katugas ella|කටුගස් ඇල්ල| Sri Lanka| Hiker 360

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #Katugas_Ella "අමතක නොවෙන..😎 වැරදුන තැනක්..😐"
    හිතා ගෙන ගියේ night එකක් අදින්න. අන්තිමට කලුවරේම ඔක්කොම අකුලගෙන එන්න උනා.😥
    කට්ටිය බලංගොඩ මදුරංගලයි ගෙදරට සෙට් උනේ ඇවිදින්න යන්න නම් නෙවෙයි. තිබුණ වැඩ ටිකක් ඉවර කරන්න. වැඩ ටික ඉවර වෙලා පොඩියට රවුමක් දාන්න යන්න හැදුවෙ වෙලාව තිබුණ නිසා. පොඩියට වැස්ස. "කදු නගින්න බෑ දිය ඇලි දෙකක් තියනව බලන්න යමල්ල". බණ්ඩයි සුපුනයි නාලින්දයි සාගරයයි මමයි සෙට් උනේ ඔහොමයි. අපි යන්නෙ මාපලාන ඇල්ල බලන්න. ලංකාවෙ 4 වෙනියට උසම දිය ඇල්ල. රත්නපුරෙන් පලාබද්දල පාරෙ සිරීපාදෙට යන පාරෙම ගිහින් හැරෙන්න තියෙන්නෙ. අතරමග තව දිය ඇල්ලක් බලන්න පුලුවන්. ඒ කටුගස් ඇල්ල. ටෙන්ට් එකත් තියන නිසා මාපලාන ඇල්ල ගාව camping කරන්න තමයි කට්ටියගෙ idea එක.🤩 කොහොමහරි මගදි ඕනකරන බඩු ටිකත් අරන් ඉස්සෙල්ලම ගියේ කටුගස් ඇල්ල බලන්න.යන අතරමග වැස්ස පොඩ්ඩක් සෙට් උනා.කටුගස් ඇල්ල ලස්සන තැනක්. මිනිස්සු බලන්න යන තැනක් කියල යන පාරෙන්ම අපිට තේරුනා. බොතල් ප්ලාස්ටික් මග දිගට.😪 හරියට කුණු දාන්නම එතනට ගිහින් වගේ. දොල පාර දිගේ ටිකක් උඩට නගින්න ඕන ඇල්ල බලන්න. එතන නාන්න එහෙම නම් එපා කියල බෝඩ් ගහල තියනව.. ඒකත් බලල අපි මාපලාන ඇල්ලට යන්න ගත්තා. යන්න යන්න වැස්ස තද වෙනව. ආපු එකෙ ඇල්ල බලල එන්න හරි යනව කියල ගියා. මග දිගට හැම ගෙදරකම රඹුටන් ගස් පිරිල. කඩන්න හොය හොය යද්දි පාර අයිනෙ ගහක්.🤗 ඔක්කොම පැත්තක තියල රඹුටන් ගහට ගේම දුන්න. උඩට යන්න යන්න වටපිටාව පට්ට ලස්සනය. කොහොම හරි අපි හවස 4 වගේ වෙද්දි මාපලාන ඇල්ල ගාවට ගියා. ඇල්ල ගාවම වගේ ගෙදරක බයික් දාල ගියා. දිය ඇල්ල ලස්සනයි ගොඩක් උසයි කියල පේනවා. ඒ උස ෆොටෝ එකකට ගන්න අමාරුයි. දිය ඇල්ල වැටෙන්නෙ තට්ටු 3කට වගේ. දැන් බලන්න ඕන ටෙන්ට් එක ගහන්න තැනක්. එහෙම තැනක් කියල නෑ 🤔. දිය ඇල්ලට කිට්ටුවෙන් වගෙ ටෙන්ට් 2ක් උනත් ගහන්න පුලුවන් ටිකක් උස ගලක් තියනව. වැස්සත් නෑ දැන්. ඒ ගල උඩ ටෙන්ට් එක ගැහුව. ඒත් එච්චර ෆිට් එකක් නෑ. උඩහට වැස්සොත්..?අපි දන්නෙත් නෑනෙ. මමයි සාගරයි දර ටිකක් හොයන්න ආවා පහලට. අනිත් අය උයන්න සෙට් වෙනවා. ලග ගෙදරකින් දර ටිකකුත් හම්බුනා. ඔහොම ඉද්දි පොඩ්ඩක් ආයෙ පොද ගහන්න ගත්තා. වෙලාව හවස 6.30 වගෙ. අපි දෙන්න පොඩ්ඩක් ඇල්ල දිහා බැලුව. "අම්මටසිරි දිය ඇල්ල නෑ." 😦 දිය ඇල්ල තියා කන්දෙ ගහක් කොලක්වත් පේන්න නෑ මීදුම. අපිට එතකොටනම් බය හිතුනා.වැස්සත් වැඩි වෙනව.කපපු දර ටිකත් අරන් හිටපු තැනට යද්දි අරුන් තෙමි තෙමී එලවලු කපනවා 😂. වැඩේ එන්න එන්න අවුල්. කලුවරත් වැටිල හොදට. මගෙයි සාගරගෙයි නම් idea එක ආපහු එන්න. Camping කරනව කියල පිස්සො වගෙ මැරෙන්න බලන් ඒ වැඩේ කරන්න බෑනෙ. තෙමෙන නිසා අපි එතන තිබ්බ ලොකු ගලක් යටට ගියා. වතුර වැඩි උනොත් එතනත් යට වෙනව . නාලින්දයට නම් ඕන කොහොමහරි මෙතන ඉන්නමයි. වතුර වැඩි වෙද්දි යන්න පුලුවන්ලු.😂. අන්තිමට ඔක්කොම අකුලගෙන මදුරංගලයි ගෙදරටම එන්න ලේස්ති උනා. නාලින්දයට නම් ඒත් වතුරෙ හරි ඉන්න තමයි ඕන 😂. ඒ වෙද්දි රෑ 8 ත් පහුවෙලා. හොදටම වහිනවා තෙමි තෙමී ආවා.බලංගොඩ කිට්ටු වෙද්දි වැහි පොදක් නෑ.😪 ඇවිල්ල උයන්න ගත්ත.ගත්තු බඩු තියන නිසා. එදා රෑට කද්දි උදේ 2 ත් පහු වෙලා 😅.
    මාපලාන ඇල්ලෙ ෆොටෝ ටිකක් එහෙම උදේට යන්න ලේස්ති වෙලාම ගහමු කියල හිටියෙ.අන්තිමට ඉතිරු උනේ කරුමෙට වැදුන ෆොටෝ එකක් විතරයි.🤐. වැඩේ වැරදුනා.!
    කටුගස් ඇල්ල කියන්නෙ සබරගමුව පලාතෙ සුන්දරතම දිය ඇලි වලින් එකක්. රත්නපුරේ සිට ශ්‍රී පලාබද්දල පාරෙ යද්දි ටිකක් ඇතුලට වෙන්න තියෙන තැනක්. පාර හොයා ගන්න අමාරු නෑ. දොල පාර දිගේ උඩට නගින්න ඔන දිය ඇල්ල බලන්න නම්. ලස්සන පරිසරයක්. යන අය කුණු කසල දාල මේ තැන් විනාශ කරන්න එපා.!
    -----------------------------------------------------------------------------------------------------------------------
    Katugas Falls is one of the most beautiful waterfalls in the Sabaragamuwa Province Sri Lanka. A little inland on the way from Ratnapura to Sri Palabaddala Road. The road is not difficult to find. Climb along the river road to see the waterfall. Beautiful environment. Don't ruin these places with rubbish!
    Thanks for watching.
    [Like][Comment][Subscribe]

ความคิดเห็น • 64