🙏 ❤️🌹
ගොඩක් වටිනා විඩියෝ එකක්.. ගොඩක් දේවල් දැනගත්ත..නිරහංකාර ඔබට සැමදා ජය...!!!
ස්තුතියි ඔබට ❤️🌹
අමිමේ දුර ගමනක් ගියා.හරි ලස්සනයි කතාව.ගොඩාක් වටිනව මේ කතාව.ලංකාවෙ මේ වෙනවිට නැති එකමයි හොද.ලංකාවේ අවංක මිනිස්සු නැ.ඔබට බුදු සරණයි.
වෙලාව ගෙවුනා දැනුනෙවත් නෑ.මාරම ආසාවෙන් අහගෙන හිටියෙ.👍
ස්තුතියි ඔබට 🌹🌹❤️❤️
ඔබතුමාගේ අත්දැකීම් අප සමඟ බෙදාගත්තාට ස්තූතියි..ඉතාලි ජීවිත කතාවෙ ඉතුරු ටිකත් අහන්න ආසයි..😊😊
ස්තුතියි ඔබට ❤️❤️
හරිම ආශාවෙන් අහපු කතාවක්. ඔබ ගැන මාරම ආඩම්බරයි. ඔබ නිර්බීතයි.ඒවගේම අවංක කම නිසයි ඔබට සියල්ල යහපත් ලෙස සිදුවුනේ.... පරිස්සමින් සතුටින් ඉන්න සහෝදරයා..❤
ඒ රටේ අයගේ අවංකබව නොතිබුණා නම් සමහර විට ඔබ ජීවතුන් අතර නැත..
හරිම ත්‍රාසජනක කතාවක්
ඔබගේ එදා වයස අනුව කලබල වීම සාදාරනයි.. එදා වෙන්න තිබුනු දේ වුනා.. ඔබට හමු වූ මිනිසුන් ගේ මනුසත් ගතිගුන හා අවංක බව නිසා අද ඔබ ඔය තත්වේ.. 🙂
මුළු වැඩසටහනම එක දිගටම බැලුවා. ගොඩක් දේවල් තියෙනවා ඒ කතාව ඇතුළත අපිට හිතන්න.. ජීවිතයේ මිනිස්සුන්ට හමුවන හැරවූම් ලක්ශයන් එක එක විදියට එනවා. වාසනාවට ඔබට ඉතාමත් හොඳ මිනිසුන් පිරිසක් හමුවෙලා තියෙනවා. ඒනිසාම ඔබ අද ඔතන ඉන්නේ.. වරදින්නෙ නෑ.. ඔබේ අත්දැකීම් අපිට බෙදා දීම ගැන ස්තුතියි ...ඔබට ජය වේවා. තෙරුවන් සරණයි 👍🙏
ඔව් ඇත්තටම මට ජීවිතේ නරක අයට වැඩියෙන් හමු උනේ හොඳම අය ❤️❤️🌹🌹
@@lokewatesudanthaka ඔබටත් පවුලේ හැමදෙනාටමත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. හැම සතියකම video එකක් දාන්න.. අපි බලාගෙන ඉන්නවා 😍❤🙏👍
ඉතා අවදානම් ගමනක ගිහින් අද සුන්දර ජීවිතයක් ගතකරනවා. ඔයාගේ කතාව අපිට ගොඩක් ආදර්ශමත්. අපිත් කවදාහරි ඉතාලියට එනවා. බුදුසරණයි.❤❤
අවන්කවම මම දැක්ක හොදම youtube channel එක ඔබතුමන්ගේ එක. ගොඩාක් දේවල් අපේ ජිවිතයට ගන්න තියනවා ඔබතුමාගෙන් 🥺🙏🙏🙏
ස්තූතියි මල්ලී ඔයාට ❤️🌹
නියමයි එක විනාඩියක් යවන් නැතුව අහන් හිටිය❤️මිලානෝ ඉදල ජීවිත කතාවත් ඕනේ අනිවාර්යයෙනම 🙏❤️
පිස්සු හැදෙන කතාව බැලුවා දෙවෙනි සැරේටත්😍
අර උදව් කරපු සෙට් එක නම් පිස්සු හැදෙනවා.එයාලගේ contacts ගත්තේ නැති එකට නම් ඔයාට විතරක් නෙවෙයි අපිටත් තියෙන්නේ පුදුම කේන්තියක් 😊
මගේ ජීවිතේ අහපු ත්‍රාසජනකම ඇත්ත කතාව ...!
ඔබට ජය ✌
රත්තරං මනුස්සයෙක් අයියෙ ඔයා.එක ඉංග්‍රීසි වචනයක් කතා කරන් නෑ..නියම සිංහලයෙක්...මම ඉන්නෙත් ඊශ්‍රායල්..ඇත්තටම සුපිරි අයියේ
ගොඩාක් ස්තුතියි මල්ලියේ ඔයාට 😘😘❤️❤️
මටත් හොද රටකට යන්න ආසයි එත් මටනම් හීනයක් 🥺💦....
yes
ආ ඊශ්‍රායල් ද ?? මම පලස්තීනයේ හිටුකෝ අල්ලගන්න 😁
නිහතමානී බවේ නිර්වචනය... "සුදන්තක..."
මම එංගලන්තයේ ඉදන් මේක බලන්නෙ. ලොකු ආසාවක් තියනව පොඩි කාලෙ ඉදන් මේ වගේ travel vlog කරන්න.. ලෝකෙ වටේ ඇවිදින්න... හීනයක් මගෙ...
ඔයාගෙ vlog බලද්දි ලොකු motivation එකක් ආව 💪❤
මා මෑතකදී දුටු නිරහංකාර චරිතයක්.ඔබගේ අදහස් නිසා බොහෝ කාලයක් යන්න කලින් මමත් රුමේනියාවට එනව..එන්න අවශ්‍ය කරන හැමදේකම දැනට 50% විතර ඉවරයි.ස්තූතියි ඔබතුමාට.❤❤❤
ඔව් කොහොමහරි යුරෝපෙට එන්න
අපි tamil.අපේ තාත්තත් ඉතාලි ගියේ අවුරුදු 19 දි. ඒත් ගියේ border cross කරලා. අපේ තාත්තගේ ගම පුත්තලම, මදුරන්කුලිය. තාත්තා O/L ඉවර වෙලා මාරවිල ඔරලෝසු කාර්මික පුහුණුවට යනවා. ඒ වයස 18 දී.
ඔහොම වැඩ කරගෙන ඉන්න අතරතුරේ දි තමා තාත්තට ඉතාලි යන සිහිනය එන්නේ. මොකද ඒ කාලේ මාරවිල, වෙන්නප්පු ගොඩක් අය ඉතාලි ගියා.
අපේ තාත්තගේ ලොකු අම්මා ඒ වෙනකොට ඉතාලි හිටියේ. එයා sister කෙනෙක්ගේ මාර්ගයෙන් 1987 දි ඉතාලි ගියේ.
එයාගේ උදව්වෙන් අපේ තාත්තා 1990දි බල්ගේරියාවේ සොෆියා වලට එනවා. එහෙදි එයාට border පනින වැඩේට set වෙලා තියෙන්නේ ලංකාවේ කුරුණෑගල, අම්පාර පැති වල අය.
කැලෑ වලින් border cross කරද්දී තාත්තගේ කකුල් අයිස් වෙලා තියෙනවා. තව වේගෙන් එන්නේ නැත්තම් තුර්කි කාරයෝ දෙන්නෙක් කස වලින් ගහනවලු.
අන්තිමට venice වලින් පයින් ගහල තල්ලු කරලා ගියා කියලා තාත්තා කියන්නේ.
තාත්තා ඒ අත්දැකීම අදටත් හැමෝම එක්ක බෙදා ගන්ඩ අදි මදි කරන්නේ නෑ.
ඔව් ඒ කාලෙ බල්ගේරියාවට ලංකාවෙ අයට වීස ඕන නෑ. නිකම්ම යන්න පුළුවන් නිසා ගොඩක් අය එහෙම ගිහින් ඉතාලි ආවා බෝඩර් වලින්.
බිහිසූනූ වීරකතාවක් ඔබතුමාට ස්තුතියී
මාත් ආසම රටක්😌 අපිට එන්න පින නෑ.අයියට ගොඩක් දෙනෙක්ගෙන් උදව් ලැබිලා තියෙනවා. ඒ වගෙම ගොඩක් අවංක මිනිස්සු හම්බේලා තියෙනවා.ගොඩක් වාසනාවන්ත කෙනෙක් අයියේ ඔයා.❤️🇮🇪
ඇත්තටම හරිම ආසාවෙන් ඔබ තුමාගේ කතාව බැලුවේ.
ඔබ වීරයෙක්, වයස අවුරුදු 20 දී මේ වගේ තීරණයක් ගැනීමට නිර්භීතයි.
1989 දී පළමු වරට ශ්‍රී ලංකාවෙන් ජර්මනියට පැමිණීමට ඔබ සමත් වූයේ කෙසේද? මම ඔබේ අනාගතයට ආශීර්වාද කරමි
ඒක ඊටත් වඩා අපූරු කතාවක් මල්ලී. ජීවිතේ බේරගන්න ලංකාවෙන් පිට උනාට පස්සෙ පුදුම හයියක් හිතට ආවෙ පොඩි උනාට.
ඒ කතාවත් කියන්නකෝ
@@lokewatesudanthaka ekath kiynna ikmanata
@@lokewatesudanthaka SALLI KIYAK ATHE THIBUNADA
E kathawa kiyannko
ඔබ පෙර පින් කරපු ඉතාම වාසනාවන්ත කෙනෙක්...
ඔබ ඔබේ ජීවිතයෙ ලොකු අත්දැකීම් සහ විඳීමට ලක් වූ කෙනෙක්..සියල්ල සොබා දහමේ ආශිර්වාදයක්...
බලාගෙන ඉදපු වීඩියෝ එකක්...අපි දන්නව සුදන්තක අයිය ලොකු කට්ටක් කාල තැනකට ඇවිත් අනිත් මිනිස්සුත් ගොඩදාන්න උත්සාහ කරන කෙනෙක් කියල,,ජයවේවා....ගෙදර ඔක්කොමල මතක් කරා කියන්න..ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක්🙏🙏
ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ස්තුතියි නංගියේ
මට පොඩි අදහසක් ආව... ඔබ තුමාට දැන් මේ තැන් වලට යන්න ලේසි නිසා තාක්ශනේ,දැනුම,මුදල් වගේ දේවලුත් තියන නිසා 100k වෙනකොට මේ කතාව ඒ විදිහටම පට්ගත කිරීමක් කරන්න උත්සහ කරමුද.... ☺️☺️☺️ පුලුවන්කමක් තියෙනවනම් හිතල බලන්න ටිකක්... සමහර විට ලංකාවෙන් ආපු තැන ඉදන් කෙටියෙන් හරි කමක් නෑ බීසන කාලෙ මේවගේ රටින් පිටවෙලා ... පට්ට්ට්ට්ට්ට කට්ට කාලා... සුපිරි තැනකට ආව කීදෙනෙක් ඇද්ද....☺️☺️☺️ ජය...❤️
භීෂණ කාලෙ ගැන සමහර දේවල් කතාකරන්නත් බයයි තාමත්.
@@lokewatesudanthaka ඔව් ඒක ඇත්ත... සමහර වෙලාවට ලංකාවෙන් පැන්නෙ ආරක්ශාවට උනත් දැන් පිට රටවලත් ලාංකිකයන්ට විශේශයෙන් සිංහලයන්ට තර්ජන වැඩී ... මම දකින දේවලුත් එක්ක කීවෙ... හරි හෝ වැරදි වෙන්න පුලුවන්...☺️
ඔයාට බැරිද ලුමෙනියවෙ ඉන්නකෙනෙකුට හෙල්ප් කරන්න ඉතලියට පැනගන්න
ගොඩක් අයට අමතකම මුල.. ඒත් ඔබතුමාට මතක මුල 😘 ඒකයි වටින්නේ 😍
පෙර සංසාරේ කරපු කුසල්. ඔබ තුමාට පිහිට උනා. ඒකයි ඇත්ත.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️🌹🌹😍
@@lokewatesudanthaka අයියේ කථාව ඇහුවට මම තනිකරම ඔයාගේ ගමන ගියා ඔයාගේ ගමනේ චරිතටික පවා මට පෙන්න ගත්තා . ඔයාගේ කථා විලාසය සහ ගලාගෙන යෑම හරිම අකර්ශනියයි . ඔබට ජය !!!!!
නියමයි සර් .. බලාපොරොත්තුවෙන් හිටිය විඩියො එක්ස්ක්
🙏🙏❤️❤️❤️🌹
අපූරු ගමන👍👍👍
ඔබ නම් මාර මිනිහෙක්නෙ ...!!!!
පුරැවෙ කරපු පිනකට ජිවිතය සහ අත පය මාකුත් නොවි බෙරෙන්න ඇති!!!
ඔබගෙ කතාවෙ එන ඒ ඒ සුවිස් ජාතිකයා, කන්ද පාමුල කැලෙන් ඔබව අහම්බෙන් හොයාගන ජිවිතය පව බෙරා මිලානො දක්වා යවන්නට ක්‍රියාකල ඉතාලි ජාතිකයන් කිහිප දෙනා ...ඔබගෙ වටෙ එවකට සිටි ඉශ්ටදෙවතාවරැන් වෙන්න ඇති!!!!
ඔබට මම හදවතින්ම සුබපතනව .
ඒත් මෙ අයියා වගෙ මෙවැනි ක්‍රියා වෙනඅය කරන්න පෙලබෙන්න එපා !
It’s too risky.
ඒ වගේ වෙලාවක හිතට එන ජවයත් එක්ක යහපත් මිනිස්සුත් හමු උනාම ඇත්තටම ලොකු වාසනාවක්ම තමයි ❤️❤️🌹🌹
@@lokewatesudanthaka
අපි ඉපදුනු රට එක එක මන්කොල්ල කරයො දිගටම මරැවෙන් මරැවට කොල්ලකකා රටෙ සමන්‍යවිදිහට මිනිස්සුන්ට ජිවත්වෙන්න අපහසු නිසා තමයි මෙහෙම ලංකාවෙ මිනිස්සු තම ජිවිත පවා පරැදුවට තබා වෙනරටවල් වලට යන්න තැත්කරන්නෙ!!!! ගොඩක් දෙනෙක් ලොකු අනතුරැ වලට මුහුනදිලා ජිවිතය පව නැතිවුනා කියල අහල තියෙනව!!!
අපිත් දැන් අවු බරගනනක් ජිවත්වෙන්නෙ ලංකාවෙන් පිට !
මම කුඩාකලයෙදිම දෙමව්පියන් අනිත් සහොදරයින් සමග
පිටරට පදින්චියට පැමිනියා.
මෙහෙ ජිවත්වෙන්න කිසිම කරදරයක් නෑ ,තියන එකම දේ ශීතකලය අවු මාස 7ක් පමන තිබිමයි. Have an awesome weekend bro.
Cheers 🍻
හරිම කුතුහලයෙන් බලපු වීඩියෝ එකක් අයියේ 🥰🥰🥰❤️
දෙවෙනි වතාවටත් අද කතාව බැලුවා හරිම ආස හිතෙනවා බලද්දී .ජීවිතයේ එක දවසකට හරි ඉතාලි එන්න ආසාව ඇති උනේ මේ වීඩියෝව නිසා අන්කල් .ස්තූතියි
You are a so humble human being ayya! If a movie is being made, it'd surely be a blockbuster!!
Thanks dear 🙏 ❤️🌹
In 1990, I met a a group of Sri Lankans in Paris who had similar boarder crossing experience. One of them told me that how he crossed Yugoslavian border to Italy and got into trouble like you. He had walked in the wilderness for days and happened to meet a kind hearted retired Italian doctor who treated his injuries and helped him to travel to Rome by train.
People in Sri Lanka must not be encouraged to go to another country illegally.
ඔබතුමාගේ කතාව මට රුසියන් නවකතාවක වගේ ත්‍රාසජනක හැගීමක් හිතට දැනුනා.ඔබතුම හරිම එඩිතර ,අවදානමක් අරගෙන ජිවත්වෙන්න බයනැති නිර්භීත කෙනෙක් බව මෙ කතාව අහද්දි පේනවා.ඔබ වැනි දිරිය මිනිසුන්ගේ කතා ජිවිතේට හොද අත්දැකිමක් ගෙන දෙනවා.ඔබට ජයම වේවා!!
මම ඔය විදිහට පැනලා ඉතාලි බෝඩරේත් පැනලා ස්විස් ගියා.. ❤️
Dan koheda inne
රට කාපු වැඩ ඕවා
කොයි කාලෙද ?
Suwis da hoda ithlyda
@@superboy4821 swis
අපේ රටවල් වගේද බලන්න ඒ රටවල් 🔥🥺 අනිවා යනවා දවසක යුරෝපෙ රටකට සදහටම ජිවත් වෙන්න ❤️😍
අනිවාර්යයෙන්ම 🥰❤️ මගෙත් ජීවීතෙ අවසාන නවාතැන්පොළ යුරෝපෙ😊❤❤❤❤
ඇත්තමයි මම මුළු කතාවම ඇහුවා. අර මිනිස්සු කොච්චර අවංකද ඒ මිනිසුන්ගේ අවංකකම නිසා අද ඔයා හොඳ තැනක ඉන්නවා.
සුපිරි කතාව ඉවර වෙනකම් බැලුවා හැමදෙම පැහැදිලිව කිව්වා බුදුසරණයි අයියෙ 🙏❤️...
90 80 දසකයේ අපේ රට ලස්සන කරන්න හිටපු ඔයාල වගෙ නිර්භීත තරුණ කොල්ලො මඡර දෙශපාලුවො නිසා රට හැරගිය.ඔබට සදා ඡය🙏❤️
මමත් මරණෙන් ගැලවුනේ නූලෙන් දිල්ශා. නොම්මර නැති වාහන දෙකකින් මාව මරන්න අරගෙන යන්න ආපු දවසෙ සිදුවීම් පෙල අදටත් මතක් වෙද්දි දරාගන්න බෑ
@@lokewatesudanthaka ඒ විස්තරෙත් අහන්න ආසයි.
@@lokewatesudanthaka සර් ඒ කතාවත් කියන්නකෝ 🥺
@@lokewatesudanthaka ane ekath kymuko
@@mrtmadurasingha15 අදත් දේශපාලනේ තියන ගැටලු නිසයි අපිත් එඉදවන්නෙ
නානදුන නොදන්නා මිනිසුන් ඔබට උදව් කරපු ඒ මනුස්සකම සියලු මානව වාදි මිනිසුන්ට මෙය උපහාරයක් වෙවා..!
BsUAE
අයියේ අඋරැදු 20 අපිටනන් එක හිනයක්ම තමයි.ඇයි අපේ මිනිස්සු අපේ දුප්පත් අයට උදඋ නොකරන්නේ.
Wow, one of the best Presentation by a true Sri Lankan. 👍
Very humble, very truthful sometimes witty, and very educational of course.
Thanks for sharing your wonderful story.
All the best.
ඔබතුමන්ගේ අවංක කමට ගරුකරමි.. දීර්ඝායුෂ ලැබේවා... ❤️❤️❤️
මල්ලි .ඔයා අපිවත් මිලනො ස්ටේෂන් ඇවිත් firenze..දුම්රියට ටිකට් අරන් දිලා , දුම්රියට නග්ගවලා.තමයි ඔයා
..ගියේ අදවාගේ මතකයි..මට
ඔබට මතක තිබීම මට සතුටක් 👍
ඇත්තටම ඔබේ කතාව අහන විට, මගේ අතිත කතාව මතක් වෙනව. මමත් ප්‍රංශයට ආවේ 1990 මුල ඔයට සමාන ත්‍රාසජනක ගමනක් යුගොස්ලාවියාව හරහා මරන සහතිකය අතේ තියාගෙන. සත්තකින්ම එය හැරවුම් ලක්ෂයක්. ඔබට ජය
ඒ කතාවත් අහන්න ආසයි...
යුගෝස්ලාවියාව 90 දශකයේ ඉතාමත් දරුනු යුද්ධය ක් පැවති අවස්ථාවක් !
මම රුසියාව හරහ යුගොස්ලාවියාවට ආවෙ මගෙ හිතවතෙකු සමග. එකල එම රට තනි රටක්. මම හිතන විදිහට ඒ රට රටවල් 10කට පමන කැඩුනෙ 1991දි. අපි ආවෙ Zagreb වලට ඊට පසු Ljubljana වලට. කැලෙන්, බිම්ගෙවල් ඇතුලෙන්, බෝට්ටුවක යට(කැබින්), කෝච්චියෙ. මම පැරිසියට එන විට මගෙ අතේ තිබුණෙ සිරි-සිරිබෑග්එක සමග Tෂර්ට් එකක් පමනයි. මට වාස් ගුණවර්ධන කියල යාලුවෙක් පැරීසියේදී උදව් උපකාර කරා. (ඔහුට පිං) එදා තිබුණ අපේ මොරාල් එක ගැන අදටත් පුදුමයි. මෙවැනි ගමන් ආව සියලු දෙනාට මෙවැනිම අත්දැකීම් ඇති. ඔබලාට ජය!!
ඔබේ ලස්සනම ලස්සන කමෙන්ට් එකට ස්තුතියි අනුර. ඒ කාලෙ අපේ හිත් වල බය කියල දෙයක් තිබුනෙම නෑ නේද. ඔව් 91 න් පස්සෙ තමයි ඒ රට කැඩුනෙ රටවල් 7කට. යුරෝපෙට ආපු හුඟ දෙනෙක්ගෙ ආරම්භය කඳුළු කතාවක්. ❤️❤️🌹🌹
ම්
ලෝකේ වටේ යන්න පුදුම තරම් වාසනාවක් තියෙන්න ඕනේ.ඔබ තුමා වාසනාවන්තයි කියලා තෙරුම් ගන්න හොදම දේ ඔබ තුමාට එ අවස්ථාවේ මුණ ගැහුන පුද්ගලින් 👍👍👍👍
ඇත්තටම ආසාවෙන් ඉවර වෙනකම්ම මෙච්චර දිග වීඩියෝ එකක බැලුවාමයි ...ජයවේවා තෙරුවන් සරණයි....
ඔබ සුන්දර මනුස්සයෙක්. 👈❤🙏💐
ඇල්බේනියාවෙ ඉදන් රුමේනියාව හරහා ඉතාලියට යන්න අදහසක් දෙන්නකො කරුනාකරලා...🙏🙏
Inbox msg ekak danna plz...
Aiyata thibuna oyata udaw karapu minissunwa apahu balanna yanna..obe jiwithaya hadagath pasuwahari..e gamata gihin eyala hambela awanam owunta kalaguna salakeeme sathuta danennata thibuna..u tube channel eka nisa newei kalin yanna tbuna ❤
අම්මෝ මාර කතාවක් අයියේ....චිත්‍රපටයක් බැලුව වගේ..👍👍👍
ස්තුතියි 🌹🌹❤️❤️