නිවන් අවබෝධය පිණිස දස සංයෝජන ප්රහීන කිරීමෙන් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් මගඵල ලබන අයුරු සැකවින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ජනප්රියවූ වීඩියෝ පිළිවෙලින්:2024.08.29
    • සතර කමටහන් වඩන ආකාරය ඉ...
    (1- බැලීම් 6200 මාස 2 කට පෙර )
    • සසර බිය සමානයි ණය විණය...
    (2- බැලීම් 5800 මාස දෙහකට පෙර )
    • ධම්මානුධම්මපටිපදාව සිර...
    (3- බැලීම් 4900 මසකට පෙර)
    • සතර කමටහන් වඩන ආකාරය ස...
    (4- බැලීම් 4600 මසකට පෙර)
    • අකුසල මූලික යාන්ත්‍රනය...
    (5- 3700 මසකට පෙර)
    සෝවාන් ඵලය නිවන් මඟෙහි පළමු චරණයයි
    සද්ධර්මය ශ්‍රවණය කළ යුත්තේ කෙසේ ද? යන පැනයට පිළිතුරු දෙමින් තථාගත බුදුරජාණන් වහන්සේ “සුණාථ ධාරෙථ චරාථ ධම්මේ“ යනුවෙන් දේශනා කළහ. ඒ අනුව සෝවාන් ඵලය අපේක්ෂා කරමින්, සද්ධර්මය ශ්‍රවණය කරන නුවණැති පුද්ගලයා නිරතුරුව ම ධර්මය ශ්‍රවණය කළ යුතු ය. එසේ ම, ශ්‍රවණය කළ ධර්මය සිතෙහි හොඳීන් ධාරණය කළ යුතු ය.
    සිතෙහි ධාරණය කරගත් ධර්මය නැවත නැවත මෙනෙහි කරමින් ඒවායෙහි සැබෑ අරුත වටහා ගැනීමට වෙහෙසිය යුතු ය. අනතුරුව ඒ ධර්මය අනුව තම ජීවිතය සකසා ගත යුතු ය. එසේම නිවන් අවබෝධය උදෙසා ඉන් ලැබෙන උපදෙස් ද මනාව පිළිපැදිය යුතු ය.
    ඒ වගේ ම ධර්මය ශ්‍රවණයේ දී “සුතා“ හෙවත් මනාව ඇසීමත්, “ධාරතා“ ඇසූ ධර්මය හොඳීන් ධාරණය කර ගැනීමත්, “පරිචිතා“ පුරුදු කිරීමත්, “වචසා පරිචිතා“ වචනයෙන් කියමින් පුරුදු කිරීමත්, “මනසානුපෙක්ඛිතා“ සිතින් මනාව විමසමින් පුරුදු කිරීමත් යන අංග පහෙන් යුතුව කටයුතු කිරීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ලැබිය හැකි උපරිම ඵල අත් කර ගත හැකි බව බුදුරජාණන් වහන්සේ වදාළහ.
    අප තථාගත බුදුරජාණන් වහන්සේ මහත් තෙද ඇති සක්විති රාජ සම්පත්තියටත්, දෙව්ලොව උපතටත්, සියලු ලොව අධිපති බවටත් වඩා සෝතාපත්ති ඵලය ම වඩාත් උතුම් වන බව වදාළහ. මෙම උතුම් සෝතාපත්ති ඵලය ලැබීම පිණිස උපකාරී වන අංග සතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
    එම අංග සතර අතරින් දෙවැන්න නම් සද්ධර්ම ශ්‍රවණය යි. සෝතාපත්ති හෙවත් සෝවාන් පලයට පත්වීම පිණිස පළමුව සෝවාන් මඟට පිවිසිය යුතු ය. එකී සෝවාන් මඟට පිළිපන් උතුමෝ “සද්ධානුසාරී“ හා “ධම්මානුසාරී“ වශයෙන් කොටස් දෙකක් වන බව ධර්මයෙහි විස්තර වේ.
    බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇති මහත් වූ පැහැදීම ඇතිව සෝවාන් මඟට පිළිපන් පුද්ගලයා “සද්ධානුසාරී“ නම් වේ. දහම් කරුණු මනාව විමසා බලා එහි යථා ස්වභාවය මැනවින් වටහා ගනිමින් සෝවාන් මඟට පිළිපන් පුද්ගලයා “ධම්මානුසාරී“ නම් වේ.
    මේ ආකාරයෙන් සෝවාන් මාර්ගයට පිළිපන් පුද්ගලයා තම වීර්යය අත් නොහැර සෝවාන් ඵලාවබෝධය පිණිස වෙහෙස වන්නේ නම්, එය නියතයෙන් සාක්ෂාත් කළ හැකි ය. යම් කාලයක සෝවාන් ඵලය අවබෝධ කරගත් අයකු සිටින අවස්ථාවක කල්ප විනාශය සිදුවිමට ඉඩ ඇති වූව ද ඒ පුද්ගලයා සෝවාන් ඵල අවබෝධ කර ගන්නා තුරු එම කල්ප විනාශය ප්‍රමාද වන බව අභිධර්ම පිටකයට අයත් “පුග්ගලපඤ්ඤත්ති පකරණයෙහි‘ විස්තර කර දී ඇත. මෙසේ හෙයින් සෝවාන් ඵල අවබෝධ කර ගත් පුද්ගලයා ඉතා බලවත් යැයි ධර්මයෙහි දැක්වේ. මෙම උතුම් සෝවාන් ඵල අවබෝධය පිණිස හේතුවන අංග හතර අතරින් ඉතා වැදගත් ම අංගය ලෙස සද්ධර්ම ශ්‍රවණය හඳුන්වා දිය හැකි වේ.
    “සද්ධර්මය“ යනු යහපත් ධර්මයයි. එනම් පුද්ගලයාගේ සසර ගමන කෙළවර කොට උතුම් නිවන් අවබෝධය පිණිස මඟ කියා දෙන ධර්මයයි. මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ තෘෂ්ණාව ප්‍රහීණ කොට නිවන් අවබෝධය ලැබීමේ ක්‍රමවේදය ඉගැන්වෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප පොදුවේ සද්ධර්මය ලෙස හඳුන්වමු.
    බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි “පැවැත්ම“ සහ “නැවැත්ම“ යන කරුණු දෙක සඳහා වූ දහම් අවවාද සඳහන් වේ. ‘පැවැත්ම‘ නම් මෙලොව පරලොව යන දෙලොව ම දියුණුවයි. ‘නැවැත්ම‘ නම් නිවන් අවබෝධයයි. බුදුරජාණන් වහන්සේ යම් පුද්ගලයකුගේ ලෞකික දියුණුව උදෙසා ලබාදුන් ධර්මය අවවාද මෙලොව වශයෙන් මෙන් ම පරලොව වශයෙන් ද සුවය පිණිස හේතු වේ. නමුත් සෝතාපත්ති අංග යටතේ එන සද්ධර්ම ශ්‍රවණයට ගැනෙන්නේ සසර ‘නැවැත්ම‘ හෙවත් නිවන් පිණිස හේතුවන ධර්මය ශ්‍රවණය කිරීමයි.
    ධර්ම ශ්‍රවණය පිණිස අවශ්‍ය වන ප්‍රධාන ගුණාංග දෙකකි. ඒ ශ්‍රද්ධාව හා ඉවසීමයි. ශ්‍රද්ධාව නම් බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් කෙරෙහි ඇතිවන ගෞරවය, විශ්වාසය සහිත පැහැදීමයි.
    යම් පුද්ගලයකුගේ සිත ශ්‍රද්ධාවෙන් තොර නම් කෙතරම් ධර්මය ශ්‍රවණය කළත් ඉන් ප්‍රයෝජනයක් සිදු නොවේ. ඒ වගේ ම ශ්‍රද්ධාවෙන් තොරව ධර්මය ශ්‍රවණය කිරීමෙන් එම ධර්මය පිළිබඳ සැක ඇති කර ගැනීමත්, ඒ තුළින් ධර්මය මනාව අවබෝධ කර ගැනීමට ඇති හැකියාවත් නොලැබී යයි.
    ඉවසීම ද ධර්මය ශ්‍රවණය පිණිස ඉතා ම අවශ්‍යයයි. යම් පුද්ගලයකු තුළ ඉවසීම නැති නම් ධර්මයෙහි විස්තර වන ධර්ම කරුණු පිළිබඳ නිවැරැදි අවබෝධයක් කිසිවිටකත් ඇති නොවේ. ඉවසීමෙන් මෙන් ම මනා සංයමයකින් ධර්මය ශ්‍රවණය කළ විට එය මනාව වටහා ගැනීමටත්, නැවත නැවත එම ධර්ම කරුණු පිළිබඳ පසුව මෙනෙහි කිරීමටත් යම් හැකියාවක් ලැබේ.
    තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් දහම් මඟ අනුගමනය කරන නුවණැති ශ්‍රාවකයන් ලෙස අප නිරතුරුව නිවන් අවබෝධය පිණිස වෙහෙසිය යුතු ය. එකී නිවන් මඟෙහි පළමු චරණය නම් උතුම් වූ සෝතාපත්ති ඵලයයි. ඒ සෝතාපත්ති ඵලයට පත් වූවකු ක්ෂණයෙහි ම සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නම් ති‍්‍රවිධ සංයෝජන ධර්මයන් ප්‍රහීණ කොට නැවත සසර ගමනෙහි සතර අපායාදී නරකයන්හි ඉපදීමට ඇති ඉඩකඩ සපුරා නැති කොට දමා ඉදිරි භව සතක් තුළ ස්වකීය නිවන් අවබෝධය නිශ්චිත කර ගනී.
    දීපා පෙරේරා

ความคิดเห็น • 2

  • @bisomenike
    @bisomenike หลายเดือนก่อน

    Sadu sadu sadu

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala  หลายเดือนก่อน

      ජනප්රියවූ වීඩියෝ පිළිවෙලින්:2024.08.29
      th-cam.com/video/RIhpzlda4zA/w-d-xo.html
      (1- බැලීම් 6200 මාස 2 කට පෙර )
      th-cam.com/video/FxlLjv2Nb8Y/w-d-xo.html
      (2- බැලීම් 5800 මාස දෙහකට පෙර )
      th-cam.com/video/_DoJ1y9UWpY/w-d-xo.html
      (3- බැලීම් 4900 මසකට පෙර)
      th-cam.com/video/D_qAh9QO59U/w-d-xo.html
      (4- බැලීම් 4600 මසකට පෙර)
      th-cam.com/video/e_Kj5elmwmg/w-d-xo.html
      (5- 3700 මසකට පෙර)