එසකියෙල් 38-39 පරිජ්ජේදය |END TIMES |Episode 08|අවසාන කාලය|08 කොටස |Dilantha Liyanage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 15

  • @sunitalanka3102
    @sunitalanka3102 2 ปีที่แล้ว +1

    Thank you pastar dilantha♥️♥️♥️

  • @rameshvp464
    @rameshvp464 3 ปีที่แล้ว +1

    Thank you pastor

  • @debra6968
    @debra6968 3 ปีที่แล้ว +3

    Please make a playlist and put in order...struggling to find the first episode.
    thanks. many blessings

    • @endtimes1520
      @endtimes1520  3 ปีที่แล้ว

      th-cam.com/video/6NFfByAkYGo/w-d-xo.html

  • @thedivinetruthsinthebible2930
    @thedivinetruthsinthebible2930 3 ปีที่แล้ว +1

    Praise the Lord!!!

  • @rev.fr.surenpeiris825
    @rev.fr.surenpeiris825 3 ปีที่แล้ว +1

    Thank you for word of God.

  • @ranthikumari2482
    @ranthikumari2482 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳ ඉගැන්වීමක් ස්තූතියි පළක තුන්වෙනි ....👩‍⚖‍

  • @MrRuwindapm
    @MrRuwindapm 3 ปีที่แล้ว

    එසකියෙල් 38:14 පවසන පරිදි මෙම එසකියෙල් 38 හා 39 පරිච්චේදයේ පවසන මෙම යුද්ධය ඇතිවන්නේ, ඉශ්‍රායෙල් ජාතිය නිසැකව වාසය කරන අවස්ථාවකයි. එලෙස ජිවත් විමට නම්, යුදෙව් ආගම අදහන අයට දේවමාළිගාව එහි පුජා කටයුතු සිද්ධවෙන තත්වයක පැවතිය යුතුයි. එසේ වුවහෝත් පමණයි ඉශ්‍රායෙල් අයට ඔවුන් විශ්වාස කරන ආකාරය පව් සමාව ලැබි නිසැකව, ආරක්ෂිතව හා ස්වයංපෝෂිතව ජිවත් වෙන්න පුලුවන්. එසේ බලන විට මෙම යුද්ධය ඇතිවිය යුතු යුදෙව් දේවමාළිගාව නැවත ගොඩනැගු පසුවයි. එමෙන්ම ක්‍රිස්තියානින් පවසන පරිදි අන්ත ක්‍රිස්තු ප්‍රකාශවිමට ප්‍රථම මෙම යුද්ධය ඇති වුවහොත්, ඉශ්‍රායෙල් දෙවියා ඔවුන් වෙනුවෙන් මැදිහත් වන තත්වයක් මත අන්තක්‍රිස්තුට ප්‍රකාශ විමට, දේවමාළිගාවේදි දෙවියා ලෙස ප්‍රකාශ විමට හා ලෝක පාලනයක් කිරිමට නොහැකියි. එනිසා ඉතාමත්ම පැහැදිලියි මෙම යුද්ධය සිද්ධවන්නේ අන්ත ක්‍රිස්තු ප්‍රකාශ වි ඔහු සතියකට ගිවිසුමක් කර, එම් ගිවිසුම කඩ කල අවස්ථාවකදියි. එවිට සමස්ථ ලෝකයම ඉශ්‍රායෙල්වරුන්ට විරුදධවන අතර සියලුම ජාතින් පාහේ යුද්ධ කිරිමට පැමිණෙනවා. එසේ නම් එසකියෙල් 38 හා 39 ඇති යුද්ධය කුමක් විය හැකිද? එය නම් එළිදරව්ව 16:12 "සවෙනියා තමාගේ පාත්‍රය මහ ගඟෙහි, එනම් එප්‍රාත් ගඟෙහි වැගිරෙවුවේය; එවිට නැගෙනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස එහි වතුර සිදීගියේය." සඳහන් යුද්ධයයි. එසකියෙල් 38 හා 39 සඳහන් රුසියාව ප්‍රමුඛ නැගෙනහිර රජවරුන් බව පැහැදිලියි, මෙහිදි රුසියාව අයත් වන්නේ කසකස්ථානය, උස්බෙකිස්ථානය, කිර්ගිස්ථානය, ථජිකිස්තානය, ටර්ක්මෙනිස්ථාන්, අසර්බයිජානය යන රටවල් වලට තිබෙන සම්බන්ධය නිසායි. එමෙන්ම මේ රටවල් යුප්‍රටිස් ගංගාවෙන් නැගෙනහිර පිහිටයි.
    එසේ එසකියෙල් 38 හා 39 යුද්ධය එය නම්, දැන් සිදුවිය යුතු යුද්ධය කුමක්ද? එය නම් එළිදරව්ව 9:15-19 සඳහන් යුදධයයි. එයින් ලෝක ජනගහනයෙන් 1/3 මරනු ලබයි. එහිදි ලෝක බලතුලනය කෙසේ වෙනස් වේවිද? මෙහිදි ඉශ්‍රායෙලය දැවැන්ත රාජ්‍යයක් වි ඉශ්‍රායෙල් දෙවියා ආබ්‍රහම්ට පොරොන්දු වු දේශය උත්පත්ති 15:18-21 දේශය සම්පුර්ණ වශයෙන් පාලනයට නතු කරගන්නා අතර දේවමාළිගාවත් සාදයි. එමන්ම ඉශ්‍රායෙලය දැවැන්ත රාජ්‍යයක් වන නිසා, සියලුම ඉස්ලාම් රටවල් එක රාජ්‍යය පාලන ක්‍රමයකට අතිතයේ පැවතුන පරිදි කලිෆා එකක් සාදාගෙන කලිෆා යටතේ පාලනය වෙවි. එමන්ම ඉශ්‍රායෙල් යුදෙව්වන්ගේ තෝරා නිතියත්, ඉස්ලාම් ශරියා නිතියත් සමාන නිසා, මෙම යුද්ධයෙන් මක්කම විනාශ විමට ඉඩ ඇති නිසා ඔවුන් දෙගොල්ලන්ම එක්ව යෙරුසලමේදි අගමික කටයුතු යුදෙව් දේවමාළිගාවතුල කරගෙන යාවි. අන්තක්‍රිස්තු ඒ ගැන වෙනසක් කරන තුරු.

    • @endtimes1520
      @endtimes1520  3 ปีที่แล้ว

      ඔබගේ නිගමනය බයිබලයේ සන්ධර්භයට එකඟ නොවන බව මම පැහැදිලි කිරීමක් කරන්නමි, එළිදරව්ව 16 හි සඳහන් හමුදාව අන්ත ක්‍රිස්තුස්ගේ රාජ්‍ය අල්ල ගන්න තමයි පැමිණෙන්නේ, එ් වගේම එතන යුද්ධයක් සිද්ධ වෙන් නෑ, අන්ත ක්‍රිස්තුස් ඔව්න්ව රවටා එ් අයවත් යේසුස් වහන්සේට විරැද්ධව සටන් කරන්න සුදානමි කරනවා, අවුරුදු 7 අවසානයේදි යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණිම සිදුවෙනවා, එ් වගේම එළිදරව්ව පොතේ ඔබ කිවූ අනිත් පදයට අනුව මිනිස්සු මැරැණේන විදිය මම පැහැදිලි කිරීමක් කරන්නමි, "උන්ගේ කටවලින් නික්මුණු ගිනිද දුම්ද ගෙන්දගම්ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබුවෝය." - (එළිදරව්ව 9:18 [CBS-OV-1938]), මම විස්වාස කරනවා ඔසවාගැනිමට කලින් මෙ යුද්ධය වෙනවා කියලා, එයට හේතුවක් තියෙනවා, මෙ යුද්ධයෙදි දෙවියන් වහන්සේ සියලු ජාතීන්ට ප්‍රකාශ වෙන්න යනවා, "මෙසේ මා උතුම්ව ශුද්ධව සිටින බව පෙන්වා, මා ස්වාමීන්වහන්සේ බව බොහෝ ජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශවන්නෙමි." - (එසකියෙල් 38:23 [CBS-OV-1938]), මුළු ලෝකයම දැන ගන්න යනවා දෙවියන් වහන්සේ ගැන, එත් එක්කම සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස සුභාරංචිය ප්‍රකාශ වෙන්න යනවා, jesu pihitai.

    • @MrRuwindapm
      @MrRuwindapm 3 ปีที่แล้ว

      ​@@endtimes1520 "එත් එක්කම සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස සුභාරංචිය ප්‍රකාශ වෙන්න යනවා" මතෙව් 24:14 ඔබ කියන ආකාරයට තවත් ක්‍රිස්තියානි ශුභාරංචියේ ලෝකයේ ප්‍රකාශ වෙන්නට අවශ්‍යයතාවයක් නෑ මොකද මේ වෙනකොටත් ක්‍රිස්තියානි ශුභාරංචිය ලෝකය්ටම ප්‍රකාශ කරලා අවසානයි. මම ප්‍රකාශ වෙන්න යන දේ මොකක්ද කියල මේකේ කමෙන්ට් කරත් ඔයා ඒක අයින් කරලා. ඒක බොරු නම් ඔයට කියන්න තිබුනේ ඒක බොරු කියල ඒකේ බොරුව ඔප්පු කරල කමෙන්ට් කරන එකයි. ඒත් ඒ විදිහට කමෙන්ට් ඩිලිට් කරලා ඔයලට බෑ ප්‍රකාශ වෙන්න නියමිත සත්‍යය නවත්තන්න, මොකද 144000 ආලේප කරාට පස්සේ එයාල ඒක ලෝකෙටම කියනවා.
      බයිබලය කියන ලියවිලි විකෘර්ති කරලා රෝමානු කතෝලික සභාව එයාල ගේන්න ඉන්න මශියහ් එනකොට එයාට පාර හදන්න පොතක් කොහොමද නිර්මාණය කරේ කියලා. අපේ ස්වර්ගයේ ඉන්න පියාණන් වහන්සේගේ, එයාගේ පුතා ගැළවුම්කාරයගේ ඇත්ත නම අද රෝමානු කතෝලික හා ක්‍රිස්තියානි දෙගොල්ලොම කියන්න කොහෙත්ම ලැස්ති නැ. ඒ නම් හංගන්න ඔනෙම දෙයක් කරනවා. පැහැදිලිවම ගැළවිම ඒ නාමයෙන් කියල තහවුරු කරලම තියෙද්දි ක්‍රියා 4:12. මම ඔයා ඩිලිට් කරපු මගේ කමෙන්ට් එක ආපහු දානවා පුලුවන් නම් ඒකේ වැරදි පෙන්නලා දෙන්න ruwindapm@gmail.com. ඔයාලා කරන්නේ බොරුවක් නම් ආයෙත් ඒක් ඔයා ඩිලිට් කරාවි.
      ඔයා ඒක ඩ්ලිට් කරන්වා නම් මට මතක් කරල දෙන්න තියෙන්නේ. එළිදරව්ව 22:15 බොරුව කරන, කියන, ඒකට ප්‍රියවෙන අයට වෙන දේ මොකක්ද කියලයි. ඉතාමත්ම පැහැදිලියි. අඩුම "යේසුස්" කියන නාමයක් තියෙන කිසිම මනුස්සයෙක් ඉශ්‍රායෙලයේ ජිවත් වෙලා නෑ ගැළවුම් කාරයා ඉපදුන කාලයේ මිට අවුරුදු 2000 කට කලින්. ඒ වගේම මම දැනගත්ත විදිහට ඔය ග්‍රික මුල්පිටපත ලියවෙන්න කලින් ලෝකෙම "යේසුස්" කියන නමක් තිබිලම නෑ. මම කැමතියි බයිබලයේ ඇරෙන්න එහෙම නමක් ලෝකේ කොයිම හරි මනුස්සයෙකුට තිබුන කියල ඔයාට සාක්කියක් පෙන්නන පුලුවන් නම්. ඔයා මේකත් ඩිලිට් කරාවි. ඒක නිසා ඒකට උත්තරය මට ඊමෙල් කරන්න ruwindapm@gmail.com. මම යුද්ධ ගැන ඔයාට පැහැදිලි කරන්නම් තව කමෙන්ට් එකකින්.

    • @MrRuwindapm
      @MrRuwindapm 3 ปีที่แล้ว

      @@endtimes1520 ඔයා කියන්නේ එසකියෙල් 38 හා39, යුද්ධයම තමයි එළිදරව්ව 9 සඳහන් වෙන්නේ කියලා. එසකියෙල් 38:14 14 එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ගොග්ට කියන්න: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් නිසැකව වාසයකරන කාලයේදී නුඹ ඒක දැනගන්නේ නැද්ද? මෙතනදි පැහැදිලියි ඉශ්‍රායෙල් ජාතිය නිසැකව, ආරක්ෂිතව සිටින විටයි මේ යුද්ධයක් ඇතිවෙන්නට හේතු ඇතිවෙන්නේ. ඉශ්‍රායෙල් ජාතියට එලෙස සිටිමට හැකිවෙන්නේ අන්තක්‍රිස්තු ඔවුන් සමග සතියකට ගිවිසුමකට එළඹෙන නිසා, කිසිම ජාතියක් ඔවුන්ට විරුද්ධව කිසිම ප්‍රශ්නයක් විෂේශයෙන්ම ත්‍රස්තවාදි ක්‍රියා නතර කරන්නේ.
      ඒත් සතිය මැදදි අන්තක්‍රිස්තු එම ගිවිසුම කැඩුවිට ඉශ්‍රායෙල් ජාතිය ඔහුට විරුද්ධ වෙනවා හරියටම ක්‍රිස්තු වර්ෂ 70 වෙදි ඔවුන් රෝම අධිරාජ්‍යයට විරුද්ධ වුනා වගේ එතකොට අන්තක්‍රිස්තුට සහය දෙන්න ඉස්ලාම් හමුදාව සුදානම් වෙලා ඉශ්‍රායෙල් ජාතියට විරුද්ධව යුද්ධ කරනවා.
      වැදගත්ම දේ එසකියෙල් 38 හා 39 සඳහන් ජාතින් හා එළිදරව්ව 16 ඉශ්‍රායෙලයට විරුද්ධව යුද්ධ කරන ජාතින් සමානයි. ඒත් එළිදරව්ව 9 එහෙම දෙයක් නෑ. මේ යුද්ධය ලෝකයේ ඔනෙම තැනක ඇතිවන යුද්ධයක් වෙන්න පුලුවන් 1 හා 2 ලෝක යුද්ධ වගේම. සමහර විට මේ යුද්ධයට සියලුම ජාතින් සම්බන්ධවෙන නිසා මෙහිදි ජාතින් නම් කරලා නෑ කියන එකත් පැහැදිලියි.
      ඒ වගේම එළිදරව්ව 16 යුද්ධය එසකියෙල් 38 හා 39 යුද්ධයට සමාන කරොත් යුප්‍රටිස් ගංගෙන් නැගෙනහිර ජාතින් සම්බන්ධවෙන්නේ එළිදරව්ව 16-12, එසකියෙල් 38. ගල්වර්ෂාවකින් ආක්‍රමණික හමුදා විනාශවෙයි. මහත් භුමිකම්පාවක් වෙයි එළිදරව්ව 16-18, එසකියෙල් 38:19. තවත් බොහෝ සමාන දේවල් සිද්ධවෙනවා. ඔබට මෙම පරිච්චේද 2ක සංසන්දනය කර එවා පැහැදිලි කරගත හැකියි. මේ කිසිවක් එළිදරව්ව 9 පරිච්චේදයේ සිද්ධනොවෙයි.
      මේ ගැන තවත් කාරනා කිමට තිබුනත් ඉඩමදි නිස මෙතනින් නවතිමි. ruwindapm@gamil.com

  • @michaelwasantha2180
    @michaelwasantha2180 3 ปีที่แล้ว +2

    I think just after this war as Ezekiel 38/39, the Rapture will occur......?

  • @MrRuwindapm
    @MrRuwindapm 3 ปีที่แล้ว

    @Manoj Madusanka ඔයා කියන්නේ එසකියෙල් 38 හා39, යුද්ධයම තමයි එළිදරව්ව 9 සඳහන් වෙන්නේ කියලා. එසකියෙල් 38:14 14 එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ගොග්ට කියන්න: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් නිසැකව වාසයකරන කාලයේදී නුඹ ඒක දැනගන්නේ නැද්ද? මෙතනදි පැහැදිලියි ඉශ්‍රායෙල් ජාතිය නිසැකව, ආරක්ෂිතව සිටින විටයි මේ යුද්ධයක් ඇතිවෙන්නට හේතු ඇතිවෙන්නේ. ඉශ්‍රායෙල් ජාතියට එලෙස සිටිමට හැකිවෙන්නේ අන්තක්‍රිස්තු ඔවුන් සමග සතියකට ගිවිසුමකට එළඹෙන නිසා, කිසිම ජාතියක් ඔවුන්ට විරුද්ධව කිසිම ප්‍රශ්නයක් විෂේශයෙන්ම ත්‍රස්තවාදි ක්‍රියා නතර කරන්නේ.
    ඒත් සතිය මැදදි අන්තක්‍රිස්තු එම ගිවිසුම කැඩුවිට ඉශ්‍රායෙල් ජාතිය ඔහුට විරුද්ධ වෙනවා හරියටම ක්‍රිස්තු වර්ෂ 70 වෙදි ඔවුන් රෝම අධිරාජ්‍යයට විරුද්ධ වුනා වගේ එතකොට අන්තක්‍රිස්තුට සහය දෙන්න ඉස්ලාම් හමුදාව සුදානම් වෙලා ඉශ්‍රායෙල් ජාතියට විරුද්ධව යුද්ධ කරනවා.
    වැදගත්ම දේ එසකියෙල් 38 හා 39 සඳහන් ජාතින් හා එළිදරව්ව 16 ඉශ්‍රායෙලයට විරුද්ධව යුද්ධ කරන ජාතින් සමානයි. ඒත් එළිදරව්ව 9 එහෙම දෙයක් නෑ. මේ යුද්ධය ලෝකයේ ඔනෙම තැනක ඇතිවන යුද්ධයක් වෙන්න පුලුවන් 1 හා 2 ලෝක යුද්ධ වගේම. සමහර විට මේ යුද්ධයට සියලුම ජාතින් සම්බන්ධවෙන නිසා මෙහිදි ජාතින් නම් කරලා නෑ කියන එකත් පැහැදිලියි.
    ඒ වගේම එළිදරව්ව 16 යුද්ධය එසකියෙල් 38 හා 39 යුද්ධයට සමාන කරොත් යුප්‍රටිස් ගංගෙන් නැගෙනහිර ජාතින් සම්බන්ධවෙන්නේ එළිදරව්ව 16-12, එසකියෙල් 38. ගල්වර්ෂාවකින් ආක්‍රමණික හමුදා විනාශවෙයි. මහත් භුමිකම්පාවක් වෙයි එළිදරව්ව 16-18, එසකියෙල් 38:19. තවත් බොහෝ සමාන දේවල් සිද්ධවෙනවා. ඔබට මෙම පරිච්චේද 2ක සංසන්දනය කර එවා පැහැදිලි කරගත හැකියි. මේ කිසිවක් එළිදරව්ව 9 පරිච්චේදයේ සිද්ධනොවෙයි.
    මේ ගැන තවත් කාරනා කිමට තිබුනත් ඉඩමදි නිස මෙතනින් නවතිමි. ruwindapm@gamil.com

  • @funomega4293
    @funomega4293 3 ปีที่แล้ว +1

    ෆයිසර් ආයතනේ එන්නත ලංකාවට එනවලු ... මේ ගැන මොනාද කියන්න තියෙන්නෙ

    • @endtimes1520
      @endtimes1520  3 ปีที่แล้ว +1

      ඉදිරියේදි දැනුවත් කරන්නම්‍. God bless you