රටේම දරුවන් වෙලාගත් මේ මහා ව්‍යසනයේ ගොදුරක් වීමට පෙර ඔබේ දරුවාත් බේරාගමු...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #child #childsafe
    රටේම දරුවන් වෙලාගත් මේ මහා ව්‍යසනයේ ගොදුරක් වීමට පෙර ඔබේ දරුවාත් බේරාගමු...
    ඔබත් මෙවැනි දරුවෙකුගේ මවක හෝ පියෙකු නම් අනිවාර්යයෙන්ම මේක බලන්න
    මෙරට බාලවයස්කාර දරු දැරියන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්වීම ඉහළයෑම සම්බන්ධයෙන් අමෙරිකානු ආයතනයක් ශ්‍රී ලංකාවට දැනුම්දීමක් කර තිබේ.
    එම වාර්තා පදනම් කරගනිමින් අධිකරණයට ගිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය.
    කෙසේ වෙතත්, අන්තර්ජාලය හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් සම්බන්ධයෙන් මේ වසරේ පළමු මාස තුනේදී පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි ගණන 55කි.
    කුඩා කළ සිය මව්පිය රැකවරණ මැද හැදීවැඩෙන දරුවන් කෙමෙන් කෙමෙන් සමාජයට නිරාවරණය වීමත් සමග ජංගම දුරකථන හා අන්තර්ජාල ක්‍රියාකාරකම් සඳහා යොමු වෙයි.
    එය වර්තමානය වනවිට විශාල ගැටලුවක් බවට පත්වී ඇත්තේ දිනෙන් දින අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපචාර ඉහළයෑම හේතුවෙනි.
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසුවේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම්වලට අදාළව 2023 වසරේදී පැමිණිලි 150ක්ද මේ වසරේ අප්‍රේල් 31 දක්වා පැමිණිලි 55ක්ද ලැබී ඇති බවය.
    අමෙරිකානු ආයතනයක් වන අතුරුදන් වූ සහ සූරාකෑමට ලක්වූ ළමයින් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය අනාවරණ කරන්නේ, අපයෝජන සඳහා අන්තර්ජාලය ඔස්සේ ළමයින් පොළඹවා ගැනීම් 2021, 22 සහ 23 වසරවලදී සියයට 300කින් වැඩි වී ඇති බවය.
    ශ්‍රී ලංකාවේ, බාලවයස්කාර දරු දැරියන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස නිර්මාණය කරමින් සන්තකයේ තබාගැනීම හා අන්තර්ජාලයට මුදාහැරීමට කිසියම් පිරිසක් පියවර ගෙන ඇති බව ද එම අමෙරිකානු ආයතනය දැනුම්දී තිබේ.
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Business #Technology #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 16

  • @Sandakathmini01
    @Sandakathmini01 27 วันที่ผ่านมา +10

    මල් වැනි දරුවන් ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමයි.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 26 วันที่ผ่านมา +3

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!❤️🤴❤️🤴💜️
    බුදුසරණයි ..! ☸️🙏🌹🌈️❤️🙏🌹🌈️👑️💎👑️💎🌋🦄🙋‍♂️🦄🙋‍♀️🦄🙋🦄🙋⛵🌅💟💎💟💎

  • @srilanka3763
    @srilanka3763 27 วันที่ผ่านมา +13

    පාර්ලිමෙන්තුවට දෙමව්පියන් විසින් පත්කරනු ලබන නියෝජිතයා ගැහැණු 100ක් දූෂනය කරලා පාටි දාන රටක 😂😂😂මේවා විහිලු කතා පමණි

  • @champjanlyn8740
    @champjanlyn8740 25 วันที่ผ่านมา +1

    රටේ නීති රීති නැත්නම් ඒවා ඇති කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම පාලකයන් ගේ වගකීමයි. රටට ආදරය ඇති පාලකයන් බිහිවේවා !!!

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 27 วันที่ผ่านมา

    🔥🔥🔥🔥🔥🔥

  • @sankabuddik8108
    @sankabuddik8108 27 วันที่ผ่านมา +4

    ලංකාවේ නීතියක් නැ.ලංකාවේ දෙ මාපියනුත් 4එකේ ළමයිනුත් 4න් එකේඅපි ආකල්පවලින් උසස් නැ මොකද මේ රටේ එතත්වයට පත් කරලා තියෙන්නේ

  • @kksirisena1420
    @kksirisena1420 27 วันที่ผ่านมา +6

    තාක්ෂණේ යකු ඇවදින් බොටු මිරිකයි දරුවන්ගේ !

  • @DashParrOfficial
    @DashParrOfficial 25 วันที่ผ่านมา +1

    1:15 අප්‍රේල් වලට කොහෙද යකෝ 31 😂😂😂

  • @gangaappuwa7795
    @gangaappuwa7795 27 วันที่ผ่านมา

    Aiyoooo monawada me ahanne deiyane 😢

  • @Jeewaka1
    @Jeewaka1 20 วันที่ผ่านมา

    අන්තර්ජංජාලයක් කරගෙන ඇති ලංකාවේ දුරකථන ජාලා වලින් ඕනෑම කෙනෙකුට ලිංගික වීඩියෝ බැලීමට හැයාව ලබාදීමේ අවසාන ප්‍රතිඵල දැන් පැමිණෙමින් ඇත....

  • @maheshsanjeewa1778
    @maheshsanjeewa1778 26 วันที่ผ่านมา

    මා ගාවට එන ගොඩක් පිරිස උසස් ඔය පිරිසගේ ලමුන්.බොරුවට කියවනවා.ඔටිසම් වෙලා,කතාකරන්නෙ නෑ .පෞ.

  • @barneycasting8331
    @barneycasting8331 26 วันที่ผ่านมา +5

    ටියුෂන් නැවත්ත පල්ලා! එතකොට හිටන් ගොඩක් නරක දේවල් වෙන එක අඩුවෙයි

  • @t.v1245
    @t.v1245 26 วันที่ผ่านมา +1

    ඔයිට වඩා ලේසියි. ගෙදර වෙන කෙනෙක් ගෙ ගූගල් එකවුන්ට් එකකින් ලොග් වෙන්න හදල තිබ්බම. ෆෝන් දෙකෙන් ඕනම එකකින් බලන්න පුලුවන්

  • @Muhammad45450
    @Muhammad45450 26 วันที่ผ่านมา

    please dont let children use SM

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 27 วันที่ผ่านมา +3

    Ubala karai. Ochchara dewal una nam Complain godak athine. Allapu ekak ho dipu daduwamak kiyapalla