Mea Kirula (මේ කිරුල) - Umaria Sinhawansha, Amarasiri Peiris [Official Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Mea Kirula (මේ කිරුල)
    Subscribe Here : bit.ly/RohanaWe...
    Soon Available on All Streaming Platforms
    Vocals: - Umaria Sinhawansha, Amarasiri Peiris |‪@umariamusic‬
    Lyrics: Bandara Ehaliyagoda
    Music: Dr. Rohana Weerasinghe
    Choreography: Dr. Channa Wijewardena
    Visual Director: Ravindra Munasinghe
    Cast: Aseka & Malinda
    DOP: Suminda Arunalu
    Editor:Maadhavi Wijerathne
    VFX: Gayan Gunasekara
    Drone: Prasad Devinda
    Technical Support: Lal Dias
    Set Designer: Upul Chamila
    Choreography Coordinator: Upuli Wijewardene
    Dancing: Channa Upuli Foundation
    Artwork - Thush Favorite
    #RohanaWeerasinghe #NewSinhalaSongs #Umaria #MeaKirula #SinhalaSongs

ความคิดเห็น • 582

  • @marishanugunawardhane.9324
    @marishanugunawardhane.9324 3 ปีที่แล้ว +80

    දෑස් පියාගෙන දැහැන්ගත වියහැකි ගී භාවනාවන් වලට,
    රූප රචනානම් කුමට?

  • @tvnathreviews
    @tvnathreviews 3 ปีที่แล้ว +296

    රූප රචනය සිංදුවට අසාධාරණයක් කරනවා කියලයි මට හිතෙන්නේ. සිංදුව අහනගමන් බලන්න lyrical video එකක් හොඳටම ඇති.
    මගේ අදහස පමණයි, බැනීමෙන් වළකින්න. 😄

    • @gayanthasandeepamapa4344
      @gayanthasandeepamapa4344 3 ปีที่แล้ว +3

      එකඟායි ✌️

    • @ushanib
      @ushanib 3 ปีที่แล้ว +8

      එකගයි. ගීතයේ බාවමය රසය පෙන්වීමට රූපරචනයට මීට වඩා වෙනස් වර්නයන් යෙදුවනම් හොඳයි. කහ දුබුරු වර්න කැපීපෙනෙන විදිහට.

    • @anupamaparanayapa2262
      @anupamaparanayapa2262 3 ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම

    • @Kavee_Sk
      @Kavee_Sk 3 ปีที่แล้ว +1

      Yep

    • @nisalgunathilaka7753
      @nisalgunathilaka7753 3 ปีที่แล้ว +1

      sahenama ekangai !

  • @indikamahinda
    @indikamahinda 3 ปีที่แล้ว +146

    මේ ගැඹුරු තේමාවට, රූපරචනයෙන් නොගැඹුරු මට්ටමක් ආරූඪ වූයේදැයි සැකයක් උපදී.

  • @naturemaniac
    @naturemaniac 3 ปีที่แล้ว +186

    මේ වගේ සින්දු අහන අයට පද රචනය හොඳට තේරෙනවා. පොඩි උන්ට වගේ visual එකකින් රඟපාලා පෙන්නන්න ඕනේ නෑ. කොටින්ම කියනවා නම් අැස් දෙක වහගෙන සින්දුව අහල, comments කියවන්න ආවම දැන ගත්තේ visual එකක් තිබිලා කියලා. මගේ හිතේ ඇදුණ චිත්‍ර ය ලඟින් මේ visual එක තියන්න වත් බෑ.

    • @salithra
      @salithra 3 ปีที่แล้ว +2

      සහතික ඇත්ත..

    • @ishahendrick8030
      @ishahendrick8030 3 ปีที่แล้ว +3

      එකගයි.. visual ekak nam onema na me song ekata

    • @priyangirajasinghe2392
      @priyangirajasinghe2392 3 ปีที่แล้ว +3

      100% truth ...

    • @nanapahanateach8205
      @nanapahanateach8205 3 ปีที่แล้ว +2

      ඔව් මේක වින්දනයට බාධාවක් රූප රාමුවl

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත . ගොන් විශුවල් වලින් මිනිස්සුන්ගෙ පරිකල්පනය කාලා . දැන් මිනිස්සු සිංදු අහන්නෑ සිංදු බලනවා . මේකෙ වචන ටික හරියට ඇහුවනම කඳුලක් වැටෙන්න තරම්ම හැඟිම් බර ගීතයක් . අනික චන්න සර්ගෙ දුවයි අනිත් අයියයගෙයි ඒ භාවපූර්න රංගනය නියමයි . කොටින්ම මෑත කාලෙ අහපු හැමදේම (පදරචනය , සංගීතය , ගායනය මේ ඔක්කොම ) ඉහළ මට්ටමක තිබ්බ අතිසාර්ථක ගීතයක් . ❤

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +117

    අමරසිරි පීරිස් මහත්මාගෙ කටහඩේ ගැඹුරේ මිහිර කිසිම ගායකයෙක්ට නෑ. ❤️

    • @chandana56
      @chandana56 ปีที่แล้ว +1

      Amaradeva master!

  • @poornikodithuwakku1734
    @poornikodithuwakku1734 3 ปีที่แล้ว +20

    ඇත්තටම ඇස් වලට කදුළු ආවා..බණ්ඩාර ඇහැලියගොඩ ශූරින්,ආචාර්ය රෝහණ වීරසිංහ ශූරින්ගේ සුසංයෝගයක් ගැන කවර කතාද?මේ සරල ලෙසින් කියාපාන ගැඹුරු අසමසම අඹුසැමි ප්‍රේමයට අමරණිය සුවදක් එක් කරන්නට, ආත්මයේ සියුම්ම තැන් ප්‍රකම්පනය කරන ගැඹුරු හඩ"අමරසිරි පීරීස් ", විරහවේ,ආදරයේ සොදුරු අඩහැරය "උමාරියා සිංහවංශ" විසින් එක් කල සුන්දත්වය අතිවිශිෂ්ඨයි 🙏🙏🙏❤️❤️❤️

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 ปีที่แล้ว +70

    උමාරියා අපේ රටේ පිනට පහලවුන පුදුම ගායිකාවක් . හරිම ලස්සන හදවතට දැනෙන ගීතයක් . රූප රචනයත් හරිම අපූරුයි . ඒ දෙන්නගෙ භාවාත්මක රංගනය නියමයි . ❤❤👍

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 ปีที่แล้ว +48

    හරිම මනරම් ගීතයක්..

  • @bimaa9606
    @bimaa9606 3 ปีที่แล้ว +22

    ප්‍රිය විප්පයෝගය බුදුන් වහන්සේගේ දේශනාවට අනුව දුක ඇතිවීමට හේතුවක්. ඒ අතරිනුත් තමන්ගේ ආදරණීය සැමියා හෝ බිරිඳගේ වියෝව සැබෑ ආදරණීයයෙක් කෙසේ නම් දරාගන්නද. තමන්ගේ සෙවනැල්ල වන් වූ ප්‍රිය බිරිඳගේ වියෝවෙන් තැවෙන ආදරණීය සැමියෙකුගේ ශෝකාලාපයත්, වියෝ වූ බිරිඳ තම සැමියාගෙ සිතුවිලි සමග කරන ගනුදෙනුවත් විශාරද අමරසිරි පීරිස් හා උමාරියා සිංහවංශ එක්ක ගීතවත් කරන අපූර්ව හැඟීම් ගායනයක් ලෙස "මේ කිරුළ" ගීතය හඳුන්වන්න පුළුවන්. බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ හෘදයාංගම ආමන්ත්‍රණයට රෝහණ වීරසිංහයන්ගේ සංගීතය මුසු වූ මේ ගීතය සංගීත ක්ෂේත්‍රයේ යුගයන් දෙකක් යා කරන දැවැන්ත නිර්මාණයක් යැයි පැවසුවොත් මා නිවැරදියි.
    ආදරණීය රජදහනක් බඳු ඔවුන්ගේ කුටුම්භය තුළ කිරුළු පලන් රජු ඔහුයි. ඒ කිරුළ ඇය විසින් ඔහුගේ හිස පැලැඳූවක්. ප්‍රේමය ආදරයක සෙනෙහස නම් වූ මිල කල නොහැකි කිරුළ දරාගෙන හදවතේ බුර බුරා නැගෙන ගින්නෙන් පිච්චෙමින් අද ඔහු බලාසිටින්නේ ඇයගේ වියෝව දරාගත නොහැකිව. ඇය පැළඳූ කිරුල අද ඔහුගේ හිතට බරක්. ඇය අහිමිව තවත් ඒ කිරුලෙන් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද
    තමන් නික්ම යන අවසන් මොහොතේ තමන්ගේ ප්‍රාණ සම ආදරණීය ස්වාමියාගේ වේදනාව ඇයට නික්ම යාමට බාධාවක්. ගතින් අප්‍රාණික වුවත් ඇගේ සිත තාමත් ඔහු ළඟ. සංසාරය පුරාවට පෙරුම් පුරා හමුවුනේ සිද්ධාර්ථ යශෝධරා පමණක් නොවෙයි. ඔවුන් සඳකිඳුරු භවේ සිට පෙරුම් පුරා නිවන් දකින තෙක් එක මගක ගමන් කළා මෙන් පෙරුම් පුරා හමුවූ දෙදෙනෙක් ඔවුන් දෙදෙනා. හමුවූ පළමු භවේ පටන් ආදරණීය පොරොන්දු මතින් දුක් කම්කටොලු සියල්ලක් ඉවසා මේ භවය තෙක්ම එකට පැමිණ මේ භවයෙන් වෙන් වන දිනය එළඹිලා. ඉතින් ඇයට සමුගැනීමට ඔහු අවසර දිය යුතුමයි.
    "ඔබත් මමත් හමුවූ මුල්ම දිනයේ පටන්ම මගේ සෙවණැල්ල උනේ නුඹ. මා කළ යුත්ත නොකළ යුත්ත මට කියා දුන්නේ නුඹ. මගේ ළඟම යෙහෙලිය සොහොයුරිය උනේ නුඹ. හැම කරදරයක් බාධයක් ළඟදිම මා සමඟ සිටි මගේ ගුරුවරිය නුඹ. ආත්ම ගණනක් මා පතා පැමිනි මගේ සංසාරගත සහකාරිය නුඹ. අද පටන් නුඹ නැතිව මම මේ ගමන තනිවම යන්නෙ කොහොමද කියා පමණක් මට කියා දී යන්න"
    "ඔව්. මම හැම අවස්ථාවකදිම ඔබේ සෙවනැල්ල වගේ ළඟින් හිටියා. නුඹට මා අවැසි හැම විටෙකම මගෙ නොමග පෙන්වා දුන්නා. ඒත් මේ භවයේ මට ලැබිලා තියෙන කාලය මෙතනින් අවසන්. අපි දෙන්න අත්වැල් පටලන් මෙතෙක් ආ මග අද නිමා කළ යුතුමයි. දැන් ඒ නික්ම යාමට වෙලාව පැමිණිලා තියෙන්නෙ"
    "නුඹ මාගෙන් වෙන්ව ගිය මොහොතේ පටන් මගේ ඇස් වලට නින්ද හුරු නෑ. නුඹ මගේ දෙනෙත් අසලම රැඳී ඉන්නවා වගේ දැනෙන්නෙ. කොතරම් නුඹව මතකයෙන් ඉවත් කරන්න හැදුවන් නුඹ ඒ හැම විටම මගේ සිතට එබිකම් කරනවා. තවත් මට පිළිගන්න අපහසුයි නුඹ මා ළඟ නොමැති වග. කරුණාකර සංසාරයෙන් සමුගන්නා තුරුම මා අසල හිඳින්න. මේ භවයෙන් වෙන් නොවී මතු භවයන් පුරාවටම මගේම වෙන්න. ඒ පොරොන්දුව මට දෙන්න නුඹට පුළුවන් නම් මං නුඹට යන්න අවසර දෙන්නම් කොතරම් අපහසු වුනත්."
    "රැහැනකින් අතැඟිලි බැඳ එක් වුණත් සසර පුරාවටම සිත් වලින් බැඳී ඉන්න අප දෙදෙනා වෙන් කිරීමට බලවේගයක් නෑ. ඒත් දැන් ඒ ප්‍රේමයට ඉඩ දෙන්න අවස්ථාව නෙවෙයි. නුඹගෙන් මිදී මා නික්මිය යුතුයි. හැඟීම්වලට අවදි වෙන්න ඉඩ නොදී මගේ ගමන මට යන්න දෙන්න. නුඹට පමණක් නෙවෙයි මටත් මේ භවය මදි. තව දිගු ගමනක් අප දෙදෙනාට මේ සසර පුරාම යා යුතුව තිබෙනවා. ඒ ගමන යන්න අපි නිසැකවම නැවත මුණ ගැහෙනවා. මේ ආදරෙන්ම මේ සෙනෙහසින්ම එදාට අපි නැවත අත් පටල ගනීවි. නුඹේත් මගේත් හිත් වල පිරුණු ආදරය මතු භවයේත් අපේ බැඳීමට පාර කියාවි. සැකයක් තියාගන්න අවශ්‍ය නෑ අපි ආයෙම මුණ ගැහෙනවාමායි.එතකන් අපි තාවකාලිකව සමුගනිමු. ආදරණීය හිමියනි නැවත මුණ ගැහෙන තුරු ඔබ සමීපයෙන් නික්මීමට මට අවසර.
    බිමල්කා

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 2 ปีที่แล้ว

      th-cam.com/video/qSZLs1zYOkg/w-d-xo.html

    • @damiyacreations2558
      @damiyacreations2558 2 ปีที่แล้ว +2

      බොහොම තුති ඔබට❤️

    • @ireshakularathna9623
      @ireshakularathna9623 2 ปีที่แล้ว +1

      Oyamada meka liuwe ...deiyane es themuna akke

    • @bimaa9606
      @bimaa9606 2 ปีที่แล้ว +1

      @@ireshakularathna9623 ඔව්. බොහොම ස්තූතියි ❤🙏

    • @akashdain6219
      @akashdain6219 ปีที่แล้ว

      බොහොම ස්තුතිය .

  • @jayanthifernando5230
    @jayanthifernando5230 3 ปีที่แล้ว +60

    ඇස් දෙකට කඳුළු ආවා ඒ සින්දුව අහද්දී හරිම හැඟීම්බරයි හරිම ලස්සනයි

  • @priyangamadugalla6642
    @priyangamadugalla6642 ปีที่แล้ว +5

    මේ ගීතය ඇසුව මුල් දවසේදී මම හිතුවා මෙහෙම දෙයක් කාටවත් වෙන්න එපා කියලා.ඒත් 2022.10.14 මගේ සඳ කිඳුරිය සදහටම මගේ ලඟින් නික්මුනා

  • @prasadjayakodiarachchi4518
    @prasadjayakodiarachchi4518 3 ปีที่แล้ว +20

    ගාම්බිර නදය සමග සුකුමල නාදය හරියට......
    ගබුරු විලක පිපුණු පියුමක් වගෙ.....
    මෙ වගෙ නිර්මාණ කරන්න ශක්තිය leබෙවා...

  • @hirunijayamaha1097
    @hirunijayamaha1097 3 ปีที่แล้ว +18

    උමාරියා පුංචි කෙල්ලගේ හඩට සම කරන්න කිසිවෙකු නැහැ ලංකාවේ. ශාස්ත්‍රීය ගී නම් ශාස්ත්‍රීය හඩක්,සරල ගීයක් නම් සරල හඩක්,බටහිර ගීයක් නම් බටහිර හඩක්,අරාබි ගීයක් නම් අරාබි ආකාරයේ හඩක්. උමාරියාගේ දක්ශ්තාවය පේනවා ඇය ගයා තිබෙන ගීත වලින්ම හන්තාන සිහිනේ, දෙනුවන් පියා,මන්ද පමා,my dreams වගේ සිංදු එකිනෙක් වෙනස් ගීත

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว +7

      ඒක ඇත්ත . එයාගෙ පරාසය හරිම ලොකුයි . High නම් එහෙම low නම් එහෙම . අපේ රටට මැණිකක් ඉතින් .

    • @narmadasubashi9894
      @narmadasubashi9894 2 ปีที่แล้ว +2

      ඇත්තටම දක්ෂයි

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 ปีที่แล้ว +6

    රෝහණ සර්, ඇහැළියගොඩ සර්, අමරසිරි සර්, උමාරියා මහත්මිය... මෙම ගීතය කෙතරම් වතාවක් ඇසූවත් එහි රසයේ හෝ භාවාත්මක බාවයේ කිසිඳු අඩුවක් නොදැනෙන්නේ... මෙය ඒ තරම් හදවතට කාවදින භාවනාවක් වැනි ගීතයක් නිසාවෙනි. This is truly a masterpiece! අනර්ඝ නිර්මාණයක්! 💐👏🏼

  • @Chamalie4500
    @Chamalie4500 3 ปีที่แล้ว +36

    ගීතයේ රහ,ලස්සන අවහිර වෙනව මේ විශුවල් එකට..

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 ปีที่แล้ว +11

    ජාතියේ පිනට පහල වූ ගායිකාවක් උමාරියා .

  • @dilshabasnayake387
    @dilshabasnayake387 3 ปีที่แล้ว +5

    මේ වගේ matured පිරිමි කටහඬකට ලාබාල තරුණයෙක් යොදාගත්ත එක සින්දුවට කරපු අසාධාරණයක් කියල හිතුණා

  • @nilathalgaswaththage343
    @nilathalgaswaththage343 3 ปีที่แล้ว +29

    පෙර පුරුදු ස්නේහයම පාමි...
    අපි යළිඳු මුණගැසෙමු ස්වාමී.... heart touching song..... ❤❤❤❤❤

  • @tpmeshad
    @tpmeshad 3 ปีที่แล้ว +7

    මොනවා කියන්නද , මොනවා ලියන්නද කියලා හිතාගන්නවත් බෑ . ඒ වචන ටික මිනිස්සු ජීවත් කරවාවී . 🖤

  • @yamunagajanayake797
    @yamunagajanayake797 3 ปีที่แล้ว +14

    ස්වාමි භාර්යා ආත්මීය බැඳීම හදවතට දැනෙන අයුරින් ඉදිරිපත් කිරීම අතිශයින්ම සුන්දරයි....ආදරණීයයි....

  • @sawanishodharaparanawithan8136
    @sawanishodharaparanawithan8136 ปีที่แล้ว +1

    අපරාදෙ විශුවල් එක

  • @MrThimira01
    @MrThimira01 3 ปีที่แล้ว +11

    හදවත කොනිත්තන්න ඕන හරිම තැන කෙනිත්තුවා. කියාගන්න වචන නෑ. මේ වගේ සිංදුවක් අද කාලේ අපිට අහන්න දුන්නට පින් 🙏🙏🙏🙏

  • @buddhikaherath825
    @buddhikaherath825 3 ปีที่แล้ว +88

    රූප රචනාව නම්....
    ශ්‍රී මහා බෝදි මලුවට tile ඇල්ලුවා වගේ..... මට දැනුන හැටි...

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +32

    හොය හොයා හිටපු ලස්සන ගීතයක් ... රූපවාහිනී නාලිකාවේ "අපේ සින්දුව " වැඩසටනේ එක දවසයි ඇහුවේ .... අනේ වාසනාවන් මෙවැනි රසවත් ගීත තවමත් මේ රටේ බිහිවෙනවාට....

  • @NatashaWanniarachchi
    @NatashaWanniarachchi 3 ปีที่แล้ว +20

    හදවතම මොහොතකට ඒ වේදනාව වින්දා කිව්වොත් මා නිවැරදි. මගෙත් හදවතට ලඟින් දැනුනා මේ ගීතය. ඉතාමත් මනරම් පැබඳුමක් මා අතිශය ප්‍රිය කරන ගායක ගායිකා යුවලක් විසින් ගායනා කරමින් හදවතට ඒ වේදනාව ආදරය දනවන ආකාරය අපූරුයි. ජය වේවා...❤️

  • @upulabayagunawardhana6964
    @upulabayagunawardhana6964 3 ปีที่แล้ว +272

    Songs like these, don't need any visuals.

  • @sanjayadissanayake
    @sanjayadissanayake 3 ปีที่แล้ว +34

    මේකට Lyrics Video එකක් තිබ්බනම් හොඳටම ඇති. Visual එකෙන් ගීතයේ ගුණාත්මක බව පහලටම දාලා.

    • @Newslinenetwork-b4t
      @Newslinenetwork-b4t ปีที่แล้ว +1

      Eka aththa eheth me visual eka gattte sinduwe uruma thana nisa nawaloka mudallige jeewitha kawat me.ohui me kathawa sinduwakata arab dunne.e nawaloke idn meke visual kre

  • @nsl776
    @nsl776 3 ปีที่แล้ว +15

    Visual එක නම් ඕනෙත් නෑ, ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් 😌😥

  • @nayomidilhani7902
    @nayomidilhani7902 3 ปีที่แล้ว +43

    ජයන්ත ධර්මදාස මැතිතුමාගේ බිරිඳ වෙනුවෙන් ලියවුනු ගීයක් බව මට හැඟේ. සැබැවින්ම අැය උතුම් පතිදම් රැකි මාතු භාර්යවකි.

  • @arunadissanayaka9003
    @arunadissanayaka9003 ปีที่แล้ว +6

    අම්මෝ අපේ රටට පහල උනු මැනික ❤️❤️ සියලු දෙවි රැකවරනයි🙏🙏 අමර සිරි පිරිස් සර් ඒ හඩේ තියන ගැඹුරු බව දැනෙනවා හදවතට සර් දලදා හාමුදුරුවන් ගේ රැක වරනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 3 ปีที่แล้ว +85

    හරිම සංවේගී ගීතයක්. මගේ බිරිඳ නැති ලෝකයක් ගැන නම් මට හිතන්නවත් අමාරුයි. මුලු ගේම මට අපායක් වෙයි එදාට. මේ කාගේ බිරිඳ ගැනද කියන්නෙ ?

    • @ranuraperera1613
      @ranuraperera1613 3 ปีที่แล้ว +16

      මේ ගීතය, ජයන්ත දර්මදාස මහතාගෙ ජීවිත කතාවට සම්බන්දයි.. මේ එතුමාගේ ඉල්ලීමක් මත නිර්මානය වුන ගීයක්.

    • @janeeliser5472
      @janeeliser5472 3 ปีที่แล้ว +1

      th-cam.com/video/PRDEIUOjIIk/w-d-xo.html
      Meka th ahala ethi neda?

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 2 ปีที่แล้ว +1

      Umbe birida mage birida ape hamogema pirindavarun gana

    • @igcas
      @igcas 2 ปีที่แล้ว +1

      මිහිපිට පහල වූ උතුම්ම කාන්තා රත්නය.. යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා....

  • @dhanaseeliarachchige7418
    @dhanaseeliarachchige7418 3 ปีที่แล้ว +12

    ගැහැනිය කියන ප්‍රතිරූපය හොදින් ඉස්මතු කරන පදවැල්. සින්දුව පදරචනය උසස්ම අයුරින් අගය කරන්න පිලිවන් ලස්සනම සින්දුවක්. 👌🎼🎼🎸🌹🌹🌹🌹

  • @KavinduDarshanaMusic
    @KavinduDarshanaMusic 3 ปีที่แล้ว +11

    මේක අහනකොට දන්නෙම නැතුව කඳුළු ආව ඇස් දෙකට.පද රචනය, තනුව වගේම සංගීතය හරි අපූරුවට ගළපපු සුන්දර නිර්මාණයක්😍😍

  • @padhumawalpola6717
    @padhumawalpola6717 2 ปีที่แล้ว +12

    මෙය ගීතයක් නොව ජීවිතය පිළිබඳ යථාර්ථ දේශනයකි.ඔබ දෙපලට තෙරුවන් සරණයි ..

  • @udithwijegunavardhana4791
    @udithwijegunavardhana4791 3 ปีที่แล้ว +33

    කියාගන්න බැරි තරම් හැඟීමක්... ආදරය, වියෝව මීටත් වඩා විස්තර කරන්න පුළුවන් ද... නිර්මාණකරුවන් ට තුති 🙏..

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 ปีที่แล้ว +1

    අනේ ආයෙ උමාරියා එක්ක සිංදුවක් කරන්නකෝ ඒ හඩ නම් පිස්සුවක්

  • @stpjayarathna4955
    @stpjayarathna4955 2 ปีที่แล้ว +3

    ජාතියේ පිනට පහල වූ යුග දෙකක සංවෙදීම කට හඩ දෙකක්......

  • @Booklytical
    @Booklytical ปีที่แล้ว +3

    ජීවිතේටම අහපු ලස්සනම සින්දු වලින් එකක්...
    ඇස් වලට කදුලු එන තරමේ අත්‍යන්තයෙන් ම සුන්දර ගායනයක්, සුගම තනුවක් සහ අර්ථපූර්ණ පදරචනයක්
    සුභාවිත සංගීතය පරිපූර්ණත්වයට පත් කල නිර්මාණයක් මේ..
    මෙවන් ගීත ජනප්‍රියත්වයට පත් විය යුතුම
    ~ පෙර පුරුදු ස්නේහයම පාමී
    අපි යලිදු මුනගැහෙමු ස්වාමී 🙏 ~

  • @sasirunimsath3752
    @sasirunimsath3752 3 ปีที่แล้ว +9

    අමරසිරි පීරිස් සහ උමාරියා සිංහවංශ , ඉතා අනර්ඝ ගායනයක් තුලින් සහුර්දයාගේ හදවත් පිහි තුඩකින් පාරනවා 💕💕💕

  • @jenilion5371
    @jenilion5371 3 ปีที่แล้ว +5

    මුලින්ම මේක දැක්කේ පත්තරේ. එදා search කරාම ආවෙ male version එක විතරයි. එදත් මේ ගීතයේ අර්ථය ගැඹුර දැනුනා. අද අමරසිරි පීරිස් මහතාට උමාරියාගෙ එකතුවත් එක්ක ගීතය තවත් හොඳින් දැනුනා. විශිෂ්ටයි.🙏🙏
    Visual එක නම් අනේ මන්දා 😕

  • @commentbyme613
    @commentbyme613 3 ปีที่แล้ว +16

    2020 න් සිංහල සාහිත්‍යට ඉතිරි වන ගීතයක් 😍 බණ්ඩාර ඇහැළියගොඩ මහත්මයාගෙ පද .. අමරසිරි පීරිස් මහත්මයාගෙ උමාරියා සිංහවංශ මහත්මියගෙ හඬ.. භාවනාවක් 😘👌

  • @DilshaniIshara-o2g
    @DilshaniIshara-o2g 21 วันที่ผ่านมา

    Hadawathata❤ denena...githayak..
    Gayanaya visistai...🎉 Meweni nirmana....❤ Kirimata sakthiya lebewa...🙏🙏

  • @samaleekalupahana9730
    @samaleekalupahana9730 3 ปีที่แล้ว +14

    ඇහුවා ..වින්දා..හිතාගන්න බෑ...ජීවිතේ කියන්නෙ මේක නේද කියල හිතුන...❤❤❤

  • @manujamaneeka4490
    @manujamaneeka4490 3 ปีที่แล้ว +11

    Mr. Amarasiri peris is best singer in the world , Best singer ever
    GOOD LUCK to Dr. Rohana weerasinghe , Umariya sinhawansha

  • @sandalifernando2383
    @sandalifernando2383 3 ปีที่แล้ว +10

    හිතට වැඩිපුරම දැනුණු සිංදුව.. කොච්චර ඇහුවත් මදි.. හරිම ලස්සනයි ❤️

  • @pramodchathuranga3462
    @pramodchathuranga3462 ปีที่แล้ว +1

    E katahada wachanawala gabura e sangerthaya .abinaya prathibawa ...kalawa rasa wenna hamadema padamata watenna one 💜🌹🎶

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 ปีที่แล้ว +10

    අනේ මට අඩුනා මේ සින්දුවට
    😥😥
    හරිම ලස්සන නිර්මාණයක්‌..

  • @taehyung3135
    @taehyung3135 3 ปีที่แล้ว +22

    හිතම හිරි වැටුනා ලස්සනම සිංදුවක්

  • @jayasekaraanula7980
    @jayasekaraanula7980 2 ปีที่แล้ว +1

    අපි යලිදු මුනගැසෙමු ස්වාමි

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya7432 3 ปีที่แล้ว +26

    ගැයුම, පද රචනාව, සංගීතය, රූප රචනාව සහ නිරූපණය ඉතාමත්ම අනර්ඝයි. ස්තූතියි ඔබ සැමට මෙවැන් නිර්මාණයක් ඉදිරිපත් කළාට.

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +13

    අම්මෝ...ඇග හිරිවැටුන ඒකට..😍😍🙅

  • @nishifernando9400
    @nishifernando9400 3 ปีที่แล้ว +7

    සමුගන්න අවසරයි ස්වාමි ,🥺 මං නැතිදාටත් ඔයා හොදින් ඉන්න ඕනී...

    • @dhanushnugawela1549
      @dhanushnugawela1549 3 ปีที่แล้ว

      ඇයි ඉතිම් සමුගන්නෙ

  • @vindyasamarakkody3838
    @vindyasamarakkody3838 3 ปีที่แล้ว +2

    ගීතය අහන අහන වාරයක් පාසා කඳුළු එනවා.ඒ තරම් සංවේදී....

  • @uasoka
    @uasoka 3 ปีที่แล้ว +4

    මේ රූප රචනය ගීතය රසවිඳින්න බාධාවක් . ගුවන් විදුලියෙන් ගීතය ඇසෙද්දී අප මනස් චිත්‍රයක් මවාගෙන ගීතය රසවින්දා . ඒ මැවෙන මනස් චිත්‍රය එකි⁣නෙකාට වෙනස් විය හැකියි .

  • @jeewanthanuwantheekshana8947
    @jeewanthanuwantheekshana8947 3 ปีที่แล้ว +6

    My IDEA...
    Perfect LYRICS
    Perfect MUSIC
    Perfect VOICE
    Good (Not bad) PERFORMANCE

  • @slcarrestoration9285
    @slcarrestoration9285 3 ปีที่แล้ว +2

    Voice 100%
    lyrics 100%
    Music 100%
    visual 10% (Thaleta hitan innwada wada sadaranayak karanna thibba )

  • @anushasurangi3612
    @anushasurangi3612 3 ปีที่แล้ว +5

    Msha කලාකරුවා අමරසිරි පිරිස් ❤❤
    පරිපූර්ණ ගායනය umariya sinhawansha❤❤❤❤

  • @ChamaraIresh
    @ChamaraIresh 3 ปีที่แล้ว +3

    මේ අසාර ලෝකෙ මොන සාරවත් බැඳීමක්ද ..මේ නිසරු ලෝකෙ මොන සරු බැඳීමක් ...මේ හරයක් නැති ලෝකෙ මොන හරයක් ඇති බැඳීමත් ... මේ මුලා වුන ලෝකෙ කුමන මුළා නො වුණ බැඳීමක්ද ...
    සියල්ලම අසාරයි

  • @erandaharshana8265
    @erandaharshana8265 3 ปีที่แล้ว +13

    මම ආසම හඬක් අමරසිරි පීරිස්...

    • @madupaniwahalathantri9165
      @madupaniwahalathantri9165 3 ปีที่แล้ว

      No words to appreciate excellent creation . Lyrics were woven around real authentic experience I think

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 3 ปีที่แล้ว +2

    මේ අහන හත්වැනි වතාව

  • @anushammanathunga717
    @anushammanathunga717 3 ปีที่แล้ว +20

    මුල් නිර්මාණයටත් වඩා උමාරියාගේ හඩ සමග රසවත් නිර්මාණයක් වී තියෙනවා

    • @kumarranawake9590
      @kumarranawake9590 3 ปีที่แล้ว +4

      ඇයි මුල් නිර්මාණයටත් වඩා කියල ලිවුවෙ.මීට කලින් තිබුන නිර්මාණයක්ද මේක ? උමාරියා ඉතාමත්ම අති දක්ශ ගායිකාවන් බව මෙයින් පෙනෙනව.ඇය නිසාමයි ගීතය මේ තරම් ලස්සන .ඇය අපේ රටට බිහිවූ සම්පතක්.

    • @anushammanathunga717
      @anushammanathunga717 3 ปีที่แล้ว +2

      @@kumarranawake9590 ow amarasiri peris vitharai sing kale mul nirmanaye

    • @deshanvihanga8693
      @deshanvihanga8693 ปีที่แล้ว +1

      ඇත්තටම මුල් නිර්මානයට වඩා ලස්සනයි .මොකද colours දෙකක්.අනික උමාරියා කියන්නෙ වර්තමානයේ ඉන්න දක්ශතම හඩ.ඉතින් ඒ හඩ එකතු උනාම ලස්සන නොවී තියෙයි ද

  • @sriyaniperera9706
    @sriyaniperera9706 2 ปีที่แล้ว +1

    කතාවක් තියනවෙනෙ 'ගෑනියෙකුට පුළුවන් කියලා පිරිමියෙක්ව ඇති කරන්න වගේම නැතිකරන්නත්'.
    ඒ වගේ තමයි සමහර රූප රචනා වලට පුළුවන් ගීතයක වටිනාකම වැඩි කරන්න වගේම නැතිකරන්නත්.
    අන්න ඒ වෙලාවට පින්තූර නොපෙනෙන්න ඇස් දෙක තදින් වහගෙන් ගීතය රස විඳින එක තමයි නුවණට හුරු.

  • @dulja2489
    @dulja2489 3 ปีที่แล้ว +3

    හිතක් ඇතුලේ ජීවත් වෙන හිතක්
    ගතක් පුබුදුවන ජීවයක්
    ඇයට හිමී මුලු ලොවකම උතුම් තනතුරත්.....
    රත්‍රන් රුවෙන් නිමවා එබ්බුවත් දියමන්ති හෝසෙට
    බෑ සම කරනු නුඹ මගේ බිරිදී...

  • @rakithamadhawa1737
    @rakithamadhawa1737 3 ปีที่แล้ว +3

    ඇස් පියාගෙන අහන තරමට ඇස් වලින් කඳුළු ගලනවා...🙏🙏🙏❤️❤️❤️

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 3 ปีที่แล้ว +2

    නියමයි සින්දුව එලකිරි උමාරියා අක්කී කටහඩ හරිම මිහිරි අක්කි පිසිදු සචින්ත අමරසේකර 🤗💖💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 3 ปีที่แล้ว +5

    හැගීම් බර ගායනයට... සංගීතයට....
    සිත රිදුම් දේවී.....

  • @anuththara7777
    @anuththara7777 3 ปีที่แล้ว +6

    සුපිරි... ❤️❤️❤️
    රූප රචනය සහෘද හිත් තුළ ම ගොඩනැගෙන්න දුන්නනම් තමයි වඩාත් හොඳ.

  • @smkproduction7096
    @smkproduction7096 3 ปีที่แล้ว +11

    වචන වලින් කියන්න බැරි තරම් ලස්සන පද මාලාවක් වගේම, එය උපරිම රසාස්වාදයකින් ගයනා කරන උමාරියා සින්හවන්ස සහ අමරසිරි පීරිස් ශූරීන් නිසාවෙන් මනරම්, අත්‍යාලංකාර නිර්මාණයක්. දෙසවනට රස මවන අමුර්තයක් බඳු ගීතයක්.

  • @dilushani9416
    @dilushani9416 3 ปีที่แล้ว +8

    This is a true story of Dr Jayantha Dharmadasa and his wife (regarding his wife's unexpected death)
    very sensitive song ❤ hats off for all the artists for exelent work 👌👌

  • @anurahindagala3775
    @anurahindagala3775 3 ปีที่แล้ว +2

    මිතුරියක සොයුරියක
    සෙනෙහසම පිදු මවක
    මග නොමග කියාදුන් ඇදුරැතුමියයි වරෙක
    සංසාර සාගරෙන්,පාවි
    මවෙිත ආ සදකිදුරැ දේවි,,,,,

  • @furnidynamicvacancies2763
    @furnidynamicvacancies2763 3 ปีที่แล้ว +4

    මිතුරියක සොයුරියක
    සෙනෙහසම පිදු මවක
    මග නොමග කියාදුන්
    ඇදුරුතුමියය් වරෙක
    මා වෙතට ආ සදකිදුරු දේවී....❤️
    සම්මත ප්‍රේමනීය ගීතයක්
    හරිම ලස්සනයි .....❤️
    අතීතයට ගියා...
    ඒක ආදරනීය හීනයක් ලස්සනයි ...
    ඉතාමත් ලස්සනට
    විදින්න හැකි ගීතයක් ❤️❤️

  • @parindaharsha5116
    @parindaharsha5116 3 ปีที่แล้ว +19

    නොගැලපෙන එක තැනක් ඇත..තරුණයාගේ ජවනිකාව නොතිබූනානම් තවත් ලස්සනයි..

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 3 ปีที่แล้ว +6

    සාදු කාර දී ඇසුවෙමි.....බොහෝ පිං...මෙවන් නිර්මාණ තවත් බිහිවේවා...තෙරුවන් සරණයි ...🙏❤️🙏

  • @indranigamage4717
    @indranigamage4717 3 ปีที่แล้ว +3

    පදවැල, සංගීතය , ගැයුම් සම්පූර්ණයෙන්ම පිරිපුන්ය .අමරසිරි sirගැන දන්නවා උමාරියා ගැන සතුටුයි .

  • @shamilkakumari4507
    @shamilkakumari4507 2 หลายเดือนก่อน

    හිත බර කරන තේරුමක් එක්ක ලස්සන කටහඩක් ❤

  • @fundaytimes6232
    @fundaytimes6232 3 ปีที่แล้ว +7

    පද රචනය,සංගීතය,සුගායනය,රෑප රචනය සියල්ල මනරමි ලෙස නිර්මිත සංවෙිදී නිර්මාණයක්.තවත් මෙවන් නිර්මාණ බිහි වෙිවා.මෙවන් සද් කාර්යයන්ට සමිමාදමි වන සියල්ලන්ම අගයමි.

  • @sathsaraprathibha325
    @sathsaraprathibha325 2 ปีที่แล้ว

    Umaariya saha amarasiri peeris handa musuvata hrdhyangamava subapatum ekkarami. Mekhala gamage

  • @shriyanicudugama923
    @shriyanicudugama923 ปีที่แล้ว

    Ugura sirawee, sithada barawee, nethin unu kandulak gilihunu wagai

  • @creations7525
    @creations7525 3 ปีที่แล้ว +1

    කොල්ලගෙ costume ගැලපෙන්නෙ නෑ ... song එක පට්ට ලස්සනයි ... All the best for singers ...

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 3 ปีที่แล้ว +4

    ඉහලම ගනයේ සන්ගීතයත් ,හදවතේ දුක දැනෙනවා .ගායනාවත් සුපිරි .පද ගැන කියල වැඩක් නැහැ ,අපූරුයි

  • @sn-hu1mg
    @sn-hu1mg 3 ปีที่แล้ว +2

    ඇස් පියන් භාවනාවක වගේ අහන්න පුළුවන් ❤️❤️

  • @krizaldavid8318
    @krizaldavid8318 3 ปีที่แล้ว +10

    Congratulations amarasiri peris sir and umariya sinhawansa .....this is a great creation ....

  • @mahesharunashanthafernando940
    @mahesharunashanthafernando940 3 ปีที่แล้ว +1

    ඇස් දෙකට කඳුළු ආපු නැති කෙනෙක් නැතුව ඇති ,හරිම ලස්සනයි ,හැඟුම්බරයි

  • @apekama.9985
    @apekama.9985 3 ปีที่แล้ว +8

    සිංදුව මරු ..නියමයි 💖💖

  • @subhashimadhurya3210
    @subhashimadhurya3210 2 ปีที่แล้ว +1

    ❤🥺

  • @ishakanyavee240
    @ishakanyavee240 2 ปีที่แล้ว +2

    This is not only song. This is the greatest love story of the universe. They live in this beautiful planet. And living in two countries. Umaria I just want to tell you you are the one of universe child. This song related to your universe mother and father. You are so wonderful. I love you . As my child. This is the best time to connect devee and swamee . One day nearly it will happen definitely.

  • @kapilaweerasingha
    @kapilaweerasingha ปีที่แล้ว +1

    අති විශිෂ්ඨ නිර්මාණයක්. රූප රචනයත් සුපිරියි. මේ ගීතය රසික හදවත් සංවේදි කිරීමට සමත් ගීතයක්.

  • @AnomaIndumathi-w5g
    @AnomaIndumathi-w5g 6 หลายเดือนก่อน

    Lassanai ❤

  • @amilaimbulana2386
    @amilaimbulana2386 3 ปีที่แล้ว +2

    මේ මහා පුරුෂයාගේ ගායනයට මා .. එදා සිට .. වශී වී .. එයම මට බර වැඩි ..

  • @kavindusubash9050
    @kavindusubash9050 3 ปีที่แล้ว +3

    ගීතය හා රූප රචනය ඉතාම සුන්දරයි. දෙව්ලොව දර්ශනය ඉතාම සුන්දරයි!

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 3 ปีที่แล้ว +11

    අම්බෝ දෙවියනි...
    මට වචන නැ 🌸

  • @sathsaraprathibha325
    @sathsaraprathibha325 2 ปีที่แล้ว +1

    Supperve. Me geethya atishaya bhavapurna geetayak. Hadavate gamburuma tana sparshakaravana dahangata karana hangeembara vu apurva nirmana krutiyak. Amaraneeya ge nirmanayak

  • @sanchalasumedhi5410
    @sanchalasumedhi5410 3 ปีที่แล้ว

    Niyamai mage akkiyo godaaaariyak adarei 😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘🤩💗❤🔥💎😍😍😍😍😘😘😘🤩🤩

  • @buddhikaherath375
    @buddhikaherath375 3 ปีที่แล้ว +1

    මිතුරියක සොයුරියක
    සෙනෙහසම පිදු මවක
    මග නොමග කියාදුන්
    ඇදුරු තුමියයි වරක
    සංසාර සාගරෙන් පාවී
    මවෙත ආ සද කිදුරු දේවි 🥺❤️

  • @chamindajayasekara3912
    @chamindajayasekara3912 ปีที่แล้ว

    ගැලපෙන couple එක

  • @Shaysstory2012
    @Shaysstory2012 3 ปีที่แล้ว +8

    හැගීම් බර ගායනයට... සංගීතයට....
    සිත රිදුම් දේවී.....
    ❤️🎼🎤😢

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 3 ปีที่แล้ว +2

    ඇස් පියාගන රස විඳින්න පුළුවන් ගීතයක්...❤️❤️

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 3 ปีที่แล้ว +3

    සංවේදී සිත් වලට තදින් දැනෙන ගීතයක්.. සුපිරි

  • @minoraattanayakege6387
    @minoraattanayakege6387 2 ปีที่แล้ว +3

    This is a master piece! 👌👌👌

  • @udariindrachapa7917
    @udariindrachapa7917 3 ปีที่แล้ว +5

    💓 touching ❤️🥰🤗most beautiful... congratulations 🙏❤️