Ma Nowana Mama (මා නොවන මම) with Himasha Manupriya | 24th May 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 742

  • @twominuteskorean3621
    @twominuteskorean3621 3 หลายเดือนก่อน +120

    සදාදර නයො ගීතයට ගයන්ත විසිල් කරපු විදිය හරිම විශිශ්ටයි .. හැම දෙයක්ම සුපිරි අතර විසිල් එක අති සුවිශේෂි බවක් තිබ්බා

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 3 หลายเดือนก่อน +32

    හරිම නිහතමානී උගත්,දක්ෂ දරුවෙක්..පොඩිකාලෙ වගේම අදත් හරිම ලස්සනට බුද්ධං සරණන් සින්දුව ගායනා කලා...හතු පිපිලා පරවෙලා යනවා වගේ සමහර රියලැටි තරු..හැබැයි හොදට ඉගෙන අවබෝධයෙන්ම ඉදිරියට යන දරුවෙක් හිමාෂ..❤ තාත්තගෙ මගපෙන්වීම ඉතාමත් හොදින් කරලා තියෙනවා...දරුවා පව්ලට වගේම රටටත් හරිම වාසනාවක්...තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම...❤❤❤

  • @jaancsc
    @jaancsc 3 หลายเดือนก่อน +52

    ඔබ කොච්චර දක්ෂායෙක්ද කියලා දැනුනේ ගීත ගායනය වගේම වාදනයත් වැඩ සටහන පුරා ඔබේ තිබුන නිහතමානීගතිය 💚

  • @sueperera4320
    @sueperera4320 3 หลายเดือนก่อน +77

    වෙලාව ගත වෙනවා දැනුනේම නැහැ.හරිම මිහිරියට ගීත ගායනා කරා.පුතාගේ හිනාවට, කතාවට, ගොඩක් ආදරේ හිතෙනවා.සමහර වෙලාවට ආදරනීය ගායක භාතිය වත් මතක් වෙනවා පුතා හිනා වෙන කොට. පුතාටත්,පවුලේ සියළු දෙනාටත්,පුතාගේ අනාගතයටත් සුභ පතනවා.වැඩ සටහන මෙහෙයවපු ආදරණිය ජූඩ් ශ්‍රීමාල් ටත් ස්තූතියි.❤❤❤❤❤❤❤❤❤

    • @user-xd9kq6rr8p
      @user-xd9kq6rr8p 3 หลายเดือนก่อน

      ජූඩ් ශ්රීමාල්......හහ්. හහ්. හා😂

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 3 หลายเดือนก่อน +25

    පුතා ගොඩක් ගායන ශිල්පීන් ,වේදිකා ගතවනවිට කනමද්දු වගේ බීගෙන දගලන්නේ ,ඔබයි ,අයියයි, කවදාවත් ඔයාලගේ තත්ත්වය නැතිකරගන්න එපා, අපි ආදරේ කරන හඩවල් දෙකක් ඔබ දෙපල,ඒ තත්ත්වය ඉදිරියට රැකගනී කියලා විශ්වාස කරනවා .
    God bless you❤️😘

  • @prince-hv7xj
    @prince-hv7xj 3 หลายเดือนก่อน +50

    රූකාන්ත ගුණතිලක වගේ සංගීත දැනුමෙන් පිරුණු සුපිරි ගායකයෙක් ඉන්නව අනාගතයේ අපිට.ඒ හිමාෂ❤❤❤

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 3 หลายเดือนก่อน +17

    හිමාෂ පුතේ අද තමයි මම අහපු හොඳම මා නොවන මම වැඩසටහන. හුස්ම ගන්නත් අමතක වුණා. ඒ තරම් රහයි ගායනය. දෙරණට හදවතින් ස්තූති කරනව ඔයා වගේ තරුවක් අපට දායාද කළාට. ජීවිතය දිනන්නට, සංගීතයේ හිනිපෙත්තටම යන්නට සුබ පැතුම් එක්කරනව ❤.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 หลายเดือนก่อน +35

    රත්තරන්, ගුණ ගරුක බුද්දිමත්, පැටව් ටිකක් බිහිකරපු දෙරණ බුදුසරණයි හැමදාම හැම දරුවන්ට තෙරුවන් සරණයි උතුරන්න හරි යන්න ඕන ❤❤❤❤❤❤❤cyprus❤❤❤❤

    • @nadeesha5790
      @nadeesha5790 3 หลายเดือนก่อน

      Demawpiyo bihi karapu derana aduna gaththu daruwa.. ❤❤❤

  • @ChandimalKumara
    @ChandimalKumara 3 หลายเดือนก่อน +52

    ශා නියමයි.මම හිතුවෙ වෙරලුමල් වගේ ජහුටන් සින්දු එක්ක සින්හල Geetaya ඉවරෙටම ඉවරයි කියලා.මම හිතුවා weradiy.මේ ඉන්නෙ නියම සින්ගස්ලා.ලන්කාවට වගේම ලෝකෙටම ආඩම්බරයක් .සුපිරිම සුපිරියි❤ ❤❤❤❤❤❤ ජයවේවා ඔබට හිමාශ👌👌👌👌

  • @user-xc5lr8zt3e
    @user-xc5lr8zt3e 3 หลายเดือนก่อน +44

    අයේ පරණ අතිතයට ගියා පුතා අද සිංදුවක් රස විදින බැරි වර්තමානයේ ඔබෙි සිිංදු භාවනාවක් වගේ පුතේ ආදරය ❤❤👍🎵🎸🎼🎧

  • @leninjohnson1816
    @leninjohnson1816 3 หลายเดือนก่อน +25

    Superb ❤👏 හරිම ගිතය හරිම පුද්ගලයා තෝරාගත්තම අනිවාරයෙන්ම very feeling full, එම වැඩසටහන කැලුම් අයියා වැනි දැනුම පරිපුර්න සුන්දර පුද්ගලයා වැඩසටහන කරද්දි ඒකපවෙනම රහාක්!! පට්ට ලල් එකක්❤️🎶👏

  • @sanjayamanoj2178
    @sanjayamanoj2178 3 หลายเดือนก่อน +18

    කැලුම් අයියගේ ඒ සුපැහැදිලි හඬ සහ ඒ කතා විලාශය පෙර පිනකට ලැබුනු දෙයක්. මේ වැඩසටහන බලන්න ආසාව ඇති වෙන්න ප්‍රධානම හේතුවක් උනෙත් ඒක. මුලින්ම කැලුම් අයියේ ඔබට දීර්ඝායුෂ වේවා.
    හිමාෂ පොඩි එකා සන්දියේ ඉඳන් අපි වහ වැටිලා වගේ සිංදු ඇහුවේ. දැන් ගජ ඉලන්දාරියෙක් වෙලා. අතිශය දක්ෂ තරුණයෙක් රටට සම්පතක්. ඔබට සුබ අනාගතයක් මල්ලි....
    මම සංජය මනෝජ්

    • @jeewanthajeewan6782
      @jeewanthajeewan6782 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන් මේකනම් ඇත්ත අපි අගය කළ යුතුම චරිතයක් කැලුම් අයියා❤❤❤❤

  • @madushikasandamali648
    @madushikasandamali648 3 หลายเดือนก่อน +47

    චාමර අයියගෙ වැඩසටහනින් පස්සෙ ආසවෙන් අහපු වැඩසටහනක්
    බුදුසරනයි පුතේ

    • @dasithjayawardana9171
      @dasithjayawardana9171 3 หลายเดือนก่อน

      ඇයි ,සිහේලි තූර්‍යස් ,,,අක්ශා චමෝදි ................

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 3 หลายเดือนก่อน

      මමත් චාමරගෙ වැඩසටහනක් පස්සෙ ආසාවෙන්ම බලන එක 👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-iv5dy1sk5f
      @user-iv5dy1sk5f 2 หลายเดือนก่อน

      මමත්

  • @DevindaKumara-rb5fb
    @DevindaKumara-rb5fb 3 หลายเดือนก่อน +29

    සිංහල සංගිත කලාවට මහගු වටිනා කෙනෙක් ඔයා සහොදරයා ඉතාම වැදගත් සහ ප්‍රවිණයන්ට ගරැ කරන දෙදනෙක් ඔයායි ඔයාගෙ අයියායි ❤❤❤❤

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 3 หลายเดือนก่อน +128

    හිමාෂ කියපු කතාව හරියටම හරි බුද්ධං සරණං ගීතයෙ ඒ කියන කොටසෙ මහා අමුතුම කියාගන්න බැරි දෙයක් තියනවා පොඩි කාලෙ වගේම අදටත් original එක අහද්දි ඒක මට දැනෙනවා....❤️

    • @charithdon9618
      @charithdon9618 3 หลายเดือนก่อน +6

      Ou AK hare❤

    • @swarnathilaka3366
      @swarnathilaka3366 3 หลายเดือนก่อน +3

      හ්ම්ම්ම්ම්ම් මමත් ආසම සිංදූව ක් 🙏🙏🙏🙏

    • @malkaliyanage4656
      @malkaliyanage4656 3 หลายเดือนก่อน +3

      Harima asai podi daruwo thamanga uthsahayan diyunu wena akata❤❤

    • @user-pb6fz8gv3q
      @user-pb6fz8gv3q 3 หลายเดือนก่อน +2

      ඔව්

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම. මට නම් හිරිගඩු පිපෙනවා ඒ high pich feeling එකට

  • @sureshnilupul
    @sureshnilupul 3 หลายเดือนก่อน +53

    කාල යාත්‍රා සින්දුවේ පද රචකයා මෙන්ම හිමාෂගෙ තවත් ගීත කිහිපයක පද රචකයා වීම ගැන මට ආඩම්බරයි...❤..හිමාශ සැබෑම දක්ෂයෙක්❤

    • @nilankaperera8793
      @nilankaperera8793 3 หลายเดือนก่อน

      තවත් දක්ශයින්ට හොද නිර්මාණ කිරීමට සුබ පතනවා.. ❤❤

  • @gangabangamu9792
    @gangabangamu9792 3 หลายเดือนก่อน +41

    ❤ රත්තරන් පුතෙක් හැම දරුවෙකුට ම ආදර්ශමත් චරිතයක් . ඔබට සියලු ජය පුතේ ... තෙරුවන් සරනයි ...

    • @deepajayalath
      @deepajayalath 3 หลายเดือนก่อน

      හිමාෂගේ අයියාගේ සින්දුත් හරිම ලස්සනයිනේ(තනුර දිශානායක) මේ දවස්වල අැහි දාර පවා කියන ජනප්‍රිය ගිතය ඔහුගේ

  • @sampathbandara5721
    @sampathbandara5721 3 หลายเดือนก่อน +20

    ඇත්තටම ගොඩාක් දක්ෂතා තියෙන දරුවෙක්. අනාගතයේ ඉතාම හොඳ තරුවක් 🌟 වෙනවා නොඅනුමානයි ✌️👍

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 3 หลายเดือนก่อน +81

    මෙයා චූටී කාලේ 2009 බෙග් මාස්ටගේ සිංදුවක් කියලා කොච්චර ජනප්‍රිය උනාද..අද වෙනකොට ලොකු ලමයෙක්..❤❤❤❤

  • @shyamasam16
    @shyamasam16 3 หลายเดือนก่อน +48

    මහ පණ්ඩිත පොඩි එකෙක් කියල මිනිස්සු විවේචනය කරන කාලෙත් හිමාශ ගෙ දක්ශතාවට ආදරේ කල කෙනෙක් මම❤ེ .අද දක්ශතා පිරි යස තරුණයෙක්. ඔහුගේ වාග් චාතුර්‍ය පවා ඔහුගේ වයසට වඩා මුහුකුරා ගිය පරිණතයි👌වැඩසටහන් මෙහෙයවන්නෙක් විදියට ත් ඔහුට බොහෝ දක්ශතා ඇති බව පේනවා.සුභ පැතුම් හිමාශ. සංගීත යේ විවිධ මං පෙත් ස්පර්ශ කල හැකි සුවිශේෂී චරිතයක් පුතා ඔයා👌. ජයම වේවා! ජයන්ත දිසානායක තාත්තාටත් අප්‍රමාණ කැපකිරීම් කරන අම්මාටත් නිරෝගී බවත් දීර්ගායුෂත් ලැබේවා මෙවන් වටිනා පුතුන් ට මංපෙත් සලසා දීමේ පිනෙන් ❤

    • @user-pf5jm5ny8o
      @user-pf5jm5ny8o 3 หลายเดือนก่อน

      ඉතාම නිහතමානි jayantha malli ⁣ge athi daksha kollo dennagen podi eka ,,,,jayama wewa

  • @kpwimalarathne1744
    @kpwimalarathne1744 3 หลายเดือนก่อน +25

    අනාගත සත්සර අහසේ පායන දිලෙන තරුවක්...මගේ උණුසුම් සුබ පැතුම්...!❤

  • @sarindusrimall663
    @sarindusrimall663 3 หลายเดือนก่อน +37

    අද දවසට හරියට ගැලපෙන කෙනා ගෙනත් තියෙනවා ස්තූතියි 🙏🙏🙏

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 3 หลายเดือนก่อน +45

    ඇග කිලි පොලා යන සින්දු ලස්සනයි ❤️❤️❤️ජයවේවා

  • @insonline7569
    @insonline7569 3 หลายเดือนก่อน +45

    සිංදු ටික විතරක් අහන්න හොයන ඔබට....
    (01). 11:24 - බුද්ධං සරණං ගච්ඡාමී
    (02). 24:23 - සදාදර නයෝ ඔබේ
    (03). 39:46 - ඇහිදාර පවා
    (04). 01:03:47 - මහමායාවරුනේ
    (05). 01:23:07 - සඳරේණු වෑහෙනා

  • @priyankalup7298
    @priyankalup7298 3 หลายเดือนก่อน +28

    මුලු පව්ලටම වාසනාව ගෙනාපු කොල්ලෙක් තමයි ඉතිම් ජයවේවා ඔයාට ❤❤❤🎤🎶

  • @ineeshagamage2848
    @ineeshagamage2848 3 หลายเดือนก่อน +6

    ඇත්තටම සතුටුයි පුතේ.. අපේ රටේ සංගීත රසය නැති වෙන එකක් නෑ කියල ඔයා වගේ දරුවො දැක්කම හිතෙනව. ජයෙන් ජයම වේවා.. තෙරුවන් සරණයි පුතේ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 หลายเดือนก่อน +15

    දවසක හොඳ ම තැනකට එන නම පවතින කෙනෙක් වේවා දෙමාපියන් ට ආගම රටට ගරු කරන දරුවෙක් ජයවේවා

  • @twominuteskorean3621
    @twominuteskorean3621 3 หลายเดือนก่อน +43

    හිමාෂ, අනාගත කලාකෙතට හොදම අස්වැන්නක් නෙලන්න පුලුවන් බීජයක්.❤❤

  • @supun3133
    @supun3133 3 หลายเดือนก่อน +5

    චාමරගේ,දමිත් ,හිමාෂ බලපු සුපිරියක් ඒ විසල් පහර ❤. ගැහැනුන්ගේ හෙළුව පෙන්නලා සිංදු හදලා ජනප්‍රිය කියලා හිතන් ඉන්න මානසික ලෙඩිඩු ටික මෙික දකිවා.

  • @DEVARADT
    @DEVARADT 3 หลายเดือนก่อน +17

    ඇත්තටම ලස්සනයි කියන්න වචන නෑ GOD bless you පුතා ❤️❤️❤️❤️❤️

  • @mahirtvv
    @mahirtvv 3 หลายเดือนก่อน +7

    මාරම ලස්සනයි
    Congratulations පුතා
    ඔබ හිතන පතන ආකාරය හරි වටිනවා.
    හැම ගායනාවක්ම උපරිමයෙන් කළා.
    අමුතු රසවත් බවක් ඒ තුල තියෙනවා 💗💗💗

  • @dilanmadushanka1680
    @dilanmadushanka1680 3 หลายเดือนก่อน +25

    ඇස් වලට කදුලු එන්නම කිව්ව ලස්සනයි ❤️🥰

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 3 หลายเดือนก่อน +9

    හොඳ අනාගතයක් තිබෙන, සුවිශේෂී ගායන හැකියාවක් තිබෙන, නිහතමානී තරුණයෙක්.සුබ අනාගතයක් ඔබට පුතේ.

  • @Family.Kitchen_Mabima
    @Family.Kitchen_Mabima 3 หลายเดือนก่อน +2

    හිමාශගෙ වයසත් එක්ක තෝරගෙන තියන ගීතත් එක්ක බලනකොට ඇත්තටම සතුටුයි පුතා බුදුසරණයි ඔයාට සුභ පැතුම් ඔයාට ❤❤❤

  • @nuwanthithilakarathna6579
    @nuwanthithilakarathna6579 3 หลายเดือนก่อน +17

    හරිම ලස්සනයි wada satahanath sindu කියපු මල්ලි oyath,ආදරෙයි ❤

  • @priyalsujeewa3334
    @priyalsujeewa3334 3 หลายเดือนก่อน +22

    හැම දන තුඩ තුඩ රැව් දේවා. හිමාෂ බුදු සරණයි 🙏❤️🍀

  • @anomadamayanthi4402
    @anomadamayanthi4402 3 หลายเดือนก่อน +9

    හරිම ලස්සන හරිම වටිනා දරුවෙක්....පරිස්සමින් ගමන යන්න,,ජය වේවා....බුදු සරණයි!.

  • @indusara181
    @indusara181 3 หลายเดือนก่อน +10

    What a gem he is ♥️ a versatile, complete package of a musician! Loved the perfection of your voice!!

  • @navaratnadilumenoka
    @navaratnadilumenoka 3 หลายเดือนก่อน +47

    මනුප්‍රිය ,ඔබ විශිෂ්ඨයි. ජය..!

  • @sumithranaweera5715
    @sumithranaweera5715 3 หลายเดือนก่อน +9

    පුතා ඔයා ඇත්තටම කතාවටයි ගායනයට දක්ෂයි. වෙලාව ගියා දැනුනේ නෑ.... මිහිරියි....ඔයාට සුබ පතනවා!

  • @udararoshan2875
    @udararoshan2875 3 หลายเดือนก่อน +3

    හිමාශ ඔබ සදාදර නයෝ ගීතය නම් උපරිම ලස්සනට වාදනය හා ගායනය සිදුකලා තාත්තගේ සියලුම ගීත ඉතාමත් ආදරෙන් රසවිදපු ඒ ගීත් මගේ ලග තවමත් ලගතබාගමින් හදවතේ හැමතිස්සේම මුමුනපු ගීත ඔබේ තාතාගේ ගීත.ඔබත් එවැනි ගීත අපට අසන්න සලස්වන්න කියා මම ඔබට ආශිර්වාද කරමි.ජය වේවා හිමාශ මල්ලී.ඔබේ බාල කාලේ ගීත ගායනා කල කාලෙටත් හිතෙන් මම ගියා.ඉතාම සුන්දර අතීතයක් කරා ගෙන ගියා මේ සදාදර නයෝ ගීතයෙන්❤❤❤❤

  • @sampathrajasena1381
    @sampathrajasena1381 3 หลายเดือนก่อน +6

    බෙග් මාස්ටර් ට
    සම්මානයක් දියයුතුවෙනවා
    බෞද්ධයන් වශයෙන් අපි,
    හාමුදුරුවෝ මුලිකත්වය ගන්න , කලගුනසැලකීමක් ඒක ,
    තෙරුවන්සරනයි,,,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @laksabey2732
    @laksabey2732 3 หลายเดือนก่อน +6

    ආදරේ හිතුනා පුතා
    පුතාගෙ ලස්සන ගායනයට වගේම ඒ අදහස් වලට
    ජයම වේවා පුතා

  • @ashokliyanage3669
    @ashokliyanage3669 3 หลายเดือนก่อน +4

    හරිම හැඩ ගායන ඉමාෂ පුතා..ස්තුතියි දෙරණ, කමල් මේ අවස්ථාව අපිට ලබාදුන්නාට...හරිම ආසාවෙන් රසවින්දා. ඉමාෂගේ ඉදිරි ගමන හරිම පැහැදිලියි.සුබපැතුම් පුතේ

    • @kusalawanniarachchi1817
      @kusalawanniarachchi1817 3 หลายเดือนก่อน +1

      මම මේ වැඩ සටහන TV එකෙන් බැලුවා.ආයෙත් මේබලන ගමන්. හරිම ලස්සනයි පුතා ඔයා ගයන ගීත. ගොඩක් ආසයි අහන්න. තෙරුවන් සරණයි.දිගු කල් වැජඹේවා.....!

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 3 หลายเดือนก่อน +7

    ෂා ලස්සන කටහඩක් . දැන් ඇහෙන ගෝසාවන් අතරෙ භාවනාවක් . සුභ පැතුම් .

  • @user-kq9jf3bw1o
    @user-kq9jf3bw1o 3 หลายเดือนก่อน +8

    I always watch this from Australia. Today is the best program as you are very talented puthee. Your voice is amazing

  • @rangasumeda9285
    @rangasumeda9285 3 หลายเดือนก่อน +13

    හිමාශ බුද්දන් සරනම් ගීතය ලස්සනට ගායනා කරනව ඒත් මේ සින්දුවට තබ්ලා වාදනයේ අඩුව තදින්ම දැනුනා drums එක්කින් සම්පූර්න කරන්න බෑ ඒ අඩූව.totally හිමාශ ගෙ ගායනය ලස්සනයී

    • @dilumikariyawasam6049
      @dilumikariyawasam6049 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම .ලොකු අඩුවක් ඒක.

    • @darshi8375
      @darshi8375 3 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම ඇත්ත . ඔබේ කමෙන්ට් එක කියවලා මං නැවත වරක් ගීතයට සවන් දුන්නා.. ඔබ ලියා ඇති කාරණාව සම්පූර්ණ ඇත්ත එම විශිෂ්ට ගීතයට අවශ්‍ය පෙරදිග සංගීත භාණ්ඩ..නමුත් අවස්ථානුකූලව සංගීත කණ්ඩායමේ තිබෙන භාණ්ඩවලින් වාදනය කරන්න ඇති.. හිමාශ පුතාගේ ගායනය ඉතා විශිෂ්ඨයි

  • @wd2865
    @wd2865 3 หลายเดือนก่อน +2

    Excellent singing Himasha. The way you spoke and your humbleness shows your inner qualities. May The Tripple Gem Bless you putha.

  • @waves545
    @waves545 3 หลายเดือนก่อน +3

    11:25 ඔබෙ රාගී මන කැළඹේදෝ
    24:23 සදාදර නයෝ ඔබේ මංගල දිනේ

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 3 หลายเดือนก่อน +1

    රත්තරන් කොල්ලෙක්, පුංචි කාලේ ඉදන් දක්ශ විසේ කාර දක්ශ තා වලින් පිරිච්ච හොද ලමෙක්.පවුලට ආඩම්බ වෙන්න පුලුවන් පුතෙක්.හදවතිනම සුබ පතනවා කොල්ලො.හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදී.බුදුසරණයී මල්ලි❤️

  • @user-pj9oo7rs4n
    @user-pj9oo7rs4n 3 หลายเดือนก่อน +30

    සුපිරි වැඩ්ඩෙක් ❤❤

  • @Dilru6666
    @Dilru6666 2 หลายเดือนก่อน

    බලාපොරොත්තුවෙන්ම හිටපු වැඩසටහනක් .. හරිම සතුටුයි හිමාෂ , තනුර , ජයන්ත සර් යුග ගනනාවක සංගීත මන්දාකිනියක් .. අති විශිෂ්ඨ ගායනයක් .. අනාගතයේ තරු අතර තරුවක් වෙලා දීප්තිමත්ව බැබලේවි ... ජයෙන්ම ජය වේවා ... ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏💖🙏💖🙏💖🙏

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 3 หลายเดือนก่อน +8

    බෙග් සර්ගේ ගීතය ලස්සනටම ගායනා කරා, දක්ශයෙක් රැක ගන්න ඔනේ, ජයවේවා බ්‍රදර් ❤❤

  • @samnlathad237
    @samnlathad237 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ...සම්පූර්ණ වැඩ සටහන ඇහුවා...ඔයා සැබැවින්ම දක්ෂ දරුවෙක්...නියම ලෙස ඉගැන්වීමට ඔබේ පියා අරන් තියෙන උත්සහයට මගේ 🙏🙏🙏සදරේනු වෑහෙනා ගීතය ආපහු මිනිසුන් අතරට ගේන්න පුතේ...වෙනස්ම රහට ඔයා ගැයුවා...ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සපල වේවා..❤❤❤❤❤

  • @user-lc4tz1ge4y
    @user-lc4tz1ge4y 3 หลายเดือนก่อน +17

    පින් බලෙන් ලැබුනු කට හඬක්...සසර පිනකින් රටට ලැබුන දරැවෙක්...බුදුසරණයි ...පුතා....

  • @Tfusaforjustice
    @Tfusaforjustice 3 หลายเดือนก่อน +2

    Superb voice and the way you sang the “Buddhan Saranan Gachami” was a masterpiece… so much devotion and with true emotion, I watched you with admiration when you sang Sadusiripa” in 2009. My brother recoded it on a cd and I listened it in the car. Love your actions and sweet preforming. I couldn’t believe my eyes that little boy is grown up to be an excellent singer and very honest , humble human being. Very impressive son👏👏👏👏👍. I am big fan..again after watching Ma Novena Mama… from USA

  • @nalingabandara
    @nalingabandara 3 หลายเดือนก่อน +5

    ඇඟ හිරිවැටෙන තරම් ලස්සනයි මලයා. ආදරෙයි උඹට ❤

  • @indraniaponsu1770
    @indraniaponsu1770 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි පුතා .ඔයාගෙ.කටහඩට මම හරිම කැමතියි තෙරුවන් සරණයි ❤

  • @leninjohnson1816
    @leninjohnson1816 3 หลายเดือนก่อน +1

    පට්ට cool වැඩ්ඩෙක්!!! ඉදිරියට සුපිරි නිර්මාන ටිකක් ඉදිරිපත්වෙයි කියා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා!! හරි නිහතමානි!! රටට පට්ට සම්පතක්❤️🎶👏

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 3 หลายเดือนก่อน +1

    ගීතයෙන් මිනිසෙක් සුවපත් කරන්න පුලවන්.ඇත්තටම ඔයා දක්ෂයෙක් වගේම ආකර්ශණීය හැකියාවක් ඇති මිනිසෙක්.තව තවත් ධෛර්යමත්ව ඔයාගෙ ගමන යන්න.ගීතයෙන් මිනිසුන් මොහාතකට හරි සුවපත් කරන්න.ඒක කරන්න හැමෝටම බෑ.මන් අද තමා ඔයාව දැන ගත්තෙ.මුලදි නම් රස්තියාදුකාරයෙක් වගේ පෙ⁣නුනෙ.හැබැයි ඇතුලෙ ඉන්නෙ ලස්සන මනුෂ්‍යයෙක්.හැමදේම හිතන පතන විදිහට හරියන්න කියලා සුභ පතනවා.කැලුම් අයියත් හරිම ලස්සනට වැඩසටහන කරනවා.ආදරෙයි හැමෝටම.බුදු සරණයි ඔයාලට

  • @anurakumara3729
    @anurakumara3729 3 หลายเดือนก่อน +1

    නියමයි ඉතාම ලස්සනයි .
    කැළුම් මහත්මාගේ වැඩසටහන ඉදිරිපත් කිරීම
    ප්‍රශස්ත මට්ටමක තිබේ .

  • @maxieperera7476
    @maxieperera7476 3 หลายเดือนก่อน +4

    This is talent extraordinary, excellent singing, thank you, Kalum Srimal mallie, for the timely section, to soothe the minds, which are otherwise disturbed and confused by present political Rulers, Let the transformation of thinking take place for a better tomorrow.

  • @tissaepa8001
    @tissaepa8001 3 หลายเดือนก่อน +15

    සුභ පැතුම්,නව පරපුරට අවශ්‍ය මෙවැන්නන් විශෙෂත්වයක් තියෙනවා ඔහු ගයන සෑම ගිතයක්ම ගායනා කරනකොට එහි තේරුම ඉස්මතු වෙනවා තෙරුවන් සරණයි

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤අතීතෙට ආයෙම ගියා හිමාශ ආදරෙයි ඒ හඩට තාත්තා වගේම සුබ පැතුම් පුතේ ජය වේවා❤❤❤💪🏻💪🏻💪🏻💐💐💐🫶🫶

  • @lasanthiranasinghe1827
    @lasanthiranasinghe1827 3 หลายเดือนก่อน +2

    ලිට්ල් ස්ටාර් වේදිකාවේ ඉදන්ම අපි ඔයාගෙ ගීත අහනවා.....තාත්තගෙ නමට වගේම පවුලටම ආඩම්බරයක් ගෙනාව ඔයාට ව⁣ගේම අයියටත් සුභ පතනව රෑල්ලට ගහගෙන නොගිහින් පවතින නිර්මාණ කරන්න කියලා....බුදු සරණයි

  • @Amarasinghage.25
    @Amarasinghage.25 3 หลายเดือนก่อน +3

    වෙන්න ක්ෂෙස්ත්‍රයෙ අති දක්ෂයක්.කෙලෙහිගුණ සමග නැණ ගුණ ධම් වඩවමින ඉදිරියටම යන්න.❤️❤️❤️👍👍👍

  • @MimiTabe-jl7er
    @MimiTabe-jl7er 3 หลายเดือนก่อน

    ඔයා ගේ දක්ෂතාවය ගැන හරිම සතුටුයි පුතේ ❤️ ජීවිතය ජයගන්නට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏❤️ඔබගේ අයියටත් අපි හරිම ආදරෙයි ජයවේවා 🙏❤️

  • @DineshAdikari-cs6zr
    @DineshAdikari-cs6zr 3 หลายเดือนก่อน +6

    මාරම ලස්සනයි පුතෙ මෙ සින්දු බාවනාවක්

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 3 หลายเดือนก่อน +10

    ඇත්තටම අද සුදුසුම කෙනා හිමාෂ, ඔයා චූටි කාලේ මම වඩාගෙනත් තියෙනවා... මේ ගීතය ගයන්න පුලුවන් හොඳම දවස, මේ ගීතය ඇහෙද්දි ඇත්තටම හිතයි සර්වාංගයමත් හිරිවැටිලා යනවා... දනගාන කාලෙත් කීවා.... හිමාෂ දැන් තරුණයෙක් බුද්ධං සරණං ඝච්චාමී අපූර්වට කියන්න පුලුවන් .. ජයමවේවා !! තෑන්ක්ස් කැලුම් සහෝ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sanathmanthi6893
      @sanathmanthi6893 3 หลายเดือนก่อน +2

      Niyami wadasahana thanks kalum aiya

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7u 3 หลายเดือนก่อน +1

    Ane පුතේ ඔයාට සහ අයියා ට මම හරි ආදරෙයි දෙන්නට ම සංගීත ජීවිතය අනාගතය jayen ජයම වේවා ❤theruwan saranayi

  • @janakasrimal1445
    @janakasrimal1445 3 หลายเดือนก่อน +3

    වෙනදා මෙන් අදත් සතුටින් නැරඹුවා , නියමයි හිමාෂ මල්ලි... Elvis presley ගෙ සින්දුව අහන්න ආශාවෙන් බලන් හිටියෙ මොකද ඒක cut කරලා .?

  • @LakshmiKumari-yp6cy
    @LakshmiKumari-yp6cy 3 หลายเดือนก่อน +6

    අර වෙරලු මල් වගේ පල් හෑලි කියන ගායකයො නොවී.වෙනම ට්‍රෙන්ඩ් එකක් වෙන්න ඔයා ❤

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd 3 หลายเดือนก่อน +2

    ඔයාගෙ ඒ කතාව එකෙන්ම අගය කරනවා .... සිංහල 1.... ඉංග්‍රීසි අවශ්‍ය තැනට විතරක් පාවිච්චි කරන්න ... 💕💕💕👍👍👍👍

  • @user-xn7is7hd9x
    @user-xn7is7hd9x 3 หลายเดือนก่อน +1

    ඇත්තටම..සදාදර නයෝ ගීතයේ විසිල් එක ගොඩක් හදවතට දැනුන..ස්තුතියි ගයන්ත..ඔයාට 🙏💗🥰🙏

  • @hiranthasamarakoon1644
    @hiranthasamarakoon1644 3 หลายเดือนก่อน +2

    One of the best episodes , I did not know him before , but wow , he made every single his own and sang beautifully, all the best to you

  • @nilnethu6637
    @nilnethu6637 3 หลายเดือนก่อน +15

    එයා දැන් ලොකු ළමයෙක් 😍 දක්ෂයෙක් ❤

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 หลายเดือนก่อน +12

    දක්ශයෙක්❤ රහටම කියනවා සහෝදරයා

  • @venurapublications
    @venurapublications 3 หลายเดือนก่อน +5

    හරිම සුන්දර කටහඩක්.. ජය !

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 3 หลายเดือนก่อน +3

    පරිස්සන් වෙන්න පුතේ. හොඳ දේ පමණක් කරන්න. ඔබ‍ට ජයවේවා..!

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 3 หลายเดือนก่อน +3

    Pure essence of Youth! You are a tropical fruit salad with ice cream. That smile may carry you all the way❗ ♥️💐🔥

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 2 หลายเดือนก่อน

    ස්තූතියි. පුතේ. හරිම. වටිනවා. වගේම. ලස්සනයි. අහන්න. විදින්න පුළුවන්. භාවනාව ක්.වගේ.බුද්ධන්.සරනින්.ගීතය.හිත.පැහැදුණා. දෙමව්පියන් ටත්.ස්තූතියි

  • @godagegaming8471
    @godagegaming8471 3 หลายเดือนก่อน

    දුටු මුල් දින පටන්ම ඔබට මා ආදරය කළා පුතේ..ඒ කාලෙට වඩා අද ඔයා ගොඩාක් දියුණු වෙලා... තාමත් මම ඔයාගෙ පරණ සිංදු බලනවා... හරිම මිහිරියි ඔයාගේ සිංදු.... සුබ අනාගතයක් පුතේ....♥️

  • @nilusharathnayake9661
    @nilusharathnayake9661 2 หลายเดือนก่อน

    අද දවස් වල මේ වගේ ගායකයෝ බිහිවෙන එක ඇත්තටම සතුටයි, නියම හඩක්, සම වැදිලා අහන් ඉන්න පුළුවන්,❤

  • @learnwin7242
    @learnwin7242 3 หลายเดือนก่อน +2

    තාත්තගේ හැකියාව දෙගුණ තෙගුණ වෙලා අවිල්ලා... පුතුට . හැකියාව විශිෂ්ටයි.❤

  • @indumanawadu
    @indumanawadu 3 หลายเดือนก่อน +2

    සැබෑ දක්ෂයෙක්. සුභ පැතූමි පුතා....❤❤

  • @mohandesilva3818
    @mohandesilva3818 3 หลายเดือนก่อน +1

    Excellent singing and brought a different dimension to the programme. I hope Derana will have similar artists in the future as well. As usual, Kalum Srimal is a great presenter with a good knowledge of music. It was super and enjoyed it very much. Thank you Derana.

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne4164 3 หลายเดือนก่อน +1

    Very well done Putha I watched your singing tears pouring from my eyes you gave so much meaning to it I bow to you very talented speaking about young people can you find nowadays this singing? No way just collect some words start singing some are really hopeless

  • @madhugamage4024
    @madhugamage4024 3 หลายเดือนก่อน +4

    Harima lassanai himasha!!!good luck for your future ❤

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f 3 หลายเดือนก่อน

    දැන්නම් තාත්තගේ කටහඩට සමානයි පුතේ .බුදු සරණයි පුතේ අර්ථවත් ගීත ගායනා කරමින් ඉදිරියට යන්න

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 3 หลายเดือนก่อน +3

    Superb talented by young Himasha manupriya all the very best your future

  • @sumedharajapakse8204
    @sumedharajapakse8204 3 หลายเดือนก่อน +2

    පුතේ ඔබට හොඳ අනාගතයක් ඇති බව පේනවා වගේම.ඒ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා ..යි..පතමි

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 3 หลายเดือนก่อน +2

    දක්‍ෂ නිහතමානී දරුවෙක්.හිමාෂ ඔබ ගැන ආඩම්බරයි.

  • @abeyrathneherath3889
    @abeyrathneherath3889 3 หลายเดือนก่อน +1

    තරුණ ය, ඔබ තරු අතර දීප්තිමත්ම තරුවක් රටටම ආඩම්බරයක් ...

  • @LakshanPerera.
    @LakshanPerera. 3 หลายเดือนก่อน +2

    පොඩි කාලෙත් බලන් හිටියා..දැන් ඊට වඩා වැඩ්ඩෙක් ❤

  • @phrsuraweera
    @phrsuraweera 2 หลายเดือนก่อน

    Excellent Himasha, your knowledge, your voice, your humanity not only that your figure also remarkable. Wish you a very bright future!!!

  • @sahaninduwara2640
    @sahaninduwara2640 3 หลายเดือนก่อน +11

    වැඩ්ඩෙක්😍❤

  • @chathurichathuri2291
    @chathurichathuri2291 3 หลายเดือนก่อน +6

    හිමාෂ පුතෙ 👌👌 තෙරුවන් පිහිටයි 🙏 ඉදිරි ගමනට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👈

  • @gayanbandara3989
    @gayanbandara3989 3 หลายเดือนก่อน

    මාරම ලස්සනයි මල්ලී ඡය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි 🙏❤ මම ලගදි බලපු ලස්සනම වැඩ සටහන

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 3 หลายเดือนก่อน +2

    ඉදිරි ගමන පැහැදිලියි පුතා
    උණුසුම සුභ පැතුම් ❤

  • @shashikalapriyadarshani9236
    @shashikalapriyadarshani9236 2 หลายเดือนก่อน

    හිමාෂනම්. 👌👌👌👌කියන්න වචන නෑ සුපිරි . හැකියාව ,, නිහතමානීකම,, දක්ශතාවය. ඔක්කොම එක වගේ❤❤❤