Thotupala Mountain & Dayagama Trail | Horton Plains National Park Srilanka 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2024
  • පවුලේ අයත් එක්ක, පොඩ් අයත් එක්ක යන්න පුලුවන් ගමනක් තමයි මේක.
    මේකේ මම ගියේ ලංකාවේ තුන්වෙනියට උසම කන්ද වන තොටුපල කන්දට සහ ඩයගම Trail එකේ. මේ දෙකම තියෙන්නේ ඔක්කොම හෝර්ටන්තැන්නේ.
    මහතැන්න, මහඑළිය, විල්මන්තලව ගෝනතැන්න
    2010 වර්ශයේදී ලෝක උරුමක් බවටත්, 1969 දී ස්වාභාවික රක්ෂිතයක් ලෙසත්, 1988 දි වනෝද්‍යානයක් ලෙසත් නම් කරන ලද හෝර්ටන්තැන්න ජෛව විවිධත්ව ලක්ෂණ වලින් අනූන භුමියකි.
    මෙම භුමිය වැදගත් විමට හේතු රාශියකි.
    ලංකාවේ උසම කදු 5න් 3ක්ම මෙහි පිහිටා ඇත.
    ඒවා නම්
    2.කිරිගල්පොත්ත කන්ද (2320m)
    3.තොටුපළ කන්ද (2357m)
    4.අග්‍රාබෝපත් කන්ද (2395m)
    තවද සුවිශේෂී ස්ථානයන් වන්නේ බේකර්ස් ඇල්ල, චිමිනි ඇල්ල හා ලොකාන්තයයි.
    තවද මෙම භුමියෙන්
    මහවැලි ,අග්‍ර ඹය,
    වලවේ , බෙලිහුල්
    කැලණි , බගවන්තලාව ඔය
    ගංගා වල ආරම්භක ස්ථාන වන ඔය හා ආරම්භ වේ.
    මෙහිදි කිරිගල්පොත්ත උතුරු බෑවුම් වලින් ගලා යන ජල ධාරා අග්‍රා ඔය ඔස්සේ මහවැලි ගඟටද,
    තොටුපළ කන්දේ දකුණු පසින් ගලා හැරෙන ජල ධාරා බෙලිහුල් ඔය හරහාත් කිරිගල්පොත්තේ නිරිතදිගින් ගලා යන ජල ධාරා බගවන්තලාව ඔය හරහාත් කැළණි ගඟට එකතු වේ.
    1831 - 1837 කාලයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සර් රොබට් විලියම් හෝර්ටන් සහ සබරගමුව රටේ රාළ දඩයමේ පැමිණි අවස්ථාවක මෙම ස්ථානය සොයා ගෙන තබේ. 1836 දී මෙය හෝර්ටන්තැන්න ලෙස නම් කරන ලදි.
    කෙසේ වෙතත් මෙහි ඉතිහාසය රාවණා රජුගේ කාලය දක්වා දිව යයි. රාවණා රජු සීතාදේවිය පැහැරගෙන පැමිණ දඩුමොණර යන්ත්‍රය නවත්වා ඇත්තේ මෙය ආශිතව ඇති කදුගැටයක බව ජනයා විශ්වාස කරයි. එය වර්ථමානයේදි තොටුපළ කන්ද ලෙස ව්‍යවහාර කරයි. තවද සීතා දේවිය සගවා තැබු සීතාඑළිය පිහිටා තිබෙන්නේද වනෝද්‍යානය ආශිතවය.
    තවද රාම රාවණා යුද්ධය මෙහි සිදුවූ බවද ඒ හේතුවෙන් ඇති වු ගින්දරින් මෙම ප්‍රදේශය මෙලෙස තෘණ භුමියක් වු බවද පැවසේ..
    තවද හෝර්ටන්තැන්න ආශ්‍රිතව කරන ලද පුරාවිද්‍යාත්මක පරීක්ෂණ වලින් මෙම භුමියේ ඈත අතීතයේ වගා කටයුතු සිදු වී ඇති බව පවසයි. එනම් ආදි මානවයා මෙහි ජීවත් වන්නට ඇත.
    තවද ශිරාන් දැරණියගල මහතා පවසන පරිදි මධ්‍යම ශිලා යුගයේදි එනම් ක්‍රි.පු 11000 දි පමණ දඩයම් කරන මානවයා හෝර්ටන්තැන්නෙහි ජීවත් වු බවට ඔහු පවසනවා. තවද මෙයින් සංක්‍රමණය වු මානවයා බලංගොඩ ප්‍රදේශයේ ගුහා ආශ්‍රිතව(බලංගොඩ මානවයා- ක්‍රි.පූ 8000) ජිවත් වු බවට විවිධ මත පවති.
    තවද මධ්‍ය ශිලා යුගයෙදී දඩයම් මානවයා කෘෂි මානවයා බවට පත් වී ඇති බව ප්‍රසිද්ධ මතයක්.
    මෙය සනාථ කරමින් ශිරාන් දැරණියගල මහතා හෝර්ටන්තැන්න ආශිතව කරන ලදි පරීක්ෂණයකින් ඔහුට, පොසිල විශේෂයක් හමුවි තිබෙන අතර එය මධ්‍යම ශිලා යුගයට අයිති බාර්ලි ,වී වැනි ධාන්‍ය වගාකල බවට සාක්ෂියකි. එනම් මීට වර්ශ 13000 කට පෙර ලංකාවේ අඩි 7000කට වඩා උස් ප්‍රදේශ වල මුලික කෘෂිකර්ම බිම් ව්‍යාප්තව පැවති ඇත.
    (හෝර්ටන්තැන්නේ මීටර් 6ක් පමණ ගැඹුරු නිධි අතරේ මෙම පොසිල වාර්තා හමු වී ඇත)
    වනාන්තර එළිපෙහෙළි කිරීම හා ගින්දර භාවිතයෙන් සිදුකරන හේන් වගාව (Slash and burn/chena cultivation) පිළිබඳ ව ඇති සාක්‍ෂි ද තෘණ බිම්වල සිදු වී ඇති එඬේර කටයුතු (Grazing and pastoral activity) සඳහා ඇති සාක්‍ෂි ද තෘණ බිම්වල කළමනාකරණය පිළිබඳ සාක්‍ෂි ද, කෑමට ගත හැකි ශාක වර්ග කීපයක පොසිල පරාග සාක්‍ෂි ද, වගා කටයුතු සඳහාම හඳුන්වා දෙන ලද පඳුරුමය ශාක කීපයකම (Cultivated shrubs) පොසිල වාර්තා හමුවීම ලංකාවේ පුරාණ කෘෂිකර්මය සඳහා ඇති සාධක වශයෙන් ආචාර්ය පේ‍්‍රමතිලක විසින් පෙන්වා දී ඇත.
    පාරිසරික භූ චුම්භන වාර්තා (Environmental mineral magnetic records) මඟින් පෙන්වා දෙන මානව භූ ඛාදන ක‍්‍රියාකාරිත්වයන් ද ලංකාවේ උස්බිම් කලාපයට අයත් මහඑළිය ප‍්‍රදේශයේ අදින් වසර 10,000 පෙර අවධියේ දී මානව ක‍්‍රියාකාරකම් සිදු වූ බව පෙන්වා දෙන තවත් අමතර සාක්‍ෂියකි. අදින් වසර 17,500කට පමණ පෙර තණබිම් හා ලඳු කැලෑ ගිනි දමා පුළුස්සා විනාශ කිරීමේ ලක්‍ෂණ විශාල ප‍්‍රමාණයක් ක්‍ෂුද්‍ර අඟුරු විශ්ලේෂණය, පරාග වාර්තා, ෆයිටොලිත වාර්තා හා පොළොව අභ්‍යන්තරයේ භූ චුම්භණ ගතිගුණ විශ්ලේෂණය කිරීමේ ක‍්‍රමවේදය හරහා අනාවරණය විය. මිනිස් ක‍්‍රියාකාරකම් නිසා හෝර්ටන් තැන්නේ බොහෝ බෑවුම් ඛාදනයට ලක් වී ඇති අයුරු තේරුම් ගැනීම සඳහා ද මේ වාර්තා තවදුරටත් වැදගත් වනු ඇත. ඒ අනුව, මහඑළිය හෙවත් වර්තමානයේ හෝර්ටන් තැන්න යනුවෙන් හඳුනාගන්නා භූමි ප‍්‍රදේශයේ ඇති වී ඇති තණබිම් එකල විසූ මිනිසුන් විසින් කැලෑ එළිකර ගිනිතැබීම නිසා ඇති පතන භූමි වශයෙන් හඳුනා ගැනීමට හැකි වී ඇත. කාලීනව විශාල ගස් කපා බෙමි හෙළිම හා එසේ කළ නොහැකි ගස්වල පොතු ඉවත් කිරීම මඟින් ඒවා මැරී වියළිමට ලක්කර පසුව ගිනි තැමීබ මඟින් මෙම විශාල ගස් විනාශ කර ඇති අතර පසුව ඇතිවන පතන භූමියේ මුවා, ගෝනා වැනි කුර සහිත සත්වයන්ගේ ගහණයේ ශීඝ‍්‍ර වර්ධනයක් එකී භූ දර්ශනය තුළ දී එවැනි සතුන් දඩයම් කිරීමට ඇති පහසුවත් සලකා මෙවැනි ක‍්‍රියාමාර්ගයක් ප‍්‍රාග් ඓතිහාසික මානවයා විසින් අනුගමනය කර ඇති බව අර්ථකථනය කර ඇත. ඒ අනුව එකී කලාපයේ භූ දර්ශනය එකල මිනිසාගේ මැදිහත්වීම හේතුවෙන් ඇති වූවක් බව පැහැදිලි වේ.
    Totapolakanda (also Thotupolakanda or Thotupola Kanda), is the third highest mountain in Sri Lanka situated in Nuwara Eliya district 2,357 m (7,733 ft) above mean sea level.[1] The mountain is located within the Horton Plains National Park. A trail to the top of the mountain, about two kilometres long, starts a few metres away from the Pattipola entrance to the Horton Plains National Park. Most parts of the mountain surface is covered with shrubs adapted to the cool and windy climate of Horton Plains National Park. Strobilanthes, Osbeckia and Rhodomyrtus species grown as shrubs are common among them.
    .
    .
    .
    .
    .
    #srilanka #nuwaraeliya #hortonplains #kirigalpotta #kirigalpottaountain #ThotupalaHiking
    #ThotupalaMountain #HortonplainsThotupala
    #HikingThotupala

ความคิดเห็น • 13

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja หลายเดือนก่อน

    Nice video ජෝඩුව ❤ 💚

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara หลายเดือนก่อน

    මරු 🍃👌 සීතල මීදුම නැතුව මොකක්ද වගේ 🫠

  • @SuwaaZ
    @SuwaaZ หลายเดือนก่อน

    ❤🍃🕊️👌

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 หลายเดือนก่อน +1

    හරිම ෂෝක්...therapeutic !
    හෝටන්තැන්නේ කුඩා බලල් පවුලේ ඈයෝත් ඉන්නවා..වසුරැ වනජීවී කළමනාකරණයේදී ඉතා වැදගත් සාධකයක් . මාංස භක්ෂක සතුන් තමන් ගේ වසම ලකුණු කරන එක් විදියක් තමා වසුරැ. ඔයා දන්නවා ද අපේ පහසුවට අපි හදන මාවත් එයාලා හැමෝව ම බෙදලා අසරණ කරලා දාන බිහිසුණු රේඛා .හැබැයි විකල්පයක් විදිහට හැඩ ගැහෙනවා . වසුරැ පාර අසබඩ බහුල ඇයි කියලා තේරුම් ගන්න ඔයාලා බුද්ධිමත් ඇති දැන්..
    ඒ හින්දා ගොඩක් ඒවා විසුරැවන්න හොඳ මදී..ඒ ඒ තුල ඇති එයාලගේ පවුරැශයේ සුගන්ධය කල් ඉකුත්වීම කඩිනම් කරනවා .
    Hope you understand .
    ආ ඔයාලා දන්නවා ද ලෝම තියෙන සතුන්ගේ තනි ලෝමයක මතුපිට අන්වීක්ශීය කෙරටීන් නම් ප්‍රෝටීන සැකැස්ම ඒ සත්ත්ව විශේෂයට ආවේණික කියලා. එයා කාපු සතා ඒකෙන් කියන්න පුලුවන්. මරැනේ ?? (ඔයාලා අන්වීක්ශයක් තියන් කොටි "බෙට්ටේ" ලෝම බලන portrait එකක් හිතේ මැවිලා හිනා ගියා😂) ඒ වගේම මස්කන ඈයෝ කරන තව දෙයක් තමා රතුමස් අවයව රසට බඩ පැලෙන්නකාලා හිතාමතාම ලෝම අහුරක් දෙකකුත් වළඳනවා. ඒ ලෝම ජීර්ණයේදී එන්සයිම වල කාර්‍යක්ෂ්මතාව ඉලල දාලා බෙට්ට දොට්ට දාන්න පහසුවකුත් සපයනවා...හප්පා ඇති😅.
    කාලෙකින් ලිවුවේ ඔයාගේ කඳු වික්‍රම වලින් inspire වෙලා. මහතැන්න මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. පිදුරුතලාගල පාමුල දී පලමු හුස්ම ඇදපු මාව දශක දෙකක් කැලේට අතිනත ගැන්නුවේ ඇය තමා.. දැන් මේ ඔය Ulex europeus ගෙනාපු රටේ ලකා ගැහුවට .දැනුම බෙදලා දෙන්න ඔයාලා අනික් අයටත් .
    දීර්ඝායුෂ හැමෝට ම🎉

    • @UnknownHikerSL
      @UnknownHikerSL  หลายเดือนก่อน +1

      ඒක වටිනවා මාරම 💚
      මට සත්තු ගැන අයිඩියා එක තියන් ඉන්නේ Hike යද්දි වැදගත් ටිකට 😋
      පුලුවන් නම් ඕක ගැන හොද Article එකක් ලියමු. 😋
      අර කතාව නම් මම වෙනින් රටවල Documentary වල සෑහෙන්න දැකලා තියනවා. සත්තු පිටිපස්සෙන් ගිහිල්ලා Study කරන Documentary වල.
      වෙනින් කැලේක නම් අහු වුනාම අනිවා අවුස්සනවා, Knuckles එහෙම ලේසියෙන් අහු වෙන්නේ නෑ. අහු වුනොත් හාරලා බලනවා 😋🌝

  • @sajeevith5655
    @sajeevith5655 28 วันที่ผ่านมา +1

    Great Video. Thank you so much.

  • @holidaywalkers1694
    @holidaywalkers1694 หลายเดือนก่อน

    Super vlog brother ❤

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 หลายเดือนก่อน

    අක්කා එක්ක වීඩියෝ දාන්න ❤🍃

  • @thekollo4260
    @thekollo4260 หลายเดือนก่อน

    බෑග් එක වැඩිපුර අක්කාට දීම තරයේ හෙලා දකිනවා 🤧🤧

  • @kellatravel
    @kellatravel หลายเดือนก่อน +1

    දැන් බලන්න ගත්තේ 💚💚💚

  • @rangarathnayake875
    @rangarathnayake875 หลายเดือนก่อน