Secret Bay Panama | රු.1500 ට Beach එක ලගින් සුපිරිම cabana house එකක් | Panama Beach | Gima Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Secret Bay Panama
    නැගෙනහිර වෙරළ තීරයේ අවසාන අන්තය වන, කුඩුම්බිගල රක්ෂිත මායිමේ තරමක් හුදෙකලා ලෙස පිහිටා තිබෙන 'පානම' වෙරළ දේශීය සංචාරකයන්ගේ අවධානය අඩුවෙන් යොමු වූ ස්ථානයක් ලෙස දැක්විය හැකිය.
    කොළඹ නගරයේ සිට පැය 7 ත් 8 ත් අතර ගමන් කාලයක දුරින් පිහිටා තිබෙන මෙම සුන්දර ග්‍රාමය වෙත නුවර සිට දහ අටවංගුව, මහියංගණය, බිබිල, මොණරාගල, සියඹලාන්ඩුව, හරහා පොතුවිල් වලට පැමිණ ලඟාවීමට හැකියි. පොතුවිල් නගරය යනු ඔබට ගමන අතරතුර යමක් මිලදී ගැනීමට අවශ්‍ය නම්, පහසුම නගරය වන අතර එතැන් සිට 17km ක් පමණ ගිය පසු පානම වෙත ලඟා විය හැක.
    එදා අතීතයේ ඌව වෙල්ලස්ස කැරැල්ලේදී සංවිධානාත්මකව පසුබැස්ස රණකාමීන් පිරිසක් පානම්පත්තුව සිය වාසස්ථානය කරගත් බවත් අනෙක් පිරිස් අක්කරෙයිපත්තුව, ලාහුගල වැනි ප්‍රදේශ වලට පලාගිය බවත් ඉතිහාසයේ සඳහන් වේ.
    වර්තමානය වනවිට පවුල් 1750 - 1800 ත් අතර ප්‍රමාණයක් පානම ග්‍රාමයේ ජීවත් වන අතර එයින් 80% ක් සිංහල සහ 20% ක් දමිළ ජන සංයුතියක් තිබෙන බව ජන සංඛ්‍යාලේඛන අනුව දැක්විය හැක.
    මුහුද ආසනනයේම පිහිටා ඇති ග්‍රාමයක් වුවත් අතීතයේ සිට පැවත එන ආකාරයටම අදටත් තම ජීවිකාව ලෙස බහුතරයක් භාවිතා කරන්නේ කෘෂිකර්මාන්තය යි. ඊට අමතරව ධීවර කර්මාන්තයද ඇතමෙකුගේ ජීවිකාව වී ඇත.
    පානමට සංචාරය කරන ඔබට සුන්දර වෙරළ තීරයක සහ වෙරළ ආශ්‍රිත ගැමි ජීවිතයක අත්දැකීම විඳගැනීමට අවස්ථාව උදාවෙනවා සේම ඔබට නැරඹිය හැකි තවත් වැදගත් ස්ථානයක් වන්නේ ඈත අතීතයේ සිට පැවත එන හාස්කම් වලින් අනූන 'පානම අංපිටිය පත්තිනි දේවාලය' යි.
    දැඩි හාස්කම් සහිත පූජා භූමියක් ලෙස බැතිමතුන්ගේ විශ්වාසය දිනා ඇති මෙම ස්ථානයේ රුහුණු කතරගම මහ දේවාලයේ පෙරහැර අවසන් වනවාත් සමග පාරම්පරික චාරිත්‍රයක් ලෙස " අංකෙළිය " ලෙස හැඳින්වෙන චාරිත්‍රයක් පවත්වනු ලබයි. එහිදී පත්තිනි දේවාලයේ මංගල්‍යට පෙර දින 15 ක් පමණ පේ වීමෙන් පසු එන රාත්‍රියේ පිරිමින් පමණක් සහභාගී වීමෙන් මෙම අං ඇඳීමේ චාරිත්‍රය සිදුකරයි. ගම්වැසියන් විසින් චිරාත් කාලයක් පුරාවට පවත්වාගෙන එන මෙම සාම්ප්‍රාදායික කටයුත්ත මගින් සුභදායි පෙරනිමිති පහළ වෙන බව, ඔවුන්ගේ විශ්වාසයයි.
    එසේම වැසි නොමැති පායන සමයක ඔබ පානම සංචාරය කලහොත් 'වදගම වැව', 'පානම වැව' වැනි ස්ථානයන්ගේ කිඹුලන් සිය ගණනක් නැරඹීමේ හැකියාවද ඔබට පවතී.
    මනස්කාන්ත, හුදෙකලා භූමියක් වන පානම වෙරළ, වචනේ පරිසමාප්තියෙන්ම ඉතාමත් සුන්දර පරිසරයකි. වෙරළ දිගට ඇදී යන උස් මුහුදු වැලි වැටිය එදා ආ රුදුරු සුනාමියෙන්, පානම ගම්වැසියා ආරක්ෂා කිරීමට ස්භාවික ආරක්ෂකයෙක් විය. වෙරළ ආසන්නයටම ඇති කුඩුම්බිගල රක්ෂිතයේ විදුලි වැට මගින් වල් අලින්ගෙන් අරාක්ෂා කරන අතර කුඩුම්බිගල යනු ලංකාවේ වැඩිම වලස් ගහනයක් සිටින රක්ෂිතයක් ලෙසත් හැඳින්විය හැක.
    Secret Bay Panama location 👇
    maps.app.goo.g...
    Search secret Bay panama in Google map.
    Contact no 0773949600

ความคิดเห็น • 36