මෙය දකින්නටත් පිනක් අවශ්‍යමයි/අසිරිමත් සෑ වන්දනා /A great tribute to the Buddha/ damhiru tv/kelaniya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2022
  • #kelaniya #srilankanheritage #damhirutv
    lකිත්සිරිමෙවන් කල්‍යාණි වෙහෙර වරුණ
    සම නොළ ගිරි ගිජිදු දිගු කළ සොඬක සැටි
    සිහි ලළ ගගැ සිලිල් සනහා මුනි නොගැටී
    පැහැ දුල තුන් සිවුරු ඇඳ පෙරවැ වැඩ සිටි
    තැනැ කළ සිවුරු දා ගබ වදු නො පෑ පිටි
    (සැළලිහිණි සංදේශය )
    බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වසරේ වෙසක් පුර පසළොස්වක පෝ දින ශ්‍රාවකයන් 500ක් රැස්කරවා මණිඅක්ඛික නා රජුන් ඇතුළු ලක්ෂ ගණනක් නාග සමූහයා ගේ සසර හිත සුව පිණිස ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ සේක .
    එම ගමනේ දී භාග්‍යවතුන් වහන්සේ පෙරටුකොටගත් රහතන් වහන්සේලා අතර අගසව් මහරහත් තෙරුන් වහන්සේලාද, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ද උපාලි, උපවාත, අනුරුද්ධ, බක්කුල, අංගුලිමාල, භද්දිය ,සේල ,මහානාග උපසේන,පුත්ත, වංගීස නන්ද , භාරද්වාජ ආදී ඒ ඒ විෂයයන්ට අගතැන් මහා රහතන් වහන්සේලාද වෘක්ෂ පර්වත දිව්‍ය විමාන වල වැඩ වසන අනේකාකාර දී සෘද්ධි බලැති දේව සමූහයා බලාසිටියදී අහසින් වැඩම කළහ .
    තුන්ලෝ තිලක තථාගතයන් වහන්සේ කැලණි ගඟේ ස්නානය කළ අවස්ථාවේ හැඳ සිටි ජල සාටිකාව (නානකඩය )තැන්පත් කර මණිඅක්ඛික නා රජු විසින් දාගැබ කරවන ලදි .
    එම දාගැබ සිවුරු දාගැබ හෙවත් මංගල මහා මහා ස්ථූපය ලෙසින් ද ප්‍රකට ය. පසුකාලීනව අනුරාධපුර යුගයේ රජ කළ කිත්සිරිමෙවන් හෙවත් කීර්ති ශ්‍රී මේඝවර්ණ නරපති විසින් ප්‍රථම දාගැබ වටා නව දාගැබක් කරවා පුද පූජා පවත්වන ලදී. පසුකාලීනව මෙම දාගැබ කරවූ රජ නමින්ම විහාරස්ථානය කිත්සිරිමෙවන් විහාරය යනුවෙන් ප්‍රකටව පවතී.
    භාග්‍යවතුන් වහන්සේ දානය වැළඳුවේ මෙම විහාර බිමේ වැඩ සිට බවට තවත් ජනප්‍රවාදයක් වන අතර බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික ධාතූන් වහන්සේ නමක් වන උදකස් ධාතූන් වහන්සේ එම මොහොතේ පවතින තෙතමනයෙන්ම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය පවතිනතාක් කලක් නො වීයළි පවතීවායි අධිෂ්ඨාන කළ බවද මූලාශ්‍රයන්හි සඳහන් ය.
    කැලණිය විභීෂණ දේවාලය අසලින් හමුවූ ටැම් ලිපිය තුළ "උදකස්දා" යනුවෙන් සඳහන්ව ඇත්තේ සිවුරු දාගැබ් වහන්සේ තුළ නිදන්ව ඇති නානකඩ වහන්සේ බව හෙළිවී ඇත.
    සත්‍ය වශයෙන්ම මේ ඔබ දකින්නේ සම්බුදු සිරිපා පහසින් පවිත්‍ර වූ උතුම් වූ බුද්ධ භූමියකි .මෙවැනි උතුම් බුද්ධ භූමියක් වෙත එක් මලක් හෝ පූජා කිරීම මහත් කුසලයකි .කිත්සිරිමෙවන් සෑ රජාණන් වහන්සේ උදෙසා සිදු වූ අසිරිමත් පූජා පෙළහරකි මේ ඔබ දකින්නේ. බුදුරජාණන් වහන්සේ හා බුදුරජාණන් වහන්සේ සමග වැඩි රහතන් වහන්සේලා පන්සියයක් උදෙසා සිදු කරන ලද මෙම උතුම් පුණ්‍ය කර්මය ඔබටත් දැක බලා ගැනීමේ භාග්‍ය දැන් උදා වී ඇත.
    මීට පෙර සිවුරු දාගැබ් වහන්සේ උදෙසා සිදුකළ අසිරිමත් පූජෝපහාරයද ඔබ
    නරඹා කුසල් උපදවා ගන්න.
    • ඔබ දන්වාද සිවුරු දාගැබ...
    මෙවැනි උතුම් විඩියෝ නිති දැකබලා අනුමෝදන් විම සදහා ඔබත් මෙම දම්හිරු චැනලය subscribed කරන්න .
    දහම් දානය පිණිස මෙය බෙදා හැර ඔබත් කුසල් උපදවා ගන්න .
    සම්මා සම්බුදු සරණයි .
    Kithsirimewan Kalyani Vehera
    Kelaniya, Srilanka
    In the eighth year of his enlightenment, The lord Budda gathered 500 disciples on the full moon day of Vesak and came to Sri Lanka to heal the lives of hundreds of thousands of Nagas, including the Maniakhika Na kings.
    King Maniakkhika Na made the Dagaba by placing the (nanakadaya) that the Thagatas were wearing while bathing in the Kelani River.
    This dagoba is also known as the Sivuru Dagaba or Mangala Maha Maha Stupa. Kithsirimevan alias Keerthi Sri Meghawarna king, who later reigned in the Anuradhapura period, built a new dagoba around the first dagoba and performed rituals. The temple which later became the name of the king who built this Dagaba is popularly known as Kithsirimevan Viharaya.
    Another legend says that the Blessed One received alms from work in this temple and the sources say that the Udakas relic, a consumer relic of the Supreme Buddha, was determined to remain dry for as long as the Sri Sambuddha Sasana existed from the current moisture.
    It is a great honor to offer even one flower to such a great place of the Buddha. Now you too have the good fortune to see this great deed done by the Supreme Buddha and the Supreme Buddha for more than five hundred Arahants.
    Here is another valuable video like this
    • ඔබ දන්වාද සිවුරු දාගැබ...
    Thanks..
    BUDUSARANAI..

ความคิดเห็น • 9

  • @sensitivecounseling9669
    @sensitivecounseling9669 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏
    ඉතා විසිතුරු පිංකමක්
    සාදු සාදු සාදු 🙏

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐

  • @tvgood3656
    @tvgood3656 2 ปีที่แล้ว +3

    sadu sadu sadu
    best video

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +3

    Sadu ....sadu ...sadu ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @gaminimeegoda8094
    @gaminimeegoda8094 2 ปีที่แล้ว +2

    ඇත්තටම විසිතුරු පිංකමක්...
    සිවුරු දාගැබ ගැන පළ කර ඇති කරුණු හරිම වටිනවා
    දැකබලා ගන්නට මෙය පළ කළ දමිහිරුට බොහෝ පිං
    සාදු සාදු සාදු

  • @lankaishara9447
    @lankaishara9447 2 ปีที่แล้ว +5

    SADU SADU

  • @gyanathilakahettihewa9609
    @gyanathilakahettihewa9609 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @lankaishara9447
    @lankaishara9447 2 ปีที่แล้ว +4

    SADU SADU

  • @gyanathilakahettihewa9609
    @gyanathilakahettihewa9609 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු