ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉන්දියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් අරාබි මුහුදේ දී ඊශ්‍රායලයට සම්බන්ධ සමාගමකට අයත් යැයි පැවසෙන වෙළඳ නෞකාවකට අද සවස ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරය නිසා නෞකාවේ බඳට යම් හානියක් සිදු වී ඇති බවත්, එසේම නෞකාවේ ගින්නක් හට ගෙන තිබූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්ථා කර තිබේ. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වෙරාවල් නගරයේ සිට කිලෝමීටර් 200ක් (සැතපුම් 120ක්) පමණ නිරිත දෙසින් සිදු වූ මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ ලයිබීරියානු ධජය සහිත තෙල් හෝ රසායනික නිෂ්පාදන ප්‍රවාහන නෞකාවක් (Oil/Chemical Product Tanker) වන M/T Chem Pluto නෞකාවයි. එහි කාර්ය මණ්ඩලයේ 24 දෙනාගෙන් 21 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට ප්‍රහාරයෙන් හානි සිදු වී නොමැති බව පැවසෙයි. ප්‍රහාරයට ලක් වන විට එම නෞකාව සෞදි අරාබියේ සිට දකුණු ඉන්දියාවේ මැංගලෝර් වරාය දක්වා යාත්‍රා කරමින් සිට ඇති අතර ප්‍රහාරය සැල් වූ වහාම ඉන්දීය ගුවන් හමුදා යානාවක් සහ නාවික හමුදා නෞකාවක් එම නෞකාවේ ආරක්ෂාව සදහා යවා තිබේ.මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාර ගෙන නොමැති නමුත් මෙය ද යේමන් හවුතී සංවිධානයේ ප්‍රහාරයක් බව අනුමාන කර තිබේ. එය එසේ නම් යේමන් භූමියට දුරින්ම සිදු වූ ප්‍රහාරය මෙය වනු ඇති අතර එසේම රතු මුහුදේ සහ ඒඩන් බොක්ක තුල වෙළඳ නෞකා මුහුණ දෙමින් සිටින අර්බූදය මේ සමග අරාබි මුහුද දක්වා පැතිරීමද මෙම ප්‍රහාරය මගින් තහවුරු වේ.
Thank you so much details share karata
Thank you very much
ඉන්දියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් අරාබි මුහුදේ දී ඊශ්‍රායලයට සම්බන්ධ සමාගමකට අයත් යැයි පැවසෙන වෙළඳ නෞකාවකට අද සවස ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරය නිසා නෞකාවේ බඳට යම් හානියක් සිදු වී ඇති බවත්, එසේම නෞකාවේ ගින්නක් හට ගෙන තිබූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්ථා කර තිබේ.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වෙරාවල් නගරයේ සිට කිලෝමීටර් 200ක් (සැතපුම් 120ක්) පමණ නිරිත දෙසින් සිදු වූ මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ ලයිබීරියානු ධජය සහිත තෙල් හෝ රසායනික නිෂ්පාදන ප්‍රවාහන නෞකාවක් (Oil/Chemical Product Tanker) වන M/T Chem Pluto නෞකාවයි. එහි කාර්ය මණ්ඩලයේ 24 දෙනාගෙන් 21 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට ප්‍රහාරයෙන් හානි සිදු වී නොමැති බව පැවසෙයි.
ප්‍රහාරයට ලක් වන විට එම නෞකාව සෞදි අරාබියේ සිට දකුණු ඉන්දියාවේ මැංගලෝර් වරාය දක්වා යාත්‍රා කරමින් සිට ඇති අතර ප්‍රහාරය සැල් වූ වහාම ඉන්දීය ගුවන් හමුදා යානාවක් සහ නාවික හමුදා නෞකාවක් එම නෞකාවේ ආරක්ෂාව සදහා යවා තිබේ.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාර ගෙන නොමැති නමුත් මෙය ද යේමන් හවුතී සංවිධානයේ ප්‍රහාරයක් බව අනුමාන කර තිබේ. එය එසේ නම් යේමන් භූමියට දුරින්ම සිදු වූ ප්‍රහාරය මෙය වනු ඇති අතර එසේම රතු මුහුදේ සහ ඒඩන් බොක්ක තුල වෙළඳ නෞකා මුහුණ දෙමින් සිටින අර්බූදය මේ සමග අරාබි මුහුද දක්වා පැතිරීමද මෙම ප්‍රහාරය මගින් තහවුරු වේ.
Thank you so much details share karata
Thank you very much