Thaththe | තාත්තේ | Abhisheka Wimalaweera | Abhi Live in Concert Sabaragamuwa Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Lyrics
    තාත්තේ ..!
    මකර තොරණෙදි පඬුරු ලාගෙන සීත ගඟුලට බහිනවා
    හෙළට පහළින් ළිහිණි අක්කගෙ විලාපය මට ඇහෙනවා ..
    තාත්තේ, මම තුංග සමනොළ කන්ද තනියම නගිනවා..!
    කන්ද පාමුල බෑන සමනොළ දෑළ කඳුපෙළ පේනවා
    විඩා දැනුණම..අම්බලම ළඟ
    පිළේ ඇළ වී ඉන්නවා ..
    අනේ නුඹ කොයිබින්ද ඇවිදින්
    පුතේ වෙහෙසද අහනවා
    පෙමින් උර මත වඩා හිඳුවා
    සෙමෙන් පඩිපෙළ නගිනවා ..
    ඉරත් ඉරසේවයට ඇවිදින්
    යළිත් හීනය බිඳෙනවා..!!
    අත් වැටට බර දෙන්න බෑ මට බෝම කඩතොලු පේනවා ..
    නුඹේ අත්වැල ලෙහුණ දා සිට තාත්තේ බය හිතෙනවා!.
    හීන් ඉකියක් හිර කරන් මම
    කන්ද මුදුනට නගිනවා
    සිරිපතුල උඩ නළල තියලා...
    නුඹේ පා දෙක වඳිනවා
    Artiste - Abhisheka Wimalaweera
    Lyrics - Suharshini Dharmarathne
    Music - Thusith Simpson @ SIOSS studio.
    Mixed & Mastered by Lahiru de Costa.
    Lyrics Video - Shanaka Nimesh
    Audio and Video Production By Abhisheka Wimalaweera
    Flute - Supun Peiris
    Esraj - Miyuranga Wickramasinghe⁩
    Bass (Synth) - Lahiru de Costa
    Opening and Ending Chorus By Abhisheka Wimlaweera
    Abhisheka's Other Songs
    Mathaka (මතක) : • Mathaka (මතක) - Karuna...
    Nissara | (නිස්සාර) : • Nissara | නිස්සාර |Abh...
    Ridi ridee (රිදි රිදී) • Ridi Ridee - Abhisheka...
    Nethra (නේත්‍රා) : • Nethra (නේත්‍රා) - Abh...
    Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) : • Abhisheka Wimalaweera ...
    Narasiha Gatha(නරසීහ ගාථා) : • නරසීහ ගාථා | Narasiha...
    Wahi Kawiya(වැහි කවිය) : • Wahi Kawiya (වැහි කවිය...
    Sabandini(සබඳිනී ) : • Sabandini | සබඳිනී | V...
    Thawama Pana Thiyenawa (තවම පණ තියෙනවා) : • Thawama Pana Thiyenawa...
    Other Music Platforms
    Spotify : open.spotify.c...
    Itunes : / abhisheka-wimalaweera
    Amazon Music : music.amazon.c...
    Deezer : deezer.page.li...
    Sound Cloud : / abhishekawimalaweera
    #abhishekawimalaweera #Thaththe

ความคิดเห็น • 492

  • @nipunibaghaya2998
    @nipunibaghaya2998 3 หลายเดือนก่อน +283

    අභී! මට අවුරුදු 12යි මගේ තාත්තා නැති වෙනකොට. එයා නැතිඋනේ මගේ ඇස් ඉස්සරහමයි, එදා ගෙදර හිටියේ මායි තාත්තයි විතරයි. මම ඉස්කෝලේ ගිහින් ආවා විතරයි. තාත්තා මාත් එක්ක ආදරෙන් කතා කර කර හිටියේ, වෙනදා වගේම ආදරෙන් " බබා, බබෝ " කිය කිය. හැබැයි හැමදේම වෙනස් වෙන්න ගියේ පොඩි වෙලාවයි. තාත්තා කතා කරේ නෑ ටික වෙලාවකින්,,, මම තාත්තව පුංචි මට තේරුන විදියට බේරගන්න ට්‍රයි කරා...පස්සේ එහා ගෙදරට ගිහින් අඩ අඩා තාත්තා තාත්තා කිව්වා විතරයි, එයාලා ඇවිල්ලා බලනකොටත් තාත්තා නැතිවෙලා කියලා තමා පොලිස් වාර්තාවේ ලිව්වේ. අභී, ඒ වෙනකොටත් මගේ අම්මත් මාව දාලා ගිහින් හිටියේ ඒ මට අවුරුදු 8 දී...තාත්තා තමා මගේ ලෝකේ මම අම්මා ගැන වැඩිය කියන්න දන්නේ නෑ, මම අම්මාට වඩා තාත්තා එක්කයි මගේ ජීවිතේ ගත කරේ.....අභී මම අවුරුදු 12දී පොලීසී ගානේ, මෝචරි ගානේ ගියා තාත්තගේ මරනෙට සාක්ෂි දෙන්න. මට අවුරුදු 12දී ඒ දැනුන දුක කාටවත්ම දැනෙන්න එපා කියලයි මම හැමදාම හිතන්නේ.....එදා ඉදලා මට සීල් එකක් වැදුනා අම්මා තාත්තා නැති කෙල්ල කියලා. මගේ අම්මත් තාත්තාත් මාව දාලා ගියාට ඒ දෙන්නා මට හොද අක්කලා දෙන්නෙක් දුන්නා. මගේ දෙවෙනි අම්මා උනෙත් තාත්තා උනෙත් මගේ අක්කලා දෙන්නා....ඉස්කෝලේ කාලේ දෙමාපියන් නැතුව අක්කලත් මමත් අපහසුවට පත් උන අවස්ථා එමටයි. දැනුත් එහෙමයි. ඒ කාලේ ඇඩුවට, දැන් හිනාවකින් හැම අපහසුතාවකටම මූන දෙනවා. මට දැන් වයස 25 යි හැබැයි අදටත් මම දෙවියන්ට කියන්නේ " ඉස්සර වගේ අතින් අල්ලන් එහෙමෙහෙ යන්න, ආසයි කිව්ව ගමන් හංදියේ කඩෙන් කෑම අරන් එන, බබා කිය කිය මට කතා කරන, මට නින්ද යන්නේ නැති උනාම තාත්තගේ ඇග උඩ නිදා ගන්න " මගේ තාත්තව මට ගෙන්නත් දෙන්න කියලා......ඇයි මම එදා තාත්තව බේරගත්තේ නැත්තේ කියලා මම අදටත් මගෙන්ම අහනවා. ඉස්සරට වඩා දැන් ගොඩක් දේවල් මට තියෙනවා අභී හැබැයි තාත්තා එක තප්පර හැටකටවත් මං ලග නෑ අභී....මේ අවුරුදු 25ට මම ගොඩක් දේවල් Achieve කරගත්තා හැබැයි තප්පරයකටවත් තාත්තව ආය ගෙන්න ගන්න පුලුවන් උනේ නෑ...හැමදේම සල්ලී වලට ගන්න පුලුවන් හැබැයි තාත්තව සල්ලී ගෙවලා හරි තප්පර හැටකට ගෙන්න ගන්න පුලුවන් තැනක් අභී ඔයාට හමබ උනොත් මටත් කියන්න......
    " තාත්තා දැනුත් මං ලග ඉන්නවා, හැබැයි ජීවමානව නෙමේ. " ❤😢

    • @user-tv1qs5yp1s
      @user-tv1qs5yp1s 3 หลายเดือนก่อน +1

    • @user-jx3hv9jv4x
      @user-jx3hv9jv4x 3 หลายเดือนก่อน +1

      😢

    • @sigithkaweeshwara4517
      @sigithkaweeshwara4517 3 หลายเดือนก่อน +2

      🥺

    • @surangikamenike6064
      @surangikamenike6064 3 หลายเดือนก่อน +3

      අනේ මගෙ අප්පච්චී නැතිවෙනකොටත් මට අවුරුදු 12 යි. 🥺එයා නැතිවෙලා අවුරුදු 11 කින් අම්මත් යන්නම යනවා 🥺ජිවිතේ කියන්නෙම දරාගන්න එක😢

    • @StayCloud484
      @StayCloud484 3 หลายเดือนก่อน +2

  • @anushamadhuwanthi5192
    @anushamadhuwanthi5192 3 หลายเดือนก่อน +103

    අප්පච්චි නැති දවසට මොනව වෙයිද.හිතද්දිත් බය හිතෙනවා 🥺❤️
    දීර්ඝායු ලැබේවා හැම අප්පච්චියෙක්ටම

    • @donyohan2325
      @donyohan2325 3 หลายเดือนก่อน +2

      Inna kam rakaganna, wachanekin wath hita rida wahanna epA, 😢eka darà ganna amarui,

  • @rithmisewwandi6448
    @rithmisewwandi6448 3 หลายเดือนก่อน +67

    උතුම් ශ්‍රීපාදස්ථානයේ බලයෙන් ලෝකයේ සෑම තාත්ත කෙනෙක්ම ආරක්ශා වේවා 🙏❤️

  • @nirmanirathnayaka6604
    @nirmanirathnayaka6604 3 หลายเดือนก่อน +52

    අවුරුදු 26ක පවුලේ එකම ලමයා වගේම එකම ගෑනු ලමයා උනු මාව අධ්‍යාපනයෙන් අරන් යන්න පුලුවන් ඉහලටම මගේ තාත්තා අරන් ගියා. අදටත් එයා මාව වඩාගන්නවා. ඔඩොක්කුවේ තියන් හුරතල් කරනවා. කසාද බදින වයසේ හිටියත් තාත්තා නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා අදටත් මම හිතලා නෑ. ඒ තරම් ශක්තියක් කොහොමත් මට නැති වෙයි.
    ආදරෙයි තාත්තේ! සංසාරේ පුරවටම මගේම තාත්තා වෙන්න ඔයා!

  • @umesharathnayake6983
    @umesharathnayake6983 3 หลายเดือนก่อน +48

    හැම අප්පච්චි කෙනෙක්ටම දීර්ඝායු ලැබේවා 🙏

  • @ranasinghepalandage5835
    @ranasinghepalandage5835 3 หลายเดือนก่อน +75

    ලබන වාරෙට සිරීපාදෙ යනකොට මේ සින්දුව අනිවාර්යයෙන්ම මතක් වෙයි..අදටත් යන්නෙ තාත්තත් එක්ක මං...එයා නැත්නම් මට සමනල කන්ද නගින්න බෑ..එයාගේ අතේ එල්ලිලා යන්නෙ නැතුව මට යා ගන්නවත් බෑ.....දීර්ඝායු වේවා මගේ තාත්තේ❤️

  • @ginurikariyawasam8753
    @ginurikariyawasam8753 3 หลายเดือนก่อน +53

    Comments කියව කියව සින්දුව අහන් ඉන්නකොට දන්නෙම නැතුව කඳුලු බේරෙන්න ගත්තේ..😢 මගේ තාත්තා මං ළඟ ඉඳලත් මට ඒ සින්දුව මෙහෙම දැනුන නම් මේ comments වල තියන තාත්තා ළඟ නැති ළමයින් ට ඒක කොහොම දැනෙන්න ඇතිද.
    නිර්මාණය හරිම ලස්සනයි ❤

    • @sathsarani.
      @sathsarani. 3 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්තම ඇත්ත ❤

    • @tpiyumiharshani8406
      @tpiyumiharshani8406 3 หลายเดือนก่อน +1

      Me deta muna denava kiyanne mara karumayak, wedanawen pichchenava😧😧

    • @upekshaayeshani6063
      @upekshaayeshani6063 3 หลายเดือนก่อน +1

      ඇත්තමයි මටත් ඒකමයි හිතුණෙ. මං තාවම වාසනාවන්තයි ❤

    • @suharshanidharmarathne6533
      @suharshanidharmarathne6533 3 หลายเดือนก่อน +3

      ​තාත්තාගෙ මරණය නිසා මම ඔය පද ටික ලිව්වෙ..කඳුළු අතරින්..

    • @ginurikariyawasam8753
      @ginurikariyawasam8753 3 หลายเดือนก่อน

      @@suharshanidharmarathne6533 ❣️💐

  • @nawodiayoma
    @nawodiayoma 3 หลายเดือนก่อน +65

    අක්කේ මගේ තාත්තා රණවිරු වෙක්. එයා මේ රට වෙනුවෙන් ජිවිතේ කැප කලා 😢 මං පොඩි කාලේ තරහින් හිටියේ එයා අම්මාවයි මාවයි දාලා මෙච්චර ඉක්මනට ගියාට එත් මං ලොකු වෙන්න වෙන්න මට තේරුනා තාත්තා මං ලග ඉන්නවා කියලා එයාගේ එකම එක photo එකයි මං ලග තියෙන්නේ 😣 මං එක දිහා බලාගෙන එයගෙයි මගෙයි මතක මතක් කරනවා එත් ඒවා හරිම සිමිත වෙලා අක්කට නම් තාත්තා එක්ක ගොඩක් මතක තියෙනාවා එත් මට එහෙම නැහැ 🥺ඉතිං මාත් කියන්නේ දෙවියන්ට , තප්පර හැටකට මට මගේ තාත්තා ව ගෙනත් දෙන්න 🙏😔😭

  • @HeshithaDilshan
    @HeshithaDilshan 3 หลายเดือนก่อน +38

    නුඹේ අත්වැල ලෙහුණු දා සිට
    තාත්තේ බය හිතෙනවා..... 🥺💔
    එයා නැති කාලෙක ජීවිත ගමන කොහොම යන්නද කියල මට තවම හිතාගන්නවත් බෑ 🥺😢....
    හැම තාත්තා කෙනෙකුටම දීර්ඝායුශ ලැබේවා 🙏❤️❤️‍🩹...

    • @Lasanthikasewwandi1180
      @Lasanthikasewwandi1180 3 หลายเดือนก่อน +1

      මටත් ඕකම හිතෙනව...😪

    • @user-bt2sd6sh8q
      @user-bt2sd6sh8q 3 หลายเดือนก่อน +2

      මාත් ඒ දවස ගැන මට බයයි.හැම තාත්තා කෙනෙකුටම දීර්ඝායු ලැබේවා 🙏

    • @Shasheena
      @Shasheena 3 หลายเดือนก่อน +1

      🥺❤

  • @disnialwis899
    @disnialwis899 3 หลายเดือนก่อน +44

    හැම අවුරුද්දක් ගානේම
    මාව සිරීපාදේ එක්කන් යන
    මගේ තාත්තත් මට
    සමනොළ කන්දක්
    නොදන්න නොකියන හැඟීම්, වචන ගොඩක්
    හිතින් හංගන් මහා බරක් උහුලන් ඉන්න
    තාත්තා
    හුළඟකටවත් හෙල්ලෙන්නේ නැති ලොකු යෝධයෙක්
    ඒ හයිය හින්දම කවමදාවත්
    සිරීපාදේ කරුණාවෙන් මඟින් හැරෙන්න හිත් දීලා නෑ
    තාත්තා වගේම තාත්තගේ හයිය හිත
    මාත් තදින් අල්ලන් ඉන්නේ
    ඔව්..
    මගේ තාත්තා මට සිරීපාදයක්
    ඒ මහා ගිරි හිස තරණය කරන
    පුංචි සුදු පාට සමනළයෙක් වගේ
    මගේ ළාමක හිත හයියට අල්ලන් ඉන්නේ
    සිරීපාදේ පිහිටෙන් තාත්තේ
    දිස්නි තිසාරා අල්විස්

  • @Punsara-yv5oc
    @Punsara-yv5oc 3 หลายเดือนก่อน +17

    අභී ඔයා සිංදුව දාපු දවසෙමයි මම මගේ තාත්තගේ ආසම හීනෙටම ගියේ..
    මම කැම්පස් යන්න සිලෙක්ට් කියනකොට ඒ ඇස් කියා ගන්න බැරි සතුටක් තිබ්බේ 🥹අදටත් හෙටටත් මගේ ජිවීතේ එයා 💗

    • @tameshasanuvi
      @tameshasanuvi 3 หลายเดือนก่อน +1

      Congratulations ❤

  • @LochithaAbeysinghe
    @LochithaAbeysinghe 3 หลายเดือนก่อน +17

    මම හිතන්නේ මේ සිංදුව කරලා තියෙන්නෙම හදවත පොඩ්ඩක් රිද්දලාම බලන්න...
    මොකද රූප රාමුවක් හරි මේකට දැම්මනම් මෙච්චර මේ සිංදුව දැනෙන්නේ නෑ...
    කියන්න වචන නෑ මේ සිංදුවනම් ඇත්තට ආශිර්වාදයක්...

  • @sanduniabeysundara5250
    @sanduniabeysundara5250 3 หลายเดือนก่อน +16

    අභී,❤
    හැමදාමත් වගේ,පපුවෙ රිදෙන තැනටම හීය වැදුනා😢❤

  • @Nawo97
    @Nawo97 3 หลายเดือนก่อน +16

    අනේ දෙයියනේ මේ වචන කොහොම අහන්නද, අපි වෙනුවෙන්ම ගිනි අවුවේ කර වෙවී කුඹුරු කරල ඒ කුඹුරකම තිබ්බ පොඩි කටුවක් නිසා දෙපයින් හිටගන්න බැරි වුන මගෙ තාත්තා කොහොම හරි කකුලක් දාගෙන ජීවිතේ අර තිබ්බ හයියෙන් හරි ලස්සනට හිටියා, කොහොම හරි තාත්තාට ඕන වුනේ අපි හොදට ඉගෙන ගන්නව දකින්න, හැමදාම අපට කිවුවේ මගේ දරුවො මට යන්න බැරි වුන තැනට කොහොම හරි යන්න ඕන කියල, කොහොම හරි මම ඒ කලු ලෝගුව දරාගෙන ඉන්නවා බලන්නම මගෙ තාත්තා ජීවිතේ ඉවසන් ඉදල ඊට පස්සෙ දවසේ තාත්තා ලෙඩ වෙලා යන්නම ගියා, ඇත්ත, "නුබේ අත්වැල ලිහුන දා සිට තාත්තේ බය හිතෙනවා" ඒත් ගෙදර ලොකු දූ නිසා අම්මා නංගි මල්ලි වෙනුවෙන් අද වෙනකන් කාටවත් පේනන කදුලු කැටයක් හෙලුවෙ නැතුව ඔයාගේ හයිය අරන් ඉන්නවා තාත්තේ ❤️,

  • @psilva8223
    @psilva8223 3 หลายเดือนก่อน +111

    පහුගිය 23 වෙනදා හැමදාමත් මම මුහුණ දෙන්න බයෙන් උන්න දේම සිද්ධ වුනා. මගේ තාත්තා අපිව දාලා සදහටම යන්න ගියා. ඒක දැනගත්තම මට දැනුන බය, අනාරක්ෂිත බව, දුක, වේදනාව මෙච්චරයි කියලා කියන්න තේරෙන්නේ නෑ. තාත්තා ජීවත් වෙද්දී තාත්තා හින්ද නොදැනිම ඒ මට තිබුණු මහා ලොකු හයිය මගෙන් ඈත් වෙලා මහා අසරණ කමකින් මුළු ජීවිතේම ගිල ගත්තා වගේ දැනුනා. හොස්පිටල් එකේ ඇඳේ තාත්තා නිහඬවම හුස්ම දුවේ කියලා අත් හැරලා ඇස් බාගෙට පියාගෙන මම එයි කියලා බලන් ඉඳලා වාගෙයි ඒ දවසේ තාත්තව ගෙදර ගේන්න ගියාම දැනුනෙ. ජීවත් වෙද්දී 3-4 පාරකට වඩා තාත්ත වැඳලා නැති මම, තාත්තාව වහලා උන්න සුදු රෙද්ද ඈත් කරල නිහඬවම නිදන් උන්න තාත්තාගේ කකුල් දෙක අල්ලන් අවසාන වතාවට වඳිද්දී, වෙනදාට ඔලුවට අත් දෙක තියලා ආශිර්වාද කරන තාත්තා නොපෙනුණත් එදා මට ආශිර්වාද කරන්න ඇති. තාත්තා නැති බව විශ්වාස කරන්න තාමත් හිත සූදානම් නැති උනත් තාත්තා ඉද්දී ඒ දැනුන මහා රූස්ස ගහකින් වගේ ලැබුණු ඒ ආරක්ෂාව, මගේ හෙවනැල්ල වගේ මා වෙනුවෙන්ම ජීවත් උන ඒ හයිය නැතුව මාරම අසරණ වෙලා කියලා දැනෙනවා අභී. මේ සින්දුවෙන් මට කියන්න නොතේරෙන ඒ මගේ අසරණ කම ඔයා හරියටම ගයනවා. ගොඩාක් රිදෙනවා මේක අහද්දී අභී. මට ලියාගන්න කියාගන්න බැරිවුණ ගීයම ඔයා හරි අපූරුවට ගයනවා. ස්තූතියි ඔයාට ❤ ආදරෙයි ❤

    • @suharshanidharmarathne6533
      @suharshanidharmarathne6533 3 หลายเดือนก่อน +9

      මම ත් ඔය ලිව්වෙ මගේ අත්දැකීම..😪

    • @tpiyumiharshani8406
      @tpiyumiharshani8406 3 หลายเดือนก่อน +1

      Matath 24/4/14 me musala davasa uda una, tama papuwe wedanava uhulanava, 🙏🙏🙏🙏🙏🙏🙏

    • @ThiliniWijerathne-pq9zz
      @ThiliniWijerathne-pq9zz 3 หลายเดือนก่อน +9

      මටත් තාත්තා නැති ජීවිතයක් තියෙන්නෙ.මගෙ තාත්තා දෙවියෙක්..කෙල්ලෙක් පුදුම අසරණයි තමන්ගෙ තාත්තා නැත්තං..මට හැමතිස්සෙම හිතෙන්නෙ මැරෙන්න තාත්තා ලගට යන්න

    • @hasali7554
      @hasali7554 3 หลายเดือนก่อน +2

      🥹 ඇත්තටම මේ වචන ...මට ඇඩුන 💔

    • @thilinilokugamage540
      @thilinilokugamage540 3 หลายเดือนก่อน +4

      ​@@ThiliniWijerathne-pq9zzA wage theerana kawadawath ganna EPA. API hamotama mehema Dawasak enawa dear .API a aththata muhuna denna hitha hadagannama one...Oya thaththata adare karana tharamatama ,thaththa kohe ho idan balala sathutu wena widiyata jeevath wenna.bs!

  • @dineshamalshani4806
    @dineshamalshani4806 3 หลายเดือนก่อน +28

    දෙවියනි තත්පර හැටකට
    තාත්තාව ගෙනත් දෙන්න..... 🙏🙏 😭
    එක දිගට තාම අහනවා... ලස්සනයි

  • @diludeshi7482
    @diludeshi7482 3 หลายเดือนก่อน +15

    තාත්තා කියන වචනෙ ඇහෙද්දිත් ඇගේ හිරිගඩු පිපිලා ලේ රත් වෙන තරමටම මට මගෙ තාත්තව දැනෙනවා🥺❤️මං එයාගෙ එකම දුව එයා තමයි මගෙ හැමදේම අනේ නිදුක් නීරෝගිව මගෙත් ආයු අරන් එයා ජීවත් වෙන්න ඕනි🙏 සිංදුව ගැන කියන්න වචන නෑ අභී 👌❤️🌹

  • @Bpositiveplus
    @Bpositiveplus 3 หลายเดือนก่อน +13

    සින්දුවට වගේම හැම ආදරණිය comment එකකටම ඇස් දෙකට කදුලු ආවා… ආදරෙයි තාත්තේ ❤

  • @nimnakavishani387
    @nimnakavishani387 3 หลายเดือนก่อน +27

    මේක මට අහන්න බෑ අභී අහන්න බෑ. කැම්පස් එන්න සතියක් තියලා නැති උනේ මගෙ තාත්තා. දැන් අවුරුදු තුනක්. මේ සිංදුවෙන් තනිකරම කියවෙන්නේ ඒ වේදනාවල්. හැම මොහෙතෙම මතක් වෙන තාත්තා ගැන මෙහෙම සිංදු අහද්දි දරාගන්න අමාරුයි. අභී ඔයා සුපිරි චරිතයක්.

  • @sathsarani.
    @sathsarani. 3 หลายเดือนก่อน +11

    අභී..❤
    මගේ පවුලේ 4 දෙනෙක් හිටියා. ඒත් දැන් ඉන්නේ මමයි මගේ අප්පච්චියි විතරයී.. අනිත් අය එයාලගේ කැමැත්තට යන්න ගියා.. මට මගේ අප්පච්චි විතරක් ඉතුරු උනා.. අම්මාලා වෙනුවෙන් කවදාවත් මගේ ඇස්වලට කදුලු ඇවිත් නෑ. හැබෙයි අම්මා කෙනෙක් නැති නිසා මං අඩලා ඇති ඕනි තරම්. මගේ අප්පච්චිව නම් මතක් උනත් ඇඩෙනවා මට. මගේ අප්පච්චි අදාටත් මාව තනි නොකර මං වෙනුවෙන්ම ජීවත් වෙනවා ලොකූ වේදනාවක් හිතේ තියන්. මගේ අප්පච්චි තරම් රත්තරන් අප්පච්චි කෙනෙක් මං කොහෙවත් දැකලා නෑ. අභී මට තාමත් ඔයාගේ concert එකකට එන්න බැරි උනා. හැබෙයි කවදාම හරි එනවා මං. මං එක පාරක් සිරීපාදේ ගිහින් තියනවා. ඒ ගියෙත් මගේ අප්පච්චිගෙ අත අල්ලන්. බහින්න අමාරු වෙනකොට මං ආවේ අප්පච්චිගේ කරේ.. මට අවුරුදු 22 යි තාම. මට පුලුවන් හැමමොහොතකම මං අප්පච්චිට සලකනවා. එයාගේ වැඩ කරලා දෙනවා. මං හිතනවා එයා නැති දවසක මං පසුතැවෙන එකක් නෑ.. මොකද මං එයාව මටත් ව්ඩා හොදට බලා ගන්න නිසා. හැබෙයි මට දරා ගන්න බැරි වෙයී අභී.. වේදනාව ඉවසගන්න නම් බැරි වෙයී.. එයා නැති දවසක මං හුගාක් තනිවෙයි.. ඇත්තමයී.. අප්පච්චි නැති දවසක් ගැන මං හිතන්නත් බයයී..
    ඔයා හරී අභී... ආදරෙයි නම් පරිස්සම් කරන්න ඕනී..❤

  • @nalanichithralatha929
    @nalanichithralatha929 3 หลายเดือนก่อน +9

    සුහර්ශනී ධර්මරත්න මහත්මියනි ස්තුතියි ඔබට මේ සුන්දර ගී රචනයට...අභිෂේකා ගේ හඬත් සමඟ හදවතට දැණුනා...💞💞💞💞

  • @dilankajayathilaka8407
    @dilankajayathilaka8407 3 หลายเดือนก่อน +27

    අභී ඒක දැනෙනවා ❤ මගේ තාත්තා යන්න ගිහින් අදට මාසයයි දවස් දෙකයි.කැම්පස් අවුට් වෙන්න මට තිබ්බේ දවස් හතරයි.ෆයිනල් ලියන්න හොස්ටල් ඉද්දී නංගී කෝල් කරා තාත්තාට මොකද්දෝ වුනා කියලා. ඒ කෝල් එක එන්න කලින් මට යාලුවෙක් කෝල් කරා අපේ හොදම යාලුවෙක් නැති වෙලා කියලා. ඉතිම් මං ඇත්තටම සුදු ඇදුමුත් බෑග් එකේ දාන් ආවේ ඒ යාලුවගේ මලගෙදර යන්න, මොකද නංගී කෝල් එකට පස්සේ ආයෙමත් මට ආව කෝල් එක්කින් කීවේ තාත්තා දැන් හොදින් කියලා නිසා...ඒත් ඇත්තටම මට එන්න වුනේ 😔 ඉතිම් කැලණි ඉදන් නුවරට එනකම් මං ආව ගමන තමයි මං ආපු අමාරුම ගමන...හිත කීවෙම ගෙදර සුදු කොඩි නම් තියෙන්න එපා කියලා..හැමෝම මං එනකම් තාත්තා ට දැන් හොදයි එයා හොදින් කියලා කීවා ඒත් වෙනදා දැනුන්නැති මූසල හැගීමක් මට දැනුනා.අනේ ඇත්තටම මං ආවේ බස් එකේ හිත පැහී පැහී...ගෙදර එද්දී සුදු කොඩි අපේ ගේ ගාව තිබුනා..එයා හැමදාම මං ගෙදර එනකම් හිනාවෙවේ බලන් ඉන්නවා මග.යනකොටත් පාර අයිනට වෙලා බලන් ඉදලා ගිහිම් කෝල් කරන්න කියනවා.එයා දැක්ක අන්තිම දවසෙත් එයාගේ ජීවීතේ යන්න කලිනුත් එයා කීව අන්තිම වචන ඒ...ඉතිම් මට ඕනී වුනේ උපාධි ලෝගුවයි උරමාලෙයි තාත්තාට පලන්දන්න...ඒ නිසාම එයාව ආයෙමත් ගෙනත් දෙන්න පුළුවන් නම්. එයාගේ හිනාව මේ තරම් ඉක්මනට නැති වෙයි කියලා දන්නවා නම් මං කවදාවත් එයා දාලා එදා යන්නේ නෑ..😪 තාත්තේ මං ආදරේ

    • @Nawo97
      @Nawo97 3 หลายเดือนก่อน +2

      අනේ තාත්තාලා ඒ කලු ලෝගුව ආදරේ තරම් නේද න්ංගි, ඕනම දුකක විදිනව ඒ වෙනුවෙන් , අපේ තාත්තාත් එහෙමයි 🥺

    • @sathsarani.
      @sathsarani. 3 หลายเดือนก่อน +5

      මේ ටික කියෙව්වලා ඉවර වෙනකොට මගේ ඇස්වල කදුලු..❤ ඔයාගේ ජීවිතේ සාර්ථක වේවා.

    • @dilankajayathilaka8407
      @dilankajayathilaka8407 หลายเดือนก่อน

      @@Nawo97 owww😔

    • @dilankajayathilaka8407
      @dilankajayathilaka8407 หลายเดือนก่อน +1

      @@sathsarani. බෝම පිං

    • @sathsarani.
      @sathsarani. หลายเดือนก่อน +1

      @@dilankajayathilaka8407 ❤️

  • @henryjayasinghe4726
    @henryjayasinghe4726 3 หลายเดือนก่อน +38

    මේ සින්දුව අහද්දි මේ කමෙන්ට් කියවද්දි මට ඇඩුනා.මං මේ කමෙන්ට් එක දාන්නෙත් තාත්තගෙ account එකෙන්.මගෙ තාත්තා නැති උනා මේ අවුරුද්දදෙ 1.31 රෑ 9.15ට .තාත්තා නැති වෙන්න විනාඩි 20කට විතර කලින් තාත්තව බලල මායි අම්මයි hospital ඉදන් ගෙදර ආවෙ.තාත්තාට කන්න කියල ගත්ත බත් එක අපි එදා ගෙදර අරන් ආව doctor තාත්තාට මුකුත් කන්න දෙන්න එපා කිව්ව නිසා.ඒ බත් එක අපි 4 දෙනා කාලා දිරවන්න වෙලාවක් ගියෙ නෑ දෙයියනේ hospital එකෙන් කෝල් එක ආවා.එදා මට දැනුන මාව නැවතුනා වගේ හැගීමක් .අදට ත් ඒ ගැන හිතද්දි මාව හිරවෙනව වගේ දැනෙනව.තාත්තා නැති උන වෙලාවෙ මං හුගක් ඇඩුව .ඒත් පහුවෙනිදා මිනිය ගෙනාව ම මං ඇඩුවෙනෑ .ඒත් ඇත්තටම මට හුගක් රිදුනා.😢
    මොන දේ උනත්,මොනදේ කලත් තාත්තා ව මතක් වෙනව හැමවෙලේම .මට අවුරුදු 19ක් තාත්තා ගෙ මහන්සියට ,තාත්තා හම්බකරපු සල්ලි වලට සාදාරනයක් කරන්න බලාගෙන මං මේ අවුරුද්දේ A/l ලියනව
    මං හරි ආදරෙයි තාත්තේ.❤ඒත් මට ඒක ඔයාට කියා ගන්න බැරි උනා😢

    • @NisansalaNilmini-el2vu
      @NisansalaNilmini-el2vu 3 หลายเดือนก่อน +3

      Atta riduna wadi unam minisunt adann kadulu na

    • @rashmichamathka2836
      @rashmichamathka2836 หลายเดือนก่อน +2

      හොදට එක්සෑම් කරන්න.ඔයාගෙ තාත්තා ඔයා දිහාම බලන් ඇති❤❤❤

  • @ravindusenevirathne2375
    @ravindusenevirathne2375 3 หลายเดือนก่อน +17

    සියලුම පියවරුන්ට උපහාරයක් වේවා ❤

  • @randiRJ
    @randiRJ 3 หลายเดือนก่อน +8

    තාත්තා කියන්නෙම ඉවර කරන්න බැරි ගීතයක් අපි ජීවිත කන්ද නගිනකම් අත් වැල් බැඳපු... දීර්ඝායු වේවා මගේ තාත්තා🥺❤

  • @nimeshasenavirathne2238
    @nimeshasenavirathne2238 3 หลายเดือนก่อน +9

    කිසිම දරුවෙක්ට පණ වගේ ආදරේ කරන තාත්තාවනම් නැතිවෙන්න එපා ගොඩක් අඩු වයසින් 🥺

  • @dineshamalshani4806
    @dineshamalshani4806 3 หลายเดือนก่อน +12

    අභී මේ වගේ සිංදුවක් කරාට ගොඩක් පිං 🥺 මට කියන්න තේරෙන්නෙ නෑ.අප්පච්චි අපිට නැති වෙලා අවුරැදු 12යි මාස 4යි දවස් 2යි අදට.හිත හදා ගත්තා නෙවෙයි ඉදිරියට යන්නම වෙන නිසා හිත හදා ගන්න උනා.එදායින් පස්සෙ ඒ නැති උන අඩුව තාම පිරැනෙ නෑ.මං දන්නවා ඒ අඩුව පුරවන්න කාටවත් බැරි වෙයි.තාමත් දුක හිතුනම මතක් වෙන්නෙ ඔයාවමයි.සතුටු හිතෙන දෙයක් උනත් එහෙමයි.දෙවියන් දුන්නොත් වරමක් මං ඉල්ලන්නෙ ඔයාවයි.මට අතීතයට යන්න පුළුවන් උනොත් මං ඔයා ගාවම ඉන්නවා.දුවෙක්ට කවදාවත් තාත්තෙක් අහිමි වෙන්න එපා.අප්පච්චි පුළුවන් නම් හීනෙන් හරි ඇවිල්ලා කියල දීලා යන්න ඔයා නැතිව ජීවත් වෙන්න.අවුරැදු 12 ගෙවුනත් තාම බැරි උනා ඒක හොයා ගන්න.ආදරෙයි මගෙ අප්පච්චි එදාටත් වඩා වැඩි වැඩියෙන් ආදරෙයි !!! අනේ උපදින හැම භවයකදිම ඔයා මගෙම අප්පච්චි වෙන්න.. හැබැයි ඒ කිසි භවයකදිවත් මේ වගේ මාව මගින් දාලා යන්න එපා... 😭

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 3 หลายเดือนก่อน +12

    නුඹේ අත්වැල ලෙහුණු දා සිට තාත්තේ බය හිතෙනවා
    අභී... ඔයා සබරගමුවෙ මට සමීපවම දැනෙන ගීතයක් සබරගමුවට කරලා තියෙන්නෙ.❤ හරියට ඔයාට වගේමයි මගේ ලොකුම හයිය ඒ. එයාගේ ලොකුම ආඩම්බරය මම. එයා මට අවු.21ක් වෙනකම් විතරයි අපි එක්ක හිටියේ. හොඳට ඉඳලා ලේසියකට අසනීප නොවුණ එයා අසනීප වෙලා අපිව තනි කරලා යන්න ගිහින්. මගේ ජීවිතේ ලොකුම කඩා වැටීම. මොකක් කළත් අනන්තවත් මට මතක් වෙනවා. අනේ මගේ රත්තරං අප්පච්චි අපි එක්ක හිටිය නම්. මා වෙනුවෙන් සතුට වෙන්න කියලා. ඉන්න තැනක ඉඳන් අපි දිහා බලාගෙන එයා අපේ ජීවිත එයාට පුළුවන් විදිහට අදටත් හරි ගස්සනවා කියලා මම අදත් විශ්වාස කරනවා.❤

  • @Dilhari_Yashobha
    @Dilhari_Yashobha 3 หลายเดือนก่อน +7

    මගේ රත්තරං තාත්තා තාම මගේ ලගින් වෙනසක් නැතුව ඉන්නවා..අපිට වගේම මගේ අක්කලාගෙ දරුවන්ට පවා අඩුවක් නැතුව ආදරේ දෙන්න එයාට ආදරේ කොහෙන් උනනවද මන්දා..මගේ තාත්තා නැති දවසක් ගැන හිතන්නවත් මං හරි බයයි..මගෙ ආයුශත් අරගෙන මගේ රත්තරං තාත්තා නීරෝගීව ජීවත් වෙන්න ඕන ❤️

  • @supunchathuranga9415
    @supunchathuranga9415 3 หลายเดือนก่อน +5

    සිරිපතුල උඩ නළල තියලා
    නුබේ පා යුග වදිනවා.🌼🤍
    අභී ❤ මහ ගොඩක් 🙂

  • @hansi1148
    @hansi1148 3 หลายเดือนก่อน +5

    පෑරුණු තැන් සුව කරන්න
    තව ගව් දාහක් දුවන්න
    දෙවියනි තප්පර හැටකට
    තාත්තාව ගෙනත් දෙන්න...🥺❤️
    අදටත් පුරවන්න බැරි ඒ හිස්තැන....ආදරෙයි මගෙ තාත්තේ ගොඩාක් 🙏💖
    අභී ඔයා හැමදාමත් මේ හිතේ ගැස්ම වැඩි කරනවා...ඔය තාලෙට ඔය හඬට ඔය රුවට අපි හැමදාමත් ආදරෙයි 🥺❤️

  • @sakunisiriwardhana412
    @sakunisiriwardhana412 3 หลายเดือนก่อน +4

    දුවෙක්ගේ ජීවිතේ නිහඩ
    ආදරවන්තයා,වීරයා තාත්තා නම් විය...

  • @rithmisewwandi6448
    @rithmisewwandi6448 3 หลายเดือนก่อน +8

    නුඹේ අත්වැල ලෙහුණු දා සිට
    තාත්තේ බය හිතෙනවා.........
    ඉවසන්න බෑ දෙයියනේ ඒ වේදනාව....අනේ මගේ තාත්තා ආරක්ෂා වේවා 🥺🙏

  • @theartworldsrilanka649
    @theartworldsrilanka649 3 หลายเดือนก่อน +9

    ඇයි ඔච්චර වචන වලින් හිත පාරන්නේ♥

  • @Hashi_____iii
    @Hashi_____iii 3 หลายเดือนก่อน +12

    මටනම් මගේ තාත්තා නැති ලෝකයක් ගැන හීනෙකින්වත් හිතන්න බෑ 😭😭😭
    අනේ දෙවියනි මට මගේ තාත්තා ආරක්ෂා කරලා දෙන්න 😭❤️

  • @navodyaathukorala3981
    @navodyaathukorala3981 3 หลายเดือนก่อน +6

    තාත්තා කියන්නේම ලෝකයක් 🌍♥️

  • @dilanjanidealwis9083
    @dilanjanidealwis9083 3 หลายเดือนก่อน +4

    කඳුළු එනවා විතරයි, ලියන්න දේ ගලප ගන්න බෑ. 😢😢
    ආදරෙයි තාත්තණ්ඩී... 🧡🧡

  • @sudarshidd
    @sudarshidd 2 หลายเดือนก่อน +2

    සුහර්ශනී ධර්මරත්න අක්කගෙ ගී පද රචනය විශිෂ්ටයි. අපේ ඉස්කෝලේ - මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක් නිසාත් අපේ ගෙවල් කිට්ටුව සිටිය නිසාත් මම හරිම ආසාවෙන් අක්කගෙ නිසදැස් ඉස්සර පත්තරේ කියවනවා. 👏👏

  • @Janani_Chamodya23
    @Janani_Chamodya23 16 วันที่ผ่านมา +2

    මම තාම එක සැරයක්වත් සිරිපාදෙ ගිහින් නැ.තාත්තා මාව එක්කන් යන්න ඉදියෙ ගිය අවුරුද්දෙ මැයි මාසෙ.ඒත් තාත්තා ඊට කලින් මාසෙ අපිව දාලා යන්න ගියා.තාත්තව ගොඩක් මතක් වෙනවා.එයාගෙ හීනෙට මන් වැඩ කරන් යනවා.ආදරෙයි තාත්තේ ❤️

  • @dhananjajayarathna873
    @dhananjajayarathna873 3 หลายเดือนก่อน +11

    නුඹේ අත්වැල ලෙහුණ දා සිට තාත්තේ බය හිතෙනවා 🥺🤍

  • @chathurikamunasingha1452
    @chathurikamunasingha1452 3 หลายเดือนก่อน +12

    මේ සිංදුව ටිකක් අහනකොට ඒක නවත්තලා අප්පච්චි ට කෝල් කලා...හිතට බයක් වගේ දැනුනා...මේ ගීතය එතරම්ම සංවේදී....අභීගෙ කටහඬ ට පුලුවන් හිතක් රිද්දන්න ...දුවෙක් ගෙ හයිය තමයි අප්පච්චි ....අප්පච්චි නැති හැම දුවෙක්ටම මේ ගීතය මහ දුකක් දනවනව අභී...ඒ දුවලගෙන් කෙනෙක් ඔයත්...💔මේ ගීතයෙන් අපි ඒ දුක තුනීකරගමු....

    • @AruniFernado
      @AruniFernado 3 หลายเดือนก่อน +1

      Ehema katha karanna hithila no eka dial karanna yaddi e no eka aye wada Karan na kiyala mathak una.😢

  • @Lasibaba1223
    @Lasibaba1223 3 หลายเดือนก่อน +3

    මගේ තාත්තත් මාව වැන්දෙවුවා පොඩ් කාලේ...දැනට 9 වතාවක් මං දැන් එයාව වන්දනවා ගොඩක් පිං මගේ තාත්තටත් එයත් 28 වතාවක් වැදලා තියෙනවා දැන් නම් අමාරුයි එයාට ❤❤තාත්තලා ගැන ලියපු හැමෝගෙම හිත් වල දුක තූනී වේවා....හැම තාත්තෙකුටම බුදු සරණයි❤❤❤

  • @user-oc8ne4vt3h
    @user-oc8ne4vt3h 3 หลายเดือนก่อน +3

    අභී හිත් වලට කොහොමද මේම දැනෙන්නම කියන්නෙ ❤❤❤❤, මේ වාරේ තාත්තා එක්න කරුණා කරපු හැටි මතක් උනා 😢😢😢, මාවා වත්තන් කරගෙන ගියෙ මගෙ තාත්තා , තාමත් මගෙ ඇස්වල කඳුලු අභී .....❤

  • @kasunimadushani7200
    @kasunimadushani7200 3 หลายเดือนก่อน +3

    ජිවිතේ අහිම වීමේ දුක කියල මොකක්ද එකක් හිතන් හිටිය... මගෙ තාත්ත නැති වුනේ ගිය අවුරුද්දෙ... මට තාම හිතාගන්න බෑ වුන දේවල්... එයාට dementia තිබුනා... ඒත් එයාගෙ කෑම කන එක බෙහෙත් බොන එක නාල පිරිසිදුව ඉන්න එක ඒ දේවල් අකුරටම කරනව.... අපි වැඩි හොදට බෙහෙත් අරන් දෙන්න ගියා... එකෙන් පස්සෙ තාත්තව ටික ටික අඩපන වුනා... මගෙ තාත්ත වෙනුවෙන් කරන්න ගොඩක් දේවල් හිතේ තිබ්බ... ඒ එක දෙයක්වත් කරගන්න වුනේ නැහැ... ඊයෙත් මම හිනෙන් දැක්ක එයාව මම අපේ ගෙදර එක්කන් ඇවිත් එයා සනීප වෙලා ඇවිදිනව.... මගෙ හිත මට හදාගන්න මේ වුන දේ පිලිගන්න බෑ තාම.... මාස 2ක් ඇතුලට හොදට හිටපු මගෙ තාත්තව හොරු අරන් ගියා... 🥺 අහිමිවීමෙ දුක කියන එක හරියටම තේරෙන්නෙ දැන්.... කවදාවත් හිත හදාගන්න පුළුවන් වෙයි කියල හිතෙන්නෙ නැහැ... පාරක තාත්තගෙ වයසෙ කෙනෙක් දැක්කත් ඇඬෙනව

  • @Sandaliruwangi2505
    @Sandaliruwangi2505 หลายเดือนก่อน +2

    අභී,මේක ඔයාට ලියන්නෙ ගොඩක් හිත රිදුනු වෙලාවක.නිකමට ආයෙ මේ සින්දුව අහන්න හිතුනා.ඒත් අනිත් අයට වගේ තාත්තගෙ ආදරේ මතක් වෙලා නෙමෙයි.සමහර අය මට තාත්තා හිටියනම් කියල හිතද්දි මට තාත්තෙක් හිටියෙ නැත්තම් කියල හිතුනු වාර අනන්තයි මට.තාත්තා කියන චරිතය නිසා මගෙ ජීවිතෙ මම අඩපු දවස් ගොඩක් තියන නිසා මම ඒම හිතන එක සාධාරණයි කියල මම හිතනවා.ඒත් මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි.ඒත් මගේ තාත්තට බැරිවුනා අභීගෙ තාත්තා වගේ ආදරනීය කෙනෙක් වෙන්න.මම හිතන්නෙ මම වගෙ ගෑනු ලමයෙක්ට මගේ තාත්තා වගෙ තාත්තල හම්බෙන්න එපා කියලා.ජීවිතෙ එපා වෙන්න.කඩන් වැටෙන්න ඒක හේතුවක් වෙයි.මම අභී කියල ලිව්වෙ මම ඔයාට නැතත් ඔයාගෙ කලාවට ගොඩක් සමීප නිසා.මම මාව සනසගන්නෙ,තව තව රිද්දගන්නෙ ඔයාගෙ කලාව ඇතුලේ ජීවත් වෙලා
    ඉතින් හැම කෙනෙක්ගෙම අතින් තාත්තා ගැන ඕම වචන ලියවෙන්නෙ නැ.අභී තරම් මම වාසනාවන්ත නෑ.හැමෝගෙම කතා එක වගෙ නැ

  • @NiroshaniAdhikari
    @NiroshaniAdhikari 3 หลายเดือนก่อน +3

    අනේ මේ මටම කියපු සින්දුවක් කියලා හිතෙන වාර අනන්තය මගේ තාත්ති නැතිවෙලා තාම මාස තුනක් නිසා මේ සින්දුව මගේ හිතට හරි බරයි අක්කී....

  • @diliks5471
    @diliks5471 3 หลายเดือนก่อน +2

    තාත්තා නැති දුවෙක්ට මොනවා ලබුනත් හැමදාම හදවතේ හිස් තැනක් තියෙනවා.

  • @user-ir4pt9sp3v
    @user-ir4pt9sp3v 3 หลายเดือนก่อน +9

    නුබේ අත්වැල ලිහුනු දා සිට තාත්තේ බය හිතෙනවා 🥺

  • @udenikumarasingha
    @udenikumarasingha 3 หลายเดือนก่อน +3

    දෙවියනි තත්පර හැටකට තාත්තාව ගෙනැත් දෙන්න ..දුවෙකුට මේ වේදනාව තරම් දරාගන්න බැරි වේදනාවක් තවත් නෑ..මේ වෙනකොට මමත් ඒ වේදනාව තුල හිර වෙලා ජීවත් වෙනවා. අපේ හුස්ම ටික නැති වෙන තෙක් තාත්තාගේ අහිමි වීම තුල දුවලා දැවෙමින් ජීවත් වේනවා..මගේ අප්පච්චිට වගේම අනිත් හැම පියෙකුටමත් නිවන් සුව ලැබේවා 🙏 😢❤

  • @koshilabandara4409
    @koshilabandara4409 3 หลายเดือนก่อน +2

    බැදීම් දුකක් අනේ...පුලුවන් තරමින් බැදීම් වලින් ඈත්වෙන්න ඕන අමාරුවෙන් හරි.නැත්තම් මේ වගේ සින්දු අහන්නත් බැහැ ඇඩෙනව!!!

  • @pradeepachandani3969
    @pradeepachandani3969 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි..මගෙත් හදවතේ කොටසක් හිස් උනා .තාත්තා නැති දා ඉදන් ❤️❤️❤️

  • @asiripiyarathne9057
    @asiripiyarathne9057 3 หลายเดือนก่อน +4

    සුහර්ෂනී මැඩම්ගෙ පද පේලි අපි දහස් වර අහල දැකල තියෙනවා, ඒත් ගීතයක් විදියට අහන්න ලැබුනාම හරි සතුටුයි .හරිම ලස්සනට හිත පතුලටම දැනෙන්න ගයන්නත් සංගීතය මුසු කරන්නත් පුලුවන් වෙලා තියෙනවා. දායක උන හැමෝටම ස්තූතියි

  • @yathura5461
    @yathura5461 3 หลายเดือนก่อน +8

    මතකයේ රැදුණ කවියක් හඬක් වුණාම පිරිත් ස්වර ඇහෙනවා 🥹❤🙏

  • @chethanidinuthika1984
    @chethanidinuthika1984 3 หลายเดือนก่อน +6

    ඇත්තමයි ඔයා නැති දවසකට මන් හරි බයයි තාත්තෙ 😢

  • @kanchana3107
    @kanchana3107 3 หลายเดือนก่อน +8

    අභී....
    මම අහන්න බයෙන් අහන්නේ නැතිව හිටියේ.
    අපේ තාත්තා අපිව දාලා ගියේ මේ අප්‍රේල් 27. 26 රෑ කාලා හොදට හිටිය මගේ තාත්තා. කවදාවත් මට ලෙඩක් කීවේ නෑ. අපි බොරු වියදම් කරනවා කියලා. එදා මට බය.... හිතුනා. මහා රෑ ඉදලා පහුවදා එළිය වැටෙනකල් ගමෙන් නුවරට හොස්පිටල් 3 කට මම ගියා.....27 උදේ 10 පහුවෙද්දී ගහක් ගලක් වගේ හිටිය මගේ තාත්තා ගියා. මම හිතුවේ බොරුවකි කියලා. හොස්පිටල් එකම දෙවනත් කරා. ඩොක්ටර් වැදලා බේරාගන්න කීවා. අද මේ දැනුත් දැනෙන්නේ නෑ එයා යන්නම ගියා කියලා...සතෙකුටවත් හිංසාවක් කරපු නැති කිසිම කෙනෙක් එක්ක තරහක් නැති පොදි ගහලා මසුරුකම් නැති කොහේ ගිහින් මොනවා කෑවත් අපිට ගෙනාව.... විහිලු කරලා විනෝදෙන් අපිත් එකක් සිංදු කියලා නටලා හිටිය මගේ තාත්තා... මතක් වෙනවා හුස්ම වැටෙන ගානටම.... බුදුබව අත්වෙන්න ඕන මගේ තාත්තාට!

    • @sathsarani.
      @sathsarani. 3 หลายเดือนก่อน

      🥺❤️

  • @thilankadulanjaleehewage1206
    @thilankadulanjaleehewage1206 3 หลายเดือนก่อน +3

    කොහොම අහන් ඉන්නද නොදැන අඩ අඩා අහනවා.. රිදෙනවා හිතේ යටම තැනට වෙනකන්... අම්මා ගිය දවසේ ඉදන් එකම පිහිට එකම හයිය තාත්තා ... නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ මගේ තාත්තා වගේම හැම තාත්තා කෙනෙක්ටම..❤🙏❤️🙏❤️🙏❤️

  • @imanganethmini5820
    @imanganethmini5820 3 หลายเดือนก่อน +11

    තාත්තා ළඟ නැතුව ගෙවෙන දුවෙක්ගෙ ජීවිතේම විනාඩි 4කින් නිර්වචනය කරා වගේ හැගීමකින් ඇස් ගොඩාක් තෙමුණා අභී 🥺❤️
    ජීවිතේ දුක සතුටු තැන් ඔක්කොම මැදින් තාත්තාගෙ සුවද එක්ක අමාරුවෙන් හරි ජීවිත කන්ද තරණය කරන දුවෙක්ව.... මීදුම අතරින් ලස්සනට පෙනුනා ❤️ මගේ තාත්තා ඇතුළුව දූලගෙ ජීවිත ජීවිත් කරන ආදරණීය තාත්තලාට මේ ගීතය උපහාරයක්ම වෙන්න ඕනි ❤❤️

  • @kesharasiriwardhana1538
    @kesharasiriwardhana1538 3 หลายเดือนก่อน +3

    හරිම හැඟුම්බර නිර්මාණයක්....හිතට ගොඩාක් දැනෙනවා.......😢😢😢

  • @priyalfernando880
    @priyalfernando880 3 หลายเดือนก่อน +3

    තාත්තා අපේක්ෂා රෝහලේ නැවතුණ දා ඉන්දලා මට අපේක්ෂාව ගෙදර වුණා. තුන් වේලම තාත්තව බලන්න ගිහින් හිත හදාගන්න තාමත් උත්සාහ යක යෙදෙනවා ....

  • @thakshinuwarapaksha4830
    @thakshinuwarapaksha4830 3 หลายเดือนก่อน +3

    මිල කරන්න බැරි වචන.
    තාත්තා... !!❤

  • @shashendrawickramaarachchi2256
    @shashendrawickramaarachchi2256 3 หลายเดือนก่อน +2

    අම්මෝ අභී...
    අහන්න කම්මැලි හිත හිත ඉඳල ඇහැව්වෙ . ඇඬුන වචනයක් ගානටම. 😢

  • @santhanimal7675
    @santhanimal7675 3 หลายเดือนก่อน +2

    හැමවාරෙකම සිරීපාදෙ ගියා තාත්තාත් එක්ක ඒ අත්දෙකේ හිතේ ශක්තිය තමයි මටත් දුන්නෙ ❤, මන් දන්නෙ නෑ තාත්තා නැතිව මන් සිරීපාදෙ යාවිද කියලවත් මහගිරිදබේ පෙදෙසෙදි පාන්දර සීතලක් හැදිල එයාගෙ ජැකට් එක පවා මගේ ජසියට උඩින් දාල හිත ශක්තිමත් කර ගනිම් පුතේ කිව්ව අදටත් මතකය් ඉතිම් මේ සින්දුව අහන්නෙ කොහොමද අඩන්නෙ නැතුව 😢, මගේ තාත්තට වගේම මේ ලොකේ හැම තාත්ත කෙනෙක්ටම තෙරුවන් සරණයි ❤ සුමන සමන් දෙවි පිහිටයි 🙏 දීර්ඝායුෂ ලැබේවා 🌹♥️

  • @kesharasiriwardhana1538
    @kesharasiriwardhana1538 3 หลายเดือนก่อน +2

    මගේ අප්පච්චිත් නැතිවෙලා දැනට අවුරුද්දක් වෙන්න එනවා..එයා නැති උනෙත් මගේ ඉස්සරහම..එතකොට මං ප්‍රෙග්නට් වෙලා මාස පහයි...ඒ දරාගත්ත දුක මේ ලෝකේ කාටවත්ම දැනෙන්න එපා...ජීවිතේට තාත්තා අම්මා කියන අයව අපෙන් ඈත් නොකර තියෙනවා නම් කොච්චර දෙයක්ද..ගොඩාක් ස්තූතියි මේ නිර්මාණයට...❤❤❤❤❤

  • @lihinisemindi8726
    @lihinisemindi8726 3 หลายเดือนก่อน +2

    මාරම ලස්සන සිංදුවක් , ඊළඟ සිරිපා වරෙදි කරුනාකරනකොට අනිවාරෙන් මේ සිංදුව මතක් වෙනවා.❤❤❤❤❤

  • @sanjaharinakshi5965
    @sanjaharinakshi5965 3 หลายเดือนก่อน +3

    නිහඩවම ආදරය පෙන්වන එකම කෙනා❤
    තාත්තා❤❤❤

  • @aroshasashinindu
    @aroshasashinindu 3 หลายเดือนก่อน +3

    මගේ අභි ගේ තවත් ලස්සන ආදරණීය නිර්මාණයක් 🥺❤️

  • @dilkimadushani1620
    @dilkimadushani1620 3 หลายเดือนก่อน +3

    මේ සින්දුව සියලු පියවරුන්ට උපහාරයක්ම වේවා 🙏🙏❤️❤️

  • @devindimadhubawani2571
    @devindimadhubawani2571 3 หลายเดือนก่อน +2

    මට මග හැරුනු ඔහුව නැවත මතක් කර දුන්නාට ස්තූති අභී.

  • @UmandiJayathilaka
    @UmandiJayathilaka 3 หลายเดือนก่อน +3

    වෙන තාත්තලා ලමයි එක්ක සිරීපාදෙ යද්දි ,අනේ මටත් හිටියා නම් මාත් මෙහෙම යනවා නේද හිතුණා....ඉතිම් ඒක සිතුවිල්ලක් ම උනා... නුබේ අත්වැල ලිහිණු දා සිට...අම්මා අත්වැල තද කරා තාත්තේ...❤

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 3 หลายเดือนก่อน +2

    අභී,තාත්තා කියන්නේ කියවලා ඉවර කරන්න බැරි දිග රචනාවක් ...ලස්සන හැගීමක් එක්ක දැනෙන පිය සෙනෙහස දනවපු ඔයාට පින්..❤❤❤❤❤❤

  • @rashmichamathka2836
    @rashmichamathka2836 หลายเดือนก่อน +1

    අභී❤ ,
    මට මෙහෙම කිසිම ගීතයක් මෙහෙම දැනිල නැ.ඒත් ඔයාගෙ හැම ගීතයක්ම මට මාර විදිහට දැනෙනවා.

  • @Kasuriperera
    @Kasuriperera 6 วันที่ผ่านมา

    Mage tathtata neerogi bhawaya labenna one tawath apith ekka jeewath wenna...budu saranai mage taththe❤❤

  • @LITTLEHISTORYCLASS24
    @LITTLEHISTORYCLASS24 3 หลายเดือนก่อน +13

    මං මුලින්ම මේ කවිය අහන්නෙ සිහිනයකි රෑ වැඩසටහන හරහා..සුහර්ෂිණී ධර්මරත්න රාජ්‍ය සම්මානලාභී කිවිදිය විසින් ඇගේ මේ කවිපෙළ විස්තර කරද්දි..එදා ඇයත් එදා සින්දු කියන්න ඇවිත් හිටපු සුනීරත් ගායිකාවත් ගොඩක් ඇඩුවා..මේ වචන වල තියෙන ලස්සන අරන් සින්දුවක් බවට පත්කළාට අභී අක්කාට ගොඩක් ස්තූතියි..මේ සින්දුව අහද්දි නිර්මාණයේ තියෙන විශිෂ්ඨ බව ගැන කියන්න වචන නැහැ..ඒ වගේම ආඩම්බරයි..ඔබලා හැමෝම පිළිබදව..නිහතමානී ආඩම්බරයක් තියෙනවා මැණිකේ ආච්චිඅම්මා ඔයා ගැන සුහර්ෂිණී ධර්මරත්න වැනි රාජ්‍ය සම්මානලාභී කිවිදියක් ඉන්න පවුලක මම ඉන්න එක ගැන..ඉතින් සුබ පැතුම්..❤️

  • @dilhanisilva6
    @dilhanisilva6 3 หลายเดือนก่อน +3

    මගේ තාත්තා නැතිවෙලා මාස 4ක් එයා මගේ මුලු ජිවිතේම අම්ම නැති උනාට පස්සේ අක්කවයි මාවයි පරිස්සන් කරේ තාත්තා .අපි කසාද බැදල ලමයි හැදුවත් එයාට හැමදාමත් මම එයාගේ පොඩි දුව.අදටත් මම මැරෙනකම්ම ඔයාට ආදරෙයි මගේ තාත්තේ .මේ සිංදුවෙන් ඔයා අපිව සිරිපාදේ එක්කන් ගිය හැටි මතක් උනා තාත්තේ .අහී ඔයානම් කියන්න වචන නෑ ඒ තරම් හිතට දැනුනා

  • @dilkaravihara7459
    @dilkaravihara7459 3 หลายเดือนก่อน +2

    කදුලු බේරි බේරි කවියක් විදිහට අහපු සුහර්ෂණී ටීචර්ගෙ හරිම ආදරය කරන වචන ටිකක්❤ සින්දුවක් වෙලා
    ආසම හඩින් ඇහෙනකොට❤🥺
    හදවතේ පතුලටම දැනෙනවා අභී💫
    ආදරෙයි👌❤

  • @ashininilanjika2697
    @ashininilanjika2697 3 หลายเดือนก่อน +3

    මාවත් ඉස්සරලාම සිරීපාදේ එක්කන් ගියේ මගේ තාත්තා . සීරීපාදේ යන හැම පාරම ඒක ලස්සන චිත්‍රයක් වගේ මතක් වෙනවා ❤🥺

  • @NethsriChamathkamadhuwanthi
    @NethsriChamathkamadhuwanthi 3 หลายเดือนก่อน +1

    තාත්තලා දරුවන්ගේ ආදරෙන් පිරිලා තියෙන මේ තැන ඒ කිසිවක් නොමැති මම අසරණ වෙලා සත්තකින්ම 💔❤️

  • @dinethmatharushi9527
    @dinethmatharushi9527 3 หลายเดือนก่อน +8

    සුහර්ෂනි ධර්මරත්න ටීචර් පේරාදෙණිය university එකට ආපු වෙලාවක එයා මේ කවිය කියද්දිත් එයාට ඇඩුනා.අභීගෙ හඩින් මේ ගීතය පණ ලබලා

  • @Janu-my4rq
    @Janu-my4rq 2 หลายเดือนก่อน +1

    අභී..
    තාත්තා කියන වචනය අමුතුයි,
    දැනෙනවා😊❤

  • @DhammikaRathmalduwa
    @DhammikaRathmalduwa 3 หลายเดือนก่อน +1

    සමහර සිංදු වලට පුලුවන්
    අතීතේ මතක ඇස් පනාපිට මවන්නත්
    අනාගතේ ගැන මහා පරිකල්පනයක් ඇස් පනාපිට මවන්නත්
    ඒ මැවීම කොච්වරද ප්‍රබලද කියනවනම්
    ඇස් වලට දරාගන්න බැරි තරම් ලුනු රස වතුර මූන දිගේ බේරිලා බිම වැටෙනවා .....
    Best song ever

  • @Randika_i77
    @Randika_i77 2 ชั่วโมงที่ผ่านมา

    තාත්තා කියන්නේ ආගමක්. ❤

  • @liyanagemadusanka7096
    @liyanagemadusanka7096 3 หลายเดือนก่อน +2

    ඒ දුර දවස එක ම එක පාරක් වෙනස් කරන්න පුලුවන් නම් අදටත් මන් සතුටින් ඇති ඒ ජිවිතේ ලස්සන ම පාර කියලා දිපු මගේ තාත්තා නිසා හැම සසරම පතන්නේ එවන් පියකු සෙවන ලබන්න කියලා ආදරෙයි තාත්තේ හැමදාමත්

  • @sachinikavindya4608
    @sachinikavindya4608 3 หลายเดือนก่อน +2

    නුඹේ අත්වැළ ලෙහුණු දා සිට තාත්තේ බය හිතෙනවා ❤️🥺

  • @maneeshasewwandi7681
    @maneeshasewwandi7681 3 หลายเดือนก่อน +2

    සිරි පතුල උඩ නලල තියලා
    නුබේ පා දෙක වදිනවා❤

  • @srimathiliyanage8721
    @srimathiliyanage8721 3 หลายเดือนก่อน +1

    A beautiful song. Lyrics are excellent. Marvellous metaphor is used. Congratulations all of you!

  • @ishankaabeysingha2463
    @ishankaabeysingha2463 17 วันที่ผ่านมา +1

    තාත්තේ මම තුංග සමනොළ කන්ද තනියම නගිනවා... 🖤

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 3 หลายเดือนก่อน +2

    අපේ ටීචර් ලියපු ගීයක් ..හරිම ලස්සනයි ..

  • @nipunikawindhya860
    @nipunikawindhya860 3 หลายเดือนก่อน +1

    අභී, හදවතම හිරිවැටිලා දැනුණා 🥹❤

  • @hasithmadushani5224
    @hasithmadushani5224 3 หลายเดือนก่อน +1

    මට යන්න බෑ මට නගින්න බෑ කියද්දී නෑ ඔයාට පුළුවන් චූටි අපි නගිමු කියලා මගේ අතෙන් අල්ලන් උඩ මලුවටම එක්කන් ගියේ මගේ රත්තරන් තාත්ති 🌍❤️ තාත්තගේ හයිය අපි හැමදාම ඉහලටම ගෙනියනවා.මටත් වඩා ඒ ශක්තිය මට විශ්වාසයි.😘💙මගේ තාත්තේ දීර්ඝායූ ලැබේවා...!!! ඒ වගේම ලෝකේ ඉන්න හැම තාත්තා කෙනෙක්ටම දීර්ඝායූ ලැබේවා...!🌹💙

  • @k.mravindi269
    @k.mravindi269 23 วันที่ผ่านมา +1

    නුඹේ අත්වැල ලෙහුණු දා සිට තාත්තේ බය හිතෙනවා ❤
    තාත්තේ .... මම තුංග සමනොළ කන්ද තනියම නගිනවා

  • @wathminuwandika1100
    @wathminuwandika1100 3 หลายเดือนก่อน +1

    දියණියකට සෙනහස, රැකවරණය, ආරක්ශාව, ආදරය කාටත් වඩා ලබාදෙන වචන වලින් නොපවසන හැම හැගීමක්ම තේරුම් ගන්න එකම පිරිමි ආත්මය තාත්තා... ❤
    ඒ වචන වලට ඔයාගේ හඩ එකතු උනාම වෙනදා වගේම හරි රහයි අභී...🥰🌷

  • @preethimalimaduwanthika2282
    @preethimalimaduwanthika2282 3 หลายเดือนก่อน +2

    නුඹේ අත්වැල ලෙහුණු දා සිට තාත්තේ බය හිතෙනවා..🥺❤️🥀.

  • @randiRJ
    @randiRJ 3 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අභී... කියාගන්න බැරි බර හැගීමක් හිතට දැනෙනව අහන් ඉද්දි❤

  • @anupamadilruwan7779
    @anupamadilruwan7779 2 หลายเดือนก่อน

    අභිගේ සින්දු අහන්න මන් බයයි..නිකන් අඬන්න වෙන්නෙ

  • @sandunipamodak2720
    @sandunipamodak2720 3 หลายเดือนก่อน +2

    මගේ අම්ම නැති වෙද්දි මට අවුරුදු 12යි මට සහෝදරයො නෑ තාත්තා තමයි මට අම්මත් තාත්තත් සහෝදරයත් උනේ ... අද එයා නෑ මාව දාල ගිහින් අවුරුදු 4ක්... ඒත් එයා මගේ හිතේ උඩින්ම ඉන්නව මට දැනෙනවා එයා මාත් එක්කම ඉන්නවා.. ආදරෙයි තාත්තේ.... හැම ආත්මෙකම මගේම තාත්තා වෙලා මන් ඔයාගෙම දෝණි වෙලා උපදින්න.. ❤❤❤❤❤❤❤

  • @gayanthikamalshani531
    @gayanthikamalshani531 3 หลายเดือนก่อน +1

    මගෙ රත්තරං තාත්තාට දීර්ඝායුෂ ලැබේවා!! ආදරෙයි එයාට....මගෙ හිතන පතන හැමදේම මගෙ ඉස්සරහා මවපු දෙවියො...තාත්තා ඔයා බුදුබව ලබන්න ඕනි.

  • @imashaperamuna6712
    @imashaperamuna6712 3 หลายเดือนก่อน +2

    තාත්තා ❤️

  • @SarathChandra-ot6wd
    @SarathChandra-ot6wd 3 หลายเดือนก่อน +4

    Suharshaneege කවි පෙළ ට උපරිම සාධාරණ යක් ඉෂ්ට කරලා තියෙනවා .බොහොම ලස්සනයි ..

  • @infochooti
    @infochooti 3 หลายเดือนก่อน +1

    ඉතා සංයමයෙන් අපේ හිත වෙන තැනකට අරන් ගියා. සෑහෙන දේවල් හිතන්න, අතීතය මතක් වෙන්න පටන් ගත්තා ඒ වචන වලින්....

  • @NethuGamage128
    @NethuGamage128 3 หลายเดือนก่อน +4

    Wow..... amazing ❤❤❤❤Abhiiii ❤❤❤❤ heart touching 🥺💖