Fermina (ෆර්මිනා) - Tharindu Damsara [Official Audio]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Stream | Download - share.amuse.io...
    Subscribe For More: bit.ly/Tharindu...
    "ෆොරොන්තිනෝ! කැමිලියා කියන්නෙ පොරොන්දු දෙන මලක්. මට ඕක ගන්න බෑ"
    Artist - Tharindu Damsara
    Lyrics - Vinodi Perera
    Melody & Music - Tharindu Damsara
    Music Composition, Mixing & Mastering - Nadisha Liyanarachchi@Royal Records
    Guitar arr - Kavin Harshana
    Bass - Nadisha Liyanarachchi
    Sax - Geeth Peramuna
    Chello - Hirunika Rajapaksha
    සියක් වසකින් අඩක් හුදකලා කාර්තුව
    ප්‍රේමයට පවරමී
    වහා ඇවිළී මියෙන හදවතක ස්පන්දනය
    සුසුමකින් නවතමී
    රකිනු බැරි එළිවැටක
    අකුරු ගැන නොසිතමී
    ෆර්මිනා…. නුඹ ප්‍රේමයට කවියකි
    ප්‍රේමයම කවියකි...
    මැග්දලේනා ඉවුරු දිය රළට මුහු වෙන්න
    පිරිමි කඳුලක් බර වැඩී
    කොහේ යනවද නොදැන ඔහේ පාවී ඇදෙන
    මාරුතය මොහොතකට නවතමී
    සියුම් වූ වෙණ තතක
    ජීවය අමුණමී
    ෆර්මිනා නුඹ ප්‍රේමයට කවියකි
    පර්යාය පදයකි...
    පටුනක් තරම් පටු ආදරේ සැකිල්ලක
    පිළිවෙලින් අතරමං වෙමී
    නිමි නොවන කතාවක මම ඉන්නෙ කොතැනක ද
    නුඹ ලියූ අකුරකින් නොඅසමී
    ජීවිතය ප්‍රේමයේ එක් කුඩා කොටසකී
    නොදැන උන්නාට නුඹ
    ආලයත් කොලරාවකි
    ප්‍රේමයම කවියකි....
    Facebook - / tdamsara
    Instagram - / tdamsara
    Soundcloud - / tharindu-damsara
    The Night Without Her - / shesrilanka

ความคิดเห็น • 391

  • @sanjuperera2906
    @sanjuperera2906 4 ปีที่แล้ว +492

    ඇයි දෙවියනේ මේ සිංදු අහන්න අය නැත්තේ..මං අහන්නේ කි වෙනි සැරයද කියලවත් මතක නෑ ඒ තරම් ඇහුවා..ලංකාවේ බහුතරයක් කැමති මල් සිංදු වලට..ඒත් සුලුතරය හැමදාම මේ සිංදු වලට කැමතියි..❤️❤️❤️

    • @thanyapriyadarshana
      @thanyapriyadarshana 3 ปีที่แล้ว +11

      මගේ ගැලරියම තරිඳු දම්සරයන්ගේ සින්දු.පාඩම් කරනකොටත් මනස නිවා ගත්තා මේ බෙහෙත් වලින්...♥️

    • @Sameepa_17
      @Sameepa_17 3 ปีที่แล้ว +3

      Ane ow... Maarama lassanai songs

    • @pasindunetumina7168
      @pasindunetumina7168 2 ปีที่แล้ว +10

      කව්ද ආස ගැබුරු ගගක පීනන්න.කිමිදුම් කරුවකු හැරුනුකොට

    • @BeardysDiaries
      @BeardysDiaries 2 ปีที่แล้ว +3

      එහෙම තමයි සහෝ. හැමෝටම දියමන්ති හම්බ වෙන්නෙ නෑ. ඒ තරම් වත්කමක් නෑ

    • @sura4598
      @sura4598 2 ปีที่แล้ว +4

      ගොඩක් ඕනේ නෑ රස අදුරන මේ තරම් පිරිසක් මෙව් පරම්පරාවේ ඉන්න එකම සතුටුයි❤️

  • @ranjulashashikanimesha2785
    @ranjulashashikanimesha2785 2 ปีที่แล้ว +103

    යෞවනයේදි තම සිත සොරාගත් යුවතිය වෙනුවෙන් අවුරුදු 53 මාස 7යි රැයවල් 11ක් බලාසිටි. කාලයත් සමග යෞවනය මුහුකුරා ගියා ප්‍රේමවන්තයාගෙ සහ එම ආඩම්බර ප්‍රේමවන්තියගෙ කතාව... ( Love in the time of cholera) 🥺

  • @sanjudananjaya3879
    @sanjudananjaya3879 2 ปีที่แล้ว +86

    කවදහරි මගේ කෙනාටනම් මන් කියන්නේ "ඔයා කවදාවත් ෆර්මිනාවක් නම් වෙන්න එපා මට බෑ තවත් එක් ෆ්ලොරැන්සෝ කෙනෙක් වෙන්න මට මැරෙන්න කලින් එකදවසක් හරි ඔයත් එක්ක සතුටින් ඉන්න ඕන කියලා කියන්න ඕන නෑ මට ..මැරෙන්න කලින් තියන හැමදවසක්ම ඔයත් එක්ක සතුටින් ඉන්න ඕන කියලයි මන් කියන්නේ" 🥀🥀.....

    • @savivlogs9458
      @savivlogs9458 2 ปีที่แล้ว +2

      Harima hagimbarai me geethayath samaga comment kiyawanakota🥺🖤

    • @jananikalutharage6439
      @jananikalutharage6439 2 ปีที่แล้ว +1

      ෆ්ලොරැන්සෝ කෙනෙක් වෙන්න එපා බ්‍රෝ ,,,, අමෙරිකාවගේ අය පව්

  • @shakilaiddamalgoda778
    @shakilaiddamalgoda778 3 ปีที่แล้ว +63

    කොලරාවක්ම තමයි ආලය..මල් ගස් වටේ ඇඹරෙන ගායකයොන්ට එන විව්ස් නැති උනාට අහන සෙට් එක දන්නවා මේ ෆීලින් එකේ රහ ❤

  • @danukasampath_
    @danukasampath_ 2 ปีที่แล้ว +81

    "අවු. 53 කුත් මාස 7කුත් දින 11ක් ගෙවුනා...නුඹ ගිහින් ෆර්මිනා.........."
    ~ ෆ්ලෝන්තීනෝ...

  • @chanupa_deshitha
    @chanupa_deshitha 2 ปีที่แล้ว +62

    ගාශියාගෙ ඒ පොත කියවලා සින්දුව අහන මිනිස්සු තමයි
    මේ සින්දුවට තවම නොහදපු විශුවල් එකේ නිර්මාතෘවරු. 💖

    • @kasunwickremanayake9420
      @kasunwickremanayake9420 ปีที่แล้ว

      Potha mokakd kiyanna puluwanda

    • @hamstercute1
      @hamstercute1 ปีที่แล้ว

      කොලරා කාලේ ආලේ (පරිවර්තනය-ගාමිණී වියන්ගොඩ)

  • @saachi115
    @saachi115 2 ปีที่แล้ว +35

    "අනතුරුව සිය කබායේ කර නැම්මේ ගසා ගෙන සිටි කැමේලියා මල ඔහු ඇයට පිළිගැන්වූයේය. 'ඒක පොරොන්දුවට දෙන මලක්' යි කියමින් ඈ එය ප්‍රතික්ශේප කලාය. ඒ සමඟම තමන්ගේ කාලය අවසන්ව ඇතැයි මතක් වීමෙන්දෝ ඇය නැවත සිය සමාධියට සම වැදුණාය."
    අහඹු සිදුවීම් රාශියක් මැද කොලරාවක් වූ එ ආලය සොයා ගමන ඇරඹුවෙමි. හුරුපුරුදු වදන් මත මදකට විඩා ඇරියෙමි. ෆර්මිනා නුඹ ආලයට ආලෝකයක් එ කහ පැහැති කොල වරුසාව මතින් ගැලූ!💜

  • @hirunikarajapaksha6633
    @hirunikarajapaksha6633 3 ปีที่แล้ว +36

    අවුරුදු 3ක් ඈතට, නදීශ අයියාගේ studio එකට ගියා මම. චෙලෝ එකත් අරගෙන මම ඉද්දී මල්ලී මේකේ Accent එක මෙහෙමයි මචං කියලා කළු පාට ගිටාර් එකකුයිි නොටේෂන් එකත් අරගෙන දම්සර අයියාත් වාඩි වුණා එතන පුටුවක. හරි ලස්සන දවසක්. "මේ සිංදුව අහලා අඩුම බං පොතක් හරි ගන්න අපේ වයසේ එවුන් යොමුවෙනවා කියන්නේ ඒකම ඇතිනේ බං " 🔥️- (ඒ Interval එකේ. පොඩ්ඩක් ගඟ පාර හරියෙදී නිදහස් වාතය ආග්‍රහණය කරන ගමන්...) ඒක දූරදර්ශී කලාකාරයෙක් ගෙන් මට ඇහුන හොඳ කතාවක්. ❤ ජය ම වේවා දම්සර අයියා. සතුටුයි හදවතින් ම🔥❤️

    • @TharinduDamsara
      @TharinduDamsara  3 ปีที่แล้ว +4

      ජයවේවා මල්ලි

  • @piyumalerandaka8562
    @piyumalerandaka8562 4 ปีที่แล้ว +62

    අය්යේ...අනේ views මදි කියල මෙ songs කරන එක නවත්තන්න එපා.....පිස්සුවෙන් අහන්නෙ අය්යේ...

  • @arts21-x
    @arts21-x ปีที่แล้ว +3

    කොලරා කාලේ ආලේ
    කියවන්න ගනිද්දි මට වයස 17යි. ඒත් මට ඒක තේරැම් ගන්න බර වැඩි වුනා.😢 ඊටත් කාලකට පස්සේ "ළු" අහන්න ලැබුන. විස්තර සොයද්දී මට ආයේම "ෆර්මිනා" මුණගැසුනා❤
    මට දැන් 28ක්.තවමත් මම මගේ අතීතයේ මතක "ෆර්මිනා" එක්ක මුමුණනවා😊

  • @anuradhagodagama3337
    @anuradhagodagama3337 3 ปีที่แล้ว +29

    අදත් අහනව ලයිට් නිවල ඇස් වහන්.මගෙ මහත්තයා කීව තරිඳු ගෙ සිංදු ඇහෙද්දි ඇගෙ හිරිගඩු පිපෙනව කියල.ඒ පාර මම ඇහුව.දැන් ඉතින් හැමදාම අහනව අපි.😍

  • @dilukshikarathnayaka5849
    @dilukshikarathnayaka5849 6 ปีที่แล้ว +91

    "නුඹ ප්‍රේමයට කවියකි....."
    මම ජීවිතයේ වැඩිපුරම ආදරය කරපු පොතක්... තවත් ජීවමානයි ඔවුන් මටනම්...

    • @TharinduDamsara
      @TharinduDamsara  6 ปีที่แล้ว +6

      Thank you! Stay tuned

    • @akilamadhugee1505
      @akilamadhugee1505 4 ปีที่แล้ว +4

      මේ පොතේ නම මොකක්ද කියවන්න හිතුනා ගන්න පුළුවන් තැනකුත් කියන්න

    • @chamithsandeepa174
      @chamithsandeepa174 4 ปีที่แล้ว +11

      කොළරා කාලේ ආලේ , kiywanna ptan ganna kalin me sinduwa ahala.kiywala iwra wela me sinduwa ahanna.hithgannawath bri wei.e thram maarai.aththtama bawanawak.

  • @hiruniherman3549
    @hiruniherman3549 7 หลายเดือนก่อน +3

    ප්‍රතම ප්‍රේමය මේ සින්දුව පොඩ්ඩක් අහන්නකෝ කියලා එවපු සින්දුව අදටත් මන් නින්ද නොයන රාත්‍රින් ගෙවා දමන්න අහනවා 💫💔

  • @kaushalyahansana5844
    @kaushalyahansana5844 6 ปีที่แล้ว +68

    මේ නිර්මාණය අගයන්න තරම් මගේ වාග් මාලාවේ වචන නෑ. ❤️❤️❤️ කනට මීපැණි දාන ගමන් හිත පිරිමදිනකොට එන හැඟීම මොන වගේද කියලා දැනගන්න ඕනිනම්... හවස් වෙලාවක වැස්සට පස්සේ එන නැවුම් සුවඳ එක්ක මේක අහන්න.... ❤️❤️❤️

  • @KingsleyKingsley-l7c
    @KingsleyKingsley-l7c ปีที่แล้ว +3

    දන්නවද මම 'කොලරා කාලේ ආලේ ' පොත කියෙව්වේ මේ song එක අහලා. මම දැක්කා comments වල දාලා තියෙනවා, පොත කියවලාම song එක අහන්න කියලා. ඒක පුදුම feeling එකක්. තාමත් කිසිම affair එකක් තිබිලා නැතත්, මේ song එකෙන් ෆ්ලෙන්තියෝගෙ ආදරේ feel වුණා. මේ විදිහටම තවත් ලස්සන පොතක්, සිංදුවක් විදියට විදින්න බලන් ඉන්නවා. මේ වගේ තව songs කරන්න. ❤🖇💫

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545 2 ปีที่แล้ว +10

    මම මේ සිංදුවට මාර ආදරෙයි ❤️ කී වතාවක් ඇහුවද මතකත් නෑ . කවදහරි කොළඹ පැත්තෙ live show එකක් කරයි කියලා බලාගෙන ඉන්නවා . මගෙ list එකේ උඩින්ම තියෙන්නෙ මේක.

  • @FFWriterKiti
    @FFWriterKiti 3 ปีที่แล้ว +10

    මේ සින්දු වලින් ජිවිතේට ආදර්ශයක් දෙනවා.. Video නැති අර්ථයක් තියන සින්දු අහන පිරිස ලංකාවේ අඩුයි වගේ.....

  • @tharakajayasinghe4779
    @tharakajayasinghe4779 5 ปีที่แล้ว +210

    විශුවල් එපා මෙන්න මෙහෙම ඇස් වහගෙන අපිට අපේ ෆැන්ටසිය ගන්න දෙන්න ❤️❤️💗💗

  • @dikamusicaa4033
    @dikamusicaa4033 4 ปีที่แล้ว +35

    හැමදෙයක්ම කෙලවෙලා නැත්තටම නැති වෙලා කරගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවට අහන්න තියෙන්නෙ මේ සින්දුව විතරයි.. ❤❤❤❤
    රකිනු බැරි එලිවැටක අකුරු ගැන නොසිතමි..
    ෆර්මිනා......නුබ ප්‍රේමයට කවියකි.
    Thank you Damsara ayya😍😍

  • @shehankavinda3875
    @shehankavinda3875 3 ปีที่แล้ว +11

    #පටුනක් තරම් පටු ආදරේ
    විටෙක නුඹ මා හට ඇමිණූ සියුම් ඉගි බිගි සොයා මම අතීතය වෙත පියමනිමි...
    එය සැබැන්විම සුන්දරය. අව්‍යාජය. නිදහස්‍ ය.
    #රකිනු බැරි එළිවැටෙක අකුරු ගැන නොසිතමි.
    නුඹ ගැන හදේ පැරෙන්නාවූ චකිතසික ආදරය මා එළිවැටකින් තොරව සියුම් ලෙස ගලපමි. එය නිමා වන්නෙ කදුළු බිගු නොදැනිම ලියා ඇති කොළය බොද කරමින්මය...
    #නොදැන උන්නට නුඹේ ආලයත් කොළරාවකි.
    අවසානයේ හැරි බැරූ කළ නුඹ මා අසළ රැදී නොමැත. ඉදින් විටෙක මේ දුක සමගින් මා හද ඇවිලුම් දෙන්නාවූ ඒ වේදනවා නිසා මා නුඹට සැබවින්ම වෛර කරමි. එය වැරදිද ?
    #කොහේ යනවද නොදැන ඔහේ පාවි ඇදෙන මාරුතය මොහොතක නවතමි.
    අවසානයේ සියල්ලෙන් මොහොතක මිදෙමි. නුඹ කිසිදා නොලැබෙන මිරිගුවක්. මා මාහටම පවසාගනිමි.
    වෛරයකින් තොරව නැවත්තත් හැගුමකින් තොරව නුඹ දිහා බලා සිටිම වෑයම් දරමි. එය කළ නොහැකිය.
    නැවතත් නුඹ ඇමිණූ සියුම් ඉගි බිගි සොයා යන්නෙමි....
    වෙහෙස වූ කළ මම නවත්තින්නෙමි.
    නමුත් ඒ කවදාදැයි මමද නොදනිමි.
    නුඹ ඇබ්බැහියක්.
    ශෙහාන් කාවින්ද සෙබස්තියන්

  • @harshanagunathunga6913
    @harshanagunathunga6913 6 ปีที่แล้ว +30

    මේක තමයි හොදම එක.

  • @PramodiImasha-h8c
    @PramodiImasha-h8c 5 หลายเดือนก่อน +1

    අවුරුදු හයක් ගෙවිලත්, තවමත් අහන... අහන්න හිතෙන සින්දු ! ❤️

  • @mahigrl1757
    @mahigrl1757 4 ปีที่แล้ว +15

    අහම්බෙන් වගේ සෙට් වුණු සින්දුවක්..දම්සර අයියාගේ සින්දු අහල තියෙනවා එකක් දෙකක් වගේ..ඒත් දැන් තමයි හරියට ඇබ්බැහි වුණේ..මේක නම් මනොපාරක් ගහන්න කියාපු සින්දුවක්👌🏼👌🏼❤️

  • @beachlover170
    @beachlover170 4 ปีที่แล้ว +14

    නොදැන උන්නාට නුඹ
    ආලයත් කොළරාවකි
    ප්‍රේමයම කවියකි...🖤

  • @musictaste5915
    @musictaste5915 ปีที่แล้ว

    අදටත් මට මේ ගීතය මාව කොහේට ගෙනියනවද කියල හිතාගන්න බෑ..එදා වගෙම අහනව අදත්.මේක අහන හැම රෑකම ජීවිතේ මොකද්දෝ තැනක මාව හිර වෙනව අදටත්..🌿

  • @nethmikodagoda3487
    @nethmikodagoda3487 2 ปีที่แล้ว +3

    පලවෙනියට අහපු දා ඉදන් අද වෙනකම් අහපු නැති එක දවසක්වත් නැතිවැති 🌺..සියවතාවකට වඩා අහල ඇති...💆‍♂‍💆‍♂‍..
    නොදැන උන්නාට නුඹ ..
    ආලයත් කොළරාවකි
    ප්‍රේමයම කවියකි🖤🥺
    ඇබ්බැහියක් 🥺🌺

  • @samu_lifestyle_vlog
    @samu_lifestyle_vlog ปีที่แล้ว +1

    නොදැන උන්නාට නුඹ
    ආලයත් කොලරාවකි
    ප්‍රේමයම කවියකි.

  • @gayumiwijewardana9870
    @gayumiwijewardana9870 6 ปีที่แล้ว +45

    "පටුනක් තරම් පටු ආදරේ"! මේක ගැන කියන්න වචන නෑ... looking forward for more divine works like this! Honestly all the very best!!!

  • @diaryazy
    @diaryazy 2 หลายเดือนก่อน

    මුලින්ම සිංදුව අහද්දි දැනුන feeling එක අවුරුදු 6ක් ගිහිල්ලත් තාම ඒ විදියටම දැනෙනවා ❤
    ෆ්ලොරෙන්තිනෝ වගේම මාත් අවුරුදු 53ක් වත් මේක අහයි 🖤❤️

  • @nayanajithkodituwakku6100
    @nayanajithkodituwakku6100 ปีที่แล้ว +1

    ෆ්ලොරෙන්තිනෝ අරීසාට මම බෙහෙවින් ස්තූතිවන්ත විය යුතුයි. හමු වූ, හදවතට දැනුණු, ඈට, පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී ජීවිතය පුරාවට ආදරය කරන්නට පුළුවන් වගත් එසේ බලා හිඳීමම ආදරය බවත් ඔහු ලොවට නොකියන්නට කිසිවෙක් මා විශ්වාස නොකරන්නට ඉඩ තිබුණා.
    නිමා නොවෙන කතාවක මම ඉන්න තැන අකැමැත්තෙන් වුනත් මට දරාගන්න වෙනවා. ඔව්, ජීවිතය ඇත්තටම ප්‍රේමයේ එක් කුඩා කොටසක්. ෆර්මිනා වගේමයි, "ඈ ප්‍රේමයේ කවියක්, ප්‍රේමයට පර්යාය පදයක්." අවුරුදු පනස් තුනකුත් මාස හතකුත් දවස් එකොළහක ෆ්ලොරෙන්තිනෝගේ බලා හිඳීමට අවසානයේ ෆර්මිනා හමුවීමම වටිනාකමක් එක් කළා.
    ඒත් මට......

    • @mrToxin-c8n
      @mrToxin-c8n 2 หลายเดือนก่อน

      මාත් කියන්නේ හැම වෙලාවෙම දරාගත්තෙ අරීසා.
      තව ඔයවගේ කතාවක් තියෙනවා.
      ඒ ලංකාවේ ඉඳපු පරණ ගයකයකුගේ

  • @sashifernando8959
    @sashifernando8959 ปีที่แล้ว +1

    ආලය අන්ධ නොවනවා පමණක් නොව, සියලු අඩුලුහුඬුකම්ද හොදින් දකී. එහෙත් ඒ කිසිවක් ගනන් නොගනී 🖤🖤

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 3 ปีที่แล้ว +3

    චතුරිකා විනොදි ,තරිදු දම්සර මේ fermina හිතට කතා කලේ මේ කා ගෙනද කියන්නෙ හෙව්වේ බැලුවේ මේ තරමට හිතට දැනුනේ මේ වචන හිතට දැනුන නිසා..😍 පොතකට හිර නොවුන ඇත්තම ජීවිත කතා ඇති ඕනෑ තරම්

  • @okindupeiris
    @okindupeiris 2 ปีที่แล้ว +8

    ෆර්මිනා නුඹ ප්‍රේමයට කවියකි..
    පර්යාය පදයකි..
    ❤️🥺
    විශිෂ්ඨ නිර්මාණයක් 👌😍

  • @anupamagamage3906
    @anupamagamage3906 6 ปีที่แล้ว +42

    පපුව සියුම්ව පිරිමදින නිර්මාණ...
    භාවනාවක් වගේ ඒ තරම් නිවෙනවා මේක අහද්දී...❤️

  • @pamodajayasundara8363
    @pamodajayasundara8363 3 ปีที่แล้ว +4

    මේක පිස්සුව්ක් හැම්දාම් රෑට අහනවා ඇස් පියාන් අයියගේ හැම සින්දුවක්ම කියන්න වචන නෑ එ වචන,කටහඩ ඔක්කොම බාවනාවක් වගේ😖❤

  • @travelboyz3603
    @travelboyz3603 2 ปีที่แล้ว +1

    මායාවක් .............

  • @HiranyadaDewsarani
    @HiranyadaDewsarani 5 หลายเดือนก่อน

    හරිම ලස්සන යි

  • @Mintpepe
    @Mintpepe 11 หลายเดือนก่อน

    මං මේ සින්දුව රිලීස් කරපු දවසේ ඉදන් අදටත් අහනවා...මට කවදාවත් එපා වෙන්නෙ නැහැ මේක..එපා වෙන්නත් එපා..මේකෙ රස හැමදාම ඇහුවත් නැති වෙන්නෙ නැති මැජික් එකක්...🥺❤️

  • @SithumNimsara-f6e
    @SithumNimsara-f6e ปีที่แล้ว +2

    තාම රස විදිනව 💜✨..මේ සින්දුවල රහ දන්නෙ මන් නේ..

  • @VirojanaVaruna
    @VirojanaVaruna 6 หลายเดือนก่อน +1

    Farmina ❤danuna kathawa githayen ahuwa 😢mara lassani

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545 ปีที่แล้ว +6

    කොළරා කාගේ ආලේ කියවන තරම්ම ආදරෙන් ෆර්මිනාත් අහනවා ❤️❤️❤️
    මුලු පොතම මේ සිංදුව ඇතුළෙන් ඇහෙනවා .

  • @damithosurangadanthanaraya9271
    @damithosurangadanthanaraya9271 6 ปีที่แล้ว +33

    හැමදාමත් වගේ ලස්සන නිර්මාණයක් ..තවත් මේ වගේ නිර්මාණ කරන්නට සුබපැතුම්..

    • @TharinduDamsara
      @TharinduDamsara  6 ปีที่แล้ว +2

      Thank you

    • @nuwasaki
      @nuwasaki 5 ปีที่แล้ว +3

      ammo ubath ahanawada මේවා සින්දු නෙමෙයි භාවනාවල්

    • @gayanmuhandiram2831
      @gayanmuhandiram2831 2 ปีที่แล้ว +1

      අඩේ ඩමිත් අයියා!! ❤️❤️❤️ යමුද ශෝ එකක් බලන්න 😍

  • @nds4323
    @nds4323 ปีที่แล้ว

    පිස්සුවක්❤

  • @banatwijewardana4217
    @banatwijewardana4217 2 ปีที่แล้ว +1

    ඒ කටහඬ හරියටම නිකං දැනෙන්නෙ චෙලෝවක් වයනව වගේ ...වාදනය මැද්දෙන් පාවෙලා යනවා වගේ ඇස් පියාගෙන රසවිදින්න පුළුවන් ලස්සන සිංදුවක්

  • @pubudu154
    @pubudu154 2 ปีที่แล้ว +2

    සතුටු වෙන්න පුලුවන් දේවල් අඩුයි ❤️💐

  • @bussymithy
    @bussymithy 6 ปีที่แล้ว +26

    ජීවිතේ ප්‍රේමයේ කුඩා කොටසකී.....
    This is just amazing!!! Every element of this creation is just fantastic. Goosebumps throughout the whole song. 😍
    Goodluck for more crayons like this.

  • @chathurikalakruwani6590
    @chathurikalakruwani6590 3 ปีที่แล้ว +12

    වචන නෑ දෙයියනේ එච්චර ලස්සනයි ❤❤❤මගේ බෙහෙත් ඔයාගේ සිංදු ❤

  • @dsarts5752
    @dsarts5752 4 ปีที่แล้ว +5

    ඇයි අනේ මේවාට Views නැත්තේ..අපේ මිනිසුන්ගේ රසාස්වාදය ඒ තරම් පිරිහිලාද..මං මේ සිංදුව කී සැරයක් ඇහුවද කියලා මතක නැති තරම් ඇහුවා..හිත නිවන භාවනාවක්..

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 2 ปีที่แล้ว +2

    ප්‍රේමය...කවියකී...❤🙏ඔබේ සංගීත මුසුව ප්‍රසංශනීයයි..

  • @pagiriya3293
    @pagiriya3293 2 ปีที่แล้ว +2

    Love in the time of cholera ෆිල්ම් එක බැලුවාට පස්සෙ මේක අහද්දි එන ෆීලින් එක මාරයි ❤️❤️❤️❤️

  • @nilambaranethmal39_
    @nilambaranethmal39_ ปีที่แล้ว

    මේවා බෙහෙත් 🖤

  • @Thosith_Indeewara
    @Thosith_Indeewara 8 หลายเดือนก่อน +1

    fav 🥰😍

  • @vindi2417
    @vindi2417 2 ปีที่แล้ว +1

    ඒක මාර ලස්සනයි .... වොයිස් එක වගේ වචන... වෙනමම ලෝකෙ කට ගෙනියනව...

  • @savindyajayalath2473
    @savindyajayalath2473 3 ปีที่แล้ว +2

    💖💆පිස්සුවක්......superb 👌

  • @anuradhadissanayake5063
    @anuradhadissanayake5063 4 ปีที่แล้ว +2

    භාවනාවක් 🧘‍♀️

  • @erandiwishwakula4726
    @erandiwishwakula4726 2 ปีที่แล้ว +2

    ජිවිතෙ ප්‍රේමයේ එක් කුඩා කොටසකී ❤️🌹🙂

  • @nisaljayasundara8430
    @nisaljayasundara8430 3 ปีที่แล้ว +1

    මන් අහපු ලස්සනම ඒ වගේම අහන්න අමාරුම සින්දුවක්. පට්ට දුකක් ඇහෙන්නේ මේ සින්දුවේ මිය්සික් අස්සේ ❤️

  • @KaviNiwuhella
    @KaviNiwuhella 5 ปีที่แล้ว +5

    මන් අහපු ලස්සනම සින්දුවක් !!!හිත උපරිමේටම සන්සුන් කරන්න පුලුවන් සුපිරිම music එකක්.
    Best of luck

  • @anjanajanith3395
    @anjanajanith3395 2 หลายเดือนก่อน +1

    ❤️‍🔥

  • @davewickramasinghe9909
    @davewickramasinghe9909 2 ปีที่แล้ว +5

    අවුරුදු 4ක් තිස්සෙ අහන සින්දුවක්🥺🥺🌸

  • @Achini.
    @Achini. 11 หลายเดือนก่อน

    නොදැන උන්නාට නුඹ
    ආලයත් කොළරාවකි
    ප්‍රේමයම කවියකි...🥀🖤

  • @kavishkaranmal6185
    @kavishkaranmal6185 3 ปีที่แล้ว +1

    අදත් අහනවා, කවදා එපාවෙයිද කියල හිතාගන්න බෑ.. ♥️

  • @tharushanuwanjith3959
    @tharushanuwanjith3959 5 ปีที่แล้ว +3

    ❤️❤️😘ආදරෙයි බන් මේ වගේ ඒවා ඉස්සරහටත් ඕන

  • @samithameepegamage
    @samithameepegamage 5 ปีที่แล้ว +11

    මේක නියමයි මචං.. ලයිව් බලන්න ආයෙ චාන්ස් එකක් එනකල් බලන් ඉන්නෙ...😍

  • @damithdarshane6221
    @damithdarshane6221 6 ปีที่แล้ว +5

    "නොදැන උන්නට නුබ ආලයත් කොලරාවකි .... ප්‍රේමයම කවියකි..... "
    ලස්සන වචන ටිකක්...... නියමයි ,......

  • @kanishkadhananjayamaduwila4694
    @kanishkadhananjayamaduwila4694 2 ปีที่แล้ว +4

    ජීවිතය නැවත විදින්නට තවත් ආසාවක් එකතු කරනවා. වැව රවුම වැහි බර අහසේ මේ සිංදු සෙට් එකම අැහුවා... නොවිදපු සුන්දරම දවස එදා යැයි මට හැගුනා..

  • @kilshandisanayaka5384
    @kilshandisanayaka5384 6 ปีที่แล้ว +7

    පට්ටම ලස්සනයි මගේ ජිවිතේ සින්දුවක් මේක😢😭

  • @harshanisandamali878
    @harshanisandamali878 ปีที่แล้ว

    නොදැන උන්නාට නුඹ
    ආලයත් කොළරාවකී ....
    ප්‍රේමයම කවියකී.....🖤
    නුඹ ප්‍රේමයට කවියකී.......🖤
    හරිම අපූරුයි කියන්න වචන නෑ..❤

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 3 ปีที่แล้ว +1

    ආසවෙන් අහන්නෙ congratulations අයියේ🌼❤️

  • @dilinikariyawasam5834
    @dilinikariyawasam5834 2 ปีที่แล้ว +1

    ප්‍රේමයත් කවියකි....... 💆🌹
    Superb 🥺♥️✨️

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 5 ปีที่แล้ว +2

    ඔයාගේ කටහඩ හිත ගොඩක් ගැබුරට අරන් යනවා ඇස්දෙක පියාගෙන. අහගෙන ඉන්නයි මංආස ❤️❤️❤️❤️❤️

  • @roneshnilshan5048
    @roneshnilshan5048 2 ปีที่แล้ว +1

    අහම්බෙන් හම්බුනේ 🥺 දැන් නම් මේ සින්දු වලට ඇබ්බැහි වෙලා🥺❤

  • @Allvideo-p5x
    @Allvideo-p5x 2 ปีที่แล้ว +1

    Mewa thama yako sindu

  • @ireshakithulgoda8678
    @ireshakithulgoda8678 9 หลายเดือนก่อน

    තරිදු දම්සර අයියා ,ඔයා හිත නිවන භාවනාවක් ❤❤❤

  • @thathsaranimadurapperuma718
    @thathsaranimadurapperuma718 3 ปีที่แล้ว

    සුපිරියක්

  • @ayodhyasalindi1244
    @ayodhyasalindi1244 2 ปีที่แล้ว +3

    ඒ වචන ටිකයි, voice එකයි 😍🔥........

  • @himashi322
    @himashi322 ปีที่แล้ว +1

    මේක නම් පුදුම ඇබ්බැහියක් දෙවියනේ 💚💚💚....
    පට්ට රහක්......

  • @nomithayasan
    @nomithayasan 3 ปีที่แล้ว +1

    අඩේ ඒ චෙලෝ පාර්ට් එක 😍❤️🔥

  • @chanakasenevirathne8598
    @chanakasenevirathne8598 2 หลายเดือนก่อน

    මේ කටහඩ නෙක්ස්ට් ලෙවල්❤

  • @nadeeshasamarasinghe4362
    @nadeeshasamarasinghe4362 6 ปีที่แล้ว +13

    හිතේ සියුම් තැන් පවා රිදවපු පොතක් සහ ගීතයක්...
    ජීවිතය ප්‍රේමයෙන් එක්තාරා කොටසකි❤
    සුබපැතුම් ❤❤❤

  • @SAHAN_Musick
    @SAHAN_Musick ปีที่แล้ว +3

    ආදරයට ආත්මයෙන් ප්‍රේම කරන සැමට...❤️‍🩹🎼

  • @sitharapeiris4848
    @sitharapeiris4848 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. හදවතටම දැනුණා. ❤️❤️❤️ මේ වගේ ගීතවලට ආදරය කරන අය තවමත් ඉන්න නිසා දිගටම මෙ වගේ නිර්මාණ කරන්න 💯❤️👊💪

  • @navokarunarathne9892
    @navokarunarathne9892 2 ปีที่แล้ว +1

    Lv it❤keep it up

  • @kavindurasanga5838
    @kavindurasanga5838 4 ปีที่แล้ว

    As wahan hith asse rasa kawanna hamotama baa sahodaraya uba eka klaaa jaya wewaaa

  • @dismafernando800
    @dismafernando800 6 ปีที่แล้ว +6

    Untill today I believed that love is a part of life..
    but now...
    life is such a small part of love. .
    OMG😱😍😍
    wow..Such an amazing thinking pattern..😍😍
    Best of Luck..

  • @gayanlakshitha4288
    @gayanlakshitha4288 5 ปีที่แล้ว +4

    ඒ නාද රටාව, පාලු හුදකලාවක අතරමන් කළා. බොහොම ස්තුතියි

  • @barcablood749
    @barcablood749 ปีที่แล้ว

    භාවනාවක්. 🤍

  • @rithuamanda
    @rithuamanda ปีที่แล้ว

    Fav 😫💗

  • @kanchanajayasooriya5519
    @kanchanajayasooriya5519 2 ปีที่แล้ว +2

    සැබවින්ම ප්‍රේමයම කවියකි...
    රකිනු බැරි එළිවැටක් ඇති...🥀

  • @chaminiellawala3498
    @chaminiellawala3498 6 ปีที่แล้ว +10

    Masterpiece ❤👌

  • @hiruniherman3549
    @hiruniherman3549 ปีที่แล้ว

    Heaven 💎

  • @charithrupasinghe2311
    @charithrupasinghe2311 4 ปีที่แล้ว +3

    පට්ට ම රහයි!🥺🌹

  • @pradeepmadudarsana8720
    @pradeepmadudarsana8720 2 ปีที่แล้ว

    me sinduwa nm matat ahanna ahanna ayet ahanna asa hitenawa ❤️❤️

  • @anuruddhalogin
    @anuruddhalogin 5 ปีที่แล้ว +2

    සුබපැතුම් !

  • @nandunithakshila2503
    @nandunithakshila2503 5 ปีที่แล้ว +5

    හදවතේ අපිට පේන්නෙත් නැති තැන් ස්පර්ශ කරන ගීතයක්.පුදුමාකාර ලස්සනක් මේ වචන වල තියෙන්නේ.#perfect #welldone #hearttouching ❤❤❤

    • @ishaniwijerathna3747
      @ishaniwijerathna3747 4 ปีที่แล้ว +1

      ජීවීතේ ගැබුරුම තැන් ස්පර්ශ කරන්නට..
      ගීතයකට මේ තරම් අර්ථයක් මුසු කරන්නට .....
      ආදරයෙන් හදවත් ස්පර්ශ කරන්න ගීතයකට මෙසේ හැකි විය....

  • @traveldiary8122
    @traveldiary8122 6 ปีที่แล้ว +12

    wow! personally im a fan of beautiful melodies.. this melody takes you to notes you don't normally guess or expect..! it takes me by surprise and that makes this song beautiful to me! love it bro

  • @dilukshiwasana476
    @dilukshiwasana476 ปีที่แล้ว

    ලියන්න අදහස් නැත්තන් මේවා පෙලට ඇහුවාම අදහස් ලෝකයයි ඒ තරන් නිවෙනවා හිත..🖤🖤🖤

  • @Dissanayke
    @Dissanayke ปีที่แล้ว

    ❤good job no
    Words

  • @nilanthisamarawickrama1849
    @nilanthisamarawickrama1849 3 ปีที่แล้ว +1

    ඔබේ සෑම ගීතයක්ම එක වගේ හරිම හැඟීම්බරයි....තවත් මෙවැනිම නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා !!🌹🌹🌹

  • @warunilakshika9829
    @warunilakshika9829 5 ปีที่แล้ว

    Kynn wachana ne. බුදු සරණයි aiye oyt..