Flying Ravana Mega ZipLine - Ella Sri Lanka 2023 | Ella | Solo Bike Tour | Adventures in Ella | 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Solo tour #10
    =====
    ආයුබෝවන් හැමෝටම..
    මාගේ දෙදින සංචාරයේ දෙවෙනි දිනය ආරම්භ කරන්නේ සුවිශේෂී ස්ථානයකින්. ලංකාවේ සංචාරක පාරාදීසයක් වන සුන්දර ඇල්ල නගරයෙන් තමයි අද සංචාරය ආරම්භ වෙන්නේ.
    ඉතින් "Flying Ravana Mega ZipLine" කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්. කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණ ලොකු හීනයක් තමයි මේ Flying Ravana ZipLine එකේ යන එක. අද මම ඒ හීනයත් සැබෑ කරගත්තා.
    ඒ සුන්දර එමෙන්ම ත්‍රාසජනක අත්දැකීම ඔයාලත් එක්ක බෙදාහදාගන්න තමයි මේ සුදානම.
    ඉතින් මේ ස්ථානයට ළඟා වෙන ආකාරය මා මෙම රූප රචනය තුල ඇතුලත් කර තිබෙනවා. ඇල්ල නගරයේ සිට 3KM වගේ දුරකින් තමයි මේ ස්ථානය පිහිටා තිබෙන්නේ.
    ප්‍රවේශපත්‍රයක් මිලදීගෙන ආරක්ෂක ඇඳුම් කට්ටල ද පැළදගෙන ZipLine එක ආරම්භ වෙන ස්ථානයට යා යුතුයි. ප්‍රවේශපත්‍ර වල මිල ගණන් සහ ආරක්ෂක ඇඳුම් කට්ටල ලබාගන්නා ආකාරය රූප රචනය තුල අන්තර්ගත කර ඇත.
    500m වගේ දුරක් මේ ZipLine එක තිබෙනවා. ඒ අත්දැකීම වචන වලින් හෝ රූප රාමු තුලින් ඒ ආකාරයටම ලබාගන්න කිසි සේත්ම හැකියාවක් නෑ. ඔබ අනිවාර්යෙන් පැමිණ අත්දැකිය යුතු අත්දැකීමක් කියා මා කියනවා.
    ඉතින් මගේ අත්දැකීම මේ විදියට ඔබ හා බෙදාගන්නවා. උත්සාහය අගය කිරීම ඔබ සතුයි.
    මේ සංචාරයේ ඊලග කොටස සමග එකතු වෙන ලෙස කාරුණිකව ඉල්ලමි.
    ස්තුතියි.
    ජය !!
    --
    Facebook - / solotravelin. .
    Instagram - / solotraveli. .
    Tiktok - / solo_travelin. .
    ---
    Like | Share | Subscribe
    ---

ความคิดเห็น • 13