Aranya ආරණ්‍ය | Arankele sri Maliyadewa aranya අරංකැලේ ශ්‍රී මලියාදේව ආරණ්‍ය සේනාසනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2021
  • Aranya ආරණ්‍ය | Arankele sri Maliyadewa aranya අරංකැලේ ශ්‍රී මලියාදේව ආරණ්‍ය සේනාසනය
    කුරුණෑගල නගරයට කි.මී. 20 ක් පමණ දුරින් පිහිටි අරන්කැලේ ඓතිහාසික පරිශ්‍රය වෙත ළඟාවිය හැක්කේ කුරුණෑගල -දඹුල්ල මහා මාර්ගයේ ගමන් කොට ඉබ්බාගමුව මංසන්ධියෙන් වමට හැරී මඩගල්ල මාර්ගයේ ගමන් කිරීමෙනි. මෙම පුද භූමිය තුළදී දිය අගල්,ජල මාර්ග,බෙහෙත් ඔරු, පැරණි රෝහලක නටබුන්, ගිලනුන් සඳහා වෙන්කළ කුටි, දේශන ශාලා සහ භාවනා ශාලා හා සම්මුඛ ලෙන දැකගත හැකිය. අතීතයේ මලියදේව මහාරිහත් මහා රහතන් වහන්සේ වැඩ සිටි පුණ්‍ය භූමියක් වූ මෙම ආරණ්‍ය සෙනසුණ තුල භික්ෂුන් වහන්සේලා දහස් නමක් අතීතයේ වැඩ සිටි බව සදහන් වේ. දොළුකන්ද කඳුවැටියෙන් උතුරු දෙසට විහිදී පවතින දුංකන්ද, මඩුකන්ද, අම්බලන් කන්ද හා අරන්කැලේ එකම කඳු යායකි. කඳුපාමුල පිහිටි අරන්කැලේ තපෝ වනය ආශි‍්‍රතව පැවති පැරණි ආරාම නිසාම ආරාම කැලේ යනුවෙන් හඳුන්වා ඇති අතර, පසුව එය අරන්කැලේ යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බැව් පැවසේ. අරන්කැලේ පුරාවිද්‍යා භූමියට ඇතුළුවන කෙනෙකු දකින අසිරිමත් දර්ශනය වනුයේ නා, ගොඩපර, මූන මල්, පුස්වැල් ආදි දැවැන්ත තුරුලතාවන්ගෙන් සෙවණ වූ පෙත් මගය.මෙම පුණ්‍ය භූමියේ දී ඉදි කළ කුටිවල භික්ෂූන් වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටිති. ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ මෙම පින් බිම තුළ වැඩ සිටි බවට සාධක හමුවී ඇත.
    Subscribe TH-cam ►bit.ly/2MJOirX
    Subscribe TH-cam ► bit.ly/2BHE21Q
    Twitter ► / sridalada
    Facebook ► / sridaladamal. .
    Instagram ► / sridaladama. .
    Official Web ► www.sridaladamaligawa.com
    Official Web Kandy Esala Perahera ► www.kandyesalaperahera.com
    Sri Dalada Maligawa Media Bureau | Sri Lanka | ©2021
  • บันเทิง

ความคิดเห็น • 3