Salalihini (සැළලිහිණි) - PRATHAP | Charitha Attalage [Lyric Video]
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Download Link - www.charitha-a...
Listen on itunes - itunes.apple.c...
Listen on Spotify - open.spotify.c...
iTunes Ringtone - itunes.apple.c...
Performed by Prathap Eash - / prathapeashofficial
Composed and Produced by - Charitha Attalage | www.charitha-a...
Lyrics - Chandrasena Thalangama
Art and Illustrations - Chirath Kodithuwakku
Mixing & Mastering - Charitha Attalage
Vocal Recording - Thilina Boralessa
Recorded, Mixed and Mastered at DeVerb
Playlist :
Charitha Attalage Creations - • Playlist
නුඹ නා මෙනවි මම සැළලිහිණී
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැලණි නදී අසබඩ තුරෙහි
සැනහී හිඳිමින් ගිම් නිවමි
මනරම් නා මෙනවි
මේ ලවැලි තලේ
හිද මිණි වෙණ තත්
මැද රුවට රුවේ
ගයනා ගී මියුරු සරේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ
නිල් වරල සදා
කඩුපුල් මලිනා
දිගු නීල නුවන්
දෙපසා ඉසිනා
විඳිනා ඔබ රූ
රූ සිරිය අගේ
සැළලිහිණි වුනේ
පෙර පවට මගේ
#PrathapEash #CharithaAttalage #ChandrasenaThalangama
එදා මෙදා තුර ලාංකීය ඉතිහාසයේ විශිෂ්ටතම සාහිත්‍ය කෘතිය වන සැළලිහිණි සන්දේශය රචනා වන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් ය. මෙය ලියවෙන්නේ හයවැනි පැරකුම්බා රජුගේ බාල දියණිය වන උලකුඩදේවියට පුත් රුවනක් ලබා දෙන ලෙස සැළලිහිණියෙකු අතේ විභීෂන දෙවියන්ට යැවූ පණිවිඩයක් ලෙසය. කෝට්ටේ සිට කැලණිය දක්වා සැළලිහිණියාගේ මේ ගමනෙහි සුන්දරත්වය මෙම සන්දේශයෙන් කියවේ. මේ ගමනේදී ඔහුට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ සිට වෙසඟනන් දක්වා වූ විශාල පරාසයක වස්තූන් හමුවේ.
සැළලිහිණි සන්දේශය තරම් ගැහැණියගේ රූපකාය ගැන කාමය ඉපැදෙන අයුරින් ශෘංගාරාත්මකව රචනාවූ කෘතියක් මා කියවා නොමැත. සඳවන් මුහුණ, මිටින් ගත හැකි ඉඟ, කරත්තය රෝදය තරම් පළල් උකුල, නෙලුම් මල් රේණු පැලඳූ සෙලවෙන බැබලෙන හංස පියයුරු වැනි ඉතා රාගයෙන් නැහැවුණු උපමා හා රූපක මෙහිදී භාවිතා වී ඇත. එක් අවස්තාවක වෙසඟනකගේ තනපුඩුවෙහි රැඳුනු කුංකුම සුවද උදෑසන සුලඟේ හමාඑන විට නින්දෙන් ඇහැරෙන ලෙස සැළලිහිණියාට දන්වයි. එසේ සැළලිහිණියා ගමන් කරන මාර්ගයේ ඇති වනරොද හා ගංතීරයද ගැහැණියකගේ සිරුරට උපමා කරයි. මෙය වඩාත් ආන්දෝලනාත්මක වන්නේ මෙය සංඝයා වහන්සේ නමක් අතින් රචනා වීමයි.
සියලු බෞද්ධයන්ගේ මූලික මෙහෙවර නිර්වාණයම විය යුතුයි. සංඝ රත්නයේ මූලික මෙහෙවර නිවන හා බුදුන්ගේ ධර්ම පණිවිඩය ඉදිරියට රැගෙන යාමම වියයුතුයි. බුද්ධ ධර්මයට අනුව කය යනු නව දොරින් ඕජස් ගලන ජාති ජරා ව්‍යාධී මරණයන්ට හසුවන අධි යථාර්තවාදී දෙයක් ය. එවන් කාන්තා සිරුරක් භික්ශූන් වහන්සේ නමක් අතින් මෙසේ රාගිකව වර්ණනාවීම බුදු දහමට අනුකූලව ගැටලුකාරීය. එසේ ගත්කල මෙහෙවර සැබැවින්ම අමතක වුනේ සැළලිහිණියාටද? පණිවිඩයක් රැගෙන යන්නේ සැළලිහිණියා පමණද? සිතන්න.
කැළණිය දක්වා සැළලිහිණියා රැගෙන ඒමට දිය යුතු සියලු උත්තේජනයන් ඔහු වෙත ලබාදේ. නාග කන්‍යාවියන්ගේ, ඇල්ගෙවිලියන්ගේ, පුර ලඳුන්ගේ හා වෙසඟනන්ගේ ශෘංගාරාත්මක චිත්ත රූපයන් සැළලිහිණියාගේ සිතේ මවාදේ. මෙම සාහිත්‍ය කෘතිය කිසිදා සැළලිහිණියෙකු කියවන්නේ නැත. ගැහැණියකට සැළලිහිණියෙකු ගැන හැඟීමක් ඇති නොවන්නා සේම සැළලිහිණියෙකුටද ගැහැණියක් පිලිබඳව ජීව විද්‍යාත්මකව හැඟීමක් ඇතිවිය නොහැක. නමුත් රාගය නොසංසිඳුනු ඕනෑම මිනිස් සිතක ගැහැණිය ගැන ශෘංගාරාත්මක චිත්ත රූප ඇතිවිය හැක. සාහිත්‍ය කියෙව්වේද විචාර කලේද අපිමය. ගැහැණිය වින්දේද ගැහැණිය කෙරේ ඇලුනේද අපිමය. ඉතින් සැළලිහිණියා යනු හුදෙක් සංකේතයක්ම නොවේද? සැළලිහිණියා තුලින් අප දකින්නේ රචකයාගේ චිත්ත රූපම නොවේද? තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිරිලක බිහිවූ විශිෂ්ටතම කිවිඳානන් වහන්සේ බවට පත්වන්නේම මෙහි ඇති ආන්දෝලනාත්මක විශිෂ්ටත්වය නිසාය.
මේ නිර්මාණයේ ඇඟිල්ල දෙස බලා සිටියා ඇති. දැන් ඇඟිල්ලෙන් පෙන්වූ අහස දෙස බලන්න. සිතන්න. විඳින්න. නිවෙන්න.
සිතන්න. විදින්න. නිවෙන්න. වැදුනා ඒක ✌️✌️✌️✌️
💖
අන්තිම එකහ්😍
Prathap Eash thank you ♥️
සැළලිහිණි අගේ
දෙසවන වැකුණේ
පෙර පිනට මගේ...
මේක අහන එකේ නිමාවක් නෑනෙ
ආදරෙයි රවි
Ane matath ehemai
Oyage remix ekk krnnako Ravi Jay ayye meke
❤️
Sira kathawa.bawanawak
මේක තාම අහනව කියන්නෙ විස්වාස කරපන් උබෙ මනස තාම කලාවට සංවේදියි❤
Perfection!! Just perfection!! ❤❤❤❤
Another RIDMA Detected
Thank you very much machan Ridma! Thank you for starting the revolution with Charitha! Means a lot!
Ridma is miles ahead of me bro! :)
රිද්ම අයියේ. තරහා නැත්තන් මේක ඔයාගේ කටහඬින් cover එකක් කරන්නකෝ. චරිත අයියා ප්‍රතාප් අයියා තලංගම සර් අමනාප නොවේවී කියලා හිතනවා. රිද්මගේ කටහඬ එක්ක කොහොම වෙයිද කියලා බලන්න ආසයි 😍
And now we are counting days for another " Ridma Weerawardena masterpiece"
තෑබෑරුමට ඇති පෝලිම කොල කැද කඩේට හැරෙන්නේ නෑ මිත්‍රයා keep it up !
බොහොමත්ම ස්තූතියි මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
Joint එකට හැරුන උන් නවතින්නෙම මේ වගේ තැන් වලමයි.. ❤️
@@asankaperera5411 E gena nemei me kiyanne... kiyawala balapam hodata🙂
@@sanukarathnayake8910 😂
අනිවාර්යයෙන් ..💜️🧡
ලංකාවේ මෑත කාලෙ බිහි වුන විරාගීව ස්ත්‍රියක වර්ණනා කරන එකම පද රචනය. මේ වගේ සිංදු හොයගෙන ඇවිල්ලා රස විදින සුන්දර නිවුනු මිනිස්සු ලංකාවේ තාම ඉන්නවා කියලා දැනෙනකොට ලොකු සතුටක් දැනෙනවා.
Thank you very much ❤
🙏✨
දවස තිස්සෙ සිය පාරකට වැඩිය මේ ටිකේම මේ සිංදුව ඇහුවා. තාමත් රහයි. අද තමයි මං comment එකක් දාන්නෙ. මං වගේ comment එකක් නොදා මේ සිංදුව දහ වෙනි/ සියවෙනි පාරටත් අහන ඕන තරම් අය ඇති. ඒ අයත් comment කළා නම් කියවලා ඉවර කරන්න බැරි වෙයි ☺️😇 සුබ පතනවා. ලස්සනම ලස්සන වැඩක් 🌸🌸
මචං, මටනම් Comment එකක් Review එකක් ලියනවට වඩා පොතක් ලියන්න මෙතන බඩු තියෙනව. මේක "හරි රහ" නිර්මාණයක්. මේක බලල වින්දින අයත් "හරි රහ" අන්දුනන අය...
මේ සින්දුව නැවතත්, නැවත නැවතත් අහද්දි මට දැනෙන feel එක වෙන තැනක place වෙන එකක්. ඒ feel එක identical. වෙන සිංදුවක් අහල ඒ ආතල් එක ගන්න බැහැ. තලංගම මහත්තයා, අත්තලගේ සහ Eash ඇතුලු නිර්මාණය අපිට වින්දින්න ඉඩහදපු සැමට මම තුති පුදනව.
මචං සෙට් වෙලාම කතා කරමු. උඹලට ජය !!!
එක එක කෑලි දාන්නේ, ඕක සිංහලෙන්ම කිව්වනම් ඉවරයිනෙ
Poddiyee : )
බොහොමත්ම ස්තූතියි මචං මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි. උඹෙ පොඩ්ඩිටත් මම හරි ආදරෙයි. :)
පොඩ්ඩියේ ✌
apita oyala wage aya ona
1M views වැටෙන්න අවුරුදු ගනන් යන්න ඕන song නෙවෙයි මේවා 🥺💔
අවුරැදු 4යි තාම නෑ😥
aurudu 5i tvm ne therum gnn puluvan ape lankve unt nikn boot sinduvk tiyn raha🤮
Lyrics -
නුඹ නා මෙනවි
මම සැළලිහිණී
පණිවිඩය අරන්
රැගෙන යමි
මේ කැලණිනදී
අසබඩ තුරෙහි
සැනහී හිඳිමින්
ගිම් නිවමි..//
මනරම්
නා මෙනවි
ලවැලි තලේ
හිද මිණි වෙණ තත්
මැද රුවට රුවේ
ගයනා ගී මියුරු සරේ
මෙ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ..//
නිල් වරල සදා
කඩුපුල් මලිනා
දිගු නීල නුවන්
දෙපසා ඉසිනා
විඳිනා ඔබරූ
රූ සිරිය අගේ
සැළලිහිණි වුනේ
පෙර පවට මගේ..//
නුඹ නා මෙනවි
මම සැළලිහිණී
පණිවිඩය අරන්
රැගෙන යමි.
මේ කැලණිනදී
අසබඩ තුරෙහි
සැනහී හිඳිමින්
ගිම් නිවමි..//
Thanks
aruna rathnayake ඉස්තුතී පුතේ...
Thank you very much brothers! :)
❤️
aruna rathnaye
මට ඕනේ මේ වගේ සිංදු අහන කෙනෙක් එක්ක කුවේණි කොන්සර්ට් එක බලන්න යන්න..
Mn ennada
Me too
😊
@@SLS.Cricketenna
මම තාම බලන් ඉන්නවා ඒ දවස එනකම් 😓😮💨
2024 දිත් තාම මුලින් අහද්දී දැනුන ෆීලින් එකම දැනෙනවා.මේ සිංදු කවදාවත් පරණ වෙන සිංදු නෙමෙයි..ප්‍රතාප් අයියගේ වොයිස් එකෙන් තව සිංදු ටිකක් අහන්න තිබුනා නම් තවත් හොඳයි❤️
2021 anyone?
ඇබ්බැහියක්.🖤 සියපාරකට වඩා අහන්න ඇති.🖤
මාත්❤️❣️
2022..♥️
2024 🥺🖤
තාමත් එදා වගේම කියන්න වචන na Masterpiece ❤
_සැලලිහිණි අදෝනාව.._ 🕊️🖤
කාලවරණ ලිහිණියා මම ඔහේ පාවෙම් නිදහසේ..
රංචුවෙන් පිට තනිකඩයි මම කලුවරයි මගෙ ජීව්තෙ..
වසන්තය සොයා තෙමී තෙමී පියමැන්නා හීතලේ..
කලු හින්දද මේ සරදම ජීවිතේ කල් සානුවේ..
පහල බලන්නද ඉහල බලන්නද..
අහස නම් හරි දොලදුකේ..
පහල බලන්නම බැ උන් දුක...
දීග යන කරකාරයේ..
ලොකු අයියල ලොකු නෝනලා..
දුවයි බස්වල හාමතේ..
කණාමැදිරි හැත්ත වගෙ උන්..
එලිපුke හොයයි ගිණි සංචාරයේ..
මැරවර අතවර ඝනිකා..
මණ්ඩපේකී වැලිබිමේ..
මොකද්ද බන් මෙ විගඩම..
කාසි හොයන ජිවිතෙ..
තවමත් සමහරු හොයනව..
නිදුක් සාර ජීවිතේ..
කලු වලාවෙ රිදී වනින්..
දිලිසෙයි උන් කාණුවේ..
මාත් අදුරෙ ඔහේ යනවා...
උන් වගේ දැක හාමතේ..
දුක්බරයි බන් අපෙ ජීවිත...
මොකටද අපි මේ විරසකේ...
නිවෙමි සැනසෙමි හමුවෙමි දවසක..
සුදෝ සුදු නිල් සාගරෙ..
රැලි ගහනව රැලි බහිනව..
හරි ලස්සනයි එහෙ ජීවිතේ..
මම මේක දාපූ මුල් කාලේ ඉදන් තාමත් අහනවා අවෘරුදු 4 කට පස්සෙවත් මේවගේ තියෙන රසය ගිහිල්ලා තියෙනවද? ❤ආදරෙයි
මේ තමයි කාලය අපි සින්දු රිලීස් වෙනකම් ඇඟිලි ගනින ❤️ well done brothers 😍
බොහොමත්ම ස්තූතියි මේ වචන ටිකට! :)
රූ සිරිය අගේ - සැළලිහිණි වුනේ - පෙර පවට මගේ 🥺❤️
හ්ම්. අවුරුදු 4ක් ගිහිල්ලත් තාම අහනව මං. ඒත් මේකට වීව්ස් මදි. මොකද මේ වගේ සින්දු අහන්න පුලුවන් අය නෑ දැන්. ලස්සනයි. 🥰❤️😘💕🇱🇰
මෙය සංස්කෘතිය විකෘති කිරිමක් නොව සංස්කෘතිය ප්‍රතිසංස්කරණ කිරිමකි.
අලුත් විදියට හිතපු වෙනස් නිර්මාණයක් ❤️
බොහොමත්ම ස්තූතියි මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
@@PrathapEash Addicted it ❤️😍
සැළලිහිණිය වගේම තමයි... සැළලිහිනිය වුණත් බහුතරයක් මිනිස්සු අතර කතා බහට ලක් වෙන්නෙ මිනිස්සු විදින්නෙ කලාතුරකින්.. නමුත් මේ සැළලිහිණි නම්..ආස කරන මිනිස්සු අතර හැමදාම තියේවි... තව දශක ගාණක් ගෙවුනත් මේ සිංදු නම් පරණ වෙන් නෑ ❤
චරිතගේ මෙම සංගීත ශබ්දය මට පටන් ගත් මොහොතේ පටන් දැනෙන්නේ සැළලිහිණියා තටු සලා පියඹා යමින් සංදේශය ගෙන යන ආකාරය සහ හඬයි.ගමන් මග තුල හමුවන සියල්ලකදීම තමන්ට සන්තක කර ගත නොහැකි දෑ සියුම්ව රාගය මුසු විරහවෙන් රස විදිමින් සැළලිහිණියා සංදේශය ගෙන යන්නේ සුළං පොද නැමති නුඹේ හඬ මතින්ය
Roma✍
චරිත රක්ෂිත අත්තලගේ ස්තූති මිත්‍රයා උඹට..💐💐💐❤️
වෙන මොනව කියන්නද තව
නැවත නැවතත් ස්තූති උඹට..ලාංකීය සංගීතය වෙනුවෙන් කරන අපුරු සප්තස්වර පෙලහරට 💐💐💐❤️
ඔව්
බොහොමත්ම ස්තූතියි මචං මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
2024ත් තාම අහනවා ❤
තාම ඇග හිරි වැටෙනවා හවස 6ට වගේ වැස්ස වෙලාවක මේක අහනවා තරම් මට නම් වෙන නිදහසක් හිතට දැනෙන්නේ නෑ... ස්තූත්‍යි නෙවෙයි බොහෝම පිං මචං..හදවතින්මයි කමෙන්ට් එක දැම්මේ..කියන්න වචන නෑ
බොහොමත්ම ස්තූතියි! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
ඒ වගේ වෙලාවක මේ අහන ගමන් ඉන්නෙ 😍❤️
අහම්බෙන් හම්බවුනේ මේ සින්දුව ඇත්තටම කිව්වොත් පිස්සුවක් ❤️
දුර අෑත බලාගෙන අහගෙන ඉන්නෙ ! ලාවට වගේ පපුවෙ ගැස්ම කාලෙකින් දැනුන. මේක මරේ මරු (y)
බොහොමත්ම ස්තූතියි මචං මේ වචන ටිකට! මාත් උඹෙ කටහඬේ රසිකයෙක්! :)
sira 😍
රිලීස් කරපු කාලෙ ඉදන් තාමත් නිතර අහන හිත නිවන සිංදුවක්😍 මේ වගෙ තව නිර්මාණ කරන්න අයියා 🖤
මම සැලලිහිණි
සතොස පිරි ඇතී
සුන්දර දසුනක් තොර
කවකින් මා නිවුණි
විස්කමකි සිත බැදුණි
මන නිවුණි විරාගී
පෙර පිනකි
සවන් පිරී
ඔබේ වරුණා ගැන
රුව ඇදුනි
@Prathap - Soothing and Beautiful!
@Charitha - Master Perfectionist!
Thank you for writing the newest chapter of Sri Lankan Music.
Thank you very much for your kind words Harshadewa brother! I'm still listening to 'Heena Maka' even at this moment! :)
Comments දාලා චරිතව Motivate කරනවා වගේම minimum 2$ වගේ පොඩි ගානක් දීලා උගෙ සයිට් එකෙන් song එක purchase කරලා නියම විදියට උඹලත් contribution එකක් දීපල්ලා. Iraj වගේ video එකෙන් track එක market කරන කෙනෙක් නෙමෙයි චරිත කියන්නෙ. චරිත, උඹ පට්ට චරිතයක් මචං.
අනිවා..
උඹට සිංහල නාම පද එහෙම අමාරුයිනෙ? නැ ක්‍රියා පදත් අඩුවක් තිබේ
Chaveen Ekanayake ඇයි බං මෙහෙම සමාජයක් ඉස්සරහා හරකෙක් වෙන්න දගලන්නෙ 😂
කොයි වගේ එකක් ඉස්සරහද ඔඹතුමා කියන්නෙ?
අනිවා චරිත කියන්නේ සුපිරි සහෝදරයෙක්
අද 2022 අගෝස්තු 17.දැන් මං ඉන්න දිහාට power cut එකක්.නිකමට සින්දු ටිකක් අහන් යනගමන් සැලලිහිනි මතක් වුනා.ඇහුව.චුට්ටක් නතර වෙලා කල්පනා කරා මේ ගැන.හිත නතර කරගන්න බෑ එක එක පැති වලට යනව.ඇත්තටම මේව තමයි කලා නිර්මාණ කියන්නෙ.සින්දුව අහල ඉවර වෙනකොට ඒකෙ අර්ථය ගැන ගැබුරට ඉබේම කල්පනා වෙන තරමට කලාත්මක නිර්මාණයක් කරන්න හැමෝටම බෑ.සුපිරි වැඩ්ඩො ටිකකගෙ සුපිරි සම්මිශ්‍රණයක්.ඒකයි සින්දුවක් මෙච්චර දැනෙන්නෙ
අනේ ප්‍රතාප් අයියෙ පට්ට.🙈❤️පිස්සු හැදෙනවා 😭.❤️මේ නිර්මානය හදන්න ගයන්න දායකවුන හැමෝටම ආදරෙයි !😭❤️මේ ලස්සන සංගීතයට!
ලාංකීය සංගීතය වෙනුවෙන් සිදු කරන මේ අපමණ මෙහෙවරට ඔබට තුති...චරිත අතලගේ😘
මම දකින විදිහට මේ තමයි සංගීතය😍
බොහොමත්ම ස්තූතියි මචං මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
Prathap eash කටහඬට වශී වුනා සහෝදරයා...සුභ අනාගතයක්...ආදරෙයි💙💛💜❤️
හමුවුනේ දැන් ගිතය...
ඇත්තෙන්ම....❤❤❤
සැළලිහිණි, ඇසුනෙ පෙර පිනට මගේ 🔊
Ranura Perera පවට මගේ
Sinduwa ahnna labune pinata mage kylai kiyla thiyenne😂
@@Chasinduofficial ,අන්න හරි
මගෙත් යාලුවා
උඹ වගේ යාලුවෝ ලැබුනෙත් පෙර පිනට තමයි! :)
2021 අහන අය කෝ දැං කාලේ සිංදුවලට වැඩිය හිත නිවන මාරම ලස්සන තේරුමක් තියෙන සිංදුවක් මේ වගේ වටිනා හොද නිර්මාන ඉදිරියට කරන්ඩ පුලුවන් වෙන්ඩ කියලා සුබ පතනවා ✨️☺😎
2022
2023
උත්තර ඉන්දියානු සංගීත ශෛලයක් ගැවිලා තියෙනවා , එල දිගටම කරගෙන යන්න 🙂✌️❤🙏
💞පරිණත වියේ දී ඇසිය යුතු ම ගීයක්...ස්ත්‍රී සුන්දරත්වය අසම්මත අයුරින් ම විදන කලෙක මෙවැනි අර්ත රස ශබ්ද රස වහා ඇවිලෙන සුලු හිත් සැනෙන් නිවා දමනු ඇත......
කීපාරක් ඇහුවද කියලා මතක නෑ..අහන හැමපාරම හිතෙන්නේ තවත් අළුත් සිංදුවක් කියලා..ඒ තරම් ඒ වචන,ඒ හඬ ඒ සංගීතේ නැවුම්..හරි ආදරෙයි ඒ දේට..මේවා අහන්න ඉතින් පින තියෙන්නත් ඕනා.මේ සංගීතයේ මුල් කාලේ සිට රසිකයෙක් වීම,මේ දේට ඇබ්බැහි වීම එක්තරා විදිහකට වාසනාවක්..ජය හැමෝටම❤❤❤
බොහොමත්ම ස්තූතියි මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
නිවෙන නිර්මාපකයන්ගේ හුස්ම වැටෙන නිර්මාණ🌸🥺❤
ඉතිං අපි බලන්නම් අහස දිහා😊❤️
අවුරුදු පහක් තිස්සෙම මේ සිංදුව හේතුවක් නැතුවම ඇවිත් අහලා යනවා ❤️
Lyrics කියෙවුවම පපුව පලාගෙන යනවා වගේ.
Well done චන්ද්‍රසේන තලංගම මහත්මයාණෙනි!
Prathap Eash, very nicely done vocals to bring the depth of the emotions of the song!
Charitha, as always, amazing Production!
පපුවටම කවි ලියන ඔයා අපි මැරෙනකම් අපේ හිත් කොනක ඉන්නවා .
කමෙන්ට් එකක් දාන්න හිතෙන්නෑ ලෝබයි මොන මොනව අඩුවෙයිද කියල .පොතක් ලියන්න පුළුවන් 😍😍😍 අහන්න.සිතන්න,විදින්න ,නිවෙන්න👍👍👍
ඒ කටහඬ,සංගීතය _ භාවනාවක් _හිත නිවන♥️😌අහනව හැමදාම තවමත්_(2022)♥️
පට්ට නිදහසක් දැනෙනවා අහද්දී♥🌼
මේ සින්දුව ඇහුවට තේරැමත් එක්ක අහලා බැලුවේ නෑ, ඒත් දැන් ❤❤❤
තාම 1M නෑ ඇයි ඒ මේ සිංදු
තියෙන්න ඔන මෙතනද ?
Ane mta meka hambune lagadi puduma lassnak e sinduwe thinne😍❤️
Charita mn dakupu supiri waddek ❤
2021 අහන අය ඉන්නවද..?
Ow
Also 2024❤
එදා ලංකාවේ ගීත කලාව පෝෂණය වෙන්න පටන් ගත්තේ මාස්‍ටර් අමරදේවයන්ගෙන්.. අද ලංකාවේ ගීත කලාව සුපෝෂණය වෙන්නේ චරිත්ගෙන් කිව්වෝත් මා නිවැරදී.. ඔබේ ගීත නිර්මාණ දෙවැනි වන්නේ අමරදේවයන්ටම පමණයි.. මේ තමයි ඊළඟ පරම්පරාවේ අමරදේවයන්... පලවෙනි comment එකෙ ඉදලා මේ වෙනකම් මේ සිංදුව අහනවා තාම.. අහන්න අහන්න මෙහි මිහිරි ගතිය වැඩි වෙනවා... ජයවේවා..!
බොහොමත්ම ස්තූතියි මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! මේ වචන ටිකම ඇති අපිට :)
මෙතෙක් අහපු සින්දු අතරින් විශිශ්ඨ නිර්මාණයක් මෙක මගේ හිත කොහෙ ගෙන ගියාද කියලා මට හිතාගන්නත් බැ එතරමට ඇබ්බැහි උනා🥺❤️
සින්දුව ආපු දවසේ ඉදන් අද වෙනකනුත්,හැමදාමත් අහන සින්දුවක්.මේක ප්‍රතාප් අයියා කියද්දි අපිව ඒ සින්දුවේ තියෙන ලෝකෙටම ඇදිලා යනවා.කියන්න වචන නෑ මට.🖤❤😍
රූ සිරිය අගෙයි, සැලලිහිණි උනේ පෙර පවට මගේ !!
ලයාන්විත කටහඩක්.ජයවේවා
අනේ මේ සිංදුව අහන එක නවත්ත ගන්න බැහැ නේ.....❤️❤️❤️
මුලින්ම සින්දුව ඇහුවේ මීට අවුරුදු දෙකකට කලින් මේ වගේ කාලෙකදි .හරියටම exam කාලෙ. එදා ඉදන් අද වෙනකම් හිත නිව්වට බොහොම පින්.. ඒ වගේම හෙටත්....
Thank you very much ❤
මේක තමයි බන් නියම සින්දුව ❤️🔥
31 රෑ චරිත මාස්ටර්ගේ ගී වන්දනාවේ යන ගමන්❤️❤️😁
maara lassanay ayye katahada,ayyage sindu ahana kota wenama lokekata yanawa,salalihini sinduwa lassanatama thiyenne Kuweni Live consert eke eka man danata50 parak vithara ahala athi,Maarama lassnay eka,Good Luck Ayye,Issarahatath me wage lassana sindu genna.
තාම අහනවා...2021...වෙනම ලෝකෙකට ගෙනියන්නේ...music , lirics, අයියගෙ voice එක හැම එකක්ම...සැලළිහිනි සන්දේශ කතාවම හිතේ මැවෙනවා....❤Thank you...all the best අයියේ...කුවේණි concert එකේ live sing කරපු song එකත් ඉක්මනටම එලියට එනකන් බලන් ඉන්නවා...❤👍😊
කොච්චර ඇහුවත් epa නොවන මිහිරි geethyak.
ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක එනකම් 🙈 patta bro💗
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේක නම්..මේ සංගීතය සහ වචන ටික එක්ක මෙ කටහඬ එකතු උනාම කියල වැඩක් නෑ..මේක අහද්දි වෙනම ලෝකෙකට යනවා..❤️❤️
Charitha nm ithin gammak thama ❤🤩
This is very beautiful! :)
Thank you very much Chandeepa brother! Im a huge fan of you and everyone in your gifted family! :)
හිත පාරගෙන කා වදිනවා කොච්චරද කියනව නම්...ඇස් තෙමෙනවා...❤️✨️🌸🌸
ඒකනම් පිස්සුවක්🎶💆♂
මුලු සැළලිහිණියම හදවතට දැනුනා ඒ තරම් ව්ශිශ්ට නිර්මාණයක්.Legendary song❤️🙏
ස්ස් ඒ මචන් උබ ඇත්තටම මේ සින්දුවට කැමතිද?
එක Sureම නම් වරේන් මචන් අපි යන්. හොදම Comment එක දෙන්න
මේ Link එකට , www.charitha-attalage.com/purchase
බොහොමත්ම ස්තූතියි මෙහෙම හිතන එකටත්! :)
අද උදේ අහම්බෙන් අහන්න හම්බ උනේ මේ සිංදුව. දැන් 100ක් විතර අහුවා. හරිම ලස්සනයි ♥️🥺 2022.10.08. 9.34 p.m
සැළලිහිණි වුනේ
පෙර පවට මගේ ❤️ ❤️ ❤️
Mnn ahpu සුපිරිම සිංදුවක් 😍
පිස්සු හැදෙනවා.♥️🍃
Mama muslim. Eth me rahula hamuduruwange nirmanaya OL karana sisuwek widihata mage hadawathatama danenawa. Wishishta nirmanayak. Mema geethaya gana mama wicharayakuth liwwa
❤️
@@odiljanandith3817 😘💕
God job ඉස්සරහටත් චරිතත් එක්ක එකතුවෙලා මේ වගේ ලස්සන නිර්මාණ ටිකක් දෙන්න චරිත, හර්ශදේව, රවී ,ප්‍රතාප් ඔයාලගෙ කටහඩවල් විදිනවයි කියන්නෙ භාවනාවටත් එහා ගිය දෙයක් වගේ දැනෙන්නෙ
2023 අහන අය කෝ 🙈💗...
මේක පිස්සුවක් අයියේ ✨️💯...
තාමත් අහනවා තනියම ඉන්න වෙලාවට හිත නිවනවා මේ සින්දුව
ලස්සනයි කියන්නේ........මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ....❤️❤️
මේක පිස්සුවක් චරියෝ😙😌
කොච්චර ඇහුවත් එපා වෙන්නැ නේ ..කටහඩ වචන සංගිතය 🥺This is the best !!!💞
දැන් කී පාරක් ඇහුවාද දන්නේ නෑ.අද තමා කොමේන්ට් එක්ක දාන්න මතක් උනේ...ජය වේවා සුපිරි චරිත කරන දේ කවදත් පට්ට...💓💓💓😍🙏🙏🙏
" සැලළිහිණි " තටු ලැබුණ ලිහිණිය පිපාසිත සිත් සොයමින්...
ස්තූතියි සහෝදරයා ❤️
බොහොමත්ම ස්තූතියි මේ වචන ටිකට! සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
ඒකනම් මාරයි
මේක නම් භාවනාවක්
සාහිත්‍යය නියමයි
හිත හිරිවැටිලා ගියා ❤️❤️
මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤🥺
ගීතයේ වචන වලටම ගැළපෙන හඬක්....
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
Charithagen බිහි වුණු ගුණාත්මක සංගීතය අගය කරනවා ❤️❤️❤️
Thank you very much ❤
හිතට මාරම නිදහසක් එනව අහද්දි😍🤍
මාර ලස්සනයි බං අර්තය.. උඹේ කටහඬත් සුපිරිම.. මේක මගේ ෆේවරිට් වෙලා... ❤️
Thank you very much ❤
Charith tawsenm thanikarama kiyanna vachna na halo prathap apiva vena lokekata gibichcha halo dennatama pin
ගිම් නිවමී 💆💆💆🔥🔥🔥🔥
පෙර පිනට ඇහුනේ මේක😍
When i hear this i can't stop my tears...i don't know the reason...but it's hearttouching....i have nothing to give except thanking...prathap ayya charitha ayya thalangama sir ridma ayya ravi jay harsha ayya supun ayya..... in the real sense of the word you are the real heros in music world....I have so many things to say but I can't write them bcz they are feelings....i'm proud of you as a srilankan....😌😌😌❤️❤️❤️best of luck... we'll surely meet next kuweni concert....It is my biggest dream ❤️
Thank you very much ❤
අද තමා සින්දුව මුලින්ම ඇහුවෙ. දැනටම විසි තිස් පාරකට වඩා ඇහුවා. කියන්න වචන නෑ පට්ටම සින්දුවක් . මාරම සතුටුයි මෙහෙම කලා කරුවන් ඉන්න එක ගැන. ඒ වගේම පට්ටම දුකයි අවුරුදු 2ක් ගිහින් ඒත් මේ සින්දුව ඇහුවෙ අද . Good Luck අයියේ
මේ සිංදුව Stress තියෙන වෙලවකට ඇහුවම මාර විදියට stress free wenwa . Well done aiyh keep it up 🖤❤
අහසින් සිහිල් වැහි පොද වැටෙන මන්දාරම් හවසක..
කල්පනා හීනයක...
සින්දුව මේ තරමට විඳලා තියෙන එක ගැන හරිම සතුටුයි! :)
මනස තුල වෙහෙස පීඩාවන් නිමවා ... ගීතයේ ඇති ශුන්ගාරාත්මකභාවය උපරිමයෙන්ම දනවන ගීතයක්
තවදුරටත් ලාංකීය සංගීත කලාව ගැන බියවිය යුතු නැහැ ඔබ වැනි කලාකරුවන් සිටිනකම්....😍😍
ඔබ වැනි කලාකරුවන් තව තවත් බිහිවිය යුතුයි.....😍😍
ඇත්තටම මේ සින්දු ඇහුවම වෙනම මානසිකත්වයකට යනවා ඒක වෙනම culture එකක් 😌❤️.
Well Done Charitha 😎.