අටපිරිකර මගඩිය Atapirikara Pooja Case

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2024
  • #Atapirikara #buddhist
    #buddhism
    #temple
    #buddhisttemple
    පසුගිය කාලය පුරාවට වෙහෙර විහාරස්ථාන වලින් ලැබුණු විවිධ තොරතුරු සහ කතරගම ප්‍රදේශයේ වෙළඳසැල්වලින් ලැබුණු තොරතුරු පාදක කරගනිමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් කතරගම ප්‍රදේශයට අටපිරිකර බෙදා හරින ප්‍රධාන ව්‍යාපාරිකයෙක් සහ අටපිරිකර තොගයක් සමග අද දින වැටලීමක් සිදු කරන ලදී. මෙහිදී දැකගත හැකි වීමට ලැබුණේ අටපිරිකර වල කිසිදු ප්‍රමිතියකින් තොරව ,අඩංගු විය යුතු දෑ නොමැතිව පාවිච්චි කරන ලද මෙන්ම ජරා ජීර්ණ වූ දේවල්ද යොදා ගනිමින් අටපිරිකර ලෙස නැවත නිර්මාණය කර බෙදා හරින බවයි.
    මේ අවස්ථාවට කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද වැඩමකර ඒ පිළිබඳ පරීක්ෂා කර මෙවැනි කූට ව්‍යාපාරිකයින් නිසා ආගම දහමට සිදුවන ගැටලු පිළිබඳවද තමන්ගේ හුදු ලාභය වෙනුවෙන් මේ ආකාරයෙන් ආගමික කටයුතුවලට හානි වන ආකාරයෙන් කිසිවෙකුටත් ප්‍රයෝජනයක් ගත නොහැකි වන ආකාරයෙන් මේ උතුම් අට පිරිකර පූජාවන් මෙන්ම බුදුපිළිම වටාපත්වැනි ආගමික පූජා භාණ්ඩ විකෘති කර විකිණීමට යොදා තිබීම පිළිබඳව අදාල ආයතන ඉක්මනින් මැදිහත් විය යුතු බව දන්වා සිටියහ

ความคิดเห็น •