PERA OBA MA HAMUWI by Edward Jayakody | පෙර ඔබ මා හමු වී - එඩ්වඩ් ජයකොඩි
ฝัง
- เผยแพร่เมื่อ 11 ธ.ค. 2024
- ෴෴෴ පෙර ඔබ මා හමු වී ෴෴෴
පෙර ඔබ මා හමු වී අත්වැල් බැඳ තනි වී
ගෙවු කාලය සිහි වී නෙතු කඳුලැළි බොඳ වී
(සයුරු තලාවේ සුදු මුදු වැල්ලේ
ඔබ මා තුරුලට වී) //
මැව් පෙම් විජිතය සිඳ බිඳ වැටුණේ
ඇයි දැයි නොම වැටහේ
පෙර ඔබ මා හමු වී ................
(මා හද උයනේ විකසිත පියුමේ
හදවත සුවඳ සැලූ) //
සියපත් හකුලා සෙනෙහස සඟවා
ඇයි ඔබ නිහඬ වුණේ
පෙර ඔබ මා හමු වී ................
පද රචනය: හේමසිරි හල්පිට
සංගීත නිර්මාණය: සුනිල් ධර්මසේන
ගායනය: එඩ්වඩ් ජයකොඩි
Lyrics: Hemasiri Halpita
Music: Sunil Dharmasena
Artist: Edward Jayakody
එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය සඳහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මේ සුමියුරු ගීත එදා රසවිඳි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් ඇති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබගේ ශ්‍රවන වින්දනය සඳහා පමණක් ඉදිරිපත් කරන මෙම ගීත භාගත කිරීම, පිටපත් කිරීම හා වාණිජමය අරමුණු සඳහා ඉවහල් කර ගැනීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
මේක ..keroke..තියෙනවා ද