අනිවාර්යයෙන් wibage tiyanna daruwonta terum karala denna oni a lamaige hitha hadanna oni. dan vibage manasikathwayen eth wela inne lamai eth nawatha wibage tibbat schoole ගුරුවරු ekathu wela lamaiwa goda ganiwi ...සාධාරණයක් wennanam අනිවාර්යයෙන් විභාගya tiyanna
Sar kiuwa කතාව hariyatama hari sa magee puthat liuwa newatha liyanna bee දරුවෝ asarana karanna ba api igana gaththe tiushan walin nowe mewa nathara karannama ona sar meka puduma karumayak sar
හදවතටම දැනුන කතාවක් .මගේ දරුවත් මේ පාර ශිෂ්‍යත්ව ය ලිව්වා.එයා ඉගෙන ගත්තෙ එයාගෙ පංති භාර ගුරුතුමිය ගෙන් විතරයි .ඒ නිසා සාදාරණව ලියපු මගේ දරුවා වගේ කී දෙනෙක් ඇතිද,ඒ වගේ දරුවන්ට උගන්නපු ගුරුවරුන්ටත් දරුවන්ට ත් සාදාරණය ඉටු කරන්න .
මගෙත් එහෙමයි ...ස්කෝලේ ගුරුවරු විතරමයි ඉගැන්වුයේ ...ඒයා බාහිර වැඩ ගොන්නක් කරපු ලමෙක්
මම පුලුවන් විදියට ගෙදර ඉඩ වෙලාව තියන හැටියට එයාට පේපර් සහ අමතර දැනුම මට පුලුවන් හැටියට දුන්නා...
13 වෙනිදත් එයා practice ගියා...
සෙනසුරාදා දවස මොකුත් නැති නිසා විතරයි පුතා ගෙදර හිටියේ
ශිශ්ෂත්ව පංති නම් නැවැත්විය යුතුමයි❤❤❤❤
මේක මහ රැල්ලක්
මුදලට යටවුණු ගුරුවරු දෙමව්පියෝ ටිකත් ඔවුන්ගේ සුරංගනා කතා වලට රවටගන 😢😢😢
සර් වගේ නොමිලේම දරුවන්ට ගුරුවරු න්ට ප්‍රණාමය ❤❤❤❤
ළමයින්ට ලමා කාලයක් නොදෙන තරමට ළමයි කාර්‍ය බහුල කරවනවා දෙමව්පියෝ
ඇත්තටම දරුවෝ පව්
😢😢😢
Mamath ehemai.ape daruwantath sadharanayak itu wenna one
මගේ දරුවත් එහෙමයි.😢
ඇත්තමයි සර්....ගොඩක් වටින පැහැදිලි කිරීමක්....මමත් ගුරුවරියක් ටියුෂන් නිසා අද පාසල් ගුරුවරයා කොපමණ මහන්සි වුවද එහි වටිනාකමක් එන්නෙ නෑ....අපේ පුතාගේ teacher මාරම කැපකිරීමක් කරේ ...උදේ 6.30ට පටන් ගෙන 9.00වෙනකන් අපේ දරුවන්ට ඉගැන්නුවා...මේ ප්‍රශ්නය ලගදිත් අපිට මාරම හයියක් වෙලා ඉදිරියෙන් ඉන්නවා...
ඒක ඇත්ත සර්...මම පොලොන්නරුවෙ අම්මා කෙනෙක්...අපේ දරුවන්ට උගන්නන්න අපේ පංති භාර ටීච කරපු කැප කිරීම අපමනයි...ටීචගෙ එක වසරෙ ඉන්න පුංචි දරුවා හවස 5 වෙනකම් ඉස්කෝලෙ..එයා මහන්සියට ඉස්කෝලෙ මේසයක් උඩ නිදා ගන්නවා..පොත් බෑග් එක ඔලුවට තියාගෙන..හරිම දුකයි දැක්කම....ටීච පහ වෙනකම් අපේ දරුවන්ට නොමිලේ උගන්වනවා...එතකොට ඒ ගුරුවරයට ගෙදර ගිහින් කරන්න මොන තරම් වැඩ ඇතිද.....ඉතින් ඒ ගුරුවරුන්ගෙ කැප වීමට සාදාරනයක් කෝ....
ඇත්තම කතාව සර්. ඔබේ පැහැදිලි කිරීම් ඉතා වටිනවා. වැරදි කරුවන්ට නිසි දඩුවම් ලැබේවා. අපේ අසරණ දරුවන්ට සාධාරණ යක් ඉටු කරන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා
හොඳම දේ තමයි මේ ටියුෂන් කියන කඩ ටික තහනම් කිරීම...
මගේ අදහසත් පාසල් ගුරුවරු මහන්සි වෙන බව ගොඩක් අය දන්නේ නෑ. ඒ නිසා tution මාෆියාව නැවත්වීමට චක්‍රලේඛය ඕනේ...
හිතට වැදුණු කතාවක් ,හිත මොහොතකට නතර උනා ගොඩක් දුර කල්පනා කරන්න පුළුවන් කතාබහක් ,අපි කොච්චර මුලාවකද ඉන්නේ ,ඇත්තටම අද ඉන්නේ teutons කඩ ගුරුවරු නෙවෙයි ගුරු මුදලාලිලා ,පාසලේ ඉන්න ගුරුතරු අපට අගේ නැහැ කොච්චර කැපවීම් කලත්,බාහිර ගුරු මුදලාලිලා තමයි අගේ ,ඇත්තටම අපි කවුරුත් මුලාවකද ඉන්නේ 😥 😢😢
මගෙ ද රුවට ලකුණු අඩුයි ඒත් මම අකමැති යි ආයි විභාගය තියනව ට මේ විභාගය ලමයිට මානසික වද ය ක් 2පේපර් එකෙන් ලකුණු දෙන්න a b c s සාමාර් දෙන්න හොර කර පු එව්න් ගෙන් වන්දි අරගෙන අසාධාරණයක් වුන ලමයිට සිසු ආදාර ගෙවන්න
සර්ගෙ කතාව හරි මගේ දුවත් මේපාර ලිව්වා මගේ දුව කිසිම ටියුෂන් පන්තියකට ගියේ නැහැ ඉස්කෝලේ ගුරුවරු හොදට ඉගැන්නුවා
උගුර රිදෙනකම් කතා කරල උගන්නපු අපේ ගුරුවරු ගැන දන්නෙ සර්ල විතරයි සර්... අපේ ළමයි පව්...රෑ එළිවෙකම් ප්‍රශ්න පත්‍ර බලන හැටි දන්නෙ බොහොම ටික දෙනයි... සර්ගෙ කතාව අපේ ගුරුවරුන්ට උපහාරයක්..
❤❤ මමත් පානදුරේ ටීචර් කෙනෙක් ..
මගේ දුවත් මේ පාරේ ශිෂ්‍යත්වය ලිව්වා. එයා ඉගෙන ගත්තෙ එයාගේ පාසලේ පන්තිභාර ගුරුතුමියගෙන් විතරයි. ඉතින් ඒ දරුවන්ට කොච්චර අසාධාරණයක් වෙලා තියෙනවද. පාසලේ ගුරුවරුත් සෑහෙන මහන්සි වුණා මේ විභාගය වෙනුවෙන්. පාසල් ගුරුවරුන්ටත් සියලු දරුවන්ටත් සාධාරණයක් ඉෂ්ට කරන්න.
සර් ගේ කතාව ඇත්තම ඇත්ත යි. අපේ පාසලේත් ගූරුවරු ඉතාම කැපවීමෙන් කටයුතු කලා. මගේ දරුවන් අමතර පන්ති ගියා. ඒ ගුරුවරුත් සෑම පේපර් එකක්ම බලමින් ළමයි සෑම දෙනාම හොදින් ඇගයීම්කට ලක් කලා. ළමයා හොදින් විභාගයට මූන දුන්නා. නමුත් යලිත් වරක් විභාගය කරන්න බෑ කියලා අඬනවා. දැන් අපි මොකද කරන්නේ. එයට උපදෙසක් ලබා දෙන්න. පිං සිද්ධ වේවි ඔබට.
සර්ගේ කතාව මසුරන් වටිනවා සර්.
godak hodai sar
අඩුම තරමෙ 1 සිට 5ට යනකල්වත් මේ ටියුෂන් නතර කර දැමිය යුතුයි.කිරි දරුවන්ට මොන ටියුෂන්ද
ඒක ඇත්ත
🙏
Kiyala wedak nehe lamin ta lama kalayak nehe dan 2 wasare edala class
අපේ පුතාගේ පන්තියේ සර් ඉතාම කැපවීමෙන් දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු කලා.පන්තියේ දරුවන් වැඩි කොටසක් හොඳින් වැඩ කරන දරුවන්. ඇත්තටම ගොඩක් අසාධාරණයක් අපේ දරුවන් ට සිදු වුණා. දරුවන් ගේ දක්ෂතාවයෙන් දරුවන් විභාගය ට මුහුණ දුන්නේ. නැවත විභාගය ලියන්න අපේ දරුවෝ සූදානම්. 😢😢😢😢
ඔබ තුම දකින යථාර්ථය දකින්න කෙනෙක් නොසිටිම සැබෑවටම කණගාටුවට කරුණකි. ඔය කියන ට්යුෂන් මාපියාව සැබෑ ගුරුවරයාගෙ වටිනාකම නැති කිරීමත්, දරුවාගෙ මානසික මට්ටම බිද දැමිමත් සිදුවෙනවා හැර සිදුවන යහපතක් නැත්තෙ මය. ඔබ තුමාට මේ පිනම ඇති ගුරුතුමනි, මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.
හරිම වටිනව සර්. අපි මැරිගෙන ඉගැන්වුවා එ්ත් හරිමදුකයි මුන් ලබන අාත්මේ තිරිසන් අපායේ
පාසලේ පන්තිභාර ගුරුවරයා හෝ ගුරුවරිය පාසලේ විදුහල්පතිතුමා තමන්ගේ ම පාසලේ දරුවන් ට ශිෂ්‍යත්ව උපකාරක පංති පැවැත්වීම පිලිබද ඔබේ අදහස ප්‍රකාශ කරන්න සර් ...
අනිවාර්යයෙන්ම ඒගැනත් කතිකාවක් තියෙන්නම ඕනි😅
🎉🎉මෙ ම්නී මරු විභාගය තහනම් කරන්න ටියුෂන් තහනම් කරන්න පිං සිද්ධ වෙනවා දරුවෝ පව් කිසිම නිදහසක් නෑ පන්ති ඉවරයක් නෑ ළඟම පාසල හොඳම පාසල කරන්න
අනේ.. අසරණ දරුවන් වෙනුවෙන් හැමෝම එකතු වෙලා හඩක් නගමු. මේ ජරා වැඩේට දායක වුණ සියලු දෙනා ගේ හිතට කිසිම දාක සැනසීමක් දැනෙන්න එපා කියලා හැමෝම ප්‍රාර්ථනා කරමු. නැවත විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුවට බල කරමු.
මගේ පුතත් මේ පාර විභාගය ලිව්වා . පාසලේ ගුරුතුමිය සවස 1.30 /4.00 වෙනකම් ඉතා කැප වීමෙන් දරුවන්ට ඉගැන්වීම් කරා.අපේ දරුවන්ට සාධාරණයක් කරන්න නැවත විභාගය පවත්වන්න.
අහිංසක දරුවන්ට සර්ව සාධාරණයක් ඉටු වෙන්නම ඕන...Thankyou sir 🙏🙏🙏
මේ විභාගය ලියූ 3 50 000 ක හැම දරුවෙක්ම එකම මානසික මට්ටමක නෙමෙයි ඉන්නේ. අවුරුදු 10 ක පුංචි ළමයි එක්ක වැඩිහිටියන් සෙල්ලම් කරනවා. ශිෂ්‍යයත්වය කියන්නේ දරුවෙක්ගේ ජීවිතේ නෙමෙයි.
නැවත විභාගය තියන්න කලින් පුලුවන් නම් දරුවන් 350 000 ට මානසික වෛද්‍ය පරීක්ෂණයක් තියලා බැලුවොත් ශිෂ්‍යයත්ව විභාගය කොතරම් ශාපයක්ද කියලා තේරෙයි.
අනේ ou මාත් ඒකම තමා කියන්නේ
දරුවන්ට හොද පාසලක් දෙන්න බැරි කම , ටියුෂන් ගුරුවරුන්ට ආවේ ඔයාලගේ පරිපාලනය හොද නිසා. ඕක කවුරුම අතට ආවත් දරුවන්ට දෙනවා. ඕක පිට කරේ තමන්ගේ ගෝලයෝනේ..වටේට බෙදුවේ සල්ලිවලට. ටියුෂන් ගුරුවරුන් සල්ලිවලට ගත්තේ ඔයාලගෙන්..මුදලාලිලා ඉන්නේ ඔබ යටතෙනේ.... නැවත ලියන්න ඕන. මේක පෙරහුරුවකට ගන්න.
ඇත්තටම සර් ගේ කතාව ඇත්තම ඇත්ත මගේ දරුවාත් මේ පාර විභාගය ලිව්වා මොනවා වෙයිද කියලා අපි ත් ගොඩාක් බයෙන් ඉන්නේ අපේ ඉස්කෝලේ ගුරුවරුන් ලොකු කැප කිරීමක් කලා බුදු සරනයි ගුරු මණ්ඩලයට ❤❤❤❤
හොදින් උගන්නන පාසල් ගුරුවරුන් හෑල්ලු කරන ටියුෂන් ගුරුවරුන් නිසා ගුරු වෘත්තිය එපා වෙලා ඉන්න ගුරුවරියක් ලෙස මම ඔබතුමාගෙ මතයට ගරු කරමි.දෙමාපියන්ටත් වඩා දරුවන්ට ආදරය කරන පාසල් ගුරුවරු කවුදැයි නිවැරදිව තේරුම් ගන්න දෙමාපියන්ගේ ඇස් ඇරේවා.
මගෙ දරුවත් පන්ති භාර ගුරුතුමිය ගෙන් පමණයි ඉගෙන ගත්තෙ.අපේ දරුවන් ගැනත් හිතන්න.
Zoom හරහා සල්ලි හොයන්න ආව කඩ කාරයින්ගේ තියෙන්නේ උගන්නන්න ඕනේ කමකට වැඩිය තරඟයක් teacher ඒකයි මේ මොකක් හරි කරලා තමන්ගේ පංති ආව ළමයි උඩින් තියන්න ගොං කම් කලේ කියලා දෙනෙක් කරදරේද දැන්.. සාප වෙන්න ඕනේ
එහෙම හිතන්න එපා...අතලොස්සක් ටියුෂන් පස්සේ දිව්වට ගොඩාක් අය පාසල් ගුරුවරු වටා හිට ගන්නවා❤❤❤❤
ශිශ්ෂත්ව යට හැමදේම නවත්තලා ලමයගේ ලමා කාලේ නැති කරන දෙමව්පියෝ ගුරුවරු න්ට තියා තමන්ගේ ලමයටවත් ආදරෙයි කියලා මං හිතන්නේ නෑ ටිචර්
මොකද ඒ දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ දරාගන්න බැරි තරම් පංති දාලා තමන්ගේ ළමයා හරහා එහා ගෙදර මේහා ගෙදර තමන්ගේ ඔෆිස් එකේ දරුවන්ට වඩා ත්මන්ගේ දරුවා දක්ශයෙක් කියලා ලොකේට කියන්න විතරයි 😢😢😢
ඒකෙන් දරුවන්ට වෙන බලපෑම දෙමව්පියන්ට තේරෙන්නේ නැති එක හරිම කනගාටු දායකයි😢😢😢
Apooo...me guruthuma lagata thamai Ape daruwoth giye.e dawaswala ohoma nemei kiwwe
ලමයෙක් ටියුෂන් ක්ලාස් එකකට යවන්නෙ පාසලේ ගුරුවරයා උගන්වනවා වැඩි නිසයි.ශිෂ්‍යත්ව විභාගෙට පාසල් විශය නිර්දේශය පමණක් එනවා නම් පාසල් ගුරුවරයා උගන්වන ප්‍රමාණය හොදටම ඇති.මාත් මගේ දරුවා පන්ති යැව්වෙ නෑ.පස්සෙ තමයි තේරුනේ මං දරුවට කරපු අසාධාරණය.පේපර් එකේ ගනන් ටික හදාගන්න දරුවා දන්නෙ නෑ.පව්.අවසාන මාස කිහිපය මාත් ටියුෂන් ක්ලාස් එකකට යැව්වා.එතකොට තමයි තේරුනේ මේ විභාගය කොයි තරම් සංකීර්ණද කියලා.උසස් පෙල පිසික්ස් පේපර් එක ලේසියි මීට වඩා කියලා හිතුනා.
මේ ටියුෂන් ක්ලාස් ටික නවත්තනවට වඩා සුදුසුයි ශිෂ්‍යත්ව විභාගය නවත්තන එක.ලමයින්ගෙ ලමා කාලය නැති වෙන්නෙ ශිෂ්‍යත්ව විභාගය නිසා මිසක් ටියුෂන් නිසා නෙමෙයි.මේ රේස් එක නවත්තන්න පුලුවන් නම් ටියුෂන් මාෆියාව නවතිනවා.ඒක තේරුම් ගන්න බැරි කට්ටිය සුරංගනා කතා කියනවා.තමන්ට කර ගන්න බැරි දෙයක් වෙන කවුරුහරි කර ගන්නවට අකමැති කුහක ගුරුවරු තමයි ඒ
පහේ ශිෂ්‍යත්වය විතරක් නෙවෙයි. පහුගිය කාලේ බොහෝ විභාගවල ප්‍රශ්න පත්තර පිටවූ බවට වාර්තා වූවා. එය මෙවර පමණක් නොවේ බොහෝ වසර වලදී සිදුවූවක් ඒ නිසා මෙය සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී තිබෙන බව කාටත් පැහැදිලියි. එහෙනම් මෙය කෙසේ කළ යුතුද මෙය අනාගතයේදී සිදු නොවිය යුතු ආකාරයට සකස් කරගන්නේ කෙසේදැයි අප සොයා බැලිය යුතුය එනිසා වගකීම් විරහිතව විභාග දෙපාර්තමේන්තුව කරන වැඩසටහන
නවත්වීම සඳහා නැවත එය ප්‍රතිව ගතකරණයක් කළ යුතුය. මේ සඳහා විශේෂ ආරක්ෂණ වැඩසටහනක් අනුගමනය කළ යුතු බැවින් ඒ පිළිබඳව කොමසියක් පත් කළ යුතුය. මෙම ප්‍රශ්න පත්තර පිටවීම ප්‍රශ්න පත්‍ර සාධන අවස්ථාවේ සිට විභාග ශාලාව දක්වා ඕනෑම ස්ථානයකදී සිදුවිය හැකිය. එනිසා මේ සම්බන්ධයෙන් වැරදි වලට සම්බන්ධ වන පුද්ගලයන් හට දණ්ඩ නීති සංග්‍රහයේ රිදිවිධාන යටතේ දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතුය. එසේ නැවත විභාග පැවැත්වීමට සිදුවන්නේ ප්‍රශ්න පත්තරය පිටවීම හේතු කොට ගෙන නම් ඒ සඳහා එයට සම්බන්ධ වූවන්ගෙන් යන වියදම අය කර ගත යුතුය.
ඔබ කියන දේ ඇත්ත සර්,අපිත් ගුරුවරු මේ හැම දේකටම දෙමාපියන්ගේ රජයේ ගුරුවරු කෙරෙහි විශ්වාසය නොමැති කම තියෙන්නෙ සර් අර කොසොල් රජතුමා දැකපු හීන සබෑ වන කාලය ගල් බොරළු පාවෙනව ලබු කබල් යට යනවා .මේ සල්ලි මත්තෙ ජීවිත් වන මිනිසුන්ට 1 සිට 5 වසර තෙක් සියලු ටියුෂන් නවත්තන්න ඕනි. හැබැයි ආයෙ විභාගය තිව යුතුමයි. අපි අතට පත් නොවුනට අපේ ඇතැමි අමිමාවරුන්ට ලැබිල ඇති.ඒ අය හොරෙනා ගිහින් ලියලත් ඇති මේ අධ්‍යාපනයේ කොතරම් වෙනස්කම් කල යුතුද?
❤
නැවත විභාගය තියන්නම ඔිනි.නැත්නම් දක්ෂයන් ට තැනක් නැත.
මගේ පුතත් මේ පාර ලිව්වා...ඒ දරුවා වෙනුවෙන් අපි ගොඩක් දුක් වින්දා....ගුරුවරු කරපු කැප කිරීම කියලා නිම කරන්න බෑ...ඒ කැපකිරීම් වලට සාදාරණයක් ඕනෙමයි....ආයෙමත් මේ විභාගය තියන්න.....අපි ලෑස්තියි...මොකද පිනට ලකුනු එපා...අපි දුක් විඳලා ඉගෙන ගත්තා...ඒ නිසා ඒ පන්නරය දරුවට තියෙනවා ....එක පිට එක විභාග 10 ක් තිබ්බත් මගෙ දරුවා redy...ඒ දුක් විදලා ඉගෙන ගත්ත නිසා....අපිට සාධාරණයක් කරන්න....
මගේ දරුවන් දැන් 4 වසරේ දැන් මාස 3ක් වෙනවා පෞද්ගලික පන්ති යකට දාලා මම දකින දේවල් වලින් කලකිරිලා මම පන්ති දැම්මෙම නෑ,එයාලා කැමති නෑ යන්න,ඒත් සමාජේ පන්ති නොයන ලමයි පුදුම විදියට අසරණ වෙන්නෙ මොකද පන්ති නොයන ලමයෙක් නැති තරම් පාසැලේ වැඩ කරන කොට පන්ති යන ලමයි කරලා ඉවරයි අනික් ලමයින්ට ලියා ගන්න වත් වෙලා වක් දෙන්නෑ කලුලෑල්ල මකලා ඉවරයි ...මේකට හේතු ව පන්ති ..මේ පුංචි ලමයි න්ට පන්ති නැවැත්වීම කල යුතුමයි..එදාට ගුරුවරු කලුලෑලි මකන එක නවත්තයි..
ඔබතුමාගේ කතාව ඇත්ත නැවත විභාගය පැවැත්වීමට කටයුතු කල යුතුය
මගේ දූත් ගොඩාක් දක්ෂයි...එයා මහන්සි වුණා ..පාසලෙන් ගොඩක් වැඩ කරා...අඩුපාඩු පාසලෙන් හදා ගත්තා .හරිම විස්වාසයෙන් විභාගය ට ගියා...සතුටින් පිට වෙලා ආවා...ආයේ papers බැලුවෙත් නැ....මාසයක් යන කල් ඉවසලා results බලනවා කීවා
මගේ දෝණි අදත් සතුටින් ඉන්නවා...
මට එයා සැනසිල්ලක් දුන්නා ..
පීඩනය දුන්නේ නෑ....
ඇයි දෙයියනේ මේ වගේ අහිංසක දරුවන් ට අසාධාරණයක් වෙන්නේ..
මේ අසාධාරණයට සම්බන්ධ හැමෝටම ස්වභාවදහම න්ම දඩුවම් ලැබේවා ....
මේ ශිෂ්‍යත්ව ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන ........
අනිවාර්යයෙන්ම නැවත විභාගය පැවැත්විය යුතුයි .අපේ දරුවන්ට ලොකු අසාධාරණයක් උනේ.
අනේ සර් පුළුවන් නම් දැන්වත් මේ ශිෂ්‍යත්වය නතර කරලා දෙන්න
ටියුෂන් තහනම් කරන්න ඕනේ ශිෂ්‍යත්ව විභාගය සඳහා .ටියුෂන් තියන්නම ඕනේ නම් නොමිලේ කරන්න කියලා නීතියක් තියෙනවා නම් කවුරුවත් ටියුෂන් කරන්නේ නෑ .
අනිවාර්යයෙන් ම.ශිෂ්‍යත්ව කඩකාරයන් ,ඔන්ලයින් කඩකාරයන් ලැස්ති වෙලා ශිෂ්‍යත්ව ය විනාශ කලා
ආයෙත් කොහොමද මේ දරුවො විභාගෙට මුහුණ දෙන්නෙ. දරුවො ගැන හිතල විභාගය නැවත තියන්න එපා .
ලකුණු තිබුනත් නැතත් දරුවට වද දෙන්න එපා.
Ane podiunata lama kalayak denna apita tibunu de lamainta neti vela tiution natara karamu
මගේ දරුවත් විභාගය ලිව්වා..මගේ දරුවා ගොඩක් දක්ෂ යි.එයා අනිවාර්යයෙන් පාස් වෙයි.එයා ලිව්වෙ එයාගේ දක්ෂ කමෙන්..අපිට හොරාට පේපර් හම්බ උනේ නෑ ..ඒත් ඕනේම වෙලාවක ආයේ විභාගය ලියන්න මගෙ දරුවා ලෑස්ති ..එයා බය නෑ ...
වෙලාවේ හැටියට අවශ්‍ය ම කරුණු පැහැදිලි කිරීමක්,
මෙතෙක් දවසක් අහපු හොදම කතාව තමයි සර්ගේ මේ කතාව... දෙමව්පියන් තේරුම් නොගන්න සත්‍ය තමයි මේ... දරුවන්ට මානසික පීඩනය දෙන්නෙ දෙමව්පියන්.. දෙමව්පියන් බුද්ධිමත් නැහැ.. තියෙන ඔක්කොම පංති වලට යවලා දරුවන්ට තියෙන මොලේත් නැති වෙනවා... ටියුෂන් නම් පුදුම වදයක්... පාසලේ ගුරුවරුන්ට මේ ශිෂ්‍යත්ව විභාගයේ අයිතිය දෙන්න...
ටියුෂන් කියන මාෆියාව නවත්තන්න ඕනේ..ඉස්කෝලේන් විතරක් දෙන දැනුම ඇති ලමයින්ට ...සමහර කාලකන්නී ටියුෂන් කාරයෝ ...
100%ekagai sir. Tution karana guruwaru tamai m3 hama detama wagakiya yutte pasal guruwaraya haallu karana hamotama mewa hida padam
Sir watinne adyapanaya karana Thana Loku putuwakata.edata me daruwo sathutin idiwi❤❤
මගේ දරුවත් ඉස්කොලෙන් ගත් අධ්‍යාපන මටිටම විතරය ිශිෂ්‍යත්වවිභාගය ලියන්න ඉදිරිපත් වුනේ.අපෙ දරුවන්ට අසාදාරන නොවන ලෙස ලකුණු ලබා දෙන්න.
Thank you sir. 🎉🎉
Sir, මමත් පාසල් ගුරුවරියක්. මමත් කියන්නේ නැවත කළ යුතුයි
👍👍👍👍👍👍👍👍
මේ විභාගය වගෙම වෙයිද චන්දයත් සාධාරණ ව තියාවිද හිතෙනවා නීතියක් නැති රටක් මේක, ටියුෂන් තහනම් කල යුතුයි, ඔබතුමා හරි,ඔබ වැනි අය විරලයි,
🎉🎉ඇත්තටම සර්ගෙ කතාව හරිම වටින කතාවක් ❤❤
මේ විබාග කොමසාරිස්ගේ කාලේ o/l ..A/l ..ශිශ්ශත්වේ යන විබාග තුනේම පේපර් පිට උනා...හරි නම් කොමසාරිස් ඉවත් කරන්න ඔනේ
අනිවාර්යයෙන් ම කොමසාරිස් තුමා ඉවත් කල යුතුයි...
අනිවාර්යයෙන්ම
ඇත්තටම මගේ දුවත් ඉගෙන ගත්තෙ පන්ති භාර සර් ගෙ විතරයි. අනේ ඒක නිසා අපේ දරුවන්ට ලොකු අසාධාරණයක් උනේ.
ඔන්ලයින් නවත්වන්න ඕන..ශිෂ්‍යත්ව පන්ති විතරක් නෙමෙයි හැම ඔන්ලයින් එකක් ම...
සම්පූර්ණ ඇත්ත කතාව සර්.මේ ටියුෂන් නවත්වන්න ඕනි.5 පුංච් ලමයිට දෙන වදයක්,පව් දෙයියනේ.අපේ පාසලේ ගුරුවරුන් දවස් පහම හවස 5.00 වෙනකම් ඉගැන්නුවා සත 5ක් ගත්තේ නෑ.3 වසර සර්ගේ දරුවා 5.00 වෙනකම් පාසලේ.ඒ තරම් කැපවීමෙන් ගුරුවරුන් දෙමාපියන් මහන්සි වුනේ.මොකක්ද මේ විහිලුව.පේපර් 1ක් පරිස්සම් කර ගන්න බෑ.අවුරුදු 3ක්ම ටියුසන් එකේ ගිනි ගනන් අරන් උගන්නලා අවසානේ මහා සම්මන්ත්‍රණ අනුමාන කියලා පැය 3,4,ගිනි ගනන් ඒ ලමයින්ගෙන්ම ගන්නවා.අනේ මෙහෙම රටක්.හැම ටියුෂන් ගුරුවරුන්ම නෙවෙයි.බහුතරයක් එහෙමයි.පාසලේ ගුරුවරුන් උඅගන්නන ටික ඇති.මේ ටියුෂන් නවත්වන්න.සල්ලි කන ටියුෂන් කලු කඩකාරයින් නිසා තමයි මේ හැම දේම.පව් අපේ අහිංසක දරුවෝ.සාදාරනේ ඕනිමයි
අනිවාර්යයෙන් ම.ටියුෂන් කඩකාරයන් ගෙ ඔන්ලයින් කඩකාරයන් ගෙ විබාගයක් .
පාසල් ගුරුවරු පාසලේ හරියට උගන්වන් නැතිව ටියුෂන් කරනවා ..තමන්ගේ ටියුෂන් පන්තිය ට එන්නේ නැති දරුවට ඉස්කෝලෙ දි වෙනස්කම් කරවා
අනේ අපේ පන්තියේ ගුරුතුමිය දවස් තුනක් නොමිලේ පාසල් වෙලාවට අමතරව ඉගැන්නුවා අපේ දරුවොත් හරිම උනන්දුවෙන් ඒගැන කරා අපිත් දවල් කෑම අරගෙන පාසල ගාව අපි හැමෝටම සාධාරණයක් වේවා
ඔබ තුමාට හිස නමා ආචාර කරමි
නියමයි සර් කතාව.හිතටම වැදෙනවා
මතක තියාගන්න අම්මෙ තාත්තේ ඔබ මේ පේපර් එක තමන්ගෙ ළමයට ලියෙව්වනන් ඒකේ ප්‍රතිපලේ ඔබයි ඔබේ ළමයිනුයි භුක්ති විදියි
අනිත් එක ඔය පළවෙනි පේපර් එක ළමයින්ට හදන්න පුළුවන් දරාගන්න පුළුවන් පේපර් එකක් බවට පත් කරන්නත් ඕන නිසා.මහාචාර්යවරයාගේ දැනුම නෙමේ.අවුරුදු දහයේ ළමයෙකුට දරාගන්න පුළුවන් ගණිත ගැටලු ඒකේ දෙන්න ඕන සර්
ඇතැම් අය පිස්සු කියවලා ප්‍රශ්නය යට ගහන්න දගලනවා.සිදුවෙලා තියෙන්නේ හොරකමක්.ඒකට සෘජුවම වගකිවයුතු තුන්දෙනෙක් ඉන්නවා.
1.අධ්‍යාපන ඇමති
2.අධ්‍යාපන ලේකම්
3.විභාග කොමසාරිස් ජනරාල්වරයා.
වහාම මේ තුන්දෙනා අත්අඩංගුවට ගෙන, පරීක්ෂණ සිදුකළ යතුයි.එවිට මෙයට අදාළ සෙසු පිරිස අනාවරණය වේවි.දැන් එක චූදිතයකුවන විභාග කොමසාරිස් ජනරාල්වරයා පරීක්ෂණ මෙහෙයවනවා.අරුම පුදුම
රටක්.විභාගය නැවත පවත්වා එම සම්පූර්ණ වියදම ඉහතකී තිදෙනා ඇතුළු සියලු චූදිතයන්ගෙන් අයකරගත යුතුය.
Sir ගේ කතාව හරියටම හරි මම මගේ දරුවා පන්ති යැව්වේ නෑ. අඩුම ගානේ පාසලේ ගුරුවරු න්ගේ උපකාර පන්තියටවත්. පාසලේන් පමනයි ගුරු හරුකම් ලැබුවේ.එයා පන්තියේ වැඩිම ලකුණු ගන්න ළමයි 5ස් දෙනා අතර හැමදාම හිටියා. නිදහසේ ඉගෙන ගත්තා. අපිත් උදවු කලා මහන්සි වුණා. සමහර දාට සම්බෝලයි බතුයි කාල ළමයා ගැන බැලුවා. අන්තිම දවස් ටිකේ මට මගේ school එකේ පන්තිකව, papers 450ක් විතර බලන්න තිබුනා. මම ඒවා කලේ රෑ ඇහැරගෙන. දවස් 8ක් එකදිගට 9.30 ඉදන් එළිවෙනකම් ඒවා බැලුවේ. ළමයා ව අත්හැරිය නෑ. අන්තිමට වේදනා නාශක බීල 13,14, ඔලුව උස්සන් හිටියේ. අපේ මහන්සිය මෝඩයෙක් අපතේ යැවිවා. හරිම දුකයි..,😢
අහිංසක දෙමව්පියොන්ගෙ සල්ලි හූරා කන ටියුෂන් වහාම නතර කර පාසලේ ගුරුවරයාට වගකීමත් ඇයගේ ඔහුගේ ගරුත්වය ත් රැකකෙන සේ කටයුතු කල යුතුයි.
Ape daruwat dakshai ay me gon sir me balu wede kare dakshayata thenak na me rate.
මමත් පාසල් යනකාලෙ අමතර පන්ති ගියා.සමහර පාඩම් හොදටම ආවරණය කරේ පන්තියේ දි.ඒත් අපිට මෙහෙම අසාදාරනව විභාග ලියන්න දුන්නෙ නෑ ඒ ගුරුවරු .ගන්න මුදලට සාදාරනය කරා.පන්ති නතර කරනවා නම් මුලින් ම උපදෙස් දෙන්න ඕනේ දෙමාපියන් ට.සමහර පාසල් ගුරුවරු පවා අමතර පන්ති කරනවා.ඒකෙදි තමයි එයාලා උගන්වන්නෙ.එහෙනම් මුලින්ම කරන්න ඕනේ පාසල් ගුරුවරු පන්ති කරන එක නවත්වන එක.කිසිම සුදුසුකම් නැති අයත් පන්ති කරන නිසා ගැටලු තියෙනවා තමයි .පන්ති කරන ගුරුවරයා ත් රජයේ ගුරුවරු වගේම මහන්සි වෙනවා.සමහර අය න්ම් නෑ.ඕනෙම දෙයක පැති දෙකක් තියෙනවා නෙ.රජයෙන් පඩියක් නැත්න්ම්,පෙන්ශන් නැත්නම් රජයේ අය ස්වේච්ඡාවෙන්ම එන්නෙ නෑ කවදාවත්.
ළමයින් ගේ මනසට දරා ගත හැකි ප්‍රශ්නපත්‍ර යක් ලැබිය යුතුයි නේද සර්.ඒ පිළිබඳව ත් අවධානය යොමුවීමත් ඉතා වැදගත් .
Cyber crime එකෙන් හොර ගුරුවරුන්ගේ papers බලපු දරුවන්ගේ විභාග අහෝසි කරන්න. අහිංසක දරුවන් පව්
සර්,අපේ රටේ සමහර ළමයි ඉන්නවා ටියුෂන් පන්තියකටවත් යන්න සල්ලි නැති ළමයි ඉන්නවා.හැබැයි දක්ෂ ළමයි.ඒ ළමයින්ට අසාධාරණයක් නොවෙන්න ප්‍රශ්නය විසදනවානම් ඉතාහොඳයි
ටියුෂන් කියන මාෆියාව නවත්තන්න ඕනේ
අපේ පුතාගෙ පන්තිභාර ගුරුතුමාත් පුදුම කැපකිරීමක් මහන්සියක් වුණා දරුවනුත් එක්ක මේ විභාගෙන් හොද ප්‍රතිඵලයක් දරුවන්ට ලබලා දෙන්න ...හවස 5...6..වෙනකම් අතිරේක පන්ති ...රාත්‍රි පන්ති මේ හැමදේම කලේ දරුවන්ට දෙමව්පියන්ට සතුටු හිතෙන ප්‍රතිඵලයක් ලබාගන්න ...ඒත් දරුවෝ ගුරුවරු දෙමව්පියෝ විදපු දුක් සේරම ගගට කපපු ඉනි වගේ වුණා ....😢😢😢😢
විභාගය නැවත පැවැත්විය යතුයි.ලමයින්ට සාධාරණයක් විය යුතුයි
නැවත විභාගය එපා කියන හැමෝම මේ හා සම්බන්ධ හැම වීඩියෝවකම ඔබේ අකමැත්ත සටහන් කරන්න... මේ විභාගය නැවත එපා... කරුණාකරලාවගකිවයුතු අය මාධ්‍යගත පංති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට වත් තහනම් කරන්න... Online කඩකාරයන් කාරියන් සාපයක්... අන්තිම මොහොතේත් අහිංසක දෙමාපියන් ගසා කෑවා... අවසානයේ ප්‍රශ්න පත්‍රයෙනුත් හම්බ කරන්න හැදුවේ එක යක්ෂයෙක්.. ඔවුන් එක්තරා විදියක මානසික රෝගින් . තවත් ඉන්නවා අධිමානයෙන් ඉන්න අය online තහනම් කරන්න 😢
ඇත්ත සර් අපිට නැවත විභාග නම් එපා.කියනවා මගේ පුතා.
දරුවො නම් එපා කියනවා. ඒත් සමහර දෙමාපියන්ට දරුවන්ගෙ මානසිකත්වය තේරෙන්නෙ නෑ ...😢
මේ දෘරුවන්ගෙ මානසික මට්ටම ගැන හිතන්න .ආයෙ මේ දරුවන්ට විබාගයක් ලියන්න මානසිකත්වයක් නෑ.මේ පුන්චි පැටව් දැන් පුදුම සැහැල්ලුවකින් ඉන්නෙ.මේ පැටව් මොනව දන්නවටද.අපේ දෘරුවො මේ දේවල් වලට පලි නෑ.එයාලට සාධාරණයක් කරන්න.නැවත විබාගය පවත්වන්නෙ නැතිව.
නැවත විභාගය අවශ්‍ය නෑ , දරුවන් පව්
දරැටන් පවු අාාය අපට විබාගය ඒපා
සවස 1.30 වෙනකම් පාසල් ගුරුවරයා,1.30 න් පස්සෙ එයාම ටියුෂන් ගුරුවරයා.දෙබිඩි චරිතයක්.පාසලේ ළමයි එයාගෙ ටියුෂන් ගියේ නැත්තම් ඒදරුවට කුඩම්මාගේ සැලකිලි
පුංචි දරුවන් පීඩාවට ලක්නොකර දරුවන් ට සහනයක් ලබා දෙන්න....
බුදුසරණයි සර්
විභාගය නැවත තියන්න .🙏🙏
මමනම් කිසි දේකට කතා නොකර ඉන්නෙ සර්.අපේ දුව බ්‍රහස්පතින්දා පන්ති කාමරය බැලුවා .අපේ කෙල්ලගෙ මූණ බලාගෙන ආයෙත් විභාගය ලියන්න වෙනවා කියා ගන්න බැරුව ඉන්නෙ අපි. අපේ දුක කියන්න වචන නැ සර් .අපේ දුව වින්ද දුක අම්මා විදියට මම වින්ඳ දුක...............අනේ මේ අහිංසක පුංචි දරුවො පව් සර්. ආයෙත් විභාගයට ලෑස්ති වෙන්න.
ආයි විභාගෙ එපා මගේ දරුවා මේ හැමදේටම වඩා මට වටිනවා,මගේ දරුව මහන්සි වෙලයි මේ විභාගෙ ලිව්වෙ ඒකෙ ප්‍රතිපලේ මගේ දරුව විද්‍යි,ඇති පිස්සු නැටුව අවුරුදු 10 ක් පුන්චි පැටවු මේ මහ එවුන් නෙමෙයි
සර් පොත් බලන්නෙත් නැතුව ප්‍රශ්න පත්‍ර බලන්නෙත් නැතුව කොහොමද පොඩි ළමයින්ට online උගන්නෙ.online cancel කළ යුතුයි.නේද සර්. Online වලින් හරියට උගන්වන්න බෑ.ඒ නිසා තමයි මේ වගේ දේවල් වෙන්නෙ.
ලොකු ලමයින්ට ඔන්ලයින් යම් දුරකට ගැලපුනාට 15 දරුවන්ට ඔන්ලයින් අධයාපන ය ගැලපෙන්නෙ නෑ
අපේ පාසලේ පන්තිබාර ගුරුතුමිය අපමන වෙහෙස මහන්සියක් උනා.
නිවැරැදිව කරපු අයට ලකුණු එක්ක වැඩිපුර ලකුණු දීලා, වැරදි කරපු අයට සතුටු පොයින්ට් දීලා හොඳ ප්‍රතිඵලයක් දාලා ළමයි නවත්තන්න එපා.
ටියුෂන් සිමා කරන්න. පාසල ගැන විශ්වාසය තබන්න.
ඇත්තමයි සර් මේ ටියුෂන් මාෆියාව නතර කරන්න කාලය ඇවිත්. ළමයි සහ පාසැල් ගුරුවරු පව්.
ටියුෂන් නවතා නැවත විභාගය පවත්වනවා නම් හොඳයි...
කොහොම හරි කමක්නැ අපට නැවතත් විභාග තියන්න ඔන.අපේ දරැවන් කැමති.
අනිවාර්යයෙන් wibage tiyanna daruwonta terum karala denna oni a lamaige hitha hadanna oni. dan vibage manasikathwayen eth wela inne lamai eth nawatha wibage tibbat schoole ගුරුවරු ekathu wela lamaiwa goda ganiwi ...සාධාරණයක් wennanam අනිවාර්යයෙන් විභාගya tiyanna
ayeth tiyanawanam hodai sar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සහතික ඇත්ත සර් 🙏🙏🙏🙏🙏🙏🙏
Hariyata wada karana pasal guruwaruntath thanak na amanamoda guralansa untavona thamange thena dina ganna enisa aniwaryenma wibahagaya thahanam viya yuthui
අපේ ලමයින්ට සාදාරනයක් ඉටු විය යුතුය . අපේ ලමයි
පේපර් හොරකන් කරලා ලිව්වේ නෑ.මගේ ලමයා ඕන
වේලාවක පේපරය කරන්න
ලෑස්තියි .මගේ ලමයා හොඳ
ලකුණක ඉන්නවා. එත් එයාට නැවත පේපරේ කරන්න ඕනේ කියනවා .
1-5ටියූෂන්.නතර.කරන්න
Sar kiuwa කතාව hariyatama hari sa magee puthat liuwa newatha liyanna bee දරුවෝ asarana karanna ba api igana gaththe tiushan walin nowe mewa nathara karannama ona sar meka puduma karumayak sar
මේ ශිෂ්‍යත්ව විභාගය නිසා අපි දැන හෝ නොදැන අපේ අහිංසක දරුවන්ගේ අවුරුදු 3 වැඩි ලමා කාලය නැති වුනා .අනේ ඒනිසා අයේත් උන්ගේ ඒ ලෝකය නැති කරන්න බැහැ. අයේ ශිෂ්‍යත්ව විභාගය එපා.
සහතික ඇත්ත සර් .
Sir lkathava eththa sir apita godak de passa terùm giye
ටියුෂන් නිසා ලමයි වගේම දෙමාපියොත් අසරන වෙලා සර්.,පාසලේ ඉගෙනගන්න දේ හොදටම ඇති පොඩි අයට.දරාගන්න බැරි තරමට ලමයි තරගෙට වැටෙන්න මුලිකම හේතුව ටියුෂන් .ලෝකෙ නැති දේවල් දරැවන්ගෙ හිත්වල පටවනව.ලමයි මැසින් වගේ කරල.අද්‍යාපනය කරැමයක් වෙලා.හැම දරැවෙක්ම පාසලෙන් විතරක් ඉගෙන ගන්නවනම් දරැවොත් දිනයි.
මගේ දුවත් මේ පාර විභාගේ ලිව්වා.එයා කිසිම ටියුශන් පංතියකට ගියේ නෑ.පාසලේ ගුරුතුමිය පුදුම කැපවීමකින් ඉගැන්නුවා.ඒක වචනයෙන් විස්තර කරන්න බෑ.වචනේ පරිසමාප්තියෙන්ම ගුරු දේවතාවියක් එතුමිය.මුලු අවුරුද්දටම එක නිවාඩුවයි ගත්තේ.ඔය ටියුෂන් කියන ජරාව නම් තහනම් කරලම දාන්න ඕන.නමුත් ආයේ විභාගේ තිබ්බොත් ඒක දරුවන්ට ලොකු පීඩනයක්.
සර් පාසල් ගුරුවරුන්ටත් ටියුෂන් කරන එක නවත්තන්න ඕන ඉස්කෝලේ විතරක් උගන්වන්න වැඩ කටයුතු කරන්න ඔිින
මගේ පුතත් මේ පාර කරා.1 පේපර් එක ඇයි මේ තරම් අමාරු කරන්නේ දරුවන්ට A/L දරුවන්ට තරම් පේපර් අමාරු කරලා තියෙන්නේ .
තිබුනේ ප්‍රශ්නේ වෙන්න කලින් නවත්ත ගන්න...ඒකෙන් දුක් විඳින්නේ මේ අහිසක ළමයි...ඒ නිසා විභාග කොමසාරිස්ගේ ඉදන් වග කියන්න ඕන..අපේ කාලය,මුදල්,ලයින්ගේ මහන්සිය,රජයේ සල්ලි..ඔක්කොම අපතේ..