"මතක" ගීතයේ අමතක නොවන කතාව | Chat with Anisha Epi 09 | Mathaka - Abhisheka Wimalaweera & Karunaratna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2021
  • විශාරද අභිශේඛා විමලවීරයන් අතින් ලියවෙන මේ කතාව හදවත් තුනක් වටේ ලියවිලා තියෙනවා. තමන්ගේ බිරිඳ මිය ගොස් තනිකමෙන් පාලුවෙන් සිටින තරුණ ස්වාමිපුරුෂයෙකුට ආදරය හැඟීම් දැනීම් අකැපද? ඔයාලත් අහලම බලන්න.
    ඇය-
    මතක ලන්තෑරුම් අඳුර මැද
    ඔබේ හුස්මක සුවඳ දැනුණා
    අහම්බෙන් වට මුරුගසන් වැහි
    මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
    කියන්නම මග බලාගෙන උන්
    වචන අමතක වෙලා රිදුණා
    දැනුනෙ නැතුවට මගේ කඳුළින්
    කමිස උරහිස තෙමී තිබුණා
    ඔහු -
    මතක ලන්තෑරුම් අඳුර මැද
    හුස්ම නොතියා ඉන්න තිබුණා
    අහම්බෙන්වත් මුරුගසන් වැහි
    නොදී ඈතට යන්න තිබුණා
    කියන්නම ගිය වචන අමතක
    වුණත් මගෙ හදවතට දැනුණා
    නොදැනුණා වාගේම උන්නට
    සුදු කමිස උරහිසට රිදුණා
    ඔහු -
    පරවෙලා මිහිදන් වෙලා උන්
    හිත ඔහේ පරවෙන්න තිබුණා
    නිල් පාට කටරොළු මලක නිල
    පිපුණු හිතකට දෙන්න තිබුණා
    ඇය-
    තනිය හුරු මට මගේ ලෝකේ
    තනිය තනි නොකරන්න තිබුණා
    එදා ඔය ඇස් දිහා නොබලම
    බිම බලාගෙන යන්න තිබුණා...
    Artist - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera
    Lyrics | Abhisheka Wimalaweera
    Melody | Tharindu Priyankara De Silva
    Arrangements | Lahiru De Costa, Tharindu Priyankara De Silva
    Music | Lahiru De Costa
    #ChatWithAnisha #Mathaka #AbhishekaWimalaweera
  • บันเทิง

ความคิดเห็น • 19

  • @ritaperera9224
    @ritaperera9224 4 หลายเดือนก่อน +1

    අභිෂේකා මේක ඇවිල්ල හරි විදියට නම් භාවනාවක් මගේ මතකය අලුත් කරන සිංදුවක් මේක ජීවිතේ කිසිම දවසක අමතක නොවෙන අහන්ඩ පුළුවන් සිංදුවක් මේක දවසකට දහ පාරකට වැඩිය මම මේ සින්දුව අහනවා කොච්චර ඇහුවත් මදි මේක හරියට භාවනාවක් අහගෙන ඉන්නවා වගේ. අභිෂේකා ඔයාට බොහොමත්ම ස්තුතියි❤❤❤❤❤❤

  • @dineshachandrasena8363
    @dineshachandrasena8363 2 ปีที่แล้ว +2

    ගෑණූ ආදරේට හරි ලෝබයි, මේ මං තවත් ආසම සිංදුවක්, ආදරේ කියන්නෙම විදවීමක්. ඔබේ අදහස් අපූරුයි, " මතක" කියන්නෙම ජීවීතේ, ඒක පුදුම විදිහට දැනෙන සිංදුවක්, අනීශා අක්කෙ පුංචි ඉල්ලීමක් තියෙනවා, "සමනළ වැව පුරවන්නට" , "අන්සතු හදකට" මේ සිංදු දෙකටත් මේ වගේ විචාරයක් දෙන්නකො.. ඔබට ජය..

  • @nomorebro8446
    @nomorebro8446 2 หลายเดือนก่อน +1

    මේකේදී තනි ගැහැනියක කටහඬ ක් ගැහැනු දෙදෙනෙක්ට හඬ කවනවා

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 4 หลายเดือนก่อน

    අමතක කල නොහැකි හිතේ හොලමන් කරන මතකයක් එක්ක කියන්නම මග බලාගෙන හිටපු කතාවක් කියන්න හොයාගෙන ආවට පස්සේ අහම්බෙන් වැටුණු මුරුගසන් වැස්සකට අහු වෙලා තනියම තෙමි තෙමී "අනේ එදා මං ඒ ඇස් දිහා නොබලා බිම බලාගෙන ගියා නම්" කියලා ලොකු පසුතැවීමකින් ආපහු හැරිලා යන්න කාට හරි සිද්ධ වුණොත්! 😥

  • @mallikaperera2338
    @mallikaperera2338 2 หลายเดือนก่อน +1

    2024 05 20 man,ada balanne Aneesha oyawa mata godak watinawa adareyi Aneesha

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 ปีที่แล้ว +1

    අභිෂේකා නුඹ නම් අධි මාත්‍රාවක් භාවනාවක්
    මට නම් අවසන් හුස්ම පොදක්
    විරහව සුන්දරයි අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් ළඟ ඉඳන් අපව කිතිකමින් කොනිත්තමින් රැඳී ඉන්නේ විරහව
    ලද හැමදේම දවසක අපව අතහැර ගියත් අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් ළඟ ඉන්නේ විරහව
    ආදරයත් සුන්දර විරහව නිසයි
    මේ ගීතයට මා ගොඩාක් ආසයි රෑ දෙගොඩ හරියේ ඇහැරිලා කෝපි කෝප්පයක් තොල ගාමින් මේ ගීතය මා දැනට අහලා ඇති දහස් වාරයකටත් වැඩියෙන්

  • @nkaviiii663
    @nkaviiii663 2 ปีที่แล้ว

    Good job akki❤❤

  • @rashmidissanayaka2650
    @rashmidissanayaka2650 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ ❤️❤️❤️

  • @HIRUNA
    @HIRUNA 3 ปีที่แล้ว +1

    700 මගෙන් ❤😍

  • @kumudumanju3539
    @kumudumanju3539 9 หลายเดือนก่อน

    ඇත්ත අක්කි ආදරට ගෑනු ලොබයි

  • @nomorebro8446
    @nomorebro8446 2 หลายเดือนก่อน

    අහම්බෙන් හමුවට ආ කතිකාවත....

  • @thilinachathuranga4832
    @thilinachathuranga4832 3 ปีที่แล้ว +1

    👌❤️

  • @joyfoodcorner
    @joyfoodcorner 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @arunawmbandara3854
    @arunawmbandara3854 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @mandakini1882
    @mandakini1882 3 ปีที่แล้ว +3

    මේ කටහඩ භවනාවක්.... ❤️❤️❤️

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 6 หลายเดือนก่อน

    Excellent criticism, but not applied !!!!!

  • @kumudumanju3539
    @kumudumanju3539 9 หลายเดือนก่อน

    😔❤️💔

  • @user-oi5tj2eb3c
    @user-oi5tj2eb3c หลายเดือนก่อน

    😂

  • @milindaserasinghe1135
    @milindaserasinghe1135 2 ปีที่แล้ว

    Minissu ai ada kaale rasawidinna danne neththe. Oyage me wichara ekaka neera mama ahanawa pissuwen wage