Kinsi Pare wetunu malpethi Book

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • පළමුවෙනි දේශනය සඳහා පළමුවෙනි වතාවට අපි කායිකජීව විද්යා ගොඩනැගිල්ලෙහි පියගැටපෙල නැගුනේ එහි නැග සිටි ජ්යෙෂ්ඨ උත්තමයන්ගේ තර්ජන ගර්ජන මැදය.
    එසේ වුවද ඉහළම මහලේ මහා ග්රීක තියටරයක් බඳු දේශන ශාලාවට ඇතුල්ව එහි තුන්වන ආසන පේළියේ හරිමැද මගේ මිතුරන් අතරේ සුව පහසුලෙස වාඩිවූ විට මෙතෙක් ගෙවූ ජීවිතයේ විඳි දුක් වේදනා , අවහිරකම්, සිත් බිඳීම් ආදී සියල්ල මැද උසස්පෙළ කඩුල්ල උඩින් පැන ගැනීමට හැකිවීම පිලිබඳ අසීමිත ප්රහර්ශයකින් සිත පිරීයයි. මුලු සභා ගර්භයයම අපගේ බැච් මේට්ස්ලා එකිනෙකා සමග කතාකරන හඬින් පිරී ඇත.
    මම සහ කොල්ලුරේ ශාලාව තුළට පිවිසෙන විටත් එහි එකසිය අසූවක් පමණ වන ආසන සියල්ල පාහේ නවක සිසුන්ගෙන් පිරී තිබිණි.
    “මළා....ඔක්කොම සීට් ඉවරයි වගේ... ”
    “අර උඩ පේළියෙ තියෙනව හිස් සීට්ස්”
    අඩ කවයක ආකාරයට පෙළින් පෙළ පසු පසට උස්ව යන පරිදි සාදන ලද මේ මහා ශාලාව දකින විට මට සිහිවූයේ පින්තූරවල දැක පුරුදු ග්‍රීක නාට්‍ය තියටරයකි. වසර ගණනාවක් පැරණි, යටත් විජිත යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය මනාව උපයෝගී කරගනිමින් සකසන ලද වෛද්‍ය පීඨයේ ප්‍රධාන ගොඩනැගිලි තුනම එක්වූ සංකීර්ණය, ප්‍රෞඪ විද්‍යාස්ථානයක විලාසය නම් මේ යැයි නිහඬව පවසන අතර ෆ්රැන්සිස් පාරේ පිහිටි මෘත ශරීර රැඳුණු කාය ව්‍යවච්ඡේද ගොඩනැගිල්ල පවා ග්‍රීක කුලුනු සහිත ප්‍රෞඪ ගොඩනැගිල්ලකි.
    “ඔන්න මචං කාලෝ එනව... ”මෙතෙක් එක දිගට “හෝ හෝ” ශබ්දයක්ම පමණක්ව පැවති ඝෝෂාව ගිනි ගොඩට වතුර දැමූ සේ එක්වරම නිවී යයි.
    පුවත්පත් ඡායාරූපයන්හි දැක පුරුදු මහාචාර්ය කාලෝ ෆොන්සේකා දේශන ශාලාවට ඇතුළු වෙයි. සුදු පැහැති කබායකින් සැරසුණු නූස් නොමිටි මධ්‍යස්ථ ප්‍රමාණයේ සිරුරකින් හා පැහැපත් ඡවි වර්ණයෙන් යුතු මේ උතුම් පුරුෂයාගේ ආගමනයෙන් ශාලාව පිරීගිය සෙයකි.
    කිසිදු කලබලයකින් තොරව වේදිකාව මතට පියමැන ඉදිරි මේසය මත රැගෙන ආ ලේඛන තැබූ මහාචාර්යවරයා ඉදිරිය බලා ප්‍රසන්න සිනාවකින් මුව සරසා ගෙන සභාව අමතයි.
    “ අද මෙතැනට පැමිණ සිටින ඔබ සියලුදෙනා සාදරයෙන් පිළිගනිමි. ඔබ අද පැමිණ සිටිනුයේ ලෝකයේ වැදගත්, පැරණිතම වෘත්තියක මුල් අත්පොත් තැබීමටයි...මෙම වෛද්‍ය විද්‍යාලයේ අතීතය ඔබ දන්නවා ඇති මේ වනවිට.එමෙන්ම, ඔබ මෙතැනට පැමිණ සිටිනුයේ අතිදුෂ්කර, අතිශයින් දුෂ්කර වැට කඩුල්ල වන අ.පො.ස. උසස් පෙළ සමත්ව එයිනුත් ඉහළම ලකුණු ලැබූ ස්ප්‍රිත්තුව ලෙසයි... ”
    සිනිඳු සුදු මුදු වැලිතල අතරේ හෙමිහිට බසිනා නදියක් බඳු මහාචාර්යවරයාගේ සුමට, සුලලිත,සුනිර්මල වදන් ධාරාව සිහිල් සුළඟක් මෙන් ප්‍රසන්න සංවේදනයක් මවමින් දෙසවනට ගලා එයි. ග්‍රීක තියටරයක විලාසය පාන අයුරින් මැද පහත් වේදිකාවද ඒ වටා කවයෙන් කවය පෙළින් පෙළට උස්ව යන අයුරින් අසුන් පේළිද ඇති මේ මහා ශාලාවේ සිට මේ දෙසුමට සවන් දෙන මට සිහිවනුයේ, අතීතයේ දී සොක්‍රටීස් හෝ ඇරිස්ටෝටල් වැනි චින්තකයෙකුට සවන් දෙන ඔහුගේ ශිෂ්‍ය පිරිස් ද මෙලෙස දිස්වන්නට ඇති බවයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද සත්‍ය වශයෙන්ම නියෝජනය කරනුයේ අඛණ්ඩව ගලා ආ එම චින්තන ධාරාවම නොවේද?.. මනුෂ්‍ය බුද්ධි ප්‍රභාවය පිළිබඳ අසීමිත දයාර්ද හැඟීමක් මගේ සිතෙහි ජනිත වේ. මානව ඉතිහාසය පුරාම ගුරුවරුන් මෙසේ තමා පසක්කර ගත් ඥානය තම සිසුනට බෙදාහැරීම නොවේද මහත්ම අසිරිමත් සංසිද්ධිය..? මානව ප්‍රගමනයට හේතු වූ ප්‍රධානතම ක්‍රියාවලිය මේ ගුරු-ශිෂ්‍ය සංවාදය නොවේද? සොක්‍රටීස්, ඇරිස්ටෝටල්, ප්ලෝටෝ, ක්‍රිෂ්ණ, බුදුන් වහන්සේ, මහාවීර, කොන්ෆියුසස්, සංකරාචාර්ය මේ සියලු දෙනා විසින් සිදුකරන ලද්දේත් තමන් වෙත පැමිණි මානව කණ්ඩායම් අතර ප්‍රඥාවේ ප්‍රදීපය දැල්වීම නොවේද?
    මෙවන් අත්දැකීමක් තමාට ලබාගත හැකිවීම මෙම උත්කෘෂ්ඨ ශාලාවෙහි August Assembly හි අසුන් ගෙන මානව පරිණාමයේ උපරිම ප්‍රශස්ත චින්තන ධාරාව නියෝජනය කරන කාලෝ ෆොන්සේකා වැනි අසිරිමත් විද්වතෙකුට සවන්දමට ලැබීම භාග්‍යයක් නොවේද? මගේ සිත අසීමිත භක්තියකින් පිරීයයි.
    “ මේ පළමු දේශනය මට මුළු ජිවිතේටම අමතක වෙන එකක් නෑ. දැන් තමයි මට තේරෙන්නෙ කොළඹ වෛද්‍ය විද්‍යාලයටම තේරුණ එකේ වටිනකම.ඇත්තටම මේ වගේ දේශන ශාලාවක වාඩිවෙලා මේ වගේ දේශනයක් අහන්න ලැබෙන්නත් ලොකු පිනක් කරල තියෙන්න ඕනෑ. ”
    කොළඹ වෛද්‍ය පීඨයෙහි ගෙවුණු සමය පිලිබඳව මා විසින් ලියූ ‘ කිංසි පාරේ වැටුණු මල්පෙති’ පොත 2010 නව දශකය එළඹෙන විටම මම මගේ පස්වන පොත ලෙස එළිදැක්වීමේ කටයුතුවලට සූදානම් වූ අතර ගොඩගේ ප්‍රකාශණයක් ලෙස එහි කටයුතු නිමවිය.
    2010/01/15 දින උදාසන අර්ධ සූර්ය ග්‍රහණයක් පැවති උත්කෘෂ්ඨ අලංකාර මොහොතක කොළඹ වෛද්‍ය විද්‍යාල දිවිය ඇසුරෙන් මා ලිවූ ‘කිංසි පාරේ වැටුණු මල්පෙති’ නවකතාව එළි දැක්විණි.
    දශක දෙකහමාරකට පෙර සත්‍ය සිදුවීම් පෙළ සිදුවූ කොළඹ වෛද්‍ය පීඨයේ සිට ඇසට පෙනෙන නුදුරින්වූ කිංසි පාරේ අනෙක් අන්තයෙහි වූ සෞඛ්‍ය අධ්‍යයාපන කර්‍යංශයෙහිම එසේ සිදුවීම ‘ස්ථානොචිත’ විය.
    වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් රන්ජිත් සිල්වා, ගේ මූලිකත්වයෙන් පැවති උත්සවය සභාවේ වෛද්‍ය කපිල සූරියාරච්චි හා වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි දේශන පැවැත්වූහ.
    තුසිත මලලසේකරදීහු ද මගේ ලේඛන හැකියාව පැසසුම් කල අතර මා මිත්‍ර යසපාල නානායක්කාර එහිදී පවසා සිටියේ මා ‘අත්ථදස්සී, ධම්ම දස්සී හා ප්‍රිය දස්සී’ බවයි. එහි අදහස නම් මා මෙලොව අර්ථවත්ව, ධනවත්ව හා ධර්මානුකූලව දිවි ගෙවන අතරම, දුටුවන් ප්‍රිය කරන මනා රූ සොබාවෙන්ද යුක්ත බවයි.
    වසර ගණනාවක් තිස්සේම මගේ සිහිනයක්ව පැවති වෛද්‍ය විද්‍යාල දිවියේ මංසළකුණු, විශේෂයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය පිළිබඳව ස්මරණයන් මෙසේ ගොඩගේ ආයතනය වැනි ප්‍රමුඛ ප්‍රකාශකයකු මගින් එළිදැක්වීමට ලැබීම මගේ ලේඛක දිවිය මනා සේ තහවුරුවීමක් ලෙස මට දැණිනි.

ความคิดเห็น •