මතක ධාරිතාවය පවතින්නේ කොහොමද අතිපූජනීය බුද්ධපුත්ර මීවනපලානේ සිරි ධම්මාලංකාර මහතෙරුන්වහන්සේ Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • දිගු කාලීන මතක ධාරිතාවය
    විකිපීඩියා වෙතින්
    ධාරිතාව
    මොළය නියුරෝන අතර අමතර සන්ධි ගොඩ නඟා ගැනීමෙන් දිගු කාලීන තොරතුරු ගබඩා කර ගනියි. මොළයේ ආසන්න ලෙස සන්ධි 105 පවතින නිසා කෙනෙකුට මතක ධාරිතාව ටෙරා බයිට් 100 ලෙස විවාද කළ හැකිය. තවද සන්ධියකට බයිට් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කළ හැකි නම් ධාරිතාව තවත් වැඩි වේ. නමුත් මිනිසාට මොනම අයුරකින්වත් මේ තරම් තොරතුරු ගබඩා කළ නොහැකිය. 1980 මැද කාලයේ කරන ලද පර්යේෂණවලට අනුව මිනිසාගේ දිගු කාලීන මතකයේ තොරතුරු ගබඩා කළ හැක්කේ තත්පරයකට බයිට් 1-2 අතර ප්‍රමාණයක් බව සොයාගන්නා ලදී. එනම් අවුරුදු 70 ක් වන ජීවිත කාලය තුළ මොළයේ ගබඩා කළ හැක්කේ මෙගා බයිට් 125ක තොරතුරු පමණි.
    කාලය
    Bahrick ගේ අධ්‍යයන කටයුතුවලට අනුව දිගු කාලීන මතකයේ ඇති ඇතැම් තොරතුරු ජීවිත කාලයටම මතක තබා ගත හැකි බව අනුමාන කරන ලදී. නමුත් ඇතැම් හේතු සාධක මගින් එම මතකයන් අඩු කිරීම හෝ සම්පූර්ණයෙන් නැති කිරීම කළ හැකිය. ළමා කාලයේ අමතක වීම දිගු කාලීන මතක කාලයට බලපාන එක් හේතු සාධකයකි. එනම් අවුරුදු 3,4 පෙර තම ජීවිතයේ තොරතුරු නැවත සිහි ගැන්විය හැකි පුද්ගලයින් සිටින්නේ අතලොස්සක් පමණි.
    තොරතුරු සැකසීම සහ දත්ත ගත කිරීම
    බැඩ්ලිගේ පර්යේෂණ අනුව දිගු කාලීන මතකය තොරතුරු ගබඩා කිරීම සඳහා පිළිවෙලට සකසා ගනියි.
    නින්ද
    මනා සංවිධානාත්මක දිගු කාලීන මතකයක් සඳහා නින්ද වැදගත් සාධකයක් ලෙස ඇතැම් සිද්ධාන්ත මඟින් පෙන්වාදී ඇත.
    Tarnow’s ගේ සිද්ධාන්තයන්ට අනුව දිගු කාලීන මතකයන් ගබඩා කර ඇත්තේ සිහින ආකාරයන් ලෙසය. Penfield සහ Rasmussen’s ගේ හඳුනාගැනීම් අනුව මොළයේ විද්‍යුත් උද්දීපනයන් මඟින් සිහිනවලට සමාන අත්දැකීම් ඇති වන බව පෙන්වා දී ඇත.මෙහිදී මිනිසෙකු නොනිදා සිටින කාලය තුළ විධායක කාර්යයන් මඟින් දිගු කාලීන මතකය යථාර්ථය හා ගැළපේ ද යන්න සොයා බලයි.
    සටහන්
    Long_term_memory
    මේ පිටුව අන්තිමට සැකසුවේ 3 ජනවාරි 2021 දින දී, 05:57 වේලාවෙහිදීය.
    ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබ්යුශන්/ශෙයා-අලයික් වරපතට යටත්ව ඉහත පෙළ ඔබ වෙත සැපයෙයි; අමතර කොන්දේසි අදාළ විය හැක. විස්තර සඳහා පරිහරණ කොන්දේසි බලන්න
    විශේෂයෙන් ම විභාග අරමුණු කරගත් පාඩම් කිරීමේ දී ක්ෂණික, කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් මතකයන් ගබඩාවන ආකාරය වඩාත් පැහැදිලි ලෙස අවබෝධ කර ගැනීම විභාගාපේක්ෂකයන්ට විශේෂයෙන් වැදගත් වෙයි. ඒ හැරුණු කොට සාර්ථක ජීවිතයක් ගත කිරීමේ දී පුද්ගලයකුට අත්‍යවශ්‍ය වන "මතකයන්" මතක ගබඩාවේ තැන්පත් කර ගැනීම හා අවශ්‍ය වූ විට භාවිතයට ගැනීමට ද අවශ්‍ය වේ. ඒ ගැන ද අපගේ අවධානය යොමුවිය යුතුය.
    මොළය හා සම්බන්ධ ශරීරයේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය මෙහිදී වැදගත් කාර්යයක් ඉටු කරයි. කෙනකු අධ්‍යයනය කිරීම පිළිබඳව විද්‍යාත්මක ලෙස සලකා බැලීමේ දී ඔවුන්ගේ බාහිර චර්යා හෝ ඒ සම්බන්ධ නොයෙකුත් න්‍යායාත්මක කාරණා ගැන සැලකීම වටී. ඒ හා සම්බන්ධ අභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය සැලකීමේ දී බුද්ධිමය ක්‍රියාකාරිත්වය (Cognitive Process) පිළිබඳව අවධානය යොමුකළ යුතුය. එහිදී සිතුවිලි (Thoughts), විශ්වාසය හා ඇදහිලි, (believes) මෙන්ම හැඟීම් හෙවත් චිත්තවේග (emotions) හා සම්බන්ධ ස්නායු පද්ධතිය මෙන්ම එහි ක්‍රියාකාරිත්වය සොයා බලනු වටී. මෙහි දී ස්නායු කායික විද්‍යාව (Neurophysiology) මගින් අපට අධ්‍යයන චර්යා ගැන අවබෝධයක් ලද හැකිය.
    එහිදී තත්ත්වාරෝපණයෙන් (Conditioning Learning) ඇතිවන හුරුව සහ බුද්ධිමය හැකියාව (Cognitive Learning) වෙනත් අලුත් දෙයකට භාවිත කිරීමේ හැකියාව ලබා ගනී. එනම් බුද්ධිය තිබුණනාට මදි ය. බුද්ධිය තිබීම පමණක් ඵල රහිතය. අලුත් දෙයක් ගැන සිතා මතා අලුත් ආකාරයට එනම් නිර්මාණාත්මක ලෙස සිතා මතා කටයුතු කිරීම අවශ්‍යය. වැදගත් එයයි. බුද්ධිමය හැකියාව යනුවෙන් අදහස් කරන්නේ එයයි.
    අපගේ මධ්‍ය ස්නායු පද්ධතිය මොළයේ සහ සහ සුෂුම්නාවේ සිට ඒ හා සම්බන්ධ පර්යන්ත ස්නායු ක්‍රියාකාරිත්වයකින් සහ අනිච්ඡානුග ස්නායු පද්ධතියකින් ද සමන්විතයි. අනිච්ඡානුග ස්නායු යනු අපගේ දැනුවත්වීමක් පාලනයක් නැතිව ඉබේ ක්‍රියාකාරන ස්නායු පද්ධතිය වේ. අද වන විට බොහෝ අධ්‍යයනයන් මගින් ඉගෙනීම සම්බන්ධ මොළයේ ක්‍රියාකාරිත්වය මෙන්ම ඉගෙනීමේ අපහසුතා ගැන බලපෑම් ද අධ්‍යයනයන් සිදු කරමින් තිබේ.
    මෙහිදී හඳුනාගෙන ඇති කාරණයක් නම් මතකය සහ ඉගෙනීම සඳහා මානසික ක්‍රියාකාරිත්වය සමග සම්බන්ධ වන ආකාරය, එනිසා අද වන විට ඉගෙනීම සහ ඉගැන්වීම ගැන ද අධ්‍යයනය කෙරේ. එහිදී ඉගෙනීම අභිප්‍රේරණය (motivation) හෙවත් පෙලඹවීම සහ සංවර්ධනය (development) යන කාරණා තුන පිළිබඳව වැඩි නැඹුරුතාවක් දක්වයි. අප හොඳින් දන්නා අයුරු භාෂාවේ වර්ධනය වීම අධ්‍යයනය කරන විට මුල් කාලයේ ද අධ්‍යයනය හෙවත් ඉගෙනීම සඳහා යෝග්‍ය, ඒ සඳහා බලපාන නොයෙකුත් සාධක ගැනත් හඳුනා ගනු ලැබේ.
    අධ්‍යයන යන්නෙන් පෙන්වා දී ඇති ආකාරයට අධ්‍යයනය කරන දේවල් (academic) වම් පස පිහිටි මොළයෙන් ගනී. එය "වම් අර්ධගෝලය" ලෙස හැඳින්විය හැකිය. එසේ ම එම කරුණු තුළ අන්තර්ගතය ක්‍රියාත්මක කරන්නේ දකුණු අර්ධ ගෝලයෙනි. එනිසා ගුරුවරුන් ඉගැන්වීමේ දී අවස්ථා සම්බන්ධ (Context) හැකි තරම් භාවිතා කිරීම වැදගත් වෙයි.
    කෞතුකාගාරයක් නැරඹීම තුළින් ලබන දැනුම හා මතකය, එවැන්නක් ගැන ඇසීමෙන් හෝ පොත පත කියවීමෙන් ලද නො හැකිය. දැකීම නිසා ලබන දැනුම හා මතකය ඇසීම හා කියවීම තුළින් ලබනවාට වඩා වැඩි ය. ස්ථාවර ය. අමතක නොවනසුලු ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දරුවෝ සමහර විෂයයන් අප්‍රසන්න ලෙස සලකති. උදාහරණයක් ලෙස මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යයනයක් කිරීමේ දී ඒ හා සම්බන්ධ චර්යාවන් ගැන සංසන්දනාත්මකව සම්බන්ධ කර ගැනීමෙන් මනා අවබෝධයක් ලබාගත හැකිය.
    මෙම ලැබෙන සංවේදන වලින් ඉතා සුළු ප්‍රමාණයක් කෙටිකාලින මතක ගබඩාවට යයි. සංවේදී ඉන්ද්‍රියයන් මගින් අපට ලැබෙන සංවේදන ඍජුව ම තැලමස කරා ගමන් කරන අතර ම ඉන්පසු මොළයේ බාහිකය දක්වා එම තොරතුරු රැගෙන යන්නේ ක්‍රියාකාරිත්වය සඳහා ය. නමුත් ආඝ්‍රාණයට අදාළ සංවේදන කෙළින් ම තැලැමස ඔස්සේ ගමන් නො කරයි. මෙසේ ලබා ගන්නා සංවේදන පෙර මතකයේ පවතින සංවේදන හා සම්බන්ධ වී එම සංවේදන විශ්ලේෂණය කර ගැනීම සිදුකර ගනී.
    කරුණාතිලක හඳුන්පතිරණ
    Con.

ความคิดเห็น • 6

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 วันที่ผ่านมา

    🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala  2 ชั่วโมงที่ผ่านมา

      සතර කමටහන් වඩා සතර මග සතර ඵල ලබා පරම නිවනින් සැනසීම දැකීමට වසනාව උදාවේවා!දිගාසිරි අධිෂ්ඨාන කරමි.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 7 วันที่ผ่านมา

    🎉🙏🙏🙏🎉

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala  2 ชั่วโมงที่ผ่านมา

      සතර කමටහන් වඩා සතර මග සතර ඵල ලබා පරම නිවනින් සැනසීම දැකීමට වසනාව උදාවේවා!දිගාසිරි අධිෂ්ඨාන කරමි.

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 3 วันที่ผ่านมา

    🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala  2 ชั่วโมงที่ผ่านมา

      සතර කමටහන් වඩා සතර මග සතර ඵල ලබා පරම නිවනින් සැනසීම දැකීමට වසනාව උදාවේවා!දිගාසිරි අධිෂ්ඨාන කරමි.