Menikdena Archeological Site || මැණික්දෙන පුරාවිද්‍යා ස්ථානය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • This historic Menikdena archeological site, which can be reached on the road leading to Pannampitiya on the right side from the #Talakiriagama school on #Galewela Dambulla main road and on the right side from #Pannampitiya junction on #Dambulla #Kandy main road, is considered to have been built in the 8th/9th centuries AD. According to several inscriptions found at this place, it has been known as "#Budhgamu Vehera or Buddhagama" in the past. This place, which is identified as a Buddhist temple complex belonging to the #Pabbata vihara category, contains a stupa, a meeting hall, an idol house, an uposatha ghara, a bodhighara, and many #archaeologically valuable building remains can be identified here. According to the legend, the body of #Maliyadeva maharahath thero was kept here in a golden case encrusted with gems and then cremated at #Narammala #Viharegama Vihara. This area has become "Manikdena" because of that #Manikdena. Two #Sigiri inscriptions also mention two inhabitants of #Buddhagama.
    #ගලේවෙල #දඹුල්ල මහ මාවතේ #තලකිරියාගම විදුහල අසලින් දකුණුපස #පන්නම්පිටිය දක්වා දිවෙන මාර්ගයේ ද දඹුල්ල #මාතලේ මහ මාවතේ පන්නම්පිටිය හන්දියෙන් දකුණුපස මාවතේ ද පැමිණ ළඟාවිය හැකි මෙම ඓතිහාසික #මැණික්දෙන #පුරාවිද්‍යා ස්ථානය ක්‍රි.ව.8/9 සියවස්වල ඉදිවූවක් ලෙසට සැළකේ. මෙම ස්ථානයෙන් ලැබුණු සෙල්ලිපි කිහිපයකටම අනුව අතීතයේ "#බුද්ගමු වෙහෙර හෙවත් #බුද්ධගාම" ලෙස මෙය හඳුන්වා තිබේ. පබ්බත විහාර ගණයට අයත් බෞද්ධ විහාර සංකීර්ණයක් ලෙස හඳුනා ගන්නා මෙම ස්ථානය ස්ථූපයක් ,සභා ශාලාවක් , පිළිම ගෙයක්, උපෝසථ ඝරයක්, බෝධිඝරයක් ඇතුළු පුරාවිද්‍යාත්මක වටිනාකම් න් යුතු ගොඩනැගිලි අවශේෂ රැසක් මෙහි හඳුනාගත හැක. ජනප්‍රවාදයේ එන පරිදි #මලියදේව මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය මැණික් ඔබ්බවන ලද රන් දෙනක තබා මෙහි තැම්පත් කර පසුව ආදාහනයට නාරම්මල විහාරේගම විහාරයට වැඩම කරවා තිබේ. එම මැණික්දෙන නිසාම මෙම ප්‍රදේශය "මැණික්දෙන" වී ඇත. #සීගිරි කුරුටු ගී දෙකක ද බුද්ගම වැසියන් දෙදෙනෙකු පිළිබඳව සඳහන් වේ.
    ස්වස්ති බුද්ගමුවෙහෙරැ නියම්ජෙට් නා සගය්මි ලීමි
    බලන්නට් ගැහිනින් බැලුමො සිහිගිරි
    පිරි මනජොළ කතුන් ම යත් ත ළ ජොලන්නට් හුන්
    (ස්වස්ති ! බුද්ගමු වෙහෙර ප්‍රධාන පරිපාලකයා (නියම් ජෙට්) නා සාගය් වන මම ලියුවෙමි, කාන්තාවන් බැලීමට සිහිගිරි බැලුවෙමු, එහි සිටින අගනන් බැලීමෙන් මාගේ මනදොළ පිරීගියේය, කෙදිනද ඔබ හදගිනි දල්වන්නේ? )
    ස්වස්ති බුද්ගමියෙ වැසි කිතග්බොයි ගී
    සිරිහව් කත මෙ දුට් සැදැ යහපත් වන්නෙ යි
    පරවිටියෙ සිහිනෙ දුට් යහපත් දිටි සෙය් මෙ වෙයි
    (ස්වස්ති! බුද්ගම වසන කිතග්බොයි ගේ ගීයයි
    සිරි දේවිය වන් වූ මේ අප්සරාව දුටු කල යමෙකු සතුටු වේ. ඇය නැති කල ඇයව සිහිනෙන් දුටු කල ඇයව සැබැහින් දුටු සේ සිතා යමෙකු සතුටු වේ.)

ความคิดเห็น • 11

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 2 หลายเดือนก่อน +2

    එම ගන්ධකුටිය බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයක්මයි

  • @SanjeewanisamanthikaRathnayaka
    @SanjeewanisamanthikaRathnayaka 2 หลายเดือนก่อน

    අපේ හෙළ ඉතිහාසය බුදුදහම වෙනුවෙන්මකැප වූ විශ්මිත දස්කම්

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 2 หลายเดือนก่อน

    මෙම විහාරය වැඳ පුදා ගතිමි .පැහැදිලි කිරීම හොඳයි.මෙහි ඇති විශාල ගල්කණු හා නටබුන් ක්‍රිස්තු පූර්ව හයවැනි සියවස හෝ ඊටත් එහා ගිය ඉතිහාසයයි කියාපාන්නේ ❤️🙏

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 2 หลายเดือนก่อน +1

    එදවස බුදුන් වහන්සේ වැඩවිසූ පාන්ඩව පර්වතය පාමුල වේලුවන ආරාමය අද මැනික්දෙන

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 2 หลายเดือนก่อน +2

    මෙතන බුද්ධ කාලයේ තැනක් මේ ස්ථාන ආරක්ෂා කරගත යුතුයි 🙏🙏🙏🙏🙏😇💜️

    • @senavibanda3357
      @senavibanda3357 2 หลายเดือนก่อน +1

      ඔක්කොම විස්තර සුද්දා තමයි වාර්තා කරන්නේ෴හැබැයි බුදුහාමුරැවෝ ඉන්දියාවේ෴පුදුමයි එ්ත් අැත්තයි෴

    • @senawirathna6147
      @senawirathna6147 2 หลายเดือนก่อน

      ​@@senavibanda3357පුද්දගෙ සුකේ විතරක් නෙවෙයි අපේ හෙලයෙක් ඉන්නව සුද්ද සිංහලෙන් කියාදෙනව සෙල්ලිපිවලිං .
      පොට්ටයෙක්ට උනත් අතගාල කියන්න පුළුවන් බුදුන්ගෙ දේසය ලංකාවබව..
      පරගැතියෙක් නොවේනම්..

    • @acecoach623
      @acecoach623 2 หลายเดือนก่อน

      @@senawirathna6147 👍

    • @acecoach623
      @acecoach623 2 หลายเดือนก่อน

      @@senavibanda3357 🐒🐒🐒

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 2 หลายเดือนก่อน

    බුද්ධ ඉතිහාසය මෙි තුල සැගව අැත.