Thank you so much for sharing your experiences,,as a mom I felt that too when you expressed those feelings you felt as a mom! That's so Sweet of you to share your experiences.. 🙏🏻❤️
A good person. A responsible adult,🙏♥️ Very practical outlook.But most here strive only to be a success by backbiting another. Its so sad. God bless you and ur family 🙏
The most valuable program I hv ever seen through dearo with Rangana Dilani is a very straightforward character.love you so much Dilani Keep it up God bless you & your family Rangana tx a lot for giving such a valuable program ❤
She's absolutely correct. 💯. They worked very hard and established her life. She's telling the truth and goes through the typical rough road, which makes it successful in their life. Very welcoming woman. Her initial comment on Srilanka is absolutely correct. Srilankan people are going through a very bad period, so they may be very unhappy. Because of this, their attitude and welcoming towards others are very negative . Negativity and laziness won't help them. Good message. NYC USA 🇺🇸
Hats off to you Dilani!for being honest and straight forward. Very true facts about the US and Sri Lanka and people. This is the first time I have seen someone talking about the difference between these two countries and how Sri Lankans should change their attitudes and minds. Best wishes from California! 💐👌 💜
mamath inne new york wala. mamath oya wagema mula patan aran ada mam karanne honda joba akak . oya oya kiyana katha aththa. api godak busy. oyage nihathamani jathawata garu karanawa. harima sathutui oya gena. theruwan saranai🙏
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ අයෝධ්‍යා, ඔබයි.
@ayodyaayodya-ns5hy අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
😢0😢😢 39:05 39:05 39:07
Oh ..nice to see you Dilani..all the best🙏🎉
New York
🎉යුනෙස්කො
ඇමරිකාවේ නිව්යෝක් ප්රර්න්තයේ
මට මතකයි ඩිලානි marry කලාට පස්සේ ගොඩාක් අය කිව්වා මෙයා නම් හරියට පවුල තියාගන්න එකක් නෑ කියලා ..නමුත් එයා අදටත් හොදට පවුල් ජීවිතේ ගතකරනවා..ලමයි දෙන්නෙකුත් එක්ක..හැමෝම මිනිස්සු මනින්නේ භාහිරෙන් දැකලා..මෙයා රගපාපු චරිත වලින් මිනිස්සු මෙයාව මැන්නේ ..නමුත් ඩිලානී හරි හොද කෙනෙක් ❤❤
අප්පෝ ලංකාවේ එහෙම ම නේ... තමන් perfect කියලා හිතා ගෙන හරියට මිනිස්සුන්ව criticize කරනවා. අන්තිමට ඒ මිනිස්සු වැඩ වරද්දා ගෙන, එහෙම වෙයි කියලා හිතපු මිනිස්සු දිනලා..
@@Nidulkarajarathna3493අනේ ඔයාලා මොනාද දන්නේ? ඇත්තටම මනුස්සයෙක් හැටියට නම් ඩිලානි හරිම හොඳ කෙනෙක්. ඒ වුනාට එයා බොර දිය පොකුණ ෆිල්ම් එකේ එයත් එක්ක රඟපාපු දුමින්ද සිල්වත් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන ඩිලානි එයාගේ චූටි දුවවත් අරන් දුමින්දත් එක්ක ඕස්ට්‍රේලියාවට පැනලා ගියා. ඊට පස්සේ එයාගේ හස්බන්ඩ් මාල්කා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඩිලා නිවයි දරුවාවයි බලෙන් වගේ තමයි අරගෙන ලංකාවට ආවේ. ඊට පස්සේ මල්කා දුමින්දට පිහියෙන් ඇනලා මරන්න ගිහිල්ලා ඇමරිකාවට පවුලපිටින්ම පැන්න. මල්කට අදටත් ලංකාවට එන්න බෑ එයාව එරෙස්ට් කරන්න වොරන්ට් එකක් තියෙනවා. මං මේක අපහාස කරන්න නෙමෙයි කියන්නේ. ඔය හොඳයි හොඳයි කියන්න හිතන් ඉන්න ගොඩක් අය අපි හිතන තරම්ම හොඳත් නෑ
මම මෙයා දකිද්දි මෙයාගෙවයස විස්සක්විතර ඇති මාරවැඩෙකියන්නෙ තවමත් එ තිබුන රෑපෙමයි එයාහරි අවංකව කතාකරනවා සමහරවිට එ අවංකකම නිසා වෙන්න ඇති සමහර නලුනිලියොවගේ සෝබන කතානෑ ඒයාගෙ අනනාගතෙ මීටත්වඩා සුබවෙන්න කියා මමපතනවා බුදු සරනයි හැමෝටම❤
දැන් 58
මේ පුතාට වුනු සිදුවීමම මගේ දරුවන්ටත් වුනා. අපිටත් උපදෙස් ලැබුනේ එක භාෂාවක් ගෙදර කතා කරන්න. ඩිලානි ඇත්තම කතා කලා. මේ රටවලට ඇවිත් ජීවිතේ පටන් ගන්න මිනිස්සු විඳින දුක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. සමහරුන්ට හරියනවා. සමහරුන්ට නැහැ. හැම කෙනෙක්ම වගේ මුල් අවුරුදු කීපය ලොකු දුකක් විඳිනවා. නමුත් මේ සමාජය ශීලාචාරයි. එයට ප්‍රධානම හේතුව ශීලාචාර දේශපාලනය හා නීතිය හැමෝටම එකසේ ක්‍රියාත්මක වීම. අපේ රටේ ඒක නැහැ.
Oya koi rateda
Exactly truth
P
ඇත්ත කතාව
මම කැමතිම නිරහංකාර චරිතයක්.සංවරයි .මේ ළඟදි ජාතික රූපවාහිනියෙ සෙනුරි ටෙලි නාට්‍යයෙන් ඔබ තුමිය දකින්න සෑම සෙනසුරාදාවකම කතාව බලනව.පව්ලේ සියලුම දෙනාට තුනුරුවනේ පිහිටයි .
හරියට හරි ඩිලානී ඔයා කියන දේ. අපේ රටේ උන්ට පැය 1/2 වැඩිපුර වැඩ කරන්න කිව්වොත් උද්ගෝශන වල ඉවරයක් නැහැ. උන් පිට රට වල ගිහින් නොකරන දෙයක් නැහැ . සල්ලි මත්තෙම යන ජාතියක් තමයි අපේ උන්
ඩිලානී අක්කා දැකීමත් සතුටක් නැවතත් ටෙලිනාට්‍ය යකින් හරි දකින්න ආසාවෙන් ඉන්නවා අක්කා රගපෑව උතුරු කුරු සටන ටෙලිනාට්‍ය youtube එකේ බැලුව ඉතිං හැමදාමත් මගෙ ආසම ර0ගන ශිල්පිනිය අක්කා ආදරෙයි හැමදාම ඔයවගේ සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤🌹
වෙන අය වගෙ නෙමේ.
ඔබ නිහතමානීව හැම දේම කියනවා
එවකට සිටි දක්ෂ , මා දුටු ලස්සනම නිලියක්.
සතුටුයි ඔබ තුමිය ගැන ❤❤❤
New york වල ජීවත්වෙන්නේ
ලස්සනයි බුද්දිමත්කමයි නිරහංකාරකමයි ඔක්කොම එකතු උන තැනකින් ලස්සන පණිවිඩ ටිකක් දුන්නා 🎉
ඩිලානි මාරයි.අවංකවම කතා කරනවා.හරිම දැනුවත්.කියපු හැම වචනයක් ම වටිනවා.ලංකාවෙ නිලධාරීන් ගෙ නිරුවත පෙන්නුවා.නියමයි.රට යන අයට දීපු අදහස් ටිකත් වටිනවා.🎉🎉
මේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත මම ඉන්නේ cyprus වල හරිම නීට්, හරිම ඉක්මන් ඕනෑම වැඩක් කාලය පුදුම විදියට රකිනවා, නිකරුනේ කාලය ගෙවන්නේ නැහැ කිසිම රස්තියාදු නැහැ, ලංකාවේ පුදුම විදියට රස්තියාදු ව, ඒකටනම් පලවෙනි තැන ලංකාව ❤❤❤❤තෙරුවන් සරණයි ❤❤❤
නිව්යෝක්
ඒ රටවල වගේ මේ රටෙත් වැඩකලානම් මෙහෙත් දියුනුවෙනවා....
ඒ කතාව තමයි හොදම...❤❤❤❤
හරිම ඇත්ත ඩිලානි කියන්නෙ. අපේ රට ගැන හරිම සංවේදී වෙන සමහර තැන් රටින් පිට ජීවත් වෙන අපිට දැනෙනවා රංගන අය්යෙ. මම අපේ රටේ අධ්‍යාපනය ගැන හැමදාම දුක් වුන කෙනෙක්. ගුරුවරු වගේම ළමයිනුත් කන්නෙ මාර කට්ටක්. මම ඉන්නෙ යුරෝපයේ. අපේ පොඩි දුව Grade 6. මෙහෙ 6 කියන්නෙ primary. ඉතිං primary අන්තිම දවසෙ අම්මලා ට එන්න කිව්ව. Grade 7ට යන ළමයින්ගේ show එකක් වගේ දෙයක් පෙන්නන්න. 7 කියන්නේ High school. ඒක වෙනම school එකක්. මෙහෙ කියන්නේ high school. 2 PM එන්න කිව්ව. මමත් ගියා. අපේ නම් ඉතිං ආරාධිත අමුත්තන් ට එන්න කියල එයාලට වෙනම Sandwiches කිරිබත්, teachers ලට වෙනම කිරිබත් කෝලිකුට්ටු, ළමයින්ට වෙනම කෑම පැකට්, දෙමව්පියන් ට වෙනම බිස්කට් කෙසෙල්. එතන කෑමම නේ වැඩේ. මොනා හරි සංවිධානය කරනකොට කෑම තමයි පලවෙනි දේ අපේ.
ඉතිං මෙහෙ අපිට එන්න කිව්ව. Grade 4,5,6, ළමයි ටික වටේට ඉස්සරහ ඉදගෙන ඉන්නව. Teachers ල ඩොග් ගාල බිම වාඩි උනා ළමයින්ගේ පැත්තට මුහුන හරවල. අම්මලා තාත්තලා seats වල. පැයයි ගියේ කතන්දරේ ඉවරයි. Item එකෙන් item එකට principle පුදුම විදියට ලමයි න්ට ආශිර්වාද කලා. හැම ළමයෙක්ම විශේෂ පුද්ගලයෙක්,everyone has something great in them, you don't need to follow anyone, you are someone very very special person to this world. Go and find your self. Follow your dreams. High school යන ලමයින්ට bag එක ගානෙ දීල තිබුන. ඒකෙ එයාලගෙ certificates, chocolates, අර යන school එකේ tie එක, calculater එක දාල තිබුනා. අපේ කෙල්ල most friendly person in the class. ඒ වගේ එක එක්කෙනාගේ character එක හරියට අදුනගෙන ඒ ඒ විදියට character certificate එකක් දීල තිබුනා.
ලස්සනම දේ තමයි පුංචි පුංචි දේවල් ටිකක් bag එකේ අඩියෙම තිබුන. Principle ඒ එකින් එක අරගෙන මෙහෙම කිව්ව.
ඒකෙ ගල් කැටයක් තිබුන. තිරිවානා වගේ. ඒක පෙන්නලා කිව්වා...මේ ගල් කැටය දැම්මේ ඔයාල මේ වගේ සමහර තැන් වලදී ශක්තිමත් වෙන්න ඕන. මේ ගල් කැටය තනියම හැදිලා නෑ. පුංචි අංශු ගොඩාක් එකතු වෙලයි හැදිල තියෙන්නෙ. ඒ වගේ ඔයාලත් දැනුමින් ශක්තිමත් උනොත් කාටවත් ඔයාලව කඩන්න බෑ. අධ්‍යාපනය ලැබීම ජීවිතය ට ඒ තරමටම හය්යක්.
Bag එකේ කිරිටොෆි කෑල්ලක් දාල තිබුන. ඒක පෙන්නලා කිව්වා..මේක හරිම රසවත්. ඔයාල කොච්චර දැඩි උනත් මිනිස්සුන්ට මේ වගේ වෙන්න ඕන. අපේ හිත් ගල වගේ strong උනත් අනිත් මිනිස්සු ඉදිරියේ toffee එක වගේ මෘදු සහ මිහිරි වෙන්න ඕන.
තව ගොඩක් ඒ වගේ චූටි චූටි දේවල් තිබුන. ඒ එකින් එකට ජීවිතය ට ලං කරල විස්තර කලා. මගේ ඇස් වලට කදුලු ආව මගෙ දරුවාගෙ කනට ඇහෙන මේ ආශිර්වාද මොන තරම් වටිනවාද කියලයි. අපේ රටේ පන්තියේ ලියන කියම වැඩවලට දක්ශ ළමයාට විතරක් ආශිර්වාද කරන එකනෙ කරන්නෙ. මෙහෙ දරුවන්ට අපි හැමෝම Special කියල හිතන්න එයාල ඉඩ ලබා දෙනව. අපි හැමදාම දැක්කෙ සුද්ද රෙදි බාගෙට ඇදන් සංස්කෘතිය ක් නැති එකනේ. මෙහෙ පොලීසිය මහ පාරෙ හිටගෙන නැහැ. ඒත් මිනිස්සු නීතිරීති කඩන්නෙත් නැහැ. එක horn හඩක් නෑ. මිනිස්සු පාර පනින්න කකුල සුදු ඉර උඩ තියනකොටම දෙපැත්තේ වාහන නවත්වන තරමට මේ මිනිස්සු හික්මුනේ කොහොමද. අපිට අර තරම් උදාර සංස්කෘතිය ක් තිබිලත් අපිට ගෙදර දි තියා එලියට බැස්සාමත් මිනිහෙක්ගේ හොදම quality එක වෙන ඉවසීම වත් නැත්තේ කාගේ වරදින්ද. ස්කෝලෙන්ම පටන් ගන්න ඕන දේවල් නේද. අපේ සංස්කෘතිය ත් එක්ක ඒ විදියට හැදුනා නම් සුද්දා ට වඩා විනීත ජාතියක් වෙනවා අපි.
මෙහෙ විනය කියන්නෙ කොන්ඩයට කටුවක් ගහන එකවත්, ඇදුම කොටට අදින එකටවත් නෙමෙයි කියල මට හිතෙනව. විනය කියන්නේ තමන් ඉදිරියේ ඉන්න අනිත් කෙනාට පහසුවක් වෙන විදියට
හැසිරීම තමයි විනය වෙන්න ඕන. තව දේවල් උදාහරණ වලට ලියන්න පුලුවන්. ඒත් දිග වැඩි උනානෙ. ඩිලානි කියන හැම වචනයක් ම හරිම ඇත්ත. ආසාවෙන් අහන් උන්න. ඩිලානි ඔයාගෙ සිය පවුලටම සතුට සැනසුම වැඩි වේවා. රංගන අය්යාටත් ජයෙන් ජයම වේවා!
Yes its exactly true .....i am liveing in rome...they are very loving people ....❤
ඇත්තටම ඔව් මේ දූපත් මානසිකත්වය මිනිසුන්ගෙන් කවදා ඉවත් වෙයිද අපේ රටේ අධ්‍යාපනය තරගයක් විතරයි මේක අපේ අම්මලාගේ ප්‍රශ්නයක් 😢
❤❤❤❤❤
Thank you so much for sharing your experiences,,as a mom I felt that too when you expressed those feelings you felt as a mom! That's so Sweet of you to share your experiences.. 🙏🏻❤️
ඩිලාන් ඉන්නෙ නිව්යෝර්ක් සිටි.
ඇය ඉතාම නිහතමානී චරිතයක් . ඇත්තම කතා කලා. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සේවය කරන විට මට ඇයව හමු වී තිබෙනවා ඇය ලේ දන්දීමට පැමිණි අවස්ථා කිහිපයකදීම. ඉතාම රූමත් වගේම නිහතමානී අයෙක්. ජය වේවා අක්කේ!
ලංකාවෙ සේවය ගැන කියපු කතාව ඇත්තම ඇත්තම ඇත්ත . හරියට රස්තියාදු කරනවා . පුටුවල වාඩිවෙලා ඉන්නෙ දෙවිවරු වගේ .😢😢😢
රංගන ඔයාගේ ඉන්න හැම වැඩ සටහනකම ලෝකේ හැමෝම බලනවා. අපිටත් එහෙමයි .අපිත් ඇමරිකාවේ ඉන්නේ . දැන් කාටත් බොරු කියන්න බෑ.අපිත් ඇමරිකාවේ ඉන්නේ . කවුරුත් මුල් කාලේ අමාරුයි .ඩිලානි ඇත්ත කියන්නේ .හැබැයි බාශා දෙකම කතා කරන අය ඕනෑ තරම් ඉන්නවා. අපේ මුණුබුරා.මෙහේ ඉපදුනේ. තාම නර්සරි යන්නේ.බාශා දෙකම හොදට කතා කරනවා.ඒක දෙමව්පියෝ අතේ තියෙන්නේ .ගෙදර අපේ බාශාව කතා කරන්න ඕනෑ . තෙරුවන් සරනයි .ජයවේවා .❤❤
රජයේ සේවකයො ගැන කිව්ව කතාව හරියට හරි.හිතන්නෙ නැහැ කව්රුත් කෙනෙක්ව රස්තියාදු කරන එක කොච්චර පාඩුවක්ද කියලා
❤ඇත්ත කතා කරන සැබෑ කාන්තාව ක්...ආදරෙයි අක්කා හැමදාම ....තෙරැවන් සරනයි
හරිම වැදගත් කතාවක්, හැම දෙයක්ම හොදට පැහැදිලි කරනවා. නිර්වියාජ හිනාවක් එයාට තියෙන්නේ. ❤️❤️
මම italy මේ රටවල් නීතියට වෙලාවට වැඩ හරිම කරුණාවන්ත. මිනිස්සු හැමෝටම සලකන්නේ එක හා සමානව උස් පහත් බාවයක් නැහැ 🌹🌹🌹
සූවර්ද
රඡයේ සේවය ගැන කියන විචාරය සත්‍ය කතාවක්කිසිම කෙනකුගේ අදසකට ගරැ නොකරන උඩගුකම සහ ඉර්ශියාව පිරෑනු කුහුක වැඩි මෙවැනි සමාඡයක ප්‍රේමය කරැනාව නැහැ . අඩුතරමේ යමක් දුන් කෙනෙකුට ස්තුතියක් නොදෙන වැරද්දකට සමාව ගන්න නොදත් ඉල්ලපු දෙයක් ලැබුනාම ලැබුබව නොදන්වන ඉවසීම නැති මේ සමාඡය නමට බෞද්ධ වසර 2500කට වඩා ප්‍රෞඩ ඉතිහාසය කරේ තබාගන දුපත්වාසින් මනසිකයන් ලෙස ඉන්න නමුත් අපි හිතාගෙන ඉන්නේ නම් අපට වඩෙ කෙනෙක් ලොවෙත් නැහැ කියල
අපිට බැරි ඇයි අනෙක් කෙනා ගැන හිතන්න මහ ලොකුවට බෞද්ධ රටක් මොනාද ඒකෙන් අපිට ලැබිලා තියෙන්නේ බොරුව වංචාව 😢 ඩිලානී අපේ කාලේ දයාබර ලස්සන නිලියක් නිහතමානීව ඇය ඇත්ත කතාකලා ජයම වේවා ❤
ඇයව දන්නෙ රංගනශිල්පිනියක් විධියට.ඇය බුද්ධිමත්.ඇය ඒ නිසාම හැම අතින්ම සාර්ථකයි.
Ada wada sahtan godak hodi godak age karan ksthawak😍👌
ඔයාගේ කතාව වගේම ඔයාගේ ලස්සන හැමදාම එ වගේම තියෙන්න කියලා පතනවා ආඩම්බරයි ඔයා ගැන
Totally agree with her. Respectable woman - proud of you, Akki
ඇමරිකාවේ New york ප්‍රාන්තයේ.මමත් බබාලා දෙන්නෙක් එක්ක වැඩ කරගෙන යන්නේ කොයි තරම් බිසී උනත් කුස්සියේ ෆෝන් එක තියාගෙන හරි රංගන අයියගේ වැඩසටහන් බලනවා.❤❤❤
ඩිලානි කියන කතාව සහතික ඇත්ත. අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ දිවිය ලෝකේ යනවා කියලා. ස්තුතියි ඩිලානි ඇත්ත කතා කලාට ❤🌹
Very true thanks Dilani for highlighting most of the stuff
❤
America New York city❤❤
ඩිලානි අබේවර්ධන මැතිණියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි ❤❤ ඒ වගේම රංගන අයියාටත් දීර්ඝායුෂ ලැබේවා ජයෙන් ජයම ලැබේවා ආදරෙයි හැමදාමත් ❤❤
Thank you I agree with that matter I want to thank to your family and you delani 💐thanks for coming here and given such a wonderful things back again
A good person. A responsible adult,🙏♥️
Very practical outlook.But most here strive only to be a success by backbiting another.
Its so sad.
God bless you and ur family 🙏
ඩී ලානි ඹබ හරි යටම හරි.ඇත්ත කිවූවට.USA වල ඩොලර් ගස් නෑ නේද? ලංකාවේ අය ඇවිත් පූදූම සටනක් කරලා ජිවිතය ජය ගන්නෙ.
රජයේ සේවය ගැන නම් කියෙව්වෙ සහතික ඇත්ත..මම කැමති නිලියක් ඔබ තුමිය.
Now the private sector is also the same. If you go to a private bank, shop, anywhere , it's same..😢😢
The most valuable program I hv ever seen through dearo with Rangana
Dilani is a very straightforward character.love you so much Dilani
Keep it up
God bless you & your family
Rangana tx a lot for giving such a valuable program ❤
ගොඩක් වටිනා පනිවිඩයක් ඇගෙන් ලැබෙන්නේ ස්තූතියි රංගන මල්ලි🥰❤️
❤❤❤මේ රටේ ඉන්න අපිත් සෝබන මිනිස්සු වෙලා. ඔයාට බොහොම ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් කියන්න පුලුවන් වුනාට.
ජයෙන් ජයම වේවා සොයුරිය 🎉🎉🎉❤❤❤
වැඩ කරන ගමන් ඔයා එදා වගේම ලස්සනයි ඔයලාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි
අපේ රටේ හිටිය යුතු අය දැන් වෙන රටවල් වල ඉන්නේ.ඔබ තුමිය දැකිමත් සතුටක්.අවංකව ඇත්ත පවසනවා..❤ නැවතත් මවු රටට එනවානම් කොව්වර සතුටු ද❤🎉
හරිම ආදරනිය චරිතයක් ඩිලානි ඔයා. ඩිලානි පදිංචි ඇමරිකාවේ Newyork ප්‍රාන්තයේ .❤❤
Dilani lives in America New York
සෙනුලි ඩ්‍රාමා එකේ හරිම hagimbarawa ඒ චරිතය රග pawa❤❤❤❤
රන් සමනල ජෝඩුව වාගේ ගීතය රූගත කරන්න පේරාදෙණිය උද්‍යානයට ඇවිත් හිටියා එතකොට සජීවිව දුටුවා නිහතමානී චරිතයක් ❤😊
ආදරෙයි .හැමදාමත් ආදරෙයි jaya jaya jaya budusaranai .හොඳ .නිළි yak .පවුලේ සියලු දෙන tama budusaranai
ගොඩක් කාලෙකට පස්සේ ඔබතුමියව දැක්ක එදා වගේම ඒ රුව තාමත් ලස්සනයි ඇත්ත ඔබතුමිය කිව්ව කතාව සහතික ඇත්ත මමත් වැඩ කරන්නේ විදේශ රටක ගෘහ සේවයේ මේ රටවල අපට වඩා හොඳ රස්සාවල් කරන අපේ අය ඉන්නවා මේ මුළු ලෝකෙම රටවල අපේ රටේ කොයි තරම් අය ඉන්නවද ඉතාම ඉහලින් හොඳ රැකියාවල් කරන ඇත්තටම ඔබතුමිය කිව්වා වගේ ඒ රටවල ගිහිල්ලා ඒ රටවල උපරිමයෙන් ශ්‍රමය යොදවල වැඩ කරනවා වගේ අපේ රටේ ඇයි එහෙම කරන්න බැරි එක පැත්තකින් අපේ රටේ ඒ සේවයට සරිලන ගෙවීම් ඒ අනිත් දේවල් වල තියෙන අඩුපාඩුවක් ඒකත් එක හේතුවක් ඒ වගේම අපේ රටේ ඇතුලත වැඩ කරන කෙනෙක් අපේ රට ගැන හිතලා උවමනාවෙන් කරන අය අඩුයි හැම මොහොතකම හැම තැනකදිම හැම ක්ෂේත්රයකම ඉන්නවා තමන්ගෙ ගැන විතරක් හිතලා වැඩ කරන අය ඇත්තම කිව්වොත් ඔබතුමිය කියවා වගේ අපේ රට මොනතරම් ඉහළට යන්න පුළුවන් රටක් ඇත්තටම දුකයි මේ රට දැන් යන විදිහට ඔබතුමිය කියවා වගේ අපේ රට ඉහළටම යන්න ඕනේ මේ විසිරිලා තියෙන ශ්‍රමය අපේ රටේ රැඳෙන්න ඕනේ ඔබතුමිය දැකීම සතුටක් බොහොම ස්තූතියි රංගන ඔබතුමාටත් තෙරුවන් සරණයි
New york
නිවිියෝක්
ඇත්තටම ඔබතුමිය අවංකව කතා කලාට ස්තුතියි.සමහර සෝබන නිලියන් අතරේ ඔබතුමිය ශ්‍රේෂ්ඨ යි.අපේ රටේ අධ්‍යාපනය දේශපාලන තුරුම්පුවක් කරගෙන නිසා රටේ අධ්‍යාපනය රටට කරදරයක් වෙලා.
ඇමෙරිකාවේ New york ප්‍රාන්තයේ ❤
ඔය කතාව ඇත්ත..අපේ රටේ රාජ්‍ය ආයතන වල වැඩ කෙරෙන විදිහනම් අන්තිමයි,මිනිස්සු රස්තියදු කරන ඒකමයි වැඩේ ..
සුන්දරත්වයට තවත් නමක් ඩිලානි ❤
Dilani mn asama Niliyak..
Oyala Summer Vacation ekata Lankawata gihin wage
Kanchana Mendis avith hitiya Ranganage program ekata
Sathutui ❤❤
අනේ රන්ගන මේක බලන.කොට සිකුරාදා ,,උත්තරය නීවුයෝක්,,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 28:32 ❤❤❤❤❤
Thanks, Dilani, for telling the truth . As you said, Sri Lankan 40:11 ppl think we have dollar trees in the backyard. We live in LA
Very true Dilani. We live in Canada. Our experiences are the same with government offices in SL. Kiyala wadak naha.
ඔයාගෙ අදහස් රත්තරන් වගේ වටිනවා...ආචාරය ඔබට........
Very proud of you
Respect Dilani
New york
ඇත්තම කතා කරන නිලියාක් හරිම සතුටු මෙම හරි දැක ගන්න ලැබිම ලොස්ඇන්ජලීස්
ඔයා කිව්වා හරි පලවෙනි පඩියේ ඉදන් ඉවසිමෙන් යටහත් පහත්ව රැකියාව කරන්න පටන්ගත්තම අපි නොදනුවත්තම අපිට යන්න ඔනතැනට යන්න පුලුවන්
She's absolutely correct. 💯. They worked very hard and established her life. She's telling the truth and goes through the typical rough road, which makes it successful in their life. Very welcoming woman. Her initial comment on Srilanka is absolutely correct. Srilankan people are going through a very bad period, so they may be very unhappy. Because of this, their attitude and welcoming towards others are very negative . Negativity and laziness won't help them. Good message. NYC USA 🇺🇸
මෑතකදි youtube එකේ විකාශනය උනු උතුරු කුරු සටන බලද්දි මැයව ගොඩක් මතක් උනා හොඳ රංගන ශිල්පිනියක් අපිට උන්නු.
Son I like ur English. I'm so proud of u dilani Akka and son.❤
ඇමරිකාව Newyork ප්‍රාන්තයේ .මාර පනිවිඩයක් තියනවා .මැයගේ කතාවේ.
ආදරෙයි ගොඩක් අක්කේ...ඔයා මහ පොලවෙි පය ගහල ඉන්න කෙනෙක් ආඩමිබරයි
wowwwww Dilani akka God bless you darling❤❤❤❤
ඩිලානි කිව්වාම මතක් වෙන්නේ රන්සාමනල ජෝඩුව වගේ අනේ හරි ලස්සනයිඩිලානේ ඒ නැටුම මට අද වගේ මතකයි නංගී
තව ඔයාගේ පින්තූරයක් ගියා ඉස්කෝල යුනිෆෝන් එකෙන් කොන්ඩෙ දිගට ගොතලා දාලා ඒ ෆොටෝ එකත් මට අද වගේ මතකයි
ඒ හිනාව අදත් ඒ වගේමයි
Dakinnama asa niliyak.kiyala dipu hama detama bohoma sthutie.❤
මම ඉන්නෙත් අමෙරිකාවෙ
මම දකිනව ඩියිලානි ගෙ පව්ලම සොඑකක් තිබුනම අපි
යනව බලන්න එතකොට තමයි
දකින්නෙ ඩ්ලානි ඉන්නෙ
නිව් යොක් වල sadan ailan
කියන නගරයේ ඉතින් මට මොනවද දෙන්නෙ Tegii
Rangana Mali Budusaranai 🙏🙏🙏
අනේ බූරූවෝ උම්බ USA ඉන්නෙ කියලා පේනව
ඒක නම් සහතික ඇත්ත.....රස්තියාදු කරනවා හරියට....
ඇත්තටම ඇත්ත කියන්නේ . මුල් කාලයෙ ආව හැමෝම සෑහෙන මහන්සියක් , සකසුරුවම්ක් ජීවත් වීම සඳහා . නිකන් දෙන දේවල් නැහැ . පසුවටත් ඉන්ශුරන්ස් , TAX. කාපනවා..රජයේ රැකියා, ඉගැන්වීම් වැඩ පඩි මදි ගාගා බොරුව කරන්න බැ....
ඒ කාලේ මං ආසම නිළියන්.
ඇත්ත කතා කරනවා... එහෙම අය හරි අඩුයි.. පොඩි කාලේ ඉඳලා ගොඩක් ආදරේ කරපු කෙනෙක් ❤...
Great advice .Thank you .
Oyanam aththa kiyanne apr rate ayakaranne time ena nasthikaranawa
මම ඉන්නෙ usa meryland ප්‍රාන්තයේ . එක රටේ සිටියත් මෙතුමියන්ව දකින්න බැහැනෙ අපට දුර වැඩියි .මෙහෙම හරි දැකීම සතුටක් තෙරුවන් සරණයි ❤️❤️
ඩිලානි අබේරත්න ගොඩක් වෙනස් වෙලා ❤️❤️❤️
ලස්සනයි ❤❤❤❤❤
Hats off to you Dilani!for being honest and straight forward. Very true facts about the US and Sri Lanka and people. This is the first time I have seen someone talking about the difference between these two countries and how Sri Lankans should change their attitudes and minds. Best wishes from California! 💐👌 💜
Budusaranai akki
මම ආසම නිලියක් හොද පැහැදිලි කරනවා ස්තුතිය බුදුසරණ යි
අනේ හරිම නිරහංකාර කෙනෙක්.. එයාගෙ හැම වචනයක්ම හරිම වැදගත්...
අනිවාර්යයෙන්
ඇත්තම kiyanawanm eya hari niyatha mahani කෙනෙක් niyamai ❤
ඩ්ලානි අනේ ඔයාව දැක්කම හරි සතුටුයි
ඉතා වටිනා වැඩසටහනක් ,ගොඩක් ස්තුතියි ,
අවංක සත්‍ය කතා කරන නිරහංකාර ගරැ කල යුතුම නිලියක් ඔයාට සහ පවුලටම සිහින සැබෑ කරවන අනාගතයකට සුභ පැතුම් !ඡයවේවා !
ඩිලානි ඔයා දැකීමත් සතුටක්...විව්ර්ර්තව කතා කරනව ආසයි
හරිම අවංකව කතා කරනව. ඒක හරිම වටිනව .❤
Dilani Abewardana Americawe jeewathwanne New York pranthayei.
ඇය හරිම ලස්සනට කතා කරනවා ❤
Aththatama ayathanayakata giyama puduma widiyata rasthiyadu karanne .mewa api kata kiyannada?
ඩිලානි හරියට හරි ලංකාව හදා ගන්න කියා දි යන්න.
Oyagewadasatahana itha ma arthawath oyata athulu paulatama jesu pihitai
බොහෝම ඉස්තුතියි ඩිලානී මහත්මිය .
ඔයාගේ කතාව හරියටම හරි.අපෙ රට එකම තැන පල්වෙනවා.
ඇත්ත ඹයාඇමරිකාවෙි ඉදලත් හොදගතිගුන තියන අමිමකේනේක් අනික අපිඉන්නේ පිටරටකනමි උඩන්ගුව අයින්කරල ඉන්නඹනේ❤❤❤
මමත් මෙයා එක්ක එකට අනුලා හිටියේ.හරිම දගකාර.සෙල්ලක් කාර චරිතයක් .අද ඉන්න තැන හරි ආඩම්බරයි
Me rate indagena api prasiddai කියලා melo rahak nathi රංගන දාන unta wada dilani කොච්චර hondada ,කියලා mata hitenawa honda ammek බිරිඳක් ජයවේවා ❤.
Important discussion
අවංක , ආදරණීය චරිතයක් 💖💖💖💖💖💖💖💖💖💖
දිලානිගේ පුතා හරිම ස්මාට් කොල්ලෙක් ❤❤❤
නිව්යෝර්ක් .හරිම ලස්සනයි අක්කී.
thank you verymuch for telling the truth
It is so TRUE, I also have experience when I was in SL
mamath inne new york wala. mamath oya wagema mula patan aran ada mam karanne honda joba akak . oya oya kiyana katha aththa. api godak busy. oyage nihathamani jathawata garu karanawa. harima sathutui oya gena. theruwan saranai🙏