ලේ පිරිසිදු කරන නියම හාතාවාරිය කැද | Asparagus is a blood purifier

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • බොහෝ අතු බෙදුණු විහිදී වැඩෙන ආරෝහකයක් හෙවත් වැලකි. පත්‍ර සහ කඳ කොළ පැහැතිය. කටු සහිතය. මුල් නාලාකාර ලෙස වර්ධනය වේ. අල සුදු පැහැතිය. කුඩාය. සුවඳවත්ය. මහා හාතවාරිය හින් හාතාවාරිය සහ කටු රහිත හාතාවාරිය ලෙස ප්‍රභේද තුනකින් යුක්ත මෙම ඔසු පැළෑටිය රසොන කුලයට අයත්වේ. ලංකාවේ පහතරට වියළි කලාපයේ මැද රට හා කදු ආශිතව සුලභව දක්නට ලැබෙන මෙහි අල ඔෟෂධ නිෂ්පාදනයටත් ,පත්‍ර කොළ කැඳ පිසීමටත් භාවිතා කරන අතර උද්‍යාන අලංකාරය සදහාද යොදාගනි. බොහෝ සෙයින් අතු බෙදී වැවෙන මෙම ශාකයේ පත්‍ර ඉතා පටු වන අතර තද කොළ පැහැයෙන් යුක්තවේ.
    සුදු පැහැති කුඩා මල් විශේෂයක්ද දක්නට ලැබෙන අතර මිහිරි සුවදකින් යුක්ත වේ. හාතාවාරියා බිජවලින් පැළ ලබාගත හැකි අතරම උත්සව අවස්ථාවලදි සැරසිලි පිණිස ද මේවායේ අතු උප‍යොගී කරගනු ලැබේ. හාතවාරිය අලවල ප්‍රධාන වශයෙන් පිෂ්ටය, සිනි සහ ශක්තිජනක රසායන ද්‍රවය රැසක් අඩංගු වේ. ශරිර ශක්තිය ඇති කරයි. රුධිරයේ ආම්ලික බව නැතිකර පිරිසිදු කරයි. සන්ධි ඉදුමුම හෘදය රාග ස්නායු ආබාධ සහ මුත්‍රා ආබාධ ඇති රොගීන්හට පිළියෙල කිරිම සදහා අල, කොල සහ සම්පුර්ණ ශාකයම යොදා ගන්නා අතර ආහාරයක් ලෙස කොළ කැද වර්ග සැදිමට යොදා ගනී. හාතවාරිය අල තම්බා නාරටි හැර ඊට සිනි එකතුකර ගත්විට තරුණ බව රැක ගැනිමට ඉතා ප්‍රත්‍යක්ෂ ජනක ආහාරයකි.
    ජලය නොරඳන වැලි හෝ මෘදු ලොම් හියුමස් මිශ්‍ර පසේ අඩි 3/3 පරතරය ඇති පේළි අතරින් සිටුවිය හැකියි. බීජ තවන් දමා ලබා ගත් පැළ සති 6-8 ක කාලයකදී ගලවා සිටුවිය යුතුය. ගෙවත්තේ හෝ මිදුලේ හෝ විසිතුරු ආරුක්කුවක් ආකාරයට ද වගා කළ හැකිය. වැටකට හෝ අතු රිකිලි ආධාර කරගෙන මල් බඳුනක වුව ද වගා කළ හැකිය.
    හිටුවූ මුල් කාලයේදී ජලය යෙදීම අත්‍යවශ්‍ය වේ. වගා කර මාස 9ත් හෝ 12 ත් අතර කාලයක් ගත වූ මල් පිපුණ වැල් මැරී යයි. මැරී යන වැලෙන් අල ගලවා ඉවත් කර අව්වේ වියලා ගත යුතුයි. වගා කර මාස 3ත් 6ත් අතර කාලයක් ගත වූ පසු සෑම සති දෙකකට වරක් ළපටි කොළ පැහැ කඳ කපා වෙළඳ පොළට යැවිය හැකිය.
    හීන් හාතවාරිය අල මෙරටට ඉන්දියාවෙන් ආනයනය කරන බැවින් මේ හරහා ආදායමක් ඉපයීමට මෙන්ම විදේශ විනිමයක් ද ඉතිරි කර ගත හැකිය.

ความคิดเห็น •